11. 11
11. 11.
11. 11.
නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො ඉච්ඡානිදානානි පරිග්ගහානි. ඉච්ඡාය’සන්ත්යා න මමත්තමත්ථි රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා.
සම්ප්‍රයුක්ත නාමය ද වස්ත්වාලම්බන රූපය ද නිසා ස්පර්ශය වෙයි, තෘෂ්ණදෘෂ්ටිපරිග්රහයෝ ඉච්ඡා (-ආශා) ව නිදාන කොට ඇත්තාහු ය, ඉච්ඡාසඞඛ්යාත තෘෂ්ණාව නැති කල්හි මමත්වය නැත්තේ ය, රූපය ඉක්මැගිය කල්හි ස්පර්ශයෝ ස්පර්ශ නො කෙරෙත්.
නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සොති - චක්ඛුං ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො; චක්ඛු ච රූපා ච රූපස්මිං, චක්ඛුසම්ඵස්සං ඨපෙත්වා සම්පයුත්තකා ධම්මා නාමස්මිං, එවම්පි නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො;
නාමං ච රූපං ච පටිච්ච ඵස්සො - චක්ෂුස ද රූපයන් ද නිසා චක්ෂුර්විඥානය උපදී, (චකබුරූප විඥාන යන) තිදෙනාගේ එක්වීමෙන් ස්පර්ශය උපදී, ප්‍රසාද චක්ෂුස ද රූපාලම්බනයෝ ද රූප කොටසෙහි වෙති, (තිදෙනා ගේ සංගතියෙත් උපන්) චක්ෂුසමඵසසය හැර (සෙසු) සම්ප්රයුකතධර්මයෝ නාම කොටසෙහි වෙති, මෙසේ ත් නාමය ත් රූපයත් නිසා ස්පර්ශය උපදී;
සොතඤ්ච පටිච්ච සද්දෙ ච උප්පජ්ජති සොතවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො; සොතඤ්ච සද්දා ච රූපස්මිං. සොතසම්ඵස්සං ඨපෙත්වා සම්පයුත්තකා ධම්මා නාමස්මිං, එවම්පි නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො. ඝානං ච පටිච්ච ගන්ධෙ ච උප්පජ්ජති ඝානවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො; ඝානඤ්ච ගන්ධා ච රූපස්මිං, ඝානසම්ඵස්සං ඨපෙත්වා සම්පයුත්තකා ධම්මා නාමස්මිං, එවම්පි නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො; ජිව්හඤ්ච පටිච්ච රසෙ ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො; ජිව්හා ච රසා ච රූපස්මිං, ජිව්හාසම්ඵස්සං ඨපෙත්වා සම්පයුත්තකා ධම්මා නාමස්මිං, එවම්පි නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො. කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බෙ ච උප්පජ්ජති කායවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො; කායො ච ඵොට්ඨබ්බා ච රූපස්මිං කායසම්ඵස්සං ඨපෙත්වා සම්පයුත්තකා ධම්මා නාමස්මිං, එවම්පි නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො. මනඤ්ච පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති මනොවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො; වත්ථුරූපං රූපස්මිං, ධම්මා රූපිනො රූපස්මිං, මනොසම්ඵස්සං ඨපෙත්වා සම්පයුත්තකා ධම්මා නාමස්මිං, එවම්පි නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො.
ශ්‍රෝත්‍රප්‍රසාදය ද ශබ්දයන් ද නිසා ශ්‍රෝත්‍රවිඥානය උපදී, තිදෙනා ගේ එක්වීමෙන් ස්පර්ශය උපදී; ශ්රොත්රප්රසාදයත් ශබ්දයෝත් රූප කොටසෙහි වෙති; සොතසමඵසසය හැර (සෙසු) සම්ප්‍රයුක්ත ධර්මයෝ නාම කොටසෙහි වෙති, මෙසේත් නාමයත් රූපයත් නිසා ස්පර්ශය උපදී. ඝ්‍රාණය ද ගන්ධයන් ද නිසා ඝ්‍රාණවිඥානය උපදී, තිදෙනාගේ එක්වීමෙන් ස්පර්ශය වෙයි; ඝ්රාණයත් ගන්ධයෝත් රූපයෙහි වෙති, ඝ්රාණසංස්පර්ශය හැර (සෙසු) සම්ප්රයුකතධර්මයෝ නාමයෙහි වෙති, මෙසේත් නාමයත් රූපයත් නිසා ස්පර්ශය උපදී. දිව ද රසයන් ද නිසා ජිහචාවිඥානය උපදී, තිදෙනා ගේ සඩගතියෙත් ස්පර්ශය වෙයි; දිවත් රසයත් රූපයෙහි වෙති, ජිහ්වාසංස්පර්‍ශය හැර සමප්රයුකතධර්මයෝ නාමයෙහි වෙති, මෙසේත් නාමයත් රූපයත් නිසා ස්පර්ශය උපදී. කය ද ස්ප්‍රෂ්ටව්‍යයන් ද නිසා කායවිඥානය උපදී, තිදෙනාගේ සඩගතියෙන් ස්පර්ශය වෙයි; කයත් ස්ප්‍රෂටව්‍යයෝත් රූපයෙහි වෙති, කාසසංස්පර්ශය හැර සම්ප්‍රයුක්ත ධර්මයෝ නාමයෙහි වෙති, මෙසේත් නාමයත් රූපයත් නිසා ස්පර්ශය උපදී, මනස ද ධර්මයන් ද නිසා මනෝවිඥානය උපදී, තිදෙනාගේ සඞගතියෙන් ස්පර්ශය වෙයි; හෘදයවසතුරූපය රූපයෙහි වෙයි, රූපී ධර්මයෝ රූපයෙහි වෙති, මනස්සංස්පර්‍ශය හැර සම්ප්‍රයුක්තධර්‍මයෝ නාමයෙහි වෙති, මෙසේත් නාමයත් රූපයත් නිසා ස්පර්ශය උපදී.
ඉච්ඡානිදානානි පරිග්ගහානීති - ‘ඉච්ඡා’ වුච්චති තණ්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං, පරිග්ගහාති ද්වෙ පරිග්ගහා: තණ්හාපරිග්ගහො ච දිට්ඨිපරිග්ගහො ච -පෙ- අයං තණ්හාපරිග්ගහො -පෙ- අයං දිට්ඨිපරිග්ගහො. ඉච්ඡානිදානානි පරිග්ගහානීති පරිග්ගහා ඉච්ඡානිදානා ඉච්ඡාහෙතුකා ඉච්ඡාපච්චයා ඉච්ඡාකාරණා ඉච්ඡාපභවාති - ඉච්ඡානිදානානි පරිග්ගහානි.
ඉච්ඡානිදානානි පරිග්ගහානි - ‘ඉච්ඡා’යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක්....අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. පරිග්ගහා - පරිග්‍රහයෝ දෙදෙනෙකි: තෘෂ්ණාපරිග්‍රහය ද දෘෂ්ටිපරිග්‍රහය දැයි ... මේ දෘෂ්ටිපරිග්‍රහය යි. ඉචඡානිදානානි පරිග්ගහානි - පරිග්‍රහයෝ ඉච්ඡා (-ඊප්සා) ව නිදාන කොට ඇත්තාහ, ඊප්සාව හේතු කොට ඇත්තාහ, ඊප්සාව ප්‍රත්‍යය කොට ඇත්තාහ, ඊප්සාව කරුණු කොට ඇත්තාහ, ඊප්සාවෙත් පහළවූවාහු නුයි - ‘ඉචඡානිදානානි පරිග්ගහානි’ යනු වේ.
ඉච්ඡාය’සන්ත්යා න මමත්තමත්ථි’ති - ‘ඉච්ඡා’ වුච්චති තණ්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං; මමත්තාති ද්වෙ මමත්තා: තණ්හාමමත්තඤ්ච දිට්ඨිමමත්තඤ්ච -පෙ- ඉදං තණ්හාමමත්තං. -පෙ- ඉදං දිට්ඨිමමත්තං. ඉච්ඡාය’සන්ත්යා න මමත්තමත්ථිති ඉච්ඡාය අසන්ත්යා අසංවිජ්ජමානාය නත්ථි අනුපලබ්භමානාය මමත්තං නත්ථි න සන්ති න සංවිජ්ජන්ති නූපලබ්භන්ති, පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪාති - ඉච්ඡාය’සන්ත්යා න මමත්තමත්ථි.
ඉච්ඡාය‘සන්ත්යා න මමත්තමතථි – ‘ඉච්ඡා’යී තෘෂ්ණාව කියනු ලබයි; යම් රාගයෙක් සංරාගයෙක් … ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි; මමත්තාමමත්වයෝ දෙදෙනෙකි: තෘෂ්ණාමමත්වය ද දෘෂ්ටිමමත්වය දැයි … මේ දෘෂ්ටිමමත්වය යි. ඉච්ජාය‘සන්ත්යා ත මමත්තමත්ථි - ඊප්සාව අවිද්‍යාමාන කල්හි අසංවිද්‍යාමාන කල්හි නැති කල්හි නො ලැබෙන කල්හි මමත්වයෝ නැත, නො වෙති, විද්‍යාමාන නො වෙති, නො ලැබෙත්, ප්‍රහීණ වූවාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු උපතට නුසුදුසු වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි ‘ඉච්ඡාය‘සන්ත්යා න මමත්තමතථි’ යනු වේ.
රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සාති - ‘රූපෙ’ති ච චත්තාරො ච මහාභූතා චතුණ්ණඤ්ච මහාභූතානං උපාදාය රූපං; රූපෙ විභූතෙති චතූහාකාරෙහි රූපං විභූතං හොති. ඤාතවිභූතෙන තීරණවිභූතෙන පහානවිභූතෙන සමතික්කමවිභූතෙන. කථං ඤාතවිභූතෙන රූපං විභූතං හොති? රූපං ජානාති යං කිඤ්චි රූපං, සබ්බං රූපං චත්තාරි ච මහාභූතානි චතුණ්ණඤ්ච මහාභූතානං උපාදාය රූපන්ති ජානාති පස්සති.
රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා - ‘රූපෙ’ යනු: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද; රූපෙ විභූතෙ – සතර අයුරකින් රූපය ඉක්මවන ලද වෙයි; ඥාතවිභූතයෙන් තීරණවිභූතයෙන් ප්රහාණවිභූතයෙන් සමතික්රමවිභූතයෙනි: කිසෙයින් ඥාතවිභූතයෙන් රූපය විභූත (-ඉක්මවන ලද) වේ ද යත් ? රූපය (මෙසේ) දැන ගනී. යම් කිසි රූපයෙක් වේ නම් , සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය දැයි සියලු රූපය දැන ගනී, දකී;
එවං ඤාතවිභූතෙන රූපං විභූතං හොති. කථං තීරණවිභූතෙන රූපං විභූතං හොති? එවං ඤාතං කත්වා රූපං තීරෙති; අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො ඊතිතො උපද්දවතො භයතො උපස්සග්ගතො චලතො පභඞ්ගුරතො අද්ධුවතො අතාණතො අලෙනතො අසරණතො රිත්තතො තුච්ඡතො සුඤ්ඤතො අනත්තතො ආදීනවතො විපරිණාමධම්මතො අසාරකතො අඝමූලතො වධකතො විභවතො සාසවතො සඞ්ඛතතො මාරාමිසතො ජාතිධම්මතො ජරාධම්මතො බ්යාධිධම්මතො මරණධම්මතො සොකපරිදෙවදුක්ඛදොමනස්සූපායාසධම්මතො සඞ්කිලෙසිකධම්මතො සමුදයතො අත්ථඞ්ගමතො අස්සාදතො ආදීනවතො නිස්සරණතො තීරෙති. එවං තීරණවිභූතෙන රූපං විභූතං හොති. කථං පහානවිභූතෙන රූපං විභූතං හොති? එවං තීරයිත්වා රූපෙ ඡන්දරාගං පජහති, විනොදෙති, බ්යන්තීකරොති, අනභාවං ගමෙති. වුත්තං හෙතං භගවතා: “යො භික්ඛවෙ රූපෙ ඡන්දරාගො, තං පජහථ; එවං තං රූපං පහීනං භවිස්සති උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්ම”න්ති. එවං පහානවිභූතෙන රූපං විභූතං හොති. කථං සමතික්කමවිභූතෙන රූපං විභූතං හොති? චතස්සො අරූපසමාපත්තියො පටිලද්ධස්ස රූපා විභූතා හොන්ති විභාවිතා අතික්කන්තා සමතික්කන්තා වීතිවත්තා. එවං සමතික්කමවිභූතෙන රූපං විභූතං හොති. ඉමෙහි චතුහි කාරණෙහි රූපං විභූතං හොති. රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සාති රූපෙ විභූතෙ විභාවිතෙ අතික්කන්තෙ සමතික්කන්තෙ වීතිවත්තෙ පඤ්ච ඵස්සා න ඵුසන්ති: චක්ඛුසම්ඵස්සො සොතසම්ඵස්සො ඝානසම්ඵස්සො ජිව්හාසම්ඵස්සො කායසම්ඵස්සො - රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා.
මෙසෙයින් ඥාතවිභූතයෙන් (නූවණත් ඉක්මවීමෙන්) රූපය විභූත වෙයි. කිසෙයින් තීරණවිභූතයෙන් රූපය විභූත වේ ද යත්? මෙසේ ප්‍රකට කොට රූපය තීරණය කෙරෙයි: අනිත්‍ය හෙයින් දුඃඛ හෙයින් රෝග හෙයින් ගණ්ඩ හෙයින් සලතා හෙයින් ව්‍යසන හෙයින් ආබාධ හෙයින් පර හෙයින් පලෝක (-බිඳීම) හෙයින් ඊති (–විපත්ති) හෙයින් උපද්‍රව හෙයින් භය හෙයින් උපස්සගී හෙයින් සැලෙන හෙයින් බිඳෙනසුලු හෙයින් අධ්‍රැව (–අස්ථිර) හෙයින් අත්‍රාණ හෙයින් අලෙන හෙයින් අසරණ හෙයින් රිත්ත (–සිස්) හෙයින් තුච්ඡ හෙයින් ශූන්‍ය හෙයින් අනාත්ම හෙයින් ආදීනව හෙයින් විපරිණාමස්වභාව හෙයින් අසාර හෙයින් ව්යසනමුල හෙයින් වධක හෙයින් විගතභව හෙයින් සාස්‍රව හෙයින් සඞ්ඛත (-හේතුප්‍රත්‍යයෙන් සකස් කළ) හෙයින් මාරාමිෂ හෙයින් ජාතිධර්ම (ජාතිය පියවි කොට ඇති) හෙයින් ජරාධර්ම හෙයින් ව්යාධිධර්ම හෙයින් මරණධර්ම හෙයින් ශෝකපරිදෙවදුඃඛ– දෞමනස්යඋපායාසධර්ම හෙයින් සංකෙලශධර්ම (-තෘෂ්ණාදි සංකෙලශයන්ට විෂයස්වභාව) හෙයින් සමුදය හෙයින් අසතඞගම හෙයින් ආස්වාද හෙයින් ආදීනව හෙයින් නිස්සරණ හෙයින් තීරණ කෙරෙයි, මෙසෙයින් තීරණවිභූතයෙන් රූපය විභූත වෙයි. කිසෙයින් ප්රහාණවිභූතයෙත් රූපය විභූත වේ ද යත්? මෙසේ තීරණය කොට රූපයෙහි ඡන්දරාගය දුරු කෙරෙයි, බැහැර කෙරෙයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට පමුණුවයි; මේ වදාරන ලද මැයි, භාග්‍යවතුන් විසින්: “මහණෙනි, රූපයෙහි යම් ඡනදරාගයෙක් වේ නම්, එය දුරු කරවු, මෙසේ ඒ රූපය ප්‍රහීණ වන්නේ ය, උසුන් මුල් ඇත්තේ තාලවස්තුවක් මෙන් කරන ලද්දේ අනභාවය කරන ලද්දේ මතු නූපදනා පියවි ඇත්තේ යැ”යි. මෙසෙයින් ප්රහාණවිභූතයෙත් රූපය විභූත වෙයි. කිසෙයින් සමතික්රමවිභූතයෙත් රූපය විභූත වේ ද යත්? සතර අරූපසමාපතතීන් ලද්දහු විසින් රූපයෝ ඉක්මවන ලද්දාහු විභාවිත වූවාහු අතික්‍රමණය-සමතික්‍රමණය-ව්‍යතික්‍රමණය කරන ලද්දාහු වෙති; මෙසෙයින් සමතික්රමවිභූතයෙන් රූපය විභූත වෙයි. මේ සතර කාරණයන් ගෙන් රූපය විභූත වේ. රූපය විභූත වූ (ඉක්මවූ) කල්හි ස්පර්ශ නො කෙරෙත්. ඵස්ස - රූපය විභූත කල්හි විභාවිත කල්හි අතික්රානත කල්හි සමතික්රානත කල්හි ඉක්මගිය කල්හි චකබුසමඵසස සොතසමඵසස ඝානසමඵසස ජීවභාසමඵසස කායසමඵසස යන පඤ්ච ස්පර්ශයෝ ස්පර්ශ නො කෙරෙත් නුයි - ‘රූපෙ විභූතෙ න පූසනති ඵස්ස’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො ඉච්ඡානිදානානි පරිග්ගහානි, ඉච්ඡාය’සන්ත්යා න මමත්තමත්ථි රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා”ති.
“නාමං ච රූපං ච - පෙ - රූපෙ විභූතෙ න ඵුසනති ඵස්ස” යී.