10. 2
10. 2.
10. 2.
වීතතණ්හො පුරා භෙදා (ඉති භගවා) පුබ්බමන්තමනිස්සිතො, වෙමජ්ඣෙනූපසංඛෙය්යො තස්ස නත්ථි පුරෙක්ඛතං.
(බුදුහු මෙසේ වදාරති:) යමෙක් ශරීරය බිඳීමෙන් පෙර මැ ප්‍රහීණ වූ තෘෂ්ණා ඇත්තේ පූර්වාන්ත සඞ්ඛ්‍යාත අතීතය (තෘෂ්ණා දෘෂ්ටීන්) ඇසිරි නො කෙළේ ප්‍රත්‍යුත්පන්නයෙහි (රාගරක්ත යැ යනාදීන්) නො ගිණියැ යුත්තේ වේ ද, ඒ රහත් මහණහට අනාගතයෙහි (තෘෂ්ණාදෘෂ්ටි වශයෙන්) පෙරටු කරන ලද්දෙක් නැත. (ඔහු උපශාන්ත යයි කියමි.)
වීතතණ්හො පුරා භෙදාති - පුරා කායස්ස භෙදා පුරා අත්තභාවස්ස භෙදා පුරා කලෙබරස්ස නික්ඛෙපා පුරා ජීවිතින්ද්රියස්ස උපච්ඡෙදා, වීතතණ්හො විගතතණ්හො චත්තතණ්හො වන්තතණ්හො මුත්තතණ්හො පහීනතණ්හො පටිනිස්සට්ඨතණ්හො වීතරාගො විගතරාගො චත්තරාගො වන්තරාගො මුත්තරාගො පහීනරාගො පටිනිස්සට්ඨරාගො, නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරති.
වීතතණ්හො පුරා බෙදා - කය බිඳීමෙන් පෙර ආත්මභාවය බිඳීමෙන් පෙර කලෙවරය තැබීමෙන් පෙර ජීවිතේන්ද්රියයාගේ සිඳීමෙන් පෙර, ප්‍රහීණ තෘෂ්ණා ඇත්තේ පහවැගිය තෘෂ්ණා ඇත්තේ හරන ලද තෘෂ්ණා ඇත්තේ වමනය කළ තෘෂ්ණා ඇත්තේ මුදන ලද තෘෂ්ණා ඇත්තේ ගෙවන ලද තෘෂ්ණා ඇත්තේ දුරලන ලද තෘෂ්ණා ඇත්තේ වීතරාග වූයේ විගතරාග වූයේ ත්‍යක්තරාග වූයේ වාන්තරාග වූයේ මුක්තරාග වූයේ ප්‍රහීණරාග වූයේ ප්‍රතිනිඍෂ්ටරාග වූයේ නිර්වෘත වූයේ සිහිල් වූයේ (කායිකචෛතසික) සුඛානුභවනය කරනුයේ ශ්‍රේෂ්ඨ වූ සිතින් යුක්ත වැ වෙසෙයි.
භගවාති ගාරවාධිවචනං; අපිච, භග්ගරාගොති භගවා; භග්ගදොසොති භගවා; භග්ගමොහොති භගවා; භග්ගදිට්ඨීති භගවා; භග්ගමානොති භගවා; භග්ගකණ්ටකොති භගවා; භග්ගකිලෙසොති භගවා; භජි විභජි පටිවිභජි ධම්මරතනන්ති භගවා; භවානං අන්තකරොති භගවා; භාවිතකායො භාවිතසීලො භාවිතචිත්තො භාවිතපඤ්ඤොති භගවා; භජි වා භගවා අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහසෙය්යානි පටිසල්ලානසාරුප්පානීති භගවා; භාගී වා භගවා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානන්ති භගවා; භාගී වා භගවා අත්ථරසස්ස ධම්මරසස්ස විමුත්තිරසස්ස අධිසීලස්ස අධිචිත්තස්ස අධිපඤ්ඤායාති භගවා; භාගී වා භගවා චතුන්නං ඣානානං චතුන්නං අප්පමඤ්ඤානං චතුන්නං අරූපසමාපත්තීනන්ති භගවා; භාගී වා භගවා අට්ඨන්නං විමොක්ඛානං අට්ඨන්නං අභිභායතනානං නවන්නං අනුපුබ්බවිහාරසමාපත්තීනන්ති භගවා; භාගී වා භගවා දසන්නං සඤ්ඤාභාවනානං දසන්නං කසිණසමාපත්තීනං ආනාපානසතිසමාධිස්ස අසුභසමාපත්තියාති භගවා; භාගී වා භගවා චතුන්නං සතිපට්ඨානානං චතුන්නං සම්මප්පධානානං චතුන්නං ඉද්ධිපාදානං පඤ්චන්නං ඉන්ද්රියානං පඤ්චන්නං බලානං සත්තන්නං බොජ්ඣඞ්ගානං අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්සාති භගවා; භාගී වා භගවා දසන්නං තථාගතබලානං චතුන්නං වෙසාරජ්ජානං චතුන්නං පටිසම්භිදානං ඡන්නං අභිඤ්ඤානං ඡන්නං බුද්ධධම්මානන්ති භගවා; ‘භගවා’ති නෙතං නාමං මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්රාහ්මණෙහි කතං, න දෙවතාහි කතං, විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තානං බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුතඤාණස්ස පටිලාභා සච්ඡිකාපඤ්ඤත්ති යදිදං ‘භගවා’ති - ‘වීතතණ්හො පුරා භෙදා ඉති භගවා,
භගවා - යනු: ගෞරවාධිවචන යැ තවද: භග්නරාග නුයි - භගවත් යැ, භග්නද්වෙෂ නුයි භගවත් යැ, භග්නමොහ නුයි - භගවත් යැ, භග්නදෘෂ්ටි නුයි - භග්නමාන නුයි - භග්නකණ්ටක නුයි - භග්නක්ලෙශ නුයි - භගවත් යැ; ධර්මරත්නය භාග - විභාග - ප්‍රතිවිභාග කෙළේ නුයි - භගවත් යැ, භවයන් කෙළවර කෙළේ නුයි - භගවත් යැ, භාවිතකාය - භාවිතචිත්ත - භාවිතප්‍රඥා ඇත් නුයි භගවත් යැ. බුදුහු අල්පශබ්ද වූ අල්පනිර්‍ඝොෂ වූ ජනවාත රහිත වූ මනුෂ්‍යයන්ගේ රාහස්යයනට ස්ථාන වූ විවේකයට අනුරූප වූ වනයෙහි දුරසෙනසුන් හා ඉතා දුරසෙනසුන් සේවනය කළාහු නුයි හෝ භගවත් යැ, බුදුහු චීවරපිණ්ඩපාතසෙනාසනග්ලානප්රත්යයභෛෂජ්යපරිෂ්කාරයනට හිමි වූවාහු නුයි භගවත් යැ, බුදුහු අර්ත්ථරසයට ධර්‍මරසයට විමුක්තිරසයට අධිශීලයට අධිචිත්තයට අධිප්‍රඥාවට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු සතර ධ්‍යානයන්ට සතර අප්‍රාමාණ්‍යයන්ට සතර අරූපසමාපත්තීන්ට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු අෂ්ටවිමොක්ෂයන්ට අෂ්ට අභිහායතනයන්ට නව අනුපූර්‍වවිහාරසමාපත්තීන්ට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු දශ සංඥාභාවනාවන්ට දශ කෘත්සනසමාපත්තීන්ට ආනාපානස්මෘති සමාධියට අශුභසමාපත්තියට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු සතර ස්මෘතිප්රස්ථානයන්ට සතර සම්‍යක්ප්‍රධානයන්ට සතර ඍද්ධිපාදයන්ට පඤ්චේන්ද්රියයන්ට පඤ්ච බලයන්ට සප්ත බොධ්‍යඞ්ගයන්ට ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්ගයට හිමි වූවාහු නුයි හෝ - භගවත් යැ, බුදුහු දශ තථාගතබලයන්ට චතුර්වෛශාරද්‍යයන්ට චතුර්ප්රතිසංවිද්ධර්මයන්ට ෂඩභිඥාවන්ට ෂඩ්බුද්ධ ධර්මයන්ට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, ‘භගවත්’ යන තෙල නාමය මව විසින් නො කරන ලද, පියා විසින් - බෑයකු විසින් - බූනක විසින් මිතුරු - යහළුවන් විසින් - නෑසහලේනෑයන් විසින් - මහණබමුණන් විසින් දෙවියන් විසින් නො කරන ලද, ‘භගවත්’ යන යම් ප්රඥප්තියක් වී ද භගවත් බුදුවරුන්ට රහත්පෙලෙන් උපන් තෙල නාමය බෝමුල දී සර්වඥතාඥානය ලැබීම සමග සර්වධර්මයන් ප්රත්යක්ෂ කිරීමෙන් උපන් ප්රඥප්තියක් නුයි ‘වීතතණ්හො පුරාභෙදා ඉති භගවා’ යනු වේ.
පුබ්බමන්තමනිස්සිතොති - පුබ්බන්තො වුච්චති අතීතො අද්ධා; අතීතං අද්ධානං ආරබ්භ තණ්හා පහීනා හොති, දිට්ඨි පටිනිස්සට්ඨා; තණ්හාය පහීනත්තා දිට්ඨියා පටිනිස්සට්ඨත්තා එවම්පි පුබ්බමන්තමනිස්සිතො; අථවා, ‘එවංරූපො අහොසිං අතීතමද්ධානන්ති’ ‘තත්ථ නන්දිං න සමන්නානෙති ‘එවංවෙදනො අහොසිං, එවංසඤ්ඤො අහොසිං, එවංසඞ්ඛාරො අහොසිං, එවංවිඤ්ඤාණො අහොසිං අතීතමද්ධානන්ති’ නත්ථි නන්දිං න සමන්නානෙති ‘එවම්පි - ‘පුබ්බමන්තමනිස්සිතො’ අථවා, ‘ඉති මෙ චක්ඛු අහොසි අතීතමද්ධානං, ඉති රූපාති තත්ථ න ඡන්දරාගපටිබද්ධං හොති විඤ්ඤාණං, න ඡන්දරාගපටිබද්ධත්තා විඤ්ඤාණස්ස න තදභිනන්දති, න තදභිනන්දන්තො එවම්පි - ‘පුබ්බමන්තමනිස්සිතො’ ඉති මෙ සොතං අහොසි අතීතමද්ධානං, ඉති සද්දා’ති ඉති, මෙ ඝානං අහොසි අතීතමද්ධානං, ඉති ගන්ධා’ති, ඉති මෙ ජිව්හා අහොසි අතීතමද්ධානං, ඉති රසාති’, ‘ඉති මෙ කායො අහොසි අතීතමද්ධානං, ඉති ඵොට්ඨබ්බා’ති, ‘ඉති මෙ මනො අහොසි අතීතමද්ධානං, ඉති ධම්මා’ති තත්ථ න ඡන්දරාගපටිබද්ධං හොති විඤ්ඤාණං. න ඡන්දරාගපටිබද්ධත්තා විඤ්ඤාණස්ස න තදභිනන්දති, න තදභිනන්දන්තො එවම්පි - ‘පුබ්බමන්තමනිස්සිතො,’ ‘අථවා, යානා’ස්සු තානි පුබ්බෙ මාතුගාමෙන සද්ධිං හසිතලපිතකීළිතානි, න තදස්සාදෙති, න තං නිකාමෙති; න ච තෙන විත්තිං ආපජ්ජති, එවම්පි ‘පුබ්බමන්තමනිස්සිතො.’
පුබ්බමන්තමනිස්සිතො - ‘පුබ්බන්ත’යී අතීතකාලය කියනු ලැබෙයි. අතීතකාලය නිසා තෘෂ්ණාව ප්‍රහීණ කරන ලද්දී දෘෂ්ටිය දුරලන ලද්දී වෙයි, තෘෂ්ණාව ප්‍රහීණ හෙයින් දෘෂ්ටිය දුරැලූ හෙයින් මෙසේත් පූර්වාන්තය අනිඃශ්‍රිත වෙයි; නොහොත් අතීත කාලයෙහි මෙබඳු රූ ඇතියෙම් වීමී’ එහි ඇලීම නො එළවයි, ‘මෙබඳු වේදනා ඇතියෙම් වීමි, මෙබඳු සංඥා ඇතියෙම් වීමී, මෙබඳු සංස්කාර ඇතියෙම් වීමී, මෙබඳු විඥාන ඇතියෙම් වීමී’ එහි ඇලීම නො එළවයි. මෙසේත් පූර්වාන්තය අනිඃශ්‍රිත වෙයි; නොහොත් ‘මාගේ ඇස අතීතයෙහි මෙසේ විය, රූපයෝ මෙසේ වූහ’යි එහි විඥානය ඡන්දරාගය පිළිබැදි වූයේ නො වෙයි, විඥානය ඡන්දරාග ප්‍රතිබද්ධ නො වූ හෙයින් එය නො කැමැති වෙයි; එය නො කැමැති වනුයේ මෙසේත් ‘පුබ්බමන්තමනිස්සිතො’ යනු වේ. ‘මාගේ ශ්‍රෝතප්‍රසාදය අතීතකාලයෙහි මෙසේ විය, ශබ්දයෝ මෙසේ වූහ’යි - ‘මාගේ ඝ්රාණපුසාදය අතීතයෙහි මෙසේ විය, ගන්ධයෝ මෙසේ වූහ’යි - ‘මාගේ ජිහ්වාප්‍රසාදය අතීතයෙහි මෙසේ විය, රසයෝ මෙසේ වූහ’යි - ‘මාගේ කායප්‍රසාදය අතීතයෙහි මෙසේ විය, ස්ප්‍රෂ්ටව්‍යයෝ මෙසේ වූහ’යි - ‘මාගේ භවාඞ්ග චිත්තය මෙසේ විය, මාගේ ත්‍රෛභූමක ධර්මාලම්බනයෝ මෙසේ වූහ’යි එහි විඥානය ඡන්දරාගප්රතිබද්ධ වූයේ නො වෙයි, විඥානය ඡන්දරාගප්රතිබද්ධ නො වූ හෙයින් එය නො කැමැති වෙයි, එය නො කැමැති වනුයේ මෙසේත් -‘පුබ්බමන්තමනිස්සිතො’ යනු වේ. නොහොත් පෙර මාගමක සමග යම්බඳු ඒ ඒ කෙළිසිනාබස් වී නම් එය ආස්වාද නො කෙරෙයි, එය නො කැමැති වෙයි, එයින් නො ද සතුටට පැමිණේ. මෙසේත් -‘පුබ්බමන්තමනිස්සිතො’ යනු වේ.
වෙමජ්ඣෙනුපසංඛෙය්යොති - ‘වෙමජ්ඣං: වුච්චති පච්චුප්පන්නො අද්ධා, පච්චුප්පන්නං අද්ධානං ආරබ්භ තණ්හා පහීනා හොති, දිට්ඨි පටිනිස්සට්ඨා; තණ්හාය පහීනත්තා දිට්ඨියා පටිනිස්සට්ඨත්තා ‘රත්තො’ති නූපසංඛෙය්යො, ‘දුට්ඨො’ති නූපසංඛෙය්යො, ‘මූළ්හො’ති නූපසංඛෙය්යො, ‘විනිබද්ධො’ති නූපසංඛෙය්යො, ‘පරාමට්ඨො’ති නූපසංඛෙය්යො, ‘වික්ඛෙපගතො’ති නූපසංඛෙය්යො, ‘අනිට්ඨං ගතො’ ති නූපසංඛෙය්යො, ‘ථාමගතො’ති නූපසංඛෙය්යො: තෙ අභිසඞ්ඛාරා පහීනා, අභිසඞ්ඛාරානං පහීනත්තා ගතියා නූපසංඛෙය්යො: නෙරයිකොති වා තිරච්ඡානයොනිකොති වා පෙත්තිවිසයිකොති වා මනුස්සොති වා දෙවොති වා රූපීති වා අරූපීති වා සඤ්ඤීති වා අසඤ්ඤීති වා නෙවසඤ්ඤීනාසඤ්ඤීති වා; සො හෙතු නත්ථි, පච්චයො නත්ථි, කාරණං නත්ථි, යෙන සඞ්ඛං ගච්ඡෙය්යාති - ‘වෙමජ්ඣෙනුපසඞ්ඛෙය්යො.’
වෙමජ්ඣෙනුපසඞ්ඛෙය්යො - ‘වෙමජ්ඣෙ’යී පවත්නා කාලය කියනු ලැබෙයි; වර්තමානකාලය අරබයා තෘෂ්ණාව ප්‍රහීණ වූවා, දෘෂ්ටිය දුරලන ලද්දී වෙයි, තෘෂ්ණාව ප්‍රහීණ බැවින් දෘෂ්ටිය දුරැලූ බැවින් ‘රාගයෙන් රක්ත’ යැයි නො ගිණියැ යුත්තේ යැ, ‘දුෂ්ට’ යැයි - ‘මූඪ’ යැයි - මානයෙන් බැඳිණැ’ යි - ‘දෘෂ්ටියෙන් පරාමෘෂ්ට’ යැයි - ඖද්ධත්‍යයෙන් වික්ෂේපයට පැමිණිණැ’යි - විචිකිත්සායෙන් අනිෂ්ඨාවට ගියේයැ’යි - ‘අනුශයෙන් දැඩිබවට ගියේයැ’යි නො ගිණියැ යුත්තේ යැ; ඒ කර්මාභිසංස්කාරයෝ ප්‍රහීණයහ, ප්‍රහීණ බැවින් ‘නෙරිසත් වනැ’යි හෝ ‘තිරිසන්යෝනි ඇතියෙකැ’යි හෝ ‘ප්රෙතගති ඇතියෙකැ’යි හෝ ‘මිනිස් වන්නේයැ’යි හෝ ‘දෙවි වන්නේයැ’යි හෝ ‘රූපී යැ’යි හෝ ‘අරූපී යැ’යි හෝ ‘සංඥී යැ’යි හෝ ‘අසංඥී යැ’යි හෝ ‘නෛවසංඥීනාසංඥී යැ’යි හෝ ගතියෙන් නො ගිණියැ යුත්තේ ය; යම් හෙයෙකින් සඞ්ඛ්‍යාවට යන්නේ නම්, ඒ හේතුව නැත ඒ ප්‍රත්‍යය නැත කාරණය නැත් නුයි ‘වෙමජ්ඣෙනුපසඞ්ඛෙය්යො’ යනු වේ.
තස්ස නත්ථි පුරෙක්ඛතන්ති - ‘තස්සා’ති අරහතො ඛීණාසවස්ස; පුරක්ඛාරොති ද්වෙ පුරෙක්ඛාරා: තණ්හාපුරෙක්ඛාරො ච දිට්ඨිපුරෙක්ඛාරො ච, -පෙ- අයං තණ්හාපුරෙක්ඛාරො -පෙ- අයං දිට්ඨිපුරෙක්ඛාරො, තස්ස තණ්හාපුරෙක්ඛාරො පහීනො, දිට්ඨිපුරෙක්ඛාරො පටිනිස්සට්ඨො; තණ්හාපුරෙක්ඛාරස්ස පහීනත්තා දිට්ඨිපුරෙක්ඛාරස්ස පටිනිස්සට්ඨත්තා න තණ්හං වා දිට්ඨිං වා පුරතො කත්වා චරති, න තණ්හාධජො න තණ්හාකෙතු න තණ්හාධිපතෙය්යො, න දිට්ඨිධජො න දිට්ඨිකෙතු න දිට්ඨාධිපතෙය්යො, න තණ්හාය වා දිට්ඨියා වා පරිවාරිතො චරති; එවම්පි - ‘තස්ස නත්ථි පුරෙක්ඛතං.’ ‘අථවා, ‘එවංරූපො සියං අනාගතමද්ධාන’න්ති තත්ථ නන්දිං න සමන්නානෙති; ‘එවංවෙදනො සියං - එවංසඤ්ඤො සියං- එවංසඞ්ඛාරො සියං - එවංවිඤ්ඤාණො සියං ‘අනාගතමද්ධාන’න්ති තත්ථ නන්දිං න සමන්නානෙති: එවම්පි - ‘තස්ස නත්ථි පුරෙක්ඛතං. ‘අථවා, ‘ඉති මෙ චක්ඛු සියා අනාගතමද්ධානං, ඉති රූපා: ති අප්පටිලද්ධස්ස පටිලාභාය චිත්තං න පණිදහති; චෙතසො අප්පණිධානප්පච්චයා න තදභිනන්දති, න තදභිනන්දන්තො එවම්පි - ‘තස්ස නත්ථි පුරෙක්ඛතං. ‘ඉති මෙ සොතං සියා අනාගතමද්ධානං, ඉති සද්දා’ති - ‘ඉති මෙ ඝානං සියා අනාගතමද්ධානං, ඉති ගන්ධා’ති - ‘ඉති මෙ ජිව්හා සියා අනාගතමද්ධානං, ඉති රසා’ති - ‘ඉති මෙ කායො සියා අනාගතමද්ධානං, ඉති ඵොට්ඨබ්බා’ති - ‘ඉති මෙ මනො සියා අනාගතමද්ධානං, ඉති ධම්මා’ති අප්පටිලද්ධස්ස පටිලාභාය චිත්තං න පණිදහති; චෙතසො අප්පණිධානප්පච්චයා න තදභිනන්දති; න තදභිනන්දන්තො; එවම්පි - ‘තස්ස නත්ථි පුරෙක්ඛතං. ‘අථවා ‘ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වා’ති අප්පටිලද්ධස්ස පටිලාභාය චිත්තං න පණිදහති; චෙතසො අප්පණිධානප්පච්චයා න තදභිනන්දති, න තදභිනන්දන්තො එවම්පි - ‘තස්ස නත්ථි පුරෙක්ඛතං.’
තස්ස නත්ථි පුරෙක්ඛතං - ‘තස්ස’ යනු: අර්හත් ක්ෂීණාස්රව හට, පුරෙක්ඛාර නම්: තෘෂ්ණාපුරස්කාරය ද දෘෂ්ටිපුරස්කාරය දැ’යි දෙ පුරස්කාර කෙනෙක් වෙති... ඔහු විසින් තෘෂ්ණාපුරස්කාරය ප්‍රහීණ යැ දෘෂ්ටිපුරස්කාරය දුරලන ලද, තෘෂ්ණාපුරස්කාරය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිපුරස්කාරය දුරැලූ බැවින් තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පෙරටු කොට නො හැසිරෙයි, තෘෂ්ණාධ්වජ ඇතියේ නො වෙයි, තෘෂ්ණාකෙතු ඇතියේ - තෘෂ්ණාව අධිපති කොට ඇතියේ දෘෂ්ටිධ්වජ ඇතියේ - දෘෂ්ටිකෙතු ඇතියේ දෘෂ්ටිය අධිපති කොට ඇතියේ නො වෙයි; තෘෂ්ණාව විසින් හෝ දෘෂ්ටිය විසින් හෝ පිරිවරන ලදුයේ නො හැසිරෙයි; මෙසේ ත් ‘තස්ස නත්ථි පුරෙක්ඛතං’ යනු වේ. නොහොත් ‘අනාගතකාලයෙහි මෙබඳු රූ වෙම්ව’යි එහි නන්දිය (-තෘෂ්ණාව) නො එළවයි, ‘මෙබඳු වේදනා ඇති වෙම්ව’යි ‘මෙබඳු සංඥා ඇති වෙම්ව’යි - ‘මෙබඳු සංස්කාර ඇති වෙම්ව’යි - අනාගතයෙහි මෙබඳු විඥාන ඇති වෙම්ව’යි එහි සතුට නො එළවයි; මෙසේත් - ‘තස්ස නත්ථි පුරෙක්ඛතං’ යනු වේ. නොහොත් ‘මාගේ ඇස අනාගතකාලයෙහි මෙසේ වන්නේය, රූපයෝ මෙසේ වන්නාහ’යි නො ලද්දහු ගේ ලැබීම පිණිස සිත නො පිහිටුවයි; චිත්තයා ගේ ප්‍රාර්‍ත්‍ථනා නො තබන හෙයින් ඊට සතුටු නො වෙයි, ඊට සතුටු නො වන්නේ මෙසේ ත් - ‘තස්ස නත්ථි පුරෙක්ඛතං’ යනු වේ. මාගේ ශ්‍රෝතප්‍රසාදය අනාගතයෙහි මෙසේ වන්නේය, ශබ්දයෝ මෙසේ වන්නාහ’යි - මාගේ ඝ්‍රාණප්‍රසාදය අනාගතයෙහි මෙසේ වන්නේය, ගන්ධයෝ මෙසේ වන්නාහ’යි - ‘මාගේ ජිහ්වාප්‍රසාදය අනාගතයෙහි මෙසේ වන්නේය, රසයෝ මෙසේ වන්නාහ’යි - මාගේ කායප්‍රසාදය අනාගතයෙහි මෙසේ වන්නේය, ස්ප්‍රෂ්ටව්‍යයෝ මෙසේ වන්නාහ’යි - ‘මාගේ භවාඞ්ගචිත්තය අනාගතයෙහි මෙසේ වන්නේය, ත්රෛභූමකධර්මාලම්බනයෝ මෙසේ වන්නාහ’යි නො ලද්දහුගේ ලැබීම පිණිස සිත නො පිහිටුවයි, චිත්තයාගේ ප්‍රාර්‍ත්‍ථනා නො තබන හෙයින් ඊට සතුටු නො වෙයි, ඊට සතුටු නො වනුයේ මෙසේ ත් ‘තස්ස නත්ථි පුරෙක්ඛතං’ යනු වේ. නොහොත් ‘මම් මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්‍ය්‍යයෙන් හෝ දෙවියෙක් හෝ දෙවාන්යතරයෙන් හෝ වන්නෙමී’ නො ලද්දහු ලැබීම පිණිස සිත නො පිහිටුවයි, සිත නොපිහිටුවීම හේතු කොට ගෙන ඊට නො කැමැති වනුයේ මෙසේත් ‘තස්ස නත්ථි පුරෙක්ඛතං’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“වීතතණ්හො පුරාභෙදා (ඉති භගවා) පුබ්බමන්තමනිස්සිතො, වෙමජ්ඣෙනුපසංඛෙය්යො තස්ස නත්ථි පුරෙක්ඛත”න්ති.
“වීතතණ්හො පුරාභෙදා -පෙ- තස්ස නත්ථි පුරෙක්ඛතං” යී.