10. 10
10. 10.
10. 10.
තං බ්‍රූමි උපසන‍්තො’ති කාමෙසු අනපෙක‍්ඛිනං. ගන්‍ථා තස්ස න විජ‍්ජන‍්ති අතරී සො විසත‍්තිකං.
වස්තුකාමක්ලේශකාමයන්හි අපේක්‍ෂා රහිත වූ ඒ රහත්හු ‘උපශාන්ත ය’යි කියමි. ඔහුට (අභිධ්‍යාකායාදි) ග්‍රන්‍ථයෝ විද්‍යාමාන නො වෙති. හෙතෙම තෘෂ්ණාව තරණය කෙළේ යි.
තං බ්‍රූමි උපසන‍්තොති - උපසන‍්තො වූපසන‍්තො නිබ‍්බුතො පටිප‍්පස‍්සද‍්ධො’ති තං බ්‍රූමි තං කථෙමි තං භණාමි තං දීපයාමි තං වොහරාමී’ති - තං බ්‍රූමි උපසන‍්තො.
තං බ්‍රෑමි උපසන්තො - (යට දැක්වූ) ඔහු සන්හිඳුණේ යැ වෙසෙසින් සන්හිඳුණේ යැ නිවුණේ යැ නැසූ කෙලෙස් ඇත්තේ යැයි පවසමි ඔහු කියමි බෙණෙමි - දක්වමි - ව්‍යවහාර කෙරෙම් නුයි ‘තං බ්‍රෑමි උපසන්තො’ යනු වේ.
කාමෙසු අනපෙක‍්ඛිනන‍්ති - ‘කාමා’ති උද‍්දානතො ද‍්වෙ කාමා: වත්‍ථුකාමා ච කිලෙසකාමා ච -පෙ- ඉමෙ වුච‍්චන‍්ති වත්‍ථුකාමා -පෙ- ඉමෙ වුච‍්චන‍්ති කිලෙසකාමා. වත්‍ථුකාමෙ පරිජානිත්‍වා කිලෙසකාමෙ පහාය පජහිත්‍වා විනොදිත්‍වා බ්‍යන‍්තීකරිත්‍වා අනභාවං ගමෙත්‍වා; කාමෙසු අනපෙක‍්ඛිනන‍්ති වීතකාමො චත‍්තකාමො වන‍්තකාමො මුත‍්තකාමො පහීනකාමො පටිනිස‍්සට‍්ඨකාමො, කාමෙසු වීතරාගො විගතරාගො චත‍්තරාගො වන‍්තරාගො මුත‍්තරාගො පහීනරාගො පටිනිස‍්සට‍්ඨරාගො නිච‍්ඡාතො නිබ‍්බුතො සීතිභූතො සුඛපටිසංවෙදී බ්‍රහ‍්මභූතෙන අත‍්තනා විහරතී’ති - ‘කාමෙසු අනපෙක‍්ඛිනං.’
කාමෙසු අනපෙක්ඛිනං - ‘කාමා’ යනු: උදෙස් විසින් කාමයෝ දෙදෙනෙකි: වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැයි. වස්තුකාමයන් පරිජානනය කොට ක්ලේශකාමයන් හැර දුරු කොට බැහැර කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා. කාමෙසු අනපෙක්ඛිනං - පහවූ කාම ඇත්තේ හරන ලද - වමනය කළ - මුදන ලද - ප්‍රහීණ කළ - දුරලන ලද කාම ඇත්තේ; කාමයන්හි පහවූ රාග ඇත්තේ විගතරාග වූයේ ත්‍යක්තරාග වාන්තරාග මුක්තරාග - ප්‍රහීණරාග - ප්‍රතිනිඍෂ්ටරාග වූයේ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳින සුලු වූයේ ශ්‍රේෂ්ඨ වූ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘කාමෙසු අනපෙක්ඛිනං’ යනු වේ.
ගන්‍ථා තස්ස න විජ‍්ජන‍්තීති - ‘ගන්‍ථා’ති චත‍්තාරො ගන්‍ථා. අභිජ‍්ඣා කායගන්‍ථො ව්‍යාපාදො කායගන්‍ථො සීලබ‍්බතපරාමාසො කායගන්‍ථො ඉදංසච‍්චාභිනිවෙසො කායගන්‍ථො; අත‍්තනො දිට‍්ඨියා රාගො අභිජ‍්ඣා කායගන්‍ථො; පරවාදෙසු ආඝාතො අප‍්පච‍්චයො ව්‍යාපාදො කායගන්‍ථො; අත‍්තනො සීලං වා වතං වා සීලබ‍්බතං වා පරාමසති සීලබ‍්බතපරාමාසො කායගන්‍ථො; අත‍්තනො දිට‍්ඨි ඉදං සච‍්චාභිනිවෙසො කායගන්‍ථො තස‍්සාති අරහතො ඛීණාසවස‍්ස; ගන්‍ථා තස‍්ස නත්‍ථි න සන‍්ති න සංවිජ‍්ජන‍්ති නූපලබ‍්භන‍්ති පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪා’ති - ‘ගන්‍ථා තස්ස න විජ්ජන්ති.’
ගන්‍ථා තස්ස න විජ්ජන්ති - ‘ගන්‍ථා’ යනු: ග්‍රන්‍ථයෝ සතර දෙනෙකි: අභිධ්‍යාකායග්‍රන්‍ථ යැ, ව්‍යාපාදග්‍රන්‍ථ යැ, ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථ යැ, ඉදංසත්‍යාභිනිවෙශකායග්‍රන්‍ථ යැයි; තමා ගන්නා ලද දෘෂ්ටියෙහි රාගය අභිධ්‍යාකායග්‍රන්‍ථ යැ, පරවාදයන්හි කෝපය හා නො සතුට ව්‍යාපාදකායග්‍රන්‍ථ යැ, තමාගේ ශීලය හෝ ව්‍රතය හෝ ශීලව්‍රතය දැඩිව ගැනීම ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථ යැ, තමා (නුනුවණින්) ගත් දෘෂ්ටිය ඉදංසත්‍යාභිනිවෙශකායග්‍රන්‍ථ යයි. තස්ස - අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට; ගන්‍ථා තස්ස න විජ්ජන්ති - ග්‍රන්‍ථයෝ ඔහුට නැත, නො වෙති, විද්‍යමාන නො වෙති, නො ලැබෙති, ප්‍රහීණයහ සමුච්ඡින්නයහ සන්හිඳුණාහ, දාරලන ලද්දාහු අභව්‍යොත්පත්තිකයහ ඥානාග්නීන් දග්ධ වූවාහු නුයි - ‘ගන්‍ථා තස්ස න විජ්ජන්ති’ යනු වේ.
අතරී සො විසත‍්තිකන‍්ති - ‘විසත‍්තිකා’ වුච‍්චති තණ‍්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං. විසත‍්තිකාති - කෙනට‍්ඨෙන විසත‍්තිකා විසතාති විසත‍්තිකා; විසාලාති විසත‍්තිකා, විසටාති විසත‍්තිකා, විසමාති විසත‍්තිකා, විසක‍්කතී’ති විසත‍්තිකා, විසංහරතී’ති විසත‍්තිකා, විසංවාදිකා’ති විසත‍්තිකා, විසමූලා’ති විසත‍්තිකා, විසඵලා’ති විසත‍්තිකා, විසපරිභොගා’ති විසත‍්තිකා; විසාලා වා පන සා තණ‍්හා රූපෙ සද‍්දෙ ගන්‍ධෙ රසෙ ඵොට‍්ඨබ‍්බෙ කුලෙ ගණෙ ආවාසෙ -පෙ- දිට‍්ඨසුතමුතවිඤ‍්ඤාතබ‍්බෙසු ධම‍්මෙසු විසතා විත්‍ථතාති විසත‍්තිකා. “අතරී සො විසත‍්තික”න‍්ති සො ඉමං විසත‍්තිකං තණ‍්හං අතරි උත‍්තරි පතරි සමතික‍්කමි වීතිවත‍්තතී’ති ‘අතරී සො විසත‍්තිකං.’
අතරී සො විසත්තිකං - ‘විසත්තිකා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක්... අභිධ්‍යාවක් ලොභඅකුශලමූලයෙක් වේ ද, එය යි. විසත්තිකා - කිනම් අරුතෙකින් ‘විසත්තිකා’ වූ ද යත්? පතළ වූවා නුයි විසත්තිකා යැ, විශාලවූවා නුයි විසත්තිකා යැ, විස්තෘත නුයි විසත්තිකා යැ, විෂමවූවා නුයි විසත්තිකා යැ, ඉවසා නුයි විසත්තිකා යැ, (සිත) වෙසෙසින් හකුළුවා නුයි විසත්තිකා යැ, විසංවාදන කරන්නී නුයි විසත්තිකා යැ, විෂ (=දුඃඛ හේතු කර්‍ම)යට මූල වූවා නුයි විසත්තිකා යැ, විෂඵල ඇත් නුයි විසත්තිකා යැ, විෂපරිභොග ඇත් නුයි විසත්තිකා යැ; තවද විශාල වූ ඒ තෘෂ්ණාව රූපයෙහි ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයෙහි කුලයෙහි ගණයෙහි ආවාසයෙහි... දෘෂ්ටශ්‍රැතමුතවිඥාතව්‍ය ධර්‍මයන්හි පතළා විස්තාන වූවා නුයි විසත්තිකා නමු. අතරී සො විසත්තිකං- හෙතෙම මේ විසත්තිකා නම් තෘෂ්ණාව තරණය කෙළේ ය, උත්තරණය ප්‍රතරණය සමතික්‍රමණය කෙළේ ය, ඉක්මැ වූයේ නුයි ‘අතරී සො විසත්තිකං’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“තං බ්‍රූමි උපසන‍්තො’ති කාමෙසු අනපෙක‍්ඛිනං. ගන්‍ථා තස්ස න විජ‍්ජන‍්ති අතරි සො විසත‍්තික”න‍්ති.
“තං බ්‍රෑමි උපසන්තොති -පෙ- අතරී සො විසත්තිකං” යී.