5. මඞ්ගලසුත්තං
5. මඞ්ගලසුත්තං
5. මඞ්ගල සූත්‍රය
එවං මෙ සුත: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන නම් වූ අනේපිඬු මහ සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි එක්තරා දෙවියෙක් රෑ (පෙර යම්) ඉක්ම ගිය කල්හි විශිෂ්ට ශරීරශෝභා ඇත්තේ සියලු ජේතවනය (ස්වකීය) ශරීරශොභායෙන් බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද එ තැනට එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි තෙම භාග්‍යවතුන්වහන්සේට ගාථායෙන් (මෙසේ) කීයේ ය:
1. බහූ දෙවා මනුස්සා ච මඞ්ගලානි අචින්තයුං, ආකඞ්ඛමානා සොත්ථානං බ්රූහි මඞ්ගලමුත්තමං.
1. ස්වස්ථභාවය කැමැති බොහෝ දෙවියෝ ද මිනිස්සු ද (දෙලෝ වැඩ සලසන) මඞ්ගල කාරණයන් සිතූහ. වැඩ සලසන උතුම් මඟුල් (මඞ්ගල කාරණ) වදාළ මැනැවි.
[බුදුරජුහු වදාළහ:]
2. අසෙවනා ච බාලානං පණ්ඩිතානං ච සෙවනා, පූජා ච පූජනීයානං එතං මඞ්ගලමුත්තමං.
2. බාලයන් ඇසුරු නොකිරීම ද මඟුලෙකි. පණ්ඩිතයන් ඇසුරු කිරීම ද මඟුලෙකි. පිදිය යුත්තන් පිදීම ද මඟුලෙකි. මේ (එක එකෙක්) උතුම් මඟුල් ය (මඞ්ගල කාරණය).
3. පතිරූපදෙසවාසො ච පුබ්බෙ ච කතපුඤ්ඤතා අත්තසම්මාපණිධි ච එතං මඞ්ගලමුත්තමං.
3. සුදුසු පෙදෙසෙහි විසීම ද, පෙරකළ පින් ඇති බව ද, සිය අත්බව (ශීලාදි) මනා දහම්හි පිහිටුවීම ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
4. බාහුසච්චඤ්ච සිප්පඤ්ච විනයො ච සුසික්ඛිතො සුභාසිතා ච යා වාචා එතං මඞ්ගලමුත්තමං.
4. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ද, (ගිහි පැවිදි) සිප්හි අත් හුරු බව ද, මොනොවට හික්මුනු කා විසි මුනි තුන් දොර ඇති බව ද, මොනොවට කියන ලද වචනය ද (මුසාවා ආදියෙන් වැළකි වචනය ද) යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
5. මාතාපිතුඋපට්ඨානං පුත්තදාරස්ස සඞ්ගහො අනාකුලා ච කම්මන්තා එතං මඞ්ගලමුත්තමං.
5. මවුට උවටන ද, පියාට උවටන ද, අඹුදරුවනට සඞ්ග්‍රහ ද, (ගොවිතැන් ආදි) නිරවුල් කර්මාන්තය ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
6. දානං ච ධම්මචරියා ච ඤාතකානඤ්ච සඞ්ගහො අනවජ්ජානි කම්මානි එතං මඞ්ගලමුත්තමං.
6. දානය ද, දස කුසල්දහම්හි හැසිරීම ද, නෑයන්ට සංග්‍රහ ද, පෙහෙවස් විසීම් ආදි නිවැරැදි කර්ම ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
7. ආරති විරති පාපා මජ්ජපානා ච සඤ්ඤමො අප්පමාදො ච ධම්මෙසූ එතං මඞ්ගලමුත්තමං.
7. මානසික අකුශලයෙන් වැළැක්ම ද, කායික වාචසික අකුශලයෙන් වැළැක්ම ද, මත්පැනෙන් වැළැක්ම ද, කුසල්දහම් වැඩීමෙහි නොපමා බව ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
8. ගාරවො ච නිවාතො ච සන්තුට්ඨි ච කතඤ්ඤුතා කාලෙන ධම්මසවණං එතං මඞ්ගලමුත්තමං.
8. ගරු කටයුත්තනට ගරු කිරීම ද, මන් නැති බව ද (නිහතමාන බව) ද, ලද දැයින් සතුටු වන බව ද, කෙළෙහි ගුණ දන්නා බව ද, සුදුසු කල්හි බණ ඇසීම ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
9. ඛන්තී ච සොවචස්සතා සමණානඤ්ච දස්සනං කාලෙන ධම්මසාකච්ඡා එතං මඞ්ගලමුත්තමං.
9. ඉවැසීම ද, සුවච බව ද, ශ්රමණයන් දැක්ම ද, සුදුසු කල්හි ධර්ම සාකච්ඡාව ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
10. තපො ච බ්රහ්මචරියඤ්ච අරියසච්චානදස්සනං නිබ්බාණසච්ඡිකිරියා ච එතං මඞ්ගලමුත්තමං.
10. තපස ද (ඉන්ද්රියසංවර හා වීර්‍ය්‍යය ද,) බඹසර ද (මෙවුන්දමින් වැළැක්ම, මහණදම, සසුන් බඹසර යන තුන් බඹසර ද), චතුරාර්‍ය්‍යසත්‍යයන් දැකීමද (මාර්ගදර්ශනය ද), නිවන්පසක් කිරීම ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
11. පුට්ඨස්ස ලොකධම්මෙහි චිත්තං යස්ස න කම්පති අසොකං විරජං ඛෙමං එතං මඞ්ගලමුත්තමං.
11. අට ලෝදහමින් පහස්නා ලද (ස්පර්ශකරන ලද, මඬනා ලද) යමක්හුගේ සිත නො සැලේ ද, ශෝක රහිත ද, රාගාදි රජස් රහිත ද, කාමයෝගාදීන්ගෙන් නිරුපද්‍රත ද, එ බඳු වූ රහත්හුගේ සිතෙහි වූ ඒ නොසැලෙන බව ආදි එක එකෙක් උතුම් මඟුල් ය.
12. එතාදිසානි කත්වාන සබ්බත්ථ මපරාජිතා සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති තං තෙසං මඞ්ගලමුත්තමන්ති.
12. යම් කෙනෙක් මෙබඳු වූ බාලයන් ඇසුරු නොකිරීම් ආදි මඞ්ගල කාරණයන් කිරීමෙන් හැම තන්හි (දෙලෙව්හි ම) නොපැරැදුනෝ ව සියලු ඉරියව්වෙහි ස්වස්ථ ව වෙසෙත් ද, එය (ඒ බාලයන් ඇසුරු නොකිරීම් ආදිය) ඔවුන්ට උතුම් මඟුල් ය.
මඞ්ගලසුත්තං.
මඞ්ගල සූත්‍රය යි.