යෙදුමෙන් කියවන්න

නිබ‍්බානධාතු සුත‍්තං

2. 2. 7.

2. 2. 7.

[නිබ‍්බානධාතු සුත‍්තං]

[නිර්‍වාණධාතු සූත්‍රය]

44. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං.

44. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි.

1. ද‍්වෙ’මා භික‍්ඛවෙ නිබ‍්බානධාතුයො. කතමෙ ද‍්වෙ? සඋපාදිසෙසා ච නිබ‍්බානධාතු අනුපාදිසෙසා ච නිබ‍්බානධාතු.

1. මහණෙනි, මේ නිර්‍වාණධාතූහු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක් ද යත්: සෝපාදිශේෂ නිර්‍වාණධාතු, අනුපාදිශේෂ නිර්‍වාණධාතු ය.

2. කතමා ච භික‍්ඛවෙ සඋපාදිසෙසා නිබ‍්බානධාතු?

2. මහණෙනි, සෝපාදිශේෂ නිර්‍වාණධාතු කවරේ ද?

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අරහං හොති ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප‍්පත‍්තසදත්‍ථො පරික‍්ඛීණභවසංයොජනො සම‍්මදඤ‍්ඤා විමුත‍්තො. තස‍්ස තිට‍්ඨන‍්තෙව පඤ‍්චින්‍ද්‍රියානි යෙසං අවිඝාතත‍්තා මනාපාමනාපං පච‍්චනුභොති සුඛදුක‍්ඛං පටිසංවෙදෙති. තස‍්ස යො රාගක‍්ඛයො දොසක‍්ඛයො මොහක‍්ඛයො, අයං වුච‍්චති භික‍්ඛවෙ සඋපාදිසෙසා නිබ‍්බානධාතු.

මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ රහත් වූයේ, පහ කළ ආස්‍රව ඇතියේ, වැස නිමවූ බඹසර ඇතියේ, කරණ ලද සිවුමග කිස ඇතියේ, බහා තබන ලද කෙලෙස් බර ඇතියේ, පිළිවෙළින් පැමිණි රහත් බැව් ඇතියේ, පිරිහුනු බවබැඳුම් ඇතියේ, මනා කොට නුවණින් දැන කෙලෙසුන්ගෙන් මිදුනේ වේ ද, ඒ රහත්හු පිළිබඳ යම් ඉන්‍ද්‍රිය කෙනකුන් නිරුද්ධ නොකළ හෙයින් ඉටු අනිටු අරමුණු ලබයි ද, සැප දුක් විඳියි ද, ඒ පසිඳුරෝ පවත්නාහු ම වෙත්. ඒ රහත්හුගේ රාගක්‍ෂය, ද්වේෂක්‍ෂය, මෝහක්‍ෂය වේ ද, මහණෙනි, මේ (ක්ලේශපරිනිර්‍වාණය) සෝපාදිශේෂ නිර්‍වාණධාතුයැ යි කියනු ලැබේ.

3. කතමා ච භික‍්ඛවෙ අනුපාදිසෙසා නිබ‍්බානධාතු?

3. මහණෙනි, අනුපාදිශේෂ නිර්‍වාණධාතු කවරේ ද?

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අරහං හොති ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප‍්පත‍්තසදත්‍ථො පරික‍්ඛීණභවසංයොජනො සම‍්මදඤ‍්ඤා විමුත‍්තො. තස‍්ස ඉධෙව භික‍්ඛවෙ සබ‍්බවෙදයිතානි අනභිනන්‍දිතානි සීති භවිස‍්සන‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ අනුපාදිසෙසා නිබ‍්බානධාතු.

මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ රහත් වූයේ, පහ කළ ආස්‍රව ඇතියේ, වැස නිමවූ බඹසර ඇතියේ, කරණ ලද සිවු මග කිස ඇතියේ, බහා තබන ලද කෙලෙස් බර ඇතියේ, පිළිවෙළින් පැමිණි රහත්බැව් ඇතියේ, පිරිහුනු බවබැඳුම් ඇතියේ, මනා කොට නුවණින් දැන කෙලෙසුන්ගෙන් මිදුනේ වේ ද, මහණෙනි, ඒ රහත්හුගේ සියලු වේදනාවෝ මේ අත්බැව්හි ම තෘෂ්ණාදීන් නොරුස්නා ලද්දාහු (අතිශයින් සන්හුන් බැවින්) සිහිල් වන්නාහුය. මහණෙනි, මේ (ස්කන්‍ධපරිනිර්‍වාණය) අනුපාදිශේෂ නිර්‍වාණධාතුයැ යි කියනු ලැබේ.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

මෙ කරුණ භගවත්හු වදාළහ. එහි මේ අර්‍ත්‍ථය ගාථා වශයෙන් මෙසේ කියනු ලැබේ:

4. දුවෙ ඉමා චක‍්ඛුමතා පකාසිතා නිබ‍්බානධාතූ අනිස‍්සිතෙන තාදිනා එකා හි ධාතු ඉධ දිට‍්ඨධම‍්මිකා සඋපාදිසෙසා භවනෙත‍්තිසඞ‍්ඛයා, අනුපාදිසෙසා පන සම‍්පරායිකා යම‍්හි නිරුජ‍්ඣන‍්ති භවානි සබ‍්බසො.

4. පසැස් ඇත්තා වූ, තෘෂ්ණාදෘෂ්ටීන්ගෙන් ආශ්‍රිත නොවූ, (ඉටු අනිටු අරමුණු විෂයයෙහි) තාදීගුණ යුක්ත වූ, බුදුරදුන් විසින් මේ නිර්‍වාණ ධාතුහු දෙදෙනෙක් වදාරණ ලදහ: එකක් දිට්ඨධම්මික (මේ අත්බවට අයත් වූ) උපාදි සඞ්ඛ්‍යාත ස්කන්‍ධශේෂ සහිත ය. භවනෙත්ති සඞ්ඛ්‍යාත තෘෂ්ණාවගේ ක්‍ෂයයෙන් වේ. යම් නිර්‍වාණ ධාතුයෙක්හි සර්‍වප්‍රකාරයෙන් භවයෝ නිරුද්ධ වෙත් ද, ඒ අනුපාදිශේෂ නිර්‍වාණධාතු තොමෝ සාම්පරායික (හෙවත් මරණින් මත්තෙහි) වේ.

5. යෙ එතදඤ‍්ඤාය පදං අසඞ‍්ඛතං විමුත‍්තචිත‍්තා භවනෙත‍්තිසඞ‍්ඛයා, තෙ ධම‍්මසාරාධිගමා ඛයෙ රතා පහංසු තෙ සබ‍්බභවානි තාදිනො”ති.

5. යම් කෙනෙක් මේ අසඞ්ඛතධාතු සඞ්ඛ්‍යාත නිර්‍වාණපදය දැන තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙන් මිදුනු සිත් ඇත්තාහු වෙත් ද, ඔහු ධම්මසාර නම් වූ රහත් බව ලැබීමෙන් නිවණෙහි ඇලුනාහු වෙත්. (නොහොත් ධම්මසාර නම් වූ නිර්‍වාණාධිගමයෙන් අනුපාදිශේෂ නිර්‍වාණයෙහි ඇලුනු) තාදී වු ඔහු සියලු භවයන් පහ කළාහු වෙත්.”

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

මෙ කරුණ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය. මෙසේ මා විසින් අසන ලදි.