යෙදුමෙන් කියවන්න

අජාතසුත‍්තං

2. 2. 6.

2. 2. 6.

[අජාතසුත‍්තං]

[අජාත සූත්‍රය]

43. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං.

43. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි:

1. අත්‍ථි භික‍්ඛවෙ අජාතං අභූතං අකතං අසඞ‍්ඛතං. නො චෙ තං භික‍්ඛවෙ අභවිස‍්ස අජාතං අභූතං අකතං අසඞ‍්ඛතං, නයිධ ජාතස‍්ස භූතස‍්ස කතස‍්ස සඞ‍්ඛතස‍්ස නිස‍්සරණං පඤ‍්ඤායෙථ. යස‍්මා ච ඛො භික‍්ඛවෙ අත්‍ථි අජාතං අභූතං අකතං අසඞ‍්ඛතං, තස‍්මා ජාතස‍්ස භූතස‍්ස කතස‍්ස සඞ‍්ඛතස‍්ස නිස‍්සරණං පඤ‍්ඤායතී’ති.

1. මහණෙනි, (හේතු ප්‍රත්‍යයයෙන් හට නොගත් හෙයින්) අජාත නම් වූ, (ඉබේ පහළ නොවූ හෙයින්) අභූත නම් වූ, (කිසිවකින් නොකරණ ලද හෙයින්) අකත නම් වූ, (එහෙයින් ම) අසඞ්ඛත නම් වූ නිවණ ඇත්තේ ය. මහණෙනි, අජාත - අභූත - අකත - අසඞ්ඛත - සඞ්ඛ්‍යාත නිවණ ඉදින් නොවන්නේ නම්, ජාත - භූත - කත - සඞ්ඛත - සඞ්ඛ්‍යාත සංස්කාරධර්‍මයන්ගේ සංසිඳීමෙක් නො පැණෙන්නේ ය. යම් හෙයකින් අජාත - අභූත - අකත - අසඞ්ඛත - නිවණ ඇත්තේ ද, එහෙයින් ජාත - භූත - කත - සඞ්ඛත - සඞ්ඛ්‍යාත සංස්කාරධර්‍මයන්ගේ සංසිඳීම පැණේ.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

මෙ කරුණ භගවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ.

2. “ජාතං භූතං සමුප‍්පන‍්නං, කතං සඞ‍්ඛතමද‍්ධුවං ජරාමරණසඞ‍්ඝාතං රොගනිඩ‍්ඩං පභඞ‍්ගුරං ආහාරනෙත‍්තිප‍්පභවං නාලං තදභිනන්‍දිතුං.

2. “ජාත භුත සමුත්පන්න කත සඞ්ඛත අනිත්‍ය ලක්‍ෂණ වූ, ජරාමරණ හා එකට බැඳුනු, රෝගයන්ට කැදැල්ලක් වූ, වහා බිඳෙන සුලු, ආහාර තෘෂ්ණාව ප්‍රභව කොට ඇති (ඒ උපාදානස්කන්‍ධ පඤ්චකය) සිත් අලවන්නට සුදුසු නො වේ.

3. තස‍්ස නිස‍්සරණං සන‍්තං අතක‍්කාවචරං ධුවං අජාතං අසමුප‍්පන‍්නං අසොකං විරජං පදං නිරොධො දුක‍්ඛධම‍්මානං සඞ‍්ඛාරූපසමො සුඛො’ති”.

3. ඒ ස්කන්‍ධපඤ්චකයාගේ නික්මයාම ම ශාන්ත වේ. (ඒ නිර්‍වාණය) තර්‍කඥානයට විෂය නො වේ. නිත්‍ය වේ. අජාත වේ. අසමුත්පන්න වෙයි. අශෝක වෙයි. විරජ වෙයි. පද (ලදයුතු) වෙයි. දුක්ඛනිරෝධ වෙයි. සඞ්ඛාරූපසම වෙයි.(අත්‍යන්ත) සුඛ වෙයි.

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

මේ කාරණය ද භගවත්හු විසින් වදාරණ ලදි. මෙසේ මා විසින් අසන ලදි.