යෙදුමෙන් කියවන්න

10. 5

10. 5.

10. 5.

පතිලීනො අකුහකො අපිහාලු අමච‍්ඡරී, අප‍්පගබ‍්භො අජෙගුච‍්ඡො පෙසුනෙය්‍යෙ ච නො යුතො.

යමෙක් රාගාදිය ප්‍රහීණ කෙළේ කුහක නො වූයේ තෘෂ්ණා රහිත වූයේ නො මසුරු වූයේ කායාදි ප්‍රගල්භ රහිත වූයේ ජුගුප්සා නො කටයුතු වූයේ පිසුනු කීමෙහි නො යෙදුණේ ත් වේ ද, (ඔහු උපශාන්ත යයි කියමි.)

පතිලීනො අකුහකොති - ‘පතිලීනො’ති රාගස‍්ස පහීනත‍්තා පතිලීනො දොසස‍්ස - මොහස‍්ස පහීනත‍්තා පතිලීනො; කොධස‍්ස - උපනාහස‍්ස - මක‍්ඛස‍්ස - පළාසස‍්ස - ඉස‍්සාය - මච‍්ඡරියස‍්ස -පෙ- සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරානං පහීනත‍්තා පතිලීනො වුත‍්තං හෙතං භගවතා: ‘කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු පතිලීනො හොති? ඉමස‍්ස භික‍්ඛවෙ භික‍්ඛුනො අස‍්මිමානො පහීනො හොති උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛූ පතිලීනො හොතී”ති. ‘පතිලීනො.’

පතිලීනො අකුහකො - ‘පතිලීනො’ යනු: රාගය ප්‍රහීණ කළ බැවින් ‘පතිලීන’ යැ, ද්වේෂය - මෝහය ප්‍රහීණ කළ බැවින් - ක්‍රෝධය - උපනාහය - මකුබව - යුගග්‍රාහය - ඊර්‍ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය... සියලු අකුශලාභිසංස්කාරයන් ප්‍රහීණ කළ බැවින් ‘පතිලීන’ යැ; මේ වදාරන ලද මැය, භාග්‍යවතුන් විසින්: ‘කෙසේ නම් මහණෙනි, මහණ තෙමේ පතිලීන වේ ද? මහණෙනි, මේ මහණහුගේ අස්මිමානය ප්‍රහීණ වූයේ උසුන් මුල් ඇත්තේ තාල වස්තුවක් මෙන් කරන ලද්දේ අනභාවය කරන ලද්දේ මතු නූපදනා පියවි ඇත්තේ වෙයි. මෙසේ මහණෙනි, මහණ පතිලීන වේ යැ”යි ‘පතිලීනො’ යනු වේ.

අකුහකොති - තීණි කුහනවත්‍ථූනි: පච‍්චයපටිසෙධනසඞ‍්ඛාතං කුහනවත්‍ථු, ඉරියාපථසඞ‍්ඛාතං කුහනවත්‍ථු, සාමන‍්තජප‍්පනසඞ‍්ඛාතං කුහනවත්‍ථු.

අකුහකො - කුහනවස්තු තුනෙකි ප්‍රත්‍යයප්‍රතිෂෙධනසඞ්ඛ්‍යාත කුහන වස්තුව යැ ඊර්‍ය්‍යාපථසඞ්ඛ්‍යාත කුහනවස්තුව යැ සාමන්තජල්පනසඞ්ඛ්‍යාත කුහනවස්තුව යැයි.

කතමං පච‍්චයපටිසෙධනසඞ‍්ඛාතං කුහනවත්‍ථු? ඉධ ගහපතිකා භික‍්ඛුං නිමන‍්තෙන‍්ති චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙහි. සො පාපිච‍්ඡො ඉච‍්ඡාපකතො අත්‍ථිකො චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානං භිය්‍යොකම්‍යතං උපාදාය චීවරං පච‍්චක‍්ඛාති පිණ‍්ඩපාතං පච‍්චක‍්ඛාති. සෙනාසනං පච‍්චක‍්ඛාති. ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං පච‍්චක‍්ඛාති. සො එවමාහ: කිං සමණස‍්ස මහග‍්ඝෙන චීවරෙන? එතං සාරුප‍්පං - යං සමණො සුසානා වා සඞ‍්කාරකූටා වා පාපණිකා වා නන‍්තකානි උච‍්චිනිත්‍වා සඞ‍්ඝාටිං ධාරෙය්‍ය. කිං සමණස‍්ස මහග‍්ඝෙන පිණ‍්ඩපාතෙන? එතං සාරුප‍්පං - යං සමණො උඤ‍්ඡාචරියාය පිණ‍්ඩියාලොපෙන ජීවිකං කප‍්පෙය්‍ය. කිං සමණස‍්ස මහග‍්ඝෙන සෙනාසනෙන? එතං සාරුප‍්පං - යං සමණො රුක‍්ඛමූලිකො වා අස‍්ස සොසානිකො වා අබ‍්භොකාසිකො වා. කිං සමණස‍්ස මහග‍්ඝෙන ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙන? එතං සාරුප‍්පං - යං සමණො පූතිමුත‍්තෙන වා හරීතකීඛණ‍්ඩෙන වා ඔසධං කරෙය්‍යාති. තදුපාදාය ලූඛං චීවරං ධාරෙති. ලූඛං පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජති. ලූඛං සෙනාසනං පටිසෙවති. ලූඛං ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං පටිසෙවති. තමෙනං ගහපතිකා එවං ජානන‍්ති, අයං සමණො අප‍්පිච‍්ඡො සන‍්තුට‍්ඨො පවිවිත‍්තො අසංසට‍්ඨො ආරද‍්ධවිරියො ධුතවාදො’ති. භිය්‍යො භිය්‍යො නිමන‍්තෙන‍්ති චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙහි. සො එවමාහ: “තිණ‍්ණං සම‍්මුඛීභාවා සද‍්ධො කුලපුත‍්තො බහුං පුඤ‍්ඤං පසවති: සද‍්ධාය සම‍්මුඛීභාවා සද‍්ධො කුලපුත‍්තො බහුං පුඤ‍්ඤං පසවති. දෙය්‍යධම‍්මස‍්ස සම‍්මුඛීභාවා සද‍්ධො කුලපුත‍්තො බහුං පුඤ‍්ඤං පසවති. දක‍්ඛිණෙය්‍යානං සම‍්මුඛීභාවා සද‍්ධො කුලපුත‍්තො බහුං පුඤ‍්ඤං පසවති. තුම‍්හාකං චෙවායං සද‍්ධා අත්‍ථි, දෙය්‍යධම‍්මො ච සංවිජ‍්ජති. අහඤ‍්ච පටිග‍්ගාහකො. සචෙහං න පටිග‍්ගහෙස‍්සාමි, එවං තුම‍්හෙ පුඤ‍්ඤෙන පරිබාහිරා භවිස‍්සථ. න මය‍්හං ඉමිනා අත්‍ථො. අපිච, තුම‍්හාකං යෙව අනුකම‍්පාය පටිගණ‍්හාමී”ති. තදුපාදාය බහුම‍්පි චීවරං පටිගණ‍්හාති. බහුම‍්පි පිණ‍්ඩපාතං පටිගණ‍්හාති. බහුම‍්පි සෙනාසනං පටිගණ‍්හාති. බහුම‍්පි ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං පටිගණ‍්හාති. යා එවරූපා භාකුටිතා භාකුටියං කුහනා කුහායනා කුහිතත‍්තං, ඉදං පච‍්චයපටිසෙධනසඞ‍්ඛාතං කුහනවත්‍ථු.

ප්‍රත්‍යයප්‍රතිෂෙධනසඞ්ඛ්‍යාත කුහනවස්තුව කවරැ යත්? මෙහි ගැහැවියෝ මහණක් හට සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පසබෙහෙත්පිරිකරින් පවරති, හෙතෙම පාපේච්ඡ වූයේ ආශායෙන් මඩනා ලදුයේ සිවුරු... බෙහෙත් පිරිකර කැමැති වූයේ බොහෝ කැමැති බව නිසා චීවරය ප්‍රතික්‍ෂේප කරයි. පිණ්ඩපාතය - සෙනස්න - ගිලන්පසබෙහෙත්පිරිකර ප්‍රතික්‍ෂේප කරයි. හේ මෙසේ කියයි: ‘මහණහට මාහැඟි සිවුරෙන් කිම? යම් හෙයකින් මහණ තෙමේ සොහොනින් හෝ කසළගොඩින් හෝ අවුණු දොරින් හෝ රෙදිකැබැලි රැස් කොට සඟළ කොට දරන්නේ නම් තෙල සරුප් වෙයි; මහණ හට මාහැඟි පිණ්ඩපාතයෙන් කිම? යම් හෙයකින් මහණ සිඟා හැසිරීමෙන් පිණ්ඩපාතයෙන් ලද ආලොපයෙන් ජීවිකාව කරන්නේ නම්, තෙල සරුප් වෙයි. මහණ හට මාහැඟි සෙනස්නෙන් කිම? යම් හෙයකින් මහණ රුක්ඛමූලික හෝ සෝසානික හෝ අබ්හොකාසික හෝ වන්නේ නම්, තෙල සරුප් වෙයි. මහණ හට මාහැඟි ගිලන්පසබෙහෙත්පිරිකරින් කිම? යම් හෙයකින් මහණ පූතිමූත්‍රයෙන් හෝ අරළුකඩෙකින් හෝ බෙහෙත් කරන්නේ නම්, තෙල සරුප් යැයි. එතැන් පටන් රළු සිවුරු දරයි, රළු පිණ්ඩපාතය වළඳයි, රළු සෙනසුන් ඇසුරු කරයි, රළු ගිලන්පසබෙහෙත්පිරිකර සේවනය කරයි. ගෘහපතියෝ ඔහු මෙසේ දැනගනිති: ‘මේ මහණ අල්පෙච්ඡ යැ, සන්තුෂ්ට යැ ‘ප්‍රවිවික්ත යැ’ අසංසෘෂ්ට යැ, ආරබ්ධවීර්‍ය්‍ය යැ, ධූතවාද යැ’යි චීවර... බෙහෙත්පිරිකරින් මතුමත්තෙහි පවරත්. හෙතෙම මෙසේ කියයි: “තිදෙනකුන්ගේ සම්මුඛ භාවයෙන් ශ්‍රද්ධාවත් කුලපුත්‍ර තෙමේ බොහෝ පින් රැස් කරයි: ශ්‍රද්ධාව හමු වීමෙන් සැදැහැති කුලපුත් තෙම බොහෝ පින් රැස් කරයි, දෙය්‍යධර්‍මය ඉදිරිපත් වීමෙන්... ප්‍රතිග්‍රාහකයන් සම්මුඛ වීමෙන් සැදැහැවත් කුලපුත්‍ර තෙම බොහෝ පින් රැස් කරයි; තොපට වැලිත් මෝ ශ්‍රද්ධාව ඇත් මැය, දෙය්‍යධර්‍මය ද විද්‍යමාන වෙයි, මම ද ප්‍රතිග්‍රාහක වෙමි; ඉදින් මම් නො පිළිගනිම් නම්, මෙසේ කල්හි තෙපි පිනින් පරිබාහිර වන්නහුය, මට මෙයින් ප්‍රයෝජනයෙක් නැත, තොපට මැ අනුකම්පා පිණිස පිළිගනිමි”යි එතැන් පටන් බොහෝ සිවුරුත් පිළිගනී, බොහෝ පිණ්ඩපාතයත් - බොහෝ සෙනාසනත් - බොහෝ ගිලන්පසබෙහෙත්පිරිකරත් පිළිගනී. මෙබඳු වූ යම් මුහුණ හැකිළීමෙක් මුහුණ හකුළුවන සුලු බවෙක් විස්මය කරවීමෙක් කුහනාකාරයෙක් කුහිත (-කොහොන්) බවෙක් වේ ද, මේ ප්‍රත්‍යයප්‍රතිෂෙධනසඞ්ඛ්‍යාත කුහනවස්තු යැ.

කතමං ඉරියාපථසඞ‍්ඛාතං කුහනවත්‍ථු? ඉධෙකච‍්චො පාපිච‍්ඡො ඉච‍්ඡාපකතො සම‍්භාවනාධිප‍්පායො ‘එවං මං ජනො සම‍්භාවෙස‍්සතී’ති ගමනං සණ‍්ඨපෙති. ඨානං සණ‍්ඨපෙති. නිසජ‍්ජං සණ‍්ඨපෙති. සයනං සණ‍්ඨපෙති. පණිධාය ගච‍්ඡති. පණිධාය තිට‍්ඨති. පණිධාය නිසීදති. පණිධාය සෙය්‍යං කප‍්පෙති. සමාහිතො විය ගච‍්ඡති. සමාහිතො විය තිට‍්ඨති. සමාහිතො විය නිසීදති. සමාහිතො විය සෙය්‍යං කප‍්පෙති. ආපාථකජ‍්ඣායී ච හොති. යා එවරූපා ඉරියාපථස‍්ස අට‍්ඨපනා ඨපනා සණ‍්ඨපනා භාකුටිතා භාකුටියං කුහනා කුහායනා කුහිතත‍්තං, ඉදං ඉරියාපථසඞ‍්ඛාතං කුහනවත්‍ථු.

ඊර්‍ය්‍යාපථසඞ්ඛ්‍යාත කුහනවස්තුව කවරැ යත්? මෙහි කිසිවෙක් පවිටු වූ අදහස් ඇතියේ ඉච්ඡායෙන් මඩනා ලදුයේ බුහුමන් කරවන අදහස් ඇතියේ ‘මෙසේ ජන තෙමේ මා බුහුමන් කරන්නේ යැ’යි ගමන සකස් කෙරෙයි, සිටීම - හිඳීම - ශයනය සකස් කෙරෙයි. පතාගෙන (-සිත පිහිටුවා) යෙයි. පතා ගෙන සිටී. පතාගෙන හිඳී, පතාගෙන නිදයි. ධ්‍යාන සමාපන්නයකු මෙන් ගමන් යෙයි. සමාහිතයකු මෙන් සිටී. සමාහිතයකු මෙන් හිඳී, සමාහිතයකු මෙන් නිදයි. හමුයෙහි ධ්‍යාන කරන්නේ ද වෙයි. මෙබඳු යම් ඉරියවු ආදියෙහි තැබීමෙක් තබන අයුරෙක් මොනොවට තැබීමෙක් මුහුණ හැකිළීමෙක් මුහුණ හකුළුවන බවෙක් විස්මය කැරැවීමෙක් විස්මය පැවැත් වීමෙක් කොහොන් බවෙක් වේ ද, මේ ඊර්‍ය්‍යාපථසඞ්ඛ්‍යාත කුහනවස්තුව යැ.

කතමං සාමන‍්තජප‍්පනසඞ‍්ඛාතං කුහනවත්‍ථු? ඉධෙකච‍්චො පාපිච‍්ඡො ඉච‍්ඡාපකතො සම‍්භාවනාධිප‍්පායො ‘එවං ම; ජනො සම‍්භාවෙස‍්සතී’ති අරියධම‍්මසන‍්නිස‍්සිතං වාචං භාසති’ ‘යො එවරූපං චීවරං ධාරෙති, සො සමණො මහෙසක‍්ඛො’ති භණති. ‘යො එවරූපං පත‍්තං ධාරෙති, ලොහථාලකං ධාරෙති, ධම‍්මකරකං ධාරෙති පරිස‍්සාවනං ධාරෙති, කුඤ‍්චිකං ධාරෙති, උපාහනං ධාරෙති, කායබන්‍ධනං ධාරෙති, ආයොගං ධාරෙති, සො සමණො මහෙසක‍්ඛො’ති භණති. ‘යස‍්ස එවරූපො උපජ‍්ඣායො සො සමණො මහෙසක‍්ඛො’ති භණති. ‘යස‍්ස එවරූපො ආචරියො, එවරූපා සමානුපජ‍්ඣායකා, සමානාචරියකා, එවරූපා මිත‍්තා සන්‍දිට‍්ඨා සම‍්භත‍්තා සහායා, සො සමණො මහෙසක‍්ඛො’ති භණති. ‘යො එවරූපෙ විහාරෙ වසති, සො සමණො මහෙසක‍්ඛො’ති භණති. යො එවරූපෙ අඩ‍්ඪයොගෙ වසති, පාසාදෙ වසති, හම‍්මියෙ වසති, ගුහායං වසති, ලෙණෙ වසති, කුටියා වසති, කූටාගාරෙ වසති, අට‍්ටෙ වසති, මාලෙ වසති, උද‍්දණ‍්ඩෙ වසති, උපට‍්ඨානසාලායං වසති, මණ‍්ඩපෙ වසති, රුක‍්ඛමූලෙ වසති, සො සමණො මහෙසක‍්ඛො’ති භණති. අථවා, කොරඤ‍්ජිකකොරඤ‍්ජිකො භාකුටිකභාකුටිකො කුහකකුහකො ලපකලපකො, මුඛසම‍්භාවිතො ‘අයං සමණො ඉමාසං එවරූපානං සන‍්තානං විහාරසමාපත‍්තීනං ලාභී’ති තාදිසං ගම‍්භීරං ගූළ‍්හං නිපුණං පටිච‍්ඡන‍්නං ලොකුත‍්තරං සුඤ‍්ඤතාපටිසංයුත‍්තං කථං කථෙති. යා එවරූපා භාකුටිතා භාකුටියං කුහනා කුහායනා කුහිතත‍්තං. ඉදං වුච‍්චති සාමන‍්තජප‍්පනසඞ‍්ඛාතං කුහනවත්‍ථු.

සාමන්තජල්පන සඞ්ඛ්‍යාත කුහනවස්තුව කවරැ යත්? මෙහි කිසිවෙක් පවිටු අදහස් ඇතියේ ආශායෙන් මඩන ලදුයේ ‘ජනයා මා මෙසේ සල කරන්නේයැ’යි බුහුමන් කරවන අදහස් ඇතියේ ආර්‍ය්‍යධර්‍මයන් ඇසුරු කළ බස් බෙණෙයි: ‘යමෙක් මෙබඳු සිවුරක් ධරා නම් ඒ මහණ මහත් අනුභාව ඇත්තේ යැ’යි බෙණෙයි, යමෙක් මෙබඳු පාත්‍රයක් ධරා නම්, ලොහො තලුවක් - ඩබරාවක් - පෙරහනක් - කෙස්සක් - වහනක් - කාබානක් - අයොගයක් ධරා නම්, ඒ මහණ මහත් අනුභාව ඇත්තේ යැ’යි බෙණෙයි. ‘යමක් හට මෙබඳු වූ උපාධ්‍යායයෙක් වේ නම්, ඒ මහණ මහානුභාව ඇත්තේ යැ’යි බෙණෙයි. මෙබඳු වූ ආචාර්‍ය්‍යයෙක් - සමානොපාධ්‍යායයෝ - සමානාචාර්‍ය්‍යයෝ - මිත්‍රයෝ - දෘෂ්ටමාතුමිත්‍රයෝ - සම්භක්තයෝ - සහායයෝ වෙත් නම්, ඒ මහණ මහේශාක්‍ය යැ’යි කියයි. ‘යමෙක් මෙබඳු විහාරයෙක වෙසේ නම්, දික් පහයෙක - සිවුරැස්පහයෙක - සඳලු ඇති ගෙයෙක - ගල් ගුහායෙක - ගල්ලෙනෙක - කිළියෙක - කුළුගෙයෙක - අටල්ලෙක - මහලෙක - දිග්හලෙක - උපස්ථානශාලායෙක - මණ්ඩපයෙක - රුක්මුලෙක වෙසේ නම්, ඒ මහණ මහත් අනුභාව ඇත්තේ යැ’යි කියයි. නොහොත් ඉතා හැකිළෙනුයේ ඉතා මුහුණුහකුළුවන සුලු වූයේ ඉතා විස්මය කරවනුයේ ඉතා ප්‍රලාප තෙපුල් බණනුයේ සිය මුවින් මැ (අනුන් විසින්) සම්භාවනා කරන ලද්දේ ‘මේ මහණ මෙබඳු වූ ශාන්ත වූ විහාරසමාපත්තීන් ලබනසුලු යැ’යි එබඳු වූ ගැඹුරු වූ ගූඪ වූ සියුම් වූ මුවහ කටයුතු වූ ලෝකෝත්තර වූ නිර්‍වාණප්‍රතිසංයුක්ත වූ කථා කියයි. මෙබඳු යම් මුහුණ හැකුළුමෙක් මුහුණ හකුළුවන බවෙක් විස්මය කැරැවීමෙක් විස්මය පැවැත්වීමෙක් කොහොන් බවෙක් වේ ද, මේ සාමන්තජල්පනසඞ්ඛ්‍යාත කුහනවස්තුව යැයි කියනු ලැබේ.

යස‍්සිමානි තීණි කුහනවත්‍ථූනි පහීනානි සමුච‍්ඡින‍්නානි වූපසන‍්තානි පටිප‍්පස‍්සද‍්ධානි අභබ‍්බුප‍්පත‍්තිකානි ඤාණග‍්ගිනා දඩ‍්ඪානි, සො වුච‍්චති අකුහකොති - පතිලීනො අකුහකො.’

යමක්හු විසින් මේ තුන් කුහනවසුතූහු ප්‍රහීණ කරන ලද්දාහු... ඥානාග්නීන් දග්ධ වූවාහු ද, හේ ‘අකුහක’ යැයි කියනු ලැබේ නුයි ‘පතිලීනො අකුහකො’ යනු වේ.

අපිහාලු අමච‍්ඡරීති - ‘පිහා’ වුච‍්චති තණ‍්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං. යස‍්සෙසා පිහා තණ‍්හා පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪා, සො වුච‍්චති අපිහාලු; සො රූපෙ න පිහෙති. සද‍්දෙ ගන්‍ධෙ රසෙ ඵොට‍්ඨබ‍්බෙ, කුලං ගණං ආවාසං ලාභං යසං පසංසං සුඛං, චීවරං පිණ‍්ඩපාතං සෙනාසනං ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං කාමධාතුං රූපධාතුං අරූපධාතුං, කාමභවං රූපභවං අරූපභවං සඤ‍්ඤාභවං අසඤ‍්ඤාභවං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤාභවං එකවොකාරභවං චතුවොකාරභවං පඤ‍්චවොකාරභවං, අතීතං අනාගතං පච‍්චුප‍්පන‍්නං, දිට‍්ඨසුතමුතවිඤ‍්ඤාතබ‍්බෙ ධම‍්මෙ න පිහෙති න ඉච‍්ඡති න සාදියති න පත්‍ථෙති නාභිජප‍්පතීති - අපිහාලු; අමච‍්ඡරීති පඤ‍්ච මච‍්ඡරියානි: ආවාසමච‍්ඡරියං කුලමච‍්ඡරියං වණ‍්ණමච‍්ඡරියං ලාභමච‍්ඡරියං ධම‍්මමච‍්ඡරියං, යං එවරූපං මච‍්ඡරියං මච‍්ඡරායනා මච‍්ඡරායිතත‍්තං වෙවිච‍්ඡං කදරියං කටුකඤ‍්චුකතා අග‍්ගහිතත‍්තං චිත‍්තස‍්ස, ඉදං වුච‍්චති මච‍්ඡරියං. අපිච, ඛන්‍ධමච‍්ඡරියම‍්පි මච‍්ඡරියං, ධාතුමච‍්ඡරියම‍්පි මච‍්ඡරියං, ආයතනමච‍්ඡරියම‍්පි මච‍්ඡරියං, ගාහො, ඉදං වුච‍්චති මච‍්ඡරියං. යස‍්සෙතං මච‍්ඡරියං පහීනං සමුච‍්ඡින‍්නං වූපසන‍්තං පටිප‍්පස‍්සද‍්ධං අභබ‍්බුප‍්පත‍්තිකං ඤාණග‍්ගිනා දඩ‍්ඪං, සො වුච‍්චති අමච‍්ඡරීති - අපිහාලු අමච‍්ඡරී.

අපිහාලු අමච්ඡරී - ‘පිහා’යී තෘෂ්ණාව කියනු ලබයි. යම් රාගයෙක්... ලොභඅකුශලමූලයෙක් වේ ද එය යි. යමක්හු විසින් තෙල පිහාව තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී - නුවණගින්නෙන් දවන ලද්දී ද හේ ‘අපිහාලු’ යැයි කියනු ලැබෙයි. හෙතෙම රූපයන් නො කැමැති වෙයි. ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යයන් - කුලය - ගණයා - ආවාසය - ලාභය - යශස් - ප්‍රශංසා - සුඛය, චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලන්පසබෙහෙසත්පිරිකර, කාමධාතුව - රූප - අරූපධාතුව, කාමභවය - රූප - අරූප - සංඥා - අසංඥා - නෛවසංඥානාසංඥා - එකවොකාර - චතුවෝකාර - පඤ්චවෝකාරභවය, අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්නය, දෘෂ්ටශ්‍රැතමුතවිඥාතව්‍යධර්‍මයන් නො කැමැති වෙයි, නො රිසි වෙයි, නො ඉවසයි, නො පතයි, අභිජල්පනය නො කෙරේ නුයි ‘අපිහාලු’ යනු වේ. අමච්ඡරී ‘ආවාසමච්ඡරිය කුලමච්ඡරිය වණ්ණමච්ඡරිය ලාභමච්ඡරිය ධම්මමච්ඡරිය’යි මාත්සර්‍ය්‍ය පසෙක් වෙයි; මෙබඳු යම් මසුරුබවෙක් මසුරු කරන අයුරෙක් මසුරුකමින් යුත් බවෙක් (සම්පත්) සඟවනු කැමැතිබවෙක් තදමසුරුබවෙක් කටුකබැවින් සිත හැකිළීමෙක් සිත හාත්පසින් ගත්බවෙක් වේ ද, මේ ‘මච්ඡරිය’යී කියනු ලැබේ. තවද ස්කන්‍ධමාත්සර්‍ය්‍ය්‍ය ද ‘මච්ඡරිය’ යැ ධාතුමාත්සර්‍ය්‍යය ද - ආයතනමාත්සර්‍ය්‍යය ද ‘මච්ඡරිය’ යැ, ග්‍රාහයැ යන මේ ‘මච්ඡරිය’යී කියනු ලැබෙයි. යමක්හු විසින් තෙල මාත්සර්‍ය්‍යය ප්‍රහීණ කරන ලද ද... නුවණ ගින්නෙන් දවන ලද ද, ‘අමච්ඡරී’ යැයි කියනු ලැබේ නුයි ‘අපිහාලු අමච්ඡරී’ යනු වේ.

අප‍්පගබ‍්භො අජෙගුච‍්ඡොති - ‘පාගබ‍්භිය’න‍්ති තීණි පාගබ‍්භියානි: කායිකං පාගබ‍්භියං වාචසිකං පාගබ‍්භියං චෙතසිකං පාගබ‍්භියං. කතමං කායිකං පාගබ‍්භියං? ඉධෙකච‍්චො සඞ‍්ඝගතොපි කායිකං පාගබ‍්භියං දස‍්සෙති. ගණගතොපි කායිකං පාගබ‍්භියං දස‍්සෙති. භොජනසාලායම‍්පි කායිකං පාගබ‍්භියං දස‍්සෙති. ජන‍්තාඝරෙපි කායිකං පාගබ‍්භියං දස‍්සෙති. උදකතිත්‍ථෙපි කායිකං පාගබ‍්භියං දස‍්සෙති. අන‍්තරඝරං පවිසන‍්තොපි කායිකං පාගබ‍්භියං දස‍්සෙති. අන‍්තරඝරං පවිට‍්ඨොපි කායිකං පාගබ‍්භියං දස‍්සෙති.

අප්පගබ්භො අජෙගුච්ඡො - ‘පාගබ්භිය’ නම්: කායික ප්‍රාගල්භ්‍ය (-බුහුටිබව) යැ, වාචසික ප්‍රාගල්භ්‍ය යැ, චෛතසික ප්‍රාගල්භ්‍ය යැයි ප්‍රාගල්භ්‍යයෝ තිදෙනෙක් වෙති. කායික ප්‍රාගල්භ්‍ය කවරැ යත්? මෙහි කිසිවෙක් සඟමැදට පැමිණියේ ද කායිකප්‍රාගල්භ්‍ය (-නො සරුප් බුහුටිබව) දක්වයි, ගණමැදට ගියේද - භොජනශාලායෙහි දු - ගිනිහල්ගෙයි දු - දිය තොටෙහි දු - ඇතුළුගමට පිවිසෙනුයේ ද - ඇතුළුගමට පිවිසියේ ද - කායිකප්‍රගල්භතාව දක්වයි.

කථං සඞ‍්ඝගතො කායිකං පාගබ‍්භියං දස‍්සෙති? ඉධෙකච‍්චො සඞ‍්ඝගතො අචිත‍්තීකාරකතො ථෙරෙ භික‍්ඛූ ඝට‍්ටයන‍්තොපි තිට‍්ඨති. ඝට‍්ටයන‍්තොපි නිසීදති. පුරතොපි තිට‍්ඨති. පුරතොපි නිසීදති. උච‍්චෙපි ආසනෙ නිසීදති. සසීසං පාරුපිත්‍වාපි නිසීදති. ඨිතකොපි භණති. බාහාවික‍්ඛෙපකො පි භණති. එවං සඞ‍්ඝගතො කායිකං පාගබ‍්භියං දස‍්සෙති.

කෙසේ සඟමැදට පැමිණියේ කායික ප්‍රාගල්භ්‍යය දක්වා ද යත්? මෙහි එකෙක් සඟමැදට පැමිණියේ නො කළ බුහුමන් ඇතියේ ස්ථවිර භික්‍ෂූන් ගටමිනු දු සිටී, ගටමිනු දු හිඳී, ඉදිරියෙහි දු සිටී, ඉදිරියෙහි දු හිඳී, උසස්නෙහිදු හිඳී, හිස් වසා පෙරවැ හිඳී. සිට ද බෙණෙයි, අත සලසලා ද බෙණෙයි. මෙසේ සඟමැදට පැමිණියේ කායිකප්‍රාගල්භ්‍යය දක්වයි.

කථං ගණගතො කායිකං පාගබ‍්භියං දස‍්සෙති? ඉධෙකච‍්චො ගණගතො අචිත‍්තිකාරකතො ථෙරානං භික‍්ඛූනං අනුපාහනානං චඞ‍්කමන‍්තානං සඋපාහනො චඞ‍්කමති. නීචෙ චඞ‍්කමෙ චඞ‍්කමන‍්තානං උච‍්චෙ චඞ‍්කමෙ චඞ‍්කමති. ඡමාය චඞ‍්කමන‍්තානං චඞ‍්කමෙ චඞ‍්කමති, ඝට‍්ටයන‍්තොපි තිට‍්ඨති. ඝට‍්ටයන‍්තොපි නිසීදති. පුරතොපි තිට‍්ඨති. පුරතොපි නිසීදති. උච‍්චෙපි ආසනෙ නිසීදති. සසීසං පාරුපිත්‍වාපි නිසීදති. ඨිතකොපි භණති. බාහාවික‍්ඛෙපකොපි භණති. එවං ගණගතො කායිකං පාගබ‍්භියං දස‍්සෙති.

කෙසේ ගණමැදට පැමිණියේ කායිකප්‍රාගල්භ්‍යය දක්වාද යත්? මෙහි එකෙක් ගණමැදට පැමිණියේ බුහුමන් රහිත වූයේ ස්ථවිරභික්‍ෂූන් වහන් නැති වැ සක්මන් කරන කල්හි වහන් නැඟී සක්මන් කෙරෙයි, පහත් සක්මනැ සක්මන් කරන කල්හි උස් සක්මැන සක්මන් කෙරෙයි, බිමැ සක්මන් කරන කල්හි සක්මනෙහි සක්මන් කෙරෙයි, ගටමිනු දු සිටී, ගටමිනු දු හිඳී, ඉදිරියෙහි දු සිටී, ඉදිරියෙහි දු හිඳී, උසස්නෙහි දු හිඳී, හිස් වසා පෙරවැ හිඳී, සිට ද බෙණෙයි, අත සල සලා ද බෙණෙයි. මෙසේ ගණයා මැදට පැමිණියේ කායික වූ ප්‍රාගල්භ්‍යය (-නො සරුප් බුහුටිබව) දක්වයි.

කථං භොජනසාලායං කායිකං පාගබ‍්භියං දස‍්සෙති.? ඉධෙකච‍්චො භොජනසාලායං අචිත‍්තීකාරකතො ථෙරෙ භික‍්ඛූ අනුපඛජ‍්ජ නිසීදති. නවෙපි භික‍්ඛූ ආසනෙන පටිබාහති. ඝට‍්ටයන‍්තොපි තිට‍්ඨති. ඝට‍්ටයන‍්තොපි නිසීදති. පුරතොපි තිට‍්ඨති. පුරතොපි නිසීදති. උච‍්චෙපි ආසනෙ නිසීදති. සසීසං පාරුපිත්‍වාපි නිසීදති. ඨිතකොපි භණති. බාහාවික‍්ඛෙපකොපි භණති. එවං භොජනසාලායං කායිකං පාගබ‍්භියං දස‍්සෙති.

කෙසේ බොජුන්හල්හි කායික ප්‍රාගල්භ්‍යය දක්වා ද යත්? මෙහි එකෙක් බොජුන්හල්හි බුහුමන් රහිත වූයේ ස්ථවිර භික්‍ෂූන් හුන් තැනට වැද හිඳී. නවක භික්‍ෂූන් ද අස්නෙන් පිළිබහයි. ගැටෙමිනු දු සිටී. ගැටෙමිනු දු හිදී. ඉදිරියෙහි දු සිටී. ඉදිරියෙහි දු හිඳී. උසස්නෙහි දු හිඳී. හිස වසා පෙරවැ ගෙන ද හිඳී. සිට ද බෙණෙයි. අත සල සලා ද බෙණෙයි. මෙසේ බොජුන්හල්හි කායිකප්‍රාගල්භ්‍යය දක්වයි.

කථං ජන‍්තාඝරෙ කායිකං පාගබ‍්භියං දස‍්සෙති? ඉධෙකච‍්චො ජන‍්තාඝරෙ අචිත‍්තිකාරකතො ථෙරෙ භික‍්ඛූ ඝට‍්ටයන‍්තොපි තිට‍්ඨති ඝට‍්ටයන‍්තොපි නිසීදති. පුරතොපි තිට‍්ඨති. පුරතොපි නිසීදති. උච‍්චෙපි ආසනෙ නිසීදති. අනාපුච‍්ඡාපි කට‍්ඨං පක‍්ඛිපති. අනාපුච‍්ඡා පි ද‍්වාරං පිදහති. බාහාවික‍්ඛෙපකොපි භණති. එවං ජන‍්තාඝරෙ කායිකං පාගබ‍්භියං දස‍්සෙති.

කෙසේ ගිනිහල්ගෙයි කායිකප්‍රාගල්භ්‍යය දක්වා ද යත්? මෙහි එකෙක් ජන්තාඝරයෙහි බුහුමන් රහිත වූයේ ස්ථවිරභික්‍ෂූන් ගටමිනි දු සිටී... නො පිළිවිසැ දර හා බහාලයි. නො පිළිවිසැ දොර හා පියා ලයි. අත සල සලා ද බෙණෙයි. මෙසේ ජන්තාඝරයෙහි කායිකප්‍රාගල්භ්‍යය දක්වයි.

කථං උදකතිත්‍ථෙ කායිකං පාගබ‍්භියං දස‍්සෙති? ඉධෙකච‍්චො උදකතිත්‍ථෙ අචිත‍්තීකාරකතො ථෙරෙ භික‍්ඛූ ඝට‍්ටයන‍්තොපි ඔතරති. පුරතොපි ඔතරති. ඝට‍්ටයන‍්තොපි නහායති. පුරතොපි නහායති. උපරිතොපි නහායති. ඝට‍්ටයන‍්තොපි උත‍්තරති. පුරතොපි උත‍්තරති. උපරිතොපි උත‍්තරති. එවං උදකතිත්‍ථෙ කායිකං පාගබ‍්භියං දස‍්සෙති.

කෙසේ පැන්තොටැ කායිකප්‍රාගල්භ්‍යය දක්වා ද යත්? මෙහි එකෙක් පැන්තොට බුහුමන් රහිත වූයේ ස්ථවිරභික්‍ෂූන් ගටමිනු දු බසී. පෙරටුව ද බසී. ගටමිනු දු නහයි. ඉදිරියෙහි දු නහයි. උඩුගංහි දු නහයි. ගටමිනු දු නැඟෙයි, පෙරටුව ද නැඟෙයි, උඩිනු දු නැඟෙයි. මෙසේ පැන්තොටැ කායික ප්‍රගල්භ බව දක්වයි.

කථං අන‍්තරඝරං පවිසන‍්තො කායිකං පාගබ‍්භියං දස‍්සෙති? ඉධෙකච‍්චො අන‍්තරඝරං පවිසන‍්තො අචිත‍්තීකාරකතො ථෙරෙ භික‍්ඛූ ඝට‍්ටයන‍්තොපි ගච‍්ඡති. පුරතොපි ගච‍්ඡති. වොක‍්කම‍්මාපි ථෙරානං භික‍්ඛූනං පුරතො පුරතො ගච‍්ඡති. එවං අන‍්තරඝරං පවිසන‍්තොපි කායිකං පාගබ‍්භියං දස‍්සෙති.

කෙසේ ගොදුරුගමට වදනේ කායිකප්‍රාගල්භ්‍යය දක්වා ද යත්? මෙහි එකෙක් ගොදුරුගමට වදනේ නො කළ බුහුමන් ඇතියේ ස්ථවිරභික්‍ෂූන් ගටමිනු දු යෙයි. පෙරටුව ද යෙයි. ඉක්මවා ද ස්ථවිරභික්‍ෂූන්ට පෙරටු වැ යෙයි. මෙසේ ගොදුරුගමට පිවිසෙනුයේ ද කායිකප්‍රාගල්භ්‍යය දක්වයි.

කථං අන‍්තරඝරං පවිට‍්ඨො කායිකං පාගබ‍්භියං දස‍්සෙති? ඉධෙකච‍්චො අන‍්තරඝරං පවිට‍්ඨො ‘න පවිසථ භන‍්තෙ’ති වුච‍්චමානො පවිසති. ‘න තිට‍්ඨථ භන‍්තෙ’ති වුච‍්චමානො තිට‍්ඨති. ‘න නිසීදථ භන‍්තෙ’ති වුච‍්චමානො නිසීදති. අනොකාසම‍්පි පවිසති. අනොකාසෙපි තිට‍්ඨති. අනොකාසෙපි නිසීදති. යානි තානිපි හොන‍්ති කුලානං ඔවරකානි ගූළ‍්හානි ච පටිච‍්ඡන‍්නානි ච, යත්‍ථ කුලිත්‍ථියො කුලධීතරො කුලසුණ‍්හායො කුලකුමාරිකායො නිසීදන‍්ති, තත්‍ථපි සහසා පවිසති. කුමාරකස‍්සපි සිරං පරාමසති. එවං අන‍්තරඝරං පවිට‍්ඨො කායිකං පාගබ‍්භියං දස‍්සෙති.

කෙසේ ඇතුළුගමට පිවිසියේ කායිකප්‍රාගල්භ්‍යය දක්වා ද යත්? මෙහි එකෙක් ඇතුළුගමට පිවිසියේ ‘නො පිවිසෙන්න වහන්සැ’යි කියනු ලබන්නේ පිවිසෙයි. ‘නො සිටින්න වහන්සැ’යි කියනු ලබන්නේ සිටී. ‘නො හිඳින්න වහන්සැ’යි කියනු ලබන්නේ හිඳී. අනවකාශයට ද පිවිසෙයි, අනවකාශයෙහි දු සිටී, අනවකාශයෙහි දු හිඳී, කුලවැස්සන්ගේ (පියවින්) මුවහවූ ද (තිරආදියෙන්) මුවහකළා වූ ද කුලස්ත්‍රීන් කුලදුහිතෲන් කුලසුණ්හාවන් හිඳිනා යම් ඔවරක (-ඇතුළුගබඩා) වෙත් නම් එහි දු ලාහෙලා පිවිසෙයි. කුමරුන් හිස ද පිරිමදී. මෙසේ ඇතුළුගමට පිවිසියේ කායිකප්‍රාගල්භ්‍යය දක්වයි.

කතමං වාචසිකං පාගබ‍්භියං? ඉධෙකච‍්චො සඞ‍්ඝගතොපි වාචසිකං පාගබ‍්භියං දස‍්සෙති. ගණගතොපි වාචසිකං පාගබ‍්භියං දස‍්සෙති. අන‍්තරඝරං පවිට‍්ඨොපි වාචසිකං පාගබ‍්භියං දස‍්සෙති.

වාචසික ප්‍රාගල්භ්‍යය කවර යත්? මෙහි එකෙක සඟමැදට ගියේ ද - ගණ මැදට ගියේ ද - ඇතුළුගමට පිවිසියේ ද වාචසිකප්‍රාගල්භ්‍යය දක්වයි:

කථං සඞ‍්ඝගතොපි වාචසිකං පාගබ‍්භියං දස‍්සෙති? ඉධෙකච‍්චො සඞ‍්ඝගතො අචිත‍්තීකාරකතො ථෙරෙ භික‍්ඛූ අනාපුච‍්ඡා වා අනජ‍්ඣිට‍්ඨො වා ධම‍්මං භණති. පඤ‍්හං විස‍්සජ‍්ජෙති පාතිමොක‍්ඛං උද‍්දිසති. ඨිතකොපි භණති. බාහාවික‍්ඛෙපකොපි භණති. එවං සඞ‍්ඝගතො වාචසිකං පාගබ‍්භියං දස‍්සෙති.

කෙසේ සඟමැදට ගියේ වාචසික ප්‍රාගල්භ්‍යය දක්වා ද යත්? මෙහි එකෙක් සඟමැදට ගියේ නො කළ බුහුමන් ඇතියේ ස්ථවිරභික්‍ෂූන් නො පිළිවිසැ හෝ නො ඇණවන ලද වැ හෝ බණ කියයි. පැන විසඳයි. පාමොක් උදෙසයි. සිටියේ ද බෙණෙයි. අත සල සලා ද බෙණෙයි. මෙසේ සඟමැදට ගියේ වාචසිකප්‍රාගල්භ්‍යය දක්වයි.

කථං ගණගතො වාචසිකං පාගබ‍්භියං දස‍්සෙති? ඉධෙකච‍්චො ගණගතො අචිත‍්තිකාරකතො ථෙරෙ භික‍්ඛූ අනාපුච‍්ඡා වා අනජ‍්ඣිට‍්ඨො වා ආරාමගතානං භික‍්ඛූනං ධම‍්මං භණති. පඤ‍්හං විස‍්සජ‍්ජෙති. ඨිතකොපි භණති. බාහාවික‍්ඛෙපකොපි භණති. ආරාමගතානං භික‍්ඛුනීනං උපාසකානං උපාසිකානං ධම‍්මං භණති. පඤ‍්හං විස‍්සජ‍්ජෙති. ඨිතකොපි භණති. බාහාවික‍්ඛෙපකොපි භණති. එවං ගණගතො වාචසිකං පාගබ‍්භියං දස‍්සෙති.

කෙසේ ගණමැදට ගියේ වාචසිකප්‍රාගල්භ්‍යය දක්වා ද යත්? මෙහි එකෙක් ගණමැදට ගියේ නො කළ බුහුමන් ඇතියේ ස්ථවිරභික්‍ෂූන් නො පිළිවිසැ හෝ නො පවරන ලදුයේ හෝ අරමට වන් මහණුන්ට බණ කියයි, පැන විසඳයි, සිටියේ ද බෙණෙයි, අත සල සලා ද බෙණෙයි, අරමට වන් මෙහෙණනට - උවසුවනට - උවැසියනට බණ කියයි, පැන විසඳයි, සිටියේ ද බෙණෙයි. අත සල සලා ද බෙණෙයි. මෙසේ ගණමැදට ගියේ වාචසිකප්‍රාගල්භ්‍යය දක්වයි.

කථං අන‍්තරඝරං පවිට‍්ඨො වාචසිකං පාගබ‍්භියං දස‍්සෙති? ඉධෙකච‍්චො අන‍්තරඝරං පවිට‍්ඨො ඉත්‍ථිං වා කුමාරිං වා එවමාහ: ‘ඉත්‍ථංනාමෙ, ඉත්‍ථංගොත‍්තෙ, කිං අත්‍ථි? යාගු අත්‍ථි? භත‍්තං අත්‍ථි? ඛාදනීයං අත්‍ථි? කිං පිවිස‍්සාම? කිං භුඤ‍්ජිස‍්සාම? කිං ඛාදිස‍්සාම,? කිං වා අත්‍ථි,? කිං වා මෙ දස‍්සථා’ති විප‍්පලපති. එවං අන‍්තරඝරං පවිට‍්ඨො වාචසිකං පාගබ‍්භියං දස‍්සෙති. ඉදං වාචසිකං පාගබ‍්භියං.

කෙසේ ඇතුළුගමට පිවිසියේ වාචසිකප්‍රාගල්භ්‍යය දක්වා ද යත්? මෙහි එකෙක් ගොදුරුගමට පිවිසියේ ස්ත්‍රියකට හෝ කුමරියකට හෝ මෙසේ කියයි: ‘මෙ නම් ඇත්තිය, මෙ ගොත් ඇත්තිය, කුමක් ඇද්ද? කැඳ ඇත් ද, බත් ඇත් ද? කෑයුතු ඇත් ද? කුමක් බොන්නමෝ ද? කුමක් වළඳන්නමෝ ද? කුමක් කන්නමෝ ද? කුමක් හෝ ඇද්ද? කුමක් හෝ මට දෙවු දැ’යි නන් දොඩයි; මෙසේ අන්තරඝරයට පිවිසියේ වාචසික ප්‍රාගල්භ්‍යය දක්වයි. මේ වාචසිකප්‍රාගල්භ්‍යය යි.

කතමං චෙතසිකං පාගබ‍්භියං? ඉධෙකච‍්චො න උච‍්චාකුලා පබ‍්බජිතො සමානො උච‍්චාකුලා පබ‍්බජිතෙන සද‍්ධිං සදිසං අත‍්තානං දහති චිත‍්තෙන. න මහාකුලා පබ‍්බජිතො සමානො මහාකුලා පබ‍්බජිතෙන සද‍්ධිං සදිසං අත‍්තානං දහති චිත‍්තෙන, න මහාභොගකුලා පබ‍්බජිතො සමානො මහාභොගකුලා පබ‍්බජිතෙන සද‍්ධිං සදිසං අත‍්තානං දහති චිත‍්තෙන, න උළාරභොගකුලා පබ‍්බජිතො සමානො - න සුත‍්තන‍්තිකො සමානො සුත‍්තන‍්තිකෙන සද‍්ධිං සදිසං අත‍්තානං දහති චිත‍්තෙන. න විනයධරො සමානො - න ධම‍්මකථිකො සමානො - න ආරඤ‍්ඤිකො සමානො - න පිණ‍්ඩපාතිකො සමානො - න පංසුකූලිකො සමානො - න තෙචීවරිකො සමානො - න සපදානචාරිකො සමානො - න ඛලුපච‍්ඡාභත‍්තිකො සමානො - න නෙසජ‍්ජිකො සමානො - න යථාසන්‍ථතිකො සමානො - න පඨමස‍්ස ඣානස‍්ස ලාභී සමානො පඨමස‍්ස ඣානස‍්ස ලාභිනා සද‍්ධිං සදිසං අත‍්තානං දහති චිත‍්තෙන. -පෙ- න නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තියා ලාභී සමානො - නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තියා ලාභිනා සද‍්ධිං සදිසං අත‍්තානං දහති චිත‍්තෙන. ඉදං චෙතසිකං පාගබ‍්භියං.

චෛතසීකප්‍රාගල්භ්‍යය කවරේ ද යත්? මෙහි එකෙක් උසස් නො වූ කුලයෙන් නික්මැ පැවිදි වූයේ උසස් කුලයෙන් පැවිදිවූවකු හා තමා සම කොට සිතින් දහයි, නො මහත්කුලයෙන් නික්මැ පැවිදි වූයේ... නො මහත් භොග ඇති කුලයෙන් නික්මැ පැවිදි වූයේ... උදාරභොගවත් නො වූ කුලයෙන් නික්මැ පැවිදි වූයේ... සෞත්‍රාන්තිකයකු හා තමා සදෘශ කොට සිතින් දහයි, විනයධර නො වූයේ - ධර්‍මකථික නො වූයේ - ආරණ්‍යක නො වූයේ - පිණ්ඩපාතික නො වූයේ - පංසුකූලික නො වූයේ - තෙචීවරික නො වූයේ - සපදානචාරික නො වූයේ - ඛලුපච්ඡාභත්තික නො වූයේ - නෙසජ්ජික නො වූයේ - යථාසන්‍ථතික නො වූයේ - ප්‍රථමධ්‍යානලාභී නො වූයේ - ප්‍රථමධ්‍යානලාභියකු හා තමා සදෘශ කොට සිතින් දහයි,... නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිලාභී නො වූයේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිලාභියකු හා තමා සදෘශ කොට සිතින් දහයි. මේ චෛතසීකප්‍රාගල්භ්‍යය යි.

යස‍්සිමානි තීණි පාගබ‍්භියානි පහීනානි සමුච‍්ඡින‍්නානි වුපසන‍්තානි. පටිප‍්පස‍්සද‍්ධානි අභබ‍්බුප‍්පත‍්තිකානි ඤාණග‍්ගිනා දඩ‍්ඪානි, සො වුච‍්චති අප‍්පගබ‍්භොති - ‘අප‍්පගබ‍්භො.’

යමක්හු විසින් මේ ත්‍රිවිධ ප්‍රගල්භභාවයෝ ප්‍රහීණ කරන ලද්දාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුවන ලද්දාහු දුරලන ලද්දාහු අභව්‍යොත්පත්තික වූවාහු ඥානාග්නීන් දග්ධ වූවාහු ද හේ අප්‍රගල්භ යයි කියනු ලැබේ නුයි ‘අප්පගබ්භො’ යනු වේ.

අජෙගුච‍්ඡොති - අත්‍ථි පුග‍්ගලො ජෙගුච‍්ඡො. අත්‍ථි අජෙගුච‍්ඡො. කතමො ච පුග‍්ගලො ජෙගුච‍්ඡො? ඉධෙකච‍්චො පුග‍්ගලො දුස‍්සීලො හොති පාපධම‍්මො අසුචිසඞ‍්කස‍්සරසමාචාරො පටිච‍්ඡන‍්නකම‍්මන‍්තො අස‍්සමණො සමණපටිඤ‍්ඤො අබ්‍රහ‍්මචාරී බ්‍රහ‍්මචාරී පටිඤ‍්ඤො අන‍්තොපූති අවස‍්සුතො කසම‍්බුජාතො. අයං වුච‍්චති පුග‍්ගලො ජෙගුච‍්ඡො. අථවා, කොධනො හොති උපායාසබහුලො අප‍්පම‍්පි වුත‍්තො සමානො අභිසජ‍්ජති කුප‍්පති ව්‍යාපජ‍්ජති පතිත්‍ථියති, කොපඤ‍්ච දොසඤ‍්ච අප‍්පච‍්චයඤ‍්ච පාතුකරොති. අයං වුච‍්චති පුග‍්ගලො ජෙගුච‍්ඡො. අථවා, කොධනො හොති උපනාහී, මක‍්ඛී හොති පළාසී, ඉස‍්සුකී හොති මච‍්ඡරී, සඨො හොති මායාවී, ථද‍්ධො හොති අතිමානී, පාපිච‍්ඡො හොති මිච‍්ඡාදිට‍්ඨි, සන්‍දිට‍්ඨිපරාමාසී හොති ආධානගාහී දුප‍්පටිනිස‍්සග‍්ගී; අයං වුච‍්චති පුග‍්ගලො ජෙගුච‍්ඡො.

අජෙගුච්ඡො - ජුගුප්සා (-පිළිකුල්) කටයුතු පුද්ගලයෙක් ඇත, ජුගුප්සා නො කටයුතු පුද්ගලයෙක් ඇත. ජුගුප්සා කටයුතු පුද්ගලයා කවරේ ද යත්? මෙහි එක් පුද්ගලයෙක් දුශ්ශීල වෙයි, ලාමකස්වභාව ඇතියේ අපවිත්‍ර වූ සැකයෙන් සිහි කළයුතු හැසිරීම් ඇතියේ සැඟ වූ කායවාක්කර්‍ම ඇතියේ අශ්‍රමණ වූයේ ‘ශ්‍රමණයෙමී’ ප්‍රතිඥා ඇත්තේ අබ්‍රහ්මචාරී වූයේ ‘බ්‍රහ්මචාරී වෙමී’ ප්‍රතිඥා ඇත්තේ (කුසල් නැතියෙන්) ඇතුළත කුණු වූයේ රාගයෙන් තෙත් වූයේ කසළ වැනි වූයේ වේ. මේ පුද්ගල තෙම ජුගුප්සා කට යුත්තේ යයි කියනු ලැබේ. නොහොත් කිපෙන සුලු වූයේ උපායාස බහුල කොට ඇත්තේ වෙයි, මඳකුදු කියන ලදුයේ ලැගෙයි කිපෙයි ප්‍රකෘතිය හරී තදබවට පැමිණෙයි කොපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරෙයි. මේ පුද්ගල තෙමේ ජුගුප්සා කටයුතු වෙයි. නොහොත් කිපෙන සුලු වූයේ බද්ධවෛර ඇත්තේ වෙයි, මකු වූයේ යුගග්‍රාහ ඇත්තේ වෙයි, ඊර්‍ෂ්‍යා කරනුයේ මසුරු වූයේ වෙයි, ශඪ (-කෛරාටික) වූයේ මායා ඇත්තේ වෙයි, තද වූයේ අධිකමාන ඇත්තේ වෙයි, පාපේච්ඡ වූයේ මිත්‍ථ්‍යාදෘෂ්ටි ඇත්තේ වෙයි, ස්වදෘෂ්ටිය පරාමර්‍ශ කරනුයේ දැඩි ව ගන්නේ දුර ලන්නට නො හැකි වූයේ වේ. මේ පුද්ගල තෙමේ ජුගුප්සිතව්‍ය යැයි කියනු ලැබේ.

කතමො ච පුග‍්ගලො අජෙගුච‍්ඡො? ඉධ භික‍්ඛු සීලවා හොති, පාතිමොක‍්ඛසංවරසංවුතො විහරති, ආචාරගොචරසම‍්පන‍්නො අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවී, සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු. අයං වුච‍්චති පුග‍්ගලො අජෙගුච‍්ඡො. අථවා, අක‍්කොධනො හොති අනුපායාසබහුලො, බහුම‍්පි වුත‍්තො සමානො නාභිසජ‍්ජති න කුප‍්පති න ව්‍යාපජ‍්ජති න පතිත්‍ථියති, න කොපඤ‍්ච දොසඤ‍්ච අප‍්පච‍්චයඤ‍්ච පාතුකරොති. අයං වුච‍්චති පුග‍්ගලො අජෙගුච‍්ඡො. අථවා, අක‍්කොධනො හොති අනුපනාහී, අමක‍්ඛී හොති අපළාසී, අනුස‍්සුකී හොති අමච‍්ඡරී, අසඨො හොති අමායාවී, අථද‍්ධො හොති අනතිමානී, න පාපිච‍්ඡො හොති, න මිච‍්ඡාදිට‍්ඨි, අසන්‍දිට‍්ඨිපරාමාසී හොති අනාධානගාහී සුප‍්පටිනිස‍්සග‍්ගී. අයං වුච‍්චති පුග‍්ගලො අජෙගුච‍්ඡො. සබ‍්බෙ බාලපුථුජ‍්ජනා ජෙගුච‍්ඡා. පුථුජ‍්ජනකල්‍යාණකං උපාදාය අට‍්ඨ අරියපුග‍්ගලා අජෙගුච‍්ඡාති - අප‍්පගබ‍්භො අජෙගුච‍්ඡො.

කවර පුද්ගලයෙක් ජුගුප්සා නො කටයුත්තේ වේ ද යත්? මේ සස්නෙහි මහණ තෙමේ සිල් ඇත්තේ වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවර වූයේ වෙසෙයි, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වූයේ අණු මාත්‍ර වූ වරදෙහි දු භය දක්නේ මොනොවට ගෙන ශික්‍ෂා කොටසෙහි හික්මෙයි; මේ පුද්ගල තෙමේ ජුගුප්සා නො කටයුතු යැයි කියනු ලැබේ. නොහොත් නො කිපෙන සුලු වූයේ උපායාස බහුල කොට නැත්තේ වෙයි, බොහෝ කොට ද කියන ලදුයේ නො ඇලෙයි, නො කිපෙයි, ප්‍රකෘතිය නො හරී, තදබවට නො පැමිණෙයි, කෝපය ත් ද්වේෂය ත් නො සතුට ත් නො පහළ කෙරෙයි. මේ පුද්ගල තෙම ජුගුප්සා නො කටයුතු යැයි කියනු ලැබේ. නොහොත් නො කිපෙනසුලු වූයේ බද්ධවෛර නැත්තේ වෙයි, නො මකු වූයේ යුගග්‍රාහ නැත්තේ වෙයි, ඊර්‍ෂ්‍යා නැත්තේ නො මසුරු වෙයි, ශඨ නො වූයේ මාහා රහිත වෙයි, නො තද වූයේ අතිමාන රහිත වෙයි, ලාමක ආශා රහිත වූයේ මිත්‍ථ්‍යාදෘෂ්ටි නැත්තේ වෙයි, ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශ නො කරනුයේ දැඩි කොට නො ගන්නේ සුවසේ දුරැලියැ හැක්කේ වෙයි; මේ පුද්ගල තෙමේ අජුගුප්සිතව්‍ය යයි කියනු ලැබේ. සියලු මැ බාලපෘථග්ජනයෝ ජුගුප්සා කට යුත්තෝ යැ කල්‍යාණපෘථග්ජනයා පටන් අෂ්ටාර්‍ය්‍යපුද්ගලයෝ ජුගුප්සා නො කටයුත්තාහු නුයි ‘අප්පගබ්භො අජෙගුච්ඡො’ යනු වේ.

පෙසුනෙය්‍යෙ ච නො යුතොති - ‘පෙසුඤ‍්ඤ’න‍්ති ඉධෙකච‍්චො පිසුනවාචො හොති: ඉතො සුත්‍වා අමුත්‍ර අක‍්ඛාතා ඉමෙසං භෙදාය; අමුත්‍ර වා සුත්‍වා ඉමෙසං අක‍්ඛාතා අමූසං භෙදාය; ඉති සමග‍්ගානං වා භෙත‍්තා භින‍්නානං වා අනුප‍්පදාතා වග‍්ගාරාමො වග‍්ගරතො, වග‍්ගනන්‍දී වග‍්ගකරණිං වාචං භාසිතා හොති. ඉදං වුච‍්චති පෙසුඤ‍්ඤං.

පෙසුනෙය්‍යෙ ච නො යුතො - ‘පෙසුඤ්ඤ’ නම්: මෙහි එකෙක් පිසුනු බස් කියන්නේ වෙයි: මෙ තැනින් අසා මුන්ගේ බිඳුමට එතැන කියන්නේ වෙයි, එතැනින් හෝ අසා අරුන්ගේ බිඳීමට මුන්ට කියන්නේ වෙයි, මෙසේ සමහවූවන් හෝ බිඳිනුයේ භෙදවූවන් හෝ දැඩි කරනුයේ වර්‍ග වීමෙහි ඇලුණේ වර්‍ග වූවන් කෙරෙහි රුචි ඇත්තේ වර්‍ග වූවන්ට සතුටු වනුයේ වර්‍ග කරන බස් කියන්නේ වෙයි; මේ පෛශුන්‍ය යයි කියනු ලැබේ.

අපිච, ද‍්වීහි කාරණෙහි පෙසුඤ‍්ඤං උපසංහරති: පියකම්‍යතාය වා භෙදාධිප‍්පායො වා. කථං පියකම්‍යතාය පෙසුඤ‍්ඤං උපසංහරති? ‘ඉමස‍්ස පියො භවිස‍්සාමි, මනාපො භවිස‍්සාමි, විස‍්සාසිකො භවිස‍්සාමි, අබ‍්භන‍්තරිකො භවිස‍්සාමි, සුහදයො භවිස‍්සාමී’ති එවං පියකම්‍යතාය පෙසුඤ‍්ඤං උපසංහරති. කථං භෙදාධිප‍්පායො පෙසුඤ‍්ඤං උපසංහරති? ‘කථං ඉමෙ නානා අස‍්සු, විනා අස‍්සු, වග‍්ගා අස‍්සු, ද‍්වෙධා අස‍්සු, ද‍්වෙජ‍්ඣා අස‍්සු, ද‍්වෙ පක‍්ඛා අස‍්සු, භිජ‍්ජෙය්‍යුං න සමාගච‍්ඡෙය්‍යුං, දුක‍්ඛං අඵාසුං විහරෙය්‍යු’න‍්ති එවං භෙදාධිප‍්පායො පෙසුඤ‍්ඤං උපසංහරති. යස‍්සෙතං පෙසුඤ‍්ඤං පහීනං සමුච‍්ඡින‍්නං වූපසන‍්තං පටිප‍්පස‍්සද‍්ධං අභබ‍්බුප‍්පත‍්තිකං ඤාණග‍්ගිනා දඩ‍්ඪං, සො පෙසුඤ‍්ඤෙ නො යුතො න යුත‍්තො නප‍්පයුත‍්තො න සමායුත‍්තොති - ‘පෙසුනෙය්‍යෙ ච යො යුතො.’

තවද දෙකරුණෙකින් පිසුනු එළවා කියයි: ප්‍රියකාම්‍යතායෙන් හෝ භෙදාධිප්‍රාය ඇති වැ හෝ යැ. කෙසේ ප්‍රිය කැමැති බැවින් පිසුනු කියා ද යත්? මොහුට ප්‍රිය වන්නෙමි, මනාප වන්නෙමි, විස්වැසි වන්නෙමි, ආභ්‍යන්තරික වන්නෙමි, සුහෘද් වන්නෙමී’ මෙසේ ප්‍රියකාම්‍යතායෙන් පිසුනු බස් කියයි. කෙසේ භෙදාධිප්‍රායයෙන් පිසුනුබස් කියා ද යත්? මොහු කෙසේ නම් නානා වන්නාහු ද? වෙන් වන්නාහු ද? වර්‍ග වන්නාහු ද? දෙපරිදි වන්නාහු ද? දෙකඩ වන්නාහු ද? දෙ පක්‍ෂ වන්නාහු ද? බිඳෙන්නාහු නො එක්වන්නාහු ද? දුකසේ නො සුවයෙන් වෙසෙන්නාහු දැ’යි මෙසේ භේද කරන අදහස් ඇති වැ පිසුනු කියයි. යමක්හු විසින් තෙල පෛශුන්‍යය ප්‍රහීණ ද සමුච්ඡින්න ද සන්හිඳුවන ලද ද, දුරලන ලද ද, අභව්‍යොත්පත්තික ද ඥානාග්නීන් දග්ධ ද, හෙතෙම පෛශුන්‍යයෙහි නො යෙදුණේ අතිශයින් නො යෙදුණේ සංයුක්ත නො වූයේ නුයි ‘පෙසුනෙය්‍යෙ ච නො යුතො’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“පතිලීනො අකුහකො අපිහාලු අමච‍්ඡරී, අප‍්පගබ‍්භො අජෙගුච‍්ඡො පෙසුනෙය්‍යෙ ච නො යුතො’ති.

“පතිලීනො අකුහකො -පෙ- පෙසුනෙය්‍යෙ ච නො යුතො” යී.