යෙදුමෙන් කියවන්න

10. 6

10. 6.

10. 6.

සාතියෙසු අනස‍්සාවී අතිමානෙ ච නො යුතො, සණ‍්හො ච පටිභානවා න සද‍්ධො න විරජ‍්ජති.

(යමක් හට) පස්කම්ගුණයෙහි තෘෂ්ණාව නො පවතී ද, (යමෙක්) අතිමානයෙහි නො යෙදුණේත් වේ ද, සිනිඳු වූ කායකර්‍මාදියෙන් යුක්ත ද, ප්‍රතිභානයෙන් සමන්‍විත වූයේ ද, (පරප්‍රත්‍යයෙන්) නො හදහා ද, (වීතරාග හෙයින්) නො රඳනේ ත් වේ ද, (ඔහු උපශාන්ත යයි කියමි.)

සාතියෙසු අනස‍්සාවීති - ‘සාතියා’ වුච‍්චන‍්ති පඤ‍්ච කාමගුණා. කිං කාරණා සාතියා වුච‍්චන‍්ති පඤ‍්ච කාමගුණා? යෙභුය්‍යෙන දෙවමනුස‍්සා පඤ‍්ච කාමගුණෙ ඉච‍්ඡන‍්ති සාදියන‍්ති පත්‍ථයන‍්ති පිහයන‍්ති අභිජප‍්පන‍්ති. තඞ‍්කාරණා සාතියා වුච‍්චන‍්ති පඤ‍්ච කාමගුණා. යෙසං එසා සාතියා තණ‍්හා අප‍්පහීනා, තෙසං චක‍්ඛුතො රූපතණ‍්හා සවති ආසවති සන්‍දති පවත‍්තති. සොතතො සද‍්දතණ‍්හා -පෙ- ඝානතො ගන්‍ධතණ‍්හා - ජිව‍්හාතො රසතණ‍්හා - කායතො ඵොට‍්ඨබ‍්බතණ‍්හා, මනතො ධම‍්මතණ‍්හා සවති ආසවති සන්‍දති පවත‍්තති. යෙසං එසා සාතියා තණ‍්හා පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪා; තෙසං චක‍්ඛුතො රූපතණ‍්හා න සවති නාසවති න සන්‍දති නප‍්පවත‍්තති. සොතතො සද‍්දතණ‍්හා -පෙ- මනතො ධම‍්මතණ‍්හා න සවති නාසවති න සන්‍දති න පවත‍්තතීති- ‘සාතියෙසු අනස‍්සාවී.’

සාතියෙසු අනස්සාවී - ‘සාතියා’යී පස්කම් ගුණයෝ කියනු ලැබෙත්. කුමක් හෙයින් පස්කම්ගුණයෝ ‘සාතියා’යී කියනු ලැබෙත් ද යත්? බොහෝ සෙයින් දෙවිමිනිස්හු පස් කම්ගුණයන් ආශා කෙරෙති, ඉවසති පතති කැමැති වෙති අභිජල්පන කෙරෙත්; එ කරුණෙන් පස් කම්ගුණයෝ ‘සාතිය’යී කියනු ලැබෙති. යම් කෙනකුන්ට මෝ පඤ්චකාමගුණයෙහි තෘෂ්ණාව අප්‍රහීණ වූවා ද, ඔවුන්ට චක්‍ෂුර්ද්වාරයෙහි (ජවනසම්ප්‍රයුක්ත) රූපාලම්බනතෘෂ්ණාව උපදී, හාත්පසින් උපදී, ගලයි, පවතී. ශ්‍රොත්‍රද්වාරයෙහි ශබ්දතෘෂ්ණාව - ඝ්‍රාණද්වාරයෙහි ගන්‍ධතෘෂ්ණාව - ජිහ්වාද්වාරයෙහි රසතෘෂ්ණාව - කායද්වාරයෙහි ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණාව - මනෝද්වාරයෙහි ධර්‍මතෘෂ්ණාව උපදී, හාත්පසින් උපදී, ගලයි පවතී; යම් කෙනකුන් විසින් මෝ පඤ්චකාමගුණ තෘෂ්ණාව ප්‍රහීණකරන ලද්දී සිඳින ලද්දී සන්හිඳුණි දුරලන ලද්දී අභව්‍යොත්පත්තික වූවා ඥානාග්නීන් දවන ලද්දී ද, ඔවුන්ට චක්‍ෂුර්ද්වාරයෙහි රූපතෘෂ්ණාව නූපදී - ශ්‍රොත්‍රද්වාරයෙහි ශබ්දතෘෂ්ණාව... මනෝද්වාරයෙහි ධර්‍මතෘෂ්ණාව නූපදී, හාත්පසින් නූපදී, නො ගලයි, නො පවතීනුයි ‘සාතියෙසු අනස්සාවී’ යනු වේ.

අතිමානෙ ච නො යුතොති - කතමො අතිමානො? ඉධෙකච‍්චො පරං අතිමඤ‍්ඤති ජාතියා වා ගොත‍්තෙන වා -පෙ- අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා වත්‍ථුනා. යො එවරූපො මානො මඤ‍්ඤනා මඤ‍්ඤිතත‍්තං උන‍්නති උන‍්නමො ධජො සම‍්පග‍්ගාහො කෙතුකම්‍යතා චිත‍්තස‍්ස, අයං වුච‍්චති අතිමානො. යස‍්සෙසො අතිමානො පහීනො සමුච‍්ඡින‍්නො වූපසන‍්තො පටිප‍්පස‍්සද‍්ධො අභබ‍්බුප‍්පත‍්තිකො ඤාණග‍්ගිනා දඩ‍්ඪො, සො අතිමානෙ ච නො යුතො න යුත‍්තො නප‍්පයුත‍්තො න සමායුත‍්තොති ‘අතිමානෙ ච නො යුතො.’

අතිමානෙ ච නො යුතො - අතිමානය කවරැ යත්? මෙහි එකෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ... එක්තරා කරුණකින් හෝ මෙරමා ඉක්මැ සිතයි; මෙබඳු යම් මානයෙක් මාන කරන අයුරෙක් මාන කරන බවෙක් උන්නතියෙක් නඟා තැබීමෙක් මානධ්වජයෙක් දැඩිව ගැනීමෙක් චිත්තයාගේ කෙතුකම්‍යතාවක් වේ ද, මේ අතිමාන යයි කියනු ලැබේ. යමක්හු විසින් තෙල අතිමාන ප්‍රහීණ කරන ලද්දේ... නුවණගින්නෙන් දවන ලද්දේ ද, හෙතෙම අතිමානයෙහි ද නො යෙදුණේ යුක්ත නො වූයේ ප්‍රයුක්ත නො වූයේ හාත්පසින් නො යෙදුණේ නුයි ‘අතිමානෙ ච නො යුතො’ යනු වේ.

සණ‍්හො ච පටිභානවාති - ‘සණ‍්හො’ති සණ‍්හෙන කායකම‍්මෙන සමන‍්නාගතොති සණ‍්හො; සණ‍්හෙන වචීකම‍්මෙන සමන‍්නාගතොති සණ‍්හො; සණ‍්හෙන මනොකම‍්මෙන සමන‍්නාගතොති සණ‍්හො; සණ‍්හෙහි සතිපට‍්ඨානෙහි සමන‍්නාගතොති සණ‍්හො; සණ‍්හෙහි සම‍්මප‍්පධානෙහි සණ‍්හෙහි ඉද‍්ධිපාදෙහි - සණ‍්හෙහි ඉන්‍ද්‍රියෙහි - සණ‍්හෙහි බලෙහි සණ‍්හෙහි බොජ‍්ඣඞ‍්ගෙහි සමන‍්නාගතොති සණ‍්හො; සණ‍්හෙන අරියෙන අට‍්ඨඞ‍්ගිකෙන මග‍්ගෙන සමන‍්නාගතොති සණ‍්හො; පටිභානවාති - තයො පටිභානවන‍්තො: පරියත‍්තිපටිභානවා පරිපුච‍්ඡාපටිභානවා අධිගමපටිභානවා. කතමො පරියත‍්තිපටිභානවා? ඉධෙකච‍්චස‍්ස පකතියාපි පරියාපුතං හොති සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථං උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං; තස‍්ස පරියත‍්තිං නිස‍්සාය පටිභාති. අයං පරියත‍්තිපටිභානවා. කතමො පරිපුච‍්ඡාපටිභානවා? ඉධෙකච‍්චො පරිපුච‍්ඡිතා හොති අත‍්තත්‍ථෙ ච ඤායත්‍ථෙ ච ලක‍්ඛණෙ ච කාරණෙ ච ඨානාඨානෙ ච, තස‍්ස තං පරිපුච‍්ඡං නිස‍්සාය පටිභාති. අයං පරිපුච‍්ඡාපටිභානවා. කතමො අධිගමපටිභානවා? ඉධෙකච‍්චස‍්ස අධිගතා හොන‍්ති චත‍්තාරො සතිපට‍්ඨානා චත‍්තාරො සම‍්මප‍්පධානා චත‍්තාරො ඉද‍්ධිපාදා පඤ‍්චින්‍ද්‍රියානි පඤ‍්ච බලානි සත‍්තබොජ‍්ඣඞ‍්ගා අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො චත‍්තාරො අරියමග‍්ගා චත‍්තාරි සාමඤ‍්ඤඵලානි චතස‍්සො පටිසම‍්භිදායො ඡ අභිඤ‍්ඤායො; තස‍්ස අත්‍ථො ඤාතො. ධම‍්මො ඤාතො. නිරුත‍්ති ඤාතා. අත්‍ථෙ ඤාතෙ අත්‍ථො පටිභාති. ධම‍්මෙ ඤාතෙ ධම‍්මො පටිභාති නිරුත‍්තියා ඤාතාය නිරුත‍්ති පටිභාති ඉමෙසු තීසු ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා. ඉමාය පටිභානපටිසම‍්භිදාය උපෙතො සමුපෙතො උපාගතො සමුපාගතො උපපන‍්නො සමුපපන‍්නො සමන‍්නාගතො. සො වුච‍්චති පටිභානවා. යස‍්ස පරියත‍්ති නත්‍ථි, පරිපුච‍්ඡා නත්‍ථි, අධිගමො නත්‍ථි, කිං තස‍්ස පටිභායිස‍්සතීති - ‘සණ‍්හො ච පටිභානවා...

සණ්හො ච පටිභානවා - ‘සණ්හො’ යනු: මෘදු වූ කායකර්‍මයෙන් යුක්ත වූයේ නුයි ‘සණ්හ’යැ මෘදු වූ වාක්කර්‍මයෙන් - මෘදු වූ මනඃකර්‍මයෙන් - මෘදු වූ සතිපට්ඨානයන් ගෙන් - මෘදු වූ සම්‍යක්ප්‍රධානයන් ගෙන් - ඍද්ධිපාදයන්ගෙන් ඉන්‍ද්‍රියයන් ගෙන් බලයන් ගෙන් - බෝධ්‍යඞ්ගයන් ගෙන් - මෘදු වූ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් සමන්‍විත වූයේ නුයි ‘සණ්හ’ යැ; පටිභානවා - පර්‍ය්‍යාප්තිප්‍රතිභානවත් යැ, පරිපෘච්ඡාප්‍රතිභානවත් යැ, අධිගමප්‍රතිභානවත් යැයි ප්‍රතිභානවත්හු තිදෙනෙක් වෙති: කවරෙක් පර්‍ය්‍යාප්තිප්‍රතිභානවත් ද යත්? මේ සස්නෙහි එකක්හු විසින් සුත්ත යැ ගෙය්‍ය - වෙය්‍යාකරණ - ගාථා - උදාන - ඉතිවුත්තක - ජාතක - අබ්භූතධම්ම - වෙදල්ල යැ (යන නවාඞ්ගය) පියවින් මැ පුහුණු කරන ලද වෙයි, ඔහුට පර්‍ය්‍යාප්තිය නිසා ඥානය අභිමුඛ වෙයි; මේ පර්‍ය්‍යාප්තිප්‍රතිභානවත් යැ. කවරෙක් පරිපෘච්ඡාප්‍රතිභානවත් වේ ද යත්? මේ සස්නෙහි එකෙක් ආත්මාර්ත්‍ථයන් ද න්‍යායාර්ත්‍ථයන් ද ලක්‍ෂණයන් ද කාරණයන් ද ස්ථානාස්ථානයන් ද පුළුවුස්නේ වෙයි, ඔහුට ඒ පිළිවිසීම නිසා ඥානය අභිමුඛ වෙයි, මේ තෙම පරිපෘච්ඡාප්‍රතිභානවත් යැ. කවරෙක් අධිගමප්‍රතිභානවත් වේ ද යත්? මේ සස්නෙහි එකක්හු විසින් සතර සතිපට්ඨානයෝ අධිගත වූවාහු වෙති, සතර සම්‍යක්ප්‍රධානයෝ - සතර ඍද්ධිපාදයෝ - පඤ්චේන්‍ද්‍රියයෝ - පඤ්ච බලයෝ - සප්ත බෝධ්‍යඞ්ගයෝ - ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය - සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ - සතර ශ්‍රාමණ්‍යඵලයෝ - සතර ප්‍රතිසංවිද්හු - ෂඩ්භිඥාවෝ අධිගත වූවාහු වෙත්. ඔහු විසින් අර්‍ත්‍ථය දන්නා ලද, ධර්‍මය දන්නා ලද, නිරුක්තිය දන්නා ලදු. අර්‍ත්‍ථ (- හේතුඵල)ය ප්‍රකට වූ කල්හි අර්‍ත්‍ථය නුවණට අභිමුඛ වෙයි, ධර්‍ම (-ප්‍රත්‍යය)ය ප්‍රකට වූ කල්හි ධර්‍මය නුවණට අභිමුඛ වෙයි, නිරුක්තිය ප්‍රකට වූ කල්හි නිරුක්තිය නුවණට අභිමුඛ වෙයි, මේ ත්‍රිවිධඥානයෙහි ප්‍රභෙදගත වූ ඥානය ‘පටිභානපටිසම්භිදා’ නමු, මේ පටිභානපටිසම්භිදායෙන් උපේත සමුපේත උපාගත සමුපාගත උප්පන්න සමුප්පන්න සමන්‍වාගත වෙයි, හේ ‘ප්‍රතිභානවත්’යයි කියනු ලැබෙයි. යමක් හට පර්‍ය්‍යාප්තිය නැත් නම්, පරිපෘච්ඡාව නැත් නම්, අධිගමය නැත් නම්, ඔහුට කුමක් වැටහෙන්නේ දැ’යි ‘සණ්හො ච පටිභානවා’ යනු වේ.

න සද‍්ධො න විරජ‍්ජතීති - ‘න සද‍්ධො’ති සාමං සයං අභිඤ‍්ඤාතං අත‍්තපච‍්චක‍්ඛං ධම‍්මං න කස‍්සචි සද‍්දහති. අඤ‍්ඤස‍්ස සමණස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා දෙවස‍්ස වා මාරස‍්ස වා බ්‍රහ‍්මුනො වා. ‘සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා’ති සාමං සයං අභිඤ‍්ඤාතං -පෙ- ‘සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛා’ති ‘සබ‍්බෙ ධම‍්මා අනත‍්තා’ති - අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා’ති -පෙ- ජාතිපච‍්චයා ජරාමරණ’න‍්ති ‘අවිජ‍්ජානිරොධා සඞ‍්ඛාරනිරොධො’ති -පෙ- ‘ජාතිනිරොධා ජරාමරණනිරොධො’ති ‘ඉදං දුක‍්ඛ’න‍්ති -පෙ- ‘අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා’ති ‘ඉමෙ ආසවා’ති -පෙ- ‘අයං ආසවනිරොධගාමිනීපටිපදා’ති ‘ඉමෙ ධම‍්මා අභිඤ‍්ඤෙය්‍යා’ති -පෙ- ‘ඉමෙ ධම‍්මා සච‍්ඡිකාතබ‍්බා’ති සාමං සයං සයමභිඤ‍්ඤාතං -පෙ- ඡන‍්නං ඵස‍්සායතනානං සමුදයඤ‍්ච අත්‍ථංගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච. පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං සමුදයඤ‍්ච -පෙ- චතුන‍්නං මහාභූතානං සමුදයඤ‍්ච අත්‍ථංගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච සාමං සයමභිඤ‍්ඤාතං -පෙ- යං කිඤ‍්චි සමුදයධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්මන‍්ති සාමං සයමභිඤ‍්ඤාතං අත‍්තපච‍්චක‍්ඛං ධම‍්මං න කස‍්සචි සද‍්දහති. අඤ‍්ඤස‍්ස සමණස‍්ස වා බ්‍රාහ‍්මණස‍්ස වා දෙවස‍්ස වා මාරස‍්ස වා බ්‍රහ‍්මුනො වා. වුත‍්තං හෙතං භගවතා:

න සද්ධො න විරජ්ජති - ‘න සද්ධො’ යනු: තෙමේ මැ තමා විසින් අවබෝධ කළ තම හට ප්‍රත්‍යක්‍ෂ වූ ධර්‍මය අන් මහණකුගේ හෝ බමුණකුගේ හෝ දෙවියකුගේ හෝ මරකුගේ හෝ බඹකුගේ හෝ කිසිවක්හුගේ බසින් නො හදහයි; ‘සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ’යි තෙමේ මැ තමා විසින් අවබෝධ කළ... ‘සියලු සංස්කාරයෝ දුඃඛයෝ යැ’යි, සියලු ධර්‍මයෝ අනාත්මයෝ යැ’යි... ‘අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙතී’... ‘ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ යැ’යි... ‘මේ දුඃඛසත්‍ය යැ’යි... ‘මෝ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව යැ’යි... ‘මොහු ආස්‍රවයෝ යැ’යි... ‘මෝ ආස්‍රවනිරොධගාමිනීප්‍රතිපදාව යැ’යි... ‘මේ ධර්‍මයෝ දතයුත්තාහ’යි... ‘මේ ධර්‍මයෝ ප්‍රත්‍යක්‍ෂ කටයුත්තාහ’යි තෙමේ මැ තමා විසින් අවබෝධ කළ... සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ පහළවීම ද විනාශය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද, පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ සමුදය ද... සතර මහාභූතයන්ගේ සමුදය ද අස්තඞ්ගමය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද තෙමේ මැ තමා විසින් අවබෝධ කළ... ‘යම් කිසි සමුදයධර්‍මයෙක් වේ නම් ඒ සියල්ල නිරුද්ධ වන පියවි ඇතැ’යි තෙමේ මැ තමා විසින් අවබෝධ කළ තම හට ප්‍රත්‍යක්‍ෂ වූ ධර්‍මය අන් කිසි මහණකුගේ හෝ බමුණකුගේ හෝ දෙවියකුගේ හෝ මරකුගේ හෝ බඹකුගේ හෝ බසින් නො හදහයි. මේ වදාරන ලද මැය, බුදුන් විසින්:

“සද‍්දහසි ත්‍වං සාරිපුත‍්ත සද‍්ධින්‍ද්‍රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං? විරියින්‍ද්‍රියං - සතින්‍ද්‍රියං - සමාධින්‍ද්‍රියං - පඤ‍්ඤින්‍ද්‍රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසාන’න‍්ති. නඛ‍්වාහං එත්‍ථ භන‍්තෙ භගවතො සද‍්ධාය ගච‍්ඡාමි. සද‍්ධින්‍ද්‍රියං - විරියින්‍ද්‍රියං - සතින්‍ද්‍රියං - සමාධින්‍ද්‍රියං පඤ‍්ඤින්‍ද්‍රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානන‍්ති යෙසං නු එතං භන‍්තෙ අඤ‍්ඤාතං අස‍්ස අදිට‍්ඨං අවිදිතං අසච‍්ඡිකතං අඵස‍්සිතං පඤ‍්ඤාය; තෙ තත්‍ථ පරෙසං සද‍්ධාය ගච‍්ඡෙය්‍යුං: සද‍්ධින්‍ද්‍රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං, විරියින්‍ද්‍රියං - සතින්‍ද්‍රියං - සමාධින්‍ද්‍රියං - පඤ‍්ඤින්‍ද්‍රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානන‍්ති. යෙසඤ‍්ච ඛො එතං භන‍්තෙ ඤාතං දිට‍්ඨං විදිතං සච‍්ඡිකතං ඵස‍්සිතං පඤ‍්ඤාය නික‍්කඞ‍්ඛා තෙ තත්‍ථ නිබ‍්බිචිකිච‍්ඡා: සද‍්ධින්‍ද්‍රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං විරියින්‍ද්‍රියං - සතින්‍ද්‍රියං - සමාධින්‍ද්‍රියං - පඤ‍්ඤින්‍ද්‍රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානන‍්ති. මය‍්හඤ‍්ච ඛො එතං භන‍්තෙ ඤාතං දිට‍්ඨං විදිතං සච‍්ඡිකතං ඵස‍්සිතං පඤ‍්ඤාය. නික‍්කඞ‍්ඛොහං තත්‍ථ නිබ‍්බිචිකිච‍්ඡො: සද‍්ධින්‍ද්‍රියං විරියින්‍ද්‍රියං - සතින්‍ද්‍රියං - සමාධින්‍ද්‍රියං පඤ‍්ඤින්‍ද්‍රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානන‍්ති. සාධු සාධු සාරිපුත‍්ත, යෙසං හෙතං සාරිපුත‍්ත, අඤ‍්ඤාතං අස‍්ස අදිට‍්ඨං අවිදිතං අසච‍්ඡිකතං අඵස‍්සිතං පඤ‍්ඤාය, තෙ තත්‍ථ පරෙසං සද‍්ධාය ගච‍්ඡෙය්‍යුං. සද‍්ධින්‍ද්‍රියං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානන‍්ති.

“ශාරිපුත්‍රයෙනි, තෙපි ශ්‍රද්ධේන්‍ද්‍රිය වඩන ලදුයේ නැවත නැවත වඩන ලදුයේ නිවනෙහි ඇතුළත් වෙයි, නිවන පිහිට කොට ඇත, නිවන කෙළවර කොට ඇතැ”යි හදහවු ද? වීර්‍ය්‍යෙන්‍ද්‍රිය - ස්මෘතීන්‍ද්‍රිය - සමාධීන්‍ද්‍රිය - ප්‍රඥේන්‍ද්‍රිය භාවිත බහුලීකෘත වූයේ අමතෝගධ අමතපරායණ අමතපරියොසාන වේ යයි හදහවු දැ”යි. ස්වාමීනි, මම් මෙහිලා භාග්‍යවතුන් වහන්සේගේ (වචනය) හැදැහීමෙන් අවබෝධ නො කෙරෙමි, සද්ධින්‍ද්‍රිය - වීරියින්ද්‍රිය - සතින්‍ද්‍රිය - සමාධින්‍ද්‍රිය - ප්‍රඤ්ඤින්ද්‍රිය භාවිත බහුලීකෘත වූයේ අමෘතයෙහි ඇතුළත් වූයේ අමෘතය ප්‍රතිෂ්ඨා කොට ඇත්තේ අමෘතය නිෂ්ඨා කොට ඇත්තේය’යි. ස්වාමීනි. යම් කෙනකුන් විසින් තෙල නො දන්නා ලද්දේ (නුවණින්) නො දක්නා ලද්දේ අවබෝධ නො කරන ලද්දේ ප්‍රත්‍යක්‍ෂ නො කරන ලද්දේ ප්‍රඥාවෙන් ස්පර්‍ශ නො කරන ලද්දේ වේ නම්, ඔවුහු එහිලා මෙරමා බස් හැදැහීමෙන් අවබෝධ කරන්නාහුය: ‘ශ්‍රද්ධේන්‍ද්‍රිය භාවිත බහුලීකෘත වූයේ - වීර්‍ය්‍යෙන්‍ද්‍රිය - ස්මෘතීන්‍ද්‍රිය - සමාධීන්‍ද්‍රිය - ප්‍රඥේන්‍ද්‍රිය භාවිත බහුලීකෘත වූයේ අමතෝගධ අමතපරායණ අමතපරියොසාන වේ යැ’යි. තවද ස්වාමීනි, යම් කෙනකුන් විසින් තෙල දන්නා ලද දක්නා ලද අවබෝධ කරන ලද ප්‍රත්‍යක්‍ෂ කරන ලද ප්‍රඥාවෙන් ස්පර්‍ශ කරන ලද නම්, ඔවුහු එහි නිසැකයෝ යැ, විචිකිත්සා රහිතයෝ යැ: සද්ධින්‍ද්‍රිය - විරිය - සති - සමාධි - පඤ්ඤින්‍ද්‍රිය භාවිත බහුලීකෘත වූයේ අමතෝගධ අමතපරායණ අමතපරියොසාන කොට ඇත්තේ යයි. ස්වාමීනි, මා විසින් වැලිත් තෙල ඥාත යැ දෘෂ්ට යැ විදිත යැ ශාක්‍ෂාත්කෘත යැ ප්‍රඥාවෙන් ස්පර්‍ශ කරන ලද, මම් එහි නිසැකයෙමි, විචිකිත්සා රහිතයෙමි. සද්ධින්‍ද්‍රිය - විරිය - සති - සමාධි - පඤ්ඤින්‍ද්‍රිය භාවිත බහුලීකෘත වූයේ අමතෝගධ අමතපරායණ අමතපරියොසාන කොට ඇතැ’යි. ‘සාධු! සාධු!! ශාරිපුත්‍රයෙනි, සැබව ශාරිපුත්‍රයෙනි, යම් කෙනකුන් විසින් තෙල අඥාත අදෘෂ්ට අවිදිත අශාක්‍ෂාත්කෘත ප්‍රඥාවෙන් අපෘෂ්ට වන්නේ නම්, ඔහු එහි පරප්‍රත්‍යයෙන් අවබෝධ කරන්නාහුය: සද්ධින්‍ද්‍රිය... පඤ්ඤින්‍ද්‍රිය භාවිත බහුලීකෘත වූයේ අමතෝගධ අමතපරායණ අමතපරියොසාන වේ”යයි.

1. අස‍්සද‍්ධො අකතඤ‍්ඤූ ච සන්‍ධිච‍්ඡෙදො ච යො නරො, හතාවකාසො වන‍්තාසො ස චෙ උත‍්තමපොරිසො “ති.

1. යම් පුද්ගලයෙක් (තමා අධිගත හෙයින්) අනුන්ගේ බසින් නො හදහා ද, අකත නම් වූ නිවන ප්‍රත්‍යක්‍ෂ කොට දන්නේ ද, වෘත්තසන්‍ධි (සංසාරසන්‍ධි) සිඳපූයේ ද, නසන ලද ප්‍රතිසන්‍ධ්‍යවකාශ ඇත්තේ ද, වමනය කළ සියලු ආශා ඇත්තේ ද, හෙතෙම ඒකාන්තයෙන් උත්තමපුරුෂ නම් වේ.

න විරජ‍්ජතීති - සබ‍්බෙ බාලපුථුජ‍්ජනා රජ‍්ජන‍්ති, පුථුජ‍්ජනකල්‍යාණකං උපාදාය සත‍්ත සෙඛා විරජ‍්ජන‍්ති; අරහා නෙවරජ‍්ජති නො විරජ‍්ජති. විරත‍්තො සො ඛයා රාගස‍්ස වීතරාගත‍්තා ඛයා දොසස‍්ස වීතදොසත‍්තා ඛයා මොහස‍්ස වීතමොහත‍්තා; සො වුත්‍ථවාසො චිණ‍්ණචරණො -පෙ- ජාතිමරණසංසාරො නත්‍ථි තස‍්ස පුනබ‍්භවොති ‘න සද‍්ධො න විරජ‍්ජති.’

න විරජ්ජති - සියලු බාලපෘථග්ජනයෝ ඇලෙති, කල්‍යාණපෘථග්ජනයා පටන් සප්ත ශෛක්‍ෂයෝ විරාගයට පැමිණෙති, ක්‍ෂීණාස්‍රව තෙම නො මැ ඇලෙයි, විරාගයට නො පැමිණේ. හෙතෙම රාගය ක්‍ෂය කිරීමෙන් වීතරාග හෙයින් ද්වේෂය ක්‍ෂය කිරීමෙන් වීතදෝස හෙයින් මෝහය ක්‍ෂය කිරීමෙන් වීතමෝහ හෙයින් විරක්ත යැ, වැස නිමවූ මගබඹසර ඇත්තේ යැ, පුරුදු කළ චරණධර්‍ම ඇත්තේ යැ... ඔහුට ජාති මරණසංසාරය පුනර්‍භවය නැත් නුයි ‘න සද්ධො න විරජ්ජති’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“සාතියෙසු අනස‍්සාවී අතිමානෙ ච නො යුතො, සණ‍්හො ච පටිභානවා න සද‍්ධො න විරජ‍්ජතී”ති.

“සාතියෙසු -පෙ- න සද්ධො න විරජ්ජති” යී.