යෙදුමෙන් කියවන්න

10. 11

10. 11.

10. 11.

න තස‍්ස පුත‍්තා පසවො ඛෙත‍්තං වත්‍ථුඤ‍්ච විජ‍්ජති, අත‍්තා චාපි නිරත‍්තා වා න තස‍්මිං උපලබ‍්භති.

ඒ ක්‍ෂීණාස්‍රව හට පුත්‍රයෝ ද (ගෙරිසරක් ආදි) පසුවර්‍ගයෝ ද නැත්තාහු ය, කෙත් වත් ද නැත. තවද ඔහු කෙරෙහි ශාශ්වතදෘෂ්ටිය හෝ උච්ඡේදදෘෂ්ටිය හෝ නො ලැබේ.

න තස‍්ස පුත‍්තා පසවො ඛෙත‍්තං වත්‍ථුඤ‍්ච විජ‍්ජතීති - ‘නා’ති පටික‍්ඛෙපො; තස‍්සාති අරහතො ඛීණාසවස‍්ස; පුත‍්තාති චත‍්තාරො පුත‍්තා: අත්‍රජො පුත‍්තො, ඛෙත‍්තජො පුත‍්තො, දින‍්නකො පුත‍්තො, අන‍්තෙවාසිකො පුත‍්තො; පසවොති අජෙළකා කුක‍්කුටසූකරා හත්‍ථිගවාස‍්සවළවා; ඛෙත‍්තන‍්ති සාලිඛෙත‍්තං වීහිඛෙත‍්තං මුග‍්ගඛෙත‍්තං මාසඛෙත‍්තං යවඛෙත‍්තං ගොධුමඛෙත‍්තං තිලඛෙත‍්තං; වත්‍ථුන‍්ති ඝරවත්‍ථු කොට‍්ඨවත්‍ථු පුරෙවත්‍ථු පච‍්ඡාවත්‍ථු ආරාමවත්‍ථු විහාරවත්‍ථු. න තස‍්ස පුත‍්තා පසවො ඛෙත‍්තං වත්‍ථුඤ‍්ච විජ‍්ජතීති තස‍්ස පුත‍්තපරිග‍්ගහො වා පසුපරිග‍්ගහො වා ඛෙත‍්තපරිග‍්ගහො වා වත්‍ථුපරිග‍්ගහො වා නත්‍ථි න සන‍්ති න සංවිජ‍්ජන‍්ති නූපලබ‍්භන‍්ති පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪා’ති - ‘න තස‍්ස පුත‍්තා පසවො ඛෙත‍්තං වත්‍ථුඤ‍්ච විජ‍්ජති.’

න තස්ස පුත්තා පසවො ඛෙත්තං වත්‍ථුඤ්ච විජ්ජති - ‘න’ යනු: ප්‍රතික්‍ෂේප යැ; තස්ස - අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට; පුත්තා - පුත්‍රයෝ සතර දෙනෙකි: අත්‍රජපුත්‍ර යැ, ක්‍ෂෙත්‍රජපුත්‍ර යැ, දින්නකපුත්‍ර යැ, අන්තේවාසික පුත්‍ර යැයි. පසවො - එළුතිරෙළු යැ, කුකුළුහූරු යැ, ඇත්අස්ගවවෙළඹහු යි. ඛෙත්තං - හැල්කෙත යැ, වීකෙත යැ, මුංකෙත යැ, මෑකෙත යැ, යවකෙත යැ, තිරිඟුකෙත යැ, තලකෙත යි. වත්‍ථුං - ගෙවතු යැ, කොටුවතු යැ, පෙරවතු යැ, පසුවතු යැ, අරම්වතු යැ, වෙහෙරවතු යි. න තස්ස පුත්තා පසවො ඛෙත්තං වත්‍ථුඤ්ච විජ්ජති - ඔහුට පුත්‍රපරිග්‍රහයෙන් (=පුත්‍රයන් ගේ අයැතියෙක්) හෝ... නැත, නො වෙයි විද්‍යමාන නො වෙයි නො ලැබේ; (ඔහු විසින් පරිග්‍රහයෝ) ප්‍රහීණ කරන ලද්දාහු සිඳින ලද්දාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු උපතට නො සුදුසු වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි. ‘න තස්ස පුත්තා පසවො ඛෙත්තං වත්‍ථුඤ්ච විජ්ජති’ යනු වේ.

අත‍්තා වාපි නිරත‍්තා වා න තස‍්මිං උපලබ‍්භතීති - ‘අත‍්තා’ති සස‍්සතදිට‍්ඨි නත්‍ථි, නිරත‍්තාති උච‍්ඡෙදදිට‍්ඨි නත්‍ථි. ‘අත‍්තා’ති ගහිතං නත්‍ථි; ‘නිරත‍්තා’ති මුඤ‍්චිතබ‍්බං නත්‍ථි; යස‍්ස නත්‍ථි ගහිතං, තස‍්ස නත්‍ථි මුඤ‍්චිතබ‍්බං. යස‍්ස නත්‍ථි ගහිතං, තස‍්ස නත්‍ථි මුඤ‍්චිතබ‍්බං. යස‍්ස නත්‍ථි මුඤ‍්චිතබ‍්බං. තස‍්ස නත්‍ථි ගහිතං. ගාහමුඤ‍්චනසමතික‍්කන‍්තො අරහා වුද‍්ධිපරිහානිවීතිවත‍්තො. සො වුත්‍ථවාසො චිණ‍්ණචරණො -පෙ- ජාතිමරණසංසාරො නත්‍ථි තස‍්ස පුනබ‍්භවො’ති - අත‍්තා වා පි නිරත‍්තා වා න තස‍්මිං උපලබ‍්භති.

අත්තා වා පි නිරත්තා වා න තස්මිං උපලබ්හති - අත්තා - ශාශ්වත දෘෂ්ටිය නැත; නිරත්තා - උච්ඡේදදෘෂ්ටිය නැත; ‘ආත්ම’යැ’යි ගතයුත්තෙක් නැත. ‘නිරාත්ම යැ’යි හළයුත්තෙක් නැත; යම් පුද්ගලයකුට (තෘෂ්ණාදි වශයෙන්) ගතයුත්තෙක් නැත් නම්, ඔහුට හළ යුත්තෙක් නැත, යමක් හට හළයුත්තෙක් නැත් නම්, ඔහුට ගතයුත්තෙක් නැත; ගැනීමත් හැරීමත් ඉක්මැ වූ රහත් තෙම වැඩීමත් පිරිහීමත් ඉක්මැවූයේ යැ. හෙතෙම වුසූ බඹසරවස් ඇත්තේ යැ, පුරුදු කළ චරණධර්‍ම ඇත්තේ යැ...ඔහුට ජාතිමරණසංසාරය පුනර්‍භවය නැත් නුයි ‘අත්තා වා’පි නිරත්තා වා න තස්මිං උපලබ්හති’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“න තස‍්ස පුත‍්තා පසවො ඛෙත‍්තං වත්‍ථුඤ‍්ච විජ‍්ජති. අත‍්තා වා පි නිරත‍්තා වා න තස‍්මිං උපලබ‍්භතී”ති.

“න තස්ස පුත්තා පසවො -පෙ- න තස්මිං උපලබ්හති” යී.