යෙදුමෙන් කියවන්න

අට‍්ඨිපුඤ‍්ජසුත‍්තං

1. 3. 4.

1. 3. 4.

[අට‍්ඨිපුඤ‍්ජසුත‍්තං]

[අට්ඨිපුඤ්ජ සූත්‍රය]

24. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං:

24. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මවිසින් මෙසේ අසන ලදි:

1. එකපුග‍්ගලස‍්ස භික‍්ඛවෙ කප‍්පං සන්‍ධාවතො සංසරතො සියා එවං මහාඅට‍්ඨිකඞ‍්කලො අට‍්ඨිපුඤ‍්ජො අට‍්ඨිරාසි යථායං වෙපුල‍්ල පබ‍්බතො. සචෙ සංහාරකො අස‍්ස සම‍්භතඤ‍්ච න විනස‍්සෙය්‍යා”ති.

1. මහණෙනි, මහා කල්පයක් තුළ සසර ඇවිදින්නා වූ, ඒ ඒ භවයෙහි හැසිරෙන්නා වූ සත්ත්‍වයකුගේ ඇටගොඩ, අස්ථිපුඤ්ජය, ඇටරැස ඉදින් එක් රැස් කරණ ලද්දේ නො නැසී පවත්නේ නම්, එය මේ වේපුල්ල පර්‍වතය සෙයින් මහත් වන්නේ ය.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඒ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “එකස‍්සෙකෙන කප‍්පෙන පුග‍්ගලස‍්සට‍්ඨිසඤ‍්චයො සියා පබ‍්බතසමො රාසි ඉති වුත‍්තං මහෙසිනා.

2-3. “මගධ රට ගිරිබ්බජ නම් වූ රජගහ නුවර සමීපයෙහි වූ ගිජුකුළු පව්වට උතුරින් පිහිටි ඒ මේ වේපුල්ල පර්‍වතය (රජගහ නුවර පිරිවරා සිටි කඳු පහ අතුරින්) මහත් යැ යි කියනු ලැබේ. එක් කපක් තුළ රැස් කරණ ලද එක් පුද්ගලයකුගේ ඇට සමූහය ඒ වේපුල්ල පර්‍වතයට සම වේ යැ යි මහර්ෂී වූ බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලදී.

3. සො ඛො පනායං අක‍්ඛාතො වෙපුල‍්ලො පබ‍්බතො මහා උත‍්තරො ගිජ‍්ඣකූටස‍්ස මගධානං ගිරිබ‍්බජෙ.

4. යතො අරියසච‍්චානි සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සති දුක‍්ඛං දුක‍්ඛසමුප‍්පාදං දුක‍්ඛස‍්ස ච අතික‍්කමං අරියඤ‍්චට‍්ඨඞ‍්ගිකං මග‍්ගං දුක‍්ඛූපසමගාමිනං.

4-5. “යම් කලෙක පටන් පුද්ගල තෙමේ දුක ය, දුක ඉපදීමට හේතුවය, දුක් නැති කිරීමය, දුක් නැති කිරීමේ මාර්‍ගය යන ආර්‍ය්‍ය සත්‍යයන් සම්‍යක්ප්‍රඥාවෙන් දකී ද, හෙතෙමේ සත් වර හිම් කොට (භවයෙහි) ඔබ මොබ හැසිර සියලු සඤ්ඤෝජනයන් ක්‍ෂය කිරීමෙන් දුක් කෙළවර කරන්නේ වෙයි.”

5. සත‍්තක‍්ඛත‍්තුං පරමඤ‍්ච සන්‍ධාවිත්‍වාන පුග‍්ගලො දුක‍්ඛස‍්සන‍්තකරො හොති සබ‍්බසංයොජනක‍්ඛයා”ති.

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා. ඉති මෙ සුතන‍්ති.

මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මවිසින් මෙසේ අසන ලදී.