යෙදුමෙන් කියවන්න

11. 3

11. 3.

11. 3.

පියා සු ලොකස‍්මිං කුතොනිදානා යෙ චාපි ලොභා විචරන‍්ති ලොකෙ, ආසා ච නිට‍්ඨා ච කුතො නිදානා යෙ සම‍්පරායාය නරස‍්ස හොන‍්ති.

ලෙවැ ප්‍රියවස්තූහු කොයින් උපන්නාහු ද ? නොහොත් කුමක් හේතු කොට ඇත්තාහු ද ? තවද ලොවැ ක්‍ෂත්‍රියාදි යම් කෙනෙක් ලෝභය හේතුකොටගෙන හැසිරෙත් නම්, (ඒ ලෝභය) කුමක් හේතු කොට ඇත්තේ ද? ආශාවත් (ඒ ආශවගේ) සමෘද්ධියත් කොයින් උපන්නාහු ද ? (කුමක් නිදාන කොට ඇත්තාහු ද ?) යම් ධර්‍ම කෙනෙක් සත්‍වයා හට පරලොවැ පිහිට පිණිස වෙත් නම්, ඒ ධර්‍මයෝ කොයින් උපන්නාහු ද ? (කුමක් නිදාන කොට ඇත්තාහු ද ?)

පියා සු ලොකස‍්මිං කුතොනිදානාති - පියා කුතො නිදානා, කුතො ජාතා, කුතො සඤ‍්ජාතා. කුතො නිබ‍්බත‍්තා. කුතො අභිනිබ‍්බත‍්තා, කුතො පාතුභූතා, කින‍්නිදානා, කිංසමුදයා, කිඤ‍්ජාතිකා, කිම‍්පභවාති පියානං මූලං පුච‍්ඡති -පෙ- සමුදයං පුච‍්ඡති පපුච‍්ඡති යාවතා අජ‍්ඣෙසති පසාදෙතීති - ‘පියා සු ලොකස‍්මිං කුතොනිදානා.’

පියා සු ලෝකස්මිං කුතොනිදානා- ප්‍රියවස්තූහු කුමක් නිදාන කොට ඇත්තාහු ද ? කොයින් උපන්නාහු ද ? කොයින් හටගත්තාහු ද ? කොයින් නිපන්නාහු ද ? කොයින් වෙසෙසින් නිපන්නාහු ද ? කොයින් පහළ වූවාහු ද ? කුමක් නිදාන කොට ඇත්තාහු ද ? කුමක් උත්පත්ති කොට ඇත්තාහු ද ? කුමක් ජාති කොට ඇත්තාහු ද ? කුමක් ප්‍රභව කොට ඇත්තාහු දැ යි ප්‍රියවස්තූන්ගේ මූලය විචාරති … සමුදය විචාරති, පුළුවුස්ති අයැදිති අධ්‍යෙෂණ කෙරෙති පහදවත් නුයි ‘පියා සු ලෝකස්මිං කුතො නිදානා’ යනු වේ.

යෙ චාපි ලොභා විචරන‍්ති ලොකෙති - ‘යෙ චාපී’ති ඛත‍්තියා ච බ්‍රාහ‍්මණා ච වෙස‍්සා ච සුද‍්දා ච ගහට‍්ඨා ච පබ‍්බජිතා ච දෙවා ච මනුස‍්සා ච; ලොභාති යො ලොභො ලුබ‍්භනා ලුබ‍්භිතත‍්තං සාරාගො සාරජ‍්ජනා සාරජ‍්ජිතත‍්තං අභිජ‍්ඣා ලොභො අකුසලමූලං විචරන‍්තීති විචරන‍්ති විහරන‍්ති ඉරීයන‍්ති වත‍්තන‍්ති පාලෙන‍්ති යපෙන‍්ති යාපෙන‍්ති; ලොකෙති අපායලොකෙ මනුස‍්සලොකෙ දෙවලොකෙ ඛන්‍ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙති ‘යෙ චාපි ලොභා විචරන‍්ති ලොකෙ. ‘

යෙ චාපි ලොභා විවරනති ලෝකේ - ‘යෙ චා පි’ යනු: ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යයෝ ද ශුද්‍රයෝ ද ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද දෙවියෝ ද මනුෂ්‍යයෝ ද, ලොභා– යම් ලෝභයෙක් ලෝභ කරන අයුරෙක් ලෝභ කරන බවෙක් ඇලීමෙක් ඇලෙන අයුරෙක් ඇලුණු බවෙක් දැඩි ලොභයෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද; විචරනති - හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති පාලනය කෙරෙති යැපෙති යාපනය කෙරෙත්; ලෝකේ අපායලෝකයෙහි මනුෂ්‍ය - දෙව – ස්කන්‍ධ - ධාතු – අයතතලොකයෙහි නුයි ‘යෙ චාපි ලොභා විවරනති ලෝකේ’ යනු වේ.

ආසා ච නිට‍්ඨා ච කුතොනිදානාති - ‘ආසා ච නිට‍්ඨා ච කුතොනිදානා කුතො ජාතා කුතො සඤ‍්ජාතා කුතො නිබ‍්බත‍්ති කුතො අභිනිබ‍්බත‍්තා කුතො පාතුභූතා කින‍්නිදානා කිංසමුදයා කිඤ‍්ජාතිකා කිම‍්පභවා, ති ආසාය ච නිට‍්ඨාය ච මූලං පුච‍්ඡති -පෙ- සමුදයං පුච‍්ඡති පපුච‍්ඡති යාවතා අජ‍්ඣෙසති පසාදෙතීති - ‘ආසා ච නිට‍්ඨා ච කුතොනිදානා.’

ආසා ව නිටඨා ච කුතො නිදානා - ආශාව ත් ආශාසමෘදධිය ත් කුමන හෙතු ඇත්තාහු ද? කොයින් උපන්නාහු ද ? කොයින් හටගත්තාහු ද ? කොයින් නිපන්නාහු ද ? කොයින් නැඟුණාහු ද ? කොයින් පහළ වූවාහු ද ? කුමක් නිදාන කොට - කුමක් සමුදය කොට - කුමක් ජාති කොට - කුමක් ප්‍රභව කොට ඇත්තාහු දැ’යි ආශාවේ ත් ආශාසමෘද්ධිය ගේ ත් මූලය විචාරති...සමුදය විචාරති, පුළුවුස්ති අයැදිති අධ්‍යෙෂණ කෙරෙති පහදවත් නුයි ‘ආසා ව තිටඨා ච කුතොනිදානා’ යනු වේ.

යෙ සම‍්පරායාය නරස‍්ස හොන‍්තීති - යෙ නරස‍්ස පරායනා හොන‍්ති. දීපා හොන‍්ති, තාණා හොන‍්ති, ලෙනා හොන‍්ති, සරණා හොන‍්ති, නරො නිට‍්ඨා පරායනො හොතීති, ‘යෙ සම‍්පරායාය නරස‍්ස හොන‍්ති.’

යෙ සම්පරායාය නරස්ස හොන්ති - යම් ධර්‍ම කෙනෙක් සත්‍වයා හට (පරලොවට) පිහිට වෙත් ද ප්‍රතිෂ්ඨා වෙත් ද ත්‍රාණ වෙත් ද රක්‍ෂාස්ථාන වෙත් ද සරණ වෙත් ද. මිනිසා ඒ සමෘද්ධිය පරායණ කොට ඇත් නුයි -‘යෙ සම්පරායාය නරස්ස හොන්ති’ යනු වේ.

තෙනාහ සො නිම‍්මිතො:

එසින් කීහ, ඒ නිර්මිත බුදුහු:

“පියා සු ලොකස‍්මිං කුතොනිදානා යෙ චාපි ලොභා විචරන‍්ති ලොකෙ, ආසා ච නිට‍්ඨා ච කුතොනිදානා යෙ සම‍්පරාය නරස‍්ස හොන‍්තී”ති.

“පියා සු ලොකසමිං - පෙ - යෙ සම්පරායා නරස්ස හොන්ති” යි