2. දුතියභික්ඛු සුත්තවණ්ණනා අට්ඨකථා
2. දුතියභික්ඛු සුත්තවණ්ණනා
2. දුතියභික්ඛු සූත්‍ර වර්ණනාව
දුතියෙ වුත්තවිපරියායෙන අත්ථො වෙදිතබ්බො.
දෙවන සූත්‍රයෙහි (පළමු සූත්‍රයට) කියන ලද ආකාරයට විරුද්ධ වශයෙන් අර්ථය දතයුතුය.
දුතියසුත්තවණ්ණනා නිට්ඨිතා.
3. තපනීය සුත්තවණ්ණනා
3. තපනීය සූත්‍ර වර්ණනාව
තතියෙ තපනීයාති ඉධ චෙව සම්පරායෙ ච තපන්ති විබාධෙන්ති විහෙඨෙන්තීති තපනීයා. තපනං වා දුක්ඛං දිට්ඨෙ චෙව ධම්මෙ අභිසම්පරායෙ ච තස්ස උප්පාදනෙන චෙව අනුබලප්පදානෙන ච හිතාති තපනීයා. අථ වා තපන්ති තෙනාති තපනං, පච්ඡානුතාපො, විප්පටිසාරොති අත්ථො, තස්ස හෙතුභාවතො හිතාති තපනීයා. අකතකල්යාණොති අකතං කල්‍යාණං භද්දකං පුඤ්ඤං එතෙනාති අකතකල්යාණො. සෙසපදද්වයං තස්සෙව වෙවචනං. පුඤ්ඤඤ්හි පවත්තිහිතතාය ආයතිංසුඛතාය ච භද්දකට්ඨෙන කල්යාණන්ති ච කුච්ඡිතසලනාදිඅත්ථෙන කුසලන්ති ච දුක්ඛභීරූනං සංසාරභීරූනඤ්ච රක්ඛනට්ඨෙන භීරුත්තාණන්ති ච වුච්චති. කතපාපොති කතං උපචිතං පාපං එතෙනාති කතපාපො. සෙසපදද්වයං තස්සෙව වෙවචනං. අකුසලකම්මඤ්හි ලාමකට්ඨෙන පාපන්ති ච අත්තනො පවත්තික්ඛණෙ විපාකක්ඛණෙ ච ඝොරසභාවතාය ලුද්දන්ති ච කිලෙසෙහි දූසිතභාවෙන කිබ්බිසන්ති ච වුච්චති. ඉති භගවා “ද්වෙ ධම්මා තපනීයා”ති ධම්මාධිට්ඨානෙන උද්දිසිත්වා අකතං කුසලං ධම්මං කතඤ්ච අකුසලං ධම්මං පුග්ගලාධිට්ඨානෙන නිද්දිසි. ඉදානි තෙසං තපනීයභාවං දස්සෙන්තො “සො අකතං මෙ කල්යාණන්තිපි තප්පති, කතං මෙ පාපන්තිපි තප්පතී”ති ආහ. චිත්තසන්තාසෙන තප්පති අනුතප්පති අනුසොචතීති අත්ථො.
තෙවන සූත්‍රයෙහි තපනීයා යනු මෙලොවත් පරලොවත් තවත් පෙළත්, වෙහෙසත් යන අරුතින් තපනීය (තැවීමට හේතුවන) ධර්මයෝ වෙත්. මෙලොව ද පරලොව ද තැවීම දුකය. එය පහල වීමෙන් ද අනුබල දීමෙන් ද හිත වූයේනුයි තපනීය නම් වේ. නොහොත් එය කරණකොට තැවෙත් යන අරුතින් තපනීය නම් වේ. පසුතැවිල්ල විපිළිසරවීම යන අර්ථයි. එයට හේතුවීම් වශයෙන් හිතවත් යන අරුතින් තපනීයා නම් වේ. අකත කල්යාණො යනු මොහු විසින් නො කළ කල්‍යාණ (යහපත), භද්‍රක (යහපත), පින ඇත්තේය යන අරුතින් අකත කල්‍යාණ නම් වේ. ඉතිරිපද දෙක එයටම සමාන වචනය. පින පැවැත්ම යහපත් බව පිණිස ද මතු සැප ඇති බව පිණිස ද යහපත් අර්ථයෙන් කල්‍යාණ යයි ද සාසව ධර්මයන් සෙලවීම් අරුතින් කුසල යයි ද දුකට බියවූවන් සසරට බිය වූවන් රකින අරුතින් භීරුත්තාණා යයි ද කියනු ලැබේ. කතපාපො යනු මොහු විසින් කරන ලද, රැස්කරන ලද පාපය ඇත්තේය යන අරුතින් කතපාපො නම් වේ. ඉතිරි පද දෙක එයටම සමාන වචනය. අකුශල කර්මය ලාමක අර්ථයෙන් පාප යයි ද තමාගේ (ඒ පාපයේ) පවතින ක්ෂණයෙහි ද විපාක ක්ෂණයෙහි ද ඝෝර (දරුණු) ස්වභාවයෙන් යුක්ත බැවින් ද ලුද්දං යයි ද කෙලෙස් කරණකොට ඇතිවන දුශ්ශීල ස්වභාවයෙන් කිබ්බිසං යයි ද කියනු ලැබේ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ‘ද්වෙ ධම්මා තපනීයා’ පසුතැවිල්ලට හේතුවන ධර්ම (කරුණු) දෙකක් යනුවෙන් ධර්‍මාධිෂ්ඨාන (ධර්මය මුල්කිරීම්) වශයෙන් උදෙසා (මාතෘකාව තබා) ‘අකතං කුසලං ධම්මං කතඤ්ච අකුසලං ධම්මං’ නොකළ කුශල ධර්මය ද කළ අකුසල ධර්මය ද යනුවෙන් පුද්ගල අධිෂ්ඨාන (පුද්ගලයා මුල්කිරීම්) වශයෙන් නිර්දේශ (විස්තර) කළහ. දැන් ඒ ධර්මයන්ගේ පසුතැවිල්ලට හේතුවන බව දක්වමින් සො අකතං මෙ කල්යාණන්ති තප්පති කතං මෙ පාපන්ති තප්පති යනුවෙන් වදාළහ. සිත තැවීමෙන් තමයි, පසුතැවෙයි, ශෝක කරයි යන අර්ථයි.
ගාථාසු දුට්ඨු චරිතං, කිලෙසපූතිකත්තා වා දුට්ඨං චරිතන්ති දුච්චරිතං. කායෙන දුච්චරිතං, කායතො වා පවත්තං දුච්චරිතං කායදුච්චරිතං. එවං වචීමනොදුච්චරිතානිපි දට්ඨබ්බානි. ඉමානි ච කායදුච්චරිතාදීනි කම්මපථප්පත්තානි අධිප්පෙතානීති යං න කම්මපථප්පත්තං අකුසලජාතං, තං සන්ධායාහ “යඤ්චඤ්ඤං දොසසඤ්හිත”න්ති. තස්සත්ථො – යම්පි ච අඤ්ඤං කම්මපථභාවං අප්පත්තත්තා නිප්පරියායෙන කායකම්මාදිසඞ්ඛං න ලභති, රාගාදිකිලෙසසංසට්ඨත්තා දොසසහිතං අකුසලං තම්පි කත්වාති අත්ථො. නිරයන්ති නිරතිඅත්ථෙන නිරස්සාදට්ඨෙන වා නිරයන්ති ලද්ධනාමං සබ්බම්පි දුග්ගතිං, අයසඞ්ඛාතසුඛප්පටික්ඛෙපෙන වා සබ්බත්ථ සුගතිදුග්ගතීසු නිරයදුක්ඛං. සො තාදිසො පුග්ගලො උපගච්ඡතීති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො.
ගාථාවල - දුෂ්ට චරිතය හෝ කෙලෙස්වලින් කුණු වූ බැවින් හෝ දුෂ්ට චරිතය - දුච්චරිතං, කයින් කරන දුසිරිත හෝ කායික වශයෙන් පැවති දුසිරිත හෝ කාය දුශ්චරිතය යි. මෙසේ වචී, මනෝ දුශ්චරිතද දතයුතුය. මේ කාය දුශ්චරිතාදිය කර්මපථ බවට පැමිණි ඒවා ලෙස අදහස් කරනු ලැබේ. කර්මපථ බවට නොපැමිණි අකුසලයක් වූ දේ සඳහා යඤ්චඤ්ඤං දොස්සඤ්ඤිතං යනුවෙන් වදාළහ. එහි අර්ථය කර්මපථ බවට නොපැමිණි නිෂ්පරියාය (වෙනත් ක්‍රමයක් නැති) වශයෙන් කාය කර්මාදී සංඛ්‍යාවට නො යන රාගාදී කෙලෙස් සමග ඇලුණු දොස් සහිත අකුසලයක් ඇත්නම් එයද සිදුකොට යන අර්ථයි. නිරයං යනු ආශ්වාද නැති අරුතින් නිරය යනුවෙන් ලබන ලද නම් ඇති සියලුම දුගති. එබඳු වූ ඒ පුද්ගලයා අය සංඛ්‍යාත සැප ප්රතික්ෂේපයෙන් සැමතන්හි සුගති දුර්ගතිවල නිරය දුකට එළඹෙයි යනුවෙන් මෙසේ මෙහි අර්ථය දතයුතුය.
එත්ථ ච කායදුච්චරිතස්ස තපනීයභාවෙ නන්දො යක්ඛො නන්දො මාණවකො නන්දො ගොඝාතකො ද්වෙ භාතිකාති එතෙසං වත්ථූනි කථෙතබ්බානි. තෙ කිර ගාවිං වධිත්වා මංසං ද්වෙ කොට්ඨාසෙ අකංසු. තතො කනිට්ඨො ජෙට්ඨං ආහ – “මය්හං දාරකා බහූ, ඉමානි මෙ අන්තානි දෙහී”ති. අථ නං ජෙට්ඨො – “සබ්බං මංසං ද්වෙධා විභත්තං, පුන කිමග්ගහෙසී”ති පහරිත්වා ජීවිතක්ඛයං පාපෙසි. නිවත්තිත්වා ච නං ඔලොකෙන්තො මතං දිස්වා “භාරියං වත මයා කතං, ස්වාහං අකාරණෙනෙව නං මාරෙසි”න්ති චිත්තං උප්පාදෙසි. අථස්ස බලවවිප්පටිසාරො උප්පජ්ජි. සො ඨිතට්ඨානෙපි නිසින්නට්ඨානෙපි තදෙව කම්මං ආවජ්ජෙති, චිත්තස්සාදං න ලභති, අසිතපීතඛායිතම්පිස්ස සරීරෙ ඔජං න ඵරති, අට්ඨිචම්මමත්තමෙව අහොසි.
කාය දුශ්චරිතය පිළිබඳ මේ පසුතැවීම් භාවයෙහි නන්ද යක්ෂයා නන්ද මාණවකයා නද ගව ඝාතකයා දෙසොහොයුරන් යන මොවුන්ගේ කතා පුවත් කිවයුතුය. ඒ දෙසොහොයුරෝ එළදෙනක මරා මස් දෙකොටසක් කළහ. ඉන්පසු මල්ලී මට දරුවන් බොහෝ ඇත. මට මේ බඩවැල් දෙක දෙන්නැයි අයියාට කීය. එවිට අයියා සියලු මස් දෙකට බෙදන ලදී. නැවත කුමක් ඉල්ලන්නෙහිදැයි කියා මල්ලීට පහරදී මරණයට පත්කළේය. ආපසු හැරී බලන අයියා ඔහු මළබව දැක මවිසින් බරපතල දෙයක් කරන ලදී. ඒ මම නිකරුණේ ම ඔහු මැරුවෙමියි සිතක් ඉපදවීය. ඉක්බිති ඔහුට බලවත් පසුතැවිල්ලක් ඇතිවිය. ඔහු සිටගෙන සිටින තැනදී ද හිඳගෙන සිටින තැනදී ද ඒ කර්මය ම සිහිකරයි. සිතට සැනසුමක් නොලබයි. අනුභව කරන ලද පානය කරන ලද කන ලද දේවල ඔජාව සිරුරෙහි නොපැතිරෙයි. ඇට සම් පමණක් ම විය.
අථ නං එකො ථෙරො පුච්ඡි “උපාසක, ත්වං අතිවිය කිසො අට්ඨිචම්මමත්තො ජාතො, කීදිසො තෙ රොගො, උදාහු අත්ථි කිඤ්චි තපනීයං කම්මං කත”න්ති? සො “ආම, භන්තෙ”ති සබ්බං ආරොචෙසි. අථස්ස සො “භාරියං තෙ, උපාසක, කම්මං කතං, අනපරාධට්ඨානෙ අපරද්ධ”න්ති ආහ. සො තෙනෙව කම්මුනා කාලං කත්වා නිරයෙ නිබ්බත්ති. වචීදුච්චරිතස්ස පන සුප්පබුද්ධසක්කකොකාලිකචිඤ්චමාණවිකාදීනං වත්ථූනි කථෙතබ්බානි, මනොදුච්චරිතස්ස උක්කලජයභඤ්ඤාදීනං.
ඉක්බිති එක් තෙරුන්වහන්සේ නමක් ‘උපාසක, ඔබ ඉතාම කෙට්ටුය. ඇටසම් පමණක් ඇත. ඔබේ රෝගය කෙබඳු ද? නැතිනම් කිසියම් පසුතැවිලි වන කර්මයක් කරන ලදදැ’යි ඔහුගෙන් විමසීය. හෙතෙම එසේය, ස්වාමීනියි කියා සියල්ල දැන්වීය. ඉක්බිති උන්වහන්සේ ‘උපාසක ඔබ විසින් බැරෑරුම් කර්මයක් කරන ලදී. අපරාධයක් නොවන තැනක අපරාධයක් කරන ලදැ’යි ඔහුට කීහ. හෙතෙම ඒ කර්මයෙන් ම කලුරියකොට නිරයෙහි උපන්නේය. වචී දුශ්චරිතයට සුප්රබුද්ධ ශාක්‍ය, කෝකාලික, චිංචිමානවිකාදීන්ගේ කතා පුවත් කිවයුතුය. මනෝ දුශ්චරිතයට උක්කල ජයභඤ්ඤාදීන්ගේ කතා පුවත් කිවයුතුය.
තතියසුත්තවණ්ණනා නිට්ඨිතා.
තෙවන සූත්‍ර වර්ණනාවයි.
4. අතපනීය සුත්තවණ්ණනා
4. අතපනීය සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ තතියෙ වුත්තවිපරියායෙන අත්ථො වෙදිතබ්බො.
සතරවන සූත්‍රයෙහි - තෙවන සූත්‍රයට කියන ලද ආකාරයට විරුද්ධ ආකාරයෙන් අර්ථ දතයුතුය.
චතුත්ථසුත්තවණ්ණනා නිට්ඨිතා.
සතරවන සූත්‍ර වර්ණනාවයි.
5. පාපකසීල සුත්තවණ්ණනා
5. පාපක සීල සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ පාපකෙන ච සීලෙනාති පාපකං නාම සීලං සීලභෙදකරො අසංවරොති වදන්ති. තත්ථ යදි අසංවරො අසීලමෙව තංදුස්සීල්යභාවතො, කථං සීලන්ති වුච්චති? තත්ථායං අධිප්පායො සියා – යථා නාම ලොකෙ අදිට්ඨං “දිට්ඨ”න්ති වුච්චති, අසීලවා “සීලවා”ති, එවමිධාපි අසීලම්පි අසංවරොපි “සීල”න්ති වොහරීයති. අථ වා “කතමෙ ච, ථපති, අකුසලා සීලා? අකුසලං කායකම්මං, අකුසලං වචීකම්මං, පාපකො ආජීවො”ති (ම· නි· 2.264) වචනතො අකුසලධම්මෙසුපි අත්ථෙව සීලසමඤ්ඤා, තස්මා පරිචයවසෙන සභාවසිද්ධි විය පකතිභූතො සබ්බො සමාචාරො “සීල”න්ති වුච්චති.
පස්වන සූත්‍රයෙහි පාපකෙන සීලෙන යනු ලාමක වූ සීලය, සීලය බිඳීම සිදුකරන අසංවරයයි කියති. එහි ඉදින් දුශ්ශීල භාවයෙන් ඒ අසීලයම අසංවරය වේ. කෙසේ සීලයයි කියනු ලැබේ ද? එහිලා මේ අදහස වන්නේය. ලෝකයෙහි නොදක්නා ලද්ද දක්නා ලදැයි කියනු ලැබේද සිල් නැති තැනැත්තා සිල්වතෙකැයි කියනු ලැබේ ද එසේම මෙහි අසීලයත් අසංවරයත් සීලයයි ව්‍යවහාර කරනු ලැබේ. නැතහොත් ‘කතමෙ ච ගහපති අකුසලා සීලා අකුසලං කායකම්මං අකුසලං වචීකම්මං පාපකො ආජීවො’ ‘ගෘහපතිය, අකුසල සීල යනු කවරක් ද? අකුසල වූ කාය කර්මය, අකුසල වූ වචීකර්මය ලාමක වූ දිවිපැවැත්මයි’ යන වචනයෙන් අකුසල ධර්මයන් කෙරෙහි ද සීල ව්‍යවහාරය ඇත්තේමය. එහෙයින් පුරුද්දක් වශයෙන් ස්වභාවයෙන් සිදු වූ දෙයක් මෙන් ප්‍රකෘතිය වූ සියලු හැසිරීම් සීලය යි කියනු ලැබේ.
තත්ථ යං අකොසල්ලසම්භූතට්ඨෙන අකුසලං ලාමකං, තං සන්ධායාහ “පාපකෙන ච සීලෙනා”ති. පාපිකාය ච දිට්ඨියාති සබ්බාපි මිච්ඡාදිට්ඨියො පාපිකාව. විසෙසතො පන අහෙතුකදිට්ඨි, අකිරියදිට්ඨි, නත්ථිකදිට්ඨීති ඉමා තිවිධා දිට්ඨියො පාපිකතරා. තත්ථ පාපකෙන සීලෙන සමන්නාගතො පුග්ගලො පයොගවිපන්නො හොති, පාපිකාය දිට්ඨියා සමන්නාගතො ආසයවිපන්නො හොති, එවං පයොගාසයවිපන්නො පුග්ගලො නිරයූපගො හොතියෙව. තෙන වුත්තං “ඉමෙහි ඛො, භික්ඛවෙ, ද්වීහි ධම්මෙහි සමන්නාගතො පුග්ගලො යථාභතං නික්ඛිත්තො, එවං නිරයෙ”ති. එත්ථ ච “ද්වීහි ධම්මෙහි සමන්නාගතො”ති ඉදං ලක්ඛණවචනං දට්ඨබ්බං, න තන්තිනිද්දෙසො. යථා තං ලොකෙ “යදිමෙ බ්යාධිතා සියුං, ඉමෙසං ඉදං භෙසජ්ජං දාතබ්බ”න්ති. අඤ්ඤෙසුපි ඊදිසෙසු ඨානෙසු එසෙව නයො. දුප්පඤ්ඤොති නිප්පඤ්ඤො.
එහි යමක් අදක්ෂභාවයෙන් උපන් අරථයෙන් අකුසල වේද ලාමක වේද ඒ සඳහා ‘පාපකෙන සීලෙන’ යයි කීහ. පාපකාය දිට්ඨියා යනු සියලු මිථ්‍යාදෘෂ්ටි ලාමකම ය. විශේෂ වශයෙන් අහේතුක දෘෂ්ටිය, අකිරිය දෘෂ්ටිය, නාස්තික දෘෂ්ටිය යන මේ දෘෂ්ටි තුන වඩාත් ලාමකය. එහි ලාමක වූ සීලයෙන් යුක්ත වූ පුද්ගලයා ප්‍රයෝග විපතට පත්වූයේ වෙයි. ලාමක වූ දෘෂ්ටියෙන් යුක්ත වූ පුද්ගලයා ආසය විපතට පත්වූයේ වෙයි. මෙසේ ප්‍රයෝග හා ආසය විපතට පත් වූ පුද්ගලයා නිරයට එළඹෙන්නෙක් වේමය. එහෙයින් ‘ඉමෙහි ඛො භික්ඛවෙ ද්වීහි ධම්මෙහි සමන්නාගතො පුග්ගලො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ’ ‘මහණෙනි, මේ ධර්ම දෙකින් යුක්ත වූ පුද්ගලයා ගෙන එන ලද දෙයක් බිම තබන්නාක් මෙන් නිරයෙහි උපදී’ මෙහි ‘ද්වීහි ධම්මෙහි සමන්නාගතො’ යන මේ ලක්ෂණ වචනය දතයුතුය යනු නිර්දේශයයි (මාතෘකාවයි) එය ‘ඉදින් මොව්හු ආබාධිතයෝ වෙත්නම් මොවුන්ට මේ බෙහෙත දිය යුතුය’යි ලෝකයෙහි යම් නිර්දේශයක් (නියම කිරිමක්) ඇද්ද එමෙනි. මෙබඳු අනිත් තැන්වලද මේ ක්‍රමයමයි. දුප්පඤ්ඤො යනු ප්‍රඥාව නැති තැනැත්තා.
පඤ්චමසුත්තවණ්ණනා නිට්ඨිතා.
පස්වන සූත්‍රයයි.
6. භද්දකසීල සුත්තවණ්ණනා
6. භද්දක සීල සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ භද්දකෙන ච සීලෙනාති කායසුචරිතාදිචතුපාරිසුද්ධිසීලෙන. තඤ්හි අඛණ්ඩාදිසීලභාවෙන සයඤ්ච කල්‍යාණං, සමථවිපස්සනාදිකල්යාණගුණාවහං චාති “භද්දක”න්ති වුච්චති. භද්දිකාය ච දිට්ඨියාති කම්මස්සකතාඤාණෙන චෙව කම්මපථසම්මාදිට්ඨියා ච. තත්ථ භද්දකෙන සීලෙන පයොගසම්පන්නො හොති, භද්දිකාය දිට්ඨියා ආසයසම්පන්නො. ඉති පයොගාසයසම්පන්නො පුග්ගලො සග්ගූපගො හොති. තෙන වුත්තං – “ඉමෙහි, ඛො, භික්ඛවෙ, ද්වීහි ධම්මෙහි සමන්නාගතො පුග්ගලො යථාභතං නික්ඛිත්තො, එවං සග්ගෙ”ති. සප්පඤ්ඤොති පඤ්ඤවා. සෙසං සුවිඤ්ඤෙය්යමෙව.
සයවන සූත්‍රයෙහි භද්දකෙන සීලෙන යනු කාය සුචරිතාදී චතුපාරිශුද්ධ ශීලයෙන්. එය අඛණ්ඩ (නො කැඩුණු) සීල ස්වභාවයෙන් ද සීලය තමාට යහපත් බැවින් ද සමථ විදර්ශනාදී යහපත් ගුණ කැඳවන බැවින් ද භද්දක යයි කියනු ලැබේ. භද්දිකාය දිට්ඨියා යනු කම්මස්සකත (කර්මය තමා අයකොට ඇතැයි යන) ඤාණයෙන් ද කර්මපථ සම්මා දිට්ඨියෙන් ද එහි යහපත් (භද්දක) වූ සීලයෙන් ප්‍රයෝග සම්පන්න පුද්ගලයෙක් වෙයි. යහපත් වූ දෘෂ්ටියෙන් ආසය සම්පන්න පුද්ගලයෙක් වෙයි. මෙසේ ප්‍රයෝග හා ආසය යන දෙකින් යුක්ත පුද්ගලයා ස්වර්ගයට යන්නේ වෙයි. එහෙයින් ඉමෙහි ඛො භික්ඛවෙ ද්වීහි ධම්මෙහි සමන්නාගතො පුග්ගලො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ ‘මහණෙනි, මේ ධර්ම දෙකින් යුක්ත වූ පුද්ගලයා ගෙන එන ලද්දක් බිම තබන්නාක් මෙන් ස්වර්ගයෙහි උපදී’ යනුවෙන් වදාරන ලදී. සප්පඤ්ඤො යනු ප්‍රඥාවන්ත පුද්ගලයා. ඉතිරිය පහසුවෙන් දතහැක්කේම ය.
ඡට්ඨසුත්තවණ්ණනා නිට්ඨිතා.
සයවන සුත්‍රයයි.
7. අනාතාපී සුත්තවණ්ණනා
7. ආනාතාපී සූත්‍ර වර්ණනාව
සත්තමෙ අනාතාපීති කිලෙසානං ආතාපනට්ඨෙන ආතාපො, වීරියං, සො එතස්ස අත්ථීති ආතාපී, න ආතාපී අනාතාපී, සම්මප්පධානවිරහිතො කුසීතොති වුත්තං හොති. ඔත්තාපො වුච්චති පාපුත්රාසො, සො එතස්ස අත්ථීති ඔත්තාපී, න ඔත්තාපී අනොත්තාපී, ඔත්තාපරහිතො. අථ වා ආතාපප්පටිපක්ඛො අනාතාපො, කොසජ්ජං සො අස්ස අත්ථීති අනාතාපී. යං “න ඔත්තපති ඔත්තප්පිතබ්බෙන, න ඔත්තපති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා”ති එවං වුත්තං, තං අනොත්තප්පං අනොත්තාපො. සො අස්ස අත්ථීති අනොත්තාපීති එවමෙත්ථ අත්ථො වෙදිතබ්බො.
සත්වන සූත්‍රයෙහි අනාතාපී යනු කෙලෙසුන් තවන අර්ථයෙන් ආතාප නම් වේ. වීර්යය යි. එය මොහුට ඇත්තේය යන අරුතින් ආතාපී නම් වේ. ආතාපී නොවන්නේ අනාතාපී නම් වේ. සම්‍යක් ප්රධානයෙන් තොරවූ කුසීත පුද්ගලයායි කියන ලද්දේ වෙයි. පාපයට තැතිගැනීම ඔත්තාපයයි කියනු ලැබේ. එය ඔහුට ඇත්තේය යන අරුතින් ඔත්තාපී නම් වේ. ඔත්තාපී නො වන්නේ අනොත්තාපීය. ඔත්තාපය (පාපයට තැතිගැනීම) නැති තැනැත්තා නොහොත් වීර්යයට විරුද්ධ වූයේ අනාතාප නමි. කුසීත බවයි. එය මොහුට ඇත්තේය යන අරුතින් අනොත්තාපී නම් වේ. ‘යං න ඔත්තප්පති ඔත්තප්පිතබ්බෙන න ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා’ ‘යමකින් බියවිය යුත්තට බිය නොවේද ලාමක අකුසල ධර්මවලට පැමිණීමට (පත්වීමට) බිය නොවේද?’මෙසේ කියන ලද ඒ පාපයට බිය නොවීම අනොත්තාපයයි. එය මොහුට ඇත්තේය යන අරුතින් අනොත්තාපී යනුවෙන් මෙසේ මෙහි අර්ථය දතයුතුය.
අභබ්බොති අනරහො. සම්බොධායාති අරියමග්ගත්ථාය. නිබ්බානායාති කිලෙසානං අච්චන්තවූපසමාය අමතමහානිබ්බානාය. අනුත්තරස්ස යොගක්ඛෙමස්සාති අරහත්තඵලස්ස. තඤ්හි උත්තරිතරස්ස අභාවතො අනුත්තරං, චතූහි යොගෙහි අනුපද්දුතත්තා ඛෙමං නිබ්භයන්ති යොගක්ඛෙමන්ති ච වුච්චති. අධිගමායාති පත්තියා. ආතාපීති වීරියවා. සො හි “ආරද්ධවීරියො විහරති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසූ”ති (දී· නි· 3.345) එවං වුත්තෙන වීරියාරම්භෙන සමන්නාගතො කිලෙසානං අච්චන්තමෙව ආතාපනසීලොති ආතාපී. ඔත්තාපීති “යං ඔත්තපති ඔත්තප්පිතබ්බෙන, ඔත්තපති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා”ති (ධ· ස· 31) එවං වුත්තෙන ඔත්තප්පෙන සමන්නාගතත්තා ඔත්තපනසීලොති ඔත්තප්පී. අයඤ්හි ඔත්තාපීති වුත්තො. තදවිනාභාවතො හිරියා ච සමන්නාගතො එව හොතීති හිරොත්තප්පසම්පන්නො අණුමත්තෙපි වජ්ජෙ භයදස්සාවී සීලෙසු පරිපූරකාරී හොති. ඉච්චස්ස සීලසම්පදා දස්සිතා. ආතාපීති ඉමිනා නයෙනස්ස කිලෙසපරිතාපිතාදීපනෙන සමථවිපස්සනාභාවනානුයුත්තතා දස්සිතා. යථාවුත්තඤ්ච වීරියං සද්ධාසතිසමාධිපඤ්ඤාහි විනා න හොතීති විමුත්තිපරිපාචකානි සද්ධාපඤ්චමානි ඉන්ද්රියානි අත්ථතො වුත්තානෙව හොන්ති. තෙසු ච සිද්ධෙසු අනිච්චෙ අනිච්චසඤ්ඤා, අනිච්චෙ දුක්ඛසඤ්ඤා, දුක්ඛෙ අනත්තසඤ්ඤා, පහානසඤ්ඤා, විරාගසඤ්ඤා, නිරොධසඤ්ඤාති ඡ නිබ්බෙධභාගියා සඤ්ඤා සිද්ධා එවාති. එවං ඉමෙහි ද්වීහි ධම්මෙහි සමන්නාගතස්ස ලොකියානං සීලසමාධිපඤ්ඤානං සිජ්ඣනතො මග්ගඵලනිබ්බානාධිගමස්ස භබ්බතං දස්සෙන්තො “ආතාපී ච ඛො…පෙ… අධිගමායා”ති ආහ.
අභබ්බො යනු නුසුදුසු. සම්බොධාය යනු ආර්ය මාර්ගය පිණිස. නිබ්බාණාය යනු කෙලෙසුන් අතිශයින් සන්සිඳීම පිණිස අමෘතමහා නිර්වාණය පිණිස. අනුත්තරස්ස යොගක්ඛෙමස්ස යනු අර්හත් ඵලය පිණිස, එයට වැඩියෙන් උසස් දෙයක් නැති බැවින් අනුත්තර වූ, සතර යෝගයගෙන් නූපන් බැවින් ක්ෂේමය නිර්භයය යන අරුතින් යොගක්ඛෙමයයි කියනු ලැබේ. අධිගමාය යනු පැමිණීම පිණිස. ආතාපී යනු වීර්යය ඇති පුද්ගලයා, හෙතෙම ‘අකුසල ධර්මයන්ගේ ප්රහාණය පිණිස කුශල ධර්මයන්ගේ වැඩීම පිණිස අරඹන ලද වීර්ය ඇත්තේ බලවත් වූයේ දැඩි වූ උත්සාහය ඇත්තේ කුශල ධර්මයන්හි ඉවත් නොකළ වීර්ය ඇත්තේ වාසය කරයි’ යනුවෙන් මෙසේ කියන ලද වීර්ය ආරම්භයෙන් යුක්ත වූයේ කෙලෙසුන් අතිශයින්ම තවන ස්වභාවය ඇත්තේ යන අරුතින් ආතාපී නම් වේ. ඔත්තාපී යනු යං ඔත්තප්පති, ඔත්තප්පි තබ්බෙන ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා ‘යමකින් බියවිය යුත්තට බියවේද, ලාමක වූ අකුශල ධර්මයන්ගේ පැමිණීමට (පත්වීමට) බියවේද’ යනුවෙන් මෙසේ කියන ලද ඔත්තප්පයෙන් (පාපයට බියවීමෙන්) යුක්ත වූ බැවින් ඔත්තප්පන සීලය (පාපයට බියවන ස්වභාවය) ඔත්තාපී නම් වේ. මෙය ඔත්තාපී යයි කියන ලදී. එයින් තොර නොවූ බැවින් පාපයට ඇති ලජ්ජාවෙන් ද යුක්ත වූයේ ම වෙයි යන අරුතින් හිරිඔතප් දෙකින් යුක්ත වූයේ අනුමාත්‍ර වූ ද වරදෙහි බියදක්නා සුලු වූයේ සීලය සම්පූර්ණ කරන්නෙක් වෙයි. මෙසේ මොහුගේ සීල සම්පදාව දක්වන ලද්දේ වෙයි. ‘ආතාපී’ යනු මේ ක්‍රමයෙන් මොහුගේ කෙලෙස් තවන ලද බව දැක්වීමෙන් සමථ විදර්ශනා භාවනාවෙහි යෙදුණු බව දක්වන ලදී. කියන ලද ආකාර ඇති වීර්යයද ශ්‍රද්ධා-සති-සමාධි-ප්රඥාවගෙන් තොර නොවෙයි යනුවෙන් විමුක්තිය මුහුකුරුවන (මෝරවන) ශ්‍රද්ධාව පස්වනුකොට ඇති ඉන්ද්රිය අර්ථ වශයෙන් කියන ලද්දේම වෙයි. ඒ ඉන්ද්රිය ධර්ම සිද්ධ වූ කල්හි අනිත්‍ය සංඥාවත් අනිත්‍යයෙහි දුක්ඛ සංඥාවත්, දුකෙහි අනත්ත සඤ්ඤාව, පහාන සඤ්ඤාව, විරාග සඤ්ඤාව, නිරෝධ සඤ්ඤාව යන නිබ්බේධභාගිය (ආර්ය මාර්ගයට අදාළ) සඤ්ඤා හය සිද්ධ වූයේම වෙයි යනුවෙන් මෙසේ මේ ධර්ම දෙකින් යුක්ත තැනැත්තාගේ ලෞකික සීල-සමාධි-ප්‍රඥාවන්ගේ සිදුවීමෙන් මාර්ග-ඵල නිවනට පැමිණීම පිණිස සුදුසු බව දක්වමින් ‘ආතාපී ඛො භික්ඛවෙ -පෙ අධිගමාය’ යනුවෙන් වදාළහ.
ගාථාසු කුසීතොති මිච්ඡාවිතක්කබහුලතාය කාමබ්යාපාදවිහිංසාවිතක්කසඞ්ඛාතෙහි කුච්ඡිතෙහි පාපධම්මෙහි සිතො සම්බන්ධො යුත්තොති කුසීතො. කුච්ඡිතං වා සීදති සම්මාපටිපත්තිතො අවසීදතීති කුසීතො, ද-කාරස්ස ත-කාරං කත්වා. හීනවීරියොති නිබ්බීරියො, චතූසුපි ඉරියාපථෙසු වීරියකරණරහිතො. අනුස්සාහසංහනනසභාවස්ස චිත්තාලසියස්ස ථිනස්ස, අසත්තිවිඝාතසභාවස්ස කායාලසියස්ස මිද්ධස්ස ච අභිණ්හප්පවත්තියා ථිනමිද්ධබහුලො. පාපජිගුච්ඡනලක්ඛණාය හිරියා අභාවෙන තප්පටිපක්ඛෙන අහිරිකෙන සමන්නාගතත්තා ච අහිරිකො. හිරොත්තප්පවීරියානං අභාවෙනෙව සම්මාපටිපත්තියං නත්ථි එතස්ස ආදරොති අනාදරො. උභයථාපි තථා ධම්මපුග්ගලෙන දුවිධකිරියාකරණෙන අනාදරො. ඵුට්ඨුන්ති ඵුසිතුං. සම්බොධිමුත්තමන්ති සම්බොධිසඞ්ඛාතං උත්තමං අරහත්තං අධිගන්තුං අභබ්බොති අත්ථො.
ගාථාවන්හි - කුසීතො යනු මිථ්‍යා විතර්ක (වැරදි කල්පනා) බහුල බැවින් කාම-ව්‍යාපාද-විහිංසා නම් වූ පිළිකුල් පාපධර්මවලින් ආශ්රිත වූයේ සම්බන්ධ වූයේ යුක්ත වූයේය යන අරුතින් කුසීත නම් වෙයි. පිළිකුල් දහමට ගිලාබසී (සීදති) හෝ යහපත් ප්‍රතිපත්තියෙන් බැහැරවෙයි (අවසීදති) යන අරුතින් (සීදති, අවසීදති යන තැන්වල ඇති ‘ද’ කාරයට ‘ත’ කාරය කොට කුසීත නම් වේ. හීන වීරියො යනු වීර්ය නැති, සතර ඉරියව්වෙහිම වීර්ය කිරීමෙන් තොර වූයේ, අනුත්සාහයෙහි ස්ථිර වූ ස්වභාවය ඇති සිතේ අලස බව නම් වූ ථිනයේ ද සම්පත් නැතිකරන කයේ (චෛතසිකයේ) අලස බව නම් වූ මිද්ධයේ ද නිතර පැවතීමෙන් ථිනමිද්ධය බහුලකොට ඇත්තේ. පාපයට පිළිකුල් කරන ලක්ෂණය නම් වූ හිරිය නැති බැවින් ද එයට ප්‍රතිවිරුද්ධ වූ අහිරිකයෙන් යුක්ත වූ බැවින් ද අහිරිකො නම් වේ. හිරි-ඔතප්-වීර්ය නැති බැවින් යහපත් ප්‍රතිපත්තිය කෙරෙහි ඔහුගේ ආදරයක් නැත යන අරුතින් අනාදරො නම් වේ. දෙයාකාරයෙන්ම එබඳු ස්වභාව ඇති පුද්ගලයා විසින් (හිරිඔතප් හා වීර්ය යන) දෙවැදෑරුම් ක්‍රියා නොකිරීමෙන් අනාදර නම් වේ. ඵුට්ඨුං යනු ස්පර්ශ කරන්නට, සම්බොධි මුත්තමං යනු සම්බෝධි නම් වූ උතුම් වූ අර්හත් බව ලබන්නට නුසුදුසුය යන අර්ථයි.
සතිමාති චිරකතචිරභාසිතානං අනුස්සරණෙ සමත්ථස්ස සතිනෙපක්කස්ස භාවෙන චතුසතිපට්ඨානයොගෙන සතිමා. නිපකොති සත්තට්ඨානියසම්පජඤ්ඤසඞ්ඛාතෙන චෙව කම්මට්ඨානපරිහරණපඤ්ඤාසඞ්ඛාතෙන ච නෙපක්කෙන සමන්නාගතත්තා නිපකො. ඣායීති ආරම්මණූපනිජ්ඣානෙන ලක්ඛණූපනිජ්ඣානෙන චාති ද්වීහිපි ඣානෙහි ඣායී. අප්පමත්තොති “දිවසං චඞ්කමෙන නිසජ්ජාය ආවරණියෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙතී”තිආදිනා නයෙන කම්මට්ඨානභාවනාය අප්පමත්තො.
සතිමා යනු බොහෝ කලකට පෙර කරන ලද දේ ද කියන ලද දේ ද සිහිකිරිමෙහි සමත් වූ සිහිය හා ප්‍රඥාව ඇති බැවින් සතර සතිපට්ඨානයෙහි යෙදීමෙන් සිහි ඇති නිපකො යනු සත්තැනක පවතින සම්පජඤ්ඤ නම් වූ ද කමටහන් පරිහරණය කරන ප්‍රඥාව නම් වූ ද නුවණින් යුක්ත වූ බැවින් නිපකො නම් වේ. ඣායී යනු අරමුණ නැවත නැවත සිතීමෙන් ද ලක්ෂණ නැවත නැවත සිතීමෙන්දැයි යන ධ්‍යාන දෙකෙන්ම ධ්‍යාන ඇත්තේ. අප්පමත්තො යනු ‘දිවසං චංකමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති’ ‘දවාලෙහි සක්මනෙන් ද හිඳීමෙන් ද ආවරණ (නීවරණ) ධර්මවලින් සිත පිරිසිදු කරයි’ යනාදී ක්‍රමයෙන් කමටහන භාවනා කිරීමෙන් අප්‍රමාද වූයේ.
සංයොජනං ජාතිජරාය ඡෙත්වාති ජාතියා චෙව ජරාය ච සත්තෙ සංයොජෙතීති සංයොජනන්ති ලද්ධනාමං කාමරාගාදිකං දසවිධම්පි කිලෙසජාතං අනුසයසමුග්ඝාතවසෙන මූලතො ඡින්දිත්වා. අථ වා සංයොජනං ජාතිජරාය ඡෙත්වාති ජාතිජරාය සංයොජනං ඡින්දිත්වා. යස්ස හි සංයොජනානි අච්ඡින්නානි, තස්ස ජාතිජරාය අච්ඡෙදො අසමුග්ඝාතොව. යස්ස පන තානි ඡින්නානි, තස්ස ජාතිජරාපි ඡින්නාව කාරණස්ස සමුග්ඝාතිතත්තා. තස්මා සංයොජනං ඡින්දන්තො එව ජාතිජරාපි ඡින්දති. තෙන වුත්තං “සංයොජනං ජාතිජරාය ඡෙත්වා”ති. ඉධෙව සම්බොධිමනුත්තරං ඵුසෙති ඉමස්මිංයෙව අත්තභාවෙ අග්ගමග්ගං අරහත්තං වා ඵුසෙ පාපුණෙය්ය.
සංයෝජනං ජාතිජරාය ඡෙත්වා යනු ජාතියෙන් මෙන් ම ජරාවෙන් ද සත්ත්වයන් එකට සම්බන්ධ කරයි යන අරුතින් සංයෝජන යනුවෙන් ලබන ලද නම් ඇති කාමරාගාදී දසවිධ වූ උපන් කෙලෙස් අනුසය නැසීම් වශයෙන් සහමුලින් උපුටා දමා, නැතහොත් ‘සංයොජනං ජාතිජරාය ඡෙත්වා’ යනු ජාති ජරාවේ සංයෝජනය සිඳදමා, සංයෝජන සිඳ නො දමන ලද තැනැත්තාගේ ජාති, ජරා නො සිඳන ලද්දේ සහමුලින් උපුටා නොදමන ලද්දේම වෙයි. යමෙකුගේ සංයෝජන සිඳින ලද ද ඔහුගේ ජාති ජරා සිඳ දමන ලද්දේමය. කාරණය (හේතුව) සහමුලින් උපුටා දමන ලද හෙයිනි. එහෙයින් සංයෝජන සිඳ දමන තැනැත්තාම ජාතිජරා ද සිඳියි. එහෙයින් ‘සංයෝජනං ජාති ජරාය ඡෙත්වා’ යි කියන ලදී. ඉධෙව සම්බොධි මනුත්තරං ඵුසෙ යනු මේ ආත්ම භාවයෙහි ම අග්‍ර මාර්ගය වූ අර්හත්වය හෝ ස්පර්ශ කරන්නේය. අර්හත්වයට පැමිණෙන්නේ ය.
සත්තමසුත්තවණ්ණනා නිට්ඨිතා.
සත්වන සූත්‍රයයි.