යෙදුමෙන් කියවන්න

13. 9

13. 9.

13. 9.

යමාහු ධම‍්මං පරමන‍්ති එකෙ තමෙව හීනන‍්ති පනාහු අඤ‍්ඤෙ, සච‍්චො නු වාදො කතමො ඉමෙසං සබ‍්බෙව හි’මෙ කුසලාවදානා.

ඇතැම් මහණබමුණු කෙනෙක් යම් දහමක් උතුමැයි කියත් නම්, යලි අන්‍යයෝ එ මැ දහම හීන යයි කියති. මේ මහණබමුණන්ගේ කවර වාදයෙක් සත්‍ය වූයේ ද? මොහු සියල්ලෝ මැ කුශලවාද ඇත්තාහු මැ වෙත් ද?

යමාහු ධම‍්මං පරමන‍්ති එකෙති - යං ධම‍්මං දිට‍්ඨිං පටිපදං මග‍්ගං එකෙ සමණබ්‍රාහ‍්මණා ඉදං පරමං අග‍්ගං සෙට‍්ඨං විසිට‍්ඨං පාමොක‍්ඛං උත‍්තමං පවරන‍්ති එවමාහංසු, එවං කථෙන‍්ති, එවං භණන‍්ති, එවං දීපයන‍්ති, එවං වොහරන‍්තීති - යමාහු ධම‍්මං පරමන‍්ති එකෙ.

යමාහු ධම්මං පරමත්ති එකෙ - ඇතැම් මහණබමුණු කෙනෙක් යම් දහමක් දෘෂ්ටියක් ප්‍රතිපදාවක් මාර්‍ගයක් ‘මේ පරම යැ අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ විශිෂ‍්ට යැ පාමොක් යැ උතුම් යැ ප්‍රවර යැයි මෙසේ පවසති, මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘යමාහු ධම්මං පරමත්ති එකෙ’ යනු වේ.

තමෙව හීනන‍්ති පනාහු අඤ‍්ඤෙති - තමෙව ධම‍්මං දිට‍්ඨිං පටිපදං මග‍්ගං එකෙ සමණබ්‍රාහ‍්මණා හීනං එතං නිහීනං එතං ඔමකං එතං ලාමකං එතං ඡත‍්තකං එතං පරිත‍්තකං එතන‍්ති එවමාහංසු, එවං කථෙන‍්ති, එවං භණන‍්ති, එවං දීපයන‍්ති, එවං වොහරන‍්තීති - තමෙව හීනන‍්ති පනාහු අඤ‍්ඤෙ.

තමෙව හීනත්ති පනාහු අඤ්ඤෙ - ඇතැම් මහණබමුණෝ එ මැ දහම දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය ‘තෙල හීන යැ තෙල නිහීන යැ තෙල අවමත යැ තෙල ලාමක යැ තෙල ඡත්තක යැ තෙල අල්ප ය’ යි මෙසේ පවසති, මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘තමෙව හීනත්ති පනාහු අඤ්ඤෙ’ යනු වේ.

සච‍්චො නු වාදො කතමො ඉමෙසන‍්ති - ඉමෙසං සමණබ්‍රාහ‍්මණානං වාදො කතමො සච‍්චො තච‍්ඡො තථා භූතො යාථාවො අවිපරීතොති - සච‍්චො නු වාදො කතමො ඉමෙසං.

සච්චො නු වාදො කතමෝ ඉමෙයං - මේ මහණබමුණන්ගේ කවර වාදයෙක් සත්‍ය වූයේ නො සිස් වූයේ නො වෙනස් වූයේ විද්‍යාමාන වූයේ යථාස්වභාව වූයේ අවිපරීත වූයේ දැයි ‘සච්චො නු වාදො කතමෝ ඉමෙයං’ යනු වේ.

සබ‍්බෙව හිමෙ කුසලාවදානාති - සබ‍්බෙවිමෙ සමණබ්‍රාහ‍්මණා කුසලවාදා පණ‍්ඩිතවාදා ථිරවාදා ඤායවාදා හෙතුවාදා ලක‍්ඛණවාදා කාරණවාදා ඨානවාදා සකාය ලද‍්ධියාති - සබ‍්බෙව හිමෙ කුසලාවදානා.

සබ්බේව හි’මෙ කුසලාවදානා - මේ සියලු මැ මහණබමුණෝ ස්වකීය ලබ්ධියෙහි කුශලවාද ඇත්තාහු පණ්ඩිතවාද ඇත්තාහු සථිරවාද ඇත්තාහු න්‍යායවාද ඇත්තාහු හේතුවාද ඇත්තාහු ලක්ෂණවාද ඇත්තාහු කාරණවාද ඇත්තාහු ස්ථානවාද ඇත්තාහු යි ‘සබ්බේව හි’මෙ කුසලාවදානා’ යනු වේ.

තෙනාහ සො නිම‍්මිතො:

එයින් කීහ ඒ මැවුණු බුදුහු:

“යමාහු ධම‍්මං පරමන‍්ති එකෙ තමෙව හීනන‍්ති පනාහු අඤ‍්ඤෙ, සච‍්චො නු වාදො කතමො ඉමෙසං සබ‍්බෙව හිමෙ කුසලාවදානා”ති.

“යමාහු ධම්මං -පෙ- සබ්බේව හි’මෙ කුසලාවදානා” යී.