සික‍්ඛානිසංසසුත‍්තං
2. 2. 9.
2. 2. 9.
[සික‍්ඛානිසංසසුත‍්තං]
[ශික්‍ෂානෘශංස සූත්‍රය]
46. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං.
46. භගවත් බුදුරදුන් විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේය. මා විසින් මෙසේ අසන ලදි.
1. සික‍්ඛානිසංසා භික‍්ඛවෙ විහරථ පඤ‍්ඤුත‍්තරා විමුත‍්තිසාරා සතාධිපතෙය්‍යා. සික‍්ඛානිසංසානං භික‍්ඛවෙ විහරතං පඤ‍්ඤුත‍්තරානං විමුත‍්තිසාරානං සතාධිපතෙය්‍යානං ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං: දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා’ති.
1. මහණෙනි, (ත්‍රිවිධ) ශික්‍ෂාවෙහි අනුසස් දක්නා සුලු වූවාහු, ප්‍රඥාව ප්‍රධාන කොට ඇත්තාහු, විමුක්තිය හර කොට ඇත්තාහු සිහිය අධිපති කොට ඇත්තාහු වාසය කරවු. මහණෙනි, (ත්‍රිවිධ) ශික්‍ෂාවෙහි අනුසස් දැක ප්‍රඥාව ප්‍රධාන කොට, විමුක්තිය හර කොට සිහිය අධිපති කොට වාසය කරන්නන් විසින් මේ අත්බැව්හි රහත්බව ද, කෙලෙස් උපාදිශේෂය ඇති කල්හි අනාගාමි බව ද (යන) ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතු.
එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:
මේ කරුණ ද භගවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.
2. “පරිපුණ‍්ණසෙඛං අපහානධම‍්මං පඤ‍්ඤුත‍්තරං ජාතිඛයන‍්තදස‍්සිං තං වෙ මුනිං අන‍්තිමදෙහධාරිං මානං ජහං බ්‍රූමි ජරාය පාරගුං.
2. “නිවණ දක්නා සුලු වූ, අන්තිම සිරුර දරන්නා වූ, මානය දුරු කළා වූ ජරාවගේ පරතෙරට ගියා වූ ඒ මුනි තෙමේ සම්පූර්‍ණ ශික්‍ෂා ඇත්තේ යැ යි ද, අකෝප්‍ය (අවිකාර්‍ය්‍ය) ධර්‍ම ඇත්තේ යැ යි ද, ප්‍රඥාව ශ්‍රේෂ්ඨ කොට ඇත්තේ යැ යි ද කියමි.
3. තස‍්මා සදා ඣානරතා සමාහිතා ආතාපිනො ජාතිඛයන‍්තදස‍්සිනො මාරං සසෙනං අභිභුය්‍ය භික‍්ඛවො භවාථ ජාතිමරණස‍්ස පාරගා”ති.
3. මහණෙනි, එසේ හෙයින් හැම කල්හි ධ්‍යානයෙහි ඇලුනාහු, එකඟ සිත් ඇත්තාහු, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තාහු, නිවණ දක්නා සුලු වූවාහු, සේනා සහිත මරු මැඩ ලා ජාති (ජරා) මරණයන්ගේ පරතෙරට ගියාහු වවු.
අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා, ඉති මෙ සුතන‍්ති.
මේ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදී.