13. 12
13. 12.
13. 12.
සධම්මපූජා ච පනා තථෙව යථා පසංසන්ති සකායනානි, සබ‍්බෙව වාදා තථියා භවෙය්‍යුං සුද‍්ධී හි තෙසං පච‍්චත‍්තමෙව.
තවද (ඒ තීර්‍තථකයෝ ලබ්ධිමාර්‍ගයන්ට යම්සේ පසසත් නම් ස්වකීය ශාස්තෘ ආදීන්ට පූජාවන් එසේ ම පවත්නේ ය. ඉදින් (ඔහු එහි ප්‍රමාණ වන්නාහු නම්) සියලු මැ වාදයෝ සත්‍ය වන්නාහුය. යම් හෙයකින් ඔවුන් ගේ ශුද්ධිය තමන් තමන් කෙරෙහි පිහිටියේ ද එහෙයිනි.
සධම‍්මපූජා ච පනා තථෙවාති - කතමා සධම‍්මපූජා: සකං සත්‍ථාරං සක‍්කරොති ගරුකරොති මානෙති පූජෙති ‘අයං සත්‍ථා සබ‍්බඤ‍්ඤූ”ති අයං සධම‍්මපූජා. සකං ධම‍්මක‍්ඛානං - සකං ගණං - සකං දිට‍්ඨිං - සකං පටිපදං - සකං මග‍්ගං සක‍්කරොති ගරුකරොති මානෙති පූජෙති “අයං මග‍්ගො නිය්‍යානිකො”ති අයං සධම‍්මපූජා. සධම‍්මපූජා ච පනා තථෙවාති සධම‍්මපූජා තථා තච‍්ඡා භූතා යාථාවා අවිපරීතාති - සධම‍්මපූජා ච පනා තථෙව.
සධම්මපූජා ච පනා තථෙව - සද්ධම්මපූජා කවරී ද යත්: “මේ ශාස්තෘ තෙම සර්‍වඥ යැ” යි ස්වකීය ශාස්තෘහට සත්කාර කෙරෙයි ගරු කෙරෙයි බුහුමන් කෙරෙයි පූජා කෙරෙයි; මෝ ‘සධම්මපූජා’ යැ. ස්වකීය ධර්‍මාඛ්‍යානයට - ස්වකීය ගණයාට - ස්වකීය දෘෂ්ටියට - ස්වකීය ප්‍රතිපත්තියට ‘මේ මාර්‍ගය නෛර්‍ය්‍යාණික යැ’ යි ස්වකීය මාර්‍ගයට සත්කාර කෙරෙයි ගරු කෙරෙයි බුහුමන් කෙරෙයි පූජා කෙරෙයි. මෝ සධම්මපූජා යි. සධම්ම පූජා ච පනා තථෙව - ස්වකීය ශාස්තෘ ආදීන්ට පූජාව අවිපරීත යැ නො සිස් යැ විද්‍යාමාන යැ යාථාවත් යැ නො වෙනස් නුයි ‘සධම්මපූජා ච පනා තථෙව’ යනු වේ.
යථා පසංසන‍්ති සකායනානීති - ධම‍්මො සකායනං, දිට‍්ඨි සකායනං, පටිපදා සකායනං, මග‍්ගො සකායනං; සකායනානි පසංසන‍්ති ථොමෙන‍්ති කිත‍්තෙන‍්ති වණ‍්ණෙන‍්තීති - යථා පසංසන්ති සකායනානි.
යථා පසංසන්ති සකායනානි - ධර්‍මය සිය මඟ යැ, දෘෂ්ටිය සිය මඟ යැ, ප්‍රතිපත්තිය සිය මඟ යැ, මාර්‍ගය සිය මඟයැ යි. ස්වකීය මාර්‍ගයන්ට පසසති තුති කෙරෙති ප්‍රකට කෙරෙති ගූණ කියත් නුයි ‘යථා පසංසන්ති සකායනානි’ යනු වේ.
සබ‍්බෙව වාදා තථියා භවෙය්‍යුන‍්ති - සබ‍්බෙව වාදා තථා තච‍්ඡා භූතා යාථාවා අවිපරීතා භවෙය්‍යුන‍්ති - සබ‍්බෙව වාදා තථියා භවෙය්‍යුං.
සබ්බේව වාදා තථියා භවෙය්‍යුං - සියලු මැ වාදයෝ අවිපරීතයෝ තත්ථ්‍යයෝ විද්‍යාමානයෝ යාථාවත් වූවෝ නො වෙනස් වූවෝ වන්නාහු නුයි ‘සබ්බේව වාදා තථියා භවෙය්‍යුං’ යනු වේ.
සුද‍්ධී හි නෙසං පච‍්චත‍්තමෙවාති - පච‍්චත‍්තමෙව තෙසං සමණබ්‍රාහ‍්මණානං සුද‍්ධි විසුද‍්ධි පරිසුද‍්ධි මුත‍්ති විමුත‍්ති පරිමුත‍්තීති - සුද‍්ධි හි නෙසං පච‍්චත‍්තමෙව.
සුද්ධී හි නෙසං පච්චත්තමෙව - ඒ මහණබමුණන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය තමන් තමන් කෙරෙහි මැ වේ නුයි ‘සුද්ධී හි නෙසං පච්චත්තමෙව’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“සධම‍්මපූජා ච පනා තථෙව යථා පසංසන්ති සකායනානි, සබ‍්බෙව වාදා තථියා භවෙය්‍යුං සුද‍්ධී හි නෙසං පච‍්චත‍්තමෙවා”ති.
“සධම්මපූජා ච -පෙ- සුද්ධී හි නෙසං පච්චත්තමෙව” යී.