10. 13
10. 13.
10. 13.
වීතගෙධො අමච‍්ඡරී න උස්සෙසු වදතෙ මුනි, න සමෙසු න ඔමෙසු කප‍්පං නෙති අකප‍්පියො.
පහවූ තෘෂ්ණා ඇති නො මසුරු වූ ක්‍ෂීණාස්‍රව මුනි තෙම විශිෂ්ටයන් කෙරෙහි (තමා ඇතුළත් කොට අතිමාන වශයෙන්) නො කියයි, සමානයන් කෙරෙහි ලා නො කියයි, හීනයන් කෙරෙහි ලා නො කියයි. තෘෂ්ණාදෘෂ්ටිකල්ප රහිත වූයේ කල්පනයට නො පැමිණේ.
වීතගෙධො අමච‍්ඡරීති - ‘ගෙධො’ වුච‍්චති තණ‍්හා. යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං. යස‍්සෙසා ගෙධො පහීනො සමුච‍්ඡින‍්නො වූපසන‍්තො පටිප‍්පස‍්සද‍්ධො අභබ‍්බුප‍්පත‍්තිකො ඤාණග‍්ගිනා දඩ‍්ඪො. සො වුච‍්චති වීතගෙධො, සො රූපෙ අගිද‍්ධො -පෙ- දිට‍්ඨසුතමුතවිඤ‍්ඤාතබ‍්බෙසු ධම‍්මෙසු අගිද‍්ධො අගථිතො අමුච‍්ඡිතො අනජ‍්ඣාපන‍්නො වීතගෙධො විගතගෙධො චත‍්තගෙධො වන‍්තගෙධො මුත‍්තගෙධො පහීනගෙධො පටිනිස‍්සට‍්ඨගෙධො නිච‍්ඡාතො -පෙ- බ්‍රහ‍්මභූතෙන අත‍්තනා විහරතී’ති වීතගෙධො. අමච‍්ඡරීති මච‍්ඡරියන‍්ති පඤ‍්ච මච‍්ඡරියානි: ආවාසමච‍්ඡරියං, කුලමච‍්ඡරියං, ලාභමච‍්ඡරියං, වණ‍්ණමච‍්ඡරියං, ධම‍්මමච‍්ඡරියං, යං එවරූපං මච‍්ඡරියං -පෙ- ගාහො වුච‍්චති මච‍්ඡරියං. යස‍්සෙතං මච‍්ඡරියං පහීනං සමුච‍්ඡින‍්නං වූපසන‍්තං පටිප‍්පස‍්සද‍්ධං අභබ‍්බුප‍්පත‍්තිකං ඤාණග‍්ගිනා දඩ‍්ඪං, සො වුච‍්චති අමච‍්ඡරී’ති - ‘වීතගෙධො අමච‍්ඡරී’.
වීතගෙධො අමච්ඡරී - ‘ගේධ’ යයි තෘෂ්ණාව කියනු ලබයි; යම් රාගයෙක් සංරාගයෙක්...අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. යමක්හු විසින් තෙල ගේධය නසන ලද ද සිඳින ලද ද සන්හිඳුවන ලද ද දුරලන ලද ද උපතට නුසුදුසු කරන ලද ද නුවණගින්නෙන් දවන ලද ද හෙතෙම ‘වීතගේධ’ යයි කියනු ලැබේ. හෙතෙම රූපයෙහි අගිද්ධ යැ... දෘෂ්ටශ්‍රැතමුතවිඥාතව්‍ය ධර්‍මයන්හි නො ගිජු යැ, නො ගෙතුණේ යැ, නො මුසපත් වූයේ යැ, නො බැසගත්තේ යැ, වීතගේධ යැ විගත - ත්‍යක්ත - මුක්ත - ප්‍රහීණ - ප්‍රතිනිඍෂ්ටගෙධ යැ, තෘෂ්ණා රහිත වූයේ...ශ්‍රේෂ්ඨ වූ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘වීතගෙධො’ යනු වේ. අමච්ඡරී - ‘මච්ඡරිය’ නම්: ආවාස - කුල - ලාභ - වර්‍ණ - ධර්‍මමාත්සර්‍ය්‍ය යැයි මාත්සර්‍ය්‍ය පසෙකි. මෙබඳු වූ යම් මසුරු බවෙක්... ග්‍රාහයෙක් වේ නම්, මේ මච්ඡරිය යී කියනු ලැබෙයි. යමක්හු විසින් තෙල මාත්සර්‍ය්‍යය නසන ලද ද සිඳින ලද ද සන්හිඳුවන ලද ද දුරලන ලද ද උපතට නුසුදුසු කරන ලද ද නුවණගින්නෙන් නසන ලද ද හෙතෙම, ‘අමච්ඡරී’ යයි කියනු ලැබේ නුයි ‘වීතගෙධො අමච්ඡරී’ යනු වේ.
න උස්සෙසු වදතෙ මුනි න සමෙසු න ඔමෙසූති - ‘මුනී’ති මොනං වුච‍්චති ඤාණං -පෙ- සඞ‍්ගජාලමතිච‍්ච සො මුනි; සෙය්‍යො හමස‍්මී’ති වා සදිසො හමස‍්මී’ති වා හීනො හමස‍්මී’ති වා න වදති න කථෙති න භණති න දීපයති න වොහරතී’ති - න උස්සෙසු වදතෙ මුනි න සමෙසු න ඔමෙසු.
න උස්සෙසු වදතෙ මුනි න සමෙසු න ඔමෙසු - ‘මුනි’ යනු ‘මොන’යී නුවණ කියනු ලැබෙයි... ‘මම් ශ්‍රෙෂ්ඨයෙමී’ හෝ ‘මම් සදෘශයෙමී’ හෝ ‘මම් හීනයෙමී’ හෝ නො පවසයි නො කියයි නො බෙණෙයි නො දක්වයි, නො වහරා නුයි ‘න උස්සෙසු වදතෙ මුනි න සමෙසු න ඔමෙසු’ යනු වේ.
කප‍්පං නෙති අකප‍්පියොති - ‘කප‍්පා’ති ද‍්වෙ කප‍්පා: තණ‍්හාකප‍්පො ච දිට‍්ඨිකප‍්පො ච. -පෙ- අයං තණ‍්හාකප‍්පො. -පෙ- අයං දිට‍්ඨිකප‍්පො. තස‍්ස තණ‍්හාකප‍්පො පහීනො දිට‍්ඨිකප‍්පො පටිනිස‍්සට‍්ඨො; තණ‍්හාකප‍්පස‍්ස පහීනත‍්තා දිට‍්ඨිකප‍්පස‍්ස පටිනිස‍්සට‍්ඨත‍්තා තණ‍්හාකප‍්පං වා දිට‍්ඨිකප‍්පං වා නෙති න උපෙති න උපගච‍්ඡති න ගණ‍්හාති න පරාමසති, නාභිනිවිසතී’ති - ‘කප‍්පං නෙති.’ අකප‍්පියොති ‘කප‍්පා’ති ද‍්වෙ කප‍්පා: තණ‍්හාකප‍්පො ච දිට‍්ඨිකප‍්පො ච. -පෙ- අයං තණ‍්හාකප‍්පො. -පෙ- අයං දිට‍්ඨිකප‍්පො. තස‍්ස තණ‍්හාකප‍්පො පහීනො දිට‍්ඨිකප‍්පො පටිනිස‍්සට‍්ඨො. තස‍්ස තණ‍්හාකප‍්පස‍්ස පහීනත‍්තා දිට‍්ඨිකප‍්පස‍්ස පටිනිස‍්සට‍්ඨත‍්තා තණ‍්හාකප‍්පං වා දිට‍්ඨිකප‍්පං වා න කප‍්පෙති න ජනෙති න සඤ‍්ජනෙති න නිබ‍්බත‍්තෙති නාභිනිබ‍්බත‍්තෙතී’ති - ‘කප‍්පං නෙති අකප‍්පියො.’
කප්පං නෙති අකප්පියො - ‘කප්ප නම්: තෘෂ්ණාකල්ප යැ දෘෂ්ටිකල්ප යැයි කල්පනයෝ දෙදෙනෙකි. ඔහු විසින් තෘෂ්ණාකල්පය ප්‍රහීණ යැ, දෘෂ්ටිකල්පය ප්‍රතිනිඍෂ්ට යැ, තෘෂ්ණාකල්පය ප්‍රහීණ බැවින් දෘෂ්ටිකල්පය ප්‍රතිනිඍෂ්ට බැවින් තෘෂ්ණාකල්පයට හෝ දෘෂ්ටිකල්පයට හෝ නො පැමිණෙයි නො එළඹෙයි නො ගනී නො පරාමර්‍ෂ කෙරෙයි නො පිවිසේ නුයි ‘කප්පං නෙති’ යනු වේ. අකප්පියො - ‘කප්පා’ යනු කල්පයෝ දෙදෙනෙකි: තෘෂ්ණාකල්පය දෘෂ්ටිකල්පය දැයි... තෘෂ්ණාකල්පය ප්‍රහීණ හෙයින් දෘෂ්ටිකල්පය ප්‍රතිනිඍෂ්ට හෙයින් තෘෂ්ණාකල්පය හෝ දෘෂ්ටිකල්පය හෝ කල්පනය නො කෙරෙයි, නූපදවයි, වෙසෙසින් නූපදවයි, නො නිපදවයි, වෙසෙසින් නො නිපදවා නුයි ‘කප්පං නෙති අපක්පියො’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“වීතගෙධො අමච‍්ඡරී න උස්සෙසු වදතෙ මුනි, න සමෙසු න ඔමෙසු කප‍්පං නෙති අකප‍්පියො”ති.
“වීතගෙධො අමච්ඡරී -පෙ- කප්පං නෙති අපක්පියො” යී