11. 12
11. 12.
11. 12.
කථං සමෙතස්ස විභොති රූපං සුඛං දුඛං වාපි කථං විභොති, එතං මෙ පබ්‍රූහි යථා විභොති තං ජානිස්සාම ඉති මෙ මනො අහූ.
කෙසේ පිළිපන්නහුට රූපය නො වේ ද ? යලි සැප දුක් (ඉටු අනිටු රූපය) හෝ කෙසේ නො වේ ද ? තෙල (රූප -සුඛ - දුක්ඛය) යම් සේ නො වේ නම් (එසේ) මට දේශනා කළ මැනව, එය දැන ගනුම්හ’යි මට සිතෙක් වී.
කථං සමෙතස්ස විභොති රූපන‍්ති - ‘කථං සමෙතස‍්සා’ති කථං සමෙතස‍්ස, කථං පටිපන‍්නස‍්ස, කථං ඉරීයන‍්තස‍්ස, කථං වත‍්තන‍්තස‍්ස, කතං පාලෙන‍්තස‍්ස, කථං යපෙන‍්තස‍්ස, කථං යාපෙන‍්තස‍්ස රූපං විභොති, විභාවීයති අතික‍්කමීයති සමතික‍්කමීයති, වීතිවත‍්තීයතීති - කථං සමෙතස්ස විභොති රූපං.
කථං සමෙතස්ස විභොති රූපං - ‘කථං සමෙතස්ස’ යනු: කෙසේ යෙදුණහුට කෙසේ පිළිපන්නාහුට කෙසේ ඉරියවු පවත්වන්නහුට කෙසේ වැටෙන්නහුට කෙසේ පාලනය වන්නහුට කෙසේ යැපෙන්නහුට කෙසේ යපනය වන්නහුට රූපය නො වේ ද? නො පැවැතේ ද ? ඉක්මවනු ලැබේ ද ? මොනොවට ඉක්මවනු ලැබේ ද ? වෙසෙසින් ඉක්මවනු ලැබේ දැ’යි – ‘කථං සමෙතස්ස විභොති රූපං’ යනු වේ.
සුඛං දුඛං වාපි කථං විභොතීති - සුඛං ච දුක‍්ඛං ච කථං විභොති විභාවීයති අතික‍්කමීයති සමතික‍්කමීයති වීතිවත‍්තීයතීති - සුඛං දුඛං වාපි කථං විභොති.
සුඛං දුඛං වා‘පි කථං විභොති – සුවය ද දුක ද කෙසේ නො වේ ද? නො පැවැතේ ද ? ඉක්මවනු ලැබේ ද ? මොනොවට ඉක්මවනු ලැබේ ද ? වෙසෙසින් ඉක්මවනු ලැබේ දැ’යි – ‘සුඛං දුඛං වා‘පි කථාං විභොති’ යනු වේ.
එතං මෙ පබ්‍රූහි යථා විභොතීති - ‘එත’න‍්ති යං පුච‍්ඡාමි, යං යාචාමි, යං අජ‍්ඣෙසාමි යං පසාදෙමීති එතං; මෙ පබ්‍රූහීති මෙ පබ්‍රූහි ආචික‍්ඛ දෙසෙහි පඤ‍්ඤපෙහි පට‍්ඨපෙහි විවර විභජ උත‍්තානීකරොහි පකාසෙහීති එතං මෙ පබ්‍රූහි; යථා විභොතීති යථා විභොති විභාවීයති අතික‍්කමීයති සමතික‍්කමීයති වීතිවත‍්තීයතීති - එතං මෙ පබ්‍රූහි යථා විභොති.
එතං මෙ පබ්‍රෑහි යථා විභොති - ‘එතං’ යනු: යමක් විචාරම් ද, යමක් යදිම් ද, යමක් ආරාධනා කෙරෙම් ද, යමක් (සඳහා) පහදවම් නුයි – ‘එතං’ යනු වේ; මෙ පබ්‍රෑහි – මට කිව මැනව වදාළ මැනව දෙසුව මැනව පැනවුව මැනව තැබුව මැනව විවෘත කළ මැනව විභාග කළ මැනව ප්‍රකට කළ මැනව ප්‍රකාශ කළ මැනවැ’යි ‘එතං මෙ පබ්‍රෑහි, යනු වේ. යථා විභොති - යම් සේ නො වේ ද නො පැවැතේ ද අතික්‍රමණ සමතික්‍රමණ කරනු ලැබේ ද වෙසෙසින් ඉක්මවනු ලැබේ දැ’යි – ‘එතං මෙ පබ්‍රෑහි යථා විභොති’ යනු වේ.
තං ජානිස්සාම ඉති මෙ මනො අහූති - ‘තඤ‍්ජානිස‍්සාමා’ති තං ජානෙය්‍යාම ආජානෙය්‍යාම විජානෙය්‍යාම පටිවිජානෙය්‍යාම පටිවිජ‍්ඣෙය්‍යාමා’ති; තං ජානිස්සාම; ඉති මෙ මනො අහූති ඉති මෙ මනො අහූ, ඉති මෙ චිත‍්තං අහු, ඉති මෙ සඞ‍්කප‍්පො අහු, ඉති මෙ විඤ‍්ඤාණං අහූති - තං ජානිස්සාම ඉති මෙ මනො අහු.
තං ජානිස්සාම ඉති මෙ මනෝ අහු - ‘තං ජානිස්සාම’ යනු: එය දැනගනුම්හ, හාත්පසින් දැනගනුම්හ වෙසෙසින් දැනගනුම්හ මැනවින් දැනගනුම්හ (සිතින්) අවබෝධ කරම්හ’යි, ‘තං ජානිස්සාම’ යනු වේ. ඉති මෙ මනෝ අහු - මෙසේ මාගේ මනස විය, මෙසේ මා ගේ සිත විය, මෙසේ මාගේ සඩකලපය විය, මෙසේ මාගේ විඥානය වී නුයි– ‘තං ජානිස්සාම ඉති මෙ මනෝ අහු’ යනු වේ.
තෙනාහ සො නිම‍්මිතො:
එයින් කීහ. ඒ නිර්මිත බුදුහු:
“කථං සමෙතස්ස විභොති රූපං සුඛං දුඛං වාපි කථං විභොති, එතං මෙ පබ්‍රූහි යථා විභොති තං ජානිස්සාම ඉති මෙ මනො අහූ”ති.
“කථං සමෙතස්ස -පෙ- ඉති මෙ මනෝ අහු” යි.