යෙදුමෙන් කියවන්න

11. 5

11. 5.

11. 5.

ඡන්‍දො නු ලොකස‍්මිං කුතො නිදානො විනිච‍්ඡයා වාපි කුතො පහූතා, කොධො මොසවජ‍්ජඤ‍්ච කථඞ‍්කථා ච යෙ චාපි ධම‍්මා සමණෙන වුත‍්තා.

ලොව, කාමචඡන්ද තෙමේ කුමක් නිදාන කොට ඇත්තේ ද ? (තෘෂ්ණා දෘෂ්ටි) විනිශචයයෝ හෝ කොයිබින් උපන්නාහු ද ? ක්‍රෝධය ත් මෘෂාවාදයත් විචිකිත්සාව ත් බුදධශ්‍රමණයත් විසින් දෙසූ යම් අකුශලධර්‍ම කෙනෙකුත් වෙත් නම්, ඔවුහු ත් කොයිබින් උපන්නාහු ද ?

ඡන්‍දො නු ලොකස‍්මිං - කුතොනිදානොති - ඡන්‍දො කුතොනිදානො කුතො ජාතො කුතො සඤ‍්ජාතො කුතො නිබ‍්බත‍්තො කුතො අභිනිබ‍්බත‍්තො කුතො පාතුභූතො කින‍්නිදානො කිංසමුදයො කිඤ‍්ජාතිකො කිම‍්පභවොති ඡන්‍දස‍්ස මූලං පුච‍්ඡති -පෙ- සමුදයං පුච‍්ඡති පපුච‍්ඡති, යාචති, අජ‍්ඣෙසති පසාදෙතීති - ඡන්‍දො නු ලොකස‍්මිං කුතොනිදානො.

ඡන්‍දො නූ ලොකසමිං කුතොනිදානො - කාමචඡන්ද තෙමේ කුමක් නිදාන කොට ඇත්තේ ද ? කොතැනින් උපන්නේ ද ? කොයින් හට ගත්තේ ද ? කොයින් නැඟුණේ ද ? කොයිබින් පහළ වූයේ ද ? කුමක් නිදාන කොට - කුමක් සමුදය කොට - කුමක් ජාති කොට - කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ’යි ඡන්දයා ගේ මූලය විචාරති … සමුදය විචාරති පුළුවුස්ති අයැදිති අධ්‍යෙෂණ කෙරෙති, පහදවත් නුයි ‘ඡන්‍දො නූ ලෝකස්මිං කුතො නිදානො’ යනු වේ.

විනිච‍්ඡයා වාපි කුතො පහූතාති - විනිච‍්ඡයා කුතො පහූතා කුතො ජාතා කුතො සඤ‍්ජාතා කුතො නිබ‍්බත‍්තා කුතො අභිනිබ‍්බත‍්තා කුතො පාතුභූතා කින‍්නිදානා කිංසමුදයා කිඤ‍්ජාතිකා කිම‍්පභවාති විනිච‍්ඡයානං -පෙ- සමුදයං පුච‍්ඡති පපුච‍්ඡති, යාචති අජ‍්ඣෙසති, පසාදෙතීති - විනිච‍්ඡයා වාපි කුතො පහූතා.

විනිච්ඡයා වා පි කුතො පහූතා - තෘෂ්ණා - දෘෂ්ටිවිනිශචයයෝ කොයින් වූවාහු ද? කොයින් උපන්නාහු ද ? කොයින් හටගත්තාහු ද? කොයින් නිපන්නාහු ද ? කොයින් පැනනැඟුණාහු ද ? කොයින් පහළ වූවාහු ද ? කුමක් නිදාන - සමුදය -ජාති -ප්‍රභව කොට ඇත්තාහු දැ’යි විනිශචයයන්ගේ මූලය විචාරති … සමුදය විචාරති පුළුවුස්ති අයැදිති අධ්‍යෙෂණ කෙරෙති පහදවත් නුයි ‘චිනිචඡයා වා’පි කුතො පහූතා’ යනු වේ.

කොධො මොසවජ‍්ජඤ‍්ච කථඞ‍්කථා චාති ‘කොධො’ති - යො එවරූපො චිත‍්තස‍්ස ආඝාතො පටිඝාතො පටිඝං පටිවිරොධො කොපො පකොපො සම‍්පකොපො, දොසො පදොසො සම‍්පදොසො, චිත‍්තස‍්ස බ්‍යාපත‍්ති මනොපදොසො, කොධො කුජ‍්ඣනා කුජ‍්ඣිතත‍්තං, දොසො දුස‍්සනා දුස‍්සිතත‍්තං, බ්‍යාපත‍්ති බ්‍යාපජ‍්ජනා බ්‍යාපජ‍්ජිතත‍්තං, විරොධො පටිවිරොධො චණ‍්ඩික‍්කං අසුරොපො අනත‍්තමනතා චිත‍්තස‍්ස; මොසවජ‍්ජං වුච‍්චති මුසාවාදො, කථංකථා වුච‍්චති විචිකිච‍්ඡා’ති - කොධො මොසවජ‍්ජඤ‍්ච කථංකථා ච.

කොධො මොසවජ්ජඤච කථඞකථා ච -‘කොධො’ යනු: මෙබඳු වූ චිත්තයා ගේ යම් ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරොධයෙන් කොපයෙක් සම්ප්‍රකෝපයෙක් දවේෂයක් ප්‍රදේවෂයෙක් සම්ප්‍රදෙවෂයෙක් චිත්තයාගේ විකෘතියෙක් සිතෙහි දූෂ්‍ය බවෙක් කිපීමෙක් කිපෙන අයුරෙක් කිපුණු බවෙක් දූෂ්‍ය වීමෙක් දූෂ්‍යාකාරයෙක් දූෂ්‍ය බවෙක් විකෘතියෙක් විකෘතාකාරයෙක් විකෘත බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරොධයෙක් චණ්ඩ බවෙක් නො පිරුණු වචන ඇතිබවෙක් සිත පිළිබඳ නො සතුටු බවෙක් වේ ද එයයි. ‘මොසවජ්ජ’ යී මෘෂාවාදය කියනු ලැබෙයි; ‘කථඞකථා’යී විචිකිත්සාව කියනු ලබා නුයි ‘කොධො මොසවජ්ජං ච කථඞකථා ච’ යනු වේ.

යෙ චාපි ධම‍්මා සමණෙන වුත‍්තා’ති - ‘යෙ චාපී’ති යෙ කොධෙන ච මොසවජ‍්ජෙන ච කථංකථාය ච සහගතා සහජාතා සංසට‍්ඨා සම‍්පයුත‍්තා එකුප‍්පාදා එකනිරොධා එකවත්‍ථුකා එකාරම‍්මණා, ඉමෙ වුච‍්චන‍්ති ‘යෙ චාපි ධම‍්මා’ අථවා, යෙ තෙ කිලෙසා අඤ‍්ඤජාතිකා අඤ‍්ඤවිහිතකා, ඉමෙ වුච‍්චන‍්ති ‘යෙ චාපි ධම‍්මා’ සමණෙන වුත‍්තාති සමණෙන සමිතපාපෙන බ්‍රාහ‍්මණෙන බාහිතපාපධම‍්මෙන භික‍්ඛුනා භින‍්නකිලෙසමූලෙන සබ‍්බකුසලමූලබන්‍ධනා පමුත‍්තෙන වුත‍්තා පවුත‍්තා ආචික‍්ඛිතා දෙසිතා පඤ‍්ඤපිතා පට‍්ඨපිතා විවටා විභත‍්තා උත‍්තානීකතා පකාසිතාති - ‘යෙ චාපි ධම‍්මා සමණෙන වුත‍්තා’.

යෙ චා’පි ධම්මා සමණෙන වුත්තා - ‘යෙ චාපි’ යනු: යම් ධර්‍ම කෙනෙක් ක්‍රෝධයත් මෘෂාවාදයත් විචිකිත්සාවත් සමග සහගත වූවාහු ද සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වූවාහු ද එක් වැ උපදනාහු එක් වැ නිරුද්ධ වන්නාහු සමාන වස්තු ඇත්තාහු සමාන අරමුණු ඇත්තාහු වෙත් ද මොවුහු ‘යම් ධර්‍මයෝ’ යි කියනු ලැබෙත්. නොහොත් යම් කෙලෙස් කෙනෙක් අන්‍යසවභාව ඇත්තාහු අන් කරුණෙකින් වූවාහු වෙත් ද, මොවුහු ‘යම් ධර්‍ම යෝ’ යි කියනු ලැබෙත්. සමණෙන වුත්තා - නිවුණු පව් ඇති ශ්‍රමණයා විසින්, නැසූ පව් ඇති බ්‍රාහ්මණයා විසින්, බුන් කෙලෙස්මුල් ඇති භික්‍ෂුහු විසින්, සියලු අකුශලමූලබනධනයෙන් මිදුණහු විසින් කියන ලද පවසන ලද ප්‍රකාශ කරන ලද දෙසන ලද පනවන ලද පිහිටුවන ලද විවෘත කළ විභාග කළ ප්‍රකට කළ ප්‍රකාශ කරන ලද්දාහු නුයි ‘යෙ චා’පි ධම්මා සමණෙන වුත්තා’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් කීහ, ඒ නිර්මිත බුදුහු:

“ඡන්‍දො නු ලොකස‍්මිං කුතොනිදානො විනිච‍්ඡයා චාපි කුතො පහුතා, කොධො මොසවජ‍්ජඤ‍්ච කථංකථා ච යෙ චාපි ධම‍්මා සමණෙන වුත‍්තා”ති.

“ඡන්‍දො නූ ලොකසමිං - පෙ - යෙ චා’පි ධම්මා සමණෙන වුත්තා” යි.