11. 8
11. 8.
11. 8.
සාතං අසාතඤ්ච කුතොනිදානා? කිස්මිං අසන්තෙ න භවන්ති හෙතෙ, විභවං භවඤ්චාපි යමෙතමත්ථං එතං මෙ පබ්රූහි යතොනිදානං
සුඛ වේදනාව ද දුක් වේදනාව ද (යන මෙහු) කුමක් හේතු කොටඋපදනාහු ද ? කුමක් අවිද්‍යාමාන කල්හි මොහු පහළ නො වෙත් ද ? යලි ඒ සාතාසාතයන්ගේ විනාශය ද පහළ වීම ද යන යම් මේ අර්‍තථයෙක් යමක් කරුණු කොට ඇත්තේ ද, තෙල කාරණය මට ප්‍රකාශ කළ මැනව.
සාතං අසාතඤ්ච කුතොනිදානාති - සාතා අසාතා කුතොනිදානා? කුතො ජාතා? කුතො සඤ්ජාතා? කුතො නිබ්බත්තා? කුතො අභිනිබ්බත්තා? කුතො පාතුභූතා? කින්නිදානා? කිංසමුදයා? කිඤ්ජාතිකා කිම්පභවාති සාතාසාතානං මූලං පුච්ඡති -පෙ- සමුදයං පුච්ඡති පපුච්ඡති යාචති අජ්ඣෙසති පසාදෙතීති - ‘සාතං අසාතඤ්ච කුතොනිදානා.’
සාතං අසාතං ච කුතොනිදානා – සාත අසාතවෙදනාවෝ කුමක් නිදාන කොට ඇත්තාහු ද ? කොයින් උපන්නාහු ද ? කොයින් හට– ගත්තාහු ද ? කොයින් නිපන්නාහු ද ? කොයින් පහළ වූවාහු ද ? කුමක් කරුණු කොට ඇත්තාහු ද ? කුමක් සමුදය කොට - කුමක් ජාති කොට කුමක් ප්‍රභව කොට ඇත්තාහු දැ’යි සාතාසාතයන්ගේ මූලය විචාරති... සමුදය විචාරති, පුළුවුස්ති අයැදිති අධ්‍යෙෂණ කෙරෙති පහදවත් නුයි ‘සාතං අසාතං ච කුතොනිදානා’ යනු වේ.
කිස්මිං අසන්තෙ න භවන්ති හෙතෙති - ‘කිස්මිං අසන්තෙ අසංවිජ්ජමානෙ නත්ථි අනුපලබ්භමානෙ සාතා ආසතා න භවන්ති, න ජායන්ති, න සඤ්ජායන්ති, න නිබ්බත්තන්ති, න අභිනිබ්බත්තන්තීති - ‘කිස්මිං අසන්තෙ න භවන්ති හෙතෙ.’
කිසමිං අයනේත න භවනති හෙතෙ – කුමක් අවිද්‍යාමාන කල්හි අසංවිද්‍යාමාන කල්හි නැති කල්හි නො ලැබෙන කල්හි සාතවෙදනාත් අසාතවෙදනාත් නො වෙත් ද, නූපදිත් ද, නො හටගනිත් ද, නො නිපදිත් ද, නො පහළ වෙත් දැ’යි ‘කිස්මිං අසනෙත න භවන්ති හෙතෙ’ යනු වේ.
විභවං භවඤ්චාපි යමෙතමත්ථන්ති - කතමො සාතාසාතානං භවො? යො සාතාසාතානං භවො පභවො ජාති සඤ්ජාති නිබ්බත්ති අභිනිබ්බත්ති පාතුභාවො, අයං සාතාසාතානං භවො. කතමො සාතාසාතානං විභවො? යො සාතාසාතානං ඛයො වයො භෙදො පරිභෙදො අනිච්චතා අන්තරධානං. අයං සාතාසාතානං විභවො;. යමෙතමත්ථන්ති යං පරමත්ථන්ති - ‘විභවං භවඤ්චාපි යමෙතමත්ථං.’
විභවං භවඤචාපි යමෙතමතථං - සාතාසාතයන්ගේ භවය (–හට ගැනීම) කවරේ ද යත්? සාතාසාතයන්ගේ යම් භවයෙක් ප්රභවයෙක් ජාතියෙක් සඤජාතියෙක් නිර්වෘත්තියෙක් අභිනිර්වෘත්තියෙක් ප්රාදුර්භාවයෙක් වේ ද මේ සාතාසාතයන්ගේ ඉපැද්ම යැ; සාතාසාතයන්ගේ විනාශය කවරේ ද යත්? සාතාසාතයන්ගේ යම් ක්ෂය වීමෙක් ව්‍යය වීමෙක් බිඳීමෙක් හාත්පසින් බිඳීමෙක් අනිත්‍ය බවෙක් අතුරුදහන් වීමෙක් වේ ද, මෙ සාතාසාතයන්ගේ විනාශය යි. යමෙතමතථං යනු: යම් පරමාර්ථයෙක් නුයි ‘විභවං භවඤාපි යමෙතමතථං’ යනු වේ.
එතං මෙ පබ්රූහි. යතොනිදානන්ති - ‘එත’න්ති යං පුච්ඡාමි, යං යාචාමි, යං අජ්ඣෙසාමි, යං පසාදෙමි; පබ්රූහීති බ්රූහි වදෙහි ආචික්ඛ දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවර විභජ උත්තානීකරොහි පකාසෙහී’ති එතං මෙ පබ්රූහි; යතොනිදානන්ති යන්නිදානං යං සමුදයං යඤ්ජාතිකං යම්පභවන්ති - ‘එතං මෙ පබ්රූහි යතොනිදානං.’
එතං මෙ පබ්‍රෑහි යතොනිදානං – ‘එතං’ යනු; යමක් විචාරම් ද, යමක් අයදිම් ද, යමක් අධ්‍යෙෂණය කෙරෙම් ද, යමක් පහදවම් ද; පබ්‍රෑහි - කියනු මැනව, වදාළ මැනව, ප්‍රකාශ කළ මැනව, දෙසුව මැනව, පනවනු මැනව, තබනු මැනව, විවෘත කළ මැනව, විභාග කළ මැනව, ප්‍රකට කළ මැනව, ප්‍රකාශ කළ මැනවැ’යි ‘එතං මෙ පබ්‍රෑහි’ යනු වේ. යතොනිදානං - යම් කරුණක් යම් සමුදයක් යම් ඉපැද්මක් යම් ප්‍රභවයක් නුයි ‘එතං මෙ පබ්‍රෑහි යතොනිදානං’ යනු වේ.
තෙනාහ සො නිම්මිතො:
එයින් කීහ. ඒ නිර්මිත බුදුහු:
“සාතං අසාතඤ්ච කුතොනිදානා? කිස්මිං අසන්තෙ න භවන්ති හෙතෙ, විභවං භවඤ්චාපි යමෙතමත්ථං එතං මෙ පබ්රූහි යතොනිදාන”න්ති.
“සාතං අසාතං ච -පෙ- එතං මෙ පබ්‍රෑහි යතොනිදානං” යී.