යෙදුමෙන් කියවන්න

10. 14

10. 14.

10. 14.

යස‍්ස ලොකෙ සකං නත්‍ථි අසතා ච න සොචති, ධම‍්මෙසු ච න ගච‍්ඡති ස චෙ සන‍්තො’ති වුච‍්චති.

ලොවැ යම් ක්‍ෂීණාස්‍රවයක්හට මාගේ යැයි ගන්නා ලද දැයෙක් නැත් ද, යළි අවිද්‍යමාන බැවින් ශෝක නො කෙරේ ද, සියලු ධර්‍මයන්හි ඡන්දාදිවශයෙන් අගතියට නො යේ ද, ඒ රහත් තෙම ඒකාන්තයෙන් ‘ශාන්තයෙකැ’යි කියනු ලැබේ.

යස‍්ස ලොකෙ සකං නත්‍ථීති - ‘යස‍්සා’ති අරහතො ඛීණාසවස‍්ස; සකං නත්‍ථීති යස‍්ස ‘මය‍්හං වා ඉදං, පරෙසං වා ඉද’න‍්ති කිඤ‍්චි රූපගතං වෙදනාගතං සඤ‍්ඤාගතං සඞ‍්ඛාරගතං විඤ‍්ඤාණගතං ගහිතං පරාමට‍්ඨං අභිනිවිට‍්ඨං අජ‍්ඣොසිතං අධිමුත‍්තං නත්‍ථි න සන‍්ති -පෙ- ඤාණග‍්ගිනා දඩ‍්ඪන‍්ති - ‘යස‍්ස ලොකෙ සකං නත්‍ථි.’

යස්ස ලෝකේ සකං නත්‍ථි - ‘යස්ස’ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රවයක්හට සකං නත්‍ථි - යමක්හට ‘මේ මාගේ හෝ යැ, මේ මෙරමාගේ හෝ යැ’යි ගන්නා ලද පරාමර්‍ශනය කළ අභිනිවේශ කළ ඇතුළත් වැ සිටි බැසගන්නා ලද කිසි රූපගතයෙක් වේදනා-සඤ්ඤා - සඞ්ඛාර - විඤ්ඤාණ - ගතයෙක් නැත් ද අවිද්‍යමාන ද... නුවණගින්නෙන් දවන ලද නුයි ‘යස්ස ලෝකේ සකං නත්‍ථි’ යනු වේ.

අසතා ච න සොචතීති - ‘විපරිණතං වා වත්‍ථුං න සොචති; විපරිණතස‍්මිං වා වත්‍ථුස‍්මිං න සොචති; චක‍්ඛුං මෙ විපරිණතන‍්ති න සොචති. සොතං මෙ - ඝානං මෙ - ජිව‍්හා මෙ - කායො මෙ - මනො මෙ - රූපා මෙ - සද‍්දා මෙ - ගන්‍ධා මෙ - රසා මෙ - ඵොට‍්ඨබ‍්බං මෙ - කුලං මෙ - ගණො මෙ - ආවාසො මෙ - ලාභො මෙ - යසො මෙ - පසංසා මෙ - සුඛං මෙ - චීවරං මෙ - පිණ‍්ඩපාතො මෙ - සෙනාසනං මෙ - ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරො මෙ - මාතා මෙ - පිතා මෙ - භාතා මෙ - භගිනී මෙ - පුත‍්තො මෙ - ධීතා මෙ - මිත‍්තා මෙ - අමච‍්චා මෙ - ඤාතකා මෙ - සාලොහිතා මෙ විපරිණතා’ති න සොචති න කිලමති න පරිදෙවති න උරත‍්තාළිං කන්‍දති න සම‍්මොහං ආපජ‍්ජතී’ති - එවම‍්පි අසතා ච න සොචති. අථවා, අසාතාය දුක‍්ඛාය වෙදනාය ඵුට‍්ඨො පරෙතො සමොහිතො සමන‍්නාගතො න සොචති න කිලමති න පරිදෙවති න උරත‍්තාළිං කන්‍දති න සම‍්මොහං ආපජ‍්ජති. චක‍්ඛුරොගෙන ඵුට‍්ඨො පරෙතො සමොහිතො සමන‍්නාගතො න සොචති න කිලමති න පරිදෙවති න උරත‍්තාළිං කන්‍දති න සම‍්මොහං ආපජ‍්ජති. සොතරොගෙන ඝානරොගෙන ජිව‍්හාරොගෙන කායරොගෙන සීසරොගෙන කණ‍්ණරොගෙන මුඛරොගෙන දන‍්තරොගෙන කාසෙන සාසෙන පිනාසෙන ඩහෙන ජරෙන කුච‍්ඡිරොගෙන මුච‍්ඡාය පක‍්ඛන්‍දිකාය සූලාය විසූචිකාය කුට‍්ඨෙන ගණ‍්ඩෙන කිලාසෙන සොසෙන අපමාරෙන දද‍්දුයා කණ‍්ඩුයා කච‍්ඡුයා නඛසාය විතච‍්ඡිකාය ලොහිතෙන පිත‍්තෙන මධුමෙහෙන අංසාය පිළකාය භගන්‍දලාය පිත‍්තසමුට‍්ඨානෙන ආබාධෙන සෙම‍්හසමුට‍්ඨානෙන ආබාධෙන වාතසමුට‍්ඨානෙන ආබාධෙන සන‍්නිපාතිකෙන ආබාධෙන උතුපරිණාමජෙන ආබාධෙන විසමපරිහාරජෙන ආබාධෙන ඔපක‍්කමිකෙන ආබාධෙන කම‍්මවිපාකජෙන ආබාධෙන සීතෙන උණ‍්හෙන ජිඝච‍්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම‍්ඵස‍්සෙහි ඵුට‍්ඨො පරෙතො සමොහිතො සමන‍්නාගතො න සොචති න කිලමති න පරිදෙවති න උරත‍්තාළිං කන්‍දති න සම‍්මොහං ආපජ‍්ජතී’ති - එවම‍්පි ‘අසතා ච න සොචති.

අසතා ච න සොචති - ‘විපරිණත (-වෙනස් වූ) වස්තුවට හෝ ශෝක නො කෙරෙයි, වස්තුව වෙනස් වූ කල්හි හෝ ශෝක නො කෙරෙයි, මාගේ ඇස වෙනස් වී යැයි ශෝක නො කෙරෙයි, මාගේ කන - නැහැය - දිව - කය - මනස - රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයෝ - කුලය - ගණයා - ආවාසය - ලාභය - යශස - ප්‍රශංසාව - සුඛය - චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාර - මවු - පියා - බෑයා - බූනැණිය - පුත්‍රයා - දුහිතාව - මිත්‍රයෝ - සහායයෝ - නෑයෝ - මාගේ සහලේනෑයෝ වෙනස් වූහ’යි ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැලැපෙයි, ළෙහි පැහැර නො හඬයි, සම්මෝහයට නො පැමිණේ නුයි මෙසේ ත් - අසතා ච න සොචති’ යනු වේ. නොහොත් අසාත (-අමධුර) වූ දුඃඛවෙදනාවෙන් ස්පර්‍ශ කරන ලදුයේ මඩනා ලදුයේ පිවිසියේ සමන්‍විත වූයේ ශෝක නො කෙරෙයි... සම්මෝහයට නො පැමිණෙයි, චක්‍ෂුරෝගයෙන් ස්පර්‍ශ කරන ලදුයේ පීඩිත වූයේ සමවහිත වූයේ සමන්‍විත වූයේ ශෝක නො කෙරෙයි... සම්මෝහයට නො පැමිණෙයි, ශ්‍රොතරොගයෙන් - ඝ්‍රාණරොගයෙන් - ජිහ්වාරොගයෙන් - කායරොගයෙන් - ශීර්‍ෂරොගයෙන් කර්‍ණරෝගයෙන් - මුඛරොගයෙන් - දන්තරොගයෙන් - කාශයෙන් - ශ්වාසයෙන් - පීනසයෙන් - දාහයෙන් - ජ්වරයෙන් - කුක්‍ෂිරොගයෙන් - මූර්ඡායෙන් - අතිසාරයෙන් - ආමශූලයෙන් - වීරෙචනයෙන් - කුෂ්ටයෙන් - ගණ්ඩයෙන් - කිලාසයෙන් - ශොෂයෙන් - අපස්මාරයෙන් - දද්‍රැයෙන් - කණ්ඩුතියෙන් - මහාකුෂ්ටයෙන් - නියපහරින් - අතුල්පතුල් පැළීමෙන් - රත්පිතින් - මධුමෙහයෙන් - අර්ශසින් - පොළයෙන් - භගන්දරයෙන් - පිත්තරෝගයෙන් - ශෙලෂ්මරොගයෙන් - වාතරෝගයෙන් - සාන්නිපාතිකරොගයෙන් - ඍතුවිපර්‍ය්‍යාසයෙන් උපන් රෝගයෙන් - විෂමවිහරණයෙන් උපන් රෝගයෙන් - උපක්‍රමයෙන් උපන් රෝගයෙන් - කර්‍මවිපාකජ ආබාධයෙන් - සීතයෙන් - උෂ්ණයෙන් - සයින් - පවසින් - මැසිමදුරු වා අව් දිග්දෑ පහසින් ස්පර්‍ශ කරන ලදුයේ පීඩිත වූයේ පිවිසියේ සමන්‍විත වූයේ ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැලැපෙයි, ළෙහි පැහැර නො හඬයි, සම්මෝහයට නො පැමිණේ නුයි මෙසේත් - ‘අසතා ච න සොචති’ යනු වේ.

අථවා, අසන‍්තෙ අසංවිජ‍්ජමානෙ අනුපලබ‍්භමානෙ අහු වත මෙ, තං වත මෙ නත්‍ථි, සියා වත මෙ, තං වතා’හං න ලභාමී’ති න සොචති න කිලමති න පරිදෙවති න උරත‍්තාළිං කන්‍දති න සම‍්මොහං ආපජ‍්ජතී’ති - ‘එවම‍්පි අසතා ච න සොචති.’

නොහොත් නැත්තාවූ අවිද්‍යමාන වූ නොලැබෙන්නාවූ වස්තුවෙහි මට ඒදෙය ඒකාන්තයෙන් වූයේ ය, ඒ පෙර උපන් දෙය දැන් මට නැත, යමක් මට වන්නේ නම්, මම් එය ඒකාන්තයෙන් නො ලබමී’ ශෝක නො කෙරෙයි, නො වෙහෙසෙයි, නො වැළැපෙයි, ළෙහි අත් ගසා නො හඬයි, බලවත් මෝහයට නො පැමිණේ නුයි මෙසේත් - ‘අසතා ච න සොචති’ යනු වේ.

ධම‍්මෙසු ච න ගච‍්ඡතීති - න ඡන්‍දාගතිං ගච‍්ඡති, න දොසාගතිං ගච‍්ඡති, න මොහාගතිං ගච‍්ඡති, න භයාගතිං ගච‍්ඡති, න රාගවසෙන ගච‍්ඡති, න දොසවසෙන ගච‍්ඡති; න මොහවසෙන ගච‍්ඡති; න මානවසෙන ගච‍්ඡති; න දිට‍්ඨිවසෙන ගච‍්ඡති; න උද‍්ධච‍්චවසෙන ගච‍්ඡති; න විචිකිච‍්ඡාවසෙන ගච‍්ඡති; න අනුසයවසෙන ගච‍්ඡති; න ච වග‍්ගෙහි ධම‍්මෙහි යායති නීයති වුය‍්හති සංහරීයතී’ති - ‘ධම‍්මෙසු ච න ගච‍්ඡති.

ධම්මේසු ච න ගච්ඡති - ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, භයින් අගතියට නො යෙයි, රාගවශයෙන් නො යෙයි, ද්වෙෂවශයෙන් - මොහවශයෙන් - මානවශයෙන් - දෘෂ්ටිවශයෙන් - ඖද්ධත්‍යවශයෙන් - විචිකිත්සා වශයෙන් - අනුශය වශයෙන් නො යෙයි, ව්‍යග්‍ර වූ ධර්‍මයන් විසින් නො ද යවනු ලැබෙයි, පමුණුවනු ලැබෙයි, වහනය කරනු ලැබෙයි, හරිනු ලැබේ නුයි ‘ධම්මේසු ච න ගච්ඡති’ යනු වේ.

ස වෙ සන‍්තොති වුච‍්චතීති - ‘සො සන‍්තො උපසන‍්තො වූපසන‍්තො නිබ‍්බුතො පටිප‍්පස‍්සද‍්ධො’ති වුච‍්චති පවුච‍්චති කථීයති භණීයති දීපියති වොහරීයතී’ති - ‘ස චෙ සන‍්තො’ති වුච‍්චති.

ස වෙ සන්තොති වුච්චති - හෙතෙම ශාන්ත යැ උපශාන්ත යැ ව්‍යුපශාන්ත හැ නිවුණේ යැ පහවූ ක්ලේශදරථ ඇත්තේ යැ’යි වුච්චති පවසනු ලැබෙයි කියනු ලැබෙයි බණනු ලැබෙයි, දක්වනු ලැබෙයි ව්‍යවහාර කරනු ලැබේ නුයි ‘ස වෙ සන්තොති වුච්චති’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“යස‍්ස ලොකෙ සකං නත්‍ථි අසතා ච න සොචති, ධම‍්මෙසු ච න ගච‍්ඡති ස චෙ සන‍්තො’ති වුච‍්චතී”ති.

“යස්ස ලෝකේ -පෙ- ස වෙ සන්තොති වුච්චති” යී.

පුරාභෙදසුත‍්තනිද‍්දෙසො දසමො.

දසවැනි ‘පුරාභේද’ සූත්‍ර නිර්‍දෙශය යි.