යෙදුමෙන් කියවන්න

උභො-අත්‍ථ සුත‍්තං

1. 3. 3.

1. 3. 3.

[උභො-අත්‍ථ සුත‍්තං]

[උභො-අත්‍ථ සූත්‍රය]

23. වුත‍්තං හෙතං භගවතා. වුත‍්තමරහතා’ති මෙ සුතං:

23. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. අර්‍හත් වූ සර්‍වඥයන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී:

1. එකධම‍්මො භික‍්ඛවෙ භාවිතො බහුලීකතො උභො අත්‍ථෙ සමධිගය‍්හ තිට‍්ඨති, දිට‍්ඨධම‍්මිකඤ‍්චෙව අත්‍ථං සම‍්පරායිකඤ‍්ච. කතමො එකධම‍්මො? අප‍්පමාදො කුසලෙසු ධම‍්මෙසු. අයං ඛො භික‍්ඛවෙ එකධම‍්මො භාවිතො බහුලීකතො උභො අත්‍ථෙ සමධිගය‍්හ තිට‍්ඨති දිට‍්ඨධම‍්මිකඤ‍්චෙව අත්‍ථං සම‍්පරායිකඤ‍්චා ති.

1. මහණෙනි, එක් ධර්‍මයෙක් වඩන ලද්දේ නැවැත නැවැත පුරුදු කරණ ලද්දේ මෙලොව යහපත පරලොව යහපත යන උභය ලෝකාර්‍ත්‍ථසිද්ධිය අත් නොහැර පවතී. කවර එක් ධර්‍මයෙක් ද යත්: කුශලධර්‍මයන් කෙරෙහි සිහිය එළැවීම යි. මහණෙනි, මේ එක ම ධර්‍මය වඩන ලද්දේ නැවැත නැවැත පුරුදු කරණ ලද්දේ මෙලොව යහපත පරලොව යහපත යන උභය ලෝකාර්‍ත්‍ථසිද්ධිය අත් නොහැර පවත්නේ යි.

එතමත්‍ථං භගවා අවොච. තත්‍ථෙතං ඉති වුච‍්චති:

මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඒ අර්‍ත්‍ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:

2. “අප‍්පමාදං පසංසන‍්ති පුඤ‍්ඤකිරියාසු පණ‍්ඩිතා. අප‍්පමත‍්තො උභො අත්‍ථෙ අධිගණ‍්හාති පණ‍්ඩිතො.

2. “පුණ්‍යක්‍රියා විෂයයෙහි සිහිය එළවීම පඬිවරු පසසත්. සිහි ඇති පණ්ඩිත තෙමේ දෙලොව යහපත වෙසෙසින් සලසා ගනී.

3. දිට‍්ඨෙවධම‍්මෙ යො අත්‍ථො යො චත්‍ථො සම‍්පරායිකො අත්‍ථාභිසමයා ධීරො පණ‍්ඩිතොති පවුච‍්චතී”ති.

3. මෙලොව දී ලැබිය යුතු යම් අභිවෘද්ධියෙක් වේ නම් එය ද, පරලොව දී ලැබිය යුතු යම් අභිවෘද්ධියෙක් ඇත් නම් එය ද යන දෙලොවෙහි අභිවෘද්ධිය ලැබීම හේතු කොට ගෙණ ඒ නැණවත් පුද්ගල තෙමේ පණ්ඩිතයෙක් යැ යි කියනු ලැබේ.“

අයම‍්පි අත්‍ථො වුත‍්තො භගවතා, ඉති මෙ සුතන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අර්‍ත්‍ථය වදාරණ ලදී. මවිසින් මෙසේ අසන ලදි.