යෙදුමෙන් කියවන්න

2. දෙසනාසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. දෙසනාසුත‍්තවණ‍්ණනා

2. දේශනා සූත්‍ර වර්ණනාව

දුතියෙ පරියායෙනාති එත්‍ථ පරියාය-සද‍්දො “මධුපිණ‍්ඩිකපරියායොත්‍වෙව නං ධාරෙහී”තිආදීසු (ම· නි· 1.205) දෙසනායං ආගතො. “අත්‍ථි ඛ‍්වෙස, බ්‍රාහ‍්මණ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය – අකිරියවාදො සමණො ගොතමො”තිආදීසු (පාරා· 5; අ· නි· 8.11) කාරණෙ. “කස‍්ස නු ඛො, ආනන්‍ද, අජ‍්ජ පරියායො භික‍්ඛුනියො ඔවදිතු”න‍්තිආදීසු (ම· නි· 3.398) වාරෙ. ඉධ පන වාරෙපි කාරණෙපි වට‍්ටති, තස‍්මා, භික‍්ඛවෙ, තථාගතස‍්ස ද‍්වෙ ධම‍්මදෙසනා යථාරහං කාරණෙන භවන‍්ති, වාරෙන වාති අයමෙත්‍ථ අත්‍ථො.

දෙවන සූත්‍රයෙහි පරියායෙන යන මෙහි ‘පරියාය’ ශබ්දය ‘මධුපිණ්ඩික පරියායොත්‍ථෙව නං ධාරෙහි’ ‘මධුපිණ්ඩික පරියාය යයි දරව’ යනාදියෙහි දේශනාවෙහි ආයේය. ‘අත්‍ථි ඛෙවස බ්‍රාහ්මණ පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්‍ය අකිරියවාදො සමණො ගොතමො’ බමුණ, යම් කරුණකින් ශ්‍රමණ ගෞතමයෝ ‘අකිරියවාදීහ’යි මනාව කියන තැනැත්තේ මට කියන්නේ නම් බමුණ ඒ කාරණය ඇත්තේමය යනාදියෙහි කාරණයෙහි ආයේය. ‘කස්ස නු ඛො ආනන්‍ද අජ්ජ පරියායො භික්‍ඛුණියො ඔවදිතුං’ ‘ආනන්‍ද, භික්ෂුණීන්ට අවවාද දීමට අද කවරකුගේ වාරය ද?’ යනාදියෙහි වාරයෙහි ආයේය. මේ සූත්‍රයෙහි වනාහි වාරයෙහිත් කාරණයෙහිත් සුදුසුය. එහෙයින් මහණෙනි, සුදුසු පරිදි කාරණයෙන් හෝ වාරයෙන් තථාගතයන් වහන්සේගේ ධර්මදේශනා දෙකක් ඇත යන මෙය මෙහි අර්ථය යි.

භගවා හි වෙනෙය්‍යජ‍්ඣාසයානුරූපං කදාචි “ඉමෙ ධම‍්මා කුසලා, ඉමෙ, ධම‍්මා අකුසලා. ඉමෙ ධම‍්මා සාවජ‍්ජා, ඉමෙ ධම‍්මා අනවජ‍්ජා. ඉමෙ සෙවිතබ‍්බා, ඉමෙ න සෙවිතබ‍්බා”තිආදිනා කුසලාකුසලධම‍්මෙ විභජන‍්තො කුසලධම‍්මෙහි අකුසලධම‍්මෙ අසඞ‍්කරතො පඤ‍්ඤාපෙන‍්තො “පාපං පාපකතො පස‍්සථා”ති ධම‍්මං දෙසෙති. කදාචි “පාණාතිපාතො, භික‍්ඛවෙ, ආසෙවිතො භාවිතො බහුලීකතො නිරයසංවත‍්තනිකො තිරච‍්ඡානයොනිසංවත‍්තනිකො පෙත‍්තිවිසයසංවත‍්තනිකො, යො සබ‍්බලහුකො පාණාතිපාතො, සො අප‍්පායුකසංවත‍්තනිකො”තිආදිනා (අ· නි· 8.40) ආදීනවං පකාසෙන‍්තො පාපතො නිබ‍්බිදාදීහි නියොජෙන‍්තො “නිබ‍්බින්‍දථ විරජ‍්ජථා”ති ධම‍්මං දෙසෙති.

භාග්‍යවතුන් වහන්සේ හික්මවීමට සුදුසු අයගේ අදහසට අනුරූපව කිසිකලෙක ‘මේ ධර්ම කුසලය, මේ ධර්ම අකුසලය, මේ ධර්ම වැරදිය, මේ ධර්ම නිවැරදිය, මේවා ඇසුරු කළ යුතුය, මේවා ඇසුරු නොකළ යුතුය’ යනාදී වශයෙන් කුශල-අකුශල ධර්මයන් බෙදමින් කුශල ධර්මයන් සමග අකුශල ධර්ම මිශ්‍ර නොකිරීම් වශයෙන් පනවමින් පාපය පාප වශයෙන් දකිව් යනුවෙන් දහම් දෙසති. කිසිකලෙක ‘මහණෙනි, සතුන් මැරීම සේවනය කරන ලද්දේ, භාවිත කරන ලද්දේ, බහුල වශයෙන් කරන ලද්දේ නිරයට පමුණුවන්නේ වෙයි. තිරිසන් යෝනියට පමුණුවන්නේ වෙයි. ප්‍රේත විෂයට පමුණුවන්නේ වෙයි. සතුන් මැරීමේ ඉතා සුළු වූ කර්මයක් වේ නම් එය අල්ප ආයුෂ පිණිස පවතින්නේය’ යනාදී වශයෙන් ආදීනව ප්‍රකාශ කරමින් පාපයෙන් කලකිරීමාදියෙහි යොදවමින් ‘කලකිරෙන්න, නොඇලෙන්න’ යනුවෙන් දහම් දෙසති.

භවන‍්තීති හොන‍්ති පවත‍්තන‍්ති. පාපං පාපකතො පස‍්සථාති සබ‍්බං පාපධම‍්මං දිට‍්ඨෙව ධම‍්මෙ ආයතිඤ‍්ච අහිතදුක‍්ඛාවහතො ලාමකතො පස‍්සථ. තත්‍ථ නිබ‍්බින්‍දථාති තස‍්මිං පාපධම‍්මෙ “අච‍්චන‍්තහීනභාවතො ලාමකට‍්ඨෙන පාපං, අකොසල‍්ලසම‍්භූතට‍්ඨෙන අකුසලං, පකතිපභස‍්සරස‍්ස පසන‍්නස‍්ස ච චිත‍්තස‍්ස පභස‍්සරාදිභාවවිනාසනතො සංකිලෙසිකං, පුනප‍්පුනං භවදුක‍්ඛනිබ‍්බත‍්තනතො පොනොබ‍්භවිකං, සහෙව දරථෙහි පරිළාහෙහි වත‍්තනතො සදරථං, දුක‍්ඛස‍්සෙව විපච‍්චනතො දුක‍්ඛවිපාකං, අපරිමාණම‍්පි කාලං අනාගතෙ ජාතිජරාමරණනිබ‍්බත‍්තනතො ආයතිං ජාතිජරාමරණියං, සබ‍්බහිතසුඛවිද‍්ධංසනසමත්‍ථ”න‍්තිආදිනා නයෙන නානාවිධෙ ආදීනවෙ, තස‍්ස ච පහානෙ ආනිසංසෙ සම‍්මපඤ‍්ඤාය පස‍්සන‍්තා නිබ‍්බින්‍දථ නිබ‍්බෙදං ආපජ‍්ජථ. නිබ‍්බින්‍දන‍්තා ච විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරියමග‍්ගාධිගමෙන පාපතො විරජ‍්ජථ චෙව විමුච‍්චථ ච. මග‍්ගෙන වා සමුච‍්ඡෙදවිරාගවසෙන විරජ‍්ජථ, තතො ඵලෙන පටිප‍්පස‍්සද‍්ධිවිමුත‍්තිවසෙන විමුච‍්චථ.

භවන්ති යනු වෙති, පවතිත්. පාපං පාපකතො පස්සථ යනු සියලු පාපධර්ම මෙලොවදීත් පරලොවදීත් අයහපත දුක ගෙනදීම් වශයෙන් ලාමක වශයෙන් දකින්න. එහි නිබ්බින්‍දථ යනු ඒ පාපධර්මය අතිශයින් හීන බැවින් ලාමක අරුතින් පාපය. අදක්‍ෂබවෙන් හටගත් අරුතින් අකුසලය (අකොසල්ල සමභූතට්ඨෙන අකුසලං). ස්වභාවයෙන් ප්‍රභාස්වර (බබළන) වූ ප්‍රසන්න වූ සිතේ ප්‍රභාස්වර ආදී ස්වභාවයන් විනාශ කිරීම් වශයෙන් සංකිලේසිකය. නැවත නැවත භව දුක ඉපදීම් වශයෙන් පෝනෝ භවිකය, දැවිලි තැවිලි සහිතව පවතින හෙයින් සදරථය. දුක්ම විපාක දෙන හෙයින් දුක්ඛ විපාකය, අප්‍රමාණ කාලයක් අනාගතයෙහි ජාති-ජරා මරණ-ඉපදීම් වශයෙන් මත්තෙහි ජාති-ජරා-මරණයට සුදුසුය. සියලු හිත සැප දුරුකිරීමෙහි සමත්ය යනාදී ක්‍රමයෙන් නොයෙක් ආකාර ආදීනවද එය දුරුකිරීමේ අනුසස් ද මනා නුවණින් දකිමින් කලකිරෙන්න, කලකිරීමට පැමිණෙන්න, කලකිරීමෙන් විදසුන් වඩා ආර්යමාර්ග අවබෝධයෙන් පාපයෙහි විරජ්ජථ නොඇලෙන්න. එසේම විමුච්චථ පාපයෙන් මිදෙන්න. මාර්ගයෙන් සමුච්ඡේද විරාග වශයෙන් නො ඇලෙන්න. ඉන්පසු ඵලයෙන් පටිප්පස්සද්ධි විමුක්ති වශයෙන් මිදෙන්න.

අථ වා පාපන‍්ති ලාමකතො පාපං. කිං වුත‍්තං හොති? යං අනිච‍්චදුක‍්ඛාදිභාවෙන කුච‍්ඡිතං අරියෙහි ජිගුච‍්ඡනීයං වට‍්ටදුක‍්ඛං පාපෙතීති පාපං. කිං පන තං? තෙභූමකධම‍්මජාතං. යථාවුත‍්තෙන අත්‍ථෙන පාපකතො දිස‍්වා තත්‍ථ අනිච‍්චතො, දුක‍්ඛතො, රොගතො, ගණ‍්ඩතො, සල‍්ලතො, අඝතො, ආබාධතොතිආදිනා විපස‍්සනං වඩ‍්ඪෙන‍්තා නිබ‍්බින්‍දථ. අයං දුතියාති යාථාවතො අහිතානත්‍ථවිභාවනං පඨමං උපාදාය තතො විවෙචනං අයං දුතියා ධම‍්මදෙසනා.

නැතහොත් ‘පාපං’ යනු ලාමක වශයෙන් පාපය, (එයින්) කුමක් කියන ලද්දේ වේද? අනිත්‍ය, දුක්ඛ ආදී භාවයෙන් යමක් පිළිකුල් ද ආර්යයන් විසින් පිළිකුල් කරන සසර දුකට යමක් පමුණුවයි ද එහෙයින් පාප නම් වේ. කුමක් නිසා ඒ ත්‍රෛභූමික ධර්ම කියන ලද අර්ථයෙන් ලාමක වශයෙන් දැක එහි අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගණ්ඩ (පිළිකාවක්) වශයෙන් සල්ල (උලක්) වශයෙන් අඝ (විපතක්) වශයෙන් ආබාධයක් යනාදී වශයෙන් විදසුන් වඩමින් කලකිරෙන්න ද? මේ දුතියා යනුවෙන් පත් වූ පරිද්දෙන් අහිත අනර්ථ පැහැදිලි කරන පළමුවන ධර්මදේශනය මුල්කොට එයින් පසු විවේචනයට මේ දෙවන ධර්ම දේශනයයි.

ගාථාසු බුද‍්ධස‍්සාති සබ‍්බඤ‍්ඤුබුද‍්ධස‍්ස. සබ‍්බභූතානුකම‍්පිනොති සබ‍්බෙපි සත‍්තෙ මහාකරුණාය අනුකම‍්පනසභාවස‍්ස. පරියායවචනන‍්ති පරියායෙන කථනං දෙසනං. පස‍්සාති පරිසං ආලපති, පරිසජෙට‍්ඨකං වා සන්‍ධාය වුත‍්තං. කෙචි පනාහු “අත‍්තානමෙව සන්‍ධාය භගවා ‘පස‍්සා’ති අවොචා”ති. තත්‍ථාති තස‍්මිං පාපකෙ විරජ‍්ජථ රාගං පජහථාති අත්‍ථො. සෙසං වුත‍්තනයමෙව.

ගාථාවන්හි බුද්ධස්ස යනු සර්වඥ බුදුරජාණන් වහන්සේගේ. සබ්බභූතානු කම්පිනො යනු සියලු සත්ත්වයන් වෙත මහා කරුණාවෙන් අනුකම්පා ස්වභාවය ඇති. පරියාය වචනං යනු පර්යාය වශයෙන් කථනය, දේශනය. පස්ස බලන්න යනුවෙන් පිරිසට අමතති. පිරිසෙහි වැඩිහිටියා සඳහා හෝ කියන ලදී. ඇතැමෙක් තමන්වහන්සේ සඳහා භාග්‍යවතුන් වහන්සේ පස්ස යනුවෙන් වදාළහයි කීහ. තත්‍ථ යනු ඒ පාපයෙහි විරජ්ජථ යනු රාගය දුරුකරන්න යන අර්ථයි. ඉතිරිය කියන ලද අයුරින්මය.

දුතියසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

දෙවන සුත්‍රයයි.

3. විජ‍්ජාසුත‍්තවණ‍්ණනා

3. විද්‍යා සූත්‍ර වර්ණනාව

තතියෙ පුබ‍්බඞ‍්ගමාති සහජාතවසෙන, උපනිස‍්සයවසෙන චාති ද‍්වීහි ආකාරෙහි පුබ‍්බඞ‍්ගමා පුරස‍්සරා පධානකාරණං. න හි අවිජ‍්ජාය විනා අකුසලුප‍්පත‍්ති අත්‍ථි. සමාපත‍්තියාති සමාපජ‍්ජනාය සභාවපටිලාභාය, පවත‍්තියාති අත්‍ථො. තත්‍ථ අකුසලප‍්පවත‍්තියා ආදීනවප‍්පටිච‍්ඡාදනෙන අයොනිසොමනසිකාරස‍්ස පච‍්චයභාවෙන අප‍්පහීනභාවෙන ච අකුසලධම‍්මානං උපනිස‍්සයභාවො දිස‍්සති.

තෙවන සූත්‍රයෙහි පුබ්බංගමා යනු එකට ඉපදීම් වශයෙන් ද හේතු වශයෙන් දැයි දෙයාකාරයකින් පූර්වාංගම වෙයි. පෙරටුකොට ඇත්තේ වෙයි. ප්‍රධාන කාරණය වෙයි. අවිද්‍යාවෙන් තොරව අකුසල උපතක් නැත. සමාපත්තියා පැමිණීම පිණිස, ස්වභාව-ප්‍රතිලාභය පිණිස, ප්‍රාප්තිය පිණිස (රැස්කිරීම පිණිස). එහි අකුසලය පැවතීමෙහි ආදීනව (දොස්) වැසීමෙන් අනුවණින් මෙනෙහි කිරීමට හේතු වීමෙන් ද දුරු නොවීමෙන් ද අකුසල ධර්මයන්ට හේතුවක් බව දක්නා ලැබේ.

එවං බ්‍යාධිමරණාදිදුක‍්ඛස‍්ස අධිට‍්ඨානභාවතො සබ‍්බාපි ගතියො ඉධ දුග‍්ගතියො. අථ වා රාගාදිකිලෙසෙහි දූසිතා ගතියො කායවචීචිත‍්තානං පවත‍්තියොති දුග‍්ගතියො, කායවචීමනොදුච‍්චරිතානි. අස‍්මිං ලොකෙති ඉධ ලොකෙ මනුස‍්සගතියං වා. පරම‍්හි චාති තතො අඤ‍්ඤාසු ගතීසු. අවිජ‍්ජාමූලිකා සබ‍්බාති තා සබ‍්බාපි දුච‍්චරිතස‍්ස විපත‍්තියො වුත‍්තනයෙන අවිජ‍්ජාපුබ‍්බඞ‍්ගමත‍්තා අවිජ‍්ජාමූලිකා එව. ඉච‍්ඡාලොභසමුස‍්සයාති අසම‍්පත‍්තවිසයපරියෙසනලක‍්ඛණාය ඉච‍්ඡාය, සම‍්පත‍්තවිසයලුබ‍්භනලක‍්ඛණෙන ලොභෙන ච සමුස‍්සිතා උපචිතාති ඉච‍්ඡාලොභසමුස‍්සයා.

මෙසේ ව්‍යාධි-මරණ ආදී දුකට ස්ථානයක් වීම් වශයෙන් සියලු ගති මෙහි දුගතිය. නැතහොත් රාගාදී කෙලෙස්වලින් දූෂිත ගති ඇති කය-වචන-සිතෙහි පැවැත්ම දුගතිය, කය වචන දෙකෙහි දුසිරිත්ය. අස්මිං ලොකෙ පරම්හි ච මෙලොවෙහි හෝ මනුෂ්‍ය ගතියෙහි, ‘පරමහි’ යනු එයින් අන්‍ය වූ ගති. අවිජ්ජා මූලිකා සබ්බා ඒ සියලුම දුශ්චරිතයාගේ විපත්ති කියන ලද අයුරින් අවිද්‍යාව පෙරටුකොට ඇති බැවින් අවිජ්ජා මූලිකම වෙයි. ඉච්ඡා ලොභ සමුස්සයා නො පැමිණ කාමය සොයන ලක්‍ෂණයෙන් යුත් ඉච්ඡාවෙන් (කැමැත්තෙන්) ද පැමිණි කාමයට ඇලුම්කරන ලක්‍ෂණයෙන් යුත් ලොභයෙන් ද රැස්කරන ලද අරුතින් ඉච්ඡාලොභ සමුස්සයා නම් වේ.

යතොති යස‍්මා අවිජ‍්ජාහෙතු අවිජ‍්ජාය නිවුතො හුත්‍වා. පාපිච‍්ඡොති අවිජ‍්ජාය පටිච‍්ඡාදිතත‍්තා පාපිච‍්ඡතාය ආදීනවෙ අපස‍්සන‍්තො අසන‍්තගුණසම‍්භාවනවසෙන කොහඤ‍්ඤාදීනි කරොන‍්තො පාපිච‍්ඡො, ලොභෙනෙව අත්‍රිච‍්ඡතාපි ගහිතාති දට‍්ඨබ‍්බා. අනාදරොති ලොකාධිපතිනො ඔත‍්තප‍්පස‍්ස අභාවෙන සබ්‍රහ‍්මචාරීසු ආදරරහිතො. තතොති තස‍්මා අවිජ‍්ජාපාපිච‍්ඡතාඅහිරිකානොත‍්තප‍්පහෙතු. පසවතීති කායදුච‍්චරිතාදිභෙදං පාපං උපචිනති. අපායං තෙන ගච‍්ඡතීති තෙන තථා පසුතෙන පාපෙන නිරයාදිභෙදං අපායං ගච‍්ඡති උපපජ‍්ජති.

යතො යනු යම්හෙයකින් අවිද්‍යා හේතුවෙන් අවිද්‍යාවෙන් වසන ලදුව. පාපිච්ඡො අවිද්‍යාවෙන් වසන ලද බැවින් පාපයට කැමති බවෙහි ආදීනව නොදකිමින් නැති ගුණයට ගරුකරවා ගැනීම් වශයෙන් (අසන්තගුණ සමභාවනවසෙන) කුහකකම් ආදිය කරමින් පාපයට කැමැත්තේ වෙයි. ලෝභයෙන් ම අත්‍රිච්ඡතාව (අධික ආශා ඇති බවද ගන්නා ලදැයි දතයුතුය. අනාදරො ලෝකාධිපති පාපයට ඇති බිය නැති බැවින් සබ්‍රහ්මචාරීන් කෙරෙහි ආදර නැති, තතො යනු එහෙයින්, අවිද්‍යා, පාපිච්ඡතා, අහිරික, අනොත්තප්ප හේතුවෙන්. පසවති යනු කාය දුශ්චරිත ආදී ප්‍රභේද ඇති. පාපං පව් රැස් කරයි. අපායං තෙන ගච්ඡති යනු ඒ හේතුවෙන්, එසේ යෙදුනා වූ පාපයෙන් නිරය ආදී භේද ඇති අපායට යයි, පැමිණෙයි.

තස‍්මාති යස‍්මා එතෙ එවං සබ‍්බදුච‍්චරිතමූලභූතා සබ‍්බදුග‍්ගතිපරික‍්කිලෙසහෙතුභූතා ච අවිජ‍්ජාදයො, තස‍්මා ඉච‍්ඡඤ‍්ච, ලොභඤ‍්ච, අවිජ‍්ජඤ‍්ච, චසද‍්දෙන අහිරිකානොත‍්තප‍්පඤ‍්ච විරාජයං සමුච‍්ඡෙදවසෙන පජහං. කථං විරාජෙතීති ආහ? විජ‍්ජං උප‍්පාදයන‍්ති, විපස‍්සනාපටිපාටියා ච, මග‍්ගපටිපාටියා ච, උස‍්සක‍්කිත්‍වා අරහත‍්තමග‍්ගවිජ‍්ජං අත‍්තනො සන‍්තානෙ උප‍්පාදයන‍්තො. සබ‍්බා දුග‍්ගතියොති සබ‍්බාපි දුච‍්චරිතසඞ‍්ඛාතා දුග‍්ගතියො, වට‍්ටදුක‍්ඛස‍්ස වා අධිට‍්ඨානභාවතො දුක‍්ඛා, සබ‍්බා පඤ‍්චපි ගතියො ජහෙ පජහෙය්‍ය සමතික‍්කමෙය්‍ය. කිලෙසවට‍්ටප‍්පහානෙනෙව හි කම‍්මවට‍්ටං විපාකවට‍්ටඤ‍්ච පහීනං හොතීති.

තමා යම්හෙයකින් ඒ අවිද්‍යාදී කරුණු ම සියලු දුසිරිත්වලට මූලහේතුව වීද සියලු දුගති කෙලෙස්වලට හේතුවීද එහෙයින් තස්මා ඉච්ඡඤ්ච ලොභඤ්ච අවිජ්ජඤ්ච එහෙයින් ඉච්ඡාව ද ලෝභය ද අවිද්‍යාව ද, ‘ච’ ශබ්දයෙන් අහිරිකය (පාපයට ලජ්ජා නැති කම) ද අනොත්තප්පය (පාපයට බිය නැති කම) ද ගැනේ. විරාජයං සමුච්ඡේද වශයෙන් දුරුකරමින්, කෙසේ දුරුකරයිද කීය. විජ්ජං උප්පාදයං යනු විදර්ශනා පිළිවෙළින් ද මාර්ග පිළිවෙළින් ද උත්සාහකොට අර්හත් මාර්ග විද්‍යාව තම සිතෙහි උපදවමින්. සබ්බා දුග්ගතියො යනු සියලුම දුසිරිත් නම් වූ දුගති, සංසාර දුකට ස්ථානයක් වීම් වශයෙන් දුක් වූ සියලු ගති පහ ද, ජහෙ දුරු කරන්නේය. ඉක්මවන්නේය. කෙලෙස් ප්‍රහාණයෙන්ම කර්මයද විපාකයද පහවෙයි.

තතියසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

තෙවන සුත්‍රයයි.

පඨමභාණවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

පළමු බණවර වැනුම නිමියේ ය.

4. පඤ‍්ඤාපරිහානි සුත‍්තවණ‍්ණනා

4. ප්‍රඥාපරිහාන සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ සුපරිහීනාති සුට‍්ඨු පරිහීනා. යෙ අරියාය පඤ‍්ඤාය පරිහීනාති යෙ සත‍්තා පඤ‍්චන‍්නං ඛන්‍ධානං උදයබ‍්බයපටිවිජ‍්ඣනෙන චතුසච‍්චපටිවිජ‍්ඣනෙන ච කිලෙසෙහි ආරකා ඨිතත‍්තා අරියාය පරිසුද‍්ධාය විපස‍්සනාපඤ‍්ඤාය ච මග‍්ගපඤ‍්ඤාය ච පරිහීනා, තෙ ලොකියලොකුත‍්තරාහි සම‍්පත‍්තීහි අතිවිය පරිහීනා මහාජානිකා. කෙ පන තෙති? යෙ කම‍්මාවරණෙන සමන‍්නාගතා. තෙ හි මිච‍්ඡත‍්තනියතභාවතො එකන‍්තෙන පරිහීනා අපරිපුණ‍්ණා මහාජානිකා. තෙනාහ “දුග‍්ගති පාටිකඞ‍්ඛා”ති. විපාකාවරණසමඞ‍්ගිනොපි පරිහීනා. අථ වා සුක‍්කපක‍්ඛෙ අපරිහීනා නාම තිවිධාවරණවිරහිතා සම‍්මාදිට‍්ඨිකා කම‍්මස‍්සකතඤාණෙන ච සමන‍්නාගතා. සෙසං වුත‍්තනයානුසාරෙන වෙදිතබ‍්බං.

සිවුවැන්නෙහි සුපරිහීනා යනු මනාව පිරිහුනා වූ. යෙ අරියාය පඤ්ඤාය පරිහීනා යම් සත්ත්ව කෙනෙක් පංචස්කන්ධය පිළිබඳ ඇතිවීම නැතිවීම අවබෝධ කිරීමෙන් ද චතුපච්චය (චතුස්සත්‍ය) අවබෝධ කිරිමෙන් ද කෙලෙසුන් කෙරෙන් දුරුව සිටියාහු ආදිය වූ පිරිසිදු වූ විදර්ශනා ප්‍රඥාවෙන් ද මාර්ග ප්‍රඥාවෙන් ද පිරිහුනාහු ද ඔවුහු ලෞකික ලෝකෝත්තර සම්පත්වලින් අතිශයින් පිරිහුනාහු මහත් විනාශයට පත්වූවාහුය. ඔවුහු කවරහුද? යමෙක් කර්මාවරණයෙන් යුක්ත වූවාහු ද ඔවුහුය. ඔවුහු නියත මිථ්‍යාදෘෂ්ටි ඇති බැවින් ඒකාන්තයෙන් පිරිහුනාහු අසම්පූර්ණ වූවාහු මහත් විනාශයට පත් වූවාහුය. එහෙයින් දුග්ගති පාරිකංඛා යනුවෙන් දුගතිය කැමතිවිය යුතුයයි කීහ. විපාකාවරණයෙන් යුක්ත වූවෝ ද පිරිහුනාහුය. නැතහොත් කුශල (සුක්ක) පක්‍ෂයෙහි අපරිහීනා නාම ත්‍රිවිධ ආවරණයෙන් තොර වූ සම්‍යක් දෘෂ්ටික වූ කම්මස්සකත ඤාණයෙන් ද යුක්තවූවාහු. ඉතිරිය කියන ලද්ද අනුසාරයෙන් දතයුතුය.

ගාථාසු පඤ‍්ඤායාති නිස‍්සක‍්කවචනං, විපස‍්සනාඤාණතො මග‍්ගඤාණතො ච පරිහානෙනාති. සාමිවචනං වා එතං, යථාවුත‍්තඤාණස‍්ස පරිහානෙනාති, උප‍්පාදෙතබ‍්බස‍්ස අනුප‍්පාදනමෙව චෙත්‍ථ පරිහානං. නිවිට‍්ඨං නාමරූපස‍්මින‍්ති නාමරූපෙ උපාදානක‍්ඛන්‍ධපඤ‍්චකෙ “එතං මමා”තිආදිනා තණ‍්හාදිට‍්ඨිවසෙන අභිනිවිට‍්ඨං අජ‍්ඣොසිතං, තතො එව ඉදං සච‍්චන‍්ති මඤ‍්ඤතීති “ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ”න‍්ති මඤ‍්ඤති. “සදෙවකෙ ලොකෙ”ති විභත‍්ති පරිණාමෙතබ‍්බා.

ගාථාවන්හි පඤ්ඤාය යනු නිස්සක්ක (පංචමී=අවධි) විභක්ති වචනයයි. විදර්ශනා ඥානයෙන් ද මාර්ග ඥානයෙන් ද. පරිහානෙන මෙය ඡට්ඨි (සම්බන්ධ) විභක්ති වචනය හෝ වෙයි. කියන ලද ආකාර ඇති ඤාණයේ පිරිහීමෙන්, උපදවා ගතයුතු දෙයෙහි නූපදීමම මෙහි පිරිහීමයි. නිවිට්ඨං නාමරූපස්මිං යනු නාමරූපයෙහි, උපාදාන ස්කන්ධ පසෙහි ‘එය මගේය’ ආදී වශයෙන් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඇලීසිටුනා ලද, ගැලී සිටුනා ලද, එහෙයින්ම ඉදං සච්චන්ති මඤ්ඤති යනු මෙයම සත්‍යය අනික හිස්යයි හඟියි. ‘සදෙවකෙ ලොකෙ’ යනුවෙන් විභක්ති හරවාගත යුතුය.

එවං පඨමගාථාය සංකිලෙසපක‍්ඛං දස‍්සෙත්‍වා ඉදානි යස‍්සා අනුප‍්පත‍්තියා නාමරූපස‍්මිං මඤ‍්ඤනාභිනිවෙසෙහි කිලෙසවට‍්ටං වත‍්තති, තස‍්සා උප‍්පත‍්තියා වට‍්ටස‍්ස උපච‍්ඡෙදොති පඤ‍්ඤාය ආනුභාවං පකාසෙන‍්තො “පඤ‍්ඤා හි සෙට‍්ඨා ලොකස‍්මි”න‍්ති ගාථමාහ.

මෙසේ පළමු ගාථාවෙන් සංකිලේශ (දූෂිත) පක්‍ෂය දක්වා දැන් යමක නූපදීමෙන් නාමරූපයෙහි (තෘෂ්ණා-මාන-දෘෂ්ටි යන) මඤ්ඤනාවන් දැඩිව ගැනීම නිසා ක්ලේශ වෘත්තය පවතී, එය (ප්‍රඥාව) ඉපදීමෙන් ක්ලේශ වෘත්තයේ සිඳදැමීම වෙයි යනුවෙන් ප්‍රඥාවේ ආනුභාවය ප්‍රකාශ කරමින් ‘පඤ්ඤාභි සෙට්ඨා ලොකස්මිං’ යන ගාථාව වදාළහ.

තත්‍ථ ලොකස‍්මින‍්ති සඞ‍්ඛාරලොකස‍්මිං. සම‍්මාසම‍්බුද‍්ධො විය සත‍්තෙසු, සඞ‍්ඛාරෙසු පඤ‍්ඤාසදිසො ධම‍්මො නත්‍ථි. පඤ‍්ඤුත‍්තරා හි කුසලා ධම‍්මා, පඤ‍්ඤාය ච සිද‍්ධාය සබ‍්බෙ අනවජ‍්ජධම‍්මා සිද‍්ධා එව හොන‍්ති. තථා හි වුත‍්තං “සම‍්මාදිට‍්ඨිස‍්ස සම‍්මාසඞ‍්කප‍්පො පහොතී”තිආදි (ම· නි· 3.141; සං· නි· 5.1). යා පනෙත්‍ථ පඤ‍්ඤා අධිප‍්පෙතා, සා සෙට‍්ඨාති ථොමිතා. යථා ච සා පවත‍්තති, තං දස‍්සෙතුං “යායං නිබ‍්බෙධගාමිනී”තිආදි වුත‍්තං. තස‍්සත්‍ථො – යා අයං පඤ‍්ඤා අනිබ‍්බිද‍්ධපුබ‍්බං අපදාලිතපුබ‍්බං ලොභක‍්ඛන්‍ධාදිං නිබ‍්බිජ‍්ඣන‍්තී පදාලෙන‍්තී ගච‍්ඡති පවත‍්තතීති නිබ‍්බෙධගාමිනී, යාය ච තස‍්මිං තස‍්මිං භවයොනිගතිවිඤ‍්ඤාණට‍්ඨිතිසත‍්තාවාසෙසු සත‍්තනිකායෙසු ඛන්‍ධානං පඨමාභිනිබ‍්බත‍්තිසඞ‍්ඛාතාය ජාතියා තංනිමිත‍්තස‍්ස ච කම‍්මභවස‍්ස පරික‍්ඛයං පරියොසානං නිබ‍්බානං අරහත‍්තඤ‍්ච සම‍්මා අවිපරීතං ජානාති සච‍්ඡිකරොති, අයං සහවිපස‍්සනා මග‍්ගපඤ‍්ඤා සෙට‍්ඨා ලොකස‍්මින‍්ති.

එහි ලොකස්මිං යනු සංස්කාර ලෝකයෙහී, සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන් සත්ත්වයන් කෙරෙහි සංස්කාරයන් කෙරෙහි ප්‍රඥාව සමාන ධර්මයක් නැත. කුශල ධර්මයෝ ප්‍රඥාව ශ්‍රේෂ්ඨ කොට ඇත්තාහ. ප්‍රඥාව ඇතිවීමෙන් සියලු නිවැරදි ධර්මයෝ සිදුවෙත්මය. එහෙයින් ‘සම්මා දිට්ඨියට සම්මා සංකප්පය සෑහේ’ යනාදිය කියන ලදී. යම් ප්‍රඥාවක් මෙහි අදහස් කරන ලද ද, ඒ ප්‍රඥාව ශ්‍රේෂ්ඨයයි පසසන ලදී. ඒ ප්‍රඥාවේ පැවැත්ම යම්සේ ද එය දක්වන්නට ‘යායං නිබ්බෙධගාමිනී’ යනාදිය කියන ලදී. එහි අර්ථය : යම් මේ ප්‍රඥාවක් නො කලකිරුණවිරූ නො පළන ලද විරූ ලෝභස්කන්ධාදිය ගැන කලකිරවමින් ඒවා පළා දමමින් ගමන් කරයි පවතියි යන අරුතින් නිබ්බෙධගාමිනී නම් වේ. ඒ ඒ භව-යෝනි-ගති- විඤ්ඤාණට්ඨිති සත්තාවාසයන්හි සත්ත්ව නිකායන්හි ස්කන්ධයන්ගේ පළමු ඉපදීම නම් වූ යම් ජාතියක ද එයට නිමිත්ත වූ කර්මභවයේ ද ගෙවීම අවසානය නිවන රහත් බව මනාකොට නොවෙනස් අයුරින් දනියි ද ප්‍රත්‍යක්‍ෂ කරයි ද විදර්ශනා මාර්ග ප්‍රඥාව සමග මෙය ලෝකයෙහි ශ්‍රේෂ්ඨය.

ඉදානි යථාවුත‍්තපඤ‍්ඤානුභාවසම‍්පන‍්නෙ ඛීණාසවෙ අභිත්‍ථවන‍්තො “තෙසං දෙවා මනුස‍්සා චා”ති ඔසානගාථමාහ. තස‍්සත්‍ථො – තෙසං චතූසු අරියසච‍්චෙසු පරිඤ‍්ඤාදීනං සොළසන‍්නං කිච‍්චානං නිට‍්ඨිතත‍්තා චතුසච‍්චසම‍්බොධෙන සම‍්බුද‍්ධානං, සතිවෙපුල‍්ලප‍්පත‍්තියා සතිමතං, වුත‍්තනයෙන සමුග‍්ඝාතිතසම‍්මොහත‍්තා පඤ‍්ඤාවෙපුල‍්ලප‍්පත‍්තියා හාසපඤ‍්ඤානං, පුබ‍්බභාගෙ වා සීලාදිපාරිපූරිතො පට‍්ඨාය යාව නිබ‍්බානසච‍්ඡිකිරියාය හාසවෙදතුට‍්ඨිපාමොජ‍්ජබහුලතාය හාසපඤ‍්ඤානං, සබ‍්බසො පරික‍්ඛීණභවසංයොජනත‍්තා අන‍්තිමසරීරධාරීනං ඛීණාසවානං දෙවා මනුස‍්සා ච පිහයන‍්ති පියා හොන‍්ති, තබ‍්භාවං අධිගන‍්තුං ඉච‍්ඡන‍්ති “අහො පඤ‍්ඤානුභාවො, අහො වත මයම‍්පි එදිසා එවං නිත‍්තිණ‍්ණසබ‍්බදුක‍්ඛා භවෙය්‍යාමා”ති.

දැන් කියන ලද ආකාර ඇති ප්‍රඥානුභාව සම්පන්න ක්‍ෂීණාශ්‍රවයන් (රහතන්) වහන්සේලාට ප්‍රශංසා කරමින් ‘තෙසං දෙවා මනුස්සා ච’ යන අවසාන ගාථාව වදාළහ. ඒ ගාථාවේ අර්ථය: චතුරාර්ය සත්‍යයන්හි පිරිසිඳ දැනීමාදී එම සොළොස් ක්‍රියාවන් නිම වූ බැවින් චතුස්සත්‍යාව බෝධයෙන් සම්බුද්ධානං, සිහිය විපුල බවට පැමිණීමෙන් සතිමතං, කියන ලද ආකාරයෙන් සහමුලින් උදුරා දමන ලද මෝහය ඇති බැවින් ප්‍රඥාව විපුල බවට පැමිණීමෙන් හාසපඤ්ඤානං, පූර්ව භාගයෙහි සීලාදිය සම්පූර්ණ කිරිමේ පටන් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන තෙක් හාසය, වේදය, තුට්ඨිය, ප්‍රමෝදය බහුල බැවින් හාසපඤ්ඤානං, සියලු අයුරින් ගෙවුණු භව සංයෝජන ඇති බැවින් අනතිමසරීරධාරීනං අවසන් ශරීර දරන රහතන් වහන්සේලාට දෙවියෝ ද මිනිස්සු ද පිහයන්ති කැමති වෙත්. අහෝ ප්‍රඥාවේ ආනුභාවය, අහෝ ඒකාන්තයෙන් අපි ද මෙසේ සියලු දුකින් එතෙර වූවෝ වන්නෙමු නම් මැනවැයි ඒ ස්වභාවය ලබන්නට කැමති වෙත්.

චතුත්‍ථසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සිවුවන සුත්‍රයයි.

5. සුක‍්කධම‍්ම සුත‍්තවණ‍්ණනා

5. ශුකලධර්ම සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ සුක‍්කාති න වණ‍්ණසුක‍්කතාය සුක‍්කා, සුක‍්කභාවාය පන පරමවොදානාය සංවත‍්තන‍්තීති නිප‍්ඵත‍්තිසුක‍්කතාය සුක‍්කා. සරසෙනපි සබ‍්බෙ කුසලා ධම‍්මා සුක‍්කා එව කණ‍්හභාවපටිපක‍්ඛතො. තෙසඤ‍්හි උප‍්පත‍්තියා චිත‍්තං පභස‍්සරං හොති පරිසුද‍්ධං. ධම‍්මාති කුසලා ධම‍්මා. ලොකන‍්ති සත‍්තලොකං. පාලෙන‍්තීති ආධාරසන්‍ධාරණෙන මරියාදං ඨපෙන‍්තා රක‍්ඛන‍්ති. හිරී ච ඔත‍්තප‍්පඤ‍්චාති එත්‍ථ හිරියති හිරියිතබ‍්බෙන, හිරියන‍්ති එතෙනාති වා හිරී. වුත‍්තම‍්පි චෙතං “යං හිරියති හිරියිතබ‍්බෙන, හිරියති පාපකානං අකුසලානං ධම‍්මානං සමාපත‍්තියා, අයං වුච‍්චති හිරී”ති (ධ· ස· 30). ඔත‍්තප‍්පති ඔත‍්තප‍්පිතබ‍්බෙන, ඔත‍්තප‍්පන‍්ති එතෙනාති වා ඔත‍්තප‍්පං. වුත‍්තම‍්පිචෙතං “යං ඔත‍්තප‍්පති ඔත‍්තප‍්පිතබ‍්බෙන, ඔත‍්තප‍්පති පාපකානං අකුසලානං ධම‍්මානං සමාපත‍්තියා, ඉදං වුච‍්චති ඔත‍්තප‍්ප”න‍්ති (ධ· ස· 31).

පස්වන සූත්‍රයෙහි සුක්කා යනු වර්ණයෙන් සුදු බව කරණකොට සුදු නොවේ. සුදු බව පිණිස පරම පිරිසිදු බව පිණිස පවතී යන අරුතින් උපන් පිරිසිදු බව කරණකොට සුදු නම් වේ. ස්වභාවයෙන් සියලු කුශල ධර්ම කලු බවට ප්‍රතිවිරුද්ධ බැවින් සුදුමය. ඒ කුශල ධර්මයන්ගේ උත්පත්තියෙන් සිත ප්‍රභාස්වර වෙයි. පිරිසිදු වෙයි. ධම්මා යනු කුශල ධර්මය. ලොකං යනු සත්ත්ව ලෝකයයි. පාලෙන්ති යනු දැරිමෙන් ඉසිලීමෙන් සීමාව තබමින් රකිති. හිරි ච ඔත්තප්පඤ්ච යන මෙහි මෙය කරණකොට ලජ්ජා වෙති හෝ ලජ්ජාවිය යුතු දෙයින් ලජ්ජා වෙයි යනුවෙන් හිරි නම් වෙයි. මෙය ‘යං හිරීයති හිරීයිතබ්බෙන හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා, අයං වුච්චති හිරි’ ‘යම් කරුණකට ලජ්ජාවිය යුතු බැවින් ලජ්ජා වෙයි ද, ලාමක අකුශල ධර්මයන්ගේ පැමිණීමට ලජ්ජා වෙයි ද මෙය ‘හිරි’ යයි කියනු ලැබේ.’ යනුවෙන් කියන ලදී. මෙය කරණකොට බියවෙති හෝ බියවිය යුතු දෙයින් බියවෙති යනුවෙන් ඔත්තප්ප නම් වෙයි. මෙය ‘යං ඔත්තප්පති ඔත්තප්පිතබ්බෙන ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා’, ඉදං වුච්චති ඔත්තප්පං’ යම් කරුණකින් තැතිගත යුතු බැවින් තැතිගනීද, ලාමක අකුශල ධර්මයන්ගේ පැමිණීමට තැතිගනී ද මෙය ‘ඔත්තප්ප’ යයි කියනු ලැබේ යනුවෙන් කියන ලදී.

තත්‍ථ අජ‍්ඣත‍්තසමුට‍්ඨානා හිරී, බහිද‍්ධාසමුට‍්ඨානං ඔත‍්තප‍්පං. අත‍්තාධිපතෙය්‍යා හිරී, ලොකාධිපතෙය්‍යං ඔත‍්තප‍්පං. ලජ‍්ජාසභාවසණ‍්ඨිතා හිරී, භයසභාවසණ‍්ඨිතං ඔත‍්තප‍්පං. සප‍්පතිස‍්සවලක‍්ඛණා හිරී, වජ‍්ජභීරුකභයදස‍්සාවිලක‍්ඛණං ඔත‍්තප‍්පං.

එහි හිරිය ඇතුළතින් හටගනී. ඔත්තප්පය බැහැරින් හටගනී. හිරිය ආත්මාධිපතිය, ඔත්තප්පය ලෝකාධිපතිය. හිරිය ලජ්ජා ස්වභාව ඇත්තේය. ඔත්තප්පය භය ස්වභාව ඇත්තේය. හිරිය ගරුකිරිම ලක්‍ෂණ කොට ඇත්තේය. ඔත්තප්පය වරදට බිය දැක්වීම ලක්‍ෂණ කොට ඇත්තේය.

තත්‍ථ අජ‍්ඣත‍්තසමුට‍්ඨානං හිරිං චතූහි කාරණෙහි සමුට‍්ඨාපෙති – ජාතිං පච‍්චවෙක‍්ඛිත්‍වා, වයං පච‍්චවෙක‍්ඛිත්‍වා, සූරභාවං පච‍්චවෙක‍්ඛිත්‍වා, බාහුසච‍්චං පච‍්චවෙක‍්ඛිත්‍වා.

එහි ඇතුළතින් හටගන්නා හිරිය කරුණු සතරකින් හටගනී. ජාතිය ගැන සලකා බලා, වයස ගැන සලකා බලා, දක්‍ෂකම ගැන සලකා බලා, උගත්කම ගැන සලකා බලා යනුවෙනි.

කථං? “පාපකරණං නාමෙතං න ජාතිසම‍්පන‍්නානං කම‍්මං, හීනජච‍්චානං කෙවට‍්ටාදීනං කම‍්මං, මාදිසස‍්ස ජාතිසම‍්පන‍්නස‍්ස ඉදං කම‍්මං කාතුං න යුත‍්ත”න‍්ති එවං තාව ජාතිං පච‍්චවෙක‍්ඛිත්‍වා පාණාතිපාතාදිපාපකම‍්මං අකරොන‍්තො හිරිං සමුට‍්ඨාපෙති. තථා “පාපකරණං නාමෙතං දහරෙහි කත‍්තබ‍්බකම‍්මං, මාදිසස‍්ස වයෙ ඨිතස‍්ස ඉදං කම‍්මං කාතුං න යුත‍්ත”න‍්ති එවං වයං පච‍්චවෙක‍්ඛිත්‍වා පාණාතිපාතාදිපාපකම‍්මං අකරොන‍්තො හිරිං සමුට‍්ඨාපෙති. තථා “පාපකරණං නාමෙතං දුබ‍්බලජාතිකානං කම‍්මං, මාදිසස‍්ස සූරභාවසම‍්පන‍්නස‍්ස ඉදං කම‍්මං කාතුං න යුත‍්ත”න‍්ති එවං සූරභාවං පච‍්චවෙක‍්ඛිත්‍වා පාණාතිපාතාදිපාපකම‍්මං අකරොන‍්තො හිරිං සමුට‍්ඨාපෙති. තථා “පාපකරණං නාමෙතං අන්‍ධබාලානං කම‍්මං, න පණ‍්ඩිතානං, මාදිසස‍්ස පණ‍්ඩිතස‍්ස බහුස‍්සුතස‍්ස ඉදං කම‍්මං කාතුං න යුත‍්ත”න‍්ති එවං බාහුසච‍්චං පච‍්චවෙක‍්ඛිත්‍වා පාණාතිපාතාදිපාපකම‍්මං අකරොන‍්තො හිරිං සමුට‍්ඨාපෙති. එවං අජ‍්ඣත‍්තසමුට‍්ඨානං හිරිං චතූහි කාරණෙහි සමුට‍්ඨාපෙති. සමුට‍්ඨාපෙත්‍වා ච පන අත‍්තනො චිත‍්තෙ හිරිං පවෙසෙත්‍වා පාපකම‍්මං න කරොති. එවං හිරී අජ‍්ඣත‍්තසමුට‍්ඨානා නාම හොති.

ඒ කෙසේද? මේ පව්කිරීම නම් උසස් ජාති ඇත්තන්ගේ ක්‍රියාවක් නොවේ. හීන ජාති ඇති කේවට්ට (මස් මරන්නන්) ආදීන්ගේ ක්‍රියාවකි. එබඳු උසස් ජාති ඇත්තෙකුට මේ ක්‍රියාව කරන්නට සුදුසු නොවේයයි මෙසේ ජාතිය සලකා බලා සතුන් මැරීමාදී පව්කම් නොකරන්නේ හිරිය (ලජ්ජාව) උපදවයි. එසේම මේ පව්කිරීම නම් ළමයින් විසින් කළයුතු ක්‍රියාවකි. එබඳු (වැඩිහිටි) වයසෙහි සිටියහුට මේ ක්‍රියාව කරන්නට සුදුසු නොවේ යයි මෙසේ වයස සලකා බලා සතුන් මැරීමාදී පව්කම් නොකරන්නේ හිරිය උපදවයි. එසේම මේ පව්කිරිම නම් දුර්වල ජාතිකයන්ගේ ක්‍රියාවකි. එබඳු දක්‍ෂ බවින් යුතු කෙනෙකුට මේ ක්‍රියාව කරන්නට සුදුසු නොවේයි මෙසේ දක්‍ෂ බව සලකා බලා සතුන් මැරීමාදී පව්කම් නොකරන්නේ හිරිය උපදවයි. එසේම මේ පව්කිරිම නම් නුවණ නැති අයගේ ක්‍රියාවකි. පණ්ඩිතයන්ගේ ක්‍රියාවක් නොවේ. එබඳු පණ්ඩිතයෙකුට උගතෙකුට මේ ක්‍රියාව කරන්නට සුදුසු නොවේයයි මෙසේ උගත්කම සලකා බලා සතුන් මැරීමාදී පව්කම් නොකරන්නේ හිරිය උපදවයි. හිරිය හටගෙන තම සිතෙහි හිරිය සලකා බලා පව්කම් නොකරයි. මෙසේ හිරිය ඇතුළතින් හටගන්නේ වෙයි.

කථං ඔත‍්තප‍්පං බහිද‍්ධාසමුට‍්ඨානං නාම? “සචෙ ත්‍වං පාපකම‍්මං කරිස‍්සසි, චතූසු පරිසාසු ගරහප‍්පත‍්තො භවිස‍්සසි.

ඔත්තප්පය කෙසේ බැහැරින් හට ගනීද? ඉදින් ඔබ පව්කම් කරන්නෙහි නම් සතර පිරිස් අතරෙහි ගැරහීමට පත්වන්නෙහිය.

“ගරහිස‍්සන‍්ති තං විඤ‍්ඤූ, අසුචිං නාගරිකො යථා; වජ‍්ජිතො සීලවන‍්තෙහි, කථං භික‍්ඛු කරිස‍්සසී”ති. –

ගරහිස්සන්ති තං විඤ්ඤූ අසුචිං නාගරිකො යථා වජ්ජිතො සීලවන්තෙහි කථං භික්‍ඛු කරිස්සසී

පච‍්චවෙක‍්ඛන‍්තො හි බහිද‍්ධාසමුට‍්ඨිතෙන ඔත‍්තප‍්පෙන පාපකම‍්මං න කරොති. එවං ඔත‍්තප‍්පං බහිද‍්ධාසමුට‍්ඨානං නාම හොති.

නගරයෙහි වැසියෙක් යම්සේ අශූචියට ගරහයි ද එසේ නුවණැත්තෝ ඒ පාපයට ගරහන්නෝය. සිල්වතුන් විසින් වර්ජනය කරන ලද්දේය. භික්‍ෂුව, ඔබ ඒ පාපය කෙසේ කරන්නෙහිද?

කථං හිරී අත‍්තාධිපතෙය්‍යා නාම? ඉධෙකච‍්චො කුලපුත‍්තො අත‍්තානං අධිපතිං ජෙට‍්ඨකං කත්‍වා “මාදිසස‍්ස සද‍්ධාපබ‍්බජිතස‍්ස බහුස‍්සුතස‍්ස ධුතවාදිස‍්ස න යුත‍්තං පාපකම‍්මං කාතු”න‍්ති පාපකම‍්මං න කරොති. එවං හිරී අත‍්තාධිපතෙය්‍යා නාම හොති. තෙනාහ භගවා –

මෙසේ සලකා බලන තැනැත්තා බැහැරින් හටගත් ඔත්තප්පයෙන් පව්කම් නොකරයි. මෙසේ ඔත්තප්පය බැහැරින් හටගත්තේ වෙයි. හිරිය කෙසේ ආත්මාධිපති වේද? මෙලොව ඇතැම් කුලපුත්‍රයෙක් තමා අධිපතිකොට ප්‍රධානියකු කොට එබඳු ශ්‍රද්ධාවෙන් පැවිදි වූ උගත් ධූතවාදී වූ කෙනෙකුට පව්කම් කරන්නට සුදුසු නොවේයයි පව්කම් නොකරයි. මෙසේ හිරිය ආත්මාධිපති (තමන් අධිපති) කොට ඇත්තේ වෙයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ -

“සො අත‍්තානංයෙව අධිපතිං කරිත්‍වා අකුසලං පජහති, කුසලං භාවෙති, සාවජ‍්ජං පජහති, අනවජ‍්ජං භාවෙති, සුද‍්ධමත‍්තානං පරිහරතී”ති (අ· නි· 3.40).

‘සො අත්තානං යෙව අධිපතිං කත්‍වා අකුසලං පජහති, කුසලං භාවෙති, සාවජ්ජං පජහති අනවජ්ජං භාවෙති, සුද්ධමත්තානං පරිහරති’ ‘හෙතෙම තමාම අධිපතිකොට අකුසලය දුරු කරයි. කුසලය වඩයි. වැරදි දේ දුරු කරයි. නිවැරදි දේ වඩයි. පිරිසිදු ආත්මය (ජීවිතය) පරිහරණය (ගත) කරයි’ යනුවෙන් වදාළහ.

කථං ඔත‍්තප‍්පං ලොකාධිපතෙය්‍යං නාම? ඉධෙකච‍්චො කුලපුත‍්තො ලොකං අධිපතිං ජෙට‍්ඨකං කත්‍වා පාපකම‍්මං න කරොති. යථාහ –

ඔත්තප්පය කෙසේ ලෝකාධිපති වේද? මෙලොව ඇතැම් කුලපුත්‍රයෙක් ලෝවැසියා අධිපතිකොට ප්‍රධානියෙකු කොට පව්කම් නොකරයි. එය කී අයුරු මෙසේය.

“මහා ඛො පනායං ලොකසන‍්නිවාසො. මහන‍්තස‍්මිං ඛො පන ලොකසන‍්නිවාසෙ සන‍්ති සමණබ්‍රාහ‍්මණා ඉද‍්ධිමන‍්තො දිබ‍්බචක‍්ඛුකා පරචිත‍්තවිදුනො, තෙ දූරතොපි පස‍්සන‍්ති, ආසන‍්නාපි න දිස‍්සන‍්ති, චෙතසාපි චිත‍්තං පජානන‍්ති, තෙපි මං එවං ජානිස‍්සන‍්ති ‘පස‍්සථ භො ඉමං කුලපුත‍්තං, සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො සමානො වොකිණ‍්ණො විහරති පාපකෙහි අකුසලෙහි ධම‍්මෙහී’ති. සන‍්ති දෙවතා ඉද‍්ධිමන‍්තිනියො දිබ‍්බචක‍්ඛුකා පරචිත‍්තවිදුනියො, තා දූරතොපි පස‍්සන‍්ති, ආසන‍්නාපි න දිස‍්සන‍්ති, චෙතසාපි චිත‍්තං පජානන‍්ති, තාපි මං එවං ජානිස‍්සන‍්ති ‘පස‍්සථ භො ඉමං, කුලපුත‍්තං, සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො සමානො වොකිණ‍්ණො විහරති පාපකෙහි අකුසලෙහි ධම‍්මෙහී’ති. සො ලොකංයෙව අධිපතිං කත්‍වා අකුසලං පජහතී”ති (අ· නි· 3.40).

‘මහා ඛො පනායං ලොකසන්නිවාසො, මහන්තස්මිං ඛො පන ලොක සන්නිවාසෙ සන්ති සමණ බ්‍රාහ්මණා ඉද්ධිමන්තො දිබ්බචක්‍ඛුකා පරචිත්ත විදුනො, තෙ දූරතොපි පස්සන්ති, ආසනනාපි න දිස්සන්ති, චෙතසාපි විත්තං පජානන්ති, තෙපි මං එවං ජානිස්සනති පස්සථ භො ඉමං කුලපුත්තං සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො සමානො වොකිණ්ණො විහරති පාපකෙහි අකුසලෙහි ධම්මෙහීති ලොකං යෙව අධිපතිං කත්‍වා අකුසලං පජහති’ ‘මේ ලෝක සන්නිවාසය නම් වූ සත්ත්ව සමූහය විශාලය. මහත් වූ සත්ත්ව සමූහය අතර ඍද්ධිමත් වූ දිවැස් ඇත්තා වූ පරසිත් දන්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු දුරදීම තමාව දකිති. ළංවූවාහු ද තමාට නොපෙනෙති. සිතින් ද සිත දැනගනිති. ‘පින්වත්නි, බලන්න. මේ කුලපුත්‍රයා ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිදි වූයේ ලාමක අකුශල ධර්මවලින් ගැවසී ගත්තෙක් වාසය කරයි’ යනුවෙන් ඔවුහු මා ගැන මෙසේ දැනගනිති’යි ලෝවැසියාම අධිපතිකොට අකුශලය දුරුකරයි.

එවං ලොකාධිපතෙය්‍යං ඔත‍්තප‍්පං.

මෙසේ ඔත්තප්පය ලෝවැසියා අධිපතිකොට ඇත්තේය.

ලජ‍්ජාසභාවසණ‍්ඨිතාති එත්‍ථ ලජ‍්ජාති ලජ‍්ජනාකාරො, තෙන සභාවෙන සණ‍්ඨිතා හිරී. භයන‍්ති අපායභයං, තෙන සභාවෙන සණ‍්ඨිතං ඔත‍්තප‍්පං. තදුභයං පාපපරිවජ‍්ජනෙ පාකටං හොති. තත්‍ථ යථා ද‍්වීසු අයොගුළෙසු එකො සීතලො භවෙය්‍ය ගූථමක‍්ඛිතො, එකො උණ‍්හො ආදිත‍්තො. තෙසු යථා සීතලං ගූථමක‍්ඛිතත‍්තා ජිගුච‍්ඡන‍්තො විඤ‍්ඤුජාතිකො න ගණ‍්හාති, ඉතරං දාහභයෙන, එවං පණ‍්ඩිතො ලජ‍්ජාය ජිගුච‍්ඡන‍්තො පාපං න කරොති, ඔත‍්තප‍්පෙන අපායභීතො පාපං න කරොති. එවං ලජ‍්ජාසභාවසණ‍්ඨිතා හිරී, භයසභාවසණ‍්ඨිතං ඔත‍්තප‍්පං.

‘ලජ්ජා සභාව සන්ඨිතා’ යන මෙහි ලජ්ජා යනු ද ලජ්ජාවන ආකාරයයි. හිරිය එම ස්වභාවයෙන් සිටියේය. ‘භයං’ යනු අපාය භයයි. ඔත්තප්පය එම ස්වභාවයෙන් සිටියේය. ඒ දෙකම පාපය දුරුකිරීමෙහි ප්‍රකට වෙයි. එහි යකඩ ගුලි දෙකින් එකක් සීතල ද අශූචි තැවරුණු එකක් ද වෙයි. එකක් උණුසුම් ද ගිනිගෙන දැල්වෙන්නේ ද වෙයි. ඒ දෙකින් සීතල වූ යකඩ ගුලිය අශූචි තැවරුණු බැවින් පිළිකුල් කරන නුවණැත්තා නො ගනියි. අනිත් යකඩ ගුලිය දැවෙන බියෙන් නොගනියි. මෙසේ පණ්ඩිත තෙමේ ලජ්ජාවෙන් පිළිකුල් කරමින් පව් නොකරයි. ඔත්තප්පයෙන් අපායබිය ඇත්තේ පව් නොකරයි. මෙසේ හිරිය ලජ්ජා ස්වභාවයෙන් සිටියේය. ඔත්තප්පය භය ස්වභාවයෙන් සිටියේය.

කථං සප‍්පතිස‍්සවලක‍්ඛණා හිරී, වජ‍්ජභීරුකභයදස‍්සාවිලක‍්ඛණං ඔත‍්තප‍්පං? එකච‍්චො හි ජාතිමහත‍්තපච‍්චවෙක‍්ඛණා, සත්‍ථුමහත‍්තපච‍්චවෙක‍්ඛණා, දායජ‍්ජමහත‍්තපච‍්චවෙක‍්ඛණා, සබ්‍රහ‍්මචාරිමහත‍්තපච‍්චවෙක‍්ඛණාති චතූහි කාරණෙහි තත්‍ථ ගාරවෙන සප‍්පතිස‍්සවලක‍්ඛණං හිරිං සමුට‍්ඨාපෙත්‍වා පාපං න කරොති, එකච‍්චො අත‍්තානුවාදභයං, පරානුවාදභයං, දණ‍්ඩභයං, දුග‍්ගතිභයන‍්ති චතූහි කාරණෙහි වජ‍්ජතො භායන‍්තො වජ‍්ජභීරුකභයදස‍්සාවිලක‍්ඛණං ඔත‍්තප‍්පං සමුට‍්ඨාපෙත්‍වා පාපං න කරොති. එත්‍ථ ච අජ‍්ඣත‍්තසමුට‍්ඨානාදිතා හිරොත‍්තප‍්පානං තත්‍ථ තත්‍ථ පාකටභාවෙන වුත‍්තා, න පන නෙසං කදාචි අඤ‍්ඤමඤ‍්ඤවිප‍්පයොගො. න හි ලජ‍්ජනං නිබ‍්භයං, පාපභයං වා අලජ‍්ජනං අත්‍ථීති.

හිරිය කෙසේ ගෞරව කරන ලක්‍ෂණයෙන් යුක්ත ද? ඔත්තප්පය කෙසේ වරදට බියවන සුලු භය දක්නා ලක්‍ෂණයෙන් යුක්ත ද? ඇතැම් පුද්ගලයෙක් (තමාගේ) ජාතියේ මහත් බව (උසස් බව) සැලකීමෙන් ද, ශාස්තෲන් වහන්සේගේ උසස් බව සැලකීමෙන් ද ශාසන දායාදයේ උසස් බව සැලකීමෙන් ද සබ්‍රහ්මචාරීන්ගේ උසස් බව සැලකීමෙන් ද යන කරුණු සතරින් එහිලා ගෞරවයෙන් ගෞරව කරන ලක්‍ෂණයෙන් යුත් හිරිය (ලජ්ජාව) උපදවා පව් නොකරයි. ඇතැම් පුද්ගලයෙක් අත්තානුවාද (තමාට තමා දොස් කීමේ) බිය, පරානුවාද (අනුන් තමාට දොස් කීමේ) බිය, දඬුවමට ඇති බිය, දුගතියට ඇති බිය යන කරුණු සතරින් වරදට බියවන්නේ වරදට බියවනසුලු භය දක්නා ලක්‍ෂණය ඇති ඔත්තප්පය උපදවා පව්කම් නොකරයි. මෙහි ද ඒ ඒ තන්හි ප්‍රකට බැවින් කියන ලද ඇතුළත හටගැනීම් (අජ්ඣත්ත සමුට්ඨාන) ආදී වශයෙන් ඇති හිරි-ඔතප් කිසිකලෙක එකින් එක වෙන් නොවේ. අලජ්ජීන්ට ලජ්ජාවක් හෝ බයක් හෝ නැත.

ඉමෙ චෙ, භික‍්ඛවෙ, ද‍්වෙ සුක‍්කා ධම‍්මා ලොකං න පාලෙය්‍යුන‍්ති භික‍්ඛවෙ, ඉමෙ ද‍්වෙ අනවජ‍්ජධම‍්මා යදි ලොකං න රක‍්ඛෙය්‍යුං, ලොකපාලකා යදි න භවෙය්‍යුං. නයිධ පඤ‍්ඤායෙථ මාතාති ඉධ ඉමස‍්මිං ලොකෙ ජනිකා මාතා “අයං මෙ මාතා”ති ගරුචිත‍්තීකාරවසෙන න පඤ‍්ඤායෙථ, “අයං මාතා”ති න ලබ‍්භෙය්‍ය. සෙසපදෙසුපි එසෙව නයො. මාතුච‍්ඡාති මාතුභගිනී. මාතුලානීති මාතුලභරියා. ගරූනන‍්ති මහාපිතුචූළපිතුජෙට‍්ඨභාතුආදීනං ගරුට‍්ඨානියානං. සම‍්භෙදන‍්ති සඞ‍්කරං, මරියාදභෙදං වා. යථා අජෙළකාතිආදීහි උපමං දස‍්සෙති. එතෙ හි සත‍්තා “අයං මෙ මාතා”ති වා “මාතුච‍්ඡා”ති වා ගරුචිත‍්තීකාරවසෙන න ජානන‍්ති, යං වත්‍ථුං නිස‍්සාය උප‍්පන‍්නා, තත්‍ථපි විප‍්පටිපජ‍්ජන‍්ති. තස‍්මා උපමං ආහරන‍්තො අජෙළකාදයො ආහරි. අයඤ‍්හෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො – යථා අජෙළකාදයො තිරච‍්ඡානා හිරොත‍්තප‍්පරහිතා මාතාදිසඤ‍්ඤං අකත්‍වා භින‍්නමරියාදා සබ‍්බත්‍ථ සම‍්භෙදෙන වත‍්තන‍්ති, එවමයං මනුස‍්සලොකො යදි ලොකපාලකධම‍්මා න භවෙය්‍යුං, සබ‍්බත්‍ථ සම‍්භෙදෙන වත‍්තෙය්‍ය. යස‍්මා පනිමෙ ලොකපාලකධම‍්මා ලොකං පාලෙන‍්ති, තස‍්මා නත්‍ථි සම‍්භෙදොති.

ඉමෙ ච භික්‍ඛවෙ දෙව සුක්කා ධම්මා ලොකං න පාලෙය්‍යුං යනු මහණෙනි, මේ නිවැරදි ධර්මයෝ දෙදෙන ඉදින් ලෝකය නො රක්නාහු නම් ඉදින් ලෝකපාලකයෝ නො වන්නාහු නම් නයිධ පඤ්ඤායෙථ මාතා යන මෙහි මේ ලෝකයෙහි තමා බිහිකළ මව ගැන මේ මගේ මවයයි ගරුසරු කිරීම් වශයෙන් සැලකීමක් නො පෙනේ. මව යයි (කියා කෙනෙක්) නො ලැබෙන්නේය. අනිත් පදවලදී ද මේ ක්‍රමයමයි. මාතුච්ඡා යනු මවගේ සහෝදරියයි. මාතුලානි යනු මාමාගේ බිරිඳය (නැන්දා), ගරූනං යනු මහ පියා (මහප්පා), සුළු පියා (බාප්පා), වැඩිමහල් සහෝදර ආදී ගරුකළ යුත්තන්ගේ. සමෙභදං යනු සංකරවීමට (මිශ්‍රවීමට), සීමා බිඳීමට හෝ. යථා අජෙලකා යනාදී වචනවලින් උපමාව දක්වයි. මේ (එළු ආදී) සත්ත්වයෝ මේ මගේ මවය කියා හෝ, මවගේ සහෝදරිය කියා හෝ ගරුසරු කිරීම් වශයෙන් නො දනිති. යම් තැනැත්තියක කෙරෙහි රාගය උපන්නේ නම් ඒ තැනැත්තිය කෙරෙහි වැරදි ලෙස පිළිපදිති. (මෛථුන සේවනය කරති). එහෙයින් උපමාවක් ගෙන එමින් එළුවන් ආදිය දැක්වූහ. මේ වනාහි එහි කෙටි අරුතයි. එළු ආදී තිරිසන් සත්තු හිරිඔතප් නැතිව මව යන හැඟීමක් නැතිව බිඳුණු සීමා ඇතිව හැමතන්හි යම්සේ සම්භේදයෙන් (මෛථුනයෙන් යුක්තව) පවතිත් ද මෙසේ මේ ලෝකය වනාහි ඉදින් ලෝකපාලක ධර්ම නැත්නම් හැමතන්හි සම්භේදයෙන් පවතින්නේය. යම්හෙයකින් වනාහි ලෝකපාලක ධර්මයෝ ලෝකය පාලනය කරත් ද එහෙයින් සම්භේදයක් නැත.

ගාථාසු යෙසං චෙ හිරිඔත‍්තප‍්පන‍්ති චෙති නිපාතමත‍්තං. යෙසං සත‍්තානං හිරී ච ඔත‍්තප‍්පඤ‍්ච සබ‍්බදාව සබ‍්බකාලමෙව න විජ‍්ජති න උපලබ‍්භති. වොක‍්කන‍්තා සුක‍්කමූලා තෙති තෙ සත‍්තා කුසලමූලපච‍්ඡෙදාවහස‍්සාපි කම‍්මස‍්ස කරණතො කුසලකම‍්මානං පතිට‍්ඨානභූතානං හිරොත‍්තප‍්පානමෙව වා අභාවතො කුසලතො වොක‍්කමිත්‍වා, අපසක‍්කිත්‍වා, ඨිතත‍්තා වොක‍්කන‍්තා සුක‍්කමූලා, පුනප‍්පුනං ජායනමීයනසභාවත‍්තා ජාතිමරණගාමිනො සංසාරං නාතිවත‍්තන‍්තීති අත්‍ථො.

ගාථාවන්හි යෙසඤ්චෙ හිරි ඔත්තප්පං ‘චෙ’ යනු නිපාත මාත්‍රයකි. යම් සත්ත්වයන්ගේ හිරිය ද ඔත්තප්පය ද, සබ්බදා ච හැමකල්හිම න විජ්ජති නොලැබේ. වොක්කන්තා සුක්කමූලා තෙ යනු ඒ සත්ත්වයෝ කුශල් මුල් සිඳ දැමීම ඇතිකරන කර්ම කිරීමෙන් කුශල කර්මයන්ට පිහිට වූ හිරිඔතප් නැති බැවින් කුශලයෙන් ඉවත්ව සිටි බැවින් කුශල මූලයෙන් ඉවත් වූවාහු නැවත නැවත උපදින මැරෙන ස්වභාව ඇති බැවින් ජාති මරණයට යන්නාහු සංසාරය නොඉක්මවති යන අර්ථයි.

යෙසඤ‍්ච හිරිඔත‍්තප‍්පන‍්ති යෙසං පන පරිසුද‍්ධමතීනං සත‍්තානං හිරී ච ඔත‍්තප‍්පඤ‍්චාති ඉමෙ ධම‍්මා සදා සබ‍්බකාලං රත‍්තින්‍දිවං නවමජ‍්ඣිමත්‍ථෙරකාලෙසු සම‍්මා උපගම‍්ම ඨිතා පාපා ජිගුච‍්ඡන‍්තා භායන‍්තා තදඞ‍්ගාදිවසෙන පාපං පජහන‍්තා. විරූළ‍්හබ්‍රහ‍්මචරියාති සාසනබ්‍රහ‍්මචරියෙ මග‍්ගබ්‍රහ‍්මචරියෙ ච විරූළ‍්හං ආපන‍්නා, අග‍්ගමග‍්ගාධිගමෙන සබ‍්බසො සන‍්තකිලෙසතාය සන‍්තගුණතාය වා සන‍්තො, පුනබ‍්භවස‍්ස ඛෙපිතත‍්තා ඛීණපුනබ‍්භවා හොන‍්තීති.

යෙසඤ්ච හිරිඔත්තප්පං යනු පිරිසිදු අදහස් ඇති යම් සත්ත්වයන්ගේ හිරිය ද ඔත්තප්පය ද යන මේ ධර්ම. සදා සියලු කල්හි, දිවා රෑ, නවක, මධ්‍යම, ස්ථවිර යන කාලයන්හි - සම්මා උපට්ඨිතා යනු මනාකොට එළඹ සිටියා වූ, පාපය පිළිකුල් කරන්නා වූ පාපයට බිය වන්නා වූ තදංගාදී වශයෙන් පාපය දුරුකරන්නා වූ. විරූළ්හ බ්‍රහ්මචරියා යනු ශාසන බ්‍රහ්මචර්යාවෙන් ද මාර්ග බ්‍රහ්මචර්යාවෙන් ද වැඩීමට පැමිණියා වූ අග්‍ර මාර්ග (අර්හත් මාර්ග) අවබෝධයෙන් සියලු ආකාරයෙන් සන්සිඳුණු කෙලෙස් ඇති බැවින් හෝ ශාන්ත ගුණ ඇති බැවින් හෝ ශාන්ත වූ, පුනර්භවය ඉවත දමන ලද බැවින් ක්‍ෂීණ වූවාහු පුනර්භවයක් නැත්තාහු වෙත්.

පඤ‍්චමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

පස්වන සූත්‍රයයි.

6. අජාතසුත‍්තවණ‍්ණනා

6. අජාත සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ අත්‍ථි, භික‍්ඛවෙති කා උප‍්පත‍්ති? එකදිවසං කිර භගවතා අනෙකපරියායෙන සංසාරෙ ආදීනවං පකාසෙත්‍වා තදුපසමනාදිවසෙන නිබ‍්බානපටිසංයුත‍්තාය ධම‍්මදෙසනාය කතාය භික‍්ඛූනං එතදහොසි “අයං සංසාරො භගවතා අවිජ‍්ජාදීහි කාරණෙහි සහෙතුකො වුත‍්තො, නිබ‍්බානස‍්ස පන තදුපසමස‍්ස න කිඤ‍්චි කාරණං වුත‍්තං, තයිදං අහෙතුකං කථං සච‍්චිකට‍්ඨපරමත්‍ථෙන උපලබ‍්භතී”ති. අථ භගවා තෙසං භික‍්ඛූනං විමතිවිධමනත්‍ථඤ‍්චෙව, “ඉධ සමණබ්‍රාහ‍්මණානං ‘නිබ‍්බානං නිබ‍්බාන’න‍්ති වාචාවත්‍ථුමත‍්තමෙව, නත්‍ථි හි පරමත්‍ථතො නිබ‍්බානං නාම අනුපලබ‍්භමානසභාවත‍්තා”ති ලොකායතිකාදයො විය විප‍්පටිපන‍්නානං බහිද‍්ධා ච පුථුදිට‍්ඨිගතිකානං මිච‍්ඡාවාදභඤ‍්ජනත්‍ථඤ‍්ච, අමතමහානිබ‍්බානස‍්ස පරමත්‍ථතො අත්‍ථිභාවදීපනත්‍ථං තස‍්ස ච නිස‍්සරණභාවාදිආනුභාවවන‍්තතාදීපනත්‍ථං පීතිවෙගෙන උදානවසෙන ඉදං සුත‍්තං අභාසි. තථා හි ඉදං සුත‍්තං උදානෙපි (උදා· 72-74) සඞ‍්ගීතං.

හයවන සූත්‍රයෙහි අත්‍ථි භික්‍ඛවෙ යන මෙහි උපත කුමක් ද? එක් දිනක් නොයෙක් ආකාරයෙන් සංසාරයෙහි දොස් (ආදීනව) ප්‍රකාශ කොට පෙන්වීම් වශයෙන් නිවන හා සම්බන්ධ වූ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනා කථාවක් නිසා භික්‍ෂූන්ට ‘මේ සංසාරය භාග්‍යවතුන් වහන්සේ විසින් අවිද්‍යාදී කරුණුවලින් හේතු සහිතව කියන ලදී. ඒ අවිද්‍යාදී කරුණු සංසිඳුනා වූ නිවන ගැන කිසි කරුණක් නොකියන ලදී. ඒ මේ අහේතුක වූ නිවන සච්ඡිකත පරමත්‍ථ (ප්‍රත්‍යක්‍ෂ කරන ලද පරමාර්ථ) වශයෙන් කෙසේ ලැබේද යන මේ අදහස ඇතිවිය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ගේ සැක දුරුකිරීම පිණිසද නොලැබෙන ස්වභාව ඇති බැවින් පරමාර්ථ වශයෙන් නිවනක් නම් නැතැයි කියන ලෝකායතිකයන් මෙන් වැරදි ලෙස පිළිපදින (බුදුසසුනෙන්) බාහිර බොහෝ දෘෂ්ටිවලට බැසගත්තවුන්ගේ මිථ්‍යාවාද බිඳීම පිණිස ද මේ අමාමහ නිවන පරමාර්ථ වශයෙන් ඇති බව දැක්වීම පිණිස ද ඒ නිවනෙහි කෙලෙසුන්ගෙන් නිදහස් බව ආදී ආනුභාව ඇති මේ සුත්‍රය ප්‍රීති වේගයෙන් උදාන වශයෙන් වදාළහ. එහෙයින් මේ සූත්‍රය උදාන පාළියෙහි ද කියන ලදී.

තත්‍ථ අත්‍ථීති විජ‍්ජති පරමත්‍ථතො උපලබ‍්භති. අජාතං අභූතං අකතං අසඞ‍්ඛතන‍්ති සබ‍්බානිපි පදානි අඤ‍්ඤමඤ‍්ඤවෙවචනානි. අථ වා වෙදනාදයො විය හෙතුපච‍්චයසමවායසඞ‍්ඛාතාය කාරණසාමග‍්ගියා න ජාතං න නිබ‍්බත‍්තන‍්ති අජාතං. කාරණෙන විනා සයමෙව න භූතං න පාතුභූතං න උප‍්පන‍්නන‍්ති අභූතං. එවං අජාතත‍්තා අභූතත‍්තා ච යෙන කෙනචි කාරණෙන න කතන‍්ති අකතං. ජාතභූතකතසභාවො ච නාමරූපාදීනං සඞ‍්ඛතධම‍්මානං හොති, න අසඞ‍්ඛතසභාවස‍්ස නිබ‍්බානස‍්සාති දස‍්සනත්‍ථං අසඞ‍්ඛතන‍්ති වුත‍්තං. පටිලොමතො වා සමෙච‍්ච සම‍්භුය්‍ය පච‍්චයෙහි කතන‍්ති සඞ‍්ඛතං, තථා න සඞ‍්ඛතං, සඞ‍්ඛතලක‍්ඛණරහිතන‍්ති ච අසඞ‍්ඛතන‍්ති එවං අනෙකෙහි කාරණෙහි නිබ‍්බත‍්තිතභාවෙ පටිසිද‍්ධෙ “සියා නු ඛො එකෙනෙව කාරණෙන කත”න‍්ති ආසඞ‍්කායං “න කෙනචි කත”න‍්ති දස‍්සනත්‍ථං “අකත”න‍්ති වුත‍්තං. එවං අප‍්පච‍්චයම‍්පි සමානං “සයමෙව නු ඛො ඉදං භූතං පාතුභූත”න‍්ති ආසඞ‍්කායං තන‍්නිවත‍්තනත්‍ථං “අභූත”න‍්ති වුත‍්තං. අයඤ‍්ච එතස‍්ස අසඞ‍්ඛතාකතාභූතභාවො සබ‍්බෙන සබ‍්බං අජාතිධම‍්මත‍්තාති දස‍්සෙතුං “අජාත”න‍්ති වුත‍්තන‍්ති. එවමෙතෙසං චතුන‍්නම‍්පි පදානං සාත්‍ථකභාවො වෙදිතබ‍්බො.

එහි අත්‍ථි යනු විද්‍යාමාන වෙයි. පරමාර්ථ වශයෙන් ලැබේ. අජාතං අභූතං, අකතං අසංකතං යන සියලු පද එකිනෙකට සමාන වචනය. නොහොත් වේදනාදිය මෙන් හේතුප්‍රත්‍ය එක්රැස්වීම නම් වූ කරුණු එක්වීමෙන් නූපන් නො නිපන් යන අරුතින් අජාත වූ, කරුණක් නැතිව තමා ම නොහටගත් පහළ නොවූ නූපන් යන අරුතින් අභූත වූ මෙසේ නූපන් බැවින් ද නොහටගත් බැවින් ද යම්කිසි කරුණකින් නොකරන ලද යන අරුතින් අකත වූ. නාමරූපාදී සංඛත ධර්මයන්ගේ උපන්-හටගත් ස්වභාවය ඇත්තේ වෙයි. අසංඛත ස්වභාවය ඇති නිවනෙහි උපන් හටගත් ස්වභාවය නැතැයි දැක්වීම පිණිස අසංඛතයයි කියන ලදී. පටිලෝම වශයෙන් (අගසිට මුලට) එකට එකතුව හටගෙන ප්‍රත්‍යවලින් කරන ලද යන අරුතින් සංඛ්‍යාත නම් වේ. එසේ සංඛත නොවූයේ ද සංඛත ලක්‍ෂණ රහිත වූයේ ද අසංඛත නම් වේ. මෙසේ නොයෙක් කරුණුවලින් උපන් බව ප්‍රතික්‍ෂේප කළ කල්හි එකම කරුණකින් කරන ලද්දේ දැයි සැකය ඇති කල්හි කිසිවකින් නොකරන ලදැයි දැක්වීම පිණිස ‘අකතං’ යි කියන ලදී. මෙසේ ප්‍රත්‍ය නැතිවම මෙය තමාම හටගත්තේ ද පහළ වූයේ ද යන සැකය නැවතීම පිණිස ‘අභූතං’ යි කියන ලදී. එහි (නිවනේ) මේ අසංඛත අකත-අභූත බව සියල්ලෙන් සියල්ල නූපන් ධර්ම ඇති බව දැක්වීමට ‘අජාතං’යි කියන ලදී. මෙසේ මේ පද සතරෙහි අර්ථ සහිත බව දතයුතුය.

ඉති භගවා “අත්‍ථි, භික‍්ඛවෙ, අජාතං අභූතං අකතං අසඞ‍්ඛත”න‍්ති පරමත්‍ථතො නිබ‍්බානස‍්ස අත්‍ථිභාවං වත්‍වා තත්‍ථ හෙතුං දස‍්සෙන‍්තො “නො චෙතං, භික‍්ඛවෙ”තිආදිමාහ. තස‍්සායං සඞ‍්ඛෙපො – භික‍්ඛවෙ, යදි අජාතාදිසභාවා අසඞ‍්ඛතා ධාතු න අභවිස‍්ස න සියා, ඉධ ලොකෙ ජාතාදිසභාවස‍්ස රූපාදික‍්ඛන්‍ධපඤ‍්චකසඞ‍්ඛාතස‍්ස සඞ‍්ඛාරගතස‍්ස නිස‍්සරණං අනවසෙසවට‍්ටුපසමො න පඤ‍්ඤායෙය්‍ය න උපලබ‍්භෙය්‍ය න සම‍්භවෙය්‍ය. නිබ‍්බානඤ‍්හි ආරම‍්මණං කත්‍වා පවත‍්තමානා සම‍්මාදිට‍්ඨිආදයො අරියමග‍්ගධම‍්මා අනවසෙසතො කිලෙසෙ සමුච‍්ඡින්‍දන‍්ති, තෙනෙත්‍ථ සබ‍්බස‍්සපි වට‍්ටදුක‍්ඛස‍්ස අප‍්පවත‍්ති අපගමො නිස‍්සරණං පඤ‍්ඤායති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ ‘අත්‍ථි භික්‍ඛවෙ අජාතං අභූතං අකතං අසංඛතං’ යනුවෙන් පරමාර්ථ වශයෙන් නිවන ඇති බව වදාරා එහි හේතු දක්වමින් නො චෙතං භික්‍ඛවෙ යනාදිය වදාළහ. මේ එහි කෙටි අර්ථයයි: මහණෙනි, ඉදින් අජාත ආදී ස්වභාව ඇති අසංඛත ධාතුව නොවන්නේ නම් මේ ලෝකයෙහි ජාති ආදී ස්වභාව ඇති රූපාදී ස්කන්ධ පංචකය නම් වූ සංස්කාරයේ ගැලවීමක් සංසාරය ඉතිරි නොකොට ලැබෙන සංසිඳීමක් නො පෙනෙන්නේය. නො ලැබෙන්නේය. නොවන්නේය. නිවන අරමුණු කොට පවතින සම්මා දිට්ඨි ආදී ආර්ය මාර්ග ධර්ම කෙලෙසුන් ඉතිරි නොකිරීම් වශයෙන් සහමුලින් සිඳදමති. එහෙයින් මෙහි සියලුම සංසාර දුකෙහි නොපැවැත්ම ඉවත්වීම නිදහස්වීම පෙනේ.

එවං බ්‍යතිරෙකවසෙන නිබ‍්බානස‍්ස අත්‍ථිභාවං දස‍්සෙත්‍වා ඉදානි අන්‍වයවසෙනපි තං දස‍්සෙතුං “යස‍්මා ච ඛො”තිආදි වුත‍්තං, තං වුත‍්තත්‍ථමෙව. එත්‍ථ ච යස‍්මා “අපච‍්චයා ධම‍්මා, අසඞ‍්ඛතා ධම‍්මා (ධ· ස· දුකමාතිකා 7, 8). අත්‍ථි, භික‍්ඛවෙ, තදායතනං, යත්‍ථ නෙව පථවී (උදා· 71). ඉදම‍්පි ඛො ඨානං දුද‍්දසං යදිදං සබ‍්බසඞ‍්ඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො (මහාව· 7; ම· නි· 1.281). අසඞ‍්ඛතඤ‍්ච වො, භික‍්ඛවෙ, ධම‍්මං දෙසෙස‍්සාමි අසඞ‍්ඛතගාමිනිඤ‍්ච පටිපද”න‍්තිආදීහි (සං· නි· 4.366) අනෙකෙහි සුත‍්තපදෙහි “අත්‍ථි, භික‍්ඛවෙ, අජාත”න‍්ති ඉමිනාපි සුත‍්තෙන නිබ‍්බානධාතුයා පරමත්‍ථතො සබ‍්භාවො සබ‍්බලොකං අනුකම‍්පමානෙන සම‍්මාසම‍්බුද‍්ධෙන දෙසිතො, තස‍්මා න පටික‍්ඛිපිතබ‍්බං. තත්‍ථ අප‍්පච‍්චක‍්ඛකාරීනම‍්පි විඤ‍්ඤූනං කඞ‍්ඛා වා විමති වා නත්‍ථි එව. යෙ පන අබුද‍්ධිපුග‍්ගලා, තෙසං විමතිවිනොදනත්‍ථං අයමෙත්‍ථ අධිප‍්පායනිද‍්ධාරණමුඛෙන යුත‍්තිවිචාරණා – යථා පරිඤ‍්ඤෙය්‍යතාය සඋත‍්තරානං කාමානං රූපානඤ‍්ච පටිපක‍්ඛභූතං තබ‍්බිධුරසභාවං නිස‍්සරණං පඤ‍්ඤායති, එවං තංසභාවානං සබ‍්බෙසං සඞ‍්ඛතධම‍්මානං පටිපක‍්ඛභූතෙන තබ‍්බිධුරසභාවෙන නිස‍්සරණෙන භවිතබ‍්බං. යඤ‍්චෙතං නිස‍්සරණං, සා අසඞ‍්ඛතා ධාතු. කිඤ‍්ච භිය්‍යො, සඞ‍්ඛතධම‍්මාරම‍්මණං විපස‍්සනාඤාණං අපි අනුලොමඤාණං කිලෙසෙ සමුච‍්ඡෙදවසෙන පජහිතුං න සක‍්කොති, තථා සම‍්මුතිසච‍්චාරම‍්මණං පඨමජ‍්ඣානාදීසු ඤාණං වික‍්ඛම‍්භනවසෙනෙව කිලෙසෙ පජහති, න සමුච‍්ඡෙදවසෙන. ඉති සඞ‍්ඛතධම‍්මාරම‍්මණස‍්ස සම‍්මුතිසච‍්චාරම‍්මණස‍්ස ච ඤාණස‍්ස කිලෙසානං සමුච‍්ඡෙදප‍්පහානෙ අසමත්‍ථභාවතො තෙසං සමුච‍්ඡෙදප‍්පහානකරස‍්ස අරියමග‍්ගඤාණස‍්ස තදුභයවිපරීතසභාවෙන ආරම‍්මණෙන භවිතබ‍්බං, සා අසඞ‍්ඛතා ධාතු.

මෙසේ අතිරේක කරුණෙනුත් නිවන ඇති බව දක්වා දැන් අනුපිළිවෙළ වශයෙන් දැක්වීමට යස්මා ච ඛො යනාදිය වදාරණ ලදී. මෙහි ද යම්හෙයකින් අප්‍රත්‍ය ධර්මය අසංඛත ධර්ම ඇත්ද එය ද කියන ලද අර්ථ ඇත්තේමය. අත්‍ථි භික්‍ඛවෙ තදායතනං යත්‍ථ නෙව පඨවි ‘මහණෙනි, යම්තැනක පඨවිය නැති ද ඒ ආයතනය ඇත’ ‘ඉදම්පි ඛො ඨානං දුද්දසං යදිදං සබ්බසංඛාර සමථො සබ්බූපධිපටිනිස්සගො’ ‘සියලු සංස්කාරයන්ගේ සන්සිඳීම වූ සියලු උපධීන්ගේ අත්හැරීම නම් වූ යම් මේ කරුණක් ඇත්ද මේ කරුණ ද දැකීමට අපහසුය.’ ‘අසංඛතං ච වො භික්‍ඛවෙ ධම්මං දෙසිස්සාමි අසංඛතගාමිනිං ච පටිපදං’ ‘මහණෙනි, ඔබට අසංඛත ධර්මය ද අසංඛත ගාමිණී ප්‍රතිපදාවද දෙසන්නෙමි.’ යනාදී නොයෙක් සූත්‍ර පදවලින් ද ‘අත්‍ථි භික්‍ඛවෙ අජාතං’ යන මේ සූත්‍රයෙන් ද නිර්වාණ ධාතුව පරමාර්ථ වශයෙන් ඇති බව සියලු ලෝකයාට අනුකම්පා කරන්නා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී. එහෙයින් ප්‍රතික්‍ෂේප නොකළ යුතුය. එහිලා (නිවන) ප්‍රත්‍යක්‍ෂ නොකරන ලද නුවණැත්තන්ට ද සැකයක් හෝ විමතියක් නැත්තේමය. බුද්ධියක් නැති යම් පුද්ගලයෝ වෙත් ද ඔවුන්ගේ විමතිය දුරුකිරීම පිණිස එහිලා අදහස් කරන ලද දෙය මතුකර දැක්වීම් වශයෙන් මේ යුක්තිය පැහැදිලි කිරීමයි. දතයුතු ආකාරයෙන් ද වැඩිපුර වූ කාමයන්ටද රූපයන්ටද ප්‍රතිපක්‍ෂ වූ එයට පිහිටක් නැති ස්වභාවය වූ නිස්සරණය පැනෙයි. මෙසේ ඒ ස්වභාවය ඇති සියලු සංඛත ධර්මයන්ට ප්‍රතිවිරුද්ධ වූ එයට පිහිටක් නැති ස්වභාවය ඇති නිස්සරණයක් විය යුතුය. යම් ඒ නිස්සරණයක් (දුකින් මිදීමක්) වේද, ඒ අසංඛත ධාතුවයි. වැඩිපුර කුමටද? සංඛත ධම අරමුණු කොට ඇති විපස්සනා ඤාණය වන අනුලෝම ඤාණය පවා කෙලෙස් සමුච්ඡේද වශයෙන් පහ කිරීමට නොහැකි වෙයි. එසේ සම්මුති සත්‍ය අරමුණු කොට ඇති ප්‍රථම ධ්‍යානාදියෙහි යෙදෙන ඤාණය විෂ්කම්භන වශයෙන්ම කෙලෙස් දුරු කරයි. සමුච්ඡේද වශයෙන් නොවේ. මෙසේ සංඛත ධර්ම අරමුණු කරන ඤාණය ද සම්මුති සත්‍ය අරමුණු කරන ඤාණය ද කෙලෙසුන් සහමුලින් පහකිරීමෙහි අසමත් බැවින් ඒ කෙලෙස් සමුච්ඡේද ප්‍රහාණය කරන ආයමාර්ග ඥානය ඒ දෙකටම වෙනස් වූ ස්වභාවය ඇති අරමුණක් විය යුතුය. එය අසංඛත ධාතුවයි.

තථා “අත්‍ථි, භික‍්ඛවෙ, අජාතං අභූතං අකතං අසඞ‍්ඛත”න‍්ති ඉදං නිබ‍්බානස‍්ස පරමත්‍ථතො අත්‍ථිභාවජොතකවචනං අවිපරීතත්‍ථං භගවතා භාසිතත‍්තා. යඤ‍්හි භගවතා භාසිතං, තං අවිපරීතත්‍ථං පරමත්‍ථන‍්ති යථා තං “සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා, සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛා, සබ‍්බෙ ධම‍්මා අනත‍්තා”ති (ධ· ප· 277-279; චූළනි· හෙමකමාණවපුච‍්ඡානිද‍්දෙස 56). තථා නිබ‍්බානසද‍්දො කත්‍ථචි විසයෙ යථාභූතපරමත්‍ථවිසයො උපචාරවුත‍්තිසබ‍්භාවතො සෙය්‍යථාපි සීහසද‍්දො. අථ වා අත්‍ථෙව පරමත්‍ථතො අසඞ‍්ඛතාධාතු ඉතරතබ‍්බිපරීතවිනිමුත‍්තසභාවත‍්තා සෙය්‍යථාපි පථවීධාතු වෙදනාති. එවමාදීහි නයෙහි යුත‍්තිතොපි අසඞ‍්ඛතාය ධාතුයා පරමත්‍ථතො අත්‍ථිභාවො වෙදිතබ‍්බො.

එසේ ‘අත්‍ථි භික්‍ඛවෙ අජාතං අභූතං අකතං අසංඛතං’ යන මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ හෙයින් නිවන පරමාර්ථ වශයෙන් ඇති බව පැහැදිලි කරන අවිපරීත (නොවෙනස්) වූ අරථයයි. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද යමක් වේද එය නොවෙනස් අර්ථ ඇති පරමාර්ථයයි. ඊට උදාහරණ ‘සියලු සංස්කාර අනිත්‍යයි. සියලු සංස්කාර දුකයි. සියලු ධර්ම අනාත්මයි’ යනුයි. එසේම නිබ්බාණ ශබ්දය කිසිතැනක යථාභූත පරමාර්ථ විෂයෙහි සමීපව පැවතීම් වශයෙන් යෙදේ. සීහ ශබ්දය මෙනි. පරමාර්ථ වශයෙන් අසංඛත ධාතුවක් ඇත්තේමය. අනෙක ඊට වෙනස් මිදුණු ස්වභාව ඇති බැවින් පඨවි ධාතු වේදනාව මෙනි. මේ ආදී න්‍යායවලින් සාධාරණීකරණය කරන ලද අසංඛත ධාතුවේ පරමාර්ථ වශයෙන් ඇති බව දතයුතුය.

ගාථාසු ජාතන‍්ති ජායනට‍්ඨෙන ජාතං, ජාතිලක‍්ඛණප‍්පත‍්තන‍්ති අත්‍ථො. භූතන‍්ති භවනට‍්ඨෙන භූතං, අහුත්‍වා සම‍්භූතන‍්ති අත්‍ථො. සමුප‍්පන‍්නන‍්ති සහිතභාවෙන උප‍්පන‍්නං, සහිතෙහි ධම‍්මෙහි ච උප‍්පන‍්නන‍්ති අත්‍ථො. කතන‍්ති කාරණභූතෙහි පච‍්චයෙහි නිබ‍්බත‍්තිතං. සඞ‍්ඛතන‍්ති තෙහියෙව සමෙච‍්ච සම‍්භුය්‍ය කතන‍්ති සඞ‍්ඛතං, සබ‍්බමෙතං පච‍්චයනිබ‍්බත‍්තස‍්ස අධිවචනං. නිච‍්චසාරාදිවිරහිතතො අද‍්ධුවං. ජරාය මරණෙන ච එකන‍්තෙනෙව සඞ‍්ඝටිතං සංසට‍්ඨන‍්ති ජරාමරණසඞ‍්ඝාතං. “ජරාමරණසඞ‍්ඝට‍්ට”න‍්තිපි පඨන‍්ති, ජරාය මරණෙන ච උපද‍්දුතං පීළිතන‍්ති අත්‍ථො. අක‍්ඛිරොගාදීනං අනෙකෙසං රොගානං නීළං කුලාවකන‍්ති රොගනීළං. සරසතො උපක‍්කමතො ච පභඞ‍්ගුපරමසීලතාය පභඞ‍්ගුරං.

ගාථාවන්හි ජාතං යනු ඉපදෙන අර්ථයෙන් ජාත නම් වේ. ඉපදීම් ලක්‍ෂණයට පැමිණියේය යන අර්ථයි. භූතං වීම් අර්ථයෙන් භූත නම් වේ. (පෙර) නොවී හටගත්තේය යන අර්ථයි. සමුප්පන්නං හිතවත් බැවින් උපන්. (එයට) හිතවත් ධර්මවලින් උපන් යන අර්ථයි. කතං යනු කරුණු (හේතු) වූ ප්‍රත්‍යවලින් උපන්. සංඛතං යනු ඒ කරුණු ම එක්රැස්ව කරන ලද යන අරුතින් සංඛ්‍යාත නම් වේ. මේ සියල්ල ප්‍රත්‍යයෙන් උපන් දෙයට යොදන වචන ය. නිත්‍ය-සාර ආදිය නැති බැවින් අද්ධුවං ජරාවෙන් ද මරණයෙන් ද ඒකාන්තයෙන්ම ගලපන ලද්දේ ජරාමරණසංඝාටං නම් වේ. ‘ජරාමරණ සංඝතං’ යනුවෙන් ද කියති. ජරාවෙන් ද මරණයෙන් ද උවදුරට පත්වූයේ පීඩාවට පත්වූයේ යන අර්ථයි. ඇස් රෝග ආදී නොයෙක් රෝගයන්ට කූඩුවක් (වාසස්ථානයක්) යන අරුතින් රොගනිඩ්ඩං නම් වේ. ස්වභාවයෙන් ද උපක්‍රම වශයෙන් ද බිඳෙන ස්වභාවය ඇති බැවින් පභංගුරං නම් වේ.

චතුබ‍්බිධො ආහාරො ච තණ‍්හාසඞ‍්ඛාතා නෙත‍්ති ච පභවො සමුට‍්ඨානං එතස‍්සාති ආහාරනෙත‍්තිප‍්පභවං. සබ‍්බොපි වා පච‍්චයො ආහාරො. ඉධ පන තණ‍්හාය නෙත‍්තිග‍්ගහණෙන ගහිතත‍්තා තණ‍්හාවජ‍්ජා වෙදිතබ‍්බා. තස‍්මා ආහාරො ච නෙත‍්ති ච පභවො එතස‍්සාති ආහාරනෙත‍්තිප‍්පභවං. ආහාරො එව වා නයනට‍්ඨෙන පවත‍්තනට‍්ඨෙන නෙත‍්තීති එවම‍්පි ආහාරනෙත‍්තිප‍්පභවං. නාලං තදභිනන්‍දිතුන‍්ති තං උපාදානක‍්ඛන්‍ධපඤ‍්චකං එවං පච‍්චයාධීනවුත‍්තිකං, තතො එව අනිච‍්චං, දුක‍්ඛඤ‍්ච තණ‍්හාදිට‍්ඨීහි අභිනන්‍දිතුං අස‍්සාදෙතුං න යුත‍්තං.

සතරවැදෑරුම් ආහාරය ද තණ්හාව නම්වූ නෙත්තියද මේ උපාදන ස්කන්ධයාගේ ප්‍රභවයයි, හටගැනීමයි යන අරුතින් ආහාර නෙත්තිප්පභවං නම් වේ. සියලුම ප්‍රත්‍යය ආහාර වෙයි. මෙහි වනාහි නෙත්තිය ගැනීමෙන් තණ්හාව ගන්නා ලද බැවින් (ආහාරයෙන්) තණ්හාව ඉවත්කරන ලදැයි දතයුතුයි. එහෙයින් ආහාරය ද තණ්හාව ද මේ උපාදානස්කන්ධයාගේ උපතය යන අරුතින් ආහාරනෙත්තිප්පභවං නම් වේ. නැතහොත් ආහාරයම පමුණුවන අරුතින් පවතින අරුතින් නෙත්ති නම් වේ. මෙසේ ද ආහාරනෙත්තිප්පභවං නම් වේ. නාලං තදභිනන්‍දිතුං යනු ඒ උපාදානස්කන්ධ පංචකය මෙසේ ප්‍රත්‍යයන්ට අයත් පැවතුම් ඇත. එහෙයින් ම අනිත්‍ය ද දුක් ද වේ. තණ්හා දෘෂ්ටිවලින් සතුටුවන්නට ආශ්වාද කරන්නට යුතු නොවේ.

තස‍්ස නිස‍්සරණන‍්ති “ජාතං භූත”න‍්තිආදිනා වුත‍්තස‍්ස තස‍්ස සක‍්කායස‍්ස නිස‍්සරණං නික‍්කමො අනුපසන‍්තසභාවස‍්ස රාගාදිකිලෙසස‍්ස සබ‍්බසඞ‍්ඛාරස‍්ස ච අභාවෙන තදුපසමභාවෙන පසත්‍ථභාවෙන ච සන‍්තං, තක‍්කඤාණස‍්ස අගොචරභාවතො අතක‍්කාවචරං, නිච‍්චට‍්ඨෙන ධුවං, තතො එව අජාතං අසමුප‍්පන‍්නං, සොකහෙතූනං අභාවතො අසොකං, විගතරාගාදිරජත‍්තා විරජං, සංසාරදුක‍්ඛට‍්ටිතෙහි පටිපජ‍්ජිතබ‍්බත‍්තා පදං, ජාතිආදිදුක‍්ඛධම‍්මානං නිරොධහෙතුතාය නිරොධො දුක‍්ඛධම‍්මානං, සබ‍්බසඞ‍්ඛාරානං උපසමහෙතුතාය සඞ‍්ඛාරූපසමො, තතො එව අච‍්චන‍්තසුඛතාය සුඛොති සබ‍්බපදෙහි අමතමහානිබ‍්බානමෙව ථොමෙති. එවං භගවා පඨමගාථාය බ්‍යතිරෙකවසෙන, දුතියගාථාය අන්‍වයවසෙන ච නිබ‍්බානං විභාවෙසි.

තස්ස නිස්සරණං යනු ජාතං භූතං ආදි වශයෙන් කියන ලද ඒ සත්කායේ මිදීම ඉවත්ව යාමයි. නොසන්සිඳුන ස්වභාව ඇති රාගාදී කෙලෙසුන්ගේ ද සියලු සංස්කාරයන්ගේ ද අභාවයෙන් එය සන්සිඳුන බැවින් වර්ණනා කරන ලද බැවින් ද සන්තං නම් වේ. තර්ක ඥානයට ගෝචර නොවන හෙයින් (තර්කයෙන් දැනගත නොහැකි හෙයින්) අතක්කාවචරං නම් වේ. නිත්‍ය වූ අර්ථයෙන් ධුව නම් වේ. එහෙයින්ම අජාතං අසමුප්පන්නං හට නොගත්තා වූ නූපන්නා වූ. සෝකයට ඇති හේතුන් නැති බැවින් අසොකං. පහ වූ රාගාදී දූලි ඇති බැවින් විරජං සසර දුක් නැතිකරගනු කැමති අය විසින් පිළිපැදිය යුතු බැවින් පදං. ජාති ආදි දුක්ඛ ධර්මයන්ගේ නිරෝධයට (නැවතීමට) හේතුවන බැවින් නිරොධො. දුක්ඛ ධර්මයන් වූ සියලු සංස්කාරයන්ගේ සංසිඳීමට හේතු වූ බැවින් සංඛාරූපසමො එහෙයින්ම අත්‍යන්තයෙන් සැප ඇති බැවින් සුඛො මේ සියලු පදවලින් අමාමහ නිවනම වර්ණනා කරයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ පළමු ගාථාවට අතිරේක වශයෙනුත් දෙවන ගාථාවට අනුපිළිවෙළ වශයෙනුත් නිවන පැහැදිලි කළහ.

ඡට‍්ඨසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

හයවන සූත්‍රයයි.

7. නිබ‍්බානධාතු සුත‍්තවණ‍්ණනා

7. නිර්වාණධාතු සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ ද‍්වෙමාති ද‍්වෙ ඉමා. වානං වුච‍්චති තණ‍්හා, නික‍්ඛන‍්තං වානතො, නත්‍ථි වා එත්‍ථ වානං, ඉමස‍්මිං වා අධිගතෙ වානස‍්ස අභාවොති නිබ‍්බානං, තදෙව නිස‍්සත‍්තනිජ‍්ජීවට‍්ඨෙන සභාවධාරණට‍්ඨෙන ච ධාතූති නිබ‍්බානධාතු. යදිපි තස‍්සා පරමත්‍ථතො භෙදො නත්‍ථි, පරියායෙන පන පඤ‍්ඤායතීති තං පරියායභෙදං සන්‍ධාය “ද‍්වෙමා, භික‍්ඛවෙ, නිබ‍්බානධාතුයො”ති වත්‍වා යථාධිප‍්පෙතප‍්පභෙදං දස‍්සෙතුං “සඋපාදිසෙසා”තිආදි වුත‍්තං. තත්‍ථ තණ‍්හාදීහි ඵලභාවෙන උපාදීයතීති උපාදි, ඛන්‍ධපඤ‍්චකං. උපාදියෙව සෙසොති උපාදිසෙසො, සහ උපාදිසෙසෙනාති සඋපාදිසෙසා, තදභාවතො අනුපාදිසෙසා.

සත්වන සූත්‍රයෙහි ද්වෙ මා යනු ද්වෙ ඉමා, මේ දෙක. තණ්හාව ‘වාන’ යයි කියනු ලැබේ. තණ්හාවෙන් (වානයෙන්) නික්මීම හෝ මෙහි තණ්හාව නැත යන අරුතින් හෝ මෙය අවබෝධ කළ කල්හි තණ්හාවේ අභාවය යන අරුතින් හෝ ‘නිබ්බාණං’ නම් වේ. එයම සත්ත්වයෙක් නැති ජීවයක් නැති අර්ථයෙන් ද ස්වභාවය දරන අර්ථයෙන් ද ‘ධාතු’ වෙයි. මෙසේ ‘නිබ්බාණධාතු’ නම් වෙයි. ඉදින් නිවනේ පරමාර්ථ වශයෙන් භේදයක් නැතත් පර්යාය වශයෙන් පෙන්නේය යන අරුතින් ඒ පර්යාය භේදය සඳහා ද්වෙ මා භික්‍ඛවෙ නිබ්බාණධාතුයො යනුවෙන් වදාරා අදහස් කරන ලද ප්‍රභේද දක්වන්නට ‘සඋපාදිසෙසා’ යනාදිය වදාරන ලදී. එහි තණ්හාදිය විසින් ඵලභාවයෙන් ගනු ලැබේ යන අරුතින් උපාදි නම් වේ. ස්කන්ධ පංචකයයි. උපාදියම ඉතිරි වූයේ ‘සඋපාදිසේසා’ වෙයි. එය නැතිවීමෙන් අනුපාදිසෙසා වෙයි.

අරහන‍්ති ආරකකිලෙසො, දූරකිලෙසොති අත්‍ථො. වුත‍්තඤ‍්හෙතං භගවතා –

අරහං යනු දුරුවූ කෙලෙස් ඇති, ඈතට ගිය කෙලෙස් ඇති අර්ථයි. මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී -

“කථඤ‍්ච, භික‍්ඛවෙ, භික‍්ඛු අරහං හොති, ආරකාස‍්ස හොන‍්ති පාපකා අකුසලා ධම‍්මා, සංකිලෙසිකා පොනොබ‍්භවිකා, සදරා දුක‍්ඛවිපාකා, ආයතිං ජාතිජරාමරණියා. එවං ඛො, භික‍්ඛවෙ, භික‍්ඛු අරහං හොතී”ති (ම· නි· 1.434).

‘කථඤ්ච භික්‍ඛවෙ භික්‍ඛු අරහං හොති? ආරකාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සංකිලෙසිකා පොනොභවිකා සදරා දුක්‍ඛවිපාකා ආයතිං ජාති ජරා මරණීයා, එවං ඛො භික්‍ඛවෙ භික්‍ඛු අරහං හොති’ ‘මහණෙනි, භික්‍ෂුව කෙසේ නම් අරහං වෙයිද? කිලුටු බව ඇති කරන, පුනර්භවය ඇතිකරන, කෙලෙස් වෙහෙස ඇතිකරන, දුක්විපාක ඇතිකරන මත්තෙහි ජාති-ජරා-මරණ ඇතිකිරීමට සුදුසු වූ ඔහුගේ ලාමක අකුසල ධර්මයෝ දුරුවූයේ වෙති. මහණෙනි, මෙසේ භික්‍ෂුව අරහං නම් වෙයි’ යනුවෙන්

ඛීණාසවොති කාමාසවාදයො චත‍්තාරොපි ආසවා අරහතො ඛීණා සමුච‍්ඡින‍්නා පහීනා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪාති ඛීණාසවො. වුසිතවාති ගරුසංවාසෙපි අරියමග‍්ගෙපි දසසු අරියවාසෙසුපි වසි පරිවසි පරිවුට‍්ඨො වුට‍්ඨවාසො චිණ‍්ණචරණොති වුසිතවා. කතකරණීයොති පුථුජ‍්ජනකල්‍යාණකං උපාදාය සත‍්ත සෙඛා චතූහි මග‍්ගෙහි කරණීයං කරොන‍්ති නාම, ඛීණාසවස‍්ස සබ‍්බකරණීයානි කතානි පරියොසිතානි, නත්‍ථි උත‍්තරිං කරණීයං දුක‍්ඛක‍්ඛයාධිගමායාති කතකරණීයො. වුත‍්තම‍්පි චෙතං –

ඛීණා සවො යනු කාම ආසව ආදී සතර ආසවයෝම ක්‍ෂීණවූවාහු සහමුලින් සිඳින ලද්දාහු ප්‍රහීණ වූවාහු සන්සිඳුනාහු උපතට නුසුදුසු වූවාහු ඤාණ ගින්නෙන් දවන ලද්දාහු යන අරුතින් ඛීණාසව නම් වේ. වුසිතවා යනු ගරුකළයුතු අය සමග එකට විසීමෙහි ද ආර්ය මාර්ගයෙහිද දස ආර්ය වාසයන්හි ද විසුවේය. විශේෂයෙන් විසුවේය. කරන ලද වාසය ඇත්තේය. සිඳින ලද හැසිරිම ඇත්තේය යන අරුතින් වුසිතවා නම් වේ. කතකරණීයො යනු කල්‍යාණ පෘථග්ජනයා ද ගෙන ශෛක්‍ෂ පුද්ගලයන් සත්දෙනා සතර මාර්ගවලින් කළයුතු දේ කරත්. ක්‍ෂීණාශ්‍රව ඇති තැනැත්තාගේ කළයුතු සියලු කටයුතු කරන ලදී. නිමකරන ලදී. දුක් දුරුකිරීම නම් වූ නිවන අවබෝධ කිරීම පිණිස මත්තෙහි කළයුත්තක් නැත යන අරුතින් කතකරණීය නම් වේ. මෙය කියන ලදී -

“තස‍්ස සම‍්මා විමුත‍්තස‍්ස, සන‍්තචිත‍්තස‍්ස භික‍්ඛුනො; කතස‍්ස පටිචයො නත්‍ථි, කරණීයං න විජ‍්ජතී”ති. (අ· නි· 6.55; මහාව· 244);

තස්ස සම්මා විමුත්තස්ස සන්ත චිත්තස්ස භික්‍ඛුනො කතස්ස පටිචයො නත්‍ථි කරණීයං න විජ්ජති

ඒ මනාකොට මිදුනු ශාන්ත සිත් ඇති භික්‍ෂුවට කළ දෙය සඳහා නැවත කිරීමක් නැත. කළයුතු දෙයක් විද්‍යමාන නොවේ’ යනුවෙන් මෙය කියන ලදී.

ඔහිතභාරොති තයො භාරා – ඛන්‍ධභාරො, කිලෙසභාරො, අභිසඞ‍්ඛාරභාරොති. තස‍්සිමෙ තයොපි භාරා ඔහිතා ඔරොපිතා නික‍්ඛිත‍්තා පාතිතාති ඔහිතභාරො. අනුප‍්පත‍්තසදත්‍ථොති අනුප‍්පත‍්තො සදත්‍ථං, සකත්‍ථන‍්ති වුත‍්තං හොති, කකාරස‍්ස දකාරො කතො. අනුප‍්පත‍්තො සදත්‍ථො එතෙනාති අනුප‍්පත‍්තසදත්‍ථො, සදත්‍ථොති ච අරහත‍්තං වෙදිතබ‍්බං. තඤ‍්හි අත‍්තුපනිබන්‍ධට‍්ඨෙන අත‍්තනො අවිජහනට‍්ඨෙන අත‍්තනො පරමත්‍ථෙන ච අත‍්තනො අත්‍ථත‍්තා සකත්‍ථො හොති. පරික‍්ඛීණභවසංයොජනොති කාමරාගසංයොජනං, පටිඝසංයොජනං, මානදිට‍්ඨිවිචිකිච‍්ඡාසීලබ‍්බතපරාමාසභවරාගඉස‍්සාමච‍්ඡරියඅවිජ‍්ජාසංයොජනන‍්ති ඉමානි සත‍්තෙ භවෙසු. භවං වා භවෙන සංයොජෙන‍්ති උපනිබන්‍ධන‍්තීති භවසංයොජනානි නාම. තානි අරහතො පරික‍්ඛීණානි, පහීනානි, ඤාණග‍්ගිනා, දඩ‍්ඪානීති පරික‍්ඛීණභවසංයොජනො.

ඔහිතභාරො යන මෙහි ස්කන්ධභාර, ක්ලේශභාර, අභිසංස්කාර භාර යනුවෙන් බාර තුනක් ඇත. ඔහුගේ මේ භාර තුනම බහාතබන ලදී. ඉවත්කරන ලදී. හෙළන ලදී යන අරුතින් ඔහිතභාර නම් වේ. අනුප්පත්තසදත්‍ථො යනු සදර්ථයට පැමිණි, සකත්‍ථං යනුවෙන් කියන ලද්දේ වෙයි. ‘ක’ කාරයට ‘ද’ කාරය කරන ලදී. පැමිණි රහත්බව ඇත්තේ මොහු විසිනි යන අරුතින් ‘අනුප්පත්තසදත්‍ථ’ නම් වෙයි. සදත්‍ථ යනු රහත් බව යයි දතයුතුය. එය තමා හා බැඳීමෙන් තමා අත්නොහරින අර්ථයෙන්ද තමාගේ පරමාර්ථයෙන් ද තමාගේ අර්ථය බැවින් ‘සකත්‍ථ’ වෙයි. පරික්‍ඛීණභව සංයොජනො යනු කාමරාග සංයෝජනය, පටිඝ සංයෝජනය, මාන-දිට්ඨි-විචිකිච්ඡා-සීලබ්බත පරාමාස-භවරාග-ඉස්සා මච්ඡරිය-අවිජ්ජා සංයෝජනය යන මේවා සත්ත්වයන් භවයන්හි හෝ භවයෙන් භවය හෝ යොදවයි බඳියි යන අරුතින් භව සංයෝජන නම් වේ. රහතන් වහන්සේගේ ඒවා ගෙවීගියේ, පහවූයේ, ඤාණ ගින්නෙන් දවන ලද්දේය යන අරුතින් පරික්ඛීණ සංයෝජන නම් වේ.

සම‍්මදඤ‍්ඤා විමුත‍්තොති එත්‍ථ සම‍්මදඤ‍්ඤාති සම‍්මා අඤ‍්ඤාය, ඉදං වුත‍්තං හොති – ඛන්‍ධානං ඛන්‍ධට‍්ඨං, ආයතනානං ආයතනට‍්ඨං, ධාතූනං සුඤ‍්ඤට‍්ඨං, දුක‍්ඛස‍්ස පීළනට‍්ඨං, සමුදයස‍්ස පභවට‍්ඨං, නිරොධස‍්ස සන‍්තට‍්ඨං, මග‍්ගස‍්ස දස‍්සනට‍්ඨං “සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා”ති එවමාදිභෙදං වා සම‍්මා යථාභූතං අඤ‍්ඤාය ජානිත්‍වා තීරයිත්‍වා තුලයිත්‍වා විභාවෙත්‍වා විභූතං කත්‍වා. විමුත‍්තොති ද‍්වෙ විමුත‍්තියො චිත‍්තස‍්ස ච විමුත‍්ති නිබ‍්බානඤ‍්ච. අරහා හි සබ‍්බකිලෙසෙහි විමුත‍්තත‍්තා චිත‍්තවිමුත‍්තියාපි විමුත‍්තො, නිබ‍්බානෙපි විමුත‍්තොති. තෙන වුත‍්තං “සම‍්මදඤ‍්ඤා විමුත‍්තො”ති.

සම්මදඤ්ඤාවිමුත්තො යන මෙහි සම්මදඤ්ඤා යනු මනාකොට දැන. ස්කන්ධයන්ගේ ස්කන්ධ (රාශි) අර්ථය, ආයතනයන්ගේ ආයතන (රැස්කිරීම්) අර්ථය, ධාතුන්ගේ ශුන්‍ය අර්ථය, දුකේ පෙළෙන අර්ථය, සමුදයේ ප්‍රභව (හටගන්නා) අර්ථය, නිරෝධයේ ශාන්ත අර්ථය, මාර්ගයේ දර්ශන අර්ථය, ‘සබ්බෙ සංඛාරා අනිච්චා’ ‘සියලු සංස්කාර අනිත්‍යය’ යන මේ ආදී භේදය මනාකොට තත් වූ පරිද්දෙන් දැනගෙන තීරණය කොට, තුලනයකොට, පැහැදිලිකොට, ප්‍රකට කොට යන මෙය කියන ලද්දේ වෙයි. විමුත්තො යනු චිත්ත විමුක්තිය ද නිර්වාණ විමුක්තිය ද යන විමුක්ති දෙකයි. රහතන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් මිදුණු හෙයින් චිත්ත විමුක්තියෙන් ද මිදුනේ නිවනින් ද මිදුනේ වෙයි. එහෙයින් ‘සම්මදඤ්ඤා විමුත්තො’යි කියන ලදී.

තස‍්ස තිට‍්ඨන‍්තෙව පඤ‍්චින්‍ද්‍රියානීති තස‍්ස අරහතො චරිමභවහෙතුභූතං කම‍්මං යාව න ඛීයති, තාව තිට‍්ඨන‍්තියෙව චක‍්ඛාදීනි පඤ‍්චින්‍ද්‍රියානි. අවිඝාතත‍්තාති අනුප‍්පාදනිරොධවසෙන අනිරුද‍්ධත‍්තා. මනාපාමනාපන‍්ති ඉට‍්ඨානිට‍්ඨං රූපාදිගොචරං. පච‍්චනුභොතීති වින්‍දති පටිලභති. සුඛදුක‍්ඛං පටිසංවෙදෙතීති විපාකභූතං සුඛඤ‍්ච දුක‍්ඛඤ‍්ච පටිසංවෙදෙති තෙහි ද‍්වාරෙහි පටිලභති.

තස්ස තිට්ඨන්තෙව පඤ්චින්‍ද්‍රියානි ඒ රහතන් වහන්සේගේ අවසාන භවයට හේතු වූ කර්මය යම්තාක් නො ගෙවේ ද ඒ තාක් ඇස ආදී ඉඳුරන් පහ පැවතීමය. අවිගතත්තා යනු අනුප්පාද නිරෝධ (නූපදින ලෙස නිරුද්ධ වීම්) වශයෙන් නිරුද්ධ නොවූ බැවින්. මනාපාමනාපං යනු ඉටු අනිටු (හොඳ නරක) රූපාදී ගොදුරු. පච්චනුභොති යනු විඳියි. ලබයි. සුඛ දුක්‍ඛං පටිසංවෙදෙති යනු විපාක වූ සැප ද දුක ද විඳියි. ඒ දොරටුවලින් ලබයි.

එත‍්තාවතා උපාදිසෙසං දස‍්සෙත්‍වා ඉදානි සඋපාදිසෙසං නිබ‍්බානධාතුං දස‍්සෙතුං “තස‍්ස යො”තිආදි වුත‍්තං. තත්‍ථ තස‍්සාති තස‍්ස සඋපාදිසෙසස‍්ස සතො අරහතො. යො රාගක‍්ඛයොති රාගස‍්ස ඛයො ඛීණාකාරො අභාවො අච‍්චන‍්තමනුප‍්පාදො. එස නයො සෙසෙසුපි. එත‍්තාවතා රාගාදික‍්ඛයො සඋපාදිසෙසා නිබ‍්බානධාතූති දස‍්සිතං හොති.

මෙපමණකින් උපාදිසේසය දක්වා දැන් අනුපාදිසේස නිබ්බාණ ධාතුව දක්වන්නට ‘තස්ස යො’ යනාදිය කියන ලදී. එහි තස්ස යනු ඒ සඋපාදිසේස (පංචස්කන්ධය ඉතිරිව ඇති) රහතන් වහන්සේ යො රාගක්‍ඛයො යනු රාගයේ ගෙවීම, ගෙවුණු බව, අභාවය, අතිශයින් නූපදීම. සෙසු පදවලද මේ ක්‍රමයයි. මෙපමණකින් රාගාදීන්ගේ ක්‍ෂයවීම (ගෙවීම) සඋපාදිසේස නිබ්බාණ ධාතුව යයි දක්වන ලද්දේ වෙයි.

ඉධෙවාති ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ. සබ‍්බවෙදයිතානීති සුඛාදයො සබ‍්බා අබ්‍යාකතවෙදනා, කුසලාකුසලවෙදනා පන පුබ‍්බෙයෙව පහීනාති. අනභිනන්‍දිතානීති තණ‍්හාදීහි න අභිනන්‍දිතානි. සීතිභවිස‍්සන‍්තීති අච‍්චන‍්තවූපසමෙන සඞ‍්ඛාරදරථපටිප‍්පස‍්සද‍්ධියා සීතලී භවිස‍්සන‍්ති, අප‍්පටිසන්‍ධිකනිරොධෙන නිරුජ‍්ඣිස‍්සන‍්තීති අත්‍ථො. න කෙවලං වෙදයිතානියෙව, සබ‍්බෙපි පන ඛීණාසවසන‍්තානෙ පඤ‍්චක‍්ඛන්‍ධා නිරුජ‍්ඣිස‍්සන‍්ති, වෙදයිතසීසෙන දෙසනා කතා.

ඉධෙව යනු මේ ආත්මභාවයෙහිම. සබ්බ වෙදයිතානි සුබ ආදී සියලු අව්‍යාකත වේදනාවෝ, කුසල අකුසල වේදනා වනාහි කලින්ම පහ වී ඇත. අනභිනන්‍දිතානි යනු තෘෂ්ණාදියෙන් සතුටු නො වූවාහු සීතිභවිස්සන්ති යනු අතිශය සන්සිඳීමෙන් සංඛාර දරථ සන්සිඳීමෙන් සීතල වෙති. ප්‍රතිසන්ධි ගෙන නොදෙන නිරෝධයෙන් නිරුද්ධ වෙති යන අර්ථයි. හුදෙක් විඳින දේ පමණක් නොව ක්‍ෂීණාශ්‍රව සන්තානයෙහි සියලු පංචස්කන්ධයම නිරුද්ධ වෙත්. දේශනාව වේදයිත ශීර්යෙන් කරන ලදී.

ගාථාසු චක‍්ඛුමතාති බුද‍්ධචක‍්ඛු, ධම‍්මචක‍්ඛු, දිබ‍්බචක‍්ඛු, පඤ‍්ඤාචක‍්ඛු, සමන‍්තචක‍්ඛූති පඤ‍්චහි චක‍්ඛූහි චක‍්ඛුමතා. අනිස‍්සිතෙනාති තණ‍්හාදිට‍්ඨිනිස‍්සයවසෙන කඤ‍්චි ධම‍්මං අනිස‍්සිතෙන, රාගබන්‍ධනාදීහි වා අබන්‍ධෙන. තාදිනාති ඡළඞ‍්ගුපෙක‍්ඛාවසෙන සබ‍්බත්‍ථ ඉට‍්ඨාදීසු එකසභාවතාසඞ‍්ඛාතෙන තාදිලක‍්ඛණෙන තාදිනා. දිට‍්ඨධම‍්මිකාති ඉමස‍්මිං අත‍්තභාවෙ භවා වත‍්තමානා. භවනෙත‍්තිසඞ‍්ඛයාති භවනෙත‍්තියා තණ‍්හාය පරික‍්ඛයා. සම‍්පරායිකාති සම‍්පරායෙ ඛන්‍ධභෙදතො පරභාගෙ භවා. යම‍්හීති යස‍්මිං අනුපාදිසෙසනිබ‍්බානෙ. භවානීති ලිඞ‍්ගවිපල‍්ලාසෙන වුත‍්තං, උපපත‍්තිභවා සබ‍්බසො අනවසෙසා නිරුජ‍්ඣන‍්ති, න පවත‍්තන‍්ති.

ගාථාවන්හි චක්‍ඛුමතා යනු බුද්ධචක්ඛු (බුදු ඇස), ධම්මචක්ඛු (දහම් ඇස) දිබ්බචක්ඛු (දිවැස), පඤ්ඤාචක්ඛු (නුවණැස) සමන්තචක්ඛු (සමතැස) යන ඇස් පහෙන් ඇස් ඇත්තා වූ. අනිස්සිතෙන යනු තණ්හා-දිට්ඨි ඇසුරු කිරීම් වශයෙන් කිසි දහමක් ඇසුරු නොකළා වූ හෝ රාග බන්ධනාදියෙන් නොබැඳුනා වූ. තාදිනා යනු අංග හයකින් යුත් උපේක්ෂා වශයෙන් හැමතන්හි ඉටු අනිටු ආදියෙහි එක් ස්වභාව ඇති තාදී ලක්‍ෂණයෙන් තාදී වූ භාග්‍යවතුන් වහන්සේ විසින්. දිට්ඨ ධම්මිකා යනු මේ ආත්ම භාවයෙහි වන්නේය, පවත්නේය. භවන්තෙති සංඛයා යනු භවනෙත්ති නම් වූ තණ්හාව ගෙවී යාමෙන්. සම්පරායිකා ස්කන්ධ බිඳීමෙන් පරලොව හෝ පර භාගයෙහි හෝ වීම්. යම්හි යනු යම් අනුපාදිසේස පරිනිර්වාණයෙක්හි. භවානි යනු ලිංග වෙනස්කිරිම් වශයෙන් කියන ලදී. උප්පත්ති භව සියලු ආකාරයෙන් ඉතිරි නොකොට නිරුද්ධ වේ. නොපවතී.

තෙති තෙ එවං විමුත‍්තචිත‍්තා. ධම‍්මසාරාධිගමාති විමුත‍්තිසාරත‍්තා ඉමස‍්ස ධම‍්මවිනයස‍්ස, ධම‍්මෙසු සාරභූතස‍්ස අරහත‍්තස‍්ස අධිගමනතො. ඛයෙති රාගාදික‍්ඛයභූතෙ නිබ‍්බානෙ රතා අභිරතා. අථ වා නිච‍්චභාවතො සෙට‍්ඨභාවතො ච ධම‍්මෙසු සාරන‍්ති ධම‍්මසාරං, නිබ‍්බානං. වුත‍්තඤ‍්හෙතං “විරාගො සෙට‍්ඨො ධම‍්මානං (ධ· ප· 273), විරාගො තෙසං අග‍්ගමක‍්ඛායතී”ති (ඉතිවු· 90; අ· නි· 4.34) ච. තස‍්ස ධම‍්මසාරස‍්ස අධිගමහෙතු ඛයෙ සබ‍්බසඞ‍්ඛාරපරික‍්ඛයෙ අනුපාදිසෙසනිබ‍්බානෙ රතා. පහංසූති පජහිංසු. තෙති නිපාතමත‍්තං. සෙසං වුත‍්තනයමෙව.

තෙ යනු ඔහු මෙසේ විමුත්තචිත්තා කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇත්තෝ වෙත්. ධම්මසාරාධිගමා යනු මේ ධර්ම විනයෙහි ධර්මයන් අතුරෙන් විමුක්තිය සාර බැවින් සාර වූ අර්හත්වය අවබෝධ කිරීම් වශයෙන්, ඛයෙ යනු රාගාදිය ක්‍ෂය වූ නිවනෙහි රතා ඇලුණා වූ. නොහොත් නිත්‍ය භාවයෙන් ද ශ්‍රේෂ්ඨ භාවයෙන් ද ධර්මයන් අතර සාරය වූ යන අරුතින් ධර්මසාරය වූ නිවන. එය ‘විරාගො සෙට්ඨො ධම්මානං’ ‘ධර්මයන් අතුරෙන් විරාගය (නිවන) ශ්‍රේෂ්ඨය. ‘විරාගො තෙසං අග්ගමක්‍ඛායති’ ‘ඒ අතරින් විරාගය අග්‍රයයි කියනු ලැබේ’ යනුවෙන් ද කියන ලදී. ඒ ධර්මසාරය අවබෝධ කිරීමේ හේතුව. ඛයෙ සියලු සංස්කාර ගෙවුණා වූ අනුපාදිසේස නිවනෙහි ඇලුණා වූ. පහංසු යනු දුරුකළාහුය. තෙ යනු නිපාත මාත්‍රයයි. ඉතිරිය කියන ලද අයුරින්මය.

සත‍්තමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සත්වන සූත්‍රයයි.

8. පටිසල‍්ලාන සුත‍්තවණ‍්ණනා

8. ප්‍රතිසංලයන සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ පටිසල‍්ලානරාමාති තෙහි තෙහි සත‍්තසඞ‍්ඛාරෙහි පටිනිවත‍්තිත්‍වා සල‍්ලානං පටිසල‍්ලානං, එකවිහාරො එකමන‍්තසෙවිතා, කායවිවෙකොති අත්‍ථො. තං පටිසල‍්ලානං රමන‍්ති රොචන‍්තීති පටිසල‍්ලානරාමා. “පටිසල‍්ලානාරාමා”තිපි පාඨො. යථා වුත‍්තං පටිසල‍්ලානං ආරමිතබ‍්බතො ආරාමො එතෙසන‍්ති පටිසල‍්ලානාරාමා. විහරථාති එවංභූතා හුත්‍වා විහරථාති අත්‍ථො. පටිසල‍්ලානෙ රතා නිරතා සම‍්මුදිතාති පටිසල‍්ලානරතා. එත‍්තාවතා ජාගරියානුයොගො, තස‍්ස නිමිත‍්තභූතා වූපකට‍්ඨකායතා ච දස‍්සිතා. ජාගරියානුයොගො, සීලසංවරො, ඉන්‍ද්‍රියෙසු, ගුත‍්තද‍්වාරතා, භොජනෙ මත‍්තඤ‍්ඤුතා, සතිසම‍්පජඤ‍්ඤන‍්ති ඉමෙහි ධම‍්මෙහි විනා න වත‍්තතීති තෙපි ඉධ අත්‍ථතො වුත‍්තා එවාති වෙදිතබ‍්බා.

අටවන සූත්‍රයෙහි පටිසල්ලානරාමා යනු ඒ ඒ සත්ත්ව-සංඛාරවලින් ආපසු හැරී සැඟවීම (විවේකයට පත්වීම) පටිසල්ලානයයි. තනිව විසීම, එකත්පසෙක ඇසුර, කාය විවේකය යන අර්ථයි. ඒ විවේකයට ඇලෙත්. රුචිකරත් යන අරුතින් ‘පටිසල්ලානරාමා’ නම් වේ. ‘පටිසල්ලානාරාමා’ යනුවෙන් ද පාඨයකි. කියන ලද ආකාර ඇති පටිසල්ලානයට (විවේකයට) මොවුන්ගේ රමණය කිරීම් වශයෙන් ඇලීම (ආරාමය) ‘පටිසල්ලානාරාමා’ නම් වේ. විහරථ යනු මේ ආකාරයට පත්වී වාසය කරව් යන අර්ථයි. පටිසල්ලානයෙහි ඇලුණාහු සතුටු වූවාහු පටිසල්ලානරතා නම් වේ. මෙපමණකින් ජාගරියානු යෝගය (නිදි දුරුකිරීම) ද එයට නිමිත්ත වූ කයින් හුදකලා බව ද දක්වන ලදී. ජාගරියානුයෝගය, සීල සංවරය, ඉඳුරන්හි වසන ලද දොරටු ඇති බව, ආහාරයෙහි පමණ දන්නා බව, සිහිනුවණ යන මේ ධර්මයන්ගෙන් තොරව විවේකයෙහි ඇලීම නොපවතින හෙයින් ඒවාද මෙහි අර්ථ වශයෙන් කියන ලද්දේමයයි දතයුතුය.

අජ‍්ඣත‍්තං චෙතොසමථමනුයුත‍්තාති අත‍්තනො චිත‍්තසමථෙ අනුයුත‍්තා. අජ‍්ඣත‍්තං අත‍්තනොති ච එතං එකත්‍ථං, බ්‍යඤ‍්ජනමෙව නානං. භුම‍්මත්‍ථෙ චෙතං සමථන‍්ති අනුසද‍්දයොගෙන උපයොගවචනං. අනිරාකතජ‍්ඣානාති බහි අනීහතජ‍්ඣානා අවිනාසිතජ‍්ඣානා වා. නීහරණං විනාසො වාති ඉදං නිරාකතං නාම “ථම‍්භං නිරංකත්‍වා නිවාතවුත‍්තී”තිආදීසු (සු· නි· 328) විය. විපස‍්සනාය සමන‍්නාගතාති සත‍්තවිධාය අනුපස‍්සනාය යුත‍්තා. සත‍්තවිධා අනුපස‍්සනා නාම අනිච‍්චානුපස‍්සනා, දුක‍්ඛානුපස‍්සනා, අනත‍්තානුපස‍්සනා, නිබ‍්බිදානුපස‍්සනා, විරාගානුපස‍්සනා, නිරොධානුපස‍්සනා, පටිනිස‍්සග‍්ගානුපස‍්සනා ච, තා විසුද‍්ධිමග‍්ගෙ විත්‍ථාරිතාව.

අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තා යනු තමාගේ චිත්ත සමථයෙහි යෙදුණාහු. අජ්ඣත්තං යනු ද අත්තනෝ යනු ද එක අර්ථ ඇත්තේය. අකුරු පමණක්ම වෙනස්ය. මෙය සත්තමී (භූම්ම) අර්ථයෙහිය. ‘සමථං’ යනු ‘අනු’ ශබ්දය යෙදීමෙන් දුතියා (උපයෝග=කර්ම) විභක්ති වචනයකි. අනිරාකතජ්ඣානා යනු පිටතට නොගෙනෙන ලද ධ්‍යාන ඇත්තාහු හෝ විනාශ නොවූ ධ්‍යාන ඇත්තාහු. ඉවත්කිරීම හෝ විනාශය යන මෙය ‘නිරාකතං’ නමි. ‘ථමභං නිරං කත්‍වා නිවාතවුත්ති’ සිතේ තද ගතිය ඉවත්කොට යටහත් පහත් පැවතුම් ඇති’ යනාදියෙහි මෙනි. විපස්සනාය සමන්නාගතා යනු සත්ආකාර අනුපස්සනාවෙන් යුක්ත වූවාහු. අනිච්චානු පස්සනාවද දුක්ඛානුපස්සනාවද අනත්තානුපස්සනාව ද නිබ්බිදානුපස්සනාවද විරාගානුපස්සනාවද නිරෝධානුපස්සනාවද පටිනිස්සග්ගානුපස්සනාව ද සත්ආකාර අනුපස්සනා නම් වේ. ඒවා විසුද්ධි මග්ගයෙහි විස්තර කරන ලද්දේමය.

බ්‍රූහෙතාරො සුඤ‍්ඤාගාරානන‍්ති වඩ‍්ඪෙතාරො සුඤ‍්ඤාගාරානං. එත්‍ථ ච “සුඤ‍්ඤාගාරාන”න‍්ති යංකිඤ‍්චි විවිත‍්තං භාවනානුයොගස‍්ස අනුච‍්ඡවිකට‍්ඨානං. සමථවිපස‍්සනාවසෙන කම‍්මට‍්ඨානං ගහෙත්‍වා රත‍්තින්‍දිවං සුඤ‍්ඤාගාරං පවිසිත්‍වා භාවනානුයොගවසෙන නිසීදමානා භික‍්ඛූ “බ්‍රූහෙතාරො සුඤ‍්ඤාගාරාන”න‍්ති වෙදිතබ‍්බා. එකභූමිකාදිපාසාදෙපි පන වාසං කුරුමානා ඣායිනො සුඤ‍්ඤාගාරානං බ්‍රූහෙතාරොත්‍වෙව වෙදිතබ‍්බා.

බ්‍රෑහෙතා සුඤ්ඤාගාරානං යනු ශුන්‍යගාරයන් වඩන්නාහු. මෙහි සුඤ්ඤාගාර යනු භාවනාවෙහි යෙදෙන තැනැත්තාට විවේකයෙන් යුක්ත සුදුසු වූ යම්කිසි තැනක්. සමථ විදර්ශනා වශයෙන් කමටහනක් ගෙන දිවා රෑ ශුන්‍යගාරයකට පිවිස භාවනාවෙහි යෙදීම් වශයෙන් හිඳින්නා වූ භික්‍ෂූහු. ශුන්‍යාගාර වඩන්නාහු යයි දතයුතුය. එක් මහලක් ඇති පහයෙහි පවා වාසය කරමින් ධ්‍යාන කරන්නාහු ශුන්‍යගාර වඩන්නාහුම යයි දතයුතුය.

එත්‍ථ ච යා “පටිසල‍්ලානරාමා, භික‍්ඛවෙ, විහරථ පටිසල‍්ලානරතා”ති වූපකට‍්ඨකායතා විහිතා, සා පරිසුද‍්ධසීලස‍්ස, න අසීලස‍්ස අවිසුද‍්ධසීලස‍්ස වා තස‍්ස රූපාරම‍්මණාදිතො චිත‍්තවිනිවත‍්තනස‍්සෙව අභාවතොති අත්‍ථතො සීලවිසුද‍්ධි දස‍්සිතාති වුත‍්තොවායමත්‍ථො. “අජ‍්ඣත‍්තං චෙතොසමථමනුයුත‍්තා අනිරාකතජ‍්ඣානා”ති පදද‍්වයෙන සමාධිභාවනා, “විපස‍්සනාය සමන‍්නාගතා”ති ඉමිනා පඤ‍්ඤාභාවනා විහිතාති ලොකියා තිස‍්සො සික‍්ඛා දස‍්සිතා.

මෙහි ද ‘පටිසල්ලානරාමා භික්‍ඛවෙ විහරථ පටිසල්ලානරතා’ යනුවෙන් කයින් හුදකලා බවක යම් යෙදීමක් වේද එය පිරිසිදු සිල් ඇත්තාටය. සිල් නැත්තාට නොවේ. අපිරිසිදු සිල් ඇත්තාට හෝ නොවේ. රූපාරම්මණාදියෙන් ඔහුගේ සිත ඉවතට පෙරළා දැමීමෙන් නැති හෙයිනි. අර්ථ වශයෙන් සීල විසුද්ධිය දක්වන ලදැයි යන මේ අර්ථය කියන ලද්දේමය. ‘අජ්ඣත්තං චෙතො සමථමනුයුත්තා අනිරාකතජ්ඣානා’ යන පද දෙකෙන් සමාධි භාවනාව ද ‘විපස්සනාය සමන්නාගතා’ යන මෙයින් ප්‍රඥා භාවනාවෙහි යෙදීමදැයි ලෞකික ත්‍රිශික්‍ෂාව දක්වන ලදී.

ඉදානි තාසු පතිට‍්ඨිතස‍්ස අවස‍්සංභාවිඵලං දස‍්සෙතුං “පටිසල‍්ලානරාමාන”න‍්තිආදි වුත‍්තං. තත්‍ථ බ්‍රූහෙතානන‍්ති වඩ‍්ඪෙතානං. ද‍්වින‍්නං ඵලානන‍්ති තතියචතුත්‍ථඵලානං. පාටිකඞ‍්ඛන‍්ති ඉච‍්ඡිතබ‍්බං අවස‍්සංභාවී. අඤ‍්ඤාති අරහත‍්තං. තඤ‍්හි හෙට‍්ඨිමමග‍්ගඤාණෙහි ඤාතමරියාදං අනතික‍්කමිත්‍වා ජානනතො පරිපුණ‍්ණජානනත‍්තා උපරි ජානනකිච‍්චාභාවතො ච “අඤ‍්ඤා”ති වුච‍්චති. සති වා උපාදිසෙසෙති සති වා කිලෙසූපාදිසෙසෙ, පහාතුං අසක‍්කුණෙය්‍යෙ සති. ඤාණෙ හි අපරිපක‍්කෙ යෙ තෙන පරිපක‍්කෙන පහාතබ‍්බකිලෙසා, තෙ න පහීයන‍්ති. තං සන්‍ධායාහ “සති වා උපාදිසෙසෙ”ති. සති ච කිලෙසෙ ඛන්‍ධාභිසඞ‍්ඛාරා තිට‍්ඨන‍්ති එව. ඉති ඉමස‍්මිං සුත‍්තෙ අනාගාමිඵලං අරහත‍්තන‍්ති ද‍්වෙ ධම‍්මා දස‍්සිතා. යථා චෙත්‍ථ, එවං ඉතො පරෙසු ද‍්වීසු සුත‍්තෙසු.

දැන් ඒවායෙහි පිහිටියහුට අවශ්‍යයෙන්ම (ඒකාන්තයෙන්ම) ඇතිවන ඵලය දක්වන්නට ‘පටිසල්ලානරමානං’ යනාදිය කියන ලදී. එහි බ්‍රෑහෙතානං යනු වඩන්නවුන්ට. ද්වින්නං ඵලානං යනු තෙවන සිවුවන ඵල අතුරෙන්. පාටිකංඛං යනු කැමතිවිය යුතුය. ඒකාන්තයෙන්ම සිදුවන්නා වූ. අඤ්ඤා යනු අර්හත්වයයි. එය වනාහි පහළ මාර්ග ඥානවලින් දැනගන්නා ලද සීමාව ‘නො ඉක්මවා’ දැනගැනීම් වශයෙන් ද සම්පූර්ණ දැනීම ඇති බැවින් මත්තෙහි දැනීම් කටයුත්තක් නැති බැවින් ද ‘අඤඤා’යි කියනු ලැබේ. සති වා උපාදිසෙසෙ කෙලෙස් උපාදි ඉතිරිව ඇතිකල්හි, පහකිරීමට නොහැකි කල්හි මේරූ ඤාණයෙන් දුරුකළයුතු යම් ක්ලේශයක් ඇත්නම් ඒවා නොමේරූ ඤාණය ඇති කල්හි දුරු නොවෙයි. ඒ සඳහා ‘සති වා උපාදිසෙසෙ’යි කීහ. කෙලෙස් ඇතිකල්හි ස්කන්ධ අභිසංඛාරයෝ සිටිත්මය. මෙසේ මේ සූත්‍රයෙහි අනාගාමි ඵලය අර්හත්වය යන ධර්ම දෙක දක්වන ලදී. මෙහි යම්සේ ද මෙයින් මතු සූත්‍ර දෙකෙහි ද එසේය.

ගාථාසු යෙ සන‍්තචිත‍්තාති යෙ යොගාවචරා තදඞ‍්ගවසෙන වික‍්ඛම‍්භනවසෙව ච සමිතකිලෙසතාය සන‍්තචිත‍්තා. නෙපක‍්කං වුච‍්චති පඤ‍්ඤා, තාය සමන‍්නාගතත‍්තා නිපකා. ඉමිනා තෙසං කම‍්මට‍්ඨානපරිහරණඤාණං දස‍්සෙති. සතිමන‍්තො ච ඣායිනොති ඨානනිසජ‍්ජාදීසු කම‍්මට‍්ඨානාවිජහනහෙතුභූතාය සතියා සතිමන‍්තො, ආරම‍්මණූපනිජ‍්ඣානලක‍්ඛණෙන ඣානෙන ඣායිනො. සම‍්මා ධම‍්මං විපස‍්සන‍්ති, කාමෙසු අනපෙක‍්ඛිනොති පුබ‍්බෙයෙව “අට‍්ඨිකඞ‍්කලූපමා කාමා”තිආදිනා (ම· නි· 1.234; පාචි· 417) වත්‍ථුකාමෙසු කිලෙසකාමෙසු ච ආදීනවපච‍්චවෙක‍්ඛණෙන අනපෙක‍්ඛිනො අනත්‍ථිකා තෙ පහාය අධිගතං උපචාරසමාධිං අප‍්පනාසමාධිං වා පාදකං කත්‍වා නාමරූපං තස‍්ස පච‍්චයෙ ච පරිග‍්ගහෙත්‍වා කලාපසම‍්මසනාදික‍්කමෙන සම‍්මා අවිපරීතං පඤ‍්චක‍්ඛන්‍ධධම‍්මං අනිච‍්චාදිතො විපස‍්සන‍්ති.

ගාථාවන්හි යෙ සන්තචිත්තා යනු යම් යෝගාවචර කෙනෙක් තදංග වශයෙන් ද විශ්කම්භන වශයෙන් ද සන්සිඳුන කෙලෙස් ඇති බැවින් ශාන්ත වූ සිත් ඇත්තාහු. ප්‍රඥාවට නෙපක්ක යයි කියනු ලැබේ. එයින් යුක්ත වූ බැවින් නිපකා නම් වෙති. මෙයින් ඔවුන්ගේ කමටහන පරිහරණය කරන ඤාණය දක්වයි. සතිමන්තො ච ඣායිනො යනු සිටීම් හිඳීම් ආදියෙහිදී කමටහන දුරු නොකිරීමට හේතු වූ සිහියෙන් සිහි ඇත්තාහු. ආරම්මණ උපනිධ්‍යානයෙන් ද ලක්‍ෂණ උපනිධ්‍යානයෙන් ද ධ්‍යාන කරන්නාහු. සම්මා ධම්මං විපස්සන්ති කාමෙසු අනපෙක්‍ඛිනො යනු කලින්ම කාමයෝ ඇටසැකිල්ලකට උපමා ඇත්තාහු ආදී වශයෙන් වස්තු කාමයන්හි ද ක්ලේශ කාමයන්හි ද ආදීනව විමසා බැලීමෙන් බලාපොරොත්තු නැත්තාහු ප්‍රයෝජනයක් නැත්තාහු ඒ කාමයන් දුරුකොට ලබන ලද උපචාර සමාධිය හෝ අර්පණා සමාධිය පාදක කොට නාමරූප ද නාමරූපයේ ප්‍රත්‍යයන් ද විමසා කලාප සිහිකිරීම් ආදී ක්‍රමයෙන් මනාකොට නොවෙනස් ලෙස පංචස්කන්ධ ධර්මයන් අනිත්‍යාදී වශයෙන් විදර්ශනා කරත්.

අප‍්පමාදරතාති වුත‍්තප‍්පකාරාය සමථවිපස‍්සනාභාවනාය අප‍්පමජ‍්ජනෙ රතා අභිරතා තත්‍ථ අප‍්පමාදෙනෙව රත‍්තින්‍දිවං වීතිනාමෙන‍්තා. සන‍්තාති සමානා. “සත‍්තා”තිපි පාඨො, පුග‍්ගලාති අත්‍ථො. පමාදෙ භයදස‍්සිනොති නිරයූපපත‍්තිආදිකං පමාදෙ භයං පස‍්සන‍්තා. අභබ‍්බා පරිහානායාති තෙ එවරූපා සමථවිපස‍්සනාධම‍්මෙහි මග‍්ගඵලෙහි වා පරිහානාය අභබ‍්බා. සමථවිපස‍්සනාතො හි සම‍්පත‍්තතො න පරිහායන‍්ති, ඉතරානි ච අප‍්පත‍්තානි පාපුණන‍්ති. නිබ‍්බානස‍්සෙව සන‍්තිකෙති නිබ‍්බානස‍්ස ච අනුපාදාපරිනිබ‍්බානස‍්ස ච සන‍්තිකෙ එව, න චිරස‍්සෙව නං අධිගමිස‍්සන‍්තීති.

අප්පමාදරතා යනු කියන ලද ආකාර ඇති සමථ විදර්ශනා භාවනාවෙහි පමා නොවෙමින් ඇලුණාහු එහි අප්‍රමාදයෙන්ම දිවා රාත්‍රී කල් ගෙවන්නාහු. සන්තා යනු සමාන (අප්පමාදරතා සන්තා = අප්‍රමාදයෙහි ඇලුණාහු) ‘සත්තා’ යනු ද පාඨයකි. පුද්ගලයා යන අර්ථයි. පමාදෙ භය දස්සිනො නිරයෙහි උපදවන (නිරයෙහි ඉපදීම ආදියට හේතුවන) ප්‍රමාදයෙහි බිය දක්නාහු. අභබ්බා පරිහානාය යනු ඔවුහු මෙබඳු සමථ විදර්ශනා ධර්මවලින් හෝ මාර්ගඵලවලින් හෝ පිරිහීමට නුසුදුසු වෙති. සමථ විදර්ශනා වශයෙන් පැමිණි දෙයින් නො පිරිහෙත්. නො පැමිණි අන් ඒවාට ද පැමිණෙත්. නිබ්බාණස්සෙව සන්තිකෙ යනු නිවනේ ද අනුපාදා පරිනිර්වාණයේ ද සමීපයෙහිම ය. නොබෝ කලකින් ම එය අවබෝධ කරන්නාහුය.

අට‍්ඨමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

අටවන සූත්‍රයයි.

9. සික‍්ඛානිසංසසුත‍්තවණ‍්ණනා

9. ශික්ෂානෘශංස සූත්‍ර වර්ණනාව

නවමෙ සික‍්ඛානිසංසාති එත්‍ථ සික‍්ඛිතබ‍්බාති සික‍්ඛා, සා තිවිධා අධිසීලසික‍්ඛා, අධිචිත‍්තසික‍්ඛා, අධිපඤ‍්ඤාසික‍්ඛාති. තිවිධාපි චෙසා සික‍්ඛා ආනිසංසා එතෙසං, න ලාභසක‍්කාරසිලොකාති සික‍්ඛානිසංසා. විහරථාති සික‍්ඛානිසංසා හුත්‍වා විහරථ, තීසු සික‍්ඛාසු ආනිසංසදස‍්සාවිනො හුත්‍වා තාහි සික‍්ඛාහි ලද‍්ධබ‍්බං ආනිසංසමෙව සම‍්පස‍්සන‍්තා විහරථාති අත්‍ථො. පඤ‍්ඤුත‍්තරාති තාසු සික‍්ඛාසු යා අධිපඤ‍්ඤාසික‍්ඛාසඞ‍්ඛාතා පඤ‍්ඤා, සා උත‍්තරා පධානා විසිට‍්ඨා එතෙසන‍්ති පඤ‍්ඤුත‍්තරා. යෙ හි සික‍්ඛානිසංසා විහරන‍්ති, තෙ පඤ‍්ඤුත‍්තරා භවන‍්තීති. විමුත‍්තිසාරාති අරහත‍්තඵලසඞ‍්ඛාතා විමුත‍්ති සාරං එතෙසන‍්ති විමුත‍්තිසාරා, යථාවුත‍්තං විමුත‍්තිංයෙව සාරතො ගහෙත්‍වා ඨිතාති අත්‍ථො. යෙ හි සික‍්ඛානිසංසා පඤ‍්ඤුත‍්තරා ච, න තෙ භවවිසෙසං පත්‍ථෙන‍්ති, අපිච ඛො විභවං ආකඞ‍්ඛන‍්තා විමුත‍්තිංයෙව සාරතො පච‍්චෙන‍්ති. සතාධිපතෙය්‍යාති ජෙට‍්ඨකකරණට‍්ඨෙන සති අධිපතෙය්‍යං එතෙසන‍්ති සතාධිපතෙය්‍යා අධිපති එව අධිපතෙය්‍යන‍්ති කත්‍වා, චතූසු සතිපට‍්ඨානෙසු සුප‍්පතිට‍්ඨිතචිත‍්තා කායානුපස‍්සනාදිමුඛෙන සමථවිපස‍්සනාභාවනානුයුත‍්තාති අත්‍ථො.

නවවන සූත්‍රයෙහි සික්‍ඛානිසංසා යන මෙහි හික්මිය යුතු හෙයින් සික්ඛා නම් වේ. අධිසීල සික්ඛ, අධිචිත්ත සික්ඛ, අධිපඤ්ඤා සික්ඛා යනුවෙන් එය තුන්ආකාර වෙයි. ඒ ශික්‍ෂා ආනිශංස ද තුන් ආකාරය. ශික්‍ෂාවන්ට අයත් (ශික්‍ෂාවන් නිසා ලැබෙන) ලාභ-සත්කාර-කීර්ති යනු ශික්‍ෂා ආනිශංස නොවේ. විහරථ යනු ශික්ෂා ආනිශංස ඇත්තෝ වී වාසය කරව්. ශික්‍ෂා තුනෙහි අනුසස් දකින්නාහු වී ඒ ශික්‍ෂාවලින් ලැබිය යුතු අනුසස්ම දකිමින් වාසය කරව් යන අර්ථයි. පඤ්ඤුත්තරා යනු ඒ ශික්‍ෂා අතරින් අධි ප්‍රඥා ශික්‍ෂා නම් වූ යම් ප්‍රඥාවක් වේද ඒ ප්‍රඥාව ඒ ශික්‍ෂා අතරින් උසස්ය, ප්‍රධානය, විශිෂ්ටය යන අරුතින් පඤ්ඤුත්තරා නම් වේ. යම්කෙනෙක් ශික්‍ෂා ආනිශංස ඇත්තාහු වාසය කරත් ද ඔවුහු ප්‍රඥාව උතුම්කොට ඇත්තෝ වෙති. විමුත්ති සාරා යනු අර්හත්ඵල නම් වූ විමුක්තිය ඒවායේ සාරය හෙයින් විමුත්තිසාර නම් වේ. කියන ලද ආකාර ඇති විමුක්තියම සාර වශයෙන් ගෙන සිටියාහු යන අර්ථයි. යම් කෙනෙක් ප්‍රඥාව උතුම්කොට ඇති ශික්‍ෂානිශංසය ඇත්තෝ වෙත් ද ඔවුහු භව විශේෂයක් නො පතති. එහෙත් විභවය කැමැත්තාහු විමුක්තියම සාර වශයෙන් ප්‍රාර්ථනා කරති. සතාධිපතෙය්‍යා යනු ප්‍රධාන බව ඇතිකරන අර්ථයෙන් සතිය මේවා අතරෙන් අධිපතිය යන අරුතින් සතාධිපතෙය්‍යා නම් වේ. අධිපති යන වචනය ම අධිපතෙය්‍ය යනුවෙන් සිදුකොට සතර සතිපට්ඨානයන්හි පිහිටි සිත් ඇත්තාහු කායානුපස්සනාදිය මුල්කොට ගැනීමෙන් සමථ විදර්ශනා භාවනාවන්හි යෙදුණාහු යන අර්ථයි.

අථ වා සික‍්ඛානිසංසාති භික‍්ඛවෙ, එවරූපෙ දුල‍්ලභක‍්ඛණපටිලාභෙ තිවිධසික‍්ඛාසික‍්ඛනමෙව ආනිසංසං කත්‍වා විහරථ, එවං විහරන‍්තා ච පඤ‍්ඤුත‍්තරා පඤ‍්ඤාය උත‍්තරා ලොකුත‍්තරපඤ‍්ඤාය සමන‍්නාගතා හුත්‍වා විහරථ, එවංභූතා ච විමුත‍්තිසාරා නිබ‍්බානසාරා අනඤ‍්ඤසාරා විහරථ. තථාභාවස‍්ස චායං උපායො, යං සතාධිපතෙය්‍යා විහරථ, සතිපට‍්ඨානභාවනාය යුත‍්තප‍්පයුත‍්තා හොථ, සබ‍්බත්‍ථ වා සතාරක‍්ඛෙන චෙතසා විහරථාති එවමෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. ඉති භගවා තීසු සික‍්ඛාසු භික‍්ඛූ නියොජෙන‍්තො යථා තා සික‍්ඛිතබ‍්බා, යෙන ච පාරිපූරිං ගච‍්ඡන‍්ති, තං සඞ‍්ඛෙපෙනෙව දස‍්සෙත්‍වා ඉදානි යථානුසිට‍්ඨං පටිපජ‍්ජමානානං ඵලවිසෙසදස‍්සනෙන තස‍්සා පටිපත‍්තියා අමොඝභාවං පකාසෙන‍්තො “සික‍්ඛානිසංසාන”න‍්තිආදිමාහ. තං වුත‍්තත්‍ථමෙව.

නොහොත් ‘සික්‍ඛානිසංසා’ යනු මහණෙනි, මෙබඳු දුර්ලභ මොහොතක් ලැබුණු කල්හි ත්‍රිවිධ ශික්‍ෂාවෙහි හික්මීමම ආනිශංස කොට වාසය කරව්. මෙසේ වාසය කරමින් ද ප්‍රඥාවට උතුම් වූ ලෝකෝත්තර ප්‍රඥාවෙන් යුක්ත වී වාසය කරව්. මේ ආකාරයෙන් ද යුක්තව විමුක්තිය සාරකොට නිවන සාරකොට අනිකක් සරුකොට නොගෙන වාසය කරව්. සිහිය අධිපතිකොට වාසය කරව් යන යමක් ඇද්ද එසේ වීමට මේ උපායයි. සතිපට්ඨාන භාවනාවෙහි යෙදුණාහු වව්. හැමතන්හිම සිහිය ආරක්ෂා කරන සිතින් වාසය කරව් යනුවෙන් මෙසේ මෙහි අර්ථය දතයුතුය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ත්‍රිශික්‍ෂාවෙහි භික්‍ෂූන් යොදවමින් යම්සේ ඒ ශික්‍ෂා හික්මිය යුතු ද යම් අයුරකින් සම්පූර්ණ බවට යයි ද එය කෙටියෙන් දක්වා දැන් අනුශාසනා පරිදි පිළිපදින අයගේ ප්‍රතිඵල විශේෂය දැක්වීමෙන් ඒ ප්‍රතිපත්තියේ නොහිස් බව දක්වමින් ‘සික්‍ඛානිසංසානං’ යනාදිය වදාළහ. එය කියන ලද අර්ථ ඇත්තේමය.

ගාථාසු පරිපුණ‍්ණසික‍්ඛන‍්ති අග‍්ගඵලප‍්පත‍්තියා පරිසුද‍්ධසික‍්ඛං, අසෙක‍්ඛන‍්ති අත්‍ථො. අපහානධම‍්මන‍්ති එත්‍ථ පහානධම‍්මා වුච‍්චන‍්ති කුප‍්පා විමුත‍්තියො. පහානධම‍්මොති හි හානධම‍්මො කුප‍්පධම‍්මො. න පහානධම‍්මොති අපහානධම‍්මො, අකුප‍්පධම‍්මො. “අප‍්පහානධම‍්මො”තිපි පාළි, සො එව අත්‍ථො. ඛයො එව අන‍්තොති ඛයන‍්තො, ජාතියා ඛයන‍්තො ජාතිඛයන‍්තො, නිබ‍්බානං. ඛයො වා මරණං, ජාතිඛයන‍්තො නිබ‍්බානමෙව, තස‍්ස දිට‍්ඨත‍්තා ජාතිඛයන‍්තදස‍්සී.

ගාථාවන්හි - පරිපුණ්ණසික්‍ඛං යනු අග්‍රඵලය (රහත් ඵලය) පිණිස වන පිරිසිදු (පිරිපුන්) ශික්‍ෂාව, අසේඛ යන අර්ථයි. අපහාණ ධම්මං යන මෙහි කුප්ප වන විමුත්ති (වෙනස්විය හැකි විමුත්ති) වලට පහාණධම්ම යයි කියනු ලැබේ. පහාණධම්ම යනු පිරිහෙන ධර්මය, වෙනස්වන ධර්මය, පහාණධම්ම නොවන්නේ අපහාණ ධම්මය, අකුප්පධම්මය, ‘අප්පහාණ ධම්මො’ යනු ද පාළියයි. ඒ අර්ථයමයි. ක්‍ෂයවීමම අන්ත වූයේ = – ඛයනෙතා නම් වේ. ජාතියේ ක්‍ෂය වීම = ජාති ඛයනෙතා නම් වේ. නිවන ය. ක්‍ෂයවීම හෝ මරණය, ජාතිය ක්‍ෂයවීම නිවනමය. ඒ නිවන් දක්නා ලද බැවින් ජාතිඛයන්තදස්සී ය.

තස‍්මාති යස‍්මා සික‍්ඛාපාරිපූරියා අයං ජරාපාරඞ‍්ගමනපරියොසානො ආනිසංසො, තස‍්මා. සදාති සබ‍්බකාලං. ඣානරතාති ලක‍්ඛණූපනිජ‍්ඣානෙ, ආරම‍්මණූපනිජ‍්ඣානෙති දුවිධෙපි ඣානෙ රතා, තතො එව සමාහිතා. මාරං සසෙනං අභිභුය්‍යාති කිලෙසසෙනාය අනට‍්ඨසෙනාය ච සසෙනං අනවසිට‍්ඨං චතුබ‍්බිධම‍්පි මාරං අභිභවිත්‍වා. දෙවපුත‍්තමාරස‍්සපි හි ගුණමාරණෙ සහායභාවූපගමනතො කිලෙසා “සෙනා”ති වුච‍්චන‍්ති. තථා රොගාදයො අනට‍්ඨා මච‍්චුමාරස‍්ස. යථාහ –

තස්මා යනු යම්හෙයකින් ශික්‍ෂාව සම්පූර්ණ කිරීමේ අවසාන ආනිශංසය මේ ජරාවේ කෙළවරවීම වේද එහෙයින්. සදා යනු හැමකල්හි. ඣානරතා යනු ලක්‍ෂණ උපනිධ්‍යානය, ආරම්මණ උපනිධ්‍යානය යන දෙයාකාර ධ්‍යානයෙහි ඇලුණාහු. එහෙයින්ම සන්සුන් වූවාහු. මාරසෙනං අභිභුය්‍ය යනු කෙලෙස් සේනාවෙන් ද අනන්ත (අනර්ථ) සේනාවෙන් ද සේනාසහිත වූ සතරාකාර වූ ම මාරයා ඉතිරි නැතිව ම මැඩපවත්වා, ගුණ විනාශ කිරිමෙහිදී සහායක බවට පැමිණෙන බැවින් දේවපුත්ත මාරයාට ද කෙලෙස් සේනාව යයි කියනු ලැබේ. එසේ අනන්ත වූ රෝගාදිය මෘත්‍යුමාරයාගේ සේනාව යයි කියනු ලැබේ. එය කී අයුරු මෙසේය.

“කාමා තෙ පඨමා සෙනා, දුතියා අරති වුච‍්චති; තතියා ඛුප‍්පිපාසා තෙ, චතුත්‍ථී තණ‍්හා පවුච‍්චති.

කාමා තෙ පඨමා සෙනා දුතියා අරති වුච්චති තතියා ඛුප්පිපාසා තෙ චතුත්‍ථි තණ්හා පවුච්චති

(මාරය) ක්ලේශකාමයෝ ඔබගේ පළමු සේනාවය. අධිකුශල ධර්මයන්හි අරතිය (නොඇල්ම) දෙවන සේනාව යයි කියනු ලැබේ. කුසගින්න හා පිපාසය යන දෙක ඔබේ තුන්වන සේනාවය. සොයන (පරියේසන) තණ්හාව ඔබේ සතරවන සේනාවයයි කියනු ලැබේ.

“පඤ‍්චමී ථිනමිද‍්ධං තෙ, ඡට‍්ඨා භීරූ පවුච‍්චති; සත‍්තමී විචිකිච‍්ඡා තෙ, මක‍්ඛො ථම‍්භො ච අට‍්ඨමො.

පඤ්චමී ථිනමිද්ධං තෙ ඡට්ඨා භීරු පවුච්චති සත්තමී විචිකිච්ඡා තෙ මක්ඛො ථම්භො ච අට්ඨමො

ඔබේ පස්වන සේනාව ථීනමිද්ධය යි, බිය හයවන සේනාවයයි කියනු ලැබේ. ඔබගේ සත්වන සේනාව විචිකිච්ඡාව ය. ගුණමකු බව හා තද බව ඔබගේ අටවන සේනාවයි.

“ලාභො සිලොකො සක‍්කාරො, මිච‍්ඡාලද‍්ධො ච යො යසො; යො චත‍්තානං සමුක‍්කංසෙ, පරෙ ච අවජානති.

ලාභො සිලොකො සක්කාරො මිච්ඡාලද්ධො ච යො යසො යො චත්තානං සමුක්කංසෙ පරෙච අවජානති

ලාභය, ප්‍රශංසාවය, සත්කාරය, වැරදි ලෙස ලබන ලද යශසක් වේද (එය නවවැන්නය) යමෙක් තමා උසස්කොට දක්වයි නම් අනුන් පහත්කොට දක්වයි නම් (එය දසවැන්නය.)

“එසා නමුචි තෙ සෙනා, කණ‍්හස‍්සාභිප‍්පහාරිනී; න නං අසූරො ජිනාති, ජෙත්‍වා ච ලභතෙ සුඛ”න‍්ති. (සු· නි· 438-441; මහානි· 28);

එසා නමුචි තෙ සෙනා කණ්හස්සාභිප්පහාරිනී න නං අසූරො ජිනාති ජෙත්‍වා ච ලභතෙ සුඛං

මාරය, (මහණ බමුණන්ට) අනතුරුදායක වූ ඒ සේනා පාපී වූ ඔබගේය. ශූර නොවූ පුරුෂයා ඒ සේනාව නො දිනයි. (යලිත්) මාරසේනා ජයගෙන (මාර්ග-ඵල නම් වූ) සුවයට පැමිණෙයි.

යථා චාහ –

මෙසේ ද කීහ.

“අජ‍්ජෙව කිච‍්චමාතප‍්පං, කො ජඤ‍්ඤා මරණං සුවෙ; න හි නො සඞ‍්ගරං තෙන, මහාසෙනෙන මච‍්චුනා”ති. (ම· නි· 3.280; ජා· 2.22.121);

අජ්ජෙව කිච්චමාතප්පං කො ජඤ්ඤා මරණං සුවෙ න හි නො සංගරං තෙන මහා සේනෙන මච්චුනා

අදම වීර්යය කළයුතුය. හෙට මරණය සිදුවේ යයි කවරෙක් දනීද? ඒ මහාසේනා ඇති මාරයා සමග අල්ලස් දීම් වශයෙන් අපගේ මිත්‍රත්වයක් නැත.

භවථ ජාතිමරණස‍්ස පාරගාති ජාතියා මරණස‍්ස ච පාරගාමිනො නිබ‍්බානගාමිනො භවථාති.

භවථ ජාතිමරණස්ස පාරගා යනු ඉපදීමේ ද මරණයේ ද පරතෙරට යන්නෝ නිවනට යන්නෝ වව්.

නවමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

නවවන සූත්‍රයයි.

10. ජාගරිය සුත‍්තවණ‍්ණනා

10. ජාගර්ය සූත්‍ර වර්ණනාව

දසමෙ ජාගරොති ජාගරකො විගතනිද‍්දො ජාගරියං අනුයුත‍්තො, රත‍්තින්‍දිවං කම‍්මට‍්ඨානමනසිකාරෙ යුත‍්තප‍්පයුත‍්තොති අත්‍ථො. වුත‍්තඤ‍්හෙතං –

දසවන සූත්‍රයෙහි ජාගරො යනු නො නිදා සිටින්නෙක්, පහවූ නිදි ඇත්තෙක්, නො නිදීමෙහි යෙදුනෙක්, දිවා රෑ කමටහන් මෙනෙහි කිරීමෙහි යෙදුණු කෙනෙක් යන අර්ථයි. මේ කාරණය දේශනා කරන ලදී -

“කථඤ‍්ච, භික‍්ඛවෙ, භික‍්ඛු පුබ‍්බරත‍්තාපරරත‍්තං ජාගරියානුයොගමනුයුත‍්තො හොති? ඉධ භික‍්ඛු දිවසං චඞ‍්කමෙන නිසජ‍්ජාය ආවරණීයෙහි ධම‍්මෙහි චිත‍්තං පරිසොධෙති, රත‍්තියා පඨමං යාමං චඞ‍්කමෙන නිසජ‍්ජාය ආවරණීයෙහි ධම‍්මෙහි චිත‍්තං පරිසොධෙති, රත‍්තියා මජ‍්ඣිමං යාමං දක‍්ඛිණෙන පස‍්සෙන සීහසෙය්‍යං කප‍්පෙති පාදෙ පාදං අච‍්චාධාය සතො සම‍්පජානො උට‍්ඨානසඤ‍්ඤං මනසි කරිත්‍වා, රත‍්තියා පච‍්ඡිමං යාමං පච‍්චුට‍්ඨාය චඞ‍්කමෙන නිසජ‍්ජාය ආවරණීයෙහි ධම‍්මෙහි චිත‍්තං පරිසොධෙති. එවං භික‍්ඛු පුබ‍්බරත‍්තාපරරත‍්තං ජාගරියානුයොගමනුයුත‍්තො හොතී”ති (විභ· 519).

‘මහණෙනි, භික්‍ෂුව දිවා රෑ දෙකෙහි නිදිවැරීමෙහි යෙදුණු කෙනෙක් වන්නේ කෙසේද? ‘මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව දිවාකාලයෙහි සක්මන් කිරිමෙන් හා හිඳීමෙන් ද නීවරණ ධර්මවලින් සිත පිරිසිදු කරයි. රාත්‍රියෙහි පළමුවන යාමයෙහි සක්මන් කිරිමෙන් ද හිඳීමෙන් ද නීවරණ ධර්මවලින් සිත පිරිසිදු කරයි. රාත්‍රියෙහි මධ්‍යම යාමයෙහි දකුණු ඇලයට හැරීමෙන් දකුණු පය මත වම් පය මදක් ඈත්කොට තබා සිහි නුවණින් යුක්ත වූයේ අවදිවන හැඟීම මෙනෙහි කොට (සිතේ තබා) සිංහ සෙය්‍යාවෙන් නිදයි. රාත්‍රියෙහි පශ්චිම (අවසන්) යාමයෙහි නැගිට සක්මන් කිරීමෙන් ද හිඳීමෙන් ද නීවරණ ධර්මවලින් සිත පිරිසිදු කරයි. මෙසේ භික්‍ෂුව දිවා රෑ දෙකෙහි නිදිවැරීමෙහි යෙදුණු කෙනෙක් වෙයි’ යනුවෙන්

චසද‍්දො සම‍්පිණ‍්ඩනත්‍ථො, තෙන වක‍්ඛමානෙ සතාදිභාවෙ සම‍්පිණ‍්ඩෙති. අස‍්සාති සියා, භවෙය්‍යාති අත්‍ථො. “ජාගරො ච භික‍්ඛු විහරෙය්‍යා”ති ච පඨන‍්ති. සබ‍්බත්‍ථ සබ‍්බදා ච කම‍්මට‍්ඨානාවිජහනවසෙන සතිඅවිප‍්පවාසෙන සතො සම‍්පජානොති සත‍්තට‍්ඨානියස‍්ස චතුබ‍්බිධස‍්සපි සම‍්පජඤ‍්ඤස‍්ස වසෙන සම‍්පජානො. සමාහිතොති උපචාරසමාධිනා අප‍්පනාසමාධිනා ච සමාහිතො එකග‍්ගචිත‍්තො. පමුදිතොති පටිපත‍්තියා ආනිසංසදස‍්සනෙන උත‍්තරුත‍්තරි විසෙසාධිගමෙන වීරියාරම‍්භස‍්ස ච අමොඝභාවදස‍්සනෙන පමුදිතො පාමොජ‍්ජබහුලො. විප‍්පසන‍්නොති තතො එව පටිපත‍්තිභූතාසු තීසු සික‍්ඛාසු පටිපත‍්තිදෙසකෙ ච සත්‍ථරි සද‍්ධාබහුලතාය සුට‍්ඨු පසන‍්නො. සබ‍්බත්‍ථ අස‍්සාති සම‍්බන්‍ධො විහරෙය්‍යාති වා.

‘ච’ ශබ්දය එක්කිරීම් අර්ථ ඇත්තේය. ඒ ‘ච’ ශබ්දයෙන් කියන්නා සති ආදී ස්වභාවයන් සම්පිණ්ඩනය (එක් කිරීම) කරයි. අස්සා යනු (සියා) වන්නේය යන අර්ථයි. ‘ජාගරො ච භික්‍ඛු විහරෙය්‍ය’ යනුවෙන් ද කියති. හැමතන්හි ද හැමදාම ද කමටහන දුරු නොකිරීම් වශයෙන් සිහියෙන් වෙන්නොවී වාසය කිරීමෙන් සතො සිහි ඇත්තෙක් වන්නේය. සම්පජානො යනු (අභික්කන්තෙ පටික්කන්තේ යනාදී වශයෙන්) සත්තැනක පිහිටියා වූ ද (කායානුපස්සනා සතිපට්ඨානාදී වශයෙන්) සතර තැනක පිහිටියා වූ ද නුවණින් යුක්ත වීම් වශයෙන් නුවණින් යුක්ත වන්නේය. සමාහිතො යනු උපචාර සමාධියෙන් ද අර්පණා සමාධියෙන් ද සමාහිත වූවෙක් එකඟ වූ සිත් ඇත්තෙක් වන්නේය. මුදිතො යනු ප්‍රතිපත්තියේ අනුසස් දැකීමෙන් මතුමත්තෙහි ඇති විශේෂයන් අවබෝධ කිරීමෙන් වීර්ය ආරම්භයට ද නො හිස් බව දැකීමෙන් ද සතුටු වූවෙක් ප්‍රමෝදය බහුල වූවෙක් වන්නේය. විප්පසන්නො යනු එහෙයින්ම ප්‍රතිපත්ති වූ ශික්‍ෂාවන්හි ද ප්‍රතිපත්තිය දේශනා කරන්නා වූ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ද ශ්‍රද්ධාව බහුල බැවින් හොඳින් ප්‍රසන්න වූවෙක් වන්නේය. හැමතන්හි අස්සා = වන්නේය යන්න හෝ විහරෙය්‍ය = වාසය කරන්නේය යන්න සම්බන්ධ වෙයි.

තත්‍ථ කාලවිපස‍්සී ච කුසලෙසු ධම‍්මෙසූති තස‍්මිං කාලෙ විපස‍්සකො, තත්‍ථ වා කම‍්මට‍්ඨානානුයොගෙ කාලවිපස‍්සී කාලානුරූපං විපස‍්සකො. කිං වුත‍්තං හොති? විපස‍්සනං පට‍්ඨපෙත්‍වා කලාපසම‍්මසනාදිවසෙන සම‍්මසන‍්තො ආවාසාදිකෙ සත‍්ත අසප‍්පායෙ වජ‍්ජෙත්‍වා සප‍්පායෙ සෙවන‍්තො අන‍්තරා වොසානං අනාපජ‍්ජිත්‍වා පහිතත‍්තො චිත‍්තස‍්ස සමාහිතාකාරං සල‍්ලක‍්ඛෙන‍්තො සක‍්කච‍්චං නිරන‍්තරං අනිච‍්චානුපස‍්සනාදිං පවත‍්තෙන‍්තො යස‍්මිං කාලෙ විපස‍්සනාචිත‍්තං ලීනං හොති, තස‍්මිං ධම‍්මවිචයවීරියපීතිසඞ‍්ඛාතෙසු, යස‍්මිං පන කාලෙ චිත‍්තං උද‍්ධතං හොති, තස‍්මිං පස‍්සද‍්ධිසමාධිඋපෙක‍්ඛාසඞ‍්ඛාතෙසු කුසලෙසු අනවජ‍්ජෙසු බොජ‍්ඣඞ‍්ගධම‍්මෙසූති එවං තත්‍ථ තස‍්මිං තස‍්මිං කාලෙ, තස‍්මිං වා කම‍්මට‍්ඨානානුයොගෙ කාලානුරූපං විපස‍්සකො අස‍්සාති. සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො පන සබ‍්බත්‍ථෙව ඉච‍්ඡිතබ‍්බො. වුත‍්තඤ‍්හෙතං “සතිඤ‍්ච ඛ‍්වාහං, භික‍්ඛවෙ, සබ‍්බත්‍ථිකං වදාමී”ති (සං· නි· 5.234; මි· ප· 2.1.13). එත‍්තාවතා පුග‍්ගලාධිට‍්ඨානාය දෙසනාය ජාගරියං දස‍්සෙත්‍වා යෙහි ධම‍්මෙහි ජාගරියානුයොගො සම‍්පජ‍්ජති, තෙ පකාසෙති.

තත්‍ථ කාලවිපස්සී ච කුසලෙසු ධම්මෙසු යනු එකල්හි විදර්ශනා වඩන්නෙක් වන්නේය. එහි එනම් කර්මස්ථානයෙහි යෙදීමෙහි කාලවිපස්සී කෙනෙක් කාලයට අනුරූපව විදර්ශනා කරන්නෙක් වන්නේය. කුමක් කියන ලද්දේ ද? විදර්ශනාව පටන්ගෙන කලාප සිහිකිරීම් ආදී වශයෙන් සිහිකරන්නේ ආවාස ආදී අසප්පාය හත දුරුකොට සප්පාය (සුදුසු දේ) ඇසුරු කරමින් අතරතුර අවසානයකට නොපැමිණ වීර්ය වඩන්නේ සිතේ එකඟ ආකාරය සලකමින් සකස්කොට නිරතුරුව අනිත්‍ය අනුපස්සනාදිය පවත්වන්නෙක් වන්නේය. යම්කලෙක විදර්ශනා සිත හැකිළුණේ වෙයිද එකල්හි ධම්මවිචය - විරිය - පීති නම් වූ ද යම්කලෙක සිත විසිරුණේද එකල්හි පස්සද්ධි - සමාධි - උපෙක්ඛා නම් වූ ද කුශල වූ නිවැරදි වූ බොජ්ඣංග ධර්ම කෙරෙහිදැයි මෙසේ ඒ ධර්ම කෙරෙහි ඒ කාලයෙහි ඒ කර්මස්ථානයෙහි යෙදෙන කල්හි හෝ කාලයට අනුරූප වූ විදර්ශකයෙක් වන්නේය. සතිසම්බොජ්ඣංගය වනාහි හැමතන්හිම කැමති විය යුතුය. ‘සතිඤ්ච ඛ්වාහං භික්‍ඛවෙ සබ්බත්‍ථිකං වදාමි’ යනුවෙන් ඒ කාරණය දේශිතය. මෙපමණකින් පුද්ගලයා මුල්කොටගත් දේශනාවෙන් නිදිවැරිම දක්වා යම් ධර්මයන් නිසා ජාගරියානුයෝගය සම්පූර්ණ වේ නම් ඒ ධර්ම වදාළහ.

එවං භගවා ආරද‍්ධවිපස‍්සකස‍්ස භික‍්ඛුනො සඞ‍්ඛෙපෙනෙව සද‍්ධිං උපකාරකධම‍්මෙහි සම‍්මසනචාරං දස‍්සෙත්‍වා ඉදානි තථා පටිපජ‍්ජන‍්තස‍්ස පටිපත‍්තියා අවඤ‍්ඣභාවං දස‍්සෙන‍්තො “ජාගරස‍්ස, භික‍්ඛවෙ, භික‍්ඛුනො”තිආදිමාහ. තත්‍ථ ජාගරියානුයොගෙ සතිසම‍්පජඤ‍්ඤසමාදානානි සබ‍්බත්‍ථකානි සම‍්මොදපසාදාවහානි, තත්‍ථ කාලවිපස‍්සනා නාම විපස‍්සනාය ගබ‍්භග‍්ගහණං පරිපාකගතං. උපක‍්කිලෙසවිමුත‍්තෙ හි වීථිපටිපන‍්නෙ විපස‍්සනාඤාණෙ තික‍්ඛෙ සූරෙ වහන‍්තෙ යොගිනො උළාරං පාමොජ‍්ජං පසාදො ච හොති, තෙහි ච විසෙසාධිගමස‍්ස සන‍්තිකෙයෙව. වුත‍්තඤ‍්හෙතං –

මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඇරඹූ විදර්ශනාව ඇති භික්‍ෂුවට කෙටියෙන්ම උපකාරක ධර්මයන් සමග සිහිකරන ධ්‍යාන (සම්මසනජ්ඣානං) (සම්මසනවාරං = සිහිකරන වාර හෝ) දක්වා දැන් එසේ පිළිපදින තැනැත්තාට ප්‍රතිපත්තියේ වඳ නැති බව දක්වමින් ජාගරස්ස භික්‍ඛවෙ භික්‍ඛුනො යනාදිය වදාළහ. ඒ ජාගරියානු යෝගයෙහි සිහි නුවණ සමාදානය සියලු අර්ථය ඇතිකරන සතුට හා ප්‍රසාදය (ශ්‍රද්ධාව) ගෙන දෙන්නේය (උපදවන්නේය). එහි කාල විපස්සනාව නම් විදර්ශනාවේ ගැබ් ගැනීමයි. මුහුකුරා යාමයි. උපක්ලේශවලින් මිදුණු වීථියට පිළිපන් විදර්ශනා ඥානයෙහි තියුණු වූ ශූර වූ විදසුන් නුවණ උසුලන්නා වූ කල්හි යෝගියාට උසස් වූ සතුට ද ප්‍රසාදය ද ඇතිවෙයි. ඒවා ද විශේෂ අවබෝධය ලබන්නාගේ සමීපයෙහිම වෙයි. ඒ කාරණය

“යතො යතො සම‍්මසති, ඛන්‍ධානං උදයබ‍්බයං; ලභතී පීතිපාමොජ‍්ජං, අමතං තං විජානතං.

යතො යතො සම්මසති ඛන්‍ධානං උදයබ්බයං ලභතෙ පීති පාමොජ්ජං අමතං තං විජානතං

“පාමොජ‍්ජබහුලො භික‍්ඛු, පසන‍්නො බුද‍්ධසාසනෙ; අධිගච‍්ඡෙ පදං සන‍්තං, සඞ‍්ඛාරූපසමං සුඛ”න‍්ති. (ධ· ප· 374, 381);

පාමොජ්ජ බහුලො භික්‍ඛු පසන්නො බුද්ධසාසනෙ අධිගච්ඡෙ පදං සන්තං සංඛාරූපසමං සුඛං

‘යම් යම් කලෙක පංචස්කන්ධයන්ගේ ඇතිවීමද නැතිවීමද සලකා බලයි ද එකල්හි ධර්මය නිසා ප්‍රීතියද ප්‍රමෝදය (සතුට) ද ලබයි. එය නුවණැති අයට අමෘතයයි.’

(ස්වභාවයෙන්ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි) සතුට බහුල වූ බුදු සසුනෙහි පැහැදුණු භික්‍ෂුව සංස්කාරයන්ගේ සන්සිඳීම වන සැප වූ ශාන්ත පදයට (නිවනට) පැමිණෙන්නේය’යි කියන ලදී.

ගාථාසු ජාගරන‍්තා සුණාථෙතන‍්ති එතං මම වචනං එකන‍්තෙනෙව පමාදනිද‍්දාය අවිජ‍්ජානිද‍්දාය පබොධනත්‍ථං ජාගරන‍්තා සතිසම‍්පජඤ‍්ඤාදිධම‍්මසමායොගෙන ජාගරියං අනුයුත‍්තා සුණාථ. යෙ සුත‍්තා තෙ පබුජ‍්ඣථාති යෙ යථාවුත‍්තනිද‍්දාය සුත‍්තා සුපනං උපගතා, තෙ තුම‍්හෙ ජාගරියානුයොගවසෙන ඉන්‍ද්‍රියබලබොජ‍්ඣඞ‍්ගෙ සඞ‍්කඩ‍්ඪිත්‍වා විපස‍්සනං උස‍්සුක‍්කාපෙන‍්තා අප‍්පමාදපටිපත‍්තියා තතො පබුජ‍්ඣථ අථ වා ජාගරන‍්තාති ජාගරනිමිත‍්තා. “සුණාථෙත”න‍්ති එත්‍ථ “එත”න‍්ති වුත‍්තං, කිං තං වචනන‍්ති ආහ “යෙ සුත‍්තා තෙ පබුජ‍්ඣථා”තිආදි. තත්‍ථ යෙ සුත‍්තාති යෙ කිලෙසනිද‍්දාය සුත‍්තා, තෙ තුම‍්හෙ අරියමග‍්ගපටිබොධෙන පබුජ‍්ඣථ. සුත‍්තා ජාගරිතං සෙය්‍යොති ඉදං පබොධස‍්ස කාරණවචනං. යස‍්මා යථාවුත‍්තසුපතො වුත‍්තප‍්පකාරං ජාගරිතං ජාගරණං අත්‍ථකාමස‍්ස කුලපුත‍්තස‍්ස සෙය්‍යො පාසංසතරො හිතසුඛාවහො, තස‍්මා පබුජ‍්ඣථ. නත්‍ථි ජාගරතො භයන‍්ති ඉදං තත්‍ථ ආනිසංසදස‍්සනං. යො හි සද‍්ධාදීහි ජාගරණධම‍්මෙහි සමන‍්නාගමෙන ජාගරො ජග‍්ගති, පමාදනිද‍්දං න උපගච‍්ඡති, තස‍්ස අත‍්තානුවාදභයං පරානුවාදභයං දණ‍්ඩභයං දුග‍්ගතිභයං ජාතිආදිනිමිත‍්තං සබ‍්බම‍්පි වට‍්ටභයං නත්‍ථි.

ගාථාවන්හි - ජාගරන්තා සුණාථෙතං යනු ඒ මගේ වචනය ඒකාන්තයෙන්ම ප්‍රමාද නින්දෙන් අවිද්‍යා නින්දෙන් අවදිවීම පිණිසය. නිදිවැරීමෛහි යෙදුනා වූ ඔබලා සිහිනුවණ ආදී ධර්ම සමඟ යෙදීමෙන් නිදිවැරීමෙහි යෙදුනාහු අසව්. යෙ සුත්තා තෙ පබුජ්ඣථ යනු යමෙක් කියන ලද ආකාර ඇති නින්දෙන් නිදා ගත්තාහු ද නින්දට ගිය ඒ ඔබලා නිදි වැරීමෙහි යෙදීම් වශයෙන් ඉන්‍ද්‍රිය-බල-බොජ්ඣංගයන් එක්කොට විදර්ශනාවට උත්සාහ ඇතිකරවමින් අප්‍රමාද ප්‍රතිපත්තිය වූ එයින් අවදිවව්. නොහොත් ‘ජාගරන්තා’ යනු ජාගර නිමිත්තය (නිදිවැරීමෙහි කාරණයයි) ‘සුණාථෙතං’ යන මෙහි ‘එතං’ යනු කියන ලද වචනයයි. ඒ වචනය කුමක්දැයි කීහ. ‘යෙ සුත්තා තෙ පබුජ්ඣථ? යනාදියයි. එහි යෙ සුත්තා යනු යමෙක් කෙලෙස් නින්දෙන් නිදිගත්තාහුද ඒ ඔබලා ආර්ය මාර්ගය අවබෝධයෙන් අවදි වව්. සුත්තා ජාගරිතං සෙය්‍යො යනු අවදිවීමට මේ හේතුවන වචනයයි. යම්හෙයකින් කියන ලද ආකාර ඇති නින්දට වඩා කියන ලද ආකාර ඇති නිදි වැරිම ප්‍රයෝජන කැමති කුලපුත්‍රයාට ශ්‍රේෂ්ඨය. වඩා පැසසිය යුත්තකි, හිතසැප ගෙන දෙන්නේය. එහෙයින් අවදි වව්. නත්‍ථි ජාගරතො භයං යනු මේ එහි අනුසස් දැක්වීමයි. යම් පුද්ගලයෙක් ශ්‍රද්ධාදී නිදිවැරීමට හේතුවන (ජාගරණ) ධර්මවලින් යුක්තව නිදිවැරිම පෝෂණය කරයි ද පමා නින්දට නො එළඹෙයි ද ඔහුට අත්තානුවාද භය, පරානුවාද භය, දණ්ඩභය, දුග්ගති භය, ජාති ආදී නිමිති, සියලුම සසර භය නැත.

කාලෙනාති ආවාසසප‍්පායාදීනං ලද‍්ධකාලෙන. සොති නිපාතමත‍්තං. සම‍්මා ධම‍්මං පරිවීමංසමානොති විපස‍්සනාය ආරම‍්මණභූතං තෙභූමකධම‍්මං සම‍්මා ඤායෙන යථා නිබ‍්බින්‍දනවිරජ‍්ජනාදයො සම‍්භවන‍්ති, එවං පරිතො වීමංසන‍්තො, සබ‍්බාකාරෙන විපස‍්සන‍්තොති අත්‍ථො. එකොදිභූතොති එකො සෙට‍්ඨො හුත්‍වා උදෙතීති එකොදි, සමාධි. සො එකොදි භූතො ජාතො උප‍්පන‍්නො එතස‍්සාති එකොදිභූතො. අග‍්ගිආහිතාදිසද‍්දානං විය එත්‍ථ භූතසද‍්දස‍්ස පරවචනං දට‍්ඨබ‍්බං. එකොදිං වා භූතො පත‍්තොති එකොදිභූතො. එත්‍ථ ච එකොදීති මග‍්ගසමාධි අධිප‍්පෙතො, “සමාහිතො”ති එත්‍ථ පන පාදකජ‍්ඣානසමාධිනා සද‍්ධිං විපස‍්සනාසමාධි. අථ වා කාලෙනාති මග‍්ගපටිවෙධකාලෙන. සම‍්මා ධම‍්මං පරිවීමංසමානොති සම‍්මදෙව චතුසච‍්චධම‍්මං පරිඤ‍්ඤාභිසමයාදිවසෙන වීමංසන‍්තො, එකාභිසමයෙන අභිසමෙන‍්තො. එකොදිභූතොති එකො සෙට‍්ඨො අසහායො වා හුත්‍වා උදෙතීති එකොදි, චතුකිච‍්චසාධකො සම‍්මප‍්පධානො. සො එකොදි භූතො ජාතොති සබ‍්බං පුරිමසදිසමෙව. විහනෙ තමං සොති සො එවංභූතො අරියසාවකො අරහත‍්තමග‍්ගෙන අවිජ‍්ජාතමං අනවසෙසතො විහනෙය්‍ය සමුච‍්ඡින්‍දෙය්‍ය.

කාලෙන යනු ආවාස සප්පාය ආදිය ලබන ලද කාලයෙහි. සො යනු නිපාත මාත්‍රයකි. සම්මා ධම්මං පරිවීමංසමානො යනු විදර්ශනාවට අරමුණු වූ ත්‍රෛභූමික (කාම-රූප-අරූප යන භූමි තුනට අයත්) ධර්ම, මනාකොට න්‍යයයෙන් යම්සේ කලකිරීම්, නොඇලීම් ආදිය හටගනී ද එසේ හාත්පසින් විමසන්නේ, සියලු ආකාරයෙන් විදර්ශනා කරන්නා වූ යන අර්ථයි. එකොදි භූතො යනු තනිව, ශ්‍රේෂ්ඨව උදාවෙයි යන අරුතින් එකොදි නමි, සමාධියයි. ඒ සමාධිය මොහුට වූයේ, උපන්නේ යන අරුතින් එකොදිභූතො නමි. ගින්න දල්වන ලදී (අග්ගිආහිත) ආදී ශබ්දයන්ට මෙන් මෙහි භූත ශබ්දයට අනිත් වචනයක් (යෙදීම) දතයුතුය. සමාධිය හටගත්තේ (සමාධියට) පත්වූයේ යන අරුතින් එකොදිභූතො වෙයි. මෙහිදී එකොදි යනුවෙන් මාර්ග සමාධිය අදහස් කරන ලදී. ‘සමාහිතො’ යන මෙහි පාදක ධ්‍යාන සමාධිය සමග විපස්සනා සමාධිය ප්‍රකාශිත ය. නොහොත් ‘කාලෙන’ යනු මාර්ගය අවබෝධ කරන කාලයෙහි. ‘සම්මා ධම්මං පරිවීමංසමානො’ යනු මනාසේම චතුස්සත්‍ය ධර්මය පරිඤ්ඤා අභිසමය වශයෙන් මනාකොට (චතුස්සත්‍ය ධර්මය) විමසමින්, එක අවබෝධයකින් අවබෝධ කරමින්. ‘එකොදි භූතො’ යනු තනිවී හෝ ශ්‍රේෂ්ඨ වී හෝ අසහායව හෝ උදාවෙයි යන අරුතින් එකොදි නම් වේ. චතුකිච්ච සාධක (කටයුතු හතරක් සිදුකරන) සම්‍යක්ප්‍රධානය (වීර්යය) යි. ඒ වීර්යය හටගත්තේය, උපන්නේය යන සියල්ල මුල් කරුණට සමාන වේමය. විහනෙ තමං සො මෙසේ වූ ඒ ආර්ය ශ්‍රාවකයා අර්හත් මාර්ගයෙන් අවිද්‍යා අන්ධකාරය ඉතිරි නැතිවම නසන්නේය. සහමුලින් විනාශ කරන්නේය.

ඉති භගවා පටිපත‍්තියා අමොඝභාවං දස‍්සෙත්‍වා ඉදානි තත්‍ථ දළ‍්හං නියොජෙන‍්තො “තස‍්මා හවෙ”ති ඔසානගාථමාහ. තත්‍ථ තස‍්මාති යස‍්මා ජාගරතො සතිඅවිප‍්පවාසාදිනා සමථවිපස‍්සනාභාවනා පාරිපූරිං ගච‍්ඡති, අනුක‍්කමෙන අරියමග‍්ගො පාතුභවති, තතො චස‍්ස සබ‍්බං වට‍්ටභයං නත්‍ථි, තස‍්මා. හවෙති එකංසෙන දළ‍්හං වා. භජෙථාති භජෙය්‍ය. එවං ජාගරියං භජන‍්තො ච ආතාපිභාවාදිගුණයුත‍්තො භික‍්ඛු සංයොජනානි භින්‍දිත්‍වා අග‍්ගඵලඤාණසඞ‍්ඛාතං අනුත‍්තරං උත‍්තරරහිතං සම‍්බොධිං ඵුසෙ පාපුණෙය්‍ය. සෙසං වුත‍්තනයමෙව.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රතිපත්තියේ නො සිස් බව දක්වා දැන් එහි දැඩිව යොදවමින් ‘තස්මා භවෙ’ යන අවසන් ගාථාව වදාළහ. එහි තස්මා යනු යම් හෙයකින් නිදිවැරීමෙන් යුක්ත තැනැත්තාගේ සිහියෙන් තොර නොවීම් ආදී වශයෙන් සමථ විපස්සනා භාවනාව සම්පූර්ණ බවට යයි, අනුක්‍රමයෙන් ආර්ය මාර්ගය පහළ වෙයි. එහෙයින් ඔහුට සියලු සසර බිය නැත. එහෙයින් හවෙ යනු ඒකාන්තයෙන් හෝ දැඩිව. භජෙථ යනු ඇසුරු කරන්නේය. මෙසේ නිදිවැරීම ඇසුරුකරන කෙලෙස් තවන වීර්ය ඇති බව ආදී ගුණවලින් යුතු භික්‍ෂුව සංයෝජන බිඳ අග්‍රඵල ඥානය නම් වූ අනුත්තරං ඊට වඩා උසස් දෙයක් නැති සම්බොධිං ඵුසෙ සම්බෝධිය හෙවත් අර්හත්ඵලයට පැමිණෙන්නේය. සෙස්ස කියන ලද පරිදිමය.

දසමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

දසවන සූත්‍රයයි.

11. ආපායික සුත‍්තවණ‍්ණනා

11. ආපායික සූත්‍ර වර්ණනාව

එකාදසමෙ ආපායිකාති අපායෙ නිබ‍්බත‍්තිස‍්සන‍්තීති ආපායිකා. තත්‍ථාපි නිරයෙ නිබ‍්බත‍්තිස‍්සන‍්තීති නෙරයිකා. ඉදමප‍්පහායාති ඉදං ඉදානි වක‍්ඛමානං දුවිධං පාපසමාචාරං අප‍්පජහිත්‍වා, තථාපටිපත‍්තිතථාපග‍්ගහණවසෙන පවත‍්තං වාචං චිත‍්තං දිට‍්ඨිඤ‍්ච අප‍්පටිනිස‍්සජ‍්ජිත්‍වාති අත්‍ථො. අබ්‍රහ‍්මචාරීති බ්‍රහ‍්මසෙට‍්ඨං චරතීති බ්‍රහ‍්මචාරී, බ්‍රහ‍්මා වා සෙට‍්ඨො ආචාරො එතස‍්ස අත්‍ථීති බ්‍රහ‍්මචාරී, න බ්‍රහ‍්මචාරීති අබ්‍රහ‍්මචාරී, බ්‍රහ‍්මචාරිපටිරූපකො දුස‍්සීලොති අත්‍ථො. බ්‍රහ‍්මචාරිපටිඤ‍්ඤොති “බ්‍රහ‍්මචාරී අහ”න‍්ති එවංපටිඤ‍්ඤො. පරිපුණ‍්ණන‍්ති අඛණ‍්ඩාදිභාවෙන අවිකලං. පරිසුද‍්ධන‍්ති උපක‍්කිලෙසාභාවෙන පරිසුද‍්ධං. අමූලකෙනාති දිට‍්ඨාදිමූලවිරහිතෙන, දිට‍්ඨං සුතං පරිසඞ‍්කිතන‍්ති ඉමෙහි චොදනාමූලෙහි වජ‍්ජිතෙන. අබ්‍රහ‍්මචරියෙන අසෙට‍්ඨචරියෙන. අනුද‍්ධංසෙතීති “පරිසුද‍්ධො අය”න‍්ති ජානන‍්තොව පාරාජිකවත්‍ථුනා ධංසෙති පධංසෙති, චොදෙති අක‍්කොසති වා.

එකොළොස්වන සූත්‍රයෙහි ආපායිකා යනු අපායෙහි උපදින්නාහුය යන අරුතින් ආපායිකා නම් වේ. එහිම නිරයෙහි උපදින්නාහුය යන අරුතින් නෙරයිකා නම් වේ. ඉදමප්පහාය දැන් මේ කියන්නා වූ දෙයාකාර පාපයෙහි හැසිරීම අත්නොහැර, එසේ පිළිපැදීම් වශයෙන් එසේ උත්සාහ කිරීම් වශයෙන් පැවති වචනය ද සිත ද දෘෂ්ටිය ද අත්නොහැර යන අර්ථයි. අබ්‍රහ්මචාරි යනු උතුම් ලෙස ශ්‍රේෂ්ඨ ලෙස හැසිරෙයි යන අරුතින් බ්‍රහ්මචාරී වෙයි. උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ ආචාරය මොහුට ඇත්තේය යන අරුතින් බ්‍රහ්මචාරී වෙයි. බ්‍රහ්මචාරි නොවන්නේ අබ්‍රහ්මචාරිය. බ්‍රහ්මචාරියකු ලෙස හැසිරෙන දුස්සීලයා ය යන අර්ථයි. බ්‍රහ්මචාරි පටිඤ්ඤො යනු මම බ්‍රහ්මචාරියෙක් වෙමියි ප්‍රතිඥා ඇත්තා වූ (කියන්නා වූ), පරිපුණ්ණං යනු කැඩීම් ආදියක් නැති බැවින් අඩු නොවූ පරිසුද්ධං යනු උපක්ලේශ නැති බැවින් පිරිසිදු වූ. අමූලකෙන යනු දැකීම් ආදී මුල් නැති, දක්නා ලද, අසන ලද, සැක කරන ලද යන මේ චෝදනා මුල්වලින් තොර. අබ්‍රහ්මචරියෙන යනු උතුම් නොවූ හැසිරිමෙන්. අනුද්ධංසෙති යනු මොහු පිරිසිදුයයි දකිමින්ම පාරජිකාවට හේතුවන කාරණයකින් පහරදෙයි හෝ චෝදනා කරයි හෝ ආක්‍රෝශ කරයි හෝ.

ගාථාසු අභූතවාදීති පරස‍්ස දොසං අදිස‍්වාව අභූතෙන තුච‍්ඡෙන මුසාවාදං කත්‍වා පරං අබ‍්භාචික‍්ඛන‍්තො. කත්‍වාති යො වා පන පාපකම‍්මං කත්‍වා “නාහං එතං කරොමී”ති ආහ. උභොපි තෙ පෙච‍්ච සමා භවන‍්තීති තෙ උභොපි ජනා ඉතො පරලොකං ගන‍්ත්‍වා නිරයං උපගමනතො ගතියා සමානා භවන‍්ති. තත්‍ථ ගතියෙව නෙසං පරිච‍්ඡින‍්නා, න පන ආයු. බහුඤ‍්හි පාපං කත්‍වා චිරං නිරයෙ පච‍්චති, පරිත‍්තං කත්‍වා අප‍්පමත‍්තකමෙව කාලං. යස‍්මා පන තෙසං උභින‍්නම‍්පි කම‍්මං ලාමකමෙව. තෙන වුත‍්තං “නිහීනකම‍්මා මනුජා පරත්‍ථා”ති. “පරත්‍ථා”ති පන පදස‍්ස පුරතො “පෙච‍්චා”ති පදෙන සම‍්බන්‍ධො – පරත්‍ථ පෙච‍්ච ඉතො ගන‍්ත්‍වා තෙ නිහීනකම‍්මා සමා භවන‍්තීති.

ගාථාවන්හි - අභූතවාදී යනු අනිකෙකුගේ දෝසයක් නොදැකම ඇති නොවූ කරුණකින් හිස් කරුණකින් බොරුවට අනිකෙකුට බොරු චෝදනා කරන තැනැත්තා. කත්‍වා යනු යමෙක් වනාහි පව්කමක් කොට මම එය නොකළෙමියි කියයි. උභො පි තෙ පෙච්ච සමා භවන්ති යනු ඒ දෙදෙනාම මෙලොවින් පරලොවට ගොස් නිරයට එළඹීම් වශයෙන් ගතියෙන් (උපතින්) සමාන වෙති. එහි උපතම ඔවුන්ගේ සීමාවයි. ආයුෂය නොවේ. බොහෝ පව්කොට බොහෝකලක් පැසෙයි. පව් ස්වල්පයක් සිදු කොට ස්වල්ප කාලයක්ම පැසෙයි. යම් හෙයකින් ඔවුන් දෙදෙනාගේම කර්මය ලාමකම වේද එහෙයින් නිහීන කම්මා මනුජා පරත්‍ථ යි දේශනා කරන ලදී. ‘පරත්‍ථ’ යන පදයට පරව (පසුව) පෙච්ච යන පදය සම්බන්ධ වේ. පරලොවදී මෙයින් මියගොස් ඒ පහත් කර්ම ඇති අය සමාන වෙති.

එවං භගවා අභූතබ‍්භක‍්ඛානවසෙන භූතදොසපටිච‍්ඡාදනවසෙන ච පවත‍්තස‍්ස මුසාවාදස‍්ස විපාකං දස‍්සෙත්‍වා ඉදානි තස‍්මිං ඨානෙ නිසින‍්නානං බහූනං පාපභික‍්ඛූනං දුච‍්චරිතකම‍්මස‍්ස විපාකදස‍්සනෙන සංවෙජනත්‍ථං ද‍්වෙ ගාථා අභාසි. තත්‍ථ කාසාවකණ‍්ඨාති කසාවරසපීතත‍්තා කාසාවෙන වත්‍ථෙන පලිවෙඨිතකණ‍්ඨා. පාපධම‍්මාති ලාමකධම‍්මා. අසඤ‍්ඤතාති කායාදීහි සඤ‍්ඤමරහිතා. පාපාති තථාරූපා පාපපුග‍්ගලා, පාපෙහි කම‍්මෙහි උපපජ‍්ජිත්‍වා “තස‍්ස කායොපි ආදිත‍්තො සම‍්පජ‍්ජලිතො සජොතිභූතො, සඞ‍්ඝාටිපි ආදිත‍්තා”තිආදිනා (සං· නි· 2.218-219; පාරා· 230) ලක‍්ඛණසංයුත‍්තෙ වුත‍්තනයෙන මහාදුක‍්ඛං අනුභවන‍්තියෙව.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ බොරුවෙන් චෝදනා කිරීම් වශයෙන්ද ඇති දොස් වැසීම් වශයෙන් ද පැවති බොරුවේ විපාක දක්වා දැන් එතැන හුන්නා වූ බොහෝ පාප භික්‍ෂූන්ගේ දුශ්චරිත කර්මයට විපාක දැක්වීම් වශයෙන් සංවේගය ඇතිකිරීම පිණිස ගාථා දෙකක් වදාළහ. එහි කාසාවකණ්ඨා යනු පඬු පොවන ලද කහවතින් වෙළන ලද බෙල්ල ඇති (උරහිසෙහි දැමූ කහවත ඇති) පාපධම්මා යන ලාමක ධර්ම. අසඤ්ඤතා යනු කායාදියෙන් සංවරයක් නැති. පාපා යනු එබඳු වූ පාප පුද්ගලයෝ. පාපෙහි කම්මෙහි පව්කම්වලින් උපත ලබා ‘තස්ස කායොපි ආදිත්තො සම්පජ්ජලිතො සජොතිභූතො සංඝාටිපි ආදිත්තා’ ‘ඔහුගේ කයද ඇවිල ගත්තේය. ගිනි දැල්වුණේය. ගින්නෙන් බැබලුණේය. සංඝාටිය (දෙපට සිවුර) ද ඇවිල ගත්තේය ආදි වශයෙන් ලක්ඛන සංයුත්තයෙහි කියන ලද ක්‍රමයෙන් මහා දුක් අනුභව කරත්මය.

තතියගාථාය අයං සඞ‍්ඛෙපත්‍ථො – යඤ‍්චෙ භුඤ‍්ජෙය්‍ය දුස‍්සීලො නිස‍්සීලපුග‍්ගලො කායාදීහි අසඤ‍්ඤතො රට‍්ඨවාසීහි සද‍්ධාය දින‍්නං යං රට‍්ඨපිණ‍්ඩං “සමණොම‍්හී”ති පටිජානන‍්තො ගහෙත්‍වා භුඤ‍්ජෙය්‍ය, තතො ආදිත‍්තො අග‍්ගිවණ‍්ණො අයොගුළොව භුත‍්තො සෙය්‍යො සුන්‍දරතරො. කිංකාරණා? තප‍්පච‍්චයා හිස‍්ස එකොව අත‍්තභාවො ඣායෙය්‍ය, දුස‍්සීලො පන හුත්‍වා සද‍්ධාදෙය්‍යං භුඤ‍්ජිත්‍වා අනෙකානිපි ජාතිසතානි නිරයෙ උප‍්පජ‍්ජෙය්‍යාති.

තෙවන ගාථාවෙහි මේ කෙටි අර්ථයයි. යඤ්චෙ භූඤ්ජෙය්‍ය දුස්සලො සිල් නැති පුද්ගලයා කායාදියෙන් අසඤ්ඤතො සංවර නැත්තේ රටවැසියන් විසින් සැදැහැයෙන් දෙන ලද යම් රට්ඨපිණ්ඩං ආහාරයක් මම ශ්‍රමණයෙක් වෙමියි ප්‍රතිඥා දෙන පුද්ගලයා ගෙන වළඳන්නේ නම්, එයට වඩා ගිනිගත් ගින්දර පැහැය ඇති යකඩ ගුලියක් අනුභව කරන ලද්දේම සෙය්‍යො වඩා යහපත්ය. කුමක් නිසාද? ඒ හේතුවෙන් එකම ආත්ම භාවයක් දැවෙන්නේය. දුශ්ශීලයෙක් වී සැදැහැයෙන් දෙන දෙය අනුභවකොට නොයෙක් සියගණන් ජාතිවලදී නිරයෙහි උපදින්නේය.

එකාදසමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

එකොළොස්වන සූත්‍රයයි.

12. දිට‍්ඨිගතසුත‍්තවණ‍්ණනා

12. දෘෂ්ටිගත සූත්‍ර වර්ණනාව

ද‍්වාදසමෙ ද‍්වීහි දිට‍්ඨිගතෙහීති එත්‍ථ දිට‍්ඨියොව දිට‍්ඨිගතානි “ගූථගතං මුත‍්තගත”න‍්තිආදීසු (අ· නි· 9.11) විය. ගහිතාකාරසුඤ‍්ඤතාය වා දිට‍්ඨීනං ගතමත‍්තානීති දිට‍්ඨිගතානි, තෙහි දිට‍්ඨිගතෙහි. පරියුට‍්ඨිතාති අභිභූතා පලිබුද‍්ධා වා. පලිබොධත්‍ථො වාපි හි පරියුට‍්ඨානසද‍්දො “චොරා මග‍්ගෙ පරියුට‍්ඨිංසූ”තිආදීසු (චූළව· 430) විය. දෙවාති උපපත‍්තිදෙවා. තෙ හි දිබ‍්බන‍්ති උළාරතමෙහි කාමගුණෙහි ඣානාදීහි ච කීළන‍්ති, ඉද‍්ධානුභාවෙන වා යථිච‍්ඡිතමත්‍ථං ගච‍්ඡන‍්ති අධිගච‍්ඡන‍්තීති ච දෙවාති වුච‍්චන‍්ති. මනස‍්ස උස‍්සන‍්නත‍්තා මනුස‍්සා, උක‍්කට‍්ඨනිද‍්දෙසවසෙන චෙතං වුත‍්තං යථා “සත්‍ථා දෙවමනුස‍්සාන”න‍්ති. ඔලීයන‍්ති එකෙති “සස‍්සතො අත‍්තා ච ලොකො චා”ති භවෙසු ඔලීයනාභිනිවෙසභූතෙන සස‍්සතභාවෙන එකච‍්චෙ දෙවා මනුස‍්සා ච අවලීයන‍්ති අල‍්ලීයන‍්ති සඞ‍්කොචං ආපජ‍්ජන‍්ති, න තතො නිස‍්සරන‍්ති. අතිධාවන‍්තීති පරමත්‍ථතො භින‍්නසභාවානම‍්පි සභාවධම‍්මානං ය‍්වායං හෙතුඵලභාවෙන සම‍්බන්‍ධො, තං අග‍්ගහෙත්‍වා නානත‍්තනයස‍්සපි ගහණෙන තත්‍ථ තත්‍ථෙව ධාවන‍්ති, තස‍්මා “උච‍්ඡිජ‍්ජති අත‍්තා ච ලොකො ච, න හොති පරං මරණා”ති උච‍්ඡෙදෙ වා භවනිරොධපටිපත‍්තියා පටික‍්ඛෙපධම‍්මතං අතිධාවන‍්ති අතික‍්කමන‍්ති. චක‍්ඛුමන‍්තො ච පස‍්සන‍්තීති චසද‍්දො බ්‍යතිරෙකෙ. පුබ‍්බයොගසම‍්පත‍්තියා ඤාණපරිපාකෙන පඤ‍්ඤාචක‍්ඛුමන‍්තො පන දෙවමනුස‍්සා තෙනෙව පඤ‍්ඤාචක‍්ඛුනා සස‍්සතං උච‍්ඡෙදඤ‍්ච අන‍්තද‍්වයං අනුපගම‍්ම මජ‍්ඣිමපටිපත‍්තිදස‍්සනෙන පච‍්චක‍්ඛං කරොන‍්ති. තෙ හි “නාමරූපමත‍්තමිදං පටිච‍්චසමුප‍්පන‍්නං, තස‍්මා න සස‍්සතං, නාපි උච‍්ඡිජ‍්ජතී”ති අවිපරීතතො පස‍්සන‍්ති.

දොළොස්වන සූත්‍රයෙහි - ද්වීහි දිට්ඨිගතෙහි යන මෙහි දිට්ඨි දිට්ඨිගත නම් වේ. ‘ගූථගතං මුත්තගතං’ යනාදියෙහි මෙනි. ගන්නා ලද ආකාරයෙන් හිස් බැවින් දෘෂ්ටීන්ට ගිය මාත්‍රය යන අරුතින් දිට්ඨිට්ඨාන දිට්ඨිගත නම් වේ. ඒ දෘෂ්ටීන්ගෙන්. පරියුට්ඨිතා යනු මඩිනා ලද හෝ පීඩාවන්ට පත් ‘චොරා මග්ගෙ පරියුට්ඨිංසු’ ‘සොරු (අන්‍යයන්ට) බාධාකාරි ලෙස මාර්ගයෙහි නැගීසිටියහ. යනාදියෙහි මෙන් පරියුට්ඨාන ශබ්දය බාධා අර්ථයෙහි හෝ වෙයි. දෙවා යනු උත්පත්ති දෙවියෝය. ඔවුහු වනාහි උසස්ම කාම ගුණවලින් (කාම සම්පත්වලින්) ක්‍රීඩාකරත් (විනෝද වෙත්) ධ්‍යානාදියෙන් ද ක්‍රීඩා කරත් (සතුටු වෙත්) ඍද්ධි ආනුභාවයෙන් කැමති කැමති ප්‍රයෝග කරා යති ප්‍රයෝජන ලබති යන අරුතින් ද ඔවුහු දෙවිවරු යයි කියනු ලැබෙති. මනසින් අධික වූ බැවින් මනුෂ්‍ය නම් වේ. (මනසා උස්සන්නත්තා = මනුස්සා) මෙය උසස් ලෙසින් දැක්වීම් වශයෙන් කියන ලදී. ‘සත්‍ථා දෙවමනුස්සානං’ යන්නෙහි මෙනි. ඔලීයන්ති එකෙ යනු ‘සස්සතො අත්තා ව ලොකො ච’ ‘ආත්මය ද ලෝකය ද ශාස්වතයයි භවයන්හි (ඔලීයන අභිනිවෙස වූ) ඇලීම දැඩිව ගැනීම වූ ශාස්වත භාවයෙන් ඇතැම් දෙවියෝ ද ඇතැම් මිනිස්සු ද ඇලෙති, හැකිලීමට පැමිණෙති, එයින් නො මිදෙති. අතිධාවන්ති යනු පරමාර්ථ වශයෙන් බිඳුණු ස්වභාව ඇති ස්වභාව ධර්මයන්ට ඵල ස්වභාවයෙන් සම්බන්ධ වන යම් මේ හේතුවක් වේද, එය නොගෙන නානත්ත න්‍යාය ගැනීමෙන් ඒ ඒ තැන්හිම දුවති. එහෙයින් ආත්මයත් ලෝකයත් සහමුලින් සිඳෙයි, මරණින් පසු ආත්මයත් ලෝකයත් නොවේයැයි උච්ඡේදයෙහි හෝ භව නිරෝධ ප්‍රතිපත්තියෙහි ප්‍රතික්‍ෂේප කරන ධර්මතාව අතිධාවනය කරත්. ඉක්මවා යති. චක්‍ඛුමන්තො ච පස්සන්ති ‘ච’ ශබ්දය අතිරේක අර්ථයෙහි ය. පූර්වයෝග සම්පත්තියෙන් නුවණ මුහුකුරා යාමෙන් ප්‍රඥාවෙන් ඇස් ඇත්තා වූ දෙවි මිනිස්සු ඒ නුවණැසින්ම ශාස්වත උච්ඡේද යන අන්ත දෙකට නොගොස් මධ්‍යම ප්‍රතිපත්තිය දැකීමෙන් ප්‍රත්‍යක්‍ෂ කරති. ඔවුහු මේ නාමරූප මාත්‍රයක් ය. ප්‍රත්‍යයෙන් හටගත්තේය. එහෙයින් ශාස්වත ද නොවේ, උච්ඡේදයක් ද නොවේයයි නොවෙනස් අයුරින් දකිති.

එවං ඔලීයනාදිකෙ පුග‍්ගලාධිට‍්ඨානෙන උද‍්දිසිතුං “කථඤ‍්ච, භික‍්ඛවෙ”තිආදි වුත‍්තං. තත්‍ථ භවාති කාමභවො, රූපභවො, අරූපභවො. අපරෙපි තයො භවා සඤ‍්ඤීභවො, අසඤ‍්ඤීභවො, නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤීභවො. අපරෙපි තයො භවා එකවොකාරභවො, චතුවොකාරභවො, පඤ‍්චවොකාරභවොති. එතෙහි භවෙහි ආරමන‍්ති අභිනන්‍දන‍්තීති භවාරාමා. භවෙසු රතා අභිරතාති භවරතා. භවෙසු සුට‍්ඨු මුදිතාති භවසම‍්මුදිතා. භවනිරොධායාති තෙසං භවානං අච‍්චන‍්තනිරොධාය අනුප‍්පාදනත්‍ථාය. ධම‍්මෙ දෙසියමානෙති තථාගතප‍්පවෙදිතෙ නිය්‍යානිකධම‍්මෙ වුච‍්චමානෙ. න පක‍්ඛන්‍දතීති සස‍්සතාභිනිවිට‍්ඨත‍්තා සංඛිත‍්තධම‍්මත‍්තා න පවිසති න ඔගාහති. න පසීදතීති පසාදං නාපජ‍්ජති න තං සද‍්දහති. න සන‍්තිට‍්ඨතීති තස‍්සං දෙසනායං න තිට‍්ඨති නාධිමුච‍්චති. එවං සස‍්සතතො අභිනිවිසනෙන භවෙසු ඔලීයන‍්ති.

මෙසේ හැකිලීම් ආදී වශයෙන් දක්වන ලද පුද්ගලයන් මුල්කොටගෙන දක්වන්නට ‘කථඤ්ච භික්‍ඛවෙ’ යනාදිය කියන ලදී. එහි භව යනු කාම භවය, රූප භවය, අරූප භවයයි. වෙනත් භව තුනක්ද ඇත. සඤ්ඤීභවය, අසඤ්ඤීභවය, නේවසඤ්ඤී නාසඤ්ඤීභවයයි. තවත් භව තුනක් ඇත. ඒකවෝකාර භවය, චතුවෝකාර භවය, පංචවෝකාර භවයයි මේ භව කරණකොට ඇලෙති, සතුටුවෙති යන අරුතින් භවාරාමා නමි. භවයන්හි ඇලුණාහු විශේෂයෙන් ඇලුණාහු යන අරුතින් භවාරතා නමි. භවයන්හි හොඳින් සතුටට පත්වූවාහු යන අරුතින් භව සම්මුදිතා නමි. භව නිරෝධාය යනු ඒ භවයන්ගේ අතිශයින් නිරෝධය පිණිස නූපදීම පිණිස. ධම්මෙ දෙසියමානෙ යනු තථාගතයන් වහන්සේ දේශනා කළ නෛර්යානික (සසර දුකින් එතෙර කරවන) ධර්මය දෙසන කල්හි. න පක්‍ඛන්‍දති යනු ශාස්වතයට ඇලීසිටින බැවින් හැකිළුණු ස්වභාව ඇති බැවින් ඇතුල් නොවෙයි, බැස නොගනී. න පසීදති යනු ප්‍රසාදයට නොපැමිණෙයි, එය නො අදහයි. න සන්තිට්ඨති යනු ඒ දේශනාවෙහි නොසිටියි. නාධිමුච්චති යනු නොපිහිටයි. මෙසේ ශාස්වතයට ඇලී සිටීම් වශයෙන් භවයන්හි හැකිළීමට යති.

අට‍්ටීයමානාති භවෙ ජරාරොගමරණාදීනි වධබන්‍ධනච‍්ඡෙදනාදීනි ච දිස‍්වා සංවිජ‍්ජනෙන තෙහි සමඞ‍්ගිභාවෙන භවෙන පීළියමානා දුක‍්ඛාපියමානා. හරායමානාති ලජ‍්ජමානා ජිගුච‍්ඡමානාති පටිකූලතො දහන‍්තා. විභවන‍්ති උච‍්ඡෙදං. අභිනන්‍දන‍්තීති තණ‍්හාදිට‍්ඨාභිනන්‍දනාහි අජ‍්ඣොසාය නන්‍දන‍්ති. යතො කිර භොතිආදි තෙසං අභිනන්‍දනාකාරදස‍්සනං. තත්‍ථ යතොති යදා. භොති ආලපනං. අයං අත‍්තාති කාරකාදිභාවෙන අත‍්තනා පරිකප‍්පිතං සන්‍ධාය වදති. උච‍්ඡිජ‍්ජතීති උපච‍්ඡිජ‍්ජති. විනස‍්සතීති න දිස‍්සති, විනාසං අභාවං ගච‍්ඡති. න හොති පරං මරණාති මරණෙන උද‍්ධං න භවති. එතං සන‍්තන‍්ති යදෙතං අත‍්තනො උච‍්ඡෙදාදි, එතං සබ‍්බභවවූපසමතො සබ‍්බසන‍්තාපවූපසමතො ච සන‍්තං, සන‍්තත‍්තා එව පණීතං, තච‍්ඡාවිපරීතභාවතො යාථාවං. තත්‍ථ “සන‍්තං පණීත”න‍්ති ඉදං ද‍්වයං තණ‍්හාභිනන්‍දනාය වදන‍්ති, “යාථාව”න‍්ති දිට‍්ඨාභිනන්‍දනාය. එවන‍්ති එවං යථාවුත‍්තඋච‍්ඡෙදාභිනිවෙසනෙන.

අට්ටීයමානා යනු භවයෙහි ජරා - රෝග, මරණාදිය ද වධ-බන්ධන-ඡේදන (මැරීම්, සිරකිරීම්, කැපීම්) ආදිය ද දැක එම කරුණුවලින් විද්‍යමාන වීමෙන් යුක්තවීමෙන්, භවෙන භවයෙන් පෙළනු ලබන්නාහු දුකට පත්කළාහු, හරායමානා යනු ලජ්ජා වන්නාහු ජිගුච්ඡමානා පිළිකුලෙන් ගෙනයන්නාහු (දැවෙන්නාහු). විභවං යනු උච්ඡේදය. අභිනන්‍දන්ති යනු තණ්හා දිට්ඨි අභිනන්දනවලින් එයට බැසගෙන සතුටු වෙත්. යතො ඛො කිර භො යනාදිය ඔවුන්ගේ සතුටුවන ආකාරය දැක්වීමයි. එහි ‘යතො’ යනු යදා = යම්කලෙක ‘භො’ යනු ඇමතීමයි. අයං අත්තා යනු කාරක (කරන්නා) ආදී ස්වභාවයෙන් තමා විසින් පරිකල්පනය කරන (සිතන) ලද දෙය සඳහා කියයි. උච්ඡිජ්ජති යනු සිඳෙය. විනස්සති යනු නො පෙනේ. විනාශ භාවයට යයි. න හොති පරම්මරණා යනු මරණින් මතු නොවෙයි. එතං සන්තං යනු තමාගේ උච්ඡේදාදි වූ මෙය සියලු භවය සන්සිඳීම් වශයෙන් ද සියලු තැවීම් සන්සිඳීම් වශයෙන් ද ශාන්ත ය. ශාන්ත බැවින්ම පණීතං ප්‍රණීතය. එය නොවෙනස්වන ස්වභාවයෙන් යාථාවං වෙයි. එහි ‘සන්තං, පණීතං’ යන මේ දෙක තණ්හාභිනන්දනයට (තණ්හාවෙන් සතුටුවීමට) කියත්. ‘යාථාවං’ යන්න දිට්ඨි අභිනන්දනයට කියති. එවං යනු කියන ලද ආකාර ඇති උච්ඡේදයට බැසගැනීමෙන්.

භූතන‍්ති ඛන්‍ධපඤ‍්චකං. තඤ‍්හි පච‍්චයසම‍්භූතත‍්තා පරමත්‍ථතො විජ‍්ජමානත‍්තා ච භූතන‍්ති වුච‍්චති. තෙනාහ “භූතමිදං, භික‍්ඛවෙ, සමනුපස‍්සථා”ති (ම· නි· 1.401). භූතතො අවිපරීතසභාවතො සලක‍්ඛණතො සාමඤ‍්ඤලක‍්ඛණතො ච පස‍්සති. ඉදඤ‍්හි ඛන්‍ධපඤ‍්චකං නාමරූපමත‍්තං. තත්‍ථ “ඉමෙ පථවීආදයො ධම‍්මා රූපං, ඉමෙ ඵස‍්සාදයො ධම‍්මා නාමං, ඉමානි නෙසං ලක‍්ඛණාදීනි, ඉමෙ නෙසං අවිජ‍්ජාදයො පච‍්චයා”ති එවං සපච‍්චයනාමරූපදස‍්සනවසෙන චෙව, “සබ‍්බෙපිමෙ ධම‍්මා අහුත්‍වා සම‍්භොන‍්ති, හුත්‍වා පටිවෙන‍්ති, තස‍්මා අනිච‍්චා, අනිච‍්චත‍්තා දුක‍්ඛා, දුක‍්ඛත‍්තා අනත‍්තා”ති එවං අනිච‍්චානුපස‍්සනාදිවසෙන ච පස‍්සතීති අත්‍ථො. එත‍්තාවතා තරුණවිපස‍්සනාපරියොසානා විපස‍්සනාභූමි දස‍්සිතා. නිබ‍්බිදායාති භූතසඞ‍්ඛාතස‍්ස තෙභූමකධම‍්මජාතස‍්ස නිබ‍්බින්‍දනත්‍ථාය, එතෙන බලවවිපස‍්සනං දස‍්සෙති. විරාගායාති විරාගත්‍ථං විරජ‍්ජනත්‍ථං, ඉමිනා මග‍්ගං දස‍්සෙති. නිරොධායාති නිරුජ‍්ඣනත්‍ථං, ඉමිනාපි මග‍්ගමෙව දස‍්සෙති. නිරොධායාති වා පටිප‍්පස‍්සද‍්ධිනිරොධෙන සද‍්ධිං අනුපාදිසෙසනිබ‍්බානං දස‍්සෙති. එවං ඛො, භික‍්ඛවෙ, චක‍්ඛුමන‍්තො පස‍්සන‍්තීති එවං පඤ‍්ඤාචක‍්ඛුමන‍්තො සපුබ‍්බභාගෙන මග‍්ගපඤ‍්ඤාචක‍්ඛුනා චතුසච‍්චධම‍්මං පස‍්සන‍්ති.

භූතං යනු ස්කන්ධ පංචකයයි. එය වනාහි ප්‍රත්‍යයෙන් හටගත් බැවින් ද පරමාර්ථ වශයෙන් විද්‍යාමාන (ඇති) බැවින් ද භූතං යනුවෙන් කියනු ලැබේ. එහෙයින් ‘භූතමිදං භික්‍ඛවෙ සමනුපස්සථ’ යි වදාළහ. භූත (හටගත් එකක්) වශයෙන්, නොවෙනස් වූ ස්වභාව වශයෙන් ස්වලක්‍ෂණ වශයෙන් සාමාන්‍ය ලක්‍ෂණ වශයෙන් ද දකියි. මේ ස්කන්ධ පංචකය නාමරූප මාත්‍රයකි. එහි මේ පඨවි ආදී ධර්ම රූපය යි. මේ ඵස්සාදී ධර්ම නාමයයි. මේවා ඒවායේ ලක්‍ෂණාදියයි. මේවා ඒවායේ අවිද්‍යාදී ප්‍රත්‍යයයි මෙසේ ප්‍රත්‍යය සහිතව නාමරූප දැකීම් වශයෙන් ද මේ සියලුම ධර්මයෝ නොවී හටගනිත්. හටගෙන නැතිවෙත්. එහෙයින් අනිත්‍යය, අනිත්‍ය බැවින් දුක්ය. දුක් බැවින් අනාත්මයයි මෙසේ අනිත්‍යානුපස්සනාදී වශයෙන් ද දකියි යන අර්ථයි. මෙපමණකින් තරුණ විදර්ශනාව කෙළවර වූ විදර්ශනා භූමිය දක්වන ලදී. නබ්බිදාය යනු භූත නම් වූ උපන් ත්‍රෛභූමක ධර්මයන් පිළිබඳ කලකිරීම පිණිස, එයින් බලවත් විදර්ශනාව දක්වයි. විරාගාය යනු විරාගය පිණිස නොඇලීම පිණිස, මෙයින් මාර්ගය දක්වයි. නිරොධාය යනු නිරෝධය පිණිස, මෙයින් ද මාර්ගයම දක්වයි. ‘නිරෝධාය’ යනු පටිපස්සද්ධි නිරෝධය සමඟ අනුපාදිසේස නිවන දක්වයි. එවං චක්‍ඛුමනෙ පස්සන්ති යනු මෙසේ නුවණැස ඇත්තේ පූර්වභාග සහිත මාර්ග ප්‍රඥා ඇසින් චතුස්සත්‍ය ධර්මය දකිති.

ගාථාසු යෙ භූතං භූතතො දිස‍්වාති යෙ අරියසාවකා භූතං ඛන්‍ධපඤ‍්චකං භූතතො අවිපරීතසභාවතො විපස‍්සනාපඤ‍්ඤාසහිතාය මග‍්ගපඤ‍්ඤාය දිස‍්වා. එතෙන පරිඤ‍්ඤාභිසමයං දස‍්සෙති. භූතස‍්ස ච අතික‍්කමන‍්ති භාවනාභිසමයං. අරියමග‍්ගො හි භූතං අතික‍්කමති එතෙනාති “භූතස‍්ස අතික‍්කමො”ති වුත‍්තො. යථාභූතෙති අවිපරීතසච‍්චසභාවෙ නිබ‍්බානෙ. විමුච‍්චන‍්ති අධිමුච‍්චන‍්ති, එතෙන සච‍්ඡිකිරියාභිසමයං දස‍්සෙති. භවතණ‍්හාපරික‍්ඛයාති භවතණ‍්හාය සබ‍්බසො ඛෙපනා සමුච‍්ඡින්‍දනතො, එතෙන සමුදයප‍්පහානං දස‍්සෙති.

ගාථාවන්හි යෙ භූතං භූතතො දිස්වා යනු යම් ආර්ය ශ්‍රාවකයෝ භූත වූ ස්කන්ධ පංචකය භූත වශයෙන් අවිපරීත ස්වභාවයෙන් විදර්ශනා ප්‍රඥා සහිත මාර්ග ප්‍රඥාවෙන් දැක, එයින් පරිඤ්ඤාභිසමය (පරිඤ්ඤා අවබෝධය) දක්වයි. භූතස්ස ච අතික්කමං යනුවෙන් භාවනාභිසමය දක්වයි. ආර්යමාර්ගය භූතය ඉක්මවයි. එයින් භූතයේ ඉල්ලීම කියන ලද්දේය. යථාභූතෙ යනු නොවෙනස් වූ සත්‍ය ස්වභාවය වූ නිවනෙහි. විමුච්චන්ති (කෙලෙසුන්ගෙන්) මිදෙත්. එයින් සච්ඡිකිරිය අභිසමය දක්වයි. භවතණ්හා පරික්‍ඛයා යනු සියලු ආකාරයෙන් භව තණ්හාව සමුච්ඡේද වශයෙන් ගෙවා දැමීම, එයින් සමුදය ප්‍රහාණය දක්වයි.

සවෙ භූතපරිඤ‍්ඤො සොති එත්‍ථ පන සවෙති නිපාතමත‍්තං. සො භූතපරිඤ‍්ඤො භූතස‍්ස අතික‍්කමනූපායෙන මග‍්ගෙන භවතණ‍්හාපරික‍්ඛයා පරිඤ‍්ඤාතක‍්ඛන්‍ධො තතො එව යථාභූතෙ නිබ‍්බානෙ අධිමුත‍්තො. භවාභවෙති ඛුද‍්දකෙ චෙව මහන‍්තෙ ච, උච‍්ඡෙදාදිදස‍්සනෙ වා වීතතණ‍්හො භින‍්නකිලෙසො. භික‍්ඛු භූතස‍්ස උපාදානක‍්ඛන්‍ධසඞ‍්ඛාතස‍්ස අත‍්තභාවස‍්ස විභවා, ආයතිං අනුප‍්පාදා පුනබ‍්භවං නාගච‍්ඡති, අපඤ‍්ඤත‍්තිකභාවමෙව ගච‍්ඡතීති අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා දෙසනං නිට‍්ඨාපෙසි.

සවෙ භූත පරිඤ්ඤො සො යන මෙහි ‘සවෙ’ යනු නිපාත මාත්‍රයකි. පංචස්කන්ධය නම් වූ භූතය පිළිබඳ පිරිසිඳ දැනගන්නා වූ ඔහු පංචස්කන්ධය ඉක්මවන උපාය මාර්ගයෙන් භව තණ්හාව ක්‍ෂය කිරීමෙන් පිරිසිඳ දන්නා ලද ස්කන්ධය ඇත්තේ එහෙයින්ම යථාභූත වූ නිවනෙහි ඇලුණේ වෙයි. භවාභවෙ යනු කුඩා වූ ද මහත් වූ ද උච්ඡේද ආදිය දැකීමෙන් හෝ භවා භවෙ යනු කුඩා වූ ද මහත් වූ ද, උච්ඡේද ආදිය දැකීමෙන් හෝ වීත තණ්හො බිඳ දමන ලද කෙලෙස් ඇති භික්‍ෂුව භූතස්ස උපාදාන ස්කන්ධ නම් වූ ආත්ම භාවය විභවා මත්තෙහි නූපදීමෙන් පුනබ්භවං පුනර්භවයට නො පැමිණෙයි. පැණවීමක් නැති බවටම යතියි අනුපාදිසේස නිර්වාණ ධාතුවෙන් දේශනාව නිමකළ සේක.

ඉති ඉමස‍්මිං වග‍්ගෙ එකාදසමෙ වට‍්ටං කථිතං, තතියචතුත්‍ථපඤ‍්චමෙසු පරියොසානසුත‍්තෙ ච වට‍්ටවිවට‍්ටං කථිතං, සෙසෙසු විවට‍්ටමෙවාති වෙදිතබ‍්බං.

මෙසේ මේ වර්ගයෙහි එකොළොස්වන සූත්‍රයෙහි දී සසර දෙසන ලදී. තෙවන, සිවුවන, පස්වන සූත්‍රවල ද අවසාන (දොළොස්වන) සූත්‍රයෙහිද සසර හා නිවන (වට්ට-විවට්ට) දෙසන ලදී. ඉතිරි ඒවාහි නිවනම දෙසන ලදැයි දතයුතුය.

ද‍්වාදසමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

පරමත්‍ථදීපනියා ඛුද‍්දකනිකාය-අට‍්ඨකථාය ඉතිවුත‍්තකස‍්ස දුකනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.

පරමත්‍ථදීපනී ඛුද්දක නිකායට්ඨ කථා ඉතිවුත්තකයේ දුකනිපාත වර්ණනාව නිමියේ ය.