යෙදුමෙන් කියවන්න

11. 13

11. 13.

11. 13.

න සඤ‍්ඤසඤ‍්ඤී න විසඤ‍්ඤසඤ‍්ඤී නොපි අසඤ‍්ඤී න විභූතසඤ‍්ඤී. එවං සමෙතස‍්ස විභොති රූපං සඤ‍්ඤානිදානා හි පපඤ‍්චසඞ‍්ඛා.

(රූපය නො වන සේ පිළිපන් හෙතෙම) ප්‍රකෘතිසංඥාවෙන් සංඥා ඇත්තේ නො වෙයි, විකෘතිසංඥාවෙන් විසංඥ වූයේ නො වෙයි, සංඥා විරහිත වූයේ ද නො වෙයි, ඉක්මවූ සංඥා ඇත්තේ ද නො වෙයි, මෙසේ (සංඥා සංඥතාදිභාවයෙහි නො සිට) පිළිපන්නහුට රූපය නො වෙයි, තෘෂ්ණාදි ප්‍රපඤයෝ සංඥානිදාන කොට ඇත්තාහු ම වෙත් ද එහෙයිනි.

න සඤ‍්ඤසඤ‍්ඤී න විසඤ‍්ඤසඤ‍්ඤීති - සඤ‍්ඤසඤ‍්ඤිනො වුච‍්චන‍්ති යෙ පකතිසඤ‍්ඤාය ඨිතා, නපි සො පකතිසඤ‍්ඤාය ඨිතො; විසඤ‍්ඤාසඤ‍්ඤිනො වුච‍්චන‍්ති උම‍්මත‍්තකා, යෙ ච ඛිත‍්තචිත‍්තා; නපි සො උම‍්මත‍්තකො, නොපි ඛිත‍්තචිත‍්තොති - න සඤ‍්ඤසඤ‍්ඤී න විසඤ‍්ඤසඤ‍්ඤී.

න සඤඤසඤඤි න විසඤඤසඤඤි - ප්‍රකෘතිසංඥාවෙහි සිටි යම් කෙනෙක් වෙත් නම් ඔහු ‘සඤඤසඤඤිහු’ යයි කියනු ලැබෙති, යථා සමෙතයක්හු ගේ රූපය විභවයට යේ නම්) හෙතෙම ප්‍රකෘතිසංඥායෙහි සිටියේ නො ද වෙයි; උමතුවෝ ද ක්ෂිප්තචිතතයෝ (-යක්උමතුවෝ) ද ‘විසඤඤසඤඤිහු’ යයි කියනු ලැබෙති, හෙතෙම උමතුවෙක් නො ද වෙයි, ක්‍ෂිප්තචිතතයෙක් ද නො වේ නුයි - ‘න සඤඤසඤඤි න විසඤඤසඤඤි’ යනු වේ.

නොපි අසඤ‍්ඤී න විභූතසඤ‍්ඤීති - අසඤ‍්ඤිනො වුච‍්චන‍්ති නිරොධසමාපන‍්නා යෙ ච අසඤ‍්ඤසත‍්තා; නපි සො නිරොධසමාපන‍්නො, නපි අසඤ‍්ඤසත‍්තො. විභූතසඤ‍්ඤිනො වුච‍්චන‍්ති යෙ චතුණ‍්ණං ආරුප‍්පසමාපත‍්තීනං ලාභිනො; නපි සො චතුණ‍්ණං අරූපසමාපත‍්තීනං ලාභීති නොපි අසඤ‍්ඤී න විභූතසඤ‍්ඤී.

නොපි අසඤඤි න විභුතසඤඤි - නිරෝධසමාපත්ති සමාපන්නයෝ ද අසංඥසත්ත්‍වයෝ ද ‘අසඤඤිහු’ යයි කියනු ලැබෙති, හෙතෙම නිරෝධ– සමාපන්නයෙක් නො ද වෙයි, අසංඥසත්ත්‍වයෙක් ද නො වේ. සතර අරුපසමාපත්තිලාභීහු ‘විභූතසඤඤිහු’ යයි කියනු ලැබෙති, හෙතෙම සතර අරූපසමාපතතිලාභී වූයේ ද නො වේ නුයි - ‘නො‘පි අසඤඤි න විභූතසඤඤි’ යනු වේ.

එවං සමෙතස‍්ස විභොති රූපන‍්ති - “ඉධ භික‍්ඛු සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. සො එවං සමාහිතෙ චිත‍්තෙ පරිසුද‍්ධෙ පරියොදාතෙ අනඞ‍්ගණෙ විගතූපක‍්කිලෙසෙ මුදුභූතෙ කම‍්මනියෙ ඨිතෙ ආනෙජ‍්ජප‍්පත‍්තෙ ආකාසානඤ‍්චායතන සමාපත‍්තිපටිලාභත්‍ථාය චිත‍්තං අභිනීහරති අභිනින‍්නාමෙති”, ආරුප‍්පමග‍්ගසමඞ‍්ගීති. එවං සමෙතස‍්සාති එවං පටිපන‍්නස‍්ස එවං ඉරීයන‍්තස‍්ස එවං වත‍්තන‍්තස‍්ස එවං පාලෙන‍්තස‍්ස එවං යපෙන‍්තස‍්ස එවං යාපෙන‍්තස‍්ස රූපං විභොති විභාවීයති අතික‍්කමීයති සමතික‍්කමීයති වීතිවත‍්තීයතීති - එවං සමෙතස‍්ස විභොති රූපං.

එවං සමෙතස්ස විභොති රූපං – ‘මෙහි මහණ තෙම සුඛයාගේ ද ප්‍රහාණයෙන් … සතරවැනි දැහැනට පැමිණ වෙසෙයි, හෙතෙම මෙසේ (සතරවැනි දැහැනින්) සිත එකඟවූ කල්හි (උපේක්‍ෂා සමෘතිපාරිශුදධියෙන්) පිරිසිදු කල්හි (පරිශුද්ධ හෙයින්) ප්‍රභාස්වර කල්හි (රාගාදි අඞගන නැසූ හෙයින්) අනඞගන කල්හි (අනඞගන හෙයින් ම) පහවූ උපක්ලේශ ඇති කල්හි (සුභාවිත හෙයින්) මෘදුවූ කල්හි (මෘදු හෙයින් ම) කර්‍මක්‍ෂම වූ කල්හි (මේ පරිශුද්ධභාවාදියෙහි සිටි හෙයින් ම) ස්ථිත කල්ගි (සිටි හෙයින් ම) අචල බවට පැමිණි කල්හි ආකාසානඤ්චායතනසමාපත්තිය ලැබීම සඳහා සිත එළවයි නතුකරයි, අරූපසමාපත්තියෙන් යුක්ත වූයේ යයි; එවං සමෙතස්ස - මෙසේ පිළිපන්නහුට මෙසේ ඉරියවු පවත්වන්නහුට මෙසේ වැටෙන්නහුට මෙසේ යැපෙන්නහුට මෙසේ යපනය වන්නහුට රූපය නො වෙයි, නො පැවැතෙයි, ඉක්මවනු ලැබෙයි, මනාකොට ඉක්මවනු ලැබෙයි, වෙසෙසින් ඉක්මවනු ලැබේ නුයි - ‘එවං සමෙතස්ස විභොති රූපං’ යනු වේ.

සඤ‍්ඤානිදානා හි පපඤ‍්චසඞ‍්ඛාති - පපඤ‍්චායෙව පපඤ‍්චසඞ‍්ඛා; තණ‍්හා පපඤ‍්චසඞ‍්ඛා, දිට‍්ඨි පපඤ‍්චසඞ‍්ඛා, මානං පපඤ‍්චසඞ‍්ඛා; සඤ‍්ඤානිදානා සඤ‍්ඤාසමුදයා සඤ‍්ඤාජාතිකා සඤ‍්ඤාපභවාති - සඤ‍්ඤානිදානා හි පපඤ‍්චසඞ‍්ඛා.

සඤ්ඤානිදාන හි පපඤ්චසඞඛා - ප්‍රපඤචයෝ ම ‘පපඤචසඞඛ’ නම් වෙති; තෘෂ්ණාව ප්‍රපඤචසඞඛ යැ, දෘෂ්ටිය ප්‍රපඤචසඞඛ යැ, මානය ප්‍රපඤචසඞඛ යැ, (ඔහු) සංඥාව නිදාන කොට ඇත්තාහු සංඥාව සමුදය කොට ඇත්තාහු සංඥාව ජාති කොට ඇත්තාහු සංඥාව ප්‍රභව කොට ඇත්තාහු නුයි -‘ සඤඤානිදානා හි පපඤචසඞඛා’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ. බුදුහු:

“න සඤ‍්ඤසඤ‍්ඤී න විසඤ‍්ඤසඤ‍්ඤී නොපි අසඤ‍්ඤී න විභූතසඤ‍්ඤී. එවං සමෙතස‍්ස විභොති රූපං සඤ‍්ඤානිදානා හි පපඤ‍්චසඞ‍්ඛා.

“න සඤඤසඤඤි - පෙ - සඤඤානිදාන හි පපඤචසඞඛා” යි.