යෙදුමෙන් කියවන්න

10. 9

10. 9.

10. 9.

යස‍්ස නිස‍්සයතා නත්‍ථි ඤත්‍වා ධම‍්මං අනිස‍්සිතො, භවාය විභවාය වා තණ‍්හා යස‍්ස න විජ‍්ජති.

යම් ක්‍ෂීණාස්‍රවයක් හට (තෘෂ්ණදෘෂ්ටි) නිඃශ්‍රය බව නැත් ද, (යමෙක් අනිත්‍යාදි ආකාරයෙන් සියලු) ධර්‍මය දැන අනිඃශ්‍රිත වූයේ ද, යමකුට භවදෘෂ්ටියෙහි හෝ විභවදෘෂ්ටියෙහි තෘෂ්ණාව අවිද්‍යමාන වේ ද; (ඔහු උපශාන්ත යයි කියමි.)

යස‍්ස නිස‍්සයතා නත්‍ථීති - ‘යස‍්සා’ති අරහතො ඛීණාසවස‍්ස; නිස‍්සයතාති ද‍්වෙ නිස‍්සයා: තණ‍්හානිස‍්සයො ච දිට‍්ඨිනිස‍්සයො ච; -පෙ- අයං තණ‍්හානිස‍්සයො -පෙ- අයං දිට‍්ඨිනිස‍්සයො තස‍්ස තණ‍්හානිස‍්සයො පහීනො දිට‍්ඨිනිස‍්සයො පටිනිස‍්සට‍්ඨො. තණ‍්හානිස‍්සයස‍්ස පහීනත‍්තා දිට‍්ඨිනිස‍්සයස‍්ස පටිනිස‍්සට‍්ඨත‍්තා නිස‍්සයතා යස‍්ස නත්‍ථි න සන‍්ති න සංවිජ‍්ජති නූපලබ‍්භති. පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪාති - ‘යස‍්ස නිස‍්සයතා නත්‍ථි’.

යස්ස නිස්සයතා නත්‍ථි - ‘යස්ස’ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රවයක් හට; නිස්සයතා - තෘෂ්ණානිඃශ්‍රය ද දෘෂ්ටිනිඃශ්‍රය දැ’යි නිඃශ්‍රය දෙකෙකි... ඔහු විසින් තෘෂ්ණානිඃශ්‍රය නසන ලද, දෘෂ්ටිනිඃශ්‍රය දුරලන ලද, තෘෂ්ණානිඃශ්‍රය ප්‍රහීණ හෙයින් දෘෂ්ටිනිඃශ්‍රය දුරැලූ හෙයින් නිඃශ්‍රය බව යමක් හට නැත්ද නො වේ ද අවිද්‍යමාන ද නො ලැබේ ද, ප්‍රහීණ වූවා ඥානාග්නීන් දග්ධ නුයි ‘යස්ස නිස්සයතා නත්‍ථි’ යනු වේ.

ඤත්‍වා ධම‍්මං අනිස‍්සිතොති - ‘ඤත්‍වා’ති ඤත්‍වා ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා; ‘සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා’ති සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛා’ති ‘සබ‍්බෙ ධම‍්මා අනත‍්තා’ති -පෙ- යං කිඤ‍්චි සමුදයධම‍්මං සබ‍්බන‍්තං නිරොධධම‍්මං’ති ඤත්‍වා ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා; අනිස‍්සිතොති ද‍්වෙ නිස‍්සයා: තණ‍්හානිස‍්සයො ච දිට‍්ඨිනිස‍්සයො ච. -පෙ- අයං තණ‍්හානිස‍්සයො -පෙ- දිට‍්ඨිනිස‍්සයො? තණ‍්හානිස‍්සයං පහාය දිට‍්ඨිනිස‍්සයං පටිනිස‍්සජිත්‍වා චක‍්ඛුං අනිස‍්සිතො සොතං අනිස‍්සිතො ඝානං අනිස‍්සිතො ජිව‍්හං අනිස‍්සිතො කායං අනිස‍්සිතො මනං අනිස‍්සිතො. රූපෙ සද‍්දෙ ගන්‍ධෙ රසෙ ඵොට‍්ඨබ‍්බෙ කුලං ගණං ආවාසං -පෙ- දිට‍්ඨසුතමුතවිඤ‍්ඤාතබ‍්බෙ ධම‍්මෙ අනිස‍්සිතො අනල‍්ලීනො අනුපගතො අනජ‍්ඣොසිතො අනධිමුත‍්තො නික‍්ඛන‍්තො නිස‍්සටො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරතී’ති - ‘ඤත්‍වා ධම‍්මං අනිස‍්සිතො.’

ඤත්‍වා ධම්මං අනිස්සිතො - ‘ඤත්‍වා’ යනු: දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට, සියලු සංස්කාරයෝ අනිත්‍යහ’යි, ‘සියලු සංස්කාරයෝ දුක්හ’යි, ‘සියලු ධර්‍මයෝ අනාත්මහ යි. උපදනා පියවි ඇති ඒ සියල්ල නැසෙනසුලු යැ’යි දැන... විභූත කොට; අනිස්සිතො - තෘෂ්ණා දෘෂ්ටි යැයි නිඃශ්‍රයයෝ දෙදෙනෙකි... තෘෂ්ණානිඃශ්‍රය නසා දෘෂ්ටිනිඃශ්‍රය දුරලා චක්‍ෂුස අනිඃශ්‍රිත වූයේ ශ්‍රෝත - ඝ්‍රාණ - ජිහ්වා - මනස අනිඃශ්‍රිත වූයේ, රූප ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් - කුලය - ගණයා - ආවාසය. දෘෂ්ට ශ්‍රැත මුත විඥාතව්‍ය ධර්‍මයන් ඇසුරු නො කෙළේ නො ඇලුණේ නො පැමිණියේ නො පිවිසියේ නො බැසගත්තේ නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ විංසයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් වෙසේ නුයි ‘ඤත්‍වා ධම්මං අනිස්සිතො’ යනු වේ.

භවාය විභවාය වා තණ‍්හා යස‍්ස න විජ‍්ජතීති - ‘තණ‍්හා’ති රූපතණ‍්හා, සද‍්දතණ‍්හා, ගන්‍ධතණ‍්හා, රසතණ‍්හා, ඵොට‍්ඨබ‍්බතණ‍්හා, ධම‍්මතණ‍්හා. යස‍්සාති - අරහතො ඛීණාසවස‍්ස; භවායාති - භවදිට‍්ඨියා; විභවායාති විභවදිට‍්ඨියා; භවායාති - සස‍්සතදිට‍්ඨියා වා; විභවායාති - උච‍්ඡෙදදිට‍්ඨියා; ‘භවායා’ති පුනප‍්පුනභවාය පුනප‍්පුන ගතියා පුනප‍්පුන උප‍්පත‍්තියා පුනප‍්පුන පටිසන්‍ධියා පුනප‍්පුන අත‍්තභාවාභිනිබ‍්බත‍්තියා, තණ‍්හා යස‍්ස නත්‍ථි න සන‍්ති න සංවිජ‍්ජති නූපලබ‍්භති පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪා’ති - භවාය විභවාය ච තණ‍්හා යස‍්ස න විජ‍්ජති.

භවාය විභවාය වා තණ්හා යස්ස න විජ්ජති - ‘තණ්හා’ යනු: රූපයෙහි තෘෂ්ණාව ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය - ධර්‍මතෘෂ්ණා යි යස්ස - අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට; භවාය - භවදෘෂ්ටියෙහි; විභවාය - විභවදෘෂ්ටියෙහි; භවාය - ශාශ්වතදෘෂ්ටියෙහි හෝ; විභවාය උච්ඡේදදෘෂ්ටියෙහි; භවාය - පුන පුනා භවයෙහි පුනපුනා ගතියෙහි පුනපුනා උත්පත්තියෙහි පුනපුනා ප්‍රතිසන්‍ධියෙහි පුනපුනා ආත්මභාවයාගේ පහළ වීමෙහි තෘෂ්ණාව යමක් හට නැත් ද නො වේ ද විද්‍යාමාන නො වේ ද නො ලැබේ ද, ප්‍රහීණ වූවා සමුච්ඡින්න වූවා සන්හිඳුණි දුරලන ලද්දී උපතට නුසුදුසු වූවා නුවණගින්නෙන් දවන ලද්දී නුයි ‘භවාය විභවාය වා තණ්හා යස්ස න විජ්ජති’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“යස‍්ස නිස‍්සයතා නත්‍ථි ඤත්‍වා ධම‍්මං අනිස‍්සිතො, භවාය විභවාය වා තණ‍්හා යස‍්ස න විජ‍්ජතී’ති.

යස්ස නිස්සයතා නත්‍ථි -පෙ- තණ්හා යස්ස න විජ්ජති” යී.