යෙදුමෙන් කියවන්න

10. 4

10. 4.

10. 4.

නිරාසත‍්ති අනාගතෙ අතීතං නානුසොචති, විවෙකදස‍්සී ඵස‍්සෙසු දිට‍්ඨීසු ච න නීයති.

යමෙක් අනාගතයෙහි තෘෂ්ණා රහිත වේ ද, ඉක්මැගිය දැයට ශෝක නො කෙරේ ද, වර්‍තමාන චක්ඛුසම්ඵස්සාදියෙහි ආත්මාදිභාවවිවේකය දකී ද, දෙසැට දිටු අතුරෙන් කිසි දෘෂ්ටියකින් නො පමුණුවනු ලැබේ ද, (ඔහු උපශාන්ත යයි කියමි.)

නිරාසත‍්ති අනාගතෙති ‘ආසත‍්ති’ වුච‍්චති තණ‍්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං, යස‍්සෙසා ආසත‍්ති තණ‍්හා පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪාති. එවම‍්පි - ‘නිරාසත‍්ති අනාගතෙ. ‘අථවා, එවංරූපො සියං අනාගතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං න සමන‍්නානෙති, එවංවෙදනො සියං - එවංසඤ‍්ඤො සියං - එවංසඞ‍්ඛාරො සියං - එවං විඤ‍්ඤාණො සියං අනාගතමද‍්ධානන‍්ති තත්‍ථ නන්‍දිං න සමන‍්නානෙති, එවම‍්පි නිරාසත‍්ති අනාගතෙ; අථවා, ‘ඉති මෙ චක‍්ඛුං සියා අනාගතමද‍්ධානං, ඉති රූපා’ති අප‍්පටිලද‍්ධස‍්ස පටිලාභාය චිත‍්තං න පණිදහති, චෙතසො අප‍්පණිධානප‍්පච‍්චයා න තදභිනන්‍දති, න තදභිනන්‍දන‍්තො එවම‍්පි නිරාසත‍්ති අනාගතෙ; ‘ඉති මෙ සොතං සියා අනාගතමද‍්ධානං, ඉති සද‍්දා’ති -පෙ- ‘ඉති මෙ මනො සියා අනාගතමද‍්ධානං, ඉති ධම‍්මා’ති අප‍්පටිලද‍්ධස‍්ස පටිලාභාය චිත‍්තං න පණිදහති; චෙතසො අප‍්පණිධානප‍්පච‍්චයා න තදභිනන්‍දති; න තදභිනන්‍දන‍්තො; එවම‍්පි - නිරාසත‍්ති අනාගතෙ; අථවා ‘ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍රහ‍්මචරියෙන වා දෙවො වා භවිස‍්සාමි දෙවඤ‍්ඤතරො වා’ති අප‍්පටිලද‍්ධස‍්ස පටිලාභාය චිත‍්තං න පණිදහති; අප‍්පණිධානප‍්පච‍්චයා න තදභිනන්‍දති, න තදභිනන්‍දන‍්තො එවම‍්පි - ‘නිරාසත‍්ති අනාගතෙ.’

නිරාසන්ති අනාගතෙ - ‘ආසත්ති’යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක්... අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි; යමක්හු විසින් මේ ආසත්ති සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී සමුච්ඡින්න වූවා සන්හිඳුවන ලද්දී දුරලන ලද්දී උපතට නුසුදුසු වූවා නුවණගින්නෙන් දවන ලද්දී ද, මෙසේ ත් - ‘නිරාසත්ති අනාගතෙ’ යනු වේ. නොහොත් ‘අනාගතයෙහි මෙබඳු රූ ඇති වෙම්ව’යි එහි තෘෂ්ණාව නො එළවයි, ‘මෙබඳු වේදනා ඇති වෙම්ව’යි - සංඥා - සංස්කාර - විඥාන ඇති වෙම්ව’යි එහි තෘෂ්ණාව නො එළවයි, මෙසේ ත් - ‘නිරාසත්ති අනාගතෙ’ යනු වේ. නොහොත් ‘අනාගතයෙහි මෙසේ මාගේ චක්‍ෂුඃප්‍රසාදය වන්නේය, මෙසේ රූපයෝ වන්නාහ’යි නො ලද්දහුගේ ලැබීමට සිත නො පිහිටුවයි, සිත පිළිබඳ ප්‍රාර්‍ත්‍ථනා නො තබන හෙයින් ඊට සතුටු නො වෙයි, ඊට සතුටු නො වන්නේ මෙසේ ත් - ‘නිරාසත්ති අනාගතෙ’ යනු වේ. ‘අනාගතයෙහි මාගේ ශ්‍රෝතප්‍රසාදය මෙසේ වන්නේය, ශබ්දයෝ මෙසේ වන්නාහ’යි... අනාගතයෙහි මා ගේ භවාඞ්ගමනස මෙසේ වන්නේය, ත්‍රෛභූමකධර්‍මාලම්බනයෝ මෙසේ වන්නාහ’යි නො ලද්දහු ගේ ලැබීමට සිත නො පිහිටුවයි, චිත්තයා ගේ ප්‍රාර්‍ත්‍ථනා නැති බැවින් ඊට නො කැමැති වෙයි, ඊට නො කැමැති වන්නේ මෙසේ ත් - ‘නිරාසත්ති අනාගතෙ’ යනු වේ. නොහොත් ‘මම් මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්‍ය්‍යයෙන් හෝ දෙවියෙක් හෝ දේවාන්‍යතරයෙක් හෝ වන්නෙමී’ නො ලද්දහු ගේ ලැබීමට චිත්තප්‍රණිධිය නො පිහිටුවයි, චිත්තප්‍රණිධි නො තබන හෙයින් ඊට සතුටු නො වෙයි, ඊට සතුටු නො වන්නේ මෙසේත් - ‘නිරාසත්ති අනාගතෙ’ යනු වේ.

අතීතං නානුසොචතීති - විපරිණතං වා වත්‍ථුං න සොචති, විපරිණතස‍්මිං වා වත්‍ථුස‍්මිං න සොචති; චක‍්ඛුං මෙ විපරිණතන‍්ති න සොචති, සොතං මෙ - ඝානං මෙ - ජිව‍්හා මෙ - කායො මෙ - රූපා මෙ - සද‍්දා මෙ - ගන්‍ධා මෙ - රසා මෙ - ඵොට‍්ඨබ‍්බා මෙ - කුලං මෙ - ගණො මෙ - ආවාසො මෙ - ලාභො මෙ - යසො මෙ - පසංසා මෙ - සුඛං මෙ - චීවරං මෙ - පිණ‍්ඩපාතො මෙ - සෙනාසනං මෙ - ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරො මෙ - මාතා මෙ - පිතා මෙ - භාතා මෙ - භගිනී මෙ - පුත‍්තො මෙ - ධීතා මෙ - මිත‍්තා මෙ - අමච‍්චා මෙ - ඤාතකා මෙ - සාලොහිතා මෙ විපරිණතාති න සොචති. න කිලමති. න පරිදෙවති. න උරත‍්තාළිං කන්‍දති. න සම‍්මොහං ආපජ‍්ජතීති - ‘අතීතං නානුසොචති. ‘

අතීතං නානුසොචති - නැසුණු වස්තුවට හෝ ශෝක නො කෙරෙයි, වස්තුව නැසෙන කල්හි හෝ ශෝක නො කෙරෙයි, ‘මා ගේ ඇස නැසිණැ’යි ශෝක නො කෙරෙයි, කන - නැහැය - දිව - කය - රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය - මාගේ කුලය - ගණයා - ආවාසය - ලාභ - යශස් - ප්‍රශංසා - සුඛ - චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාර - මව - පියා - සහෝදරයා - සහෝදරිය - පුතා - දුව - මිත්‍රයෝ - සහායයෝ - නෑයෝ - සහලේනෑයෝ නැසුණාහ’යි ශෝක නො කරයි, නො වෙහෙසෙයි, නො හඬයි, සම්මෝහයට නො පැමිණේ නුයි ‘අතීතං නානුසොචති’ යනු වේ.

විවෙකදස‍්සී ඵස‍්සෙසූති - ‘ඵස‍්සො’ති චක‍්ඛුසම‍්ඵස‍්සො සොතසම‍්ඵස‍්සො ඝානසම‍්ඵස‍්සො ජිව‍්හාසම‍්ඵස‍්සො කායසම‍්ඵස‍්සො මනොසම‍්ඵස‍්සො අධිවචනසම‍්ඵස‍්සො පටිඝසම‍්ඵස‍්සො සුඛවෙදනීයො ඵස‍්සො දුක‍්ඛවෙදනීයො ඵස‍්සො අදුක‍්ඛමසුඛවෙදනීයො ඵස‍්සො. කුසලො ඵස‍්සො අකුසලො ඵස‍්සො අබ්‍යාකතො ඵස‍්සො කාමාවචරො ඵස‍්සො රූපාවචරො ඵස‍්සො අරූපාවචරො ඵස‍්සො සුඤ‍්ඤතො ඵස‍්සො අනිමිත‍්තො ඵස‍්සො අප‍්පණිහිතො ඵස‍්සො ලොකියො ඵස‍්සො ලොකුත‍්තරො ඵස‍්සො අතීතො ඵස‍්සො අනාගතො ඵස‍්සො පච‍්චුප‍්පන‍්නො ඵස‍්සො, යො එවරූපො ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා සම‍්ඵුසිතත‍්තං. අයං වුච‍්චති ඵස‍්සො.

විවේකදස්සී ඵස්සෙසු - ‘ඵස්ස’ නම්: චක්‍ෂුර්වඥානසහජාත ස්පර්‍ශය ශ්‍රෝත - ඝ්‍රාණ - ජිහ්වා - කාය - මනොවිඥානසහජාත ස්පර්‍ශය අධිවචන (-මනෝද්වාරික) ස්පර්‍ශය ප්‍රතිඝ(-පඤ්චද්වාරික) ස්පර්‍ශය සුඛවේදනා උපදවන ස්පර්‍ශය දුඃඛ - උපෙක්‍ෂාවෙදනීය ස්පර්‍ශය කුශලචිත්තසහජාත ස්පර්‍ශය අකුශල - අව්‍යාකෘත - කාමාවචර - රූපාවචර - අරූපාවචර - ශුන්‍යත - අනිමිත්ත - අප්‍රණිහිත - ලෞකික - ලෝකෝත්තර - අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්න ස්පර්‍ශය යන මෙබඳු වූ යම් පහසෙක් පහස්නා අයුරෙක් සංස්පර්‍ශාකාරයෙක් සංස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ‘ඵස්ස’ යයි කියනු ලැබේ.

විවෙකදස‍්සී ඵස‍්සෙසූති - චක‍්ඛුසම‍්ඵස‍්සං විවිත‍්තං පස‍්සති අත‍්තෙන වා අත‍්තනියෙන වා නිච‍්චෙන වා ධුවෙන වා සස‍්සතෙන වා අවිපරිණාමධම‍්මෙන වා, සොතසම‍්ඵස‍්සං විවිත‍්තං පස‍්සති - ඝානසම‍්ඵස‍්සං විචිත‍්තං පස‍්සති - ජිව‍්හාසම‍්ඵස‍්සං විවිත‍්තං පස‍්සති - කායසම‍්ඵස‍්සං විවිත‍්තං පස‍්සති - මනොසම‍්ඵස‍්සං විවිත‍්තං පස‍්සති - අධිවචනසම‍්ඵස‍්සං විවිත‍්තං පස‍්සති -පටිඝසම‍්ඵස‍්සං විවිත‍්තං පස‍්සති - සුඛවෙදනීයං ඵස‍්සං - දුක‍්ඛවෙදනීයං ඵස‍්සං - අදුක‍්ඛමසුඛවෙදනීයං ඵස‍්සං - කුසලං ඵස‍්සං - අකුසලං ඵස‍්සං - අව්‍යාකතං ඵස‍්සං - කාමාවචරං ඵස‍්සං - රූපාවචරං ඵස‍්සං - අරූපාවචරං ඵස‍්සං - ලොකියං ඵස‍්සං විවිත‍්තං පස‍්සති අත‍්තෙන වා අත‍්තනියෙන වා නිච‍්චෙන වා ධුවෙන වා සස‍්සතෙන වා අවිපරිණාමධම‍්මෙන; අථවා අතීතං ඵස‍්සං අනාගතෙහි ච පච‍්චුප‍්පන‍්නෙහි ච ඵස‍්සෙහි විවිත‍්තං පස‍්සති, අනාගතං ඵස‍්සං අතීතෙහි ච පච‍්චුප‍්පන‍්නෙහි ච ඵස‍්සෙහි විවිත‍්තං පස‍්සති, පච‍්චුප‍්පන‍්නං ඵස‍්සං අතීතෙහි ච අනාගතෙහි න ඵස‍්සෙහි විවිත‍්තං පස‍්සති; අථවා, යෙ තෙ ඵස‍්සා අරියා අනාසවා ලොකුත‍්තරා සුඤ‍්ඤතාපටිසඤ‍්ඤුත‍්තා, තෙ ඵස‍්සෙ විවිත‍්තෙ පස‍්සති රාගෙන දොසෙන මොහෙන කොධෙන උපනාහෙන මක‍්ඛෙන පළාසෙන ඉස‍්සාය මච‍්ඡරියෙන මායාය සාඨෙය්‍යෙන ථම‍්භෙන සාරම‍්භෙන මානෙන අතිමානෙන මදෙන පමාදෙන සබ‍්බකිලෙසෙහි සබ‍්බදුච‍්චරිතෙහි සබ‍්බදරථෙහි සබ‍්බසන‍්තාපෙහි සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරෙහි විවිත‍්තෙ පස‍්සතීති - ‘විවෙකදස‍්සී ඵස‍්සෙසු.’

විවේකදස්සී ඵස්සෙසු - චක්‍ෂුඃසංස්පර්‍ශය ආත්මයෙන් හෝ ආත්මනීයභාවයෙන් හෝ නිත්‍ය බැවින් - ධ්‍රැව - ශාශ්වත - අවිපරිණාමභාවයෙන් හෝ වෙන් කොට දකී, ශ්‍රෝතසංස්පර්‍ශය... ඝ්‍රාණ - ජිහ්වා - කාය - මනෝ - අධිවචනසංස්පර්‍ශය - පටිඝ - සුඛවේදනීය - දුක්ඛවෙදනීය - කුසල - අකුසල - අව්‍යාකෘත - කාමාවචර - රූපාවචර - අරූපාවචර - ලෞකිකස්පර්‍ශය ආත්මභාවයෙන් හෝ ආත්මනීය - නිත්‍ය - ධ්‍රැව - ශාශ්වත - අවිපරිණාමස්වභාවයෙන් හෝ වෙන් කොට දකී; නොහොත් අතීතස්පර්‍ශය අනාගත වූ ද වර්‍තමාන වූ ද පහසුන් ගෙන් වෙන් කොට දකී, අනාගතස්පර්‍ශය අතීත ප්‍රත්‍යුත්පන්නස්පර්‍ශයන්ගෙන් ද වෙන් කොට දකී, වර්‍තමානස්පර්‍ශය අතීත අනාගතස්පර්‍ශයන්ගෙන් ද වෙන් කොට දකී; නොහොත් යම් ඒ පහස් කෙනෙක් ආර්‍ය්‍ය වූවාහු අනාශ්‍රව වූවාහු ලෝකෝත්තර වූවාහු ශුන්‍යතා ප්‍රතිසංයුක්ත වූවාහු ද, ඒ ස්පර්‍ශයෙන් වෙන් වූවන් කොට දකී, රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රෝධයෙන් උපනාහයෙන් මක්ඛයෙන් පලාසයෙන් ඊර්‍ෂ්‍යායෙන් මාත්සර්‍ය්‍යයෙන් මායාවෙන් ශාඨ්‍යයෙන් ස්තම්භයෙන් මානයෙන් අතිමානයෙන් මදයෙන් ප්‍රමාදයෙන් සියලු කෙලෙසුන්ගෙන් සියලු දුශ්චරිතයන්ගෙන් සියලු දරථයන්ගෙන් සියලු පරිදාහයන්ගෙන් සියලු සන්තාපයන්ගෙන් සියලු අකුශලාභිසංස්කාරයන්ගෙන් වෙන් වූවන් කොට දකී නුයි ‘විවේකදස්සී ඵස්සෙසු’ යනු වේ.

දිට‍්ඨීසු ච න නීයතීති - තස‍්ස ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි පහීනාති සමුච‍්ඡින‍්නානි වූපසන‍්තානි පටිප‍්පස‍්සද‍්ධානි අභබ‍්බුප‍්පත‍්තිකානි ඤාණග‍්ගිනා දඩ‍්ඪානි, සො දිට‍්ඨියා න යායති න නීයති න වුය‍්හති න සංහරීයති නපි තං දිට‍්ඨිගතං සාරතො පච‍්චෙති න පච‍්චාගච‍්ඡතීති - ‘දිට‍්ඨීසු ච න නීයති.’

දිට්ඨිසු ච න නීයති - ඔහු විසින් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ප්‍රහීණ කරන ලද්දාහු සිඳින ලද්දාහු සන්හිඳුවන ලද්දාහු දුරලන ලද්දාහු අභව්‍යොත්පත්තික වූවාහු ඥානාග්නීන් දග්ධ වූවාහුය, හේ දෘෂ්ටිය විසින් නො යවනු ලැබෙයි නො පමුණුවනු ලැබෙයි නො හරිනු ලැබෙයි, ඒ දෘෂ්ටිගතයට සාරහෙයින් නො ද පැමිණෙයි, නො පෙරළා ඒ නුයි ‘දිට්ඨිසු ච න නීයති’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“නිරාසත‍්ති අනාගතෙ අතීතං නානුසොචති, විවෙකදස‍්සී ඵස‍්සෙසු දිට‍්ඨීසු ච න නීයතී”ති.

“නිරාසන්ති අනාගතෙ -පෙ- දිට්ඨිසු ච න නීයති” යී.