13. 11
13. 11.
13. 11.
පරස්ස චෙ වම්භයිතෙන හීනො න කොචි ධම්මෙසු විසෙසි අස්ස. පුථූ හි අඤ්ඤස්ස වදන්ති ධම්මං නිහීනතො සම්හි දළ්හං වදානා.
ඉදින් මෙරමා විසින් අවමන් කළ කරුණෙන් හීන වූයෙක් වන්නේ නම්, ධර්මයන් අතුරෙහි කිසිවෙක් විශිෂ්ට වූයේ නො වන්නේය. යම් හෙයකින් බොහෝ මහණබමුණෝ මෙරමාගේ දහම නිහීන හෙයින් කියත් ද, ස්වකීය ධර්මයෙහි දැඩිව කියන්නාහු වෙත් ද එහෙයිනි.
පරස්ස චෙ වම්භයිතෙන හීනොති - පරස්ස චෙ වම්භයිතකාරණා නින්දිතකාරණා ගරහිතකාරණා උපවදිතකාරණා පරො බාලො හොති හීනො නිහීනො ඔමකො ලාමකො ඡත්තකො පරිත්තොති - පරස්ස චෙ වම්භයිතෙන හීනො.
පරස්ස චෙ වම්හයිතෙන හීනො - ඉදින් මෙරමා විසින් අවමන් කළ කරුණෙන් නිගා කළ කරුණෙන් ගැරහූ කරුණෙන් නුගුණ කී කරුණෙන් මෙරමා බාලයෙක් හීනයෙක් නිහීනයෙක් අවමතයෙක් ලාමකයෙක් ඡත්තකයෙක් පරිත්තයෙක් වේ නම් යී ‘පරස්ස චෙ වම්හයිතෙන හීනො’ යනු වේ.
න කොචි ධම්මෙසු විසෙසි අස්සාති - ධම්මෙසු න කොචි අග්ගො සෙට්ඨො විසිට්ඨො පාමොක්ඛො උත්තමො පවරො අස්සාති - න කොචි ධම්මෙසු විසෙසි අස්ස.
න කෝචි ධම්මේසු විසෙසි අස්ස - ධර්මයන් අතුරෙහි කිසිවෙක් අග්‍ර වූයේ ශ්‍රේෂ්ඨ වූයේ පාමොක් වූයේ උතුම් වූයේ ප්‍රවර වූයේ නො වන්නේ නුයි ‘න කෝචි ධම්මේසු විසෙසි අස්ස’ යනු වේ.
පුථූ හි අඤ්ඤස්ස වදන්ති ධම්මං නිහීනතොති - බහුකාපි බහූනං ධම්මං වදන්ති උපවදන්ති නින්දන්ති ගරහන්ති හීනතො නිහීනතො ඔමකතො ලාමකතො ඡත්තකතො පරිත්තතො; බහුකාපි එකස්ස ධම්මං වදන්ති උපවදන්ති නින්දන්ති ගරහන්ති හීනතො නිහීනතො ඔමකතො ලාමකතො ඡත්තකතො පරිත්තතො; එකොපි බහුන්නං ධම්මං වදති උපවදති නින්දති ගරහති හීනතො නිහීනතො ඔමකතො ලාමකතො ඡත්තකතො පරිත්තතො; එකොපි එකස්ස ධම්මං වදති උපවදති නින්දති ගරහති හීනතො නිහීනතො ඔමකතො ලාමකතො ඡත්තකතො පරිත්තතොති - පුථූ හි අඤ්ඤස්ස වදන්ති ධම්මං නිහීනතො.
පුථූ හි අඤ්ඤස්ස වදන්ති ධම්මං නිහීනතො - බොහෝ දෙනාගේ දහම හීන හෙයින් නිහීන හෙයින් ඔමක හෙයින් ලාමක හෙයින් ඡත්තක හෙයින් පරිත්ත හෙයින් කියති උපවාද කෙරෙති නිගා කෙරෙති ගරහත්. බොහෝ දෙනා ද එකක්හුගේ දහම හීන - නිහීන - ඔමක - ලාමක - ඡත්තක - පරිත්ත හෙයින් කියති නුගුණ කියති නිගා කෙරෙති ගරහත්. එකෙකුදු බොහෝ දෙනාගේ දහම හීන - නිහීන - ඔමක - ලාමක - ඡත්තක - පරිත්ත හෙයින් කියයි නුගුණ කියයි නිගා කෙරෙයි ගරහයි. එකෙකුදු එකක්හුගේ දහම හීන - නිහීන - ඔමක - ලාමක - ඡත්තක - පරිත්ත හෙයින් කියයි නුගුණ කියයි නිගා කෙරෙයි ගරහා නුයි ‘පුථූ හි අඤ්ඤස්ස වදන්ති ධම්මං නිහීනතො’ යනු වේ.
සම්හි දළ්හං වදානාති - ධම්මො සකායනං, දිට්ඨි සකායනං, පටිපදා සකායනං, මග්ගො සකායනං, සකායනෙන දළ්හවාදා ථිරවාදා බලිකවාදා අවට්ඨිතවාදාති - සම්හි දළ්හං වදානා.
සම්හි දළ්හං වදානා - ධර්මය ස්වකීය මාර්ග යැ දෘෂ්ටිය ස්වමාර්‍ග යැ ප්‍රතිපදාව ස්වමාර්‍ග යැ මාර්ගය ස්වමාර්‍ග යයි ස්වකීය මාර්ගය හේතු කොග ගෙන දෘඪවාද ඇත්තාහු ස්ථිර වාද ඇත්තාහු බලවත් වාද ඇත්තාහු අවස්ථිතවාද ඇත්තාහු නුයි ‘සම්හි දළ්හං වදානා’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“පරස්ස චෙ වම්භයිතෙන හීනො න කොචි ධම්මෙසු විසෙසි අස්ස. පුථු හි අඤ්ඤස්ස වදන්ති ධම්මං නිහීනතො සම්හි දළ්හං වදානා”ති.
“පරස්ස චෙ -පෙ- නිහිනතො සම්හි දළ්හං වදානා” යී.