13. 13
13. 13.
13. 13.
න බ්රාහ්මණස්ස පරනෙය්යමත්ථි ධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතං, තස්මා විවාදානි උපාතිවත්තො න හි සෙට්ඨතො පස්සති ධම්මමඤ්ඤං.
බාහිතපාපී වූ බ්‍රාහ්මණහට මෙරමා විසින් එළැවිය යුතු ඥානයෙක් යම්හෙයකින් නැත් ද, දෙසැටදිටු දහම්හි (මෙය මැ සැබවැයි) නිශ්චය කොට දැඩි වැ ගන්නා ලද්දකුත් නැත් ද, එහෙයින් දෘෂ්ටිවිවාදයන් ඉක්මවූ හෙතෙම අන් දහමක් ශ්‍රේෂ්ඨ විසින් නො මැ දක්නේ යි.
න බ්රාහ්මණස්ස පරනෙය්යමත්ථිති - ‘නා’ති පටික්ඛෙපො; බ්රාහ්මණොති සත්තන්නං ධම්මානං බාහිතත්තා බ්රාහ්මණො -පෙ- අසිතො තාදී පවුච්චතෙ ස බ්රහ්මා. න බ්රාහ්මණස්ස පරනෙය්යමත්ථිති බ්රාහ්මණස්ස පරනෙය්යො නත්ථි, බ්රාහ්මණො න පරනෙය්යො, න පරප්පත්තියො, න පරප්පච්චයො, න පරපටිබද්ධගූ; ජානාති පස්සති අසම්මූළ්හො සම්පජානො පතිස්සතො. “සබ්බෙ සඞ්ඛාරා අනිච්චා”ති බ්රාහ්මණස්ස පරනෙය්යා නත්ථි. බ්රාහ්මණො න පරනෙය්යො. න පරප්පත්තියො. න පරප්පච්චයො’ න පරපටිබද්ධගූ ජානාති පස්සති අසම්මූළ්හො සම්පජානො පතිස්සතො. “සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා”ති -පෙ- යං කිඤ්චි සමුදයධම්මං සබ්බන්තං නිරොධධම්ම”න්ති බ්රාහ්මණස්ස පරනෙය්යතා නත්ථි, බ්රාහ්මණො න පරනෙය්යො, න පරප්පත්තියො, න පරප්පච්චයො; න පරපටිබද්ධගූ ජානාති පස්සති අසම්මූළ්හො සම්පජානො පතිස්සතො. - න බ්රාහ්මණස්ස පරනෙය්යමත්ථි.
න බ්රාහ්මණස්ස පරනෙය්‍යමත්ථී - ’න’ යනු: ප්‍රතික්ෂේප යැ; ‘බ්‍රාහ්මණ නම් සත් ධර්ම කෙනකුන් බාහිත හෙයින් ‘බ්‍රාහ්මණ යැ, … හේ බ්‍රාහ්මණ යි. න බ්රාහ්මණස්ස පරනෙය්‍යමත්ථී - බ්‍රාහ්මණහට මෙරමා විසින් එළැවියැ යුතු බවෙක් නැත; බ්‍රාහ්මණ තෙමේ මෙරමා විසින් අවබෝධ කරවියැ යුතු බවෙක් නැත; බ්‍රාහ්මණ තෙමේ මෙරමා විසින් අවබෝධ කරවිය යුත්තේ නො වෙයි, මෙරමා විසින් හැදැහිය යුත්තේ නො වෙයි, පරප්‍රත්‍යය රහිත වූයේ වෙයි, මෙරමා පිළිබඳ වූ පැමිණීම් ඇත්තේ නො වෙයි; නො මුළා වූයේ සම්‍යක්ප්‍රඥා ඇත්තේ ස්මෘතිමත් වූයේ දැනගනී දක්නේයි. ’සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ’ යි බ්‍රාහ්මණහට මෙරමා විසින් එළවියැ යුතු බවෙක් නැත, බ්‍රාහ්මණ තෙමේ මෙරමා විසින් අවබෝධ කරවිය යුත්තේ නො වෙයි, මෙරමා බසින් හැදැහියැ යුත්තේ නො වෙයි, පරප්‍රත්‍යය වූයේ නො වෙයි, මෙරමා පිළිබඳ පැමිණීම් ඇත්තේ නො වෙයි, නො මුළා වූයේ සම්‍යක්ප්‍රඥා ඇත්තේ ස්මෘතිමත් වූයේ (තෙමේ) මැ දැනගනි, දක්නේ යි. ‘සියලු සංස්කාරයෝ දුඃඛයෝ ය’ යි … යම් කිසිවෙක් සමුදයධර්‍ම වේ නම් ඒ සියල්ල නැසෙන සුලු ය’ යි බ්‍රාහ්මණහට පරා විසින් එළවියැ යුත්තෙක් නැත, බ්‍රාහ්මණ තෙම පරනෙය්ය වූයේ නො වෙයි, පරා පිළිබඳ හැදහීම් ඇත්තේ නො වෙයි, පරප්‍රත්‍යය වූයේ නො වෙයි, පරා අයත් ගමන් ඇත්තේ නො වෙයි. අසම්මූඪ වූයේ සම්‍යක්ප්‍රඥා ඇත්තේ ස්මෘතිමත් වූයේ (තෙමේ ම) දැනගනී දක්නේ නුයි ‘න බ්රාහ්මණස්ස පරනෙය්‍යමත්ථී’ යනු වේ.
ධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතන්ති - ‘ධම්මෙසූ’ති ද්වාසට්ඨි දිට්ඨිගතෙසු; නිච්ඡෙය්යාති නිච්ඡිනිත්වා විනිච්ඡිනිත්වා විචිනිත්වා පවිචිනිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා ඔධිගාහො බිලග්ගාහො වරග්ගාහො කොට්ඨාසග්ගාහො උච්චයග්ගාහො සමුච්චයග්ගාහො, ඉදං සච්චං තථං තච්ඡා භූතං යාථාවං අවිපරීතන්ති ගහිතං පරාමට්ඨං අභිනිවිට්ඨං අජ්ඣොසිතං අධිමුත්තං නත්ථි න සංවිජ්ජති නූපලබ්භති පහීනං සමුච්ඡින්නං වූපසන්තං පටිප්පස්සද්ධං අභබ්බුප්පත්තිකං ඤාණග්ගිනා දඩ්ඪන්ති - ධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතං.
ධම්මේසු නිච්ඡෙය්ය සමුග්ගහීතං - ‘ධම්මේසු’ යනු: දෙසැට දිටුගතයන්හි; නිච්ඡෙය්ය යනු: නිශ්චය කොට විනිශ්චය කොට විමසා වෙසෙසින් විමසා තුලනය කොට තීරණය කොට හෙළි කොට විභූත කොට අවධි කොට ගැනීමෙක් කොටස් වශයෙන් ගැනීමෙක් උත්තමග්රහණයෙක් කොට්ඨාසග්රහණයෙක් රාශි වශයෙන් ගැනීමෙක් විශෙෂරාශි වශයෙන් ගැනීමෙක් ‘මේ සැබව අවිපරිණාම යැ තත්ථ්ය යැ විද්‍යාමාන යැ යථාවත් යැ අවිපරීත යැ’ යි ගන්නා ලද්දෙක් දැහැගන්නා ලද්දෙක් පිහිටාගන්නා ලද්දෙක් ඇතුළු වැ ගන්නා ලද්දෙක් ඇලීගන්නා ලද්දෙක් නැත, විද්‍යාමාන නො වයි, නො ලැබෙයි, ප්‍රහීණ යැ සමුච්ඡින්න යැ සන්හිඳුවන ලද දුරලන ලද උපතට නො සුදුසු කරන ලද නුවණගින්නෙන් දවන ලද නුයි ‘ධම්මේසු නිච්ඡෙය්ය සමුග්ගහීතං’ යනු වේ.
තස්මා විවාදානි උපාතිවත්තොති - ‘තස්මා’ති තස්මා තංකාරණා තංහෙතු තප්පච්චයා තන්නිදානා දිට්ඨිකලහානි දිට්ඨිභණ්ඩනානි දිට්ඨිවිග්ගහානි දිට්ඨිවිවාදානි දිට්ඨිමෙධගානි උපාතිවත්තො අතික්කන්තො සමතික්කන්තො වීතිවත්තොති - තස්මා විවාදානි උපාතිවත්තො.
තස්මා විවාදානි උපාතිවත්තො - ‘තස්මා’ යනු: එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් දෘෂ්ටිකලහයන් දෘෂ්ටිභණ්ඩනයන් දෘෂ්ටිවිග්‍රහයන් දෘෂ්ටිවිවාදයන් දෘෂ්ටිමෙධගයන් පසු කෙළේ ඉක්මැවූයේ මැනවින් ඉක්මැවූයේ වෙසෙසින් ඉක්මැවූයේ නුයි ‘තස්මා විවාදානි උපාතිවත්තො’ යනු වේ.
න හි සෙට්ඨතො පස්සති ධම්මමඤ්ඤන්ති - අඤ්ඤං සත්ථාරං ධම්මක්ඛානං ගණං දිට්ඨිං පටිපදං අඤ්ඤත්ර; සතිපට්ඨානෙහි අඤ්ඤත්ර; සම්මප්පධානෙහි අඤ්ඤත්ර; ඉද්ධිපාදෙහි අඤ්ඤත්ර ඉන්ද්රියෙහි අඤ්ඤත්ර බලෙහි අඤ්ඤත්ර බොජ්ඣඞ්ගෙහි අඤ්ඤත්ර අරියා අට්ඨඞ්ගිකා මග්ගා අග්ගං සෙට්ඨං විසෙට්ඨං පාමොක්ඛං උත්තමං පවරං ධම්මං න පස්සති න දක්ඛති න ඔලොකෙති න නිජ්ඣායති න උපපරික්ඛතීති න හි සෙට්ඨතො පස්සති ධම්මමඤ්ඤං.
න හි සෙට්ඨතො පස්සති ධම්මමඤ්ඤං - සතිපට්ඨානයන් හැර සම්‍යක්ප්‍රධානයන් හැර ඍද්ධිපාදයන් හැර ඉන්ද්රියයන් හැර බලයන් හැර බොධ්යඞගයන් හැර ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය හැර අන්‍ය ශාස්තෘවක්හු ධර්‍මාඛ්‍යානයක් ගණයක් දෘෂ්ටියක් ප්‍රතිපත්තියක් මාර්ගයක් අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ විශිෂ්ට වූ පාමොක් වූ උතුම් වූ ප්‍රවර වූ දහමක් නො බලයි නො දකී අවලොකනය නො කෙරෙයි නො සිතයි නො විමසා නුයි ‘න හි සෙට්ඨතො පස්සති ධම්මමඤ්ඤං’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“න බ්රාහ්මණස්ස පරනෙය්යමත්ථි ධම්මෙසු නිච්ඡෙය්ය සමුග්ගහීතං, තස්මා විවාදානි උපාතිවත්තො න හි සෙට්ඨතො පස්සති ධම්මමඤ්ඤ”න්ති.
“න බ්රාහ්මණස්ස -පෙ- න හි සෙට්ඨතො පස්සති ධම්මමඤ්ඤං” යී.