11. 7
11. 7.
11. 7.
කොධො මොසවජ්ජඤ්ච කථඞ්කථා ච එතෙපි ධම්මා ද්වයමෙව සන්තෙ, කථංකථී ඤාණපථාය සික්ඛෙ ඤත්වා පවුත්තා සමණෙන ධම්මා.
ක්‍රෝධය ද මෘෂාවාදය ද විචිකිත්සාව ද යන මේ ධර්මයෝ ද සාතාසාත දෙක ඇති කල්හි මැ වෙති, විචිකිත්සා සහිත වූ පුද්ගල තෙම ඥානදර්ශනඥානාධිගමය පිණිස ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මෙන්නේ ය, බුද්ධශ්‍රමණයන් විසින් දැන (අනිත්‍යාදි) ධර්මයෝ දෙසන ලද්දාහු ය
කොධො මොසවජ්ජඤ්ච කථඞ්කථා චාති - ‘කොධො’ති යො එවරූපො චිත්තස්ස ආඝාතො පටිඝාතො -පෙ- මොසවජ්ජං වුච්චති මුසාවාදො, කථංකථා වුච්චති විචිකිච්ඡා; ඉට්ඨං වත්ථුං නිස්සායපි කොධො ජායති; අනිට්ඨං වත්ථුං නිස්සායපි කොධො ජායති. ඉට්ඨං වත්ථුං නිස්සායපි මුසාවාදො උප්පජ්ජති. අනිට්ඨං වත්ථුං නිස්සායපි මුසාවාදො උප්පජ්ජති, ඉට්ඨං වත්ථුං නිස්සායපි කථඞ්කථා උප්පජ්ජති, අනිට්ඨං වත්ථුං. නිස්සායපි කථඞ්කථා උප්පජ්ජති.
කොධො මොසවජ්ජං ච කථඞකථා ච - ‘කොධො’ යනු: මෙබඳු වූ චිත්තයාගේ යම් ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක්... ‘මොසවජ්ජ’යී මෘෂාවාදය කියනු ලැබෙයි; ‘කථඞකථා’යී විචිකිත්සාව කියනු ලබයි; ඉෂ්ටවස්තුව නිසා ද කෝපය උපදී, අනිෂ්ටවස්තුව නිසා ද කෝපය උපදි; ඉෂ්ටවස්තුව නිසා ද මෘෂාවාදය උපදී, අනිෂ්ටවස්තුව නිසා ද මෘෂාවාදය උපදි; ඉෂ්ටවස්තුව නිසා ද විචිකිත්සාව උපදී, අනිෂ්ටවස්තුව නිසා ද විචිකිත්සාව උපදී;
කථං අනිට්ඨං වත්ථුං නිස්සාය කොධො ජායති? පකතියා අනිට්ඨං වත්ථුං නිස්සාය කොධො ජායති: අනත්ථං මෙ අචරීති කොධො ජායති. අනත්ථං මෙ චරතීති කොධො ජායති. අනත්ථං මෙ චරිස්සතීති කොධො ජායති. පියස්ස මෙ මනාපස්ස අනත්ථං අචරි - අනත්ථං චරති - අනත්ථං චරිස්සතීති කොධො ජායති. අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරි - අත්ථං චරති - අත්ථං චරිස්සතීති කොධො ජායති. එවං අනිට්ඨං වත්ථුං නිස්සාය කොධො ජායති. කථං ඉට්ඨං වත්ථුං නිස්සාය කොධො ජායති? ඉට්ඨං වත්ථුං අච්ඡෙදසඞ්කිනොපි කොධො ජායති, අච්ඡිද්දන්තෙපි කොධො ජායති, අච්ඡින්නෙපි කොධො ජායති. ඉට්ඨං වත්ථුං විපරිණාමසඞ්කිනොපි කොධො ජායති. විපරිණමන්තෙපි කොධො ජායති. විපරිණතෙපි කොධො ජායති. එවං ඉට්ඨං වත්ථුං නිස්සාය කොධො ජායති.
කිසෙයින් අනිෂ්ටවස්තුව නිසා කෝපය උපදී ද යත්: පියවින් මැ අනිෂටවස්තුව නිසා කෝපය උපදී; ‘මට අනර්‍තථ කෙළේ යැ’යි කෝපය උපදී, මට අනර්‍තථ කෙරෙයි කෝපය උපදී, ‘මට අනර්‍තථ කරන්නේ යැ’යි කෝපය උපදී, ‘මාගේ ප්‍රිය වූ මනාප වූවහුට අනර්‍තථ කෙළේය - අනර්‍තථ කරයි – අනර්‍තථ කරන්නේයැ’යි කෝපය උපදී; මා ගේ අප්‍රිය අමනාප වූවහුට අර්ත්ථ කෙළේය – අර්ත්ථ කරයි - අර්ත්ථ කරන්නේයැ’යි කෝපය උපදී, මෙසේ අනිෂ්ට වස්තුව නිසා ක්‍රෝධය උපදී. කිසෙයින් ඉෂ්ටවස්තුව නිසා ක්‍රෝධය උපදී ද යත්: ඉෂ්ටවස්තුව ‘අසිඳ ගනිතී’ සැක ඇත්තහුට ද ක්‍රෝධය උපදී, ඉෂ්ටවස්තුව අසිඳුනා කල්හි දු ක්‍රෝධය උපදී, ඉෂ්ටවස්තුව අසිඳගත් කල්හි දු ක්‍රෝධය උපදී, ඉෂ්ටවස්තුව ‘වෙනස් වෙතී’ සැක ඇත්තහුට ද ක්‍රෝධය උපදී, ඉෂ්ටවස්තුව වෙනස් වන කල්හි දු ක්‍රෝධය උපදී, ඉෂ්ටවස්තුව වෙනස් වූ කල්හි දු ක්‍රෝධය උපදී; මෙසේ ඉෂ්ටවස්තුව නිසා ක්‍රෝධය උපදී.
කථං අනිට්ඨං වත්ථුං නිස්සාය මුසාවාදො උප්පජ්ජති? ඉධෙකච්චො අන්දුබන්ධනෙන වා බද්ධො තස්ස බන්ධනස්ස මොක්ඛත්ථාය සම්පජානමුසා භාසති. රජ්ජුබන්ධනෙන වා බද්ධො, සඞ්ඛලිකබන්ධනෙන වා බද්ධො, වෙත්තබන්ධනෙන වා බද්ධො, ලතාබන්ධනෙන වා බද්ධො, පක්ඛෙපබන්ධනෙන වා බද්ධො, පරික්ඛෙපබන්ධනෙන වා බද්ධො, ගාමනිගමනගරජනපදරට්ඨබන්ධනෙන වා බද්ධො, ජනපදබන්ධනෙන වා බද්ධො, තස්ස බන්ධනස්ස මොක්ඛත්ථාය සම්පජානමුසා භාසති. එවං අනිට්ඨං වත්ථුං නිස්සාය මුසාවාදො උප්පජ්ජති. කථං ඉට්ඨං වත්ථුං නිස්සාය මුසාවාදො උප්පජ්ජති? ඉධෙකච්චො මනාපිකානං රූපානං හෙතු සම්පජානමුසා භාසති, මනාපිකානං සද්දානං - ගන්ධානං - රසානං ඵොට්ඨබ්බානං හෙතු - චීවර හෙතු - පිණ්ඩපාතහෙතු - සෙනාසනහෙතු - ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු සම්පජානමුසා භාසති, එවං ඉට්ඨං වත්ථුං නිස්සාය මුසාවාදො උප්පජ්ජති. කථං අනිට්ඨං වත්ථුං නිස්සාය කථඞ්කථා උප්පජ්ජති? ‘මුච්චිස්සාමි නු ඛො චක්ඛුරොගතො, න නු ඛො මුච්චිස්සාමි චක්ඛුරොගතො, මුච්චිස්සාමි නු ඛො සොතරොගතො, ඝානරොගතො, ජිව්හාරොගතො, කායරොගතො, සීසරොගතො, කණ්ණරොගතො, මුඛරොගතො, මුච්චිස්සාමි නු ඛො දන්තරොගතො, න නු ඛො මුච්චිස්සාමි දන්තරොගතො’ති එවං අනිට්ඨං වත්ථුං නිස්සාය කථඞ්කථා උප්පජ්ජති. කථං ඉට්ඨං වත්ථුං නිස්සාය කථඞ්කථා උප්පජ්ජති? ‘ලභිස්සාමි නු ඛො මනාපියෙ රූපෙ, න නු ඛො ලභිස්සාමි මනාපියෙ රූපෙ, ලභිස්සාමි නු ඛො මනාපියෙ සද්දෙ, ගන්ධෙ, රසෙ, ඵොට්ඨබ්බෙ, කුලං ගණං ආවාසං ලාභං යසං පසංසං සුඛං චීවරං පිණ්ඩපාතං සෙනාසනං ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාර’න්ති එවං ඉට්ඨං වත්ථුං නිස්සාය කථඞ්කථා උප්පජ්ජතී’ති - කොධො මොසවජ්ජඤ්ච කථඞ්කථා ච.
කිසෙයින් අනිෂටවස්තුව නිසා මෘෂාවාදය උපදී ද යත්: මෙහි එකෙක් අන්ද්රබන්ධනයෙන් (−යදමින්) හෝ බඳනා ලදුයේ ඒ බන්ධනය මුදනු සඳහා දැන දැන බොරු කියයි, රැහැනින් හෝ බඳනා ලදුයේ − හැකිළි බැඳුමෙන් හෝ බඳනා ලදුයේ − වේ වැලින් හෝ බඳනා ලදුයේ– ලතාබන්ධනයෙන් හෝ බඳනා ලදුයේ − සිරබැඳුමෙන් හෝ බඳනා ලදුයේ– පවුරුබැඳුමෙන් හෝ බඳනා ලදුයේ − ගම් නියම්ගම් නගර රටබැඳුමෙන් හෝ බඳනා ලදුයේ – දනවුබැඳුමෙන් හෝ බඳනා ලදුයේ ඒ බන්ධනය මුදනු සඳහා දැන දැන බොරැ කියයි; මෙසේ අනිෂ්ට වස්තුව නිසා මුසාවාදය උපදී. කිසෙයින් ඉෂ්ටවස්තුව නිසා මුසාවාදය උපදී ද යත්? මෙහි එකෙක් මනවඩන රෑපයන් හේතු කොට දැන දැන බොරු කියයි, මන වඩන ශබ්දයක්- ගන්ධ - රස ස්ප්‍රෂ්ටව්‍යයන් හේතු කොට - සිවුරු හේතුයෙන් පිණ්ඩපාත – සෙනසුන් - ගිලන්පස බෙහෙත් පිරිකර හේතුයෙන් දැන දැන බොරු කියයි. මෙසේ ඉෂ්ටවස්තුව නිසා මෘෂාවාදය උපදී. කිසෙයින් අනිෂටවස්තුව නිසා විචිකිත්සාව (-සැකය) උපදී ද යත්? චක්‍ෂුරෝගයෙන් මිදෙම් දෝ හෝ චක්‍ෂුරෝගයෙන් නො මිදෙම් දෝ හෝ ශ්‍රොත්‍රරොගයෙන් ඝ්‍රාණරොගයෙන් - ජීහවාරොගයෙන් − කායරොගයෙන් − ශිර්ෂරොගයෙන් කර්‍ණරෝගයෙන් – මුඛරොගයෙන් - දනතරොගයෙන් මිදෙම් දො හෝ, දන්ත රෝගයෙන් නො මිදෙම් දෝ හෝ’යි මෙසේ අනිෂටවස්තුව නිසා සැක උපදී, කෙසේ ඉෂ්ටවස්තුව නිසා සැක උපදී ද යත්? මනවඩන රෑපයන් ලැබෙම් දෝ හෝ, ‘මනවඩන රූපයන් නො ලැබෙම් දෝ හෝ, මනවඩන ශබ්ද– ගන්ධ – රස - ස්ප්‍රෂ්ටව්‍යයන් - කුලයා - ගණයා - ආවාසය - ලාභය- යශස් - පැසැසුම් – සුව – සිවුරු පිණ්ඩපාත - සෙනසුන් - ගිලන්පසබෙහෙත්පිරිකර නො ලැබෙම් දෝ හෝ’යි මෙසේ ඉෂ්ටවස්තුව නිසා සැක උපදී නුයි ‘කොධො මොසවජ්ජං ව කථඞකථා ච’ යනු වේ.
එතෙපි ධම්මා ද්වයමෙව සන්තෙති - සාතාසාතෙ සන්තෙ සුඛදුක්ඛෙ සන්තෙ සොමනස්සදොමනස්සෙ සන්තෙ ඉට්ඨානිට්ඨෙ සන්තෙ අනුනයපටිඝෙ සන්තෙ සංවිජ්ජමානෙ අත්ථි උපලබ්භමානෙති - එතෙපි ධම්මා ද්වයමෙව සන්තෙ.
එතෙ පි ධම්මා දවයමෙව සනතෙ - සාතාසාත (දෙක) ඇති කල්හි සුව - දුක් ඇති කල්හි සොම්නස් දොම්නස් ඇති කල්හි ඉටු අනිටු ඇති කල්හි අනුනය ප්රතිඝයන් විද්‍යාමාන කල්හි සංවිද්‍යාමාන කල්හි ඇති කල්හි ලැබෙන කල්හි නුයි ‘එතෙපි ධම්මා දවයමෙව සනෙත’ යනු වේ.
කථඞ්කථී ඤාණපථාය සික්ඛෙති - ඤාණම්පි ඤාණපථො ඤාණස්ස ආරම්මණම්පි ඤාණපථො; ඤාණසහභුනොපි ධම්මා ඤාණපථො; යථාඅරියමග්ගො අරියපථො, දෙවමග්ගො දෙවපථො, බ්රහ්මමග්ගො බ්රහ්මපථො; එවමෙව ඤාණම්පි ඤාණපථො, ඤාණස්ස ආරම්මණම්පි ඤාණපථො, ඤාණසහභුනොපි ධම්මා ඤාණපථො; සික්ඛෙති තිස්සො සික්ඛා: අධිසීලසික්ඛා අධිචිත්තසික්ඛා අධිපඤ්ඤාසික්ඛා. කතමා අධිසීලසික්ඛා? ඉධ භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති, ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු; ඛුද්දකො සීලක්ඛන්ධො මහන්තො සීලක්ඛන්ධො සීලං පතිට්ඨා ආදි චරණං සංවරො මුඛං පමුඛං කුසලානං ධම්මානං සමාපත්තියා, අයං අධිසීලසික්ඛා. කතමා අධිචිත්තසික්ඛා? ඉධ භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති; අයං අධිචිත්තසික්ඛා. කතමා අධිපඤ්ඤාසික්ඛා? ඉධ භික්ඛු පඤ්ඤවා හොති, උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා: සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති; ඉමෙ ආසවා’ති යථාභූතං පජානාති -පෙ- අයං ආසවනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති, අයං අධිපඤ්ඤාසික්ඛා.
කථඞකථි ඤාණපථාය සික්ඛෙ - ඥානය ඥානපථ යැ, ඥාතයා ගේ අරමුණ ද ඥානපථ යැ, ඥානය හා සහජාත වූ ධර්මයෝ ද ඥානපථ යි; යම් සේ ආර්ය්යමාර්ගය ආර්යපථ වී ද, දෙවමාර්ගය දෙවපථ වී ද, බ්රහ්මමාර්ගය බ්‍රහ්මපථ වී ද, එසෙයින් ම ඥානය ත් ඥානපථ යැ, ඥතයා ගේ ආරම්මණය ත් ඥානපථ යැ, ඥානය සමග උපන් චිත්ත චෛතසික ධර්මයෝත් ඥානපථ යි. සිකෙබ - ශික්ෂා තුනෙකි: අධිශීලශික්‍ෂා යැ, අධිචිත්තශික්ෂා යැ, අධිප්රඥාශික්ෂා යැයි, අධිශීලශික්‍ෂා කවරී ද යත්? මේ ශාසනයෙහි මහණ තෙම සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවර වූයේ ආචාරගොවර දෙකින් සමන්විත වූයේ අණුමාත්‍ර වරදෙහි භය දක්නාසුලු වූයේ වෙසෙයි, මොනොවට ගෙන ශික්ෂාකොටඨාසයන්හි හික්මෙයි; ක්ෂුද්රශීලසකන්ධ යැ, මහත්ශීලසකන්ධ යැ (යන) ශීලය චාතුර්භූමක කුශලධර්මයන් ගේ ප්‍රතිලාභයට ප්‍රතිෂ්ඨා වෙයි, ආදි වෙයි, පාදය වෙයි, සංයමය වෙයි, සංවරය වෙයි, ද්වාරය වෙයි, ප්රමුඛ වේ. මෝ අධිශීලශික්‍ෂා යැ. අධිචිත්තශික්ෂා කවරී ද යත්? මේ සස්නෙහි මහණ තෙමේ කාමචඡන්දනීවරණයෙන් වෙන්ව මැ… සිවුවැනි දැහැනට පැමිණ වාසය කෙරෙයි; මෝ අධිචිත්තශික්ෂා යැ. අධිප්රඥාශික්ෂා කවරී ද යත්? මේ සස්නෙහි මහණ තෙමේ ප්‍රඥාවත් වෙයි, නිර්දෙෂ වූ නිර්වේධය පිණිස පවත්නා වූ මනා කොට නිවනට පමුණුවන්නා වූ අභිවෘදධිගාමිනී ප්‍රඥාවෙන් පරිපූර්ණ වූයේ වෙයි, හෙතෙම ‘මෙ දුකැ’යි තත්වූ පරිද්දෙන් දැනගනී,… ‘මෙ දුක් නැසීමට පමුණුවන පිළිවෙතැ’යි තත්වූ පරිද්දෙන් දැනගනී; මොහු ආශ්‍රවයෝ යැයි තත්වූ පරිද්දෙන් දැනගනී,...‘මේ ආශ්රවනිරෝධයට පමුණුවන ප්‍රතිපදාව යැ’යි තත් වූ පරිද්දෙන් දැනගනී. මෝ තොමෝ අධිප්රඥාශික්ෂා යි.
කථඞ්කථී ඤාණපථාය සික්ඛෙති - කථඞ්කථී පුග්ගලො සකඞ්ඛො සවිලෙඛො සද්වෙළ්හකො සවිචිකිච්ඡො ඤාණාධිගමාය ඤාණඵුසනාය ඤාණසච්ඡිකිරියාය අධිසීලම්පි සික්ඛෙය්ය, අධිචිත්තම්පි සික්ඛෙය්ය, අධිපඤ්ඤම්පි සික්ඛෙය්ය; ඉමා තිස්සො සික්ඛායො ආවජ්ජන්තො සික්ඛෙය්ය, ජානන්තො සික්ඛෙය්ය, පස්සන්තො සික්ඛෙය්ය, පච්චාවෙක්ඛන්තො සික්ඛෙය්ය, චිත්තං අධිට්ඨහන්තො සික්ඛෙය්ය, සද්ධාය අධිමුච්චන්තො සික්ඛෙය්ය, විරියං පග්ගණ්හන්තො සික්ඛෙය්ය, සතිං උපට්ඨපෙන්තො සික්ඛෙය්ය. චිත්තං සමාදහන්තො සික්ඛෙය්ය. පඤ්ඤාය පජානන්තො සික්ඛෙය්ය, අභිඤ්ඤෙය්යං අභිජානන්තො සික්ඛෙය්ය, පරිඤ්ඤෙය්යං පරිජානන්තො සික්ඛෙය්ය, පහාතබ්බං පජහන්තො සික්ඛෙය්ය, භාවෙතබ්බං භාවෙන්තො සික්ඛෙය්ය, සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තො සික්ඛෙය්ය ආචරෙය්ය සමාචරෙය්ය, සමාදාය වත්තෙය්යා’ති - කථඞ්කථී ඤාණපථාය සික්ඛෙ.
කථඞකථි ඤාණපථාය සික්ඛෙ – විචිකිත්සාවත් පුද්ගල තෙමේ සැක සහිත වූයේ චිතතවිලෙඛ (-සිතේ හිරි) සහිත වූයේ දෙසිත් සහිතවූයේ විචිකිත්සා සහිත වූයේ නුවණ ලැබීම පිණිස ඥානස්පර්ශය පිණිස නුවණ ප්රත්යක්ෂ කිරීම පිණිස අධිශීලයෙහි ද හික්මෙන්නේය, අධිචිත්තයෙහි ද හික්මෙන්නේය අධිප්‍රඥාවෙහි ද හික්මෙන්නේය; මෙහි ත්‍රිවිධ ශික්ෂාවන් ආවර්ජන කෙරෙමින් හික්මෙන්නේය, දනිමින් හික්මෙන්නේය, දක්මින් හික්මෙන්නේය, ප්රත්යවේක්ෂා කරමින් හික්මෙන්නේය, සිතෙහි පිහිටුවමින් හික්මෙන්නේය, සැදැහැයෙන් සනිටුහන් කෙරෙමින් හික්මෙන්නේය, වීර්‍ය්‍යය දැඩිව ගනිමින් හික්මෙන්නේය, සිහියට එළවමින් හික්මෙන්නේය, සිත පිහිටුවමින් හික්මෙන්නේය, නුවණින් දැනගනිමින් හික්මෙන්නේය, (ස්වලක්ෂණාවබෝධයෙන්) දතයුත්ත විශිෂ්ටඥානයෙන් දැනගනිමින් හික්මෙන්නේය, (සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන් කෘත්යවසයෙන්) දතයුත්ත හාත්පසින් දැනගනිමින් හික්මෙන්නේය, හළයුතු සමුදය දුරුකරමින් හික්මෙන්නේය, වැඩියයුතු මාර්ගය වඩමින් හික්මෙන්නේය, ප්රත්යක්ෂ කටයුතු නිවන ප්රත්යක්ෂ කරමින් හික්මෙන්නේය, හැසිරෙන්නේය, මොනොවට හැසිරෙන්නේය, සමාදන්ව පවත්නේ නුයි ‘කථඞකථි ඤාණපථාය සිකෙබ’ යනු වේ.
ඤත්වා පවුත්තා සමණෙන ධම්මාති - ‘ඤත්වා’ති ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා වුත්තා පවුත්තා ආචික්ඛිතා දෙසිතා පඤ්ඤපිතා පට්ඨපිතා විවටා විභත්තා උත්තානීකතා පකාසිතා’ සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා, වුත්තා පවුත්තා ආචික්ඛිතා දෙසිතා පඤ්ඤපිතා පට්ඨපිතා විවටා විභත්තා උත්තානීකතා පකාසිතා. සබ්බෙ සඞ්ඛාරා දුක්ඛාති - සබ්බෙ ධම්මා අනත්තාති - අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති -පෙ- ජාතිපච්චයා ජරාමරණන්ති - අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධොති -පෙ- ජාතිනිරොධා ජරාමරණනිරොධොති, ඉදං දුක්ඛන්ති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති. ඉමෙ ආසවාති -පෙ- අයං ආසවනිරොධගාමිනී පටිපදාති, ඉමෙ ධම්මා අභිඤ්ඤෙය්යාති, ඉමෙ ධම්මා පරිඤ්ඤෙය්යාති, ඉමෙ ධම්මා පහාතබ්බාති, ඉමෙ ධම්මා සච්ඡිකාතබ්බා’ති, ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච, පඤ්චන්නං උපාදානක්ඛන්ධානං - චතුන්නං මහාභූතානං ‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’න්ති ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා, වුත්තා පවුත්තා ආචික්ඛිතා දෙසිතා පඤ්ඤාපිතා පට්ඨපිතා විවටා විභත්තා උත්තානීකතා පකාසිතා. වුත්තං හෙතං භගවතා’ “අභිඤ්ඤායාහං භික්ඛවෙ ධම්මං දෙසෙමි; නො අනභිඤ්ඤාය. සනිදානාහං භික්ඛවෙ ධම්මං දෙසෙමි; නො අනිදානං. සප්පාටිහාරියාහං භික්ඛවෙ ධම්මං දෙසෙමි; නො අප්පාටිහාරියං. තස්ස මය්හං භික්ඛවෙ අභිඤ්ඤාය ධම්මං දෙසයතො නො අනභිඤ්ඤාය, සනිදානං ධම්මං දෙසයතො නො අනිදානං, සප්පාටිහාරියං ධම්මං දෙසයතො නො අප්පාටිහාරියං, කරණීයො ඔවාදො; කරණීයා අනුසාසනී. අලඤ්ච පන වො භික්ඛවෙ තුට්ඨියා අලං පාමොජ්ජාය අලං සොමනස්සාය ‘සම්මාසම්බුද්ධො භගවා. ස්වාක්ඛාතො ධම්මො, සුපටිපන්නො සඞ්ඝො’ති ඉමස්මිඤ්ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ දසසහස්සී ලොකධාතු අකම්පිත්ථා”ති - ඤත්වා පවුත්තා සමණෙන ධම්මා.
ඤතවා පවුත්තා සමණෙන ධම්මා - ‘ඤතවා’ යනු; දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට කියන ලද්දාහු වෙසෙසින් කියන ලද්දාහු දක්වන ලද්දාහු දෙසන ලද්දාහු තබන ලද්දාහු ප්‍රකට කරන ලද්දාහු විභාග කරන ලද්දාහු නො ගැඹුරු කරන ලද්දාහු ප්‍රකාශ කරන ලද්දාහු යැ; ‘සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ’යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට උකතයහ, ප්‍රොක්ත - ආවක්ෂිත – දේශිත - ප්‍රඥප්ත - ප්රස්ථාපිත - විවෘත - විභක්ත - උතතානීකෘත - ප්‍රකාශිතයහ,’ ‘සියලු සංස්කාරයෝ දුඃඛයහ’යි … ‘සියලු ධර්මයෝ අනාත්මයහ’යි - ‘අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති...ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණය වේ යයි -අවිද්‍යාවගේ නිරෝධයෙන් සංස්කාර නිරෝධ යයි...ජාතිනිරොධයෙත් ජරාමරණනිරෝධය වේ යයි - මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යැයි – මොහු ආස්‍රවයෝ යැයි … මේ ආස්රවනිරෝධගාමිනීප්රතිපදාව යැයි – මෙ ධර්මයෝ අවබෝධ කළයුත්තාහ’යි මේ ධර්මයෝ පරිජානනය කළයුත්තාහ’යි - මේ ධර්මයෝ ප්‍රහීණ කළ යුත්තාහ’යි - මේ ධර්මයෝ ප්රත්යක්ෂ කළයුත්තාහ’යි - සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉපදීම ද නැසීම ද අසවාදය ද ආදීනවය ද නිස්සරණය ද පඤචොපාදානස්කන්ධයන් ගේ සතර මහාභූතයන්ගේ - යම් කිසි සමුදයධර්මයක් වේ නම් ඒ සියල්ල නැසෙන පියවි ඇතැ’යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට කියන ලද්දෝ යැ වෙසෙසින් කියන ලද්දෝ යැ දක්වන ලද්දෝ යැ දෙසන ලද්දෝ යැ පනවන ලද්දෝ යැ තබන ලද්දෝ යැ විවෘත කරන ලද්දෝ යැ. විභාග කරන ලද්දෝ යැ නො ගැඹුරු කරන ලද්දෝ යැ පවසන ලද්දෝ යි. මේ වදාළේ මැනු, භාග්‍යවතුන් විසින් : - ‘මහණෙනි, මම මාර්ගාවබොධය පිණිස දහම් දෙසමි, අනභිඥාව පිණිස නො දෙසමි: මහණෙනි, මම නිදාන (-ප්‍රත්‍යය) සහිත ව දහම් දෙසමි, ප්‍රත්‍යය රහිත කොට නො දෙසමි, මහණෙනි, මම නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසමි, අනෛර්‍ය්‍යාණික කොට නො දෙසමි, මහණෙනි, අභිඥාව පිණිස දහම් දෙසන අනභිඥාව පිණිස නො දෙසන, සනිදාන කොට දහම් දෙසන අනිදාන කොට නො දෙසන, නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසන අනෛර්‍ය්‍යාණික කොට නො දෙසන ඒ මා විසින් අවවාද කටයුත්තේය, අනුශාසනා කළයුත්තීය. තවද මහණෙනි, ‘භාග්‍යවත්හු සම්යක්සමබුදධයහ, ධර්මය සවාකඛ්යාත යැ, සඩඝ තෙමේ සුප්‍රතිපන්න යැයි තොපගේ සතුටට පමණ යැ ප්රමෝදායට පමණ යැ, සොම්නසට පමණ වේ. තවද මෙ වෙය්‍යාකරණය දෙසනු ලබත කල්හි දශසහස්රීලෝකධාතුව කම්පා වී’ යයි. ‘ඤතවා පවුත්තා සමණෙන ධම්මා” යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“කොධො මොසවජ්ජඤ්ච කථඞ්කථා ච එතෙපි ධම්මා ද්වයමෙව සන්තෙ, කථංකථී ඤාණපථාය සික්ඛෙ ඤත්වා පවුත්තා සමණෙන ධම්මා”ති.
“කොධො මොසවජ්ජඤච - පෙ - ඤතවා පවුතත සමණෙන ධම්මා” යී