දුතිය ජනකුහන සුත්තං
2. 1. 9.
2. 1. 9.
[දුතිය ජනකුහන සුත්තං]
[දෙවෙනි ජනකුහන සූත්‍රය]
36. වුත්තං හෙතං භගවතා. වුත්තමරහතා’ති මෙ සුතං.
36. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදි.
1. නයිදං භික්ඛවෙ බ්රහ්මචරියං වුස්සති ජනකුහනත්ථං ජනලපනත්ථං ලාභසක්කාරසිලොකානිසංසත්ථං ‘ඉති මං ජනො ජානාතූ’ති. අථ ඛො ඉදං භික්ඛවෙ, බ්රහ්මචරියං වුස්සති අභිඤ්ඤත්ථඤ්චෙව පරිඤ්ඤත්ථඤ්චාති.
1. මහණෙනි, මේ මාර්ගබ්රහ්මචර්ය්යය (නොහොත් ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය) ‘ජන තෙමේ මා මෙසේ දනීවා’යි ජනයා විස්මය පත් කරණු පිණිස, ජනයා ලවා සිය ගුණ කියවා ගනු පිණිස, ලාභසත්කාර කීර්ති සඞ්ඛ්‍යාත අනුසස් පිණිස නො වසනු ලැබේ. මහණෙනි, වැලිදු මේ බ්රහ්මචර්ය්යයන් සර්වධර්මයන් විශිෂ්ටඥානයෙන් අවිපරීත ලෙස දැන ගණු පිණිස ද ත්‍රෛභූමක ධර්මයන් පිරිසිඳ දැන ගණු පිණිස ද වසනු ලැබේ.
එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති:
බුදුහු මෙ කරුණ වදාළහ. එහි මේ අර්ත්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “අභිඤ්ඤත්ථං පරිඤ්ඤත්ථං බ්රහ්මචරියං අනීතිහං අදෙසයි සො භගවා නිබ්බානොගධගාමිනං.
2. “ඒ භාග්‍යවතුන් වහන්සේ සර්වධර්මයන් ඇති සැටියෙන් විශිෂ්ටඥානයෙන් දැන ගණු පිණිස, ත්‍රෛභූමකධර්‍මයන් පිරිසිඳ දැන ගණු පිණිස ශඞ්කාරහිත වූ නොහොත් උවදුරු රහිත වූ නිවණට පමුණුවන මාර්ගබ්රහ්මචර්ය්යය දේශනා කළ සේක.
3. එස මග්ගො මහත්තෙහි අනුයාතො මහෙසිභි යෙ යෙ තං පටිපජ්ජන්ති යථා බුද්ධෙන දෙසිතං දුක්ඛස්සන්තං කරිස්සන්ති සත්ථුසාසනකාරිනො”ති.
3. මේ මාර්ගය උදාර අදහස් ඇති, බුද්ධාදි මහාත්මයන් විසින් අනුගමනය කරණ ලද්දේ ය. බුදුරදුන් විසින් දේශනා කරණ ලද පරිදි යම් කෙනෙක් මේ මාර්ගබ්රහ්මචර්ය්යය පිළිපදිත් ද, ශාස්තෘශාසනය කරන්නා වු (ඔහු තුමූ) සසර දුක් කෙළවර කරන්නාහ.”
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති.
මෙ කරුණ ද භගවත්හු විසින් වදාරණ ලදී. මෙසේ මා විසින් අසන ලදි.