යෙදුමෙන් කියවන්න

4. කුමාරපඤ‍්හා

4. කුමාරපඤ‍්හා

4. කුමාරප්‍රශ්න

එකං නාම කිං? සබ‍්බෙ සත‍්තා ආහාරට‍්ඨිතිකා.

එක නම් කිම? සියලු සත්හු අහරින් සිටින්නෝ ය.

ද‍්වෙ නාම කිං? නාමඤ‍්ච රූපඤ‍්ච.

දෙක නම් කිම? නම් රූ දෙක ය.

තීණි නාම කිං? තිස‍්සො වෙදනා.

තුන නම් කිම? (සුඛ දුඃඛ උපේක්‍ෂා යන) තුන් වේදනාවෝ ය.

චත‍්තාරි නාම කිං? චත‍්තාරි අරියසච‍්චානි.

සතර නම් කිම? (දුඃඛ සමුදය නිරෝධ මාර්‍ග යන) සතර ආර්‍ය සත්‍යයෝ ය.

පඤ‍්ච නාම කිං? පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා.

පස නම් කිම? (රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන) උපාදානස්කන්‍ධ පස ය.

ඡ නාම කිං? ඡ අජ‍්ඣත‍්තිකානි ආයතනානි.

සය නම් කිම? (චක්ඛු සෝත ඝාන ජිව්හා කාය මන යන) තමා කෙරෙහි වූ ආයතන සය ය.

සත‍්ත නාම කිං? සත‍්ත බොජ‍්ඣඞ‍්ගා.

සත නම් කිම? (සති ධම්මවිචය පීති විරිය පස්සද්ධි සමාධි උපෙක්ඛා යන) බෝධ්‍යඞ්ග සත ය.

අට‍්ඨ නාම කිං? අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො.

අට නම් කිම? (සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසාමාධි යන) ආර්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය ය.

නව නාම කිං? නව සත‍්තාවාසා.

නවය නම් කිම? (නානත්තකාය නානත්තසඤ්ඤි ය, නානත්තකාය ඒකත්තසඤ්ඤි ය, එකත්තකාය නානත්තසඤ්ඤි ය, එකත්තකාය ඒකත්තසඤ්ඤි ය, අසඤ්ඤි ය, අකාසානඤ්චායතනූපග ය, විඤ්ඤාණඤ්චායතනූපග ය, ආකිඤ්චඤ්ඤායතනූපග ය, නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග ය යන) සත්ත්‍වාවාස නවය ය.

දස නාම කිං? දසහඞ‍්ගෙහි සමන‍්නාගතො අරහා’ති වුච‍්චතීති.

දශය නම් කිම? (අසේඛ සම්මාදිට්ඨි ය, අසේඛ සම්මාසඞ්කප්ප ය, අසේඛ සම්මාවාචා, අසේඛ සම්මාකම්මන්ත ය, අසේඛ සම්මාආජීව ය, අසේඛ සම්මාවායාම ය, අසේඛ සම්මාසති ය, අසේඛ සම්මාසාමාධි ය, අසේඛ සම්මාඤාණ ය, අසේඛ සම්මාවිමුත්තිය යන) අඞ්ග දශයෙන් යුත් වූයේ රහත් තෙමේ ය යි කියනු ලැබේ.

කුමාරපඤ‍්හා.

කුමාරප්‍රශ්න යි.