13. 10
13. 10.
13. 10.
සකං හි ධම්මං පරිපුණ‍්ණමාහු අඤ‍්ඤස‍්ස ධම්මං පන හීනමාහු, එවම‍්පි විග්ගය්හ විවාදයන‍්ති සකං සකං සම‍්මුති මාහු සච‍්චං.
(ඇතැම් මහණබමුණෝ) තමන් තමන්ගේ මැ ධර්‍මය පරිපූර්‍ණ යැ යි කියති, යලි අන්‍යයාගේ ධර්‍මය හීන යැයි කියත්. මෙසේ ත් දැඩි වැ ගෙන විවාද කෙරෙති, තමන් තමන්ගේ මැ දෘෂ්ටිසම්මතිය සැබවැයි කියත්.
සකං හි ධම‍්මං පරිපුණ‍්ණමාහූති - සකං හි ධම‍්මං දිට‍්ඨිං පටිපදං මග‍්ගං එකෙ සමණබ්‍රාහ‍්මණා ඉදං සමත‍්තං පරිපුණ‍්ණං අනොමන‍්ති එවමාහංසු -පෙ- එවං වොහරන‍්තීති - සකං හි ධම්මං පරිපුණ‍්ණමාහු.
සකං හි ධම්මං පරිපුණ්ණමාහු - ඇතැම් මහණබමුණු කෙනෙක් තමන් තමන්ගේ මැ ධර්‍මය දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය ‘මෙය සමස්තයැ පරිපූර්‍ණ යැ අලාමක යැ’ යි මෙසේ පවසති … මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘සකං හි ධම්මං පරිපුණ්ණමාහු’ යනු වේ.
අඤ‍්ඤස‍්ස ධම්මං පන හීනමාහූති - අඤ‍්ඤස‍්ස ධම‍්මං දිට‍්ඨිං පටිපදං මග‍්ගං එකෙ සමණබ්‍රාහ‍්මණා හීනං එතං නිහීනං එතං ඔමකං එතං ලාමකං එතං ඡත‍්තකං එතං පරිත‍්තකං එතන‍්ති එවමාහංසු, එවං කථෙන‍්ති, එවං භණන‍්ති, එවං දීපයන‍්ති, එවං වොහරන‍්තීති - අඤ‍්ඤස‍්ස ධම්මං පන හීනමාහු.
අඤ්ඤස්ස ධම්මං පන හීනමාහු - ඇතැම් මහණබමුණෝ අන්‍යයාගේ ධර්‍මය දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය ‘තෙල හීන යැ තෙල නිහීන යැ තෙල අවමත යැ තෙල ලාමක යැ තෙල ඡත්තක යැ තෙල අල්ප යැ’ යි මෙසේ පවසති, මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘අඤ්ඤස්ස ධම්මං පන හීනමාහු ’ යනු වේ.
එවම‍්පි විග‍්ගය‍්හ විවාදයන‍්තීති - එවං ගහෙත්‍වා උග‍්ගහෙත්‍වා ගණ‍්හිත්‍වා පරාමසිත්‍වා අභිනිවිසිත්‍වා විවාදයන‍්ති, කලහං කරොන‍්ති, භණ‍්ඩනං කරොන‍්ති, විග‍්ගහං කරොන‍්ති, විවාදං කරොන‍්ති, මෙධගං කරොන‍්ති ‘න ත්‍වං ඉමං ධම‍්මවිනයං ආජානාසි -පෙ- නිබ‍්බෙඨෙහි වා සචෙ පහොසී’ති - ‘එවම‍්පි විග්ගය්හ විවාදයන‍්ති’.
එවම්පි විග්ගය්හ විවාදයන්ති - මෙසේ ගෙන දැඩිව ගෙන ග්‍රහණය කොට දැහැගෙන පිවිසගෙන විවාද කෙරෙති, කලහ කෙරෙති, ඩබර කෙරෙති, විග්‍රහ කෙරෙති, විරුද්ධවාද කෙරෙති, අරගල කෙරෙත්: ‘තෙපි මේ ධර්‍මවිනය නො දන්නවු යැ … ඉදින් පොහොනවු නම් මුදා ගනුව ය’ යි ‘එවම්පි විග්ගය්හ විවාදයන්ති’ යනු වේ.
සකං සකං සම‍්මුතිමාහු සච‍්චන‍්ති - ‘සස‍්සතො ලොකො ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති සකං සකං සම්මුතිමාහු සච‍්චං; ‘අසස‍්සතො ලොකො -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා, ඉදමෙව සච‍්චං, මොඝමඤ‍්ඤ’න‍්ති දිට‍්ඨිගතමෙතං - සකං සකං සම්මුතිමාහු සච‍්චං.
සකං සකං සම්මුතිමාහු සච්චං - ‘ශාශ්වත යැ ලෝකය, මේ මැ සැබව අන්‍යය සිස් යැ’ යි ‘සකං සකං සම්මුතිමාහු සච්චං’ අශාශ්වත යැ ලෝකය … සත්ත්‍ව තෙමේ මරණින් මත්තෙහි නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මේ මැ සැබවැ අන්‍යය තුච්ඡ යැ’ යි ‘සකං සකං සම්මුතිමාහු සච්චං’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“සකං හි ධම්මං පරිපුණ‍්ණමාහු අඤ‍්ඤස‍්ස ධම්මං පන හීනමාහු, එවම‍්පි විග්ගය්හ විවාදයන‍්ති සකං සකං සම‍්මුතිමාහු සච‍්ච”න‍්ති.
“සකං හි ධම්මං -පෙ- කං සකං සම්මුතිමාහු සච්චං” යී.