යෙදුමෙන් කියවන්න

13. 14

13. 14.

13. 14.

ජානාමි පස‍්සාමි තථෙව එතං දිට‍්ඨියා එකෙ පච‍්චෙන‍්ති සුද‍්ධිං, අදක‍්ඛි චෙ කිං හි තුමස‍්ස තෙන අතිසිත්‍වා අඤ‍්ඤෙන වදන‍්ති සුද‍්ධිං.

ඇතැම් මහණබමුණු කෙනෙක් තෙල එපරිද්දෙන් ම දනිමි දකිමි (කියන්නාහු) දෘෂ්ටියෙන් ශුද්ධිය හදහති. (යම්හෙයකින් ඔවුනතුරෙන් එකෙකු දු) ඉදින් දුටුයේ නමුදු තමාගේ ඒ දර්‍ශනයෙන් (දුඃඛපරිඥානාදි කුමක් සිදුකරන ලද ද, ඔහු (ආර්‍ය්‍යමාර්‍ගය) ඉක්මවා අන් මඟෙකින් ශුද්ධිය කියත් ද, නොහොත් (බුද්ධාදීහු) ඔවුන් ඉක්මවා අන් මඟෙකින් ශුද්ධිය කියත් ද, එහෙයිනි.

ජානාමි පස‍්සාමි තථෙව එතන‍්ති - “ජානාමී”ති පරචිත‍්තවිජානනඤාණෙන ජානාමි; පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණෙන වා ජානාමි; පස‍්සාමීති මංසචක‍්ඛුනා වා පස‍්සාමි; දිබ‍්බෙන චක‍්ඛුනා වා පස‍්සාමි; තථෙව එතන‍්ති එතං තච‍්ඡං භූතං යාථාවං අවිපරීතන‍්ති - ජානාමි පස‍්සාමි තථෙව එතං.

ජානාමි පස්සාමි තෙථෙව එතං - ‘ජානාමි’ යනු: පරචිත්තවිජානනඥානයෙන් දනිමි, පූර්‍වෙනිවාසානුසමෘතිඥානයෙන් හෝ දනිමි; ‘පස්සාමි’ යනු: මසැසින් හෝ දකිමි, දිවැසින් හෝ දකිමි; තථෙව එතං - තෙල සැබව විද්‍යාමාන යැ යථාවත් යැ අවිපරීත නුයි ‘ජානාමි පස්සාමි තථෙව එතං’ යනු වේ.

දිට‍්ඨියා එකෙ පච‍්චෙන‍්ති සුද‍්ධින‍්ති - දිට‍්ඨියා එකෙ සමණබ්‍රාහ‍්මණා සුද‍්ධිං විසුද‍්ධිං පරිසුද‍්ධිං මුත‍්තිං විමුත‍්තිං පරිමුත‍්තිං පච‍්චෙන‍්ති සස‍්සතො ලොකො ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති දිට‍්ඨියා එකෙ සමණබ්‍රාහ‍්මණා සුද‍්ධිං විසුද‍්ධිං පරිසුද‍්ධිං මුත‍්තිං වි මුත‍්තිං පරිමුත‍්තිං පච‍්චෙන‍්ති; අසස‍්සතො ලොකො -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා, ඉදමෙව සච‍්චං, මොඝමඤ‍්ඤ’න‍්ති - දිට‍්ඨියා එකෙ සමණබ්‍රාහ‍්මණා සුද‍්ධිං විසුද‍්ධිං පරිසුද‍්ධිං මුත‍්තිං විමුත‍්තිං පරිමුත‍්තිං පච‍්චෙන‍්තීති - දිට‍්ඨියා එකෙ පච‍්චෙන‍්ති සුද‍්ධිං.

දිට්ඨියා එකෙ පච්චෙනති සුද්ධිං - ඇතැම් මහණබමුණු කෙනෙක් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය හදහති; ලෝකය ශාශ්වත යැ මේ මැ සැබව, අන්‍යය මෝඝ යැ යි දෘෂ්ටියෙන් ඇතැම් මහණ බමුණු කෙනෙක් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය හදහති; ‘ලෝකය අශාශ්වත යැ … තථාගතයා මරණින් මතු නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මේ මැ සැබව අන්‍යය මෝඝ ය’ යි දෘෂ්ටියෙන් ඇතැම් මහණබමුණු කෙනෙක් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය හදහත් නුයි ‘දිට්ඨියා එකෙ පච්චෙනති සුද්ධිං’ යනු වේ.

අදක‍්ඛි චෙ කිං හි තුමස‍්ස තෙනාති - “අදක‍්ඛී’ති පරචිත‍්තවිජානනඤාණෙන වා අදක‍්ඛි, පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණෙන වා අදක‍්ඛි; මංසචක‍්ඛුනා ව අදක‍්ඛි; දිබ‍්බෙන චක‍්ඛුනා වා අදක‍්ඛීති - අදක‍්ඛි චෙ; කිං හි තුමස‍්ස තෙනාති - තස‍්ස තෙන දස‍්සනෙන කිං කතං? න දුක‍්ඛපරිඤ‍්ඤා අත්‍ථි; න සමුදයස‍්ස පහානං අත්‍ථි; න මග‍්ගභාවනා අත්‍ථි; න රාගස‍්ස සමුච‍්ඡෙදප‍්පහානං අත්‍ථි; න දොසස‍්ස සමුච‍්ඡෙදප‍්පහානං අත්‍ථි; න මොහස‍්ස සමුච‍්ඡෙදප‍්පහානං අත්‍ථි; න කිලෙසානං සමුච‍්ඡෙදප‍්පහානං අත්‍ථි; න සංසාරවට‍්ටස‍්ස උපච‍්ඡෙදො අත්‍ථිති - අදක‍්ඛි චෙ කිං හි තුමස‍්ස තෙන.

අදක්ඛි චෙ කිං හි තුමස්ස තෙන - ‘අදක්ඛි’ යනු: පරසිත් දන්නා නුවණින් හෝ, පෙරවිසූ කඳපිළිවෙළ සිහි කරන නුවණින් හෝ, මසැසින් හෝ, දිවැසින් හෝ දුටුයේ නුයි ‘අදක්ඛි චෙ’ යනු වේ. කිං හි තුමස්ස තෙන - ඔහුගේ ඒ දැක්මෙන් කුමක් කරන ලද ද? දුඃඛපරිඥාවක් නැත, සමුදයප්‍රහාණයෙක් නැත, මාර්‍ගභාවනායෙක් නැත, ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙක් නැත, රාගයාගේ සමුච්ඡෙදප්‍රහාණයෙක් නැත, ද්වේෂයාගේ සමුච්ඡෙදප්‍රහාණයෙක් නැත, මෝහයාගේ සමුච්ඡෙදප්‍රහාණයෙක් නැත, ක්ලේශයන්ගේ සමුචෙඡදප්‍රහාණයෙක් නැත, සංසාරවෘත්තයාගේ සිඳීමෙක් නැත් නුයි ‘අදක්ඛි චෙ කිං හි තුමස්ස තෙන’ යනු වේ.

අතිසිත්‍වා අඤ‍්ඤෙන දෙන‍්ති සුද‍්ධින‍්ති - තෙ තිත්‍ථියා සුද‍්ධිමග‍්ගං විසුද‍්ධිමග‍්ගං පරිසුද‍්ධිමග‍්ගං වොදාතමග‍්ගං පරියොදාතමග‍්ගං අතික‍්කමිත්‍වා සමතික‍්කමිත්‍වා වීතිවත‍්තිත්‍වා අඤ‍්ඤත්‍ර සතිපට‍්ඨානෙහි අඤ‍්ඤත්‍ර සම‍්මප‍්පධානෙහි අඤ‍්ඤත්‍ර ඉද‍්ධිපාදෙහි අඤ‍්ඤත්‍ර ඉන්‍ද්‍රියෙහි අඤ‍්ඤත්‍ර බලෙහි අඤ‍්ඤත්‍ර බොජ‍්ඣඞ‍්ගෙහි අඤ‍්ඤත්‍ර අරියා අට‍්ඨඞ‍්ගිකා මග‍්ගා සුද‍්ධිං විසුද‍්ධිං පරිසුද‍්ධිං මුත‍්තිං විමුත‍්තිං පරිමුත‍්තිං වදන‍්ති කථෙන‍්ති භණන‍්ති දීපයන‍්ති වොහරන‍්තීති, එවම‍්පි, අතිසිත්‍වා අඤ‍්ඤෙන වදන‍්ති සුද‍්ධිං. අථවා බුද‍්ධා ච බුද‍්ධසාවකා ච පච‍්චෙකබුද‍්ධා ච තෙසං තිත්‍ථියානං අසුද‍්ධිමග‍්ගං අවිසුද‍්ධිමග‍්ගං අපරිසුද‍්ධිමග‍්ගං අවොදාතමග‍්ගං අපරියොදාතමග‍්ගං අතික‍්කමිත්‍වා සමතික‍්කමිත්‍වා වීතිවත‍්තිත්‍වා චතූහි සතිපට‍්ඨානෙහි චතූහි සම‍්මප‍්පධානෙහි චතූහි ඉද‍්ධිපාදෙහි පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි පඤ‍්චහි බලෙහි සත‍්තහි බොජ‍්ඣඞ‍්ගෙහි අරියෙන අට‍්ඨඞ‍්ගිකෙන මග‍්ගෙන සුද‍්ධිං විසුද‍්ධිං පරිසුද‍්ධිං මුත‍්තිං විමුත‍්තිං පරිමුත‍්තිං වදන‍්ති කථෙන‍්ති භණන‍්ති දීපයන‍්ති වොහරන‍්තීති එවම‍්පි - අතිසිත්‍වා අඤ‍්ඤෙන වදන‍්ති සුද‍්ධිං.

අතිසිත්වා අඤ්ඤෙන වදන්ති සුද්ධිං - ඒ තීර්‍තථකයෝ ශුද්ධිමාර්‍ගය විශුද්ධිමාර්‍ගය පරිශුද්ධිමාර්‍ගය පණ්ඩරමාර්‍ගය ප්‍රභාවත් මාර්‍ගය ඉක්මවා මොනවට ඉක්මවා වෙසෙසින් ඉක්මවා සතර සීවටන් හැරපියා සම්‍යක්ප්‍රධානයන් - ඍද්ධිපාදයන් - ඉන්‍ද්‍රියයන් - බලයන් - බොධ්‍යඞගයන් - ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය හැරපියා ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි මෙසේත් ‘අතිසිත්වා අඤ්ඤෙන වදන්ති සුද්ධිං’ යනු වේ. නොහොත් බුදුවරයෝ ද බුදුසව්වෝද පසේබුදුහු ද ඒ තීර්‍තථකයන්ගේ අශුද්ධිමාර්‍ගය අවිශුද්ධිමාර්‍ගය අපරිශුද්ධිමාර්‍ගය අපණ්ඩරමාර්‍ගය අප්‍රභාසවර මාර්‍ගය ඉක්මවා මොනවට ඉක්මවා වෙසෙසින් ඉක්මවා සතර සතිපට්ඨානයන් ගෙන් සතර සම්‍යක්ප්‍රධානයන්ගෙන් සතර ඍද්ධිපාදයන් ගෙන් පඤ්චෙන්ද්‍රීයයන් ගෙන් පඤ්චබලයන් ගෙන් සප්තබොධ්‍යඞගයන්ගෙන් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි මෙසේත් ‘අතිසිත්වා අඤ්ඤෙන වදන්ති සුද්ධිං’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

”ජානාමි පස‍්සාමි තථෙව එතං දිට‍්ඨියා එකෙ පච‍්චෙන‍්ති සුද‍්ධිං, අදක‍්ඛි චෙ කිං හි තුමස‍්ස තෙන අතිසිත්‍වා අඤ‍්ඤෙන වදන‍්ති සුද‍්ධි”න‍්ති.

“ජානාමි පස්සාමි -පෙ- අතිසිත්වා අඤ්ඤෙන වදන්ති සුද්ධිං” යී.