11. 10
11. 10.
11. 10.
ඵස්සො නු ලොකස‍්මිං කුතොනිදානො පරිග‍්ගහා චාපි කුතො පහූතා. කිස‍්මිං අසන‍්තෙ න මමත‍්තමත්‍ථි කිස‍්මිං විභූතෙ න ඵුසන්ති ඵස‍්සා.
ලෝකයෙහි ස්පර්‍ශ තෙමේ කුමක් නිදාන (-මූලකාරණ) කොට ඇත්තේ ද? තෘෂ්ණාදාෂ්ටිපරිග්‍රහයෝ ත් කොතැනින් පහළ වූවාහු ද? කුමක් අවිද්‍යාමාන කල්හි තෘෂ්ණදෘෂ්ටිමමත්වය නැත්තේ ද ? කුමක් ඉක්ම ගිය කල්හි (වකබුසමඵසසාදි) පහස්හු ස්පර්‍ශ නො කෙරෙත් ද?
ඵස‍්සො නු ලොකස‍්මිං කුතොනිදානොති - ඵස‍්සො කුතො නිදානො? කුතො ජාතො? කුතො සඤ‍්ජාතො? කුතො නිබ‍්බත‍්තො? කුතො අභිනිබ‍්බත‍්තො? කුතො පාතුභූතො? කින‍්නිදානො? කිං සමුදයො? කිඤ‍්ජාතිකො? කිම‍්පභවොති ඵස‍්සස‍්ස මූලං පුච‍්ඡති, හෙතුං පුච‍්ඡති -පෙ- සමුදයං පුච‍්ඡති, පපුච‍්ඡති, යාචති, අජ‍්ඣෙසති, පසාදෙතීති - ‘ඵස‍්සො නු ලොකස‍්මිං කුතොනිදානො’.
ඵස්සො නු ලොකසමිං කුතොනිදානො - පහස කුමක් කරුණු කොට ඇත්තේ ද ? කොයින් උපන්නේ ද ? කොයින් හටගත්තේ ද ? කොයින් නිපන්නේ ද ? කොයින් වැඩුණේ ද ? කොතැනින් පහළ වූයේ ද ? කුමක් නිදාන කොට ඇත්තේ ද ? කුමක් සමුදය කොට - කුමක් ජාති කොට - කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ’යි ස්පර්‍ශයාගේ මූලය විචාරති, හේතුව විචාරති … සමුදය විචාරති, අසති, අයැදිති, අධ්‍යෙෂණ කෙරෙති, පහදවත් නුයි ‘ඵස්සො නු ලොකසමිං කුතොනිදානො’ යනු වේ.
පරිග‍්ගහා චාපි කුතො පහූතාති - පරිග‍්ගහා කුතො පහූතා? කුතො ජාතා? කුතො සඤ‍්ජාතා? කුතො නිබ‍්බත‍්තා? කුතො අභිනිබ‍්බත‍්තා? කුතො පාතුභූතා? කින‍්නිදානා? කිංසමුදයා? කිඤ‍්ජාතිකා? කිම‍්පභවාති පරිග‍්ගහානං මූලං පුච‍්ඡති, හෙතුං පුච‍්ඡති, -පෙ- සමුදයං පුච‍්ඡති පපුච‍්ඡති යාචති අජ‍්ඣෙසති පසාදෙතීති - පරිග‍්ගහා චාපි කුතො පහූතා.
පරිග්ගහා චාපි කුතො පහූතා - පරිග්‍රාහයෝ කොයින් වූවාහු ද? කොයින් උපන්නාහු ද? කොයින් හටගත්තාහු ද? කොයින් නිපන්නාහු ද? කොයින් වැඩුණාහු ද? කොයින් පහළ වූවාහු ද? කුමක් නිදාන කොට ඇත්තාහු ද ? කුමක් සමුදය කොට ඇත්තාහු ද ? කුමක් ජාති කොට ඇත්තාහු ද ? කුමක් ප්‍රභව කොට ඇත්තාහු දැ’යි පරිග්‍රහයන්ගේ මූලය විචාරති, හේතුව විචාරති...සමුදය විචාරති, පුළුවුස්ති, යාඥා කෙරෙති අධ්‍යෙෂණ කෙරෙති, පහදවත් නුයි - ‘පරිග්ගහා චාපි කුතො පහූතා’ යනු වේ.
කිස‍්මිං අසන‍්තෙ න මමත‍්තමත්‍ථිති - කිස‍්මිං අසන‍්තෙ අසංවිජ‍්ජමානෙ අනුපලබ‍්භමානෙ මමත‍්තා නත්‍ථි න සන‍්ති න සංවිජ‍්ජන‍්ති නූපලබ‍්භන‍්ති පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪාති - කිස‍්මිං අසන‍්තෙ න මමත‍්තමත්‍ථි.
කිසමිං අසන්නේන මමත්තමතථි - කුමක් අවිද්‍යාමාන කල්හි අසංවිද්‍යාමාන කල්හි නො ලැබෙන කල්හි මමත්වයෝ නැත් ද, අවිද්‍යාමාන වෙත් ද අසංවිද්‍යාමාන වෙත් ද නො ලැබෙත් ද ප්‍රහීණ වූවාහු සමුචඡිනන වූවාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු උපතට නුසුදුසු වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි ‘කිසමිං අසන්නේන මමත්තමතථි’ යනු වේ.
කිස‍්මිං විභූතෙ න ඵුසන‍්ති ඵස‍්සාති - කිස‍්මිං විභූතෙ විභාවිතෙ අතික‍්කන‍්තෙ සමතික‍්කන‍්තෙ වීතිවත‍්තෙ ඵස‍්සා න ඵුසතී’ති - කිස‍්මිං විභූතෙ න ඵුසන්ති ඵස‍්සා.
කිස්මිං විභුතෙ න ඵුසන්ති ඵස්සා - කුමක් ඉක්මැවූ කල්හි නො වැඩූ කල්හි ඉක්මැගිය කල්හි මොනවට ඉක්මැගිය කල්හි ව්‍යතික්‍රමණය කළ කල්හි ස්පර්‍ශයෝ ස්පර්‍ශ නො කෙරෙත් දැයි ‘කිසමිං විභූතෙ න ඵුසන්ති ඵස්ස’ යනු වේ.
තෙනාහ සො නිම‍්මිතො:
එයින් කීහ. ඒ නිර්මිත බුදුහු:
“ඵස‍්සො නු ලොකස‍්මිං කුතොනිදානො පරිග‍්ගහා චාපි කුතො පහූතා. කිස‍්මිං අසන‍්තෙ න මමත‍්තමත්‍ථි කිස‍්මිං විභූතෙ න ඵුසන්ති ඵස‍්සා”ති.
“ඵස්සො නු ලොකසමිං - පෙ - කිසමිං විභුතෙ න ඵුසන්ති ඵස්ස” යි.