11. 2
11. 2.
11. 2.
පියප්පහූතා කලහා විවාදා පරිදෙවසොකා සහමච‍්ඡරා ච, මානාතිමානා සහපෙසුනා ච මච‍්ඡෙරයුත‍්තා කලහා විවාදා විවාදජාතෙසු ච පෙසුනානි.
කලහයෝ ද විවාදයෝ ද පරිදේව - ශෝකයෝ ද මාත්සර්‍ය්‍යයෝ ද මානාතිමානයෝ ද පෛශුනායෝ ප්‍රියවස්තූහු කෙරෙන් උපන්නාහුය. කලහයෝ ද විවාදයෝ ද (පරිදේව - ශෝක - මාන - අතිමාන - පෛශුන්‍යයෝ ද) මාත්සර්‍ය්‍යයෙහි යෙදුණාහු වෙති. විවාද උපන් කල්හි පිසුනු වචනයෝ වෙත්.
පියප‍්පහූතා කලහා විවාදා පරිදෙවසොකා සහමච‍්ඡරා චාති - පියාති ද‍්වෙ පියා: සත‍්තා වා සඞ‍්ඛාරා වා. කතමෙ සත‍්තා පියා? ඉධ යස‍්ස තෙ හොන‍්ති අත්‍ථකාමා හිතකාමා ඵාසුකාමා යොගක‍්ඛෙමකාමා, මාතා වා පිතා වා භාතා වා භගිනී වා පුත‍්තො වා ධීතා වා මිත‍්තා වා අමච‍්චා වා ඤාතී වා සාලොහිතා වා, ඉමෙ සත‍්තා පියා. කතමෙ සඞ‍්ඛාරා පියා? මනාපිකා රූපා මනාපිකා සද‍්දා මනාපිකා ගන්‍ධා මනාපිකා රසා මනාපිකා ඵොට‍්ඨබ‍්බා, ඉමෙ සඞ‍්ඛාරා පියා. පියං වත්‍ථුං අච‍්ඡෙදසංකිනොපි කලහං කරොන‍්ති. අච‍්ඡිජ‍්ජන‍්තෙපි කලහං කරොන‍්ති අච‍්ඡින‍්නෙපි කලහං කරොන‍්ති. පියං වත්‍ථුං විපරිණාමසඞ‍්කිනොපි කලහං කරොන‍්ති. විපරිණමන‍්තෙපි කලහං කරොන‍්ති. විපරිණතෙපි කලහං කරොන‍්ති. පියං වත්‍ථුං අච‍්ඡෙදසඞ‍්කිනොපි විවදන‍්ති. අච‍්ඡිජ‍්ජන‍්තෙපි විවදන‍්ති. අච‍්ඡින‍්නෙපි විවදන‍්ති. පියං වත්‍ථුං විපරිණාමසඞ‍්කිනොපි විවදන‍්ති. විපරිණමන‍්තෙපි විවදන‍්ති. විපරිණතෙපි විවදන‍්ති. පියං වත්‍ථුං අච‍්ඡෙදසඞ‍්කිනොපි පරිදෙවන‍්ති. අච‍්ඡිජ‍්ජන‍්තෙපි පරිදෙවන‍්ති. අච‍්ඡින‍්නෙපි පරිදෙවන‍්ති. පියං වත්‍ථුං විපරිණාමසඞ‍්කිනොපි පරිදෙවන‍්ති. විපරිණමන‍්තෙපි පරිදෙවන‍්ති. විපරිණතෙපි පරිදෙවන‍්ති. පියං වත්‍ථුං අච‍්ඡෙදසඞ‍්කිනොපි සොචන‍්ති. අච‍්ඡිජ‍්ජන‍්තෙපි සොචන‍්ති. අච‍්ඡින‍්නෙපි සොචන‍්ති. පියං වත්‍ථුං විපරිණාමසඞ‍්කිනොපි සොචන‍්ති. විපරිණමන‍්තෙපි සොචන‍්ති. විපරිණතෙපි සොචන‍්ති. පියං වත්‍ථුං රක‍්ඛන‍්ති ගොපෙන‍්ති පරිග‍්ගණ‍්හන‍්ති මමායන‍්ති මච‍්ඡරායන‍්ති.
පියප්පහූතා කලහා විවාදා පරිදෙවසොකා සහමච්ඡාර ච - ‘පියා’ යනු: ප්‍රියයෝ දෙදෙනෙකි: සත්‍වයෝ ද සංස්කාරයෝ දැයි: කවර සත්තවයෝ ප්‍රියයෝ ද යත්? මෙලොවැ මවු හෝ පියා හෝ බෑයා හෝ බූනැණිය හෝ පුතා හෝ දූ හෝ මිතුරෝ හෝ යහළුවෝ හෝ නෑයෝ හෝ ඔහුට වැඩ කැමැති වූ හිත කැමැති වූ සුව කැමැති වූ යොගක්ෂෙමය කැමැති වූ යම් කෙනෙක් වෙත් ද මේ සත්තවයෝ ප්‍රියයෝ වෙත්. කවර සංස්කාරයෝ ප්‍රියයෝ ද යත්? මනවඩන රූපයෝ මනවඩන ශබ්දයෝ මනවඩන ගන්‍ධයෝ මනවඩන රසයෝ මනවඩන ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ, මේ සංස්කාරයෝ ප්‍රිය වෙත්. ප්‍රියවස්තුව ‘අසිඳ ගනිති’ සැක ඇත්තාහු ද කලහ කෙරෙති, අසිඳුනා කල්හි දු කලහ කෙරෙති, අසිඳගත් කල්හි දු කලහ කෙරෙති, ප්‍රියවස්තුව ‘පෙරැළෙති’ සැක ඇත්තාහු ද - පෙරැළෙන කල්හි දු පෙරැළුණු කල්හි දු කලහ කෙරෙති, ප්‍රියවස්තුව ‘අසිඳ ගනිති’ සැක ඇත්තාහු ද විවාද කෙරෙති, අසිඳුනා කල්හි දු - අසිඳගත් කල්හි දු - ප්‍රියවස්තුව ‘පෙරැළෙති’ සැක ඇත්තාහු ද - පෙරැළෙන කල්හි දු පෙරැළුණු කල්හි දු විවාද කෙරෙති, ප්‍රියවස්තුව ‘අසිඳ ගනිති’ සැක ඇත්තාහු ද පරිදේවනා කෙරෙති, අසිඳුනා කල්හි දු අසිඳගත් කල්හි දු, ප්‍රියවස්තුව ‘පෙරැළෙති’ සැක ඇත්තාහු ද - පෙරැළෙන කල්හි දු පෙරැළුණු කල්හි දු පරිදේවනා කෙරෙත්, ප්‍රියවස්තුව ‘අසිඳ ගනිති’ සැක ඇත්තාහු ද ශෝක කෙරෙති, අසිඳ ගන්නා කල්හි දු - අසිඳගත් කල්හි දු - ප්‍රියවස්තුව ‘පෙරැළෙති’ සැක ඇත්තාහු ද - පෙරැළෙන කල්හි දු පෙරැළුණු කල්හි දු ශෝක කෙරෙත්. ප්‍රියවස්තුව රකිති, ගෝපනය කෙරෙත්, අයත් කෙරෙති, මමායන කෙරෙති, මසුරු කෙරෙත්.
මානාතිමානා සහපෙසුනා චාති - පියං වත්‍ථුං නිස‍්සාය මානං ජනෙන‍්ති. පියං වත්‍ථුං නිස‍්සාය අතිමානං ජනෙන‍්ති. කථං පියං වත්‍ථුං නිස‍්සාය මානං ජනෙන‍්ති? “මයං ලාභිනො මනාපිකානං රූපානං සද‍්දානං ගන්‍ධානං රසානං ඵොට‍්ඨබ‍්බානං. ඉමෙ පනඤ‍්ඤෙ න ලාභිනො මනාපිකානං රූපානං සද‍්දානං ගන්‍ධානං රසානං ඵොට‍්ඨබ‍්බාන”න‍්ති එවං පියං වත්‍ථුං නිස‍්සාය මානං ජනෙන‍්ති. කථං පියං වත්‍ථුං නිස‍්සාය අතිමානං ජනෙන‍්ති? “මයං ලාභිනො මනාපිකානං රූපානං සද‍්දානං ගන්‍ධානං රසානං ඵොට‍්ඨබ‍්බානං. ඉමෙ පනඤ‍්ඤෙ න ලාභිනො මනාපිකානං රූපානං සද‍්දානං ගන්‍ධානං රසානං ඵොට‍්ඨබ‍්බාන”න‍්ති එවං පියං වත්‍ථුං නිස‍්සාය අතිමානං ජනෙන‍්ති.
මානාතිමානා සහපෙසුනා ච - ප්‍රියවස්තුව නිසා මානය උපදවති ප්‍රියවස්තුව නිසා අතිමානය උපදවත්. කිසෙයින් ප්‍රියවස්තුව නිසා මානය උපදවති? යත්: ‘අපි මනවඩන රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යයන් ලබන සුල්ලම්හ එහෙත් මේ අන්‍යයෝ මනවඩන රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යයන් නො ලබන සුල්ලහ’ යි මෙසේ ප්‍රියවස්තුව නිසා මානය උපදවත්. කෙසේ ප්‍රියවස්තුව නිසා අතිමානය උපදවති? යත් ‘අපි මනවඩන රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යයන් ලබන සුල්ලම්හ, මේ අන්‍යයෝ වැලිත් මනවඩන රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යයන් නො ලබන සුල්ලහ’ යි මෙසේ ප්‍රියවස්තුව නිසා අතිමානය උපදවත්.
පෙසුඤ‍්ඤන‍්ති - ඉධෙකච‍්චො පිසුනවාචො හොති: ඉතො සුත්‍වා අමුත්‍ර අක‍්ඛාතා ඉමෙසම‍්භෙදාය -පෙ- එවං භෙදාධිප‍්පායො පෙසුඤ‍්ඤං උපසංහරතීති ‘මානාතිමානා සහපෙසුනා ච.’
පෙසුඤඤං - මෙහි එකෙක් පිසුනුබස් කියනුයේ වෙයි: මෙතැනින් අසා මොවුන්ගේ භේදය පිණිස එතැන කියන්නේ වෙයි. මෙසේ බිඳුවන අදහස් ඇතියේ පිසුනුබස් එළවා කියා නුයි ‘මානාතිමානා සහපෙසුනා ච’ යනු වේ.
මච‍්ඡෙරයුත‍්තා කලහා විවාදා’ති - කලහො ච විවාදො ච පරිදෙවො ච සොකො ච මානො ච අතිමානො ච පෙසුඤ‍්ඤඤ‍්චාති ඉමෙ සත‍්ත කිලෙසා මච‍්ඡරියෙ යුත‍්තා පයුත‍්තා ආයුත‍්තා සමායුත‍්තාති - ‘මච‍්ඡෙරයුත‍්තා කලහා විවාදා’
මචෙඡරයුතතා කලහා විවාදා - කලහය ද විවාදය ද පරිදේවය ද ශෝකය ද මානය ද අතිමානය ද පෛශුන්‍යය ද යන සප්ත ක්ලේශයෝ මාත්සර්‍ය්‍යයෙහි යෙදුණාහු අතිශයින් යෙදුණාහු හාත්පසින් යෙදුණාහු වෙසෙසින් යෙදුණාහු නුයි ‘මචෙඡරයුතතා කලහා විවාදා’ යනු වේ.
විවාදජාතෙසු ච පෙසුනානීති - ‘විවාදෙ ජාතෙ සඤ‍්ජාතෙ නිබ‍්බත‍්තෙ අභිනිබ‍්බත‍්තෙ පාතුභූතෙ පෙසුඤ‍්ඤං උපසංහරන‍්ති: ඉතො සුත්‍වා අමුත්‍ර අක‍්ඛායන‍්ති ඉමෙසං භෙදාය. අමුත්‍ර වා සුත්‍වා ඉමෙසං අක‍්ඛායන‍්ති අමූසං භෙදාය. ඉති සමග‍්ගානං වා භෙත‍්තාරො භින‍්නානං වා අනුප‍්පදාතාරො වග‍්ගාරාමා වග‍්ගරතා වග‍්ගනන්‍දී වග‍්ගකරණිං වාචං භාසිතාරො හොන‍්ති ඉදං වුච‍්චති පෙසුඤ‍්ඤං. අපිච, ද‍්වීහි කාරණෙහි පෙසුඤ‍්ඤං උපසංහරන‍්ති: පියකම්‍යතාය වා භෙදාධිප‍්පායා වා. කථං පියකම්‍යතාය පෙසුඤ‍්ඤං උපසංහරන‍්ති? ඉමස‍්ස පියා භවිස‍්සාම, මනාපා භවිස‍්සාම, විස‍්සාසිකා භවිස‍්සාම, අබ‍්භන‍්තරිකා භවිස‍්සාම, සුහදයා භවිස‍්සාමාති, එවං පියකම්‍යතාය පෙසුඤ‍්ඤං උපසංහරන‍්ති. කථං භෙදාධිප‍්පායා පෙසුඤ‍්ඤං උපසංහරන‍්ති? කථං ඉමෙ නානා අස‍්සු, විනා අස‍්සු, වග‍්ගා අස‍්සු, ද‍්වෙධා අස‍්සු, ද‍්වෙජ‍්ඣා අස‍්සු, ද‍්වෙ පක‍්ඛා අස‍්සු, භිජ‍්ජෙය්‍යුං න සමාගච‍්ඡෙය්‍යුං, දුක‍්ඛං න ඵාසු විහරෙය්‍යුන‍්ති. එවං භෙදාධිප‍්පායා පෙසුඤ‍්ඤං උපසංහරන‍්තීති - ‘විවාදජාතෙසු ච පෙසුනානි’
විවාදජාතෙසු ච පෙසුනාති - විවාදය උපන් කල්හි හටගත් කල්හි නිපන් කල්හි වෙසෙසින් නිපන් කල්හි පහළ වූ කල්හි පිසුනුබස් එළවා කියති: මෙතැනින් අසා මොවුන්ගේ භේදය පිණිස එතැන කියති, එතැනින් හෝ අසා ඔවුන්ගේභෙදය පිණිස මොවුන්ට කියති: මෙසේ සමඟ වූවන් හෝ බිඳින්නාහු භේද වූවන්ගේ හෝ භේදය දැඩි කරන්නාහු වර්‍ගය කැමැති වූවාහු වර්‍ග වීමෙහි ඇලුණාහු වර්‍ග වීමට සතුටු වන්නාහු වර්‍ග කරන බස් කියන්නාහු වෙත්. මෙ ‘පෙසුඤ්ඤ’යි කියනු ලැබෙයි. තවද දෙකරුණෙකින් පිසුනු කියති: ප්‍රියකාම්‍යතායෙන් භෙදායිප්‍රායයෙත් හෝ යැ. කිසෙයින් ප්‍රියකාම්‍යතායෙන් පිසුනු කියති ? යත්: මොහුට ප්‍රිය වම්හ. මනාප වම්හ, විස්වැසි වම්හ, ආභ්‍යන්තරික වම්හ, සුහෘද් වම්හ’යි මෙසේ ප්‍රියකාම්‍යතායෙන් පෛශුන්‍යවචන කියත්. කිසෙයින් භෙදායිප්‍රාය ඇත්තාහු පිසුනුබස් එළවා කියති යත්? ‘කෙසේ නම් මොහු නානා වන්නාහු ද වෙන් වන්නාහු ද වර්‍ග වන්නාහු ද ද්විධා වන්නාහු ද දෙකඩ වන්නාහු ද දෙ පක්‍ෂ වන්නාහු ද බිඳෙන්නාහු ද සමාගම් නො වන්නාහු ද දුකසේ නො සුවසේ වාසය කරන්නාහු දැ”යි මෙසේ භෙදාධිප්‍රායයෙන් පෛශුන්‍ය කියත් නුයි ‘විවාදජාතෙසු ච පෙසුතාති’ යනු වේ.
එයින් වදාළහ. බුදුහු:
“පියප‍්පහූතා කලහා විවාදා පරිදෙවසොකා සහමච‍්ඡාරා ච, මානාතිමානා සහපෙසුනා ච මච‍්ඡෙරයුත‍්තා කලහා විවාදා විවාදජාතෙසු ච පෙසුනාතී”ති.
“පියප්පහූතා - පෙ - විවාදජාතෙසු ච පෙසුනාති” යි.