යෙදුමෙන් කියවන්න

13. 8

13. 8.

13. 8.

පත්‍ථයමානස‍්ස හි ජප‍්පිතානි පවෙධිතං වාපි පකප‍්පිතෙසු, චුතූපපාතො ඉධ යස‍්ස නත්‍ථි ස කෙන වෙධෙය්‍ය කුහිං ව ජප‍්පෙ.

(මෙසේ) පතනුවනහුට වැලිත් තෘෂ්ණාජල්පිතයෝ වෙති. තවද තෘෂ්ණා දෘෂ්ටින් ප්‍රකල්පිත වූ වස්තූන් නිමිති කොට අතිශයින් සැලීම ද වෙයි. මෙලොව යම් ක්ෂීණාස්‍රවයක් හට ච්‍යුති - උත්පත්ති නැත් ද, හෙතෙම කිනම් රාගාදියකින් සැලෙන්නේ ද, කොහි ජල්පනය කරන්නේ ද.

පත්‍ථයමානස‍්ස හි ජප‍්පිතානීති - පත්‍ථනා වුච‍්චති තණ‍්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං; පත්‍ථයමානස‍්සාති පත්‍ථයමානස‍්ස ඉච‍්ඡමානස‍්ස සාදියමානස‍්ස පිහයමානස‍්ස අභිජප‍්පමානස‍්සාති පත්‍ථයමානස‍්ස හි; ජප‍්පිතානීති ජප‍්පනා වුච‍්චති තණ‍්හා යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලන‍්ති - පත්‍ථයමානස‍්ස හි ජප‍්පිතානි.

පත්ථයමානස්ස හි ජප්පිතානි - ‘පත්‍ථනා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද, එයයි. පත්ථයමානස්ස - පතනුවහුට කැමැති වන්නහුට ඉවසනුවහුට රිසිවන්නහුට අභිජල්පනය කරන්නහුට නුයි ‘පත්ථයමානස්ස හි’ යනු වේ. ජප්පිතානි - ‘ජප්පනා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් නුයි ‘පත්ථයමානස්ස හි ජප්පිතානි’ යනු වේ.

පවෙධිතං වාපි පකප‍්පිතෙසූති - පකප‍්පනාති ද‍්වෙ පකප‍්පනා: තණ‍්හා පකප‍්පනා ච දිට‍්ඨිපකප‍්පනා ච -පෙ- අයං තණ‍්හාපකප‍්පනා; -පෙ- අයං දිට‍්ඨිපකප‍්පනා; පවෙධිතං වාපි පකප‍්පිතෙසූති - පකප‍්පිතං වත්‍ථුං අච‍්ඡෙදසඞ‍්කිනොපි වෙධෙන‍්ති, අච‍්ඡින්‍දන‍්තෙපි වෙධෙන‍්ති, අච‍්ඡින‍්නෙපි වෙධෙන‍්ති; පකප‍්පිතං වත්‍ථුං විපරිණාමසඞ‍්කිනොපි වෙධෙන‍්ති, විපරිණමන‍්තෙපි වෙධෙන‍්ති, විපරිණතෙපි වෙධෙන‍්ති, පවෙධෙන‍්ති සම‍්පවෙධෙන‍්තීති - පවෙධිතං වාපි පකප‍්පිතෙසු.

පවෙධිතං වාපි පකප්පිතෙසු - ‘පකප්පනා’ යනු: තෘෂ්ණාප්‍රකල්පනය ද දෘෂ්ටිප්‍රකල්පනය දැයි ප්‍රකල්පනා දෙකෙකි … මෝ දෘෂ්ටිප්‍රකල්පනා යි. පවෙධිතං වාපි පකප්පිතෙසු - ප්‍රකල්පිත වූ වස්තුව ‘අසිඳගනිති’ සැක ඇත්තාහු ද සැලෙති, අසිඳුනා කල්හි දු සැලෙති, අසිඳගත් කල්හි දු සැලෙත්, ප්‍රකල්පිත වූ වස්තුව ‘පරිවර්‍තන වෙතී’ සැක ඇත්තාහු ද සැලෙති, පෙරළෙන කල්හි දු සැලෙති, පෙරළුණු කල්හි දු සැලෙති, වෙවුලති, අතිශයින් වෙවුලත් නුයි ‘පවෙධිතං වාපි පකප්පිතෙසු’ යනු වේ.

චුතූපපාතො ඉධ යස‍්ස නත්‍ථීති - ‘යස‍්සා’ති අරහතො ඛීණාසවස‍්ස; යස‍්ස ගමනං ආගමනං ගමනාගමනං කාලං ගති භවාභවො චුති ච උපපත‍්ති ච නිබ‍්බත‍්ති ච භෙදො ච ජාති ජරා මරණඤ‍්ච නත්‍ථි න සන‍්ති න සංවිජ‍්ජන‍්ති නූපලබ‍්භන‍්ති පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪාති - චුතූපපාතො ඉධ යස‍්ස නත්‍ථි.

චුතූපපාතො ඉධ යස්ස නත්‍ථි - ‘යස්ස’ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට යමක් හට (මෙලොවින්) යෑම පෙරළා ඊම ගමනාගමනය මරණය ගතිය පුනපුනා භවය ච්‍යුතිය උත්පත්තිය නිපැත්ම බිඳීම ජාතිය හා ජරාමරණයත් නැත් ද නො වෙත් ද විද්‍යාමාන නො වෙත් ද නො ලැබෙත් ද, ප්‍රහීණ වූවාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු උපතට නුසුදුසු වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි ‘චුතූපපාතො ඉධ යස්ස නත්‍ථි’ යනු වේ.

ස කෙන වෙධෙය්‍ය කුහිං ව ජප‍්පෙති - සො කෙන රාගෙන වෙධෙය්‍ය, කෙන දොසෙන වෙධෙය්‍ය, කෙන මොහෙන වෙධෙය්‍ය, කෙන මානෙන වෙධෙය්‍ය, කාය දිට‍්ඨියා වෙධෙය්‍ය, කෙන උද‍්ධච‍්චෙන වෙධෙය්‍ය, කාය විචිකිච‍්ඡාය වෙධෙය්‍ය, කෙහි අනුසයෙහි වෙධෙය්‍ය, රත‍්තොති වා දුට‍්ඨොති වා මූළ‍්හොති වා විනිබද‍්ධොති වා පරාමට‍්ඨොති වා වික‍්ඛෙපගතොති වා අනිට‍්ඨංගතොති වා ථාමගතොති වා, තෙ අභිසඞ‍්ඛාරා පහීනා. අභිසඞ‍්ඛාරානං පහීනත‍්තා ගතියා කෙන වෙධෙය්‍ය නෙරයිකොති වා, තිරච‍්ඡානයොනිකොති වා, පෙත‍්තිවිසයිකොති වා, මනුස‍්සොති වා, දෙවොති වා, රූපීති වා, අරූපීති වා, සඤ‍්ඤීති වා, අසඤ‍්ඤීති වා, නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤීති වා, සො හෙතු නත්‍ථි; පච‍්චයො නත්‍ථි; කාරණං නත්‍ථි; යෙන වෙධෙය්‍ය පවෙධෙය්‍ය සම‍්පවෙධෙය්‍යාති - ස කෙන වෙධෙය්‍ය. කුහිං ව ජප‍්පෙති කුහිං වා ජප‍්පෙය්‍ය, කිම‍්හි ජප‍්පෙය්‍ය, කත්‍ථ ජප‍්පෙය්‍ය, පජප‍්පෙය්‍ය අභිජප‍්පෙය්‍යාති ස කෙන වෙධෙය්‍ය කුහිං ව ජප‍්පෙ.

ස කෙන වෙධෙය්‍ය කුහිං ච ජප්පෙ - හෙතෙම කවර රාගයෙකින් සැලෙන්නේ ද, කවර ද්වෙෂයෙකින් - කවර මොහයෙකින් - කවර මානයෙකින් කවර දෘෂ්ටියෙකින් - කවර ඖද්ධත්‍යයෙකින් - කවර විචිකිත්සායෙකින් - කවර අනුශයධර්‍මයෙකින් සැලෙන්නේ ද, (රාගයෙන්) රක්ත යැ හෝ දුෂ්ට යැ හෝ මූඪ යැ හෝ (මානයෙන්) විනිබද්ධ යැ හෝ (දෘෂ්ටියෙන්) පරාමෘෂ්ට යැ හෝ වික්ෂෙපයට පැමිණියේ යැ හෝ නිෂ්ඨාවට නො ගියේ යැ හෝ තදබවට ගියේ යැ හෝ (යන) ඒ කර්‍මාභිසංස්කාරයෝ ප්‍රහීණයෝ යැ, අභිසංස්කාරයන් ප්‍රහීණ වූ බැවින් ගතිය හේතු කොට ගෙන කුමකින් සැලෙන්නේ ද, නිරයෙහි උපදනා සත්ත්වයෙකැ හෝ තිරිසන්යොන්හි උපදෙනකැ හෝ ප්‍රේතවිෂයෙහි උපදනෙකැ හෝ මිනිස් වන්නෙකැ හෝ දෙවි වන්නෙකැ හෝ රූපී යැ හෝ අරූපී යැ හෝ සංඥී යැ හෝ අසංඥී යැ හෝ නෛවසංඥීනාසංඥී යැ හෝ යම් හෙයකින් කම්පා වන්නේ නම් සැලෙන්නේ නම් වෙසෙසින් සැලෙන්නේ නම් ඒ හේතුව නැත, ප්‍රත්‍යය නැති, කාරණය නැත් නුයි ‘ස කෙන වෙධෙය්‍ය’ යනු වේ. කුහිං ච ජප්පෙ - කොහි හෝ (තෘෂ්ණාවශයෙන්) ජල්පනය කරන්නේ ද, කවර කරුණෙක ජල්පනය කරන්නේ ද, කො තැන්හි ජල්පනය ප්‍රජල්පනය අභිජල්පනය කරන්නේ දැ යි ‘ස කෙන වෙධෙය්‍ය කුහිං ච ජප්පෙ’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“පත්‍ථයමානස‍්ස හි ජප‍්පිතානි පවෙධිතං වාපි පකප‍්පිතෙසු, චුතූපපාතො ඉධ යස‍්ස නත්‍ථි ස කෙන වෙධෙය්‍ය කුහිං ව ජප‍්පෙ”ති.

“පත්ථයමානස්ස -පෙ- ස කෙන වෙධෙය්‍ය කුහිං ච ජජප්පෙ” යී.