10. 12
10. 12.
10. 12.
යෙන නං වජ්ජුං පුථුජ්ජනා අථො සමණබ්රාහ්මණා, තං තස්ස අපුරෙක්ඛතං තස්මා වාදෙසු නෙජති.
යම් (රාගාදි) දොසකින් (දිව්යමනුෂ්යාදි) පාථග්ජනයෝ ද, (ශාසනයෙන් පිටත්හි) මහණබමුණෝ ද, (ඒ රහත්හු රාගරක්ත යැ යනාදීන්) කියන්නාහු නම්, ඒ දෝෂය ඔහු විසින් නො පෙරටු කරන ලද්දේය. එහෙයින් (හෙතෙම) නින්දාවචනයන්හි කම්පා නො වේ.
යෙන නං වජ්ජුං පුථුජ්ජනා අථො සමණබ්රාහ්මණාති - ‘පුථුජ්ජනා’ති පුථු කිලෙසෙ ජනෙන්තී’ ති පුථුජ්ජනා. පුථු අවිහතසක්කායදිට්ඨිකානි පුථුජ්ජනා. පුථු සත්ථාරානං මුඛුල්ලොකකාති පුථුජ්ජනා. පුථු සබ්බගතීහි අවුට්ඨිතාති පුථුජ්ජනා, පුථු නානාභිසඞ්ඛාරෙ අභිසඞ්ඛරොන්තී’ති පුථුජ්ජනා. පුථු නානාඔඝෙහි වුය්හන්තී’ති පුථුජ්ජනා. පුථු නානාසන්තාපෙහි සන්තප්පන්තී’ති පුථුජ්ජනා. පුථු නානාපරිළාහෙහි පරිඩය්හන්තීති පුථුජ්ජනා. පුථු පඤ්චසු කාමගුණෙසු රත්තා ගිද්ධා ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා ලග්ගා ලග්ගිතා පළිබුද්ධා’ති පුථුජ්ජනා. පුථු පඤ්චහි නීවරණෙහි ආවුතා නිවුතා ඔවුතා පිහිතා පටිච්ඡන්නා පටිකුජ්ජිතාති පුථුජ්ජනා. සමණාති - යෙ කෙචි ඉතො බහිද්ධා පරිබ්බාජූපගතා පරිබ්බාජසමාපන්නා. බ්රාහ්මණාති - යෙ කෙචි භොවාදිකා යෙන නං වජ්ජුං පුථුජ්ජනා අථො සමණබ්රාහ්මණාති පුථුජ්ජනා යෙන රාගෙන වදෙය්යුං, යෙන දොසෙන වදෙය්යුං, යෙන මොහෙන වදෙය්යුං. යෙන මානෙන වදෙය්යුං, යාය දිට්ඨියා වදෙය්යුං, යෙන උද්ධච්චෙන වදෙය්යුං. යාය විචිකිච්ඡාය වදෙය්යුං, යෙහි අනුසයෙහි වදෙය්යුං, රත්තො’ති වා දුට්ඨො’ති වා මූළ්හො’ති වා විනිබද්ධො’ති වා පරාමට්ඨො’ති වා වික්ඛෙපගතො’ති වා අනිට්ඨං ගතො’ති වා ථාමගතො’ති වා; තෙ අභිසඞ්ඛාරා පහීනා. අභිසඞ්ඛාරානං පහීනත්තා ගතියා යෙන නං වදෙය්යුං නෙරයිකො’ති වා තිරච්ඡානයොනිකො’ති වා පෙත්තිවිසයිකො’ති වා මනුස්සො’ති වා දෙවො’ති වා රූපී’ති වා අරූපී’ති වා සඤ්ඤී’ති වා අසඤ්ඤී’ති වා නෙවසඤ්ඤීනාසඤ්ඤී’ති වා; සො හෙතු නත්ථි පච්චයො නත්ථි කාරණං නත්ථි යෙන නං වදෙය්යුං කථෙය්යුං භණෙය්යුං දීපයෙය්යුං වොහරෙය්යුන්ති - ‘යෙන නං වජ්ජුං පුථුජ්ජනා අථො සමණබ්රාහ්මණා.
යෙන නං වජ්ජුං පුථුජ්ජනා අථො සමණබ්රාහ්මණා - ‘පුථුජ්ජනා යනු: බොහෝ කෙලෙසුන් උපදවත් නුයි පුහුදුනුවෝ යැ, බොහෝ වූ නො නැසූ සත්කායදෘෂ්ටි ඇත්තාහු නුයි පුහුදුනුවෝ යැ, බොහෝ ශාස්තෲන්ගේ මුහුණු බලන්නාහු නුයි පුහුදුනුවෝ යැ, බොහෝ වූ නිරයාදි සියලු ගතිවලින් නො නැගීසිටියාහු නුයි පුහුදුනුවෝ යැ, බොහෝ වූ නානා කර්මාභිසංස්කාරයන් රැස් කෙරෙත් නුයි පුහුදුනුවෝ යැ, බොහෝ වූ නානා ඕඝයන් ගෙන් වහනය කරනු ලැබෙත් නුයි පුහුදුනුවෝ යැ, බොහෝ වූ නානා සන්තාපයන් ගෙන් තැවෙත් නුයි පුහුදුනුවෝ යැ, බොහෝ වූ නානා පරිදාහයන් ගෙන් දැවෙත් නුයි පුහුදුනුවෝ යැ, බොහෝ වූ පස්කම්ගුණයන්හි ඇලුණාහු ගිජුවූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු ඇතුළත් වූවාහු ලග්න වූවාහු ලග්නිත වූවාහු පරිරුද්ධ වූවාහු නුයි පුහුදුනුවෝ යැ, බොහෝ වූ පඤ්චනීවරණයන්ගෙන් ආවෘත - නිවෘත - අපවෘත - පිහිත - ප්රතිච්ඡන්න - අධෝමුඛ වූවාහු නුයි - පුහුදුනුවෝ යි. සමණා - මේ ශාසනයෙන් බැහැර යම් කිසි පැවිද්දකට පැමිණියාහු පැවිදි වූවාහු යැ. බ්රාහ්මණා - යම් කිසි භොවාදි බමුණෝ යැ. යෙන නං වජ්ජුං පුථුජ්ජනා අථො සමණබ්රාහ්මණාති - පෘථග්ජනයෝ යම් රාගයකින් (නුගුණ) කියන්නාහු නම්, යම් ද්වේෂයකින් - මොහයකින් - මානයකින් - දෘෂ්ටියකින් - ඖද්ධත්යයකින් - විචිකිත්සාවකින් - යම් අනුශයධර්මයන්ගෙන් රාගරක්ත යැ හෝ ද්විෂ්ට යැ - මූඪ යැ - විනිබද්ධ යැ - පරාමෘෂ්ට යැ - වික්ෂේපයට ගියේ යැ - අනිෂ්ඨාවට ගියේ යැ හෝ තදබවට ගියේ යැයි හෝ කියන්නාහු නම්, ඒ අභිසංස්කාරයෝ ප්රහීණ කරන ලද්දාහුය, අභිසංස්කාරයන් ප්රහීණ කළ හෙයින් යම් හේතුවකින් ඔහු නෙරිසත් වන්නේ යැයි හෝ තිරිසන් යෝනි ඇත්තෙකැයි හෝ ප්රෙතගති ඇත්තෙකැයි හෝ මිනිසෙකැයි හෝ දෙවියෙකැයි හෝ රූපී යැ හෝ අරූපී යැ හෝ සංඥී යැ හෝ අසංඥී යැ හෝ නෛවසංඥීනාසංඥී යැයි හෝ එක්තරා ගතියකින් කියන්නාහු නම්, යම් හෙයකින් කියන්නාහු නම්, බණන්නාහු නම්, දක්වන්නාහු නම්, වහරන්නාහු නම්, ඒ හේතුව නැත, ප්රත්යය නැත, කාරණය නැත් නුයි ‘යෙන නං වජ්ජුං පුථුජ්ජනා අථො සමණබ්රාහ්මණා’ යනු වේ.
තං තස්ස අපුරෙක්ඛතන්ති - ‘තස්සා’ති අරහතො ඛීණාසවස්ස. පුරෙක්ඛාරාති - ද්වෙ පුරෙක්ඛාරා: තණ්හාපුරෙක්ඛාරො ච දිට්ඨිපුරෙක්ඛාරො ච -පෙ- අයං තණ්හාපුරෙක්ඛාරො -පෙ- අයං දිට්ඨිපුරෙක්ඛාරො -පෙ- තස්ස තණ්හාපුරෙක්ඛාරො පහීනො, දිට්ඨිපුරෙක්ඛාරො පටිනිස්සට්ඨො. තණ්හාපුරෙක්ඛාරස්ස පහීනත්තා දිට්ඨිපුරෙක්ඛාරස්ස පටිනිස්සට්ඨත්තා න තණ්හං වා දිට්ඨිං වා පුරතො කත්වා චරති න තණ්හාධජො න තණ්හාකෙතු න තණ්හාධිපතෙය්යො න දිට්ඨිධජො න දිට්ඨිකෙතු න දිට්ඨාධිපතෙය්යො. න තණ්හාය වා දිට්ඨියා වා පරිවාරිතො චරතී’ති - ‘තං තස්ස අපුරෙක්ඛතං.’
තං තස්ස අපුරෙක්ඛතං - ‘තස්ස’ යනු ඒ අර්හත් ක්ෂීණාස්රවයා විසින් පුරෙක්ඛාරා - තෘෂ්ණාපුරස්කාරය දෘෂ්ටිපුරස්කාරය දැයි පෙරටු කිරීම් දෙකෙකි... ඔහු විසින් තෘෂ්ණාපුරස්කාරය නසන ලද්දේය, දෘෂ්ටිපුරස්කාරය දුරලන ලද්දේය. තෘෂ්ණාපුරස්කාරය නැසූ හෙයින් දෘෂ්ටිපුරස්කාරය දුරලූ හෙයින් තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පෙරටු කොට නො හැසිරෙයි, තෘෂ්ණාධ්වජ ඇතියේ - තෘෂ්ණා කෙහෙලි ඇතියේ - තෘෂ්ණාධිපති බව ඇත්තේ - දෘෂ්ටිධ්වජ ඇතියේ - දෘෂ්ටිකෙතු ඇතියේ - දෘෂ්ට්යධිපතිභාවය ඇත්තේ නො හැසිරෙයි, තෘෂ්ණාව විසින් හෝ දෘෂ්ටිය විසින් හෝ පිරිවරන ලදුයේ නො හැසිරේ නුයි ‘තං තස්ස අපුරෙක්ඛතං’ යනු වේ.
තස්මා වාදෙසු නෙජතීති - ‘තස්මා’ති තස්මා තංකාරණා තංහෙතු තප්පච්චයා තංනිදානා වාදෙසු උපවාදෙසු නින්දාය ගරහාය අකිත්තියා අවණ්ණහාරිකාය නෙජති න ඉඤ්ජති න චලති න වෙධති නප්පවෙධති න සම්පවෙධතීති - ‘තස්මා වාදෙසු නෙජති.’
තස්මා වාදෙසු නෙජති - ‘තස්මා’ යනු: එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්රත්යයෙන් ඒ නිදානයෙන්; වාදෙසු - උපවාදයන්හි නින්දායෙන් ගර්හායෙන් අකීර්තතියෙන් නො කැපෙයි නො කම්පා වෙයි නො සැලෙයි නො වෙවුලයි ඉතා නො වෙවුලයි පුනපුනා නො වෙවුලා නුයි ‘තස්මා වාදෙසු නෙජති’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“යෙන නං වජ්ජුං පුථුජ්ජනා අථො සමණබ්රාහ්මණා, තං තස්ස අපුරෙක්ඛතං තස්මා වාදෙසු නෙජතී”ති.
“යෙන නං වජුජුං -පෙ- තස්මා වාදෙසු නෙජති” යී.