යෙදුමෙන් කියවන්න

10. 3

10. 3.

10. 3.

අක‍්කොධනො අසන‍්තාසී අවිකත්‍ථි අකුක‍්කුචො මන‍්තභාණී අනුද‍්ධතො ස වෙ වාචායතො මුනි.

යමෙක් නො කිපෙන පියවි ඇතියේ නො තැතිගන්නා සුලු වූයේ තමා හුවා නො දක්වන සුලු වූයේ කුකුස් රහිත වූයේ නුවණින් විමසා බණනු යේ උඩඟු නො වූයේ වේ ද ඒ ක්‍ෂීණාස්‍රව මුනි තෙම ඒකාන්තයෙන් වචනයෙන් සංයම වූයේ වේ. (ඔහු උපශාන්ත යයි කියමි.)

අක‍්කොධනො අසන‍්තාසීති - ‘අක‍්කොධනො’ති හි ඛො වුත‍්තං, අපිච, කොධො තාව වත‍්තබ‍්බො - දසහාකාරෙහි කොධො ජායති ‘අනත්‍ථං මෙ අචරී’ති කොධො ජායති. ‘අනත්‍ථම‍්මෙ චරතී’ති කොධො ජායති. ‘අනත්‍ථම‍්මෙ චරිස‍්සතී’ති කොධො ජායති. ‘පියස‍්ස මෙ මනාපස‍්ස අනත්‍ථං අචරි, අනත්‍ථං චරති, අනත්‍ථං චරිස‍්සතී’ති කොධො ජායති, ‘අප‍්පියස‍්ස මෙ අමනාපස‍්ස අත්‍ථං අචරි, අත්‍ථං චරති, අත්‍ථං චරිස‍්සතී’ති කොධො ජායති. අට‍්ඨානෙ වා පන කොධො ජායති. යො එවරූපො චිත‍්තස‍්ස ආඝාතො පටිඝාතො පටිඝං පටිවිරොධො කොපො පකොපො සම‍්පකොපො දොසො පදොසො සම‍්පදොසො චිත‍්තස‍්ස ව්‍යාපත‍්ති මනොපදොසො කොධො කුජ‍්ඣනා කුජ‍්ඣිතත‍්තං දොසො දුස‍්සනා දුස‍්සිතත‍්තං ව්‍යාපත‍්ති ව්‍යාපජ‍්ජනා ව්‍යාපජ‍්ජිතත‍්තං විරොධො පටිවිරොධො චණ‍්ඩික‍්කං අසුරොපො අනත‍්තමනතා චිත‍්තස‍්ස; අයං වුච‍්චති කොධො.

අක්කොධනො අසන්තාසී - ‘අක්කොධනො’ යී මැ කියන ලද, තවද පළමු කොට ක්‍රෝධය කියයුතු යැ: දස අයුරෙකින් ක්‍රෝධය උපදී: ‘මට අවැඩ කෙළේ යැ’යි ක්‍රෝධය උපදී, ‘මට අවැඩ කෙරේ යැයි - ‘මට අවැඩ කරන්නේ’යි ක්‍රෝධය උපදී: ‘මාගේ ප්‍රිය මනාප වූවහුට අවැඩ කෙළේයැ අවැඩ කරයි - අවැඩ කරන්නේ යැ’යි ක්‍රෝධය උපදී; ‘මා ගේ අප්‍රිය අමනාප වූවහුට වැඩ කෙළේයැ - වැඩ කරයි - වැඩ කරන්නේයැ’යි ක්‍රෝධය උපදී; යළි අස්ථානයෙහි හෝ ක්‍රෝධය උපදී, යම් මෙබඳු වූ චිත්තයා ගේ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරොධයෙක් කොපයෙක් ප්‍රකොපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වෙෂයෙක් සම්ප්‍රද්වෙෂයෙක් සිත පෙරැළීමෙක් සිත දූෂ්‍ය වීමෙක් ක්‍රෝධයෙක් ක්‍රොධාකාරයෙක් ක්‍රෝධ කරන බවෙක් ද්වේෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂ්‍යවන බවෙක් පෙරැළීමෙක් පෙරැළෙන අයුරෙක් පෙරළුණු බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරොධයෙක් සැඬබවෙක් නො පිරුණු බසෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ක්‍රෝධ යයි කියනු ලැබේ.

අපිච, කොධස‍්ස අධිමත‍්තපරිත‍්තතා වෙදිතබ‍්බා: අත්‍ථි කඤ‍්චි කාලං කොධො චිත‍්තාවිලකරණමත‍්තො හොති, න ච තාව මුඛකුලානවිකුලානො හොති; අත්‍ථි කඤ‍්චි කාලං කොධො මුඛකුලානවිකුලානමත‍්තො හොති, න ච තාව හනුසඤ‍්චොපනො හොති; අත්‍ථි කඤ‍්චි කාලං කොධො හනුසඤ‍්චොපනමත‍්තො හොති, න ච තාව ඵරුසවාචානිච‍්ඡාරණො හොති; අත්‍ථි කඤ‍්චි කාලං කොධො ඵරුසවාචානිච‍්ඡාරණමත‍්තො හොති, න ච තාව දිසාවිදිසානුවිලොකනො හොති; අත්‍ථි කඤ‍්චි කාලං කොධො දිසාවිදිසානුවිලොකනමත‍්තො හොති, න ච තාව දණ‍්ඩසත්‍ථපරාමසනො හොති; අත්‍ථි කඤ‍්චි කාලං කොධො දණ‍්ඩසත්‍ථපරාමසනමත‍්තො හොති, න ච තාව දණ‍්ඩසත්‍ථඅබ‍්භුක‍්කිරණො හොති; අත්‍ථි කඤ‍්චි කාලං කොධො දණ‍්ඩසත්‍ථඅබ‍්භුක‍්කිරණමත‍්තො හොති, න ච තාව දණ‍්ඩසත්‍ථඅභිනිපාතනො හොති; අත්‍ථි කඤ‍්චි කාලං කොධො දණ‍්ඩසත්‍ථඅභිනිපාතනමත‍්තො හොති, න ච තාව ඡින‍්නවිඡින‍්නකරණො හොති, අත්‍ථි කඤ‍්චි කාලං කොධො ඡින‍්නවිඡින‍්නකරණමත‍්තො හොති, න ච තාව සම‍්භඤ‍්ජනපළිභඤ‍්ජනො හොති; අත්‍ථි කඤ‍්චි කාලං කොධො සම‍්භඤ‍්ජනපළිභඤ‍්ජනමත‍්තො හොති, න ච තාව අඞ‍්ගමඞ‍්ගාපකඩ‍්ඪනො හොති; අත්‍ථි කඤ‍්චි කාලං කොධො අඞ‍්ගමඞ‍්ගාපකඩ‍්ඪනමත‍්තො හොති, න ච තාව ජීවිතා වොරොපණො හොති; අත්‍ථි කඤ‍්චි කාලං කොධො ජීවිතා වොරොපණමත‍්තො හොති, න ච තාව සබ‍්බචාගපරිච‍්චාගාය සණ‍්ඨිතො හොති, යතො කොධො පරපුග‍්ගලං ඝාතෙත්‍වා අත‍්තානං ඝාතෙති, එත‍්තාවතා කොධො පරමුස‍්සදගතො පරමවෙපුල‍්ලප‍්පත‍්තො හොති.

තවද, ක්‍රෝධයාගේ අඩුවැඩි බව දතයුතු යැ: කිසිවිටෙක ක්‍රෝධ තෙමේ සිත කළඹන මතුයෙක් වෙයි, තව මුහුණ කුළනු හකුළනු වූයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය මුහුණ කුළන හකුළන පමණ වූයේ වෙයි, තව හනු සොලවනු වූයේ නො ද වෙයි; කිසි විටෙක කෝපය හනු සොලවනුයේ වෙයි, තව පරොස්බස් කියන පමණ වූයේ නො ද වෙයි; කිසි විටෙක කෝපය පරොස්බස් කියන පමණ වෙයි, තවම වට පිට බලනු වූයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය වට පිට බලන පමණ වූයේ වෙයි, තවම දඬු සැත් නො ද ගන්නේ වෙයි; කිසිවිටෙක කෝපය දඬු සැත් ගන්නා පමණ වූයේ වෙයි, තවම දඬු සැත් නඟනුයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය දඬුසැත් කියපාන (-නඟන) පමණ වූයේ වෙයි, තවම දඬු සැත් දමාගසනුයේ නො ද වෙයි; කිසි විටෙක කෝපය දඬුසැත් දමාගසන පමණ වූයේ වෙයි, තවම (මෙරමා සිරුර) සිදුරු කරනු වූයේ නො ද වෙයි; කිසි විටෙක කෝපය සිරුර සිදුරු බිදුරු කරන පමණ වූයේ වෙයි, තවම සිරුර සුණු විසුණු කරනුයේ නො ද වෙයි; කිසි විටෙක කෝපය සිරුර සුණු විසුණු කරන පමණ වූයේ වෙයි. තවම අඟපසඟ ඇද කඩනුයේ නො ද වෙයි; කිසි විටෙක කෝපය අඟපසඟ ඇද කඩන පමණ වූයේ වෙයි, තවම දිවි තොර කරනුයේ නො ද වෙයි; කිසි විටෙක කෝපය දිවි තොර කරන පමණ වූයේ වෙයි, තවම මෙරමා දිවි නසා සිය දිවි නැසීම පිණිස සිටියේ නො ද වෙයි; යම් කලෙක ක්‍රෝධය සතුරා නසා තමා ත් නසා ද, මෙතෙකින් ක්‍රෝධ තෙමේ ඉතා බලවත් බවට ගියේ ඉතා මහත් බවට පැමිණියේ වේ.

යස‍්ස සො කොධො පහීනො සමුච‍්ඡින‍්නො වූපසන‍්තො පටිප‍්පස‍්සද‍්ධො අභබ‍්බුප‍්පත‍්තිකො ඤාණග‍්ගිනා දඩ‍්ඪො, සො වුච‍්චති ‘අක‍්කොධනො.’ කොධස‍්ස පහීනත‍්තා ‘අක‍්කොධනො.’ කොධවත්‍ථුස‍්ස පරිඤ‍්ඤාතත‍්තා ‘අක‍්කොධනො.’ කොධහෙතුස‍්ස උපච‍්ඡින‍්නත‍්තා ‘අක‍්කොධනො’ති ‘අක‍්කොධනො,’ අසන‍්තාසීති - ඉධෙකච‍්චො තාසී හොති උත‍්තාසී පරිත‍්තාසී, සො තසති උත‍්තසති පරිත‍්තසති භායති සන‍්තාසං ආපජ‍්ජති: කුලං වා න ලභාමි, ආවාසං වා න ලභාමි, ලාභං වා න ලභාමි, යසං වා න ලභාමි, පසංසං වා න ලභාමි, සුඛං වා න ලභාමි, චීවරං වා න ලභාමි, පිණ‍්ඩපාතං වා න ලභාමි, සෙනාසනං වා න ලභාමි, ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං වා න ලභාමි, ගිලානූපට‍්ඨාකං වා න ලභාමි, අප‍්පඤ‍්ඤාතොම‍්හීති තසති උත‍්තසති පරිත‍්තසති භායති සන‍්තාසං ආපජ‍්ජති. ඉධ භික‍්ඛු අසන‍්තාසී හොති අනුත‍්තාසී අපරිත‍්තාසී, සො න තසති න උත‍්තසති න පරිත‍්තසති න භායති න සන‍්තාසං ආපජ‍්ජති: කුලං වා න ලභාමි, ගණං වා න ලභාමි, ආවාසං වා න ලභාමි, ලාභං වා න ලභාමි, යසං වා න ලභාමි. පසංසං වා න ලභාමි. සුඛං වා න ලභාමි, චීවරං වා න ලභාමි, පිණ‍්ඩපාතං වා න ලභාමි, සෙනාසනං වා න ලභාමි, ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං වා න ලභාමි, ගිලානූපට‍්ඨාකං වා න ලභාමි, අප‍්පඤ‍්ඤාතොම‍්හීති න තසති න උත‍්තසති න පරිත‍්තසති න භායති න සන‍්තාසං ආපජ‍්ජතීති ‘අක‍්කොධනො අසන‍්තාසී.’

යමක්හු විසින් ඒ ක්‍රෝධය ප්‍රහීණ වූයේ නසන ලද්දේ සන්හිඳුණේ දුරලන ලද්දේ අභව්‍යොත්පත්තික වූයේ නුවණගින්නෙන් දවන ලද්දේ වේ ද, හෙ තෙම ‘අක්කෝධන’ යී කියනු ලැබේ. ක්‍රෝධය (අනගැමිමගින්) ප්‍රහීණ කළ බැවින් නො කිපෙනුයේ යැ; ක්‍රොධවස්තුව පරිඥාත බැවින් නො කිපෙනුයේ යැ; ක්‍රෝධ හේතුව සිඳින ලද බැවින් නො කිපෙනුයේ නුයි ‘අක්කෝධන’ වේ. අසන්තාසී - මෙ ලොවැ කිසිවෙක් බියසුලු වෙයි, ඉතා බියසුලු වෙයි, හාත්පසින් බියසුලු වේ. හේ ත්‍රස්ත වෙයි, ඉතා ත්‍රස්ත වෙයි, හාත්පසින් ත්‍රස්ත වෙයි, බියට පැමිණෙයි, සන්ත්‍රාසයට පැමිණෙයි: කුලය හෝ නො ලබමි, ගණයා හෝ - ආවාසය - ලාභ - යශස් - පැසැසුම් - සුව - චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලන්පසබෙහෙත්පිරිකර - ග්ලානොපස්ථායකයකු හෝ නො ලබමි, නො පැනෙනුයෙම් වෙමී’ ත්‍රස්ත වෙයි, ඉතා ත්‍රස්ත වෙයි, හාත්පසින් ත්‍රස්ත වෙයි; තැති ගැනීමට පැමිණේ. මේ ශාසනයෙහි මහණ තෙම බියසුලු නො වෙයි, ඉතා බියසුලු නො වෙයි, හාත්පසින් බියසුලු නො වෙයි. හෙ තෙම ත්‍රස්ත - උත්‍රස්ත - පරිත්‍රස්ත - නො වෙයි, භය නො වෙයි, සන්ත්‍රාසයට නො පැමිණෙයි: ‘කුලය හෝ නො ලබමි, ගණයා - ආවාසය - ලාභ - යශස් - ප්‍රශංසා - සුඛ - චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලන්පසබෙහෙත්පිරිකර - ග්ලානොපස්ථායකයකු හෝ නො ලබමි, නො පැනෙනුයෙම් වෙමී’ ත්‍රස්ත - උත්‍රස්ත - පරිත්‍රස්ත නො වෙයි, භය නො වෙයි, සන්ත්‍රාසයට නො පැමිණේ නුයි ‘අක්කොධනො අසන්තාසී’ යනු වේ.

අවිකත්‍ථි අකුක‍්කුචොති - ‘ඉධෙකච‍්චො කත්‍ථි හොති විකත්‍ථි, සො කත්‍ථති විකත්‍ථති: අහමස‍්මි සීලසම‍්පන‍්නොති වා වතසම‍්පන‍්නොති වා සීලබ‍්බතසම‍්පන‍්නොති වා, ජාතියා වා ගොත‍්තෙන වා කොලපුත‍්තියෙන වා වණ‍්ණපොක‍්ඛරතාය වා ධනෙන වා අජ‍්ඣෙනෙන වා කම‍්මායතනෙන වා සිප‍්පායතනෙන වා විජ‍්ජාට‍්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා වත්‍ථුනා, උච‍්චාකුලා පබ‍්බජිතොති වා මහාකුලා පබ‍්බජිතොති වා මහාභොගකුලා පබ‍්බජිතොති වා උළාරභොගකුලා පබ‍්බජිතොති වා, ඤාතො යසස‍්සී සගහට‍්ඨපබ‍්බජිතානන‍්ති වා, ලාභීම‍්හි චීවරපිණ‍්ඩපාතිසෙනාසනගිලානප‍්පච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානන‍්ති වා, සුත‍්තන‍්තිකොති වා විනයධරොති වා ධම‍්මකථිකොති වා, ආරඤ‍්ඤිකොති වා පිණ‍්ඩපාතිකොති වා පංසුකූලිකොති වා තෙචීවරිකොති වා සපදානචාරිකොති වා ඛලුපච‍්ඡාභත‍්තිකොති වා නෙසජ‍්ජිකොති වා යථාසන්‍ථතිකොති වා, පඨමස‍්ස ඣානස‍්ස ලාභීති වා දුතියස‍්ස ඣානස‍්ස ලාභීති වා තතියස‍්ස ඣානස‍්ස ලාභීති වා චතුත්‍ථස‍්ස ඣානස‍්ස ලාභීති වා, ආකාසානඤ‍්චායතනසමාපත‍්තියා විඤ‍්ඤාණඤ‍්චායතනසමාපත‍්තියා ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්තියා නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තියා ලාභීති වා කත්‍ථති විකත්‍ථති. එවං න කත්‍ථති, න විකත්‍ථති; කත්‍ථනා විකත්‍ථනා ආරතො විරතො පටිවිරතො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති ‘අවිකත්‍ථි.’

අවිකත්‍ථි අකුක්කුචො - මෙ ලොවැ කිසිවෙක් සිය ගුණය කියන සුලු වූයේ විවිධාකාරයෙන් ගුණ කියනසුලු වූයේ වෙයි; හෙතෙම කත්‍ථන විකත්‍ථන කෙරෙයි: ‘මම් ශීලසම්පන්නයෙමී’ හෝ ‘ව්‍රතසම්පන්නයෙමී’ හෝ ශීලව්‍රතසම්පන්නයෙමී’ හෝ ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් - කුලපුත්‍රභාවයෙන් - වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් - ධනයෙන් - අධ්‍යයනයෙන් - කර්‍මායතනයෙන් හෝ ශිල්පායතනයෙන් හෝ විද්‍යාවෙන් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ එක්තරා වස්තුවකින් හෝ, උසස් කුලයෙන් (නික්ම) පැවිදි වූයෙමී හෝ මහාසාරකුලයෙන් පැවිදි වූයෙමී හෝ මහාභෝග ඇති කුලයෙන් පැවිදි වූයෙමී හෝ බොහෝ සම්පත් ඇති කුලයෙන් පැවිදි වූයෙමී හෝ ගැහැවියන් සහිත පැවිද්දන් අතුරෙහි ප්‍රසිද්ධයෙමි පිරිවර ඇත්තෙමි හෝ චීවරපිණ්ඩපාතසෙනාසන ගිලන්පසබෙහෙත්පිරිකර ලබන සුලු වෙමී හෝ සෞත්‍රාන්තිකයෙමි - විනයධරයෙමි - ධර්‍මකථිකයෙමී හෝ ආරණ්‍යකාඞ්ග ඇත්තෙමි හෝ පිණ්ඩපාතික - පාංශුකූලික - ත්‍රෛචීවරික - සපදානචාරික - ඛලුපච්ඡාහත්තික - නෙසජ්ජික - යථාසන්‍ථතිකාඞ්ග ඇත්තෙමි හෝ, ප්‍රථමධ්‍යානලාභී වෙමී හෝ ද්විතීයධ්‍යාන - තෘතීයධ්‍යාන - චතුර්‍ත්‍ථධ්‍යාන ලාභී වෙමී හෝ, ආකාසානඤ්චායතනසමාපත්තිය විඤ්ඤාණඤ්චායතනසමාපත්තිය ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය නෙවසඤ්ඤානාසඤ්ඤාසමාපත්තිලාභී වෙමී’ හෝ කත්‍ථන විකත්‍ථන කෙරෙයි; මෙසේ කත්‍ථන විකත්‍ථන නො කෙරෙයි, කත්‍ථනයෙන් විකත්‍ථනයෙන් (-ආත්මශලාඝායෙන්) දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ නික්මැ ගියේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘අවිකත්‍ථි’ යනු වේ.

අකුක‍්කුචොති - ‘කුක‍්කුච‍්ච’න‍්ති හත්‍ථකුක‍්කුච‍්චම‍්පි කුක‍්කුච‍්චං, පාදකුක‍්කුච‍්චම‍්පි කුක‍්කුච‍්චං, හත්‍ථපාදකුක‍්කුච‍්චම‍්පි කුක‍්කුච‍්චං, “අකප‍්පියෙ කප‍්පියසඤ‍්ඤිතා, කප‍්පියෙ අකප‍්පියසඤ‍්ඤිතා, විකාලෙ කාලසඤ‍්ඤිතා, කාලෙ විකාලසඤ‍්ඤිතා, අවජ‍්ජෙ වජ‍්ජසඤ‍්ඤිතා. වජ‍්ජෙ අවජ‍්ජසඤ‍්ඤිතා. යං එවරූපං කුක‍්කුච‍්චං කුක‍්කුච‍්චායනා කුක‍්කුච‍්චායිතත‍්තං, චෙතසො විප‍්පටිසාරො මනොවිලෙඛො, ඉදං වුච‍්චති කුක‍්කුච‍්චං.”. අපිච ද‍්වීහි කාරණෙහි උප‍්පජ‍්ජති කුක‍්කුච‍්චං චෙතසො විප‍්පටිසාරො මනොවිලෙඛො: කතත‍්තා ච අකතත‍්තා ච. කථං කතත‍්තා ච අකතත‍්තා ච උප‍්පජ‍්ජති කුක‍්කුච‍්චං චෙතසො විප‍්පටිසාරො මනොවිලෙඛො? ‘කතං මෙ කායදුච‍්චරිතං, අකතං මෙ කායසුචරිත’න‍්ති උප‍්පජ‍්ජති කුක‍්කුච‍්චං චෙතසො විප‍්පටිසාරො මනොවිලෙඛො; ‘කතං මෙ වචීදුච‍්චරිතං, අකතං මෙ වචීසුචරිත’න‍්ති උප‍්පජ‍්ජති කුක‍්කුච‍්චං චෙතසො විප‍්පටිසාරො මනොවිලෙඛො; ‘කතං මෙ මනොදුච‍්චරිතං, අකතම‍්මෙ මනොසුචරිත’න‍්ති උප‍්පජ‍්ජති කුක‍්කුච‍්චං චෙතසො විප‍්පටිසාරො මනොවිලෙඛො; ‘කතො මෙ පාණාතිපාතො, අකතා මෙ පාණාතිපාතා වෙරමණී’ති උප‍්පජ‍්ජති කුක‍්කුච‍්චං චෙතසො විප‍්පටිසාරො මනොවිලෙඛො, ‘කතං අදින‍්නාදානං අකතා මෙ අදින‍්නාදානා වෙරමණී’ති උප‍්පජ‍්ජති කුක‍්කුච‍්චං චෙතසො විප‍්පටිසාරො මනොවිලෙඛො; ‘කතො මෙ කාමෙසු මිච‍්ඡාචාරො අකතා මෙ කාමෙසු මිච‍්ඡාචාරා වෙරමණී’ති උප‍්පජ‍්ජති කුක‍්කුච‍්චං චෙතසො විප‍්පටිසාරො මනොවිලෙඛො. ‘කතො මෙ මුසාවාදො. අකතා මෙ මුසාවාදා වෙරමණී’ති - ‘කතා මෙ පිසුනා වාචා. අකතා මෙ පිසුනාය වාචාය වෙරමණී‘ති- ‘කතා මෙ ඵරුසා වාචා, අකතා මෙ ඵරුසාය වාචාය වෙරමණී‘ති - ‘කතො මෙ සම‍්ඵප‍්පලාපො, අකතා මෙ සම‍්ඵප‍්පලාපා වෙරමණී’ති - ‘කතා මෙ අභිජ‍්ඣා, අකතා මෙ අනභිජ‍්ඣා’ති - ‘කතො මෙ ව්‍යාපාදො - අකතො මෙ අව්‍යාපාදො’ති - ‘කතා මෙ මිච‍්ඡාදිට‍්ඨි. අකතා මෙ සම‍්මාදිට‍්ඨි’ති උප‍්පජ‍්ජති කුක‍්කුච‍්චං චෙතසො විප‍්පටිසාරො මනොවිලෙඛො. එවං කතත‍්තා ච අකතත‍්තා ච උප‍්පජ‍්ජති කුක‍්කුච‍්චං චෙතසො විප‍්පටිසාරො මනොවිලෙඛො. අථ වා සීලෙසුම‍්හි න පරිපූරකාරීති උප‍්පජ‍්ජති කුක‍්කුච‍්චං චෙතසො විප‍්පටිසාරො මනොවිලෙඛො. ඉන්‍ද්‍රියෙසුම‍්හි අගුත‍්තද‍්වාරොති - භොජනෙ අමත‍්තඤ‍්ඤූම‍්හීති ජාගරියං අනනුයුත‍්තොම‍්හීති න සතිසම‍්පජඤ‍්ඤෙන සමන‍්නාගතොම‍්හීති - අභාවිතා මෙ චත‍්තාරො සතිපට‍්ඨානාති - අභාවිතා මෙ චත‍්තාරො සම‍්මප‍්පධානාති - අභාවිතා මෙ චත‍්තාරො ඉද‍්ධිපාදාති - අභාවිතානි මෙ පඤ‍්චින්‍ද්‍රියානීති අභාවිතානි මෙ පඤ‍්චබලානීති - අභාවිතා මෙ සත‍්ත බොජ‍්ඣඞ‍්ගාති අභාවිතො මෙ අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගෙති - දුක‍්ඛං මෙ අපරිඤ‍්ඤාතන‍්ති - සමුදයො මෙ අප‍්පහීනොති, මග‍්ගො මෙ අභාවිතොති - නිරොධො මෙ අසච‍්ඡිකතොති උප‍්පජ‍්ජති, කුක‍්කුච‍්චං චෙතසො විප‍්පටිසාරො මනොවිලෙඛො. යස‍්සෙතං කුක‍්කුච‍්චං පහීනං සමුච‍්ඡින‍්නං වූපසන‍්තං පටිප‍්පස‍්සද‍්ධං අභබ‍්බුප‍්පත‍්තිකං ඤාණග‍්ගිනා දඩ‍්ඪං, සො වුච‍්චති අකුක‍්කුච‍්චොති - අවිකත්‍ථි අකුක‍්කුචො.

අකුක්කුචො - ‘කුක්කුච්ච’ නම්: අත්කුකුස (=අතින් කළ කුත්සිත ක්‍රියාව) ද කුකුස යැ, පාකුකුස ද කුකුස යැ, අත්පාකුකුස ද කුකුස යැ, නො කැපයෙහි කැපයැ යන් සන් (=සංඥා) ඇතිබව - කැපයෙහි අකැපසන් ඇතිබව - විකාලයෙහි කාලයැ’යි සන් ඇතිබව - කාලයෙහි විකාලයැ’යි සන් ඇතිබව - නිවරදෙහි වරදැයි හැඟීම - වරදෙහි නිවරදැයි හැඟීම යැ යන මෙබඳු යම් කුකුසෙක් කුකුස් අයුරෙක් කුකුස් කළබවෙක් සිතෙහි විපිළිසරෙක් චිත්තවිලෙඛයෙක් වේ ද, මේ ‘කුක්කුච්ච’ යයි කියනු ලැබේ. තවද දෙ කරුණෙකින් කුකුස චිත්තවිප්පටිසාරය චිත්තවිලෙඛය උපදී: කළ බැවින් හා නො කළ බැවින් හා යැ, කළබැවින් හා නො කළ බැවින් හා කුකුස... විලේඛය කෙසේ උපදී ද යත්? ‘මා විසින් කායදුශ්චරිතය කරන ලද, මා විසින් කාය සුචරිතය නො කරන ලදැ’යි කුකුස චිත්තවිප්පටිසාරය චිත්තවිලෙඛය උපදී; ‘මා විසින් වාග්දුශ්චරිතය කරන ලද, වාක්සුචරිතය නො කරන ලදැ’යි... ‘මා විසින් මනෝදුශ්චරිතය කරන ලද, මා විසින් මනස්සුචරිතය නො කරන ලදැ’යි කුකුස සිතෙහි විපිළිසර සිතෙහි විලේඛය උපදී; ‘මා විසින් ප්‍රාණඝාතය කරන ලද, මා විසින් ප්‍රාණඝාතවිරමණය නො කරන ලදැ’යි... ‘මා විසින් අදත්තාදානය කරන ලද, මා විසින් අදත්තාදානවිරමණය නො කරන ලදැ’යි... ‘මා විසින් කාමමිත්‍ථ්‍යාචාරය කරන ලද, මා විසින් කාමමිත්‍ථ්‍යාචාරයෙන් විරමණය නො කරන ලදැ’යි... ‘මා විසින් මෘෂා කියන ලද, මා විසින් මෘෂාවාදවිරමණය නො කරන ලදැ’යි - ‘මා විසින් පිසුනුබස් කියන ලද, පිසුනු බසින් වැළැකීම නො කරන ලදැ’යි - ‘මා විසින් පරුෂවචන කියන ලද, පරුෂවචනයෙන් වැළැකීම නො කරන ලදැ’යි - ‘මා විසින් ප්‍රලාප කියන ලද, ප්‍රලාපයෙන් වැළැකීම නො කරන ලදැ’යි - ‘මා විසින් අභිධ්‍යාව (-දැඩිලෝභය) කරන ලද, අනභිධ්‍යාව මා විසින් නො කරන ලදැ’යි - ‘මා විසින් ව්‍යාපාද කරන ලද, අව්‍යාපාද මා විසින් නො කරන ලදැ’යි - ‘මා විසින් මිත්‍ථ්‍යාදෘෂ්ටි ගන්නා ලද, සම්‍යග්දෘෂ්ටි මා විසින් නො ගන්නා ලදැ’යි කුකුස සිතට විපිළිසර මනෝවිලේඛය උපදී; මෙසේ කළ බැවින් ද නො කළ බැවින් ද කෞකෘත්‍ය චිත්තවිප්‍රතිසාර මනොවිලෙඛ උපදී; නොහොත් ඉන්‍ද්‍රියයන්හි නො පියු දොර ඇතියෙම් වීමී - භෝජනයෙහි පමණ නො දතුයෙම් වීමී - නිදිවැරීමෙහි නො යෙදුණෙමී - සිහිනුවණින් සමන්විතයෙම් නො වීමී - මා විසින් සතර සීවටන් නො වඩන ලදැ’යි - සතර සම්‍යක්ප්‍රදහන මා විසින් නො වඩන ලදැ’යි - සතර ඍද්ධිපාද මා විසින් නො වඩන ලදැ’යි - පඤ්චේන්‍ද්‍රියයෝ මා විසින් නො වඩන ලදහ’යි - පඤ්චබලයෝ මා විසින් නො වඩන ලදහ’යි - සප්තබෝධ්‍යඞ්ගයෝ මා විසින් නො වඩන ලදහ’යි - ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය මා විසින් නො වඩන ලදැ’යි - මා විසින් දුඃඛසත්‍යය අපරිඥාත යැ’යි - සමුදයසත්‍යය අප්‍රහීණ යැ’යි - මාර්‍ගසත්‍යය අභාවිත යැ’යි - නිරෝධසත්‍යය මා විසින් ප්‍රත්‍යක්‍ෂ නො කරන ලදැ’යි කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. යමක්හු හට තෙල කුකුස ප්‍රහීණ ද සමුච්ඡින්න ද සන්හිඳිණි ද නැසිණි ද උපතට නුසුදුසු වී ද, නුවණගින්නෙන් දැවිණි ද, හෙතෙම ‘අකුක්කුච්ච’ යැයි කියනු ලැබේ නුයි’ අවිකත්‍ථි අකුක්කුචො’ යනු වේ.

මන‍්තභාණී අනුද‍්ධතොති - ‘මන‍්තා’ වුච‍්චති පඤ‍්ඤා, යා පඤ‍්ඤා පජානනා - අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි; මන‍්තාය පරිග‍්ගහෙත්‍වා වාචං භාසති, බහුම‍්පි කථෙන‍්තො බහුම‍්පි භණන‍්තො බහුම‍්පි දීපයන‍්තො බහුම‍්පි වොහරන‍්තො දුක‍්කථිතං දුභණිතං දුල‍්ලපිතං දුරුත‍්තං දුබ‍්භාසිතං වාචං න භාසතීති මන‍්තභාණී. අනුද‍්ධතො - තත්‍ථ කතමං උද‍්ධච‍්චං? යං චිත‍්තස‍්ස උද‍්ධච‍්චං අවුපසමො චෙතසො වික‍්ඛෙපො භන‍්තත‍්තං චිත‍්තස‍්ස, ඉදං වුච‍්චති උද‍්ධච‍්චං. යස‍්සෙතං පහීනං සමුච‍්ඡින‍්නං වූපසන‍්තං පටිප‍්පස‍්සද‍්ධං අභබ‍්බුප‍්පත‍්තිකං ඤාණග‍්ගිනා දඩ‍්ඪං, සො වුච‍්චති අනුද‍්ධතොති - ‘මන‍්තභාණී අනුද‍්ධතො.’

මන්තභාණී අනුද්ධතො - ‘මන්තා’යී ප්‍රඥාව කියනු ලබයි, යම් ප්‍රඥාවක්... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වී ද එය යි; මන්තා (-ප්‍රඥා)යෙන් විමස විමසා වචන කියයි, බොහෝ බසුදු කියනුයේ බොහෝ බණනුයේ බොහෝ දක්වනුයේ බොහෝ කොට ත් වහරනුයේ දුෂ්කථිත වූ දුර්භණිත වූ දුල්ලපිත වූ නපුරු කොට කියන ලද දුබැසි වූ බසක් නො කියා නුයි ‘මන්තභාණී’ යැ; අනුද්ධතො - එහි ‘උද්ධච්චය’ කවරැ යත්? සිතෙහි යම් උඩඟු බවෙක් නො සන්හුන් බවෙක් සිතෙහි විසුරුණු බවෙක් චිත්තයා ගේ භ්‍රාන්ත (-තැතිගත්) බවෙක් වේ නම්, මේ ‘උද්ධච්ච’ යයි කියනු ලැබේ. යමක්හු හට මේ උද්ධත බව ප්‍රහීණ ද සම්චුඡින්න වී ද සන්හිඳිණි ද නැසිණි ද අභව්‍යොත්පත්තික ද, ඥානාග්නීන් දැවිණි ද, හේ ‘අනුද්ධත’ යයි කියනු ලැබේ නුයි ‘මන්තභාණී අනුද්ධතො’ යනු වේ.

ස චෙ වාචායතො මුනීති - ‘ඉධ භික‍්ඛු මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති. සච‍්චවාදී සච‍්චසන්‍ධො ථෙතො පච‍්චයිකො අවිසංවාදකො ලොකස‍්ස. පිසුනං වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතො හොති; ඉතො සුත්‍වා න අමුත්‍ර අක‍්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්‍ර වා සුත්‍වා න ඉමෙසං අක‍්ඛාතා අමූසං භෙදාය. ඉති භින‍්නානං වා සන්‍ධාතා සහිතානං වා අනුප‍්පදාතා සමග‍්ගාරාමො සමග‍්ගරතො සමග‍්ගනන්‍දී සමග‍්ගකරණිං වාචං භාසිතා හොති. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති, යා සා වාචා නෙළා කණ‍්ණසුඛා පෙමනීයා හදයඞ‍්ගමා පොරී බහුජනකන‍්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හොති. සම‍්ඵප‍්පලාපං පහාය සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති, කාලවාදී භූතවාදී අත්‍ථවාදී ධම‍්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා හොති, කාලෙන සාපදෙසං පරියන‍්තවතිං අත්‍ථසංහිතං. චතූහි වචීසුචරිතෙහි සමන‍්නාගතො චතුදොසාපගතං වාචං භාසති, ද‍්වත‍්තිංසාය තිරච‍්ඡානකථාය ආරතො අස‍්ස විරතො පටිවිරතො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරති. දස කථාවත්‍ථුනි කථෙති, සෙය්‍යථීදං? අප‍්පිච‍්ඡකථං කථෙති. සන‍්තුට‍්ඨිකථං කථෙති. පවිවෙකකථං අසංසග‍්ගකථං විරියාරම‍්භකථං සීලකථං සමාධිකථං පඤ‍්ඤාකථං විමුත‍්තිකථං විමුත‍්තිඤාණදස‍්සනකථං සතිපට‍්ඨානකථං සම‍්මප‍්පධානකථං ඉද‍්ධිපාදකථං ඉන්‍ද්‍රියකථං බලකථං බොජ‍්ඣඞ‍්ගකථං මග‍්ගකථං ඵලකථං නිබ‍්බානකථං කථෙති; වාචාය යතො යත‍්තො පරියත‍්තො ගුත‍්තො ගොපිතො රක‍්ඛිතො වූපසන‍්තො; මුනීති මොනං වුච‍්චති ඤාණං. යා පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි -පෙ- සඞ‍්ගජාලමතිච‍්ච සො මුනීති - ස චෙ වාචායතො මුනි.

ස වෙ වාචායතො මුනි - මෙ සස්නෙහි මහණ තෙම මෘෂාවාදය හැර මෘෂාවාදයෙන් වැළැකුණේ වෙයි, සැබෑ කියනුයේ සැබැවින් සැබව ගළපනුයේ තිර වූයේ හැදැහිය යුතු බස් ඇතියේ ලෝකයා නො රවටනුයේ වෙයි; පිසුනු බස් හැරපියා පිසුනු බසින් වැළැකුණේ වෙයි: මෙතැනින් අසා මුන්ගේ බිඳුමට අතැන නො කියනුයේ, අතැනින් අසා අරුන්ගේ බිඳුමට මොවුන්ට නො කියනුයේ වෙයි, මෙසේ භින්න වූවන් ද සමග කරනුයේ සමග වූවන් හෝ දැඩි කරනුයේ සමගියෙහි ඇලුම් ඇතියේ සමග වූවන් කෙරෙහි ඇලුණේ සමග වූවන්ට සතුටු වූයේ සමග කරන බස් කියනුයේ වෙයි. රළුබස් හැරපියා රළුබසින් වැළැකුණේ වෙයි, යම් වචනයෙක් නිදොස් ද කනට සුව ද පෙම් උපදවා ද සිතට වදී ද, පුරෙහි වූවා ද බොහෝ දෙනාට කැමැති ද බොහෝ දෙනාගේ මන වඩා ද, එබඳු වචන කියන්නේ වෙයි. නිසරු (-ප්‍රලාප) බස් හැරපියා නිසරුබසින් වැළැකුණේ වෙයි, කල් බලා කියනුයේ සැබවක් ම කියනුයේ වැඩදායක තෙපුල් කියනුයේ ධර්‍මවාදී වූයේ විනයවාදී වූයේ සුදුසු කල කරුණු සහිත වූ පිරිසිඳීම් ඇති වැඩ සහිත වූ ළෙහි තැබිය යුතු වූ තෙපුලක් ම කියන්නේ වෙයි, සතර වාක්සුචරිතයෙන් සමන්‍විත වූයේ සතර දොසින් වෙන්වූ තෙපුලක් ම කියයි, දෙතිස් තිරිසන් කථාවෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ බැහැර වූයේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසෙයි; දශ කථාවස්තූන් කියයි, ඒ මෙසේ යැ: අල්පෙච්ඡකථාව කියයි, ඉතරෙතරප්‍රත්‍යයසන්තොෂකථාව කියයි, විවේකනිශ්‍රිත කථාව කියයි, අසංසර්‍ගකථාව - වීර්‍ය්‍යාරම්භකථාව - ශීලකථාව - සමාධිකථාව - ප්‍රඥාකථාව - විමුක්තිකථාව - විමුක්තිඥානදර්‍ශනකථාව - සතිපට්ඨාන - සම්‍යක්ප්‍රධාන - ඍද්ධිපාද - ඉන්‍ද්‍රිය - බල - බෝධ්‍යඞ්ග - මාර්‍ග - ඵල - නිර්‍වාණකථාව කියයි; වචනයෙන් සංයම වූයේ දැමුණේ හාත්පසින් දැමුණේ ගෝපන වූයේ ගෝපිත වූයේ රැකුණේ සන්හිඳුණේ යැ; මුනි - ‘මොන’යී ඥානය කියනු ලැබෙයි, යම් ප්‍රඥාවක්... ‘ස වෙ වාචායතො මුනි’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“අක‍්කොධනො අසන‍්තාසී අවිකත්‍ථි අකුක‍්කුචො, මන‍්තභාණී අනුද‍්ධතො ස චෙ වාචායතො මුනී”ති.

“අක්කොධනො -පෙ- වාචායතො මුනි” යී