2. දසසික්ඛාපදං
2. දසසික්ඛාපදං
2. දසසිකපද
පාණාතිපාතා වෙරමණීසික්ඛාපදං සමාදියාමි.
පණිවායෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
අදින්නාදානා වෙරමණීසික්ඛාපදං සමාදියාමි.
අයිනා දනින් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
අබ්රහ්මචරියා වෙරමණීසික්ඛාපදං සමාදියාමි.
මෙවුන්දමින් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි. අබ්රම්සරින් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
මුසාවාදා වෙරමණීසික්ඛාපදං සමාදියාමි.
මුස වායෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීසික්ඛාපදං සමාදියාමි .
මදයටත් ප්රමාදයටත් හේතු වූ රහමෙර පීමෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
විකාලභොජනා වෙරමණීසික්ඛාපදං සමාදියාමි.
විකල් බොජුනෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
නච්චගීතවාදිතවිසූකදස්සනා වෙරමණීසික්ඛාපදං සමාදියාමි.
නටනු ගයනු වයනු විසුළුදස්නෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා වෙරමණීසික්ඛාපදං සමාදියාමි.
අඩු තැන් පිරවීමටත් සැරසීමටත් කරුණු වූ මල් ගඳ විලෙවුන් දැරීමෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
උච්චාසයනමහාසයනා වෙරමණීසික්ඛාපදං සමාදියාමි.
උසසුන්මහස්නෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
ජාතරූපරජතපටිග්ගහණා වෙරමණීසික්ඛාපදං සමාදියාමි.
රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළැක්ම වූ සිකපදය මනා කොට ගණිමි.
දසසික්ඛාපදං.
දසසිකපද යි.