11. 9
11. 9.
11. 9.
ඵස්සනිදානං සාතං අසාතං ඵස්සෙ අසන්තෙ න භවන්ති හෙතෙ, විභවං භවං චාපි යමෙතමත්ථං එතං තෙ පබ්රූමි ඉතොනිදානං.
සුඛවේදනාව ද, දුක්වේදනාව ද ස්පර්ශය ප්‍රත්‍යය කොට ඇත්තේ ය, ස්පර්ශය අවිද්‍යාමාන කල්හි මොවුහු නො පහළ වෙති, (සුවදුක් වේදනාවන් ගේ) විනාශය ද ඉපැදීම ද යන යම් අර්‍තථයෙක් මේ පහස කරුණු කොට උපදී ද, තෙල අර්ත්ථය ඔබට කියමි.
ඵස්සනිදානං සාතං අසාතන්ති - සුඛවෙදනීයං ඵස්සං පටිච්ච උප්පජ්ජති සුඛා වෙදනා. යා තස්සෙව සුඛවෙදනීයස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං සුඛවෙදනීයං ඵස්සං පටිච්ච උප්පන්නා සුඛවෙදනා, සා නිරුජ්ඣති, සා වූපසම්මති, දුක්ඛවෙදනීයං ඵස්සං පටිච්ච උප්පජ්ජති දුක්ඛා වෙදනා. යා තස්සෙව දුක්ඛවෙදනීයස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං දුක්ඛවෙදනීයං ඵස්සං පටිච්ච උප්පන්නා දුක්ඛා වෙදනා, සා නිරුජ්ඣති; සා වූපසම්මති. අදුක්ඛමසුඛවෙදනීයං ඵස්සං පටිච්ච උප්පජ්ජති අදුක්ඛමසුඛා වෙදනා. යා තස්සෙව අදුක්ඛමසුඛවෙදනීයස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං අදුක්ඛමසුඛවෙදනීයං ඵස්සං පටිච්ච උප්පන්නා අදුක්ඛමසුඛා වෙදනා, සා නිරුජ්ඣති; වූපසම්මති. ඵස්සනිදානං සාතං අසාතන්ති සාතාසාතා ඵස්සනිදානා ඵස්සසමුදයා ඵස්සජාතිකා ඵස්සපභවා’ති - ‘ඵස්සනිදානං සාතං අසාතං.’
ඵසසනිදානං සාතං අසාතං – ‘සුඛවේදනාවට කරුණු වූ පහස නිසා සුඛවේදනාව උපදී. එ මැ සුඛවේදනීය වූ ස්පර්ශයාගේ නිරෝධයෙන් තදනුරූප වේදනා ඇති සුඛවේදනීය වූ යම් පහසක් නිසා උපන් යම් සුඛවේදනාවක් වී නම්, එය නිරුද්ධ වෙයි. එය සන්හිඳෙයි. දුක්වේදනාවට නිමිත්ත වූ පහස නිසා දුක් වේදනා උපදී, එ මැ දුඃඛවේදනීය වූ ස්පර්ශයාගේ නිරෝධයෙන් තදනුරූප වූ වේදනා ඇති දුඃඛවේදනීය වූ යම් පහසක් නිසා උපන් යම් දුක් වේදනාවක් වූ නම්, එය නිරුද්ධ වෙයි. එය සන්හිඳෙයි. උපෙකෂාවෙදනාවට නිමිත්ත වූ ස්පර්ශය නිසා උපෙකෂාවෙදනාව උපදී. එ මැ උපෙක්ෂවෙදනාවට හිත වූ ස්පර්ශයාගේ නිරෝධයෙන් තදනුරූප වේදනා ඇති උපේක්ෂාවේදනාවට හිත වූ යම් පහසක් නිසා උපන් යම් උපෙක්ෂාවෙදනාවක් වූ නම්, එය නිරුද්ධ වෙයි. එය සන්හිඳෙයි. ඵස්සනිදානං සාතං අසාතං - සුවදුක් වේදනාවෝ පහස නිදාන කොට ඇත්තාහු ය, පහස සමුදය කොට ඇත්තාහු ය, පහස ජාති කොට ඇත්තාහු ය, ස්පර්ශය ප්‍රභව කොට ඇත්තාහු නුයි – ‘ඵස්ස නිදානං සාතං අසාතං’ යනු වේ.
ඵස්සෙ අසන්තෙ න භවන්ති හෙතෙති - ඵස්සෙ අසන්තෙ අසංවිජ්ජමානෙ නත්ථි අනුපලබ්භමානෙ සාතා අසාතා න භවන්ති නප්පභවන්ති න ජායන්ති න සඤ්ජායන්ති න නිබ්බත්තන්ති නාභිනිබ්බත්තන්ති න පාතුභවන්තී’ති - ‘ඵස්සෙ අසන්තෙ න භවන්ති හෙතෙ.’
ඵස්සේස අසනේත න භවන්ති හෙතෙ – ස්පර්ශය අවිද්‍යාමාන කල්හි අසංවිද්‍යාමාන කල්හි නැති කල්හි නො ලැබෙන කල්හි සාතාසාතයෝ නොවෙති, ප්රභවනොවෙති, නූපදිති, නො හටගනිති, නො නිපදිති, නො වැඩෙති, නො පහළ වෙත් නුයි ‘ඵස්සේස අසනේත න භවනති හෙතෙ’ යනු වේ.
විභවං භවඤ්චාපි යමෙතමත්ථන්ති - භවදිට්ඨිපි ඵස්සනිදානා විභවදිට්ඨිපි ඵස්සනිදානා; යමෙතමත්ථන්ති යං පරමත්ථන්ති - ‘විභවං භවං චාපි යමෙතමත්ථං.’
විභවං භාවඤචාපි යමෙතමත්ථං – භවදෘෂ්ටිය ද ස්පර්ශය නිදාන කොට ඇත්තීය, විභවදෘෂටිය ද ස්පර්ශය නිදාන කොට ඇත්තීය; යමෙතමත්ථං - යම් පරමාර්තථයක් නුයි ‘විභවං භවඤාපි යමෙතමත්ථං’ යනු වේ.
එතං තෙ පබ්රූමි ඉතොනිදානන්ති - ‘එත’න්ති යං පුච්ඡසි, යං යාචසි, යං අජ්ඣෙසසි, යං පසාදෙසි; පබ්රූමීති බ්රූමි ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤපෙමි පට්ඨපෙමි විවරාමි විභජාමි උත්තානීකරොමි පකාසෙමීති ‘එතං තෙ පබ්රූමි.’ ඉතොනිදානන්ති ඉතො ඵස්සනිදානං ඵස්සසමුදයං ඵස්සජාතිකං ඵස්සපභවන්ති - ‘එතං තෙ පබ්රූමි ඉතොනිදානං.’
එතං තෙ පබ්‍රෑමි ඉතොනිදානං – ‘එතං’ යනු: යමක් විචාරවු ද; යමක් අයැදිවු ද, යමක් අධ්‍යෙෂණ කරවු ද, යමක් (සඳහා) පහදවවු ද, පබ්‍රෑමි – කියමි පවසමි දෙසමි පනවමි තබමි විවෘත කෙරෙමි විභාග කෙරෙමි ප්‍රකට කෙරෙමි, ප්‍රකාශ කෙරෙම් නුයි ‘එතං තෙ පබ්‍රෑමි’ යනු වේ. ඉතොනිදානං - මේ පහස නිදාන කොට ඇත්තේය, පහස උත්පත්ති කොට ඇත්තේ ය, පහස ජාති කොට ඇත්තේ ය, ස්පර්ශය ප්‍රභව කොට ඇත්තේ නුයි ‘එතං තෙ පබ්‍රෑමි ඉතො නිදානං’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ. බුදුහු:
“ඵස්සනිදානං සාතං අසාතං ඵස්සෙ අසන්තෙ න භවන්ති හෙතෙ, විභවං භවඤ්චාපි යමෙතමත්ථං එතං තෙ පබ්රූමි ඉතොනිදාන”න්ති.
“ඵසසනිදානං - පෙ - එතං තෙ පබ්‍රෑමි ඉතොනිදානං” යී.