යෙදුමෙන් කියවන්න

11. 1

11. 1.

11. 1.

කුතො පහූතා කලහා විවාදා පරිදෙවසොකා සහමච‍්ඡරා ච, මානාතිමානා සහපෙසුනා ච කුතො පහූතා තෙ තදිඞ‍්ඝ බ්‍රූහි.

කලහයෝත් විවාදයෝත් කොතැනින් උපන්නාහු ද? පරිදේව ශෝකයෝ ද මාත්සර්‍ය්‍යයෝ ද මාන - අතිමානයෝ ද පිසුනු වචනයෝ ද යන ඒ (අටවැදෑරුම්) ක්ලෙශධර්‍මයෝ කොතැනින් උපන්නාහු ද ඒ අර්තථය වදාළ මැනවි.

කුතො පහූතා කලහා විවාදා’ති - ‘කලහො’ති එකෙන ආකාරෙන කලහො; විවාදොතිපි තඤ‍්ඤෙව; යො කලහො, සො විවාදො. යො විවාදො, සො කලහො, අථවා, අපරෙන ආකාරෙන විවාදො වුච‍්චති: කලහස‍්ස පුබ‍්බභාගො විවාදො; රාජානොපි රාජූහි විවදන‍්ති. ඛත‍්තියාපි ඛත‍්තියෙහි විවදන‍්ති, බ්‍රාහ‍්මණාපි බ්‍රාහ‍්මණෙහි විවදන‍්ති. ගහපතීපි ගහපතීහි විවදන‍්ති. මාතාපි පුත‍්තෙන විවදති. පුත‍්තොපි මාතරා විවදති. පිතාපි පුත‍්තෙන විවදති. පුත‍්තොපි පිතරා විවදති. භාතාපි භාතරා විවදති, භාතාපි භගිනියා විවදති. භගිනීපි භාතරා විවදති. සහායොපි සහායෙන විවදති. අයං විවාදො.

කුතො පහූතා කලහා විවාදා - ‘කලහ’ නම්: එක් අයුරෙකින් කලහයැ. ‘විවාද’ නමුදු එය මැ යි, යමෙක් කලහය නම්, හේ විවාද යැ, යමෙක් විවාදය නම් හේ කලහ යයි, නොහොත් අන් අයුරෙකින් විවාදය කියනු ලැබෙයි: කලහයාගේ පූර්‍වභාගය විවාද යයි; රජහු ද රජුන් සමග විවාද කෙරෙති, ක්ෂිත්‍රියයෝ ද ක්ෂිත්‍රියයන් සමග විවාද කෙරෙති, බමුණෝ බමුණන් සමග විවාද කෙරෙති, ගැහැවියෝ ද ගැහැවියන් සමග විවාද කෙරෙති, මවු ද පුතු සමග විවාද කෙරෙයි, පුතා ද මව සමග විවාද කෙරෙයි, පියා ද පුතු සමග විවාද කෙරෙයි, පුතා ද පියහු සමග සමග විවාද කෙරෙයි, සොහොයුරා ද සොහොයුරු සමග විවාද කෙරෙයි, සොහොයුරා ද සොහොයුරිය සමග විවාද කෙරෙයි, සොහොයුරී ද සොහොයුරු සමග විවාද කෙරෙයි, යහළුවා ද යහළුවා සමග විවාද කෙරෙයි; මේ විවාදයයි.

කතමො කලහො? ආගාරිකා දණ‍්ඩපසුතා කායෙන වාචාය කලහං කරොන‍්ති. පබ‍්බජිතා ආපත‍්තිං ආපජ‍්ජන‍්තා කායෙන වාචාය කලහං කරොන‍්ති. අයං කලහො.

කලහය කවරේ ද? ගිහිවැසියෝ දඬුවමෙහි යෙදුණාහු කයින් වචසින් කලහ කෙරෙති. පැවිද්දෝ ඇවැත් අවදනාහු කයින් වචසින් කලහ කෙරෙත්. මේ කලහ යයි.

කුතො පහූතා කලහා විවාදා’ති - කලහා ච විවාදා ච කුතො පහූතා? කුතො ජාතා? කුතො සඤ‍්ජාතා? කුතො නිබ‍්බත‍්තා? කුතො අභිනිබ‍්බත‍්තා? කුතො පාතුභූතා? කින‍්නිදානා? කිංසමුදයා? කිඤ‍්ජාතිකා? කිම‍්පභවා’ති කලහස‍්ස ච විවාදස‍්ස ච මූලං පුච‍්ඡති. හෙතුං පුච‍්ඡති, නිදානං පුච‍්ඡති, සම‍්භවං පුච‍්ඡති, පභවං පුච‍්ඡති, සමුට‍්ඨානං පුච‍්ඡති, ආහාරං පුච‍්ඡති, ආරම‍්මණං පුච‍්ඡති, පච‍්චයං පුච‍්ඡති, සමුදයං පුච‍්ඡති පපුච‍්ඡති, යාචති, අජ‍්ඣෙසති, පසාදෙතීති - ‘කුතො පහූතා කලහා විවාදා.’

කුතො පහූතා කලහා විවාදා - කලහයෝ ද විවාදයෝ ද කොතැනින් වූවාහුද කොයින් උපන්නාහු ද කොයින් හටගත්තාහු ද කොයින් නිපන්නාහු ද කොයින් වෙසෙසින් නිපන්නාහුද කොයින් පහළ වූවාහු ද කුමක් නිදාන කොට ඇත්තාහු ද කුමක් සමුදය කොට ඇත්තාහු ද කුමක් ජාති කොට ඇත්තාහු ද කුමක් ප්‍රභව කොට ඇත්තාහු දැයි කලහයාගේ ද විවාදයාගේ ද මූලය විචාරයි, හේතුව - නිදානය - සම්භවය - ප්‍රභවය - සමුත්ථානය - ආහාරය - ආලම්බනය - ප්‍රත්‍යය - සමුදය විචාරයි, වෙසෙයින් විචාරයි, ආයාචනය කෙරෙයි, කැමැති කරවයි, පහදවා නුයි ‘කුතො පහූතා කලහා විවාදා’ යනු වේ.

පරිදෙවසොකා සහමච‍්ඡරා චා’ති - ‘පරිදෙවො’ති ඤාතිබ්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස භොගබ්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස රොගබ්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස සීලබ්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස දිට‍්ඨිබ්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා බ්‍යසනෙන සමන‍්නාගතස‍්ස අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා දුක‍්ඛධම‍්මෙන ඵුට‍්ඨස‍්ස ආදෙවො පරිදෙවො ආදෙවනා පරිදෙවනා ආදෙවිතත‍්තං පරිදෙවිතත‍්තං, වාචා පලාපො විප‍්පලාපො ලාලප‍්පො ලාලප‍්පනා ලාලප‍්පිතත‍්තං; සොකොති ඤාතිබ්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස භොග - රොග - සීල - දිට‍්ඨි බ්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස, අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා බ්‍යසනෙන සමන‍්නාගතස‍්ස අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා දුක‍්ඛධම‍්මෙන ඵුට‍්ඨස‍්ස, සොකො සොචනා සොචිතත‍්තං, අන‍්තො සොකො අන‍්තො පරිසොකො අන‍්තො දාහො අන‍්තො පරිදාහො, චෙතසො පරිජ‍්ඣායනා දොමනස‍්සං සොකසල‍්ලං; මච‍්ඡරන‍්ති පඤ‍්ච මච‍්ඡරියානි: ආවාසමච‍්ඡරියං කුලමච‍්ඡරියං ලාභමච‍්ඡරියං වණ‍්ණමච‍්ඡරියං ධම‍්මමච‍්ඡරියං. යං එවරූපං මච‍්ඡරියං මච‍්ඡරායනා මච‍්ඡරායිතත‍්තං, වෙවිච‍්ඡං කදරියං කටුකඤ‍්චුකතා අග‍්ගහිතත‍්තං චිත‍්තස‍්ස;. ඉදං වුච‍්චති මච‍්ඡරියං. අපිච ඛන්‍ධමච‍්ඡරියම‍්පි මච‍්ඡරියං, ධාතුමච‍්ඡරියම‍්පි මච‍්ඡරියං, ආයතනමච‍්ඡරියම‍්පි මච‍්ඡරියං; ගාහො වුච‍්චති මච‍්ඡරියන‍්ති - පරිදෙවසොකා සහමච‍්ඡරා ච.

පරිදෙවසොකා සහමච්ඡරා ච - ‘පරිදේව’ නම්: නෑයන්ගේ විනාශයෙන් පහස්නා ලද්දහුගේ හෝ භොගවිනාශයෙන් හෝ රොගව්‍යසනයෙන් හෝ - ශීලව්‍යසනයෙන් හෝ - දෘෂ්ටිව්‍යසනයෙන් හෝ - එක්තරා ව්‍යසනයකින් හෝ යුක්ත වූවහුගේ එක්තරා දුඃඛහෙතුවකින් හෝ පහස්නා ලද්දාහුගේ නම කියා හැඬීමෙක් ගුණ කියා හැඬීමෙක් හඬන අයුරෙක් ගුණ කියා හඬන අයුරෙක් හඬන බවෙක් ගුණ කියා හඬන බවෙක් ප්‍රලාපයෙක් විප්‍රලාපයෙක් පුනපුනා ලපනයෙක් ලාලප්පනාකාරයෙක් ලාලප්පිත බවෙක් වේ එය යි. ‘සෝක’ නම්: ඥාති ව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහුගේ භොග - රෝග - ශීල - දෘෂ්ටිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහුගේ එක්තරා ව්‍යසනයකින් හෝ යුක්ත වූවහුගේ එක්තරා දුඃඛහෙතුවකින් ස්පර්‍ශ කරන ලද්දහුගේ ශෝකයෙක් ශොකාකාරයෙක් ශෝක කළ බවෙක් අභ්‍යන්තර ශෝකයෙක් අභ්‍යන්තරයෙහි පරිශොකයෙක් අභ්‍යන්තරදාහයෙක් අභ්‍යන්තරපරිදාහයෙක් සිත දැවෙන අයුරෙක් දොම්නසෙක් ශෝක නමැති හුලෙක් වේ ද එයයි. ‘මච්ඡර’ නම්: ආවාසමාත්සර්‍ය්‍ය යැ කුල - ලාභ - වර්‍ණ - ධර්‍මමාත්සර්‍ය්‍යය යැයි මාත්සර්‍ය්‍ය පසෙකි. මෙබඳු වූ යම් මසුරු බවෙක් මසුරු ආකාරයෙක් මාත්සර්‍ය්‍යයෙන් යුක්ත බවෙක් සඟවනු කැමැති බවෙක් අනාර්‍ය්‍ය බවෙක් කටුකත්වයෙන් සිත හකුළුවන බවෙක් සිත හාත්පසින් ගන්නා ලද බවෙක් වේ ද, මේ මාත්සර්‍ය්‍ය යි කියනු ලැබේ. තවද ස්කන්ධමාත්සර්‍ය්‍යය ද - ධාතු - ආයතන මාත්සර්‍ය්‍ය ද මාත්සර්‍ය්‍ය යැ; ග්‍රාහය මාත්සර්‍ය්‍ය යැයි කියනු ලැබේ නුයි ‘පරිදෙවසොකා සහමච්ඡරා ච’ යනු වේ.

මානාතිමානා සහපෙසුනා චා’ති - ‘මානො’ති ඉධෙකච‍්චො මානං ජනෙති ජාතියා වා ගොත‍්තෙන වා කොලපුත‍්තියෙන වා වණ‍්ණපොක‍්ඛරතාය වා ධනෙන වා අජ‍්ඣෙනෙන වා කම‍්මායතනෙන වා සිප‍්පායතනෙන වා විජ‍්ජාට‍්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා වත්‍ථුනා. අතිමානොති ඉධෙකච‍්චො පරං අතිමඤ‍්ඤති ජාතියා වා ගොත‍්තෙන වා -පෙ- අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා වත්‍ථුනා.

මානාතිමාතා යහපෙසුතා ච - ‘මාන’ නම්: මේ ලොවැ එකෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් - කුලයෙන් - කුලපුත්‍රභාවයෙන් - වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් - ධනයෙන් - අධ්‍යයනයෙන් - කර්‍මායතනයකින් - ශිල්පායතනයකින් විද්‍යාස්ථානයකින් - ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ එක්තරා වස්තුවකින් හෝ මානය උපදවයි. ‘අතිමාන’ නම්: මෙ ලොවැ එකෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් … එක්තරා වස්තුවකින් හෝ මෙරමා ඉක්මවා සිතයි.

පෙසුඤ‍්ඤන‍්ති - ඉධෙකච‍්චො පිසුනවාචො හොති: ඉතො සුත්‍වා අමුත්‍ර; අක‍්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්‍ර වා සුත්‍වා ඉමෙසං අක‍්ඛාතා අමූසං භෙදාය. ඉති සමග‍්ගානං වා භෙත‍්තා භින‍්නානං වා අනුප‍්පදාතා වග‍්ගාරාමො වග‍්ගරතො වග‍්ගනන්‍දී වග‍්ගකරණිං වාචං භාසිතා හොති. ඉදං වුච‍්චති පෙසුඤ‍්ඤං; අපිච, ද‍්වීහි කාරණෙහි පෙසුඤ‍්ඤං උපසංහරති: පියකම්‍යතාය වා භෙදාධිප‍්පායො වා. කථං පියකම්‍යතාය පෙසුඤ‍්ඤං උපසංහරති? ඉමස‍්ස පියො භවිස‍්සාමි, මනාපො භවිස‍්සාමි, විස‍්සාසිකො භවිස‍්සාමි, අබ‍්භන‍්තරිකො භවිස‍්සාමි, සුහදයො භවිස‍්සාමීති එවං පියකම්‍යතාය පෙසුඤ‍්ඤං උපසංහරති. කථං භෙදාධිප‍්පායො පෙසුඤ‍්ඤං උපසංහරති? කථං ඉමෙ නානා අස‍්සු, විනා අස‍්සු, වග‍්ගා අස‍්සු, ද‍්විධා අස‍්සු, ද‍්වෙජ‍්ඣා අස‍්සු, ද‍්වෙ පක‍්ඛා අස‍්සු, භිජ‍්ජෙය්‍යුං න සමාගච‍්ඡෙය්‍යුං, දුක‍්ඛං න ඵාසු විහරෙය්‍යුන‍්ති. එවං භෙදාධිප‍්පායො පෙසුඤ‍්ඤං උපසංහරතීති - ‘මානාතිමානා සහපෙසුනා ච.

‘පෙසුඤ්ඤ’ නම්: මේ ලොවැ එකෙක් පෛශුන්‍යවචන ඇත්තේ වෙයි: මෙතැනින් අසා මුන්ගේ භේදය පිණිස එතැන කියන්නේ වෙයි, නොහොත් එතැනින් අසා උන්ගේ බිඳීම පිණිස මුන්ට කියන්නේ වෙයි; මෙසේ සමග වූවන් හෝ බිඳිනුයේ භින්න වූවන් හෝ භේදය දැඩි කරනුයේ වර්‍ගය (=අසමගිය) සතුටු වූයේ වර්‍ග වූවන් කෙරෙහි ඇලුණේ වර්‍ග වූවන් දැන සතුටු වනුයේ වර්‍ග කරන බස් කියනුයේ වෙයි. මේ පෙසුඤ්ඤ’ යයි කියනු ලැබේ. තවද දෙ කරුණෙකින් පිසුනුබස් එළවා කියයි: ප්‍රියකාම්‍යතායෙන් හෝ භෙදාධිප්‍රාය ඇත්තේ හෝ යැ. කෙසේ ප්‍රියකාම්‍යතායෙන් පිසුනු කියා ද? යත්: ‘මොහුට ප්‍රියයෙම් වෙමි, මන වඩනුයෙම් වෙමි, විස්වැසි වෙමි , ඇතුළත් වූයෙම් වෙමි, යහළු වෙමි, මෙසේ ප්‍රිය කැමති බැවින් පිසිනු කියයි. කෙසේ භෙදාධිප්‍රාය ඇත්තේ පිසුනු කියා ද? යත්: ‘කෙසේ නම් මොහු නානා වන්නාහු ද, වෙන් වන්නාහු ද වර්‍ග වන්නාහු ද, විවිධ වන්නාහු ද, දෙ කඩවන්නාහු ද, දෙපක්ෂ වන්නාහු ද, බිඳෙන්නාහු ද, සමගම නොවන්නාහු ද, දුකසේ නො සුවසේ වසන්නාහු දැ’ යි මෙසේ භේද කරන සිත් ඇතියේ පිසුනු එළවා කියා නුයි ‘මානාතිමානා සහපෙසුනා ච’ යනු වේ.

කුතො පහුතා තෙ තදිඞ‍්ඝ බ්‍රූහීති - ‘කලහො ච විවාදො ච පරිදෙවො ච සොකො ච මච‍්ඡරියං ච මානො ච අතිමානො ච පෙසුඤ‍්ඤඤ‍්චාති ඉමෙ අට‍්ඨ කිලෙසා කුතො පහූතා? කුතො ජාතා? කුතො සඤ‍්ජාතා? කුතො නිබ‍්බත‍්තා? කුතො අභිනිබ‍්බත‍්තා? කුතො පාතුභූතා? කින‍්නිදානා? කිංසමුදයා? කිඤ‍්ජාතිකා? කිම‍්පභවාති? ඉමෙසං අට‍්ඨන‍්නං කිලෙසානං මූලං පුච‍්ඡති, හෙතුං පුච‍්ඡති, නිදානං පුච‍්ඡති, සම‍්භවං පුච‍්ඡති, පභවං පුච‍්ඡති, සමුට‍්ඨානං පුච‍්ඡති, ආහාරං පුච‍්ඡති, ආරම‍්මණං පුච‍්ඡති. පච‍්චයං පුච‍්ඡති. සමුදයං පුච‍්ඡති, පපුච‍්ඡති යාවතා අජ‍්ඣෙසති පසාදෙතීති කුතො පහූතා තෙ තදිඞ‍්ඝ බ්‍රූහීති ඉඞ‍්ඝ බ්‍රූහි ආචික‍්ඛ දෙසෙහි පඤ‍්ඤපෙහි පට‍්ඨපෙහි විවර විභජ උත‍්තානීකරොහි පකාසෙහීති - කුතො පහූතා තෙ තදිඞ‍්ඝ බ්‍රූහීති.

කුතො පහූතා තෙ තදිඞ්ඝ බ්‍රෑහි - කලහය ද විවාදය ද පරිදේවය ද ශෝකය ද මාත්සර්‍ය්‍යය ද මානය ද අතිමානය ද පෛශුන්‍යය ද යන මේ අටකෙලෙස්හු කොතැනින් වූවාහු ද? කොහි උපන්නාහු ද? කොහි හටගත්තාහු ද? කොහි උපන්නාහු ද? කොහි වෙසෙසින් උපන්නාහු ද? කොහි පහළ වූවාහු ද? කුමක් නිදාන - සමුදය - ජාති - ප්‍රභව කොට ඇත්තාහු දැ’ යි මේ අටකෙලෙසුන්ගේ මූලය විචාරයි, හේතුව - නිදානය සම්භවය - සමුත්ථානය - ආහාරය - ආලම්බනය - ප්‍රත්‍යය විචාරයි, වෙසෙසින් විචාරයි, යාඥා කෙරෙයි, අධ්‍යෙෂණය කෙරෙයි (කියනු සඳහා) පහදවා නුයි ‘කුතො පහූතා තෙ’ යනු වේ. තදිඞ්ඝ බ්‍රෑහි - වදාළ මැනව, ප්‍රකාශ කළ මැනව, දේශනා කළ මැනව, පනවනු මැනව, විස්තරයෙන් තබනු මැනව, විවරණ - විභජන කරනු මැනව, ප්‍රකට කරනු මැනව, ප්‍රකාශ කරනු මැනවැයි ‘කුතො පහූතා තෙ තදීඞ්ඝ බ්‍රෑහි’ යනු වේ.

තෙනාහ සො නිම‍්මිතො,

එයින් කීහ ඒ නිර්මිත බුදුහු:

“කුතො පහූතා කලහා විවාදා පරිදෙවසොකා සහමච‍්ඡරා ච” මානාතිමානා සහපෙසුනා ච කුතො පහූතා තෙ තදිඞ‍්ඝ බ්‍රූහී’ති .

“කුතො පහූතා කලහා විවාදා - පෙ - තෙ තදිඞ්ඝ බ්‍රෑහි” යි.