යෙදුමෙන් කියවන්න

3. ද‍්වත‍්තිංසාකාරං

3. ද‍්වත‍්තිංසාකාරං

3. දෙතිස් ආකාරය

අත්‍ථි ඉමස‍්මිං කායෙ කෙසා ලොමා නඛා දන‍්තා තචො මංසං නහාරූ අට‍්ඨි අට‍්ඨිමිඤ‍්ජං වක‍්කං හදයං යකනං කිලොමකං පිහකං පප‍්ඵාසං අන‍්තං අන‍්තගුණං උදරියං කරීසං පිත‍්තං සෙම‍්හං පුබ‍්බො ලොහිතං සෙදො මෙදො අස‍්සු වසා ඛෙළො සිඞ‍්ඝානිකා ලසිකා මුත‍්තං මත්‍ථකෙ මත්‍ථලුඞ‍්ගන‍්ති.

මේ සිරුරෙහි කෙස් ය, ලොම් ය, නිය ය, දත් ය, සම ය, මස් ය, නහර ය, ඇට ය, ඇටමිඳුලු ය, වකුගඩු ය, හදවත ය, අක්මාව ය, දලබුව ය, බඩදිව ය, පපුමස ය, අතුනුවැටිය ය, අතුනුබහන් ය, උදරිය (උදරයෙහි වූ නො පැසුණු අහර පැන් ආදිය) ය, වසුරු ය, පිත ය, සෙම ය, පූයා ය, ලේ ය, ඩහදිය ය, හැසුනු (මිදි ගිය) තෙල් ය, කඳුළු ය, වුරුණු (දිය ව ගිය) තෙල් ය, කෙල ය, මුකුණු (සොටු) ය, සඳමිඳුලු ය, මුත්‍ර ය, හිස් කබල් තුළ පිහිටි මිඳුලු රැස ය යන දෙතිස් කුණුප කොටස් කෙනෙක් ඇත්තාහ.

ද‍්වත‍්තිංසාකාරං.

දෙතිස් ආකාර යි.