යෙදුමෙන් කියවන්න

10. 8

10. 8.

10. 8.

උපෙක‍්ඛකො සදා සතො න ලොකෙ මඤ‍්ඤතෙ සමං, න විසෙසී න නීචෙය්‍යො තස‍්ස යො සන‍්ති උස‍්සදා.

යමෙක් ෂඩඞ්ගොපෙක්‍ෂාවෙන් සමන්‍විත වූයේ හැමකල්හි ස්මෘතිමත් වූයේ ලොවැ (කිසිවක්හු හා) සම කොට නො සිතා ද, (මම) ශ්‍රෙෂ්ඪ වෙමි නො සිතා ද හීන වෙමී මන් නැත්තේ වේ ද, ඒ පුද්ගලයා හට උත්සදයෝ නො වෙති. (ඔහු උපශාන්ත යයි කියමි).

උපෙක‍්ඛකො සදා සතොති - ‘උපෙක‍්ඛකො’ ති ඡළඞ‍්ගුපෙක‍්ඛාය සමන‍්නාගතො: චක‍්ඛුනා රූපං දිස‍්වා නෙව සුමනො හොති න දුම‍්මනො, උපෙක‍්ඛකො විහරති සතො සම‍්පජානො; සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය නෙව සුමනො හොති න දුම‍්මනො, උපෙක‍්ඛකො විහරති සතො සම‍්පජානො. චක‍්ඛුනා රූපං දිස‍්වා මනාපං නාභිගිජ‍්ඣති නාභිහංසති න රාගං ජනෙති. තස‍්ස ඨිතොව කායො හොති, ඨිතං චිත‍්තං අජ‍්ඣත‍්තං සුසණ‍්ඨිතං සුවිමුත‍්තං.

උපෙක්ඛකො සදා සතෝ - ‘උපෙක්ඛකො’ යනු ෂඩඞ්ගොපෙක්‍ෂාවෙන් සමන්‍වාගත වූයේ ඇසින් රූපයක් දැක (ලොභවශයෙන්) නො මැ සතුටු සිත් ඇත්තේ වෙයි, (ද්වෙෂවශයෙන්) ද්විෂ්ට සිත් ඇත්තේ නො වෙයි, සිහි ඇතියේ නුවණැතියේ උපේක්‍ෂා සහිත වූයේ වෙසෙයි; කනින් ශබ්දයක් අසා...සිතින් ධර්‍මාලම්බනයක් දැන නො මැ සොම්නස් ඇත්තේ වෙයි, දොම්නස් ඇත්තේ නො වෙයි, සිහි නුවණ ඇතියේ උපේක්‍ෂා සහිත වූයේ වෙසෙයි, ඇසින් මනාප වූ රූපයක් දැක නො ගිජු වෙයි, නො සතුටු වෙයි, රාග නූපදවයි; ඔහු ගේ චක්‍ෂුරාදි කාය සිටියේ (නිශ්චල වූයේ) මැ වෙයි, අධ්‍යාත්මයෙහි සිත සිටියේ සුනිශ්චල වූයේ සුවිමුක්ත වූයේ වෙයි.

චක‍්ඛුනා ඛො පනෙව රූපං දිස‍්වා අමනාපං න මඞ‍්කු හොති අප‍්පතිට‍්ඨිතචිත‍්තො අලීනමනසො අබ්‍යාපන‍්නචෙතසො, තස‍්ස ඨිතොව කායො හොති, ඨිතං චිත‍්තං අජ‍්ඣත‍්තං සුසණ‍්ඨිතං සුවිමුත‍්තං; සොතෙන සද‍්දං සුත්‍වා - ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා - ජිව‍්හාය රසං සායිත්‍වා - කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා - මනසා ධම‍්මං විඤ‍්ඤාය - මනාපං නාභිගිජ‍්ඣති නාභිහංසති න රාගං ජනෙති. තස‍්ස ඨිතොව කායො හොති. ඨිතං චිත‍්තං අජ‍්ඣත‍්තං සුසණ‍්ඨිතං සුවිමුත‍්තං. මනසා ඛො පනෙව ධම‍්මං විඤ‍්ඤාය අමනාපං න මඞ‍්කු හොති අප‍්පතිට‍්ඨිතචිත‍්තො අලීනමනසො අබ්‍යාපන‍්නචෙතසො තස‍්ස ඨිතො ච කායො හොති. ඨිතං චිත‍්තං අජ‍්ඣත‍්තං සුසණ‍්ඨිතං සුවිමුත‍්තං. චක‍්ඛුනා රූපං දිස‍්වා මනාපාමනාපෙසු රූපෙසු තස‍්ස ඨිතො ච කායො හොති. ඨිතං චිත‍්තං අජ‍්ඣත‍්තං සුසණ‍්ඨිතං සුවිමුත‍්තං. සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය මනාපාමනාපෙසු ධම‍්මෙසු තස‍්ස ඨිතො ච කායො හොති. ඨිතං චිත‍්තං අජ‍්ඣත‍්තං සුසණ‍්ඨිතං සුවිමුත‍්තං. චක‍්ඛුනා රූපං දිස‍්වා රජනීයෙ න රජ‍්ජති. දොසනීයෙ න දුස‍්සති. මොහනීයෙ න මුය‍්හති. කොපනීයෙ න කුප‍්පති. කිලෙසනීයෙ න කිලිස‍්සති. මදනීයෙ න මජ‍්ජති. සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය රජනීයෙ න රජ‍්ජති. දොසනීයෙ න දුස‍්සති. මොහනීයෙ න මුය‍්හති. කොපනීයෙ න කුප‍්පති. කිලෙසනීයෙ න කිලිස‍්සති. මදනීයෙ න මජ‍්ජති. දිට‍්ඨෙ දිට‍්ඨමත‍්තො. සුතෙ සුතමත‍්තො. මුතෙ මුතමත‍්තො. විඤ‍්ඤාතෙ විඤ‍්ඤාතමත‍්තො. දිට‍්ඨෙ න ලිප‍්පති. සුතෙ න ලිප‍්පති. මුතෙ න ලිප‍්පති. විඤ‍්ඤාතෙ න ලිප‍්පති. දිට‍්ඨෙ අනුපයො අනපායො අනිස‍්සිතො අප‍්පටිබද‍්ධො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරති. සුතෙ මුතෙ විඤ‍්ඤාතෙ අනුපයො අනපායො අනිස‍්සිතො අප‍්පටිබද‍්ධො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරති.

යළි ඇසින් මැ අමනාප වූ රූපයක් දැක නො මකු වූයේ (ක්‍රෝධවශයෙන්) නො පිහිටි සිත් ඇතියේ නො හැකුළුණු සිත් ඇතියේ ව්‍යාපාද රහිත සිත් ඇත්තේ වෙයි; ඔහුගේ කය නිශ්චල වූයේ මැ වෙයි. සිත නිශ්චල වූයේ අධ්‍යාත්මයෙහි සුසංස්ථිත සුවිමුක්ත වූයේ වෙයි. කනින් ශබ්දයක් අසා... නැහැයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට දිවින් රසයක් ආස්වාද කොට - කයින් පහසක් ස්පර්‍ශ කොට - මනසින් ධර්‍මයක් දැන ඉෂ්ටාලම්බනයට නො ගිජු වෙයි, නො සතුටු වෙයි, රාග නූපදවයි. ඒ රහත්හුගේ කය නිශ්චල වූයේ මැ වෙයි, අධ්‍යාත්මයෙහි සිත නිශ්චල වූයේ මොනොවට පිහිටියේ වෙසෙසින් මිදුණේ වෙයි. යළි සිතින් මැ අමනාප වූ ධර්‍මාලම්බනයක් දැන නො මකු වෙයි, (ක්‍රෝධවශයෙන්) නො පිහිටි සිත් ඇතියේ නො හැකුළුණු සිත් ඇතියේ ව්‍යාපාද රහිත සිත් ඇතියේ වෙයි. ඔහුගේ කය නිශ්චල වූයේ මැ වෙයි, අධ්‍යාත්මයෙහි සිත පිහිටියේ සුසංස්ථිත සුවිමුක්ත වෙයි. ඇසින් රූපයක් දැක මනාපාමනාපරූපයන්හි ඔහුගේ කය සිටියේ (-නිශ්චල වූයේ) මැ වෙයි, සිත අධ්‍යාත්මයෙහි සිටියේ සුපිහිටියේ සුවිමුක්ත වෙයි. කනින් ශබ්දයක් අසා... මනසින් ධර්‍මයක් දැන මනාපාමනාපධර්‍මයන්හි ඔහුගේ කය සිටියේ මැ වෙයි, සිත... සුවිමුක්ත වෙයි. ඇසින් රූපයක් දැක ඇලුම් කටයුතු වස්තුවෙහි නො ඇලෙයි, ද්වේෂ ඉපදවියැ යුත්තෙහි ද්වේෂය නූපදවයි, මුළාවියැ යුත්තෙහි මුළා නො වෙයි, කිපියැ යුත්තෙහි නො කිපෙයි, කෙලෙසියැ යුත්තෙහි නො කෙලෙසෙයි, මත්වියැ යුත්තෙහි නො මත් වෙයි. කනින් ශබ්දයක් අසා... මනසින් ධර්‍මයක් දැන රජනීය වස්තුවෙහි නො ඇලෙයි, දොසනීයයෙහි - මොහනීයයෙහි - කොපනීයයෙහි - කිලෙසනීයයෙහි - මදනීය වස්තුවෙහි නො මත් වෙයි. රූපාලම්බනයෙහි (චක්‍ෂුර්විඥානයෙන්) දුටු පමණ වූයේ ශබ්දායතනයෙහි ශ්‍රැතමාත්‍ර වූයේ මුතාලම්බනයෙහි මුත (-පැමිණ ගන්නා ලද) මාත්‍ර වූයේ ධම්මාරම්මණයෙහි විඥානමාත්‍ර වූයේ වෙයි; චක්‍ෂුර් විඥානයෙන් දුටු) රූපාරම්මණයෙහි (තෘෂ්ණාදෘෂ්ටිලෙපයෙන්) නො ඇලෙයි, ශබ්දාලම්බනයෙහි නො ඇලෙයි, ගන්‍ධරසස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි නො ඇලෙයි, ධර්‍මාලම්බනයෙහි නො ඇලෙයි; රූපාලම්බනයෙහි තෘෂ්ණා නැත්තේ දූෂ්‍ය නො වූයේ අනිඃශ්‍රිත වූයේ නො බැඳුණේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත ව වෙසෙයි, ශ්‍රැතයෙහි - මුතයෙහි - විඥාතයෙහි තෘෂ්ණා නැත්තේ... විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත වැ වෙසෙයි.

සංවිජ‍්ජති අරහතො චක‍්ඛු. පස‍්සති අරහා චක‍්ඛුනා රූපං. ඡන්‍දරාගො අරහතො නත්‍ථි. සුවිමුත‍්තචිත‍්තො අරහා. සංවිජ‍්ජති අරහතො සොතං. සුණාති අරහා සොතෙන සද‍්දං. ඡන්‍දරාගො අරහතො නත්‍ථි. සුවිමුත‍්තචිත‍්තො අරහා. සංවිජ‍්ජති අරහතො ඝානං. ඝායති අරහා ඝානෙන ගන්‍ධං. ඡන්‍දරාගො අරහතො නත්‍ථි. සුවිමුත‍්තචිත‍්තො අරහා. සංවිජ‍්ජති අරහතො ජිව‍්හා. සායති අරහා ජිව‍්හාය රසං. ඡන්‍දරාගො අරහතො නත්‍ථි. සංවිජ‍්ජති අරහතො කායො. ඵුසති අරහා කායෙන ඵොට‍්ඨබ‍්බං. -පෙ- සංවිජ‍්ජති අරහතො මනො. විජානාති අරහා මනසා ධම‍්මං. ඡන්‍දරාගො අරහතො නත්‍ථි. සුවිමුත‍්තචිත‍්තො අරහා. චක‍්ඛුං රූපාරාමං රූපරතං රූපසම‍්මුදිතං. තං අරහතො දන‍්තං ගුත‍්තං රක‍්ඛිතං සංවුතං. තස‍්ස ච සංවරාය ධම‍්මං දෙසෙති. සොතං සද‍්දාරාමං -පෙ- ඝානං ගන්‍ධාරාමං ජිව‍්හා රසාරාමා රසරතා රසසම‍්මුදිතා. සා අරහතො දන‍්තා ගුත‍්තා රක‍්ඛිතා සංවුතා. තස‍්ස ච සංවරාය ධම‍්මං දෙසෙති. කායො ඵොට‍්ඨබ‍්බාරාමො -පෙ- මනො ධම‍්මාරාමො ධම‍්මරතො ධම‍්මසම‍්මුදිතො. සො අරහතො දන‍්තො ගුත‍්තො රක‍්ඛිතො සංවුතො. තස‍්ස ච සංවරාය ධම‍්මං දෙසෙති.

රහත්හට ඇස ලැබෙයි, රහත් තෙම ඇසින් රූප දකී, ඡන්‍දරාගයෙක් රහත් හට නැත, රහත් තෙම වෙසෙසින් මිදුණු සිත් ඇත්තේ ය. රහත්හට ශ්‍රෝතප්‍රසාදය ලැබෙයි, රහත් තෙම කනින් ශබ්ද අසයි, ඡන්‍දරාගය රහත් හට නැත, රහත් තෙම සුවිමුක්තචිත්ත යැ. රහත් හට ඝ්‍රාණය - රහත් තෙම සුවිමුක්තචිත්ත යැ. ජිහ්වාප්‍රසාදය - කායප්‍රසාදය - රහත් හට මනස ලැබෙයි, රහත් තෙම මනසින් ධර්‍මය දැනගනී, ඡන්‍දරාගය රහත් හට නැත, රහත් තෙම සුවිමුක්තචිත්ත යැ. ඇස රූපාරාම යැ, රූපයෙහි ඇලුණේ යැ, රූපයෙහි සතුටු වූයේ යැ, එය රහත්හු විසින් දමනය කරන ලද, ගෝපනය කරන ලද, රක්නා ලද, සංවර කරන ලද, යළි ඒ ඇස සංවර පිණිස දහම් දෙසයි. කන ශබ්දාරාම යැ... නැහැය ගන්‍ධාරාම යැ - දිව රසාරාම යැ - කය ස්ප්‍රෂ්ටව්‍යාරාම යැ - මනස ධර්‍මය ඇලුම් කොට ඇත්තේ යැ, ධර්‍මරත යැ ධර්‍මයෙහි සතුටු වූයේ යැ. ඒ මනස රහත්හු විසින් දන්ත යැ ගුප්ත යැ රක්‍ෂිත යැ සංවෘත යි, ඒ මනස සංවර පිණිස දහම් දෙසයි.

1. “දන‍්තං නයන‍්ති සමිතිං දන‍්තං රාජාභිරූහති, දන‍්තො සෙට‍්ඨො මනුස‍්සෙසු යො’ති වාක්‍යං තිතික‍්ඛති.

1. දැමුණු ඇතකු අසකු මැ බොහෝදෙනා රැස්වූ තැනට පමුණුවති, රජ ද දැමුණු ඇතකු පිට මැ නැෙඟෙයි, යමෙක් අනුන් බිණු පරොස්බස් ඉවසා නම් දැමුණා වූ හෙතෙම මිනිසුන් අතුරෙහි උත්තම යි.

2. වරමස‍්සතරා දන‍්තා ආජානීයා ච සින්‍ධවා, කුඤ‍්ජරා ච මහානාගා අත‍්තදන‍්තො තතො වරං.

2. අශ්වතරයෝ දැමුණාහු මැ උතුම් වෙති, ආජානේය අශ්වයෝ ද සෛන්‍ධවයෝ ද කුඤ්ජර නම් වූ මහඇත්හු ද දැමුණාහු මැ උතුම් වෙති, ඊට වඩා (මාර්‍ගභාවනාවෙන්) ආත්මදමනය කරන ලද්දේ උත්තම යි.

3. න හි එතෙහි යානෙහි ගච‍්ඡෙය්‍ය අගතං දිසං, යථත‍්තනා සුදන‍්තෙන දන‍්තො දන‍්තෙන ගච‍්ඡති.

3. දැමුණු මහණ තෙම (පූර්‍වභාගයෙහි ඉන්‍ද්‍රියදමනයෙන්) දැමුණා වූ (අපරභාගයෙහි ආර්‍ය්‍යමාර්‍ගභාවනාවෙන්) මනාව දැමුණා වූ සිතින් අගත නම් වූ නිර්‍වාණදිශාවට යම්සේ යේ ද, මේ ඇත්ආදි යානයෙන් එසේ නො මැ යන්නේ යි.

4. විධාසු න විකම‍්පන‍්ති විප‍්පමුත‍්තා පුනබ‍්භවා, දන‍්තභූමිමනුප‍්පත‍්තා තෙ ලොකෙ විජිතාවිනො.

4. යම් කෙනෙක් ත්‍රිවිධමානයෙහි කම්පා නො වෙත් ද, පුනර්‍භවයෙන් මිදුණාහු ද, (රහත්ඵල සඞ්ඛ්‍යාත) දන්තභූමියට පැමිණියාහු ද ඔවුහු මේ සත්ත්‍වලෝකයෙහි දිනුවාහු නම් වෙත්.

5. යස‍්සින්‍ද්‍රියානි භාවිතානි අජ‍්ඣත‍්තබහිද‍්ධා ච සබ‍්බලොකෙ, නිබ‍්බිජ‍්ඣ ඉමං පරඤ‍්ච ලොකං කාලං කඞ‍්ඛති භාවිතො සදන‍්තො”ති

5. යමක්හු විසින් අධ්‍යාත්ම වූ ද බාහිර වූ ද සියලු ලෝකයෙහි (චක්‍ෂුරාදි) ෂඩින්ද්‍රියයෝ (ත්‍රිලක්‍ෂණයට නඟා) වෙසෙසින් වඩන ලද්දාහු ද, භාවිත ඉන්‍ද්‍රිය ඇති ඒ දන්ත වූ පුද්ගල තෙම (ස්වපරසන්තති සඞ්ඛ්‍යාත) මෙ ලොව හා පරලොව හා දැන මරණකාලය බලාපොරොත්තු වේ යයි.

උපෙක‍්ඛකො සදාති - සදා සබ‍්බදා සබ‍්බකාලං නිච‍්චකාලං ධුවකාලං -පෙ- පච‍්ඡිමෙ වයොඛන්‍ධෙ; සතොති චතුහි කාරණෙහි සතො: කායෙ කායානුපස‍්සනාසතිපට‍්ඨානං භාවෙන‍්තො සතො, වෙදනාසු - චිත‍්තෙ - ධම‍්මෙසු ධම‍්මානුපස‍්සනාසතිපට‍්ඨානං භාවෙන‍්තො සතො -පෙ- සො වුච‍්චති සතො. ‘උපෙක‍්ඛකො සදා සතො.

උපෙක්ඛකො සදා - හැමදා සියලුදා සියලු කල දිනපතා නිරතුරු පශ්චිම වයස් කොටසෙහි; සතෝ - සතර කරුණකින් සිහි ඇතියේ: කයෙහි කායානුපස්සනාසතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ, වේදනාවන්හි - චිත්තයෙහි - ධර්‍මයන්හි ධම්මානුපස්සනාසතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ... හෙතෙම සිහි ඇතැයි කියනු ලැබේ නුයි ‘උපෙක්ඛකො සදා සතෝ’ යනු වේ.

න ලොකෙ මඤ‍්ඤතෙ සමන‍්ති - ‘සදිසො හමස‍්මී’ති මානං න ජනෙති ජාතියා වා ගොත‍්තෙන වා -පෙ- අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා වත්‍ථුනාති - ‘න ලොකෙ මඤ‍්ඤතෙ සමං.’

න ලෝකේ මඤ්ඤතෙ සමං - ‘මම් සදෘශයෙමී’ ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ... එක්තරා වස්තුවකින් හෝ මානය නූපදවා නුයි ‘න ලෝකේ මඤ්ඤතෙ සමං’ යනු වේ.

න විසෙසි න නීචෙය්‍යොති - ‘සෙය්‍යො හමස‍්මී’ති අතිමානං න ජනෙති ජාතියා වා ගොත‍්තෙන වා -පෙ- අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා වත්‍ථුනා; ‘හීනොහමස‍්මී’ති මානං න ජනෙති ජාතියා වා ගොත‍්තෙන වා -පෙ- අඤ‍්ඤතරඤ‍්ඤතරෙන ව වත්‍ථුනා’ති - න විසෙසී න නීචෙය්‍යො,

න විසෙසී න නීචෙය්‍යො - ‘මම් ශ්‍රේෂ්ඨ වෙමී’ ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ... එක්තරා වස්තුවකින් හෝ අතිමානය නූපදවයි; ‘මම් හීන වෙමී’ ජාතියෙන් හෝ... එක්තරා වස්තුවකින් හෝ මානය නූපදවා නුයි ‘න විසෙසී න නීචෙය්‍යො’ යනු වේ.

තස‍්ස නො සන‍්ති උස‍්සදාති - ‘තස‍්සා’ති අරහතො ඛීණාසවස‍්ස, උස‍්සදාති සත‍්තුස‍්සදා රාගුස‍්සදො දොසුස‍්සදො මොහුස‍්සදො මානුස‍්සදො දිට‍්ඨුස‍්සදො කිලෙසුස‍්සදො කම‍්මුස‍්සදො; තස‍්සිමෙ උස‍්සදා නත්‍ථි න සන‍්ති න සංවිජ‍්ජන‍්ති නූපලබ‍්භන‍්ති පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪා’ති - ‘තස‍්ස නො සන‍්ති උස‍්සදා.’

තස්ස නො සන්ති උස්සදා - ‘තස්ස’ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට; උස්සදා යනු: උස්සදයෝ සතෙකි: රාගොත්සදය ද්වෙෂ - මෝහ - මාන - දෘෂ්ටි - ක්ලේශ - කර්‍මොත්සද යැ’යි; ඒ රහත් හට මේ උත්සදයෝ නැත, නො වෙති, අවිද්‍යාමාන වෙති, නො ලැබෙත්; ප්‍රහීණ වූවාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු අභව්‍යොත්පත්තික වූවාහු ඥානාග්නීන් දග්ධ වූවාහු නුයි ‘තස්ස නො සන්ති උස්සදා’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“උපෙක‍්ඛකො සදා සතො න ලොකෙ මඤ‍්ඤතෙ සමං. න විසෙසී න නීචෙය්‍යො තස‍්ස නො සන‍්ති උස‍්සදා”ති.

“උපෙක්ඛකො -පෙ- තස්ස නො සන්ති උස්සදා” යී.