11. 4
11. 4.
11. 4.
ඡන්දනිදානානි පියානි ලොකෙ යෙ චාපි ලොභා විචරන්ති ලොකෙ, ආසා ච නිට්ඨා ච ඉතොනිදානා යෙ සම්පරායාය නරස්ස හොන්ති.
ලොවැ ප්‍රියවස්තූහු කාමචඡන්දය නිදාන කොට ඇත්තාහුය, තවද ලොවැ, යම් කෙනෙක් ලෝභය හේතු කොට හැසිරෙත් ද, (ඔවුන්ගේ ඒ ලොහයත් කාමචඡන්දය හේතු කොට ඇත්තේය,) අශාව ත් ආශා සමෘද්ධියත් මේ කාමචඡන්දය ම නිදාන කොට ඇත්තාහු ය, යම් ධර්ම කෙනෙක් සත්ත්වයා හට පරලොව පිහිට පිණිස වෙත් නම් , (ඔහු ද කාමචඡන්දයෙන් ම උපන්නාහු යි.)
ඡන්දනිදානානි පියානි ලොකෙති - ‘ඡන්දො’ති යො කාමෙසු කාමච්ඡන්දො කාමරාගො කාමනන්දි කාමතණ්හා කාමසිනෙහො කාමපරිළාහො කාමමුච්ඡා කාමජ්ඣොසානං කාමොඝො කාමයොගො කාමූපාදානං කාමච්ඡන්දනීවරණං. අපිච, පඤ්ච ඡන්දා: පරියෙසනච්ඡන්දො පටිලාභච්ඡන්දො පරිභොගච්ඡන්දො සන්නිධිච්ඡන්දො විස්සජ්ජනච්ඡන්දො. කතමො පරියෙසනඡන්දො? ඉධෙකච්චො අජ්ඣොසිතොයෙව අත්ථිකො ඡන්දජාතො රූපෙ පරියෙසති. සද්දෙ - ගන්ධෙ - රසෙ - ඵොට්ඨබ්බෙ පරියෙසති. අයං පරියෙසනච්ඡන්දො. කතමො පටිලාභච්ඡන්දො? ඉධෙකච්චො අජ්ඣොසිතොයෙව අත්ථිකො ඡන්දජාතො රූපෙ පටිලභති. සද්දෙ - ගන්ධෙ - රසෙ - ඵොට්ඨබ්බෙ පටිලභති. අයං පටිලාභච්ඡන්දො.
ඡන්දනිදානානි පියානි ලෝකේ - ‘ඡන්ද’ නම්: කාමවස්තූන් කෙරෙහි යම් කාමවඡන්දයෙක් කාමරාගයෙක් කාමනන්‍දියෙක් කාමතෘෂ්ණා යෙක් කාමස්නේහයෙක් කාමපරිදාහයෙක් කාමමූර්ඡායෙක් කාමයන්හි ගැලීමෙක් කාමෞඝයෙක් කාමයෝගයෙක් කාමොපාදානයෙක් කාමච්ඡන්දනීවරණයෙක් වේ ද, එයයි; තවද ඡන්ද පසෙකි:පර්‍ය්‍යෙෂණ (=සෙවීම) ඡන්දය, ප්‍රතිලාභච්ඡන්දය, පරිභොගච්ඡන්දය, සන්නිධි (=රැස්කිරීම) ඡන්දය, විසර්ජන (=වියදම් කිරීම) ඡන්දය දැයි; එහි පර්ය්යෙෂණඡන්දය කවරැ යත්? මෙහි එකෙක් කාමයෙන් මඩනා ලදුයේ මැ කැමැති වූයේ හටගත් ඡන්දය ඇත්තේ රූපයන් සොයයි, ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් සොසයි, මේ පර්ය්යෙෂණචඡන්ද යයි. ප්‍රතිලාභච්ඡන්දය කවරැ යත් ? මෙහි එකෙක් කාමයෙන් මඩනා ලදුයේ මැ අර්ත්‍ථි වූයේ හටගත් ඡන්දය ඇත්තේ රූපයන් ලබයි, ශබ්දගන්ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් ලබයි, මේ ප්රතිලාභවජන්ද යයි.
කතමො පරිභොගච්ඡන්දො? ඉධෙකච්චො අජ්ඣොසිතො යෙව අත්ථිකො ඡන්දජාතො රූපෙ පරිභුඤ්ජති, සද්දෙ ගන්ධෙ රසෙ ඵොට්ඨබ්බෙ පරිභුඤ්ජති. අයං පරිභොගච්ඡන්දො. කතමො සන්නිධිච්ඡන්දො? ඉධෙකච්චො අජ්ඣොසිතොයෙව අත්ථිකො ඡන්දජාතො ධනසන්නිචයං කරොති ආපදාසු භවිස්සතීති; අයං සන්නිධිච්ඡන්දො. කතමො විසජ්ජනච්ඡන්දො? ඉධෙකච්චො අජ්ඣොසිතොයෙව අත්ථිකො ඡන්දජාතො ධනං විස්සජ්ජෙති හත්ථාරොහානං අස්සාරොහානං රථිකානං ධනුග්ගහානං පත්තිකානං ‘ඉමෙ මං රක්ඛිස්සන්ති ගොපිස්සන්ති සම්පරිවාරෙස්සන්තී’ති. අයං විස්සජ්ජනච්ඡන්දො. පියානීති ද්වෙ පියා: සත්තා වා සඞ්ඛාරා වා. -පෙ- ඉමෙ සත්තා පියා. -පෙ- ඉමෙ සඞ්ඛාරා පියා; ඡන්දනිදානානි පියානි ලොකෙති පියා ඡන්දනිදානා ඡන්දසමුදයා ඡන්දජාතිකා ඡන්දපභවාති - ‘ඡන්දනිදානානි පියානි ලොකෙ.’
පරිභොගච්ඡන්දය කවරැ යත්: මෙහි එකෙක් කාමයෙන් මඩනා ලදුයේ මැ අර්ත්‍ථි වූයේ හටගත් ඡන්දය ඇත්තේ රූපයන් පරිභෝග කෙරෙයි, ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් පරිභෝග කෙරෙයි, මේ පරිභොගච්ඡන්ද යයි. සන්නිධිඡන්දය කවරැ යත් ? මෙහි එකෙක් කාමයෙන් මඩනා ලදුයේ මැ අර්ත්‍ථි වූයේ හටගත් ඡන්දය ඇත්තේ ‘විපතෙහි වන්නේයැ’ යි ධන රැස් කෙරෙයි, මේ සන්නිධිඡන්දය යයි, විසජජනච්ඡන්දය කවරැ යත්? මෙහි එකෙක් කාමයෙන් මඩනා ලදුයේ මෑ අර්ත්‍ථි වූයේ හටගත් ඡන්දය ඇත්තේ ‘මොවුහු මා රක්ෂණ ගෝපනය කරන්නාහුය, පිරිවරා සිටිත්නාහ’යි ඇතරුවන්ට අසරුවන්ට රියැදුරන්ට දුනුවායන්ට පාබලසෙනඟට ධනය වියදම් කරයි, මෙ විසජීනච්ඡන්ද යයි. පියානි - ප්‍රියයෝ දෙදෙනෙකි: සත්වයෝ හෝ සංස්කාරයෝ හෝ යැ;...මේ ප්‍රියවූ සංස්කාරයෝ යි. ඡන්දනිදානානි පියානි ලෝකේ - ප්‍රිය වූ සත්ත්වසංස්කාරයෝ ඡන්දය නිදාන කොට ඇත්තාහුය, ඡන්දය උත්පත්ති කොට ඇත්තාහුය, ඡන්දය ජාති කොට ඇත්තාහුය, ඡන්දය ප්‍රභව කොට ඇත්තාහු නුයි ‘ඡන්දනිදානා ති පියාති ලෝකේ’ යනු වේ.
යෙ චාපි ලොභා විචරන්ති ලොකෙති - ‘යෙ චාපී’ති ඛත්තියා ච බ්රාහ්මණා ච වෙස්සා ච සුද්දා ච ගහට්ඨා ච පබ්බජිතා ච දෙවා ච මනුස්සා ච; ලොභාති යො ලොභො ලුබ්භනා ලුබ්භිතත්තං සාරාගො සාරජ්ජනා සාරජ්ජිතත්තං අභිජ්ඣා ලොභො අකුසලමූලං; විචරන්තීති විචරන්ති විහරන්ති ඉරීයන්ති වත්තන්ති පාලෙන්ති යපෙන්ති යාපෙන්ති; ලොකෙති අපායලොකෙ -පෙ- ආයතනලොකෙති - ‘යෙ චාපි ලොභා විචරන්ති ලොකෙ.’
යෙ චාපි ලොභා විචරන්ති ලෝකේ – ‘යෙ චාපි’ යනු: ක්ෂත්රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යයෝ ද ගැහැවියෝ ද පැවිද්දෝ ද දෙවියෝ ද මිනිස්සු ද ; ලොභා - යම් ලොභයෙක් ලොභකාරයෙක් ලෝභ කරන බවෙක් ඇලීමෙක් ඇලෙන අයුරෙක් ඇලුණු බවෙක් අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එයයි. විචරනති – හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති, වැටෙති රැකෙති යැපෙතී යාපනය වෙත්; ලෝකේ – අපායලෝකයෙහි.... ආයතනලෝකයෙහි නුයි ‘යෙ චාපි ලොභා විචරන්ති ලෝකේ’ යනු වේ.
ආසා ච නිට්ඨා ච ඉතො නිදානාති - ‘ආසා’ වුච්චති තණ්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං, නිට්ඨාති ඉධෙකච්චො රූපෙ පරියෙසන්තො රූපං පටිලභති, රූපනිට්ඨො හොති. සද්දෙ - ගන්ධෙ - රසෙ - ඵොට්ඨබ්බෙ, කුලං, ගණං, ආවාසං, ලාභං, යසං, පසංසං, සුඛං, චීවරං පිණ්ඩපාතං, සෙනාසනං, ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං, සුත්තන්තං, විනයං, අභිධම්මං, ආරඤ්ඤිකඞ්ගං, පිණ්ඩපාතිකඞ්ගං, පංසුකූලිකඞ්ගං, තෙචීවරිකඞ්ගං, සපදානචාරිකඞ්ගං, ඛලුපච්ඡාභත්තිකඞ්ගං, නෙසජ්ජිකඞ්ගං, යථාසන්ථතිකඞ්ගං, පඨමජ්ඣානං, දුතියජ්ඣානං, තතියජ්ඣානං, චතුත්ථජ්ඣානං ආකාසානඤ්චායතනසමාපත්තිං, විඤ්ඤාණඤ්චායතනසමාපත්තිං, ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිං, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිං, පරියෙසන්තො නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිං පටිලභති. නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිනිට්ඨො හොති.
ආසා ච නිටඨා ච ඉතො නිදානා - ‘ආසා’යී තෘෂ්ණාව කියනු ලබයි. යම් රාගයෙක් සංරාගයෙක්...අභිධ්‍යාවෙක් ලෝභ සඞ්ඛ්‍යාත අකුශලමූලයක් වේ ද එයයි; නිට්ඨා - මෙලො වැ එකෙක් රූපයන් සොයනුයේ රූපය ලබයි, රූපසමෘදධිය ඇත්තේ වෙයි, ශබ්ද - ගන්ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් - කුලය - ගණයා - ආවාසාය - ලාභය යශස් - ප්‍රශංසාව - සුඛය - චීවර-පිණ්ඩපාත - සේනාසන – ගිලන්පසබෙහෙත්පිරිකර - සූත්‍රාන්තය - විනය - අභිධර්මය -ආරණ්‍යකාඞ්ගය -පිණ්ඩපාතිකාඞ්ගය - පංසුකූලිකාඞගය–තෙචීවරිකාඞගය - සපදානචාරිකාඞගය - ඛලුපචචඡාභතතිකාඞගය - නෙසජ්ජිකාඞගය– යථාසන්ථතිකාඞගය - ප්‍රථමධ්‍යානය – ද්විතීය - තෘතීය – චතුර්‍ත්‍ථධ්‍යානය - ආකාසානඤ්චායතනසමාපත්තිය - විඤඤානඤ්චායතන - ආකිඤ්චඤ්ඤායතන – නෙවසඤඤානාසඥඤායතනසමාපතතිය සොයනුයේ නෙවසඤඤානාසඤඤායතනසමාපත්තිය ලබයි, නෙවසඤඤානාසඤඤායතත සමාපත්ති සමෘදධිය ඇත්තේ වේ.
1 “ආසාය කසතෙ ඛෙත්තං බීජං ආසාය වප්පති ආසාය වාණිජා යන්ති සමුද්දං ධනහාරකා; යාය ආසාය තිට්ඨාමි සා මෙ ආසා සමිජ්ඣතූ”ති
1. ආශාව හේතු කොට (ගොවියා) කෙත සායි, ආශාව හෙතු කොට බිජුවට වපුරනු ලැබෙයි, ධනය රැස්කර ගන්නා වූ වෙළෙන්දෝ ආශාව හේතු කොට (නැවින්) මුහුදට යෙති, යම් ආශාවකින් මම් මෙහි සිටිම් නම්, ඒ මාගේ ආශාව සමෘද්ධ වේව’යි.
ආසාය සමිද්ධි වුච්චතෙ නිට්ඨා; ආසා ච නිට්ඨා ච ඉතොනිදානාති ආසා ච නිට්ඨා ච ඉතො ඡන්දනිදානා ඡන්දසමුදයා ඡන්දජාතිකා ඡන්දපභවාති ආසා ච නිට්ඨා ච ඉතොනිදානා.
ආශාසමෘදධිය ‘නිට්ඨා, (ඵලනිෂ්පත්ති) යයි කියනු ලැබේ. ආසා ච නිටඨා ව ඉතොනිදානා - ආශාවත් නිෂ්ඨාව (-සමෘදධිය) ත් මේ (රූපඡන්දාදි) ඡන්දය නිදාන කොට ඇත්තාහුය, ඡන්දය උත්පත්ති කොට - ඡන්දය ජාති කොට - ඡන්දය ප්‍රභව කොට ඇත්තාහු නුයි ‘ආසා ච නිටඨා ච ඉතොනිදානා’ යනු වේ.
යෙ සම්පරායාය නරස්ස හොන්තීති - යෙ නරස්ස පරායනා හොන්ති, දීපා හොන්ති, තාණා හොන්ති, ලෙනා හොන්ති, සරණා හොන්ති. නරො නිට්ඨා පරායනො හොතීති - යෙ සම්පරායාය නරස්ස හොන්ති.
යෙ සම්පරයාය නරස්ස හොන්ති - යම් ධර්ම කෙනෙක් සත්වයා හට පරායණ වෙත් ද, ප්‍රතිෂ්ඨා වෙත් ද, ත්‍රාණ වෙත් ද, රක්ෂාසථාන වෙත් ද, සරණ වෙත් ද, මිනිසා, ඒ ආශා සමෘද්ධිය පරායණ කොට ඇත් නුයි ‘යෙ සම්පරායාය නරස්ස හොන්ති’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“ඡන්දනිදානානි පියානි ලොකෙ යෙ චාපි ලොභා විචරන්ති ලොකෙ, ආසා ච නිට්ඨා ච ඉතොනිදානා යෙ සම්පරායාය නරස්ස හොන්තී”ති.
“ඡන්දනිදානානි - පෙ - යෙ සම්පරයාය නරස්ස හොන්ති” යි.