10. 7
10. 7.
10. 7.
ලාභකම්යා න සික්ඛති අලාභෙ ච න කුප්පති, අවිරුද්ධො ච තණ්හාය රසෙ ච නානුගිජ්ඣති.
යමෙක් ලාභප්‍රාර්ත්‍ථනාවෙන් නො හික්මේ ද, අලාභයෙහිත් නො කිපේ ද, (විරෝධ නැත්තෙන්) අවිරොධ වේ ද, තෘෂ්ණාවෙන් රසයෙහි ගේධය (-ගිජුබව)ට නො පැමිණේ ද; (ඔහු උපශාන්ත යයි කියමි.)
ලාභකම්යා න සික්ඛති අලාභෙ ච න කුප්පතීති - කථං ලාභකම්යා සික්ඛති? “ඉධ භික්ඛු භික්ඛුං පස්සති ලාභිං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං; තස්ස එවං හොති ‘කෙන නු ඛො අයමායස්මා ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරාන’න්ති. තස්ස එවං හොති: ‘අයං ඛො ආයස්මා සුත්තන්තිකො. තෙනායමායස්මා ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරාන’න්ති. සො ලාභහෙතු ලාභපච්චයා ලාභකාරණා ලාභාභිනිබ්බත්තියා ලාභං පරිපාචෙන්තො සුත්තන්තං පරියාපුණාති. එවම්පි ලාභකම්යා සික්ඛති. අථවා, භික්ඛු භික්ඛුං පස්සති ලාභිං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චභෙසජ්ජපරික්ඛාරානං. තස්ස එවං හොති: ‘කෙන නු ඛො අයමායස්මා ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරාන’න්ති. තස්ස එවං හොති: ‘අයං ඛො ආයස්මා විනයධරො -පෙ- ධම්මකථිකො, තෙනායමායස්මා ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරාන’න්ති. සො ලාභහෙතු ලාභපච්චයා ලාභකාරණා ලාභාභිනිබ්බත්තියා ලාභං පරිපාචෙන්තො අභිධම්මං පරියාපුණාති. එවම්පි ලාභකම්යා සික්ඛති. අථවා, භික්ඛු භික්ඛුං පස්සති. ලාභිං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චභෙසජ්ජපරික්ඛාරානං. තස්ස එවං හොති: ‘කෙන නු ඛො අයමායස්මා ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරාන’න්ති. තස්ස එවං හොති: ‘අයං ඛො ආයස්මා ආරඤ්ඤිකො - පිණ්ඩපාතිකො - පංසුකූලිකො - තෙචීවරිකො - සපදානචාරිකො - ඛලුපච්ඡාභත්තිකො - නෙසජ්ජිකො - යථාසන්ථතිකො. තෙනායමායස්මා ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරාන’න්ති. සො ලාභහෙතු ලාභපච්චයා ලාභකාරණා ලාභාභිනිබ්බත්තියා ලාභං පරිපාචෙන්තො ආරඤ්ඤිකො හොති. -පෙ- යථාසන්ථතිකො හොති. එවම්පි ලාභකම්යා සික්ඛති.
ලාභකම්යා න සික්ඛති අලාභෙ ච න කුප්පති - කිසෙයින් ලාභප්‍රාර්ත්‍ථනාවෙන් හික්මේ ද යත්? ‘මේ සස්නෙහි මහණෙක් චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පසබෙහෙත් පිරිකර ලබනසුලු මහණක්හු දකී. ඔහුට මේ සිත වෙයි: ‘මේ ආයුෂ්මත් තෙම කවර කරුණෙකින් සිවුරු... බෙහෙත්පිරිකර ලබනසුලු දැ’යි; ඔහුට මේ සිත වෙයි: ‘මේ ආයුෂ්මත් සෞත්‍රාන්තික යැ, එයින් මේ ආයුෂ්මත් සිවුරු... බෙහෙත් පිරිකර ලබන සුලු’යැයි. හෙතෙම ලාභ හේතුයෙන් ලාභ නිසා ලාභ කරුණෙන් ලාභ නිපදවනු පිණිස ලාභය උපද වන්නේ සූත්‍රාන්තය පුහුණු කරයි; මෙසේත් ලාභප්‍රාර්ත්‍ථනාවෙන් හික්මෙයි. නොහොත් මහණෙක් සිවුරු... බෙහෙත් පිරිකර ලබනසුලු මහණක්හු දකී. ඔහුට මේ සිත වෙයි: ‘කුමකින් මේ ආයුෂ්මත් සිවුරු... ලබනසුලු වේ දැ’යි. ඔහුට මේ සිත වෙයි: ‘මේ ආයුෂ්මත් විනයධර යැ... ධර්මකථික යැ, එහෙයින් මේ ආයුෂ්මත්... ලබනසුලු වේ ය’යි. හෙතෙම ලාභ හේතුයෙන්... ලාභය උපදවනුයේ අභිධර්මය පුහුණු කරයි; මෙසේ ලාභ කැමැත්තෙන් හික්මෙයි. නොහොත් මහණෙක් චීවර... ලාභී වූ මහණක්හු දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘කුමක් හෙයින් මේ ආයුෂ්මත් චීවර...ලබනසුලු වේ දැ’යි. ඔහුට මේ සිත වෙයි: ‘මේ ආයුෂ්මත් වූ කලි ආරණ්‍යක යැ - පිණ්ඩපාතික යැ - පංසුකූලික යැ - තෙචීවරික යැ - සපදානචාරික යැ - ඛලුපච්ඡාභත්තික යැ - නෙසජ්ජික යැ - යථාසන්ථතික යැ. එයින් මේ ආයුෂ්මත් තෙම චීවර... පරිෂ්කාරයන් ලබනසුලු වේ ය’යි. හෙතෙම ලාභ හේතුවෙන්... ලාභය උපදවනුයේ ආරණ්‍යක වෙයි... යථාසන්ත්ථතික වේ. මෙසේත් ලාභප්‍රාර්ත්‍ථනාවෙන් හික්මෙයි.
කථං න ලාභකම්යා සික්ඛති? ඉධ භික්ඛු න ලාභහෙතු න ලාභපච්චයා න ලාභකාරණා න ලාභාභිනිබ්බත්තියා න ලාභං පරිපාචෙන්තො යාවදෙව අත්තදමථාය අත්තසමථාය අත්තපරිනිබ්බාපනත්ථාය සුත්තන්තං පරියාපුණාති. විනයං පරියාපුණාති අභිධම්මං පරියාපුණාති. එවම්පි න ලාභකම්යා සික්ඛති. අථවා, භික්ඛු න ලාභහෙතු න ලාභපච්චයා න ලාභකාරණා න ලාභාභිනිබ්බත්තියා න ලාභං පරිපාචෙන්තො යාවදෙව අප්පිච්ඡංයෙව නිස්සාය සන්තුට්ඨිඤ්ඤෙව නිස්සාය සල්ලෙඛඤ්ඤෙව නිස්සාය පවිවෙකඤ්ඤෙව නිස්සාය ඉදමත්ථිතඤ්ඤෙව නිස්සාය ආරඤ්ඤිකො හොති පිණ්ඩපාතිකො හොති. පංසුකූලිකො හොති. තෙචීවරිකො හොති. සපදානචාරිකො හොති. ඛලුපච්ඡාභත්තිකො හොති. නෙසජ්ජිකො හොති. යථාසන්ථතිකො හොති. එවම්පි න ලාභකම්යා සික්ඛතීති - ලාභකම්යා න සික්ඛති.
කිසෙයින් ලාභප්‍රාර්ත්‍ථනාවෙන් නො හික්මේ ද යත්? මෙ සස්නෙහි මහණ තෙම ලාභ හේතුයෙන් නො වැ ලාභය නො නිසා ලාභකරුණෙන් නො වැ ලාභ නූපදවනු පිණිස ලාභය නො නිපදවනුයේ යම්තාක් ආත්මදමනය පිණිස ආත්මසමාධානය පිණිස ආත්මපරිනිර්වාණය පිණිස සූත්‍රාන්තය- විනය - අභිධර්මය පුහුණු කෙරෙයි. මෙසේත් ලාභප්‍රාර්ත්‍ථනාවෙන් නො හික්මෙයි. නොහොත් මහණ තෙම ලාභ හේතුවෙන් නො වැ... ලාභය නො නිපදවනුයේ යම්තාක් අපිස්බව ම නිසා සතොස්බව ම නිසා කෙලෙස් නැසීම ම නිසා උත්තමවිවේකය ම නිසා මේ කුශලධර්‍මයන්ගෙන් ප්‍රයෝජන ඇතිබව ම නිසා ආරණ්‍යක වෙයි,පිණ්ඩපාතික...යථාසන්ථතික වෙයි. මෙසේත් ලාභකාම්යයෙන් නො හික්මේ නුයි - ‘ලාභකම්යා න සික්ඛති’ යනු වේ.
අලාභෙ ච න කුප්පතීති - කථං අලාභෙ කුප්පති? ඉධෙකච්චො කුලං වා න ලභාමි, ගණං වා න ලභාමි, ආවාසං වා න ලභාමි, ලාභං වා න ලභාමි, යසං වා න ලභාමි, පසංසං වා න ලභාමි, සුඛං වා න ලභාමි, චීවරං වා න ලභාමි, පිණ්ඩපාතං වා න ලභාමි, සෙනාසනං වා න ලභාමි, ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං වා න ලභාමි, ගිලානුපට්ඨාකං වා න ලභාමි, අප්පඤ්ඤාතොම්හීති කුප්පති ව්යාපජ්ජති පතිත්ථියති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. එවං අලාභෙ කුප්පති. කථං අලාභෙ න කුප්පති? ඉධ භික්ඛු කුලං වා න ලභාමි, ගණං වා න ලභාමි -පෙ- අප්පඤ්ඤාතොම්හීති න කුප්පති න ව්යාපජ්ජති න පතිත්ථියති න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. එවං අලාභෙ ච න කුප්පතීති - ලාභකම්යා න සික්ඛති අලාභෙ ච න කුප්පති.
අලාභෙ ච න කුප්පති - කිසෙයින් අලාභයෙහි කිපේ ද යත්? මෙහි එකෙක් ‘කුලය හෝ නො ලබමි, ගණයා හෝ - ආවාසය හෝ - ලාභය හෝ - යශස් හෝ - පැසැසුම් හෝ - සුව හෝ නො ලබමි, සිවුරු හෝ - පිණ්ඩපාත - සෙනසුන් - ගිලන්පසබෙහෙත්පිරිකර හෝ නො ලබමි ගිලානොපස්ථායකයකු හෝ නො ලබමි, නො පැනෙනුයෙම් වෙමී’ කිපෙයි’, ව්‍යාපාදයට පැමිණෙයි, තදබවට පැමිණෙයි, කොපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරෙයි; මෙසේ අලාභයෙහි කිපෙයි. කිසෙයින් අලාභයෙහි නො කිපේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම ‘කුලය හෝ නො ලබමි, ගණයා හෝ නො ලබමි... නො පැනෙනුයෙම් වෙමී’ නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, තදබවට නො පැමිණෙයි, කොපයත් ද්වේෂයත් නො සතුටත් පහළ නො කෙරෙයි. මෙසේ අලාභයෙහි දු නො කිපේ නුයි ‘ලාභකම්යා න සික්ඛති අලාභෙ ච න කුප්පති’ යනු වේ.
අවිරුද්ධො ච තණ්හාය රසෙ ච නානුගිජ්ඣතීති - ‘විරුද්ධො’ති යො චිත්තස්ස ආඝාතො පටිඝාතො පටිඝං පටිවිරොධො කොපො පකොපො සම්පකොපො දොසො පදොසො සම්පදොසො චිත්තස්ස බ්යාපත්ති මනොපදොසො කොධො කුජ්ඣනා කුජ්ඣිතත්තං දොසො දුස්සනා දුස්සිතත්තං බ්යාපත්ති බ්යාපජ්ජනා බ්යාපජ්ජිතත්තං විරොධො පටිවිරොධො චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා චිත්තස්ස අයං වුච්චති විරොධො. යස්සෙසො විරොධො පහීනො සමුච්ඡින්නො වූපසන්තො පටිප්පස්සද්ධො අභබ්බුප්පත්තිකො ඤාණග්ගිනා දඩ්ඪො. සො වුච්චති අවිරුද්ධො. තණ්හාති රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා. රසොති මූලරසො ඛන්ධරසො තචරසො පත්තරසො පුප්ඵරසො ඵලරසො, අම්බිලං මධුරං තිත්තකං කටුකං ලොණිකං ඛාරිකං ලපිලං කසාවො සාදුං අසාදුං සීතං උණ්හං; සන්තෙකෙ සමණබ්රාහ්මණා රසගිද්ධා, තෙ ජිව්හග්ගෙන රසග්ගානි පරියෙසන්තා ආහිණ්ඩන්ති. තෙ අම්බිලං ලභිත්වා අනම්බිලං පරියෙසන්ති. අනම්බිලං ලභිත්වා අම්බිලං. පරියෙසන්ති. මධුරං ලභිත්වා අමධුරං පරියෙසන්ති. අමධුරං ලභිත්වා මධුරං පරියෙසන්ති තිත්තකං ලභිත්වා අතිත්තකං පරියෙසන්ති. අතිත්තකං ලභිත්වා තිත්තකං පරියෙසන්ති. කටුකං ලභිත්වා අකටුකං පරියෙසන්ති. අකටුකං ලභිත්වා කටුකං පරියෙසන්ති. ලොණිකං ලභිත්වා අලොණිකං පරියෙසන්ති. අලොණිකං ලභිත්වා ලොණිකං පරියෙසන්ති.
අවිරුද්ධො ච තණ්හාය රසෙ ච නානුගිජ්ඣති - ‘විරුද්ධො’ යනු: චිත්තයාගේ යම් ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරොධයෙක් කිපීමෙක් ප්රකොපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වෙෂයෙක් චිත්තයාගේ ප්‍රකෘතිය හැරීමෙක් සිත දූෂ්‍ය වීමෙක් ක්‍රෝධයෙක් ක්රොධාකාරයෙක් ක්‍රෝධ වූ බවෙක් ද්වේෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂිත බවෙක් ව්‍යාපාදාකාරයෙක් ව්‍යාපාදයට පැමිණි බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරොධයෙක් චණ්ඩ බවෙක් නො පිරිපුන් වචන ඇති බවෙක් සිතෙහි නො සතුටු බවෙක් වේ ද, මේ ‘විරෝධ’යයි කියනු ලැබේ. යමක්හු විසින් තෙල විරෝධය ප්‍රහීණ කරන ලද ද සන්හිඳුවන ලද ද දුරලන ලද ද අභව්‍යොත්පත්තික වූයේ ද ඥානාග්නීන් දග්ධ ද, හෙතෙම ‘අවිරුද්ධ’ යයි කියනු ලැබේ. තණ්හා යනු: රූපතණ්හා යැ සද්ද - ගන්ධ - රස - ඵොට්ඨබ්බ - ධම්මතණ්හා යැ; රස නම්: මුල්රස යැ කඳෙහි රස යැ පොතුරස යැ පත්රස යැ මල්රස යැ පලරස යැ ඇඹුලැ මිහිරැ තිත්ත යැ කුළු යැ ලුණුරස යැ කරරස යැ ලපිල - (නො කසටරස) යැ කසටරස යැ මිහිරි යැ නො මිහිරි යැ සිහිල් රස යැ හුණුරස යි; රසයෙහි ගිජු වූ මහණ බමුණු කෙනෙක් ඇත්තාහ. ඔහු දිවගින් අග්‍රරස සොයමින් ඇවිදිති: ඔහු ඇඹුලක් ලැබ නො ඇඹුලක් සොයති, නො ඇඹුලක් ලැබ ඇඹුල් සොයති, මිහිරක් ලැබ අමිහිරි දෑ සොයති, අමිහිරක් ලැබ මිහිරි දෑ සොයති, තිත්ත දැයක් ලැබ නො තිත්ත දෑ සොයති, නො තිත්ත දෑ ලැබ තිත්ත දෑ සොයති, කුළු දෑ ලැබ නො කුළු දෑ සොයති, නො කුළු දෑ ලැබ කුළු දැයක් සොයති, ලුණක් ලැබ ලුණු නැත්තක් සොයති, ලුණුනැති දෑ ලැබ ලුණු ඇති දෑ සොයති.
ඛාරිකං ලභිත්වා අඛාරිකං පරියෙසන්ති. අඛාරිකං ලභිත්වා ඛාරිකං පරියෙසන්ති. ලපිලං ලභිත්වා කසාවං පරියෙසන්ති. කසාවං ලභිත්වා ලපිලං පරියෙසන්ති. සාදුං ලභිත්වා අසාදුං පරියෙසන්ති. අසාදුං ලභිත්වා සාදුං පරියෙසන්ති. සීතං ලභිත්වා උණ්හං පරියෙසන්ති. උණ්හං ලභිත්වා සීතං පරියෙසන්ති. තෙ යං යං ලභිත්වා තෙන තෙන න සන්තුස්සන්ති. අපරාපරං පරියෙසන්ති. මනාපිකෙසු රසෙසු රත්තා ගිද්ධා ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා ලග්ගා ලග්ගිතා පළිබුද්ධා. යස්සෙසා රසතණ්හා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා.
කරරසයක් ලැබ නො කරරස සොයති, නො කරරස දැයක් ලැබ කරරස සොයති, නො කසටක් ලැබ කසට සොයති, කසට දෑ ලැබ නො කසට දෑ සොයති, මිහිරක් ලැබ අමිහිරි දෑ සොයති, අමිහිරක් ලැබ මිහිරි දෑ සොයති. සිහිලක් ලැබ හුණු දෑ සොයති, හුණු දැයක් ලැබ සිහිල් සොයත්. ඔවුහු යම් යම් දැයක් ලැබ ඒ ඒ දැයින් නො සතුටු වෙති, මතුමත්තෙහි සොයති. මන වඩන රසයෙහි රැඳුණාහු ගිජු වූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු වැතුරුණාහු ලැගුණාහු ඇලුණාහු බැසගත්තාහු ය. යමක්හු විසින් තෙල රසතෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී සිඳින ලද්දී සන්හිඳුවන ලද්දී දුරලන ලද්දී උපතට නුසුදුසු වූවා නුවණගින්නෙන් දවන ලද්දී ද.
සො පටිසඞ්ඛා යොනිසො ආහාරං ආහාරෙති: නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය, ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි. යාත්‍රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො ච. යථා වණං ආලිම්පෙය්ය යාවදෙව රොපණත්ථාය; යථා වා පන අක්ඛං අබ්භඤ්ජෙය්ය යාවදෙව භාරස්ස නිත්ථරණත්ථාය; යථා වා පන පුත්තමංසං ආහාරං ආහරෙය්ය යාවදෙව කන්තාරස්ස නිත්ථරණත්ථාය; එවමෙව භික්ඛු පටිසඞ්ඛා යොනිසො ආහාරං ආහාරෙති, ‘නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය. ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි යාත්‍රා න මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො චා’ති. රසතණ්හං පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. රසතණ්හාය ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදිකතෙන චෙතසා විහරතීති - ‘අවිරුද්ධො ච තණ්හාය රසෙ ච නානුගිජ්ඣති.’
හෙතෙම නුවණින් විමසා අහර වළඳයි, කෙළි පිණිස නො මැ වළඳයි, මද පිණිස... අලඞ්කාර පිණිස - සැරැසුම් පිණිස නො වළඳයි, යම්තාක් මේ කය පැවැත්ම පිණිස යැපීම පිණිස බඩගිනි වේදනා නැසීම පිණිස බඹසරට අනුග්‍රහ පිණිස වළඳයි, මෙසේ ‘පැරණි බඩගිනි වේදනා නසමි, අලුත් වේදනාත් නූපදවමි, මාගේ යැපීම ද වන්නේය, අනවද්‍යභාවය ද සුව විහරණය ද වන්නේය; යම්සේ මස්වැඩීම පමණට වුණය ආලේප කරන්නේ ද, තවද යම්සේ බර ගෙන යන පමණට අක්ෂය තෙල් ගල්වන්නේ ද, තවද යම්සේ කතරමග තරණය කරන පමණට පුත්‍රමාංසාහාරය අනුභව කරන්නේ ද, එපරිද්දෙන් ම මහණ තෙම නුවණින් ප්රත්යවේක්ෂා කොට අහර වළඳයි, නො මැ කෙළි පිණිස වළඳයි,... මාගේ ජීවිත යාත්‍රාව ද අනවද්‍යතාව ද ඵාසුවිහරණය ද වන්නේ යැ’යි. රසතෘෂ්ණාව දුරු කෙරෙයි, බැහැර කෙරෙයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට පමුණුවයි. රසතෘෂ්ණාවෙන් දුරු වූයේ වෙන් වූයේ නික්මුණේ නික්මැ ගියේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ වන්නේය, විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘අවිරුද්ධො ච තණ්හාය රසෙ ච නානුගිජ්ඣති’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
ලාභකම්යා න සික්ඛති අලාභෙ ච න කුප්පති, අවිරුද්ධො ච තණ්හාය රසෙ ච නානුගිජ්ඣතී”ති.
“ලාභකම්යා න සික්ඛති -පෙ- රසෙ ච නානුගිජ්ඣති” යී.