යෙදුමෙන් කියවන්න

ජාගරිය සුත‍්තං

2. 2. 10.

2. 2. 10.

[ජාගරිය සුත‍්තං]

[ජාගර්‍ය සූත්‍රය]

47. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං.

47. භගවත් බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් අසන ලදී.

1. ජාගරො චස‍්ස භික‍්ඛවෙ භික‍්ඛු විහරෙය්‍ය සතො සම‍්පජානො සමාහිතො පමුදිතො විප‍්පසන‍්නො ච තත්‍ථ කාලවිපස‍්සී ච කුසලෙසු ධම‍්මෙසු. ජාගරස‍්ස භික‍්ඛවෙ භික‍්ඛුනො විහරතො සතස‍්ස සම‍්පජානස‍්ස සමාහිතස‍්ස පමුදිතස‍්ස විප‍්පසන‍්නස‍්ස තත්‍ථ කාලවිපස‍්සිනො කුසලෙසු ධම‍්මෙසු ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං: දිට‍්ඨෙ’ව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා’ති.

1. මහණෙනි, මහණ තෙමේ (කමටහන් මෙනෙහි කිරීමෙන්) නිදි දුරු කෙළේ, එළඹ සිටි සිහි ඇත්තේ, සම්‍යක්ප්‍රඥා ඇත්තේ, එකඟ වූ සිත් ඇත්තේ, ප්‍රමුදිත වූයේ, ප්‍රසන්න වූයේ, කුශලධර්‍ම විදර්‍ශනායෙහි කාලානුරූප වැ යෙදී වාසය කරන්නේ වේ ද, මහණෙනි, නිදි දුරුකළා වූ, එළඹ සිටි සිහි ඇති, සම්‍යක්ප්‍රඥා ඇති, එකඟ සිත් ඇති, ප්‍රමුදිත වූ, ප්‍රසන්න වූ ඒ කුශලධර්‍ම විදර්‍ශනායෙහි කාලානුරූප ව යෙදෙන භික්‍ෂුහු විසින් මේ අත්බැව්හි රහත් බව ද, කෙලෙස් උපාදිශේෂය ඇති කල්හි අනාගාමි බව ද යන ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතු.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

භගවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “ජාගරන‍්තා සුණාථෙතං යෙ සුත‍්තා තෙ පබුජ‍්ඣථ සුත‍්තා ජාගරියං සෙය්‍යො නත්‍ථි ජාගරතො භයං.

2. “නිදි වර්‍ජජිත කිරීමෙහි යෙදුනාහු තෙපි මේ වචනය අසවු: යම් කෙනෙක් නිද්‍රාවට ගියාහු ද ඒ තෙපි පිබිදෙවු. නිදීමට වඩා නිදි වැරීම ශ්‍රේෂ්ඨය. නිදි වරන්නාට (අත්තානුවාදී) බියෙක් නැත්තේ ය.

3. යො ජාගරො ච සතිමා සම‍්පජානො සමාහිතො පමුදිතො විප‍්පසන‍්නො කාලෙන සො සම‍්මා ධම‍්මං පරිවීමංසමානො එකොදිභූතො විහනෙ තමං සො.

3. යමෙක් නිදි දුරු කෙළේ, සිහි ඇත්තේ, සම්‍යක්ප්‍රඥා ඇත්තේ, එකඟ සික් ඇත්තේ, ප්‍රමුදිත වූයේ, විප්‍රසන්න වූයේ, සුදුසු කල්හි බෝධිපාක්‍ෂික ධර්‍මයන් හාත්පසින් විමසා බලන්නේ, හටගත් ශ්‍රේෂ්ඨ සමාධි ඇත්තේ වේ ද, හෙ තෙමේ මොහඳුර නසන්නේ වේ.

4. තස‍්මා හවෙ ජාගරියං භජෙථ ආතාපී භික‍්ඛු නිපකො ඣානලාභී සංයොජනං ජාතිජරාය ඡෙත්‍වා ඉධෙව සම‍්බොධි මනුත‍්තරං ඵුසෙ”ති.

4. එසේ හෙයින් ඒකාන්තයෙන් නිදි වැරීම භජනය කරවු. කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති, ප්‍රඥාසම්පන්න ධ්‍යානලාභී භික්‍ෂු තෙමේ මේ අත්බැව්හි ම ජාතිජරාවන් පිළිබඳ සංයෝජනයන් නසා නිරුත්තර වූ සම්‍යක්සම්බෝධිය ස්පර්‍ශ කරන්නේ ය. (ලබන්නේ යි.)

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

මේ කාරණය ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.