යෙදුමෙන් කියවන්න

සොමනස‍්ස සුත‍්තං

2. 1. 10.

2. 1. 10.

[සොමනස‍්ස සුත‍්තං]

[සෝමනස්ස සූත්‍රය]

37. වුත‍්තං හෙතං භගවතා වුත‍්තමරහතා’ති මෙ සුතං.

37. භගවත්හු විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.

1. ද‍්වීහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු දිට‍්ඨෙව ධම‍්මෙ සුඛසොමනස‍්සබහුලො විහරති. යොනි චස‍්ස ආරද‍්ධා හොති ආසවානං ඛයාය. කතමෙහි ද‍්වීහි? සංවෙජනීයෙසු ඨානෙසු සංවෙජනෙන, සංවිග‍්ගස‍්ස ච යොනිසො පධානෙන. ඉමෙහි ඛො භික‍්ඛවෙ ද‍්වීහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු දිට‍්ඨෙව ධම‍්මෙ සුඛසොමනස‍්සබහුලො විහරති. යොනි චස‍්ස ආරද‍්ධා හොති. ආසවානං ඛයායාති.

1. මහණෙනි, කරුණු දෙකෙකින් යුක්ත වූ මහණ තෙමේ මේ අත්බව්හි ම (කායික චෛතසික වූ) සුව සොම්නස් බහුල ව වෙසේ. ඔහු විසින් ආස්‍රවයන් ක්‍ෂය කිරීම සඳහා (අර්‍හත්ඵලයට අවශ්‍ය) කාරණය පටන් ගන්නා ලද්දේ නම් වෙයි. කවර නම් දෙකෙකින් ද යත්: සංවේගයට වස්තු වූ තන්හි සංවේගයෙන් ද, සංවේගයට පැමිණියහුගේ සම්‍යක් ව්‍යායාමයෙන් ද (යන දෙකෙනි.) මහණෙනි, මේ ධර්‍ම දෙකින් යුක්ත වූ මහණ තෙමේ මේ අත්බැව්හි ම සුවසොම්නස් බහුල ව වෙසේ. ඔහු විසින් අර්‍හත්ඵලය සඳහා අවශ්‍ය කාරණය පටන් ගන්නා ලද්දේ නම් වේ.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

බුදුහු මෙ කරුණ වදාළහ. මේ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “සංවෙජනීයට‍්ඨානෙසු සංවිජ‍්ජෙතෙව පණ‍්ඩිතෙ ආතාපී නිපකො භික‍්ඛු පඤ‍්ඤාය සමවෙක‍්ඛිය.

2. “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති පාරිහාරික ප්‍රඥාවෙන් යුක්ත වූ නුවණැති මහණ තෙමේ නුවණින් මොනවට බලා සංවේගයට පැමිණිය යුතු තන්හි සංවේගයට පැමිණේ ම ය.

3. එවංවිහාරී ආතාපී සන‍්තවුත‍්ති අනුද‍්ධතො චෙතොසමථමනුයුත‍්තො ඛයං දුක‍්ඛස‍්ස පාපුණෙ’ති.

3. මෙසේ වාසය කරණ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති, යහපත් පැවතුම් ඇති, වික්‍ෂිප්ත නො වූ, චිත්තසමථයෙහි යෙදුනු භික්‍ෂු තෙමේ දුක්ඛක්ඛය සඞ්ඛ්‍යාත නිවණට පැමිණෙන්නේ ය.

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

මේ අර්‍ත්‍ථය ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.

වග‍්ගො පඨමො.

ප්‍රථම වර්‍ගය යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

ද‍්වෙ ච භික‍්ඛූ තපනීයා’ තපනීයා අපරෙ දුවෙ අනාතාපී ද‍්වෙ කුහනා ච සොමනස‍්සෙන තෙ දසාති.

(අගුත්තද්වාරින්‍ද්‍රිය - ගුත්තද්වාරින්‍ද්‍රිය) ය භික‍්ෂු සූත්‍ර දෙක, තපනීය අතපනීය දෙක, පාපකසීල භද්දකසීල යන දෙක, අනාතාපීය, ජනකුහන (බ්‍රහ්මචරිය - අභිඤ්ඤත්‍ථබ්‍රහ්මචරිය) දෙක ද, සෝමනස්ස (බහුලය) යන ඒ සූත්‍ර දසය යි.