යෙදුමෙන් කියවන්න

13. 7

13. 7.

13. 7.

තමුපනිස‍්සාය ජිගුච‍්ඡිතං වා අථවාපි දිට‍්ඨං ව සුතං මුතං වා. උද‍්ධංසරා සුද‍්ධිමනුත්‍ථුනන‍්ති අවීතතණ‍්හා සෙ භවාභවෙසු.

තවද (ඇතැම් මහණබමුණු කෙනෙක් බුද්ධාදීන් විසින්) ජුගුප්සිත වූ ඒ අමරතපස් හෝ දෘෂ්ටශුද්ධිය හෝ ශ්‍රැතශුද්ධිය හෝ මුතශුද්ධිය හෝ ඇසුරු කොට (අක්‍රියදෘෂ්ටියෙන් හෝ) උද්ධංසරවාද ඇති වැ පුනපුනා භවයෙහි නො හළ තෘෂ්ණා ඇත්තාහු ශුද්ධිය කියත්.

තමුපනිස‍්සාය ජිගුච‍්ඡිතං වාති - සන‍්තෙකෙ සමණබ්‍රාහ‍්මණා තපොජිගුච‍්ඡාවාදා තපොජිගුච‍්ඡාසාරා තපොජිගුච‍්ඡානිස‍්සිතා ආනිස‍්සිතා අල‍්ලීනා උපගතා අජ‍්ඣොසිතා අධිමුත‍්තාති - සමුපනිස‍්සාය ජිගුච‍්ඡිතං වා.

තමුපනිස්සාය ජිගුච්ඡිතං වා - කායපීඩනාදි තපසින් පාපජුගුප්සාව පවසන්නාවූ තපෝජුගුප්සාව සාර කොට ඇති තපෝජුගුප්සාව ඇසුරු කළ හාත්පසින් ඇසුරු කළ (එහි) ඇලුණු බැසගත් පිවිසියා වූ ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත් නුයි ‘තමුපනිස්සාය ජිගුච්ඡිතං වා’ යනු වේ.

අථවාපි දිට‍්ඨංව සුතං මුතං වාති - දිට‍්ඨං වා දිට‍්ඨසුද‍්ධිං වා සුතං වා සුතසුද‍්ධිං වා මුතං වා මුතසුද‍්ධිං වා නිස‍්සාය උපනිස‍්සාය ගණ‍්හිත්‍වා පරාමසිත්‍වා අභිනිවිසිත්‍වාති අථවාපි දිට‍්ඨං ව සුතං මුතං වා.

අථවාපි දිට්ඨං ව සුතං මුතං වා - දෘෂ්ට (- රූපායතන) ය හෝ දෘෂ්ටශුද්ධිය හෝ ශ්‍රැතය හෝ ශ්‍රැතශුද්ධිය හෝ මුතය හෝ මුතශුද්ධිය හෝ නිසා ඇසුරු කොට ගෙන දැහැගෙන පිවිස ගෙන නුයි ‘අථවාපි දිට්ඨං ව සුතං මුතං වා’ යනු වේ.

උද‍්ධංසරා සුද‍්ධිමනුත්‍ථුනන‍්තීති - සන‍්තෙකෙ සමණබ්‍රාහ‍්මණා උද‍්ධංසරවාදා. කතමෙ තෙ සමණබ්‍රාහ‍්මණා උද‍්ධංසරවාදා? යෙ තෙ සමණබ්‍රාහ‍්මණා අච‍්චන‍්තසුද‍්ධිකා සංසාරසුද‍්ධිකා අක්‍රියදිට‍්ඨිකා සස‍්සතවාදා, ඉමෙ තෙ සමණ බ්‍රාහ‍්මණා උද‍්ධංසරවාදා, තෙ සංසාරෙන සුද‍්ධිං විසුද‍්ධිං පරිසුද‍්ධිං මුත‍්තිං විමුත‍්තිං පරිමුත‍්තිං ථුනන‍්ති වදන‍්ති කථෙන‍්ති භණන‍්ති දීපයන‍්ති වොහරන‍්තීති - උද‍්ධංසරා සුද‍්ධිමනුත්‍ථුනන‍්ති.

උද්ධංසරා සුද්ධිමනුත්ථුනන්ති - උද්ධංසරවාද ඇති ( - සංසාරයෙන් ශුද්ධිය පවසන) ඇතැම් මහණ බමුණු කෙනෙක් වෙති, සංසාරයෙන් ශුද්ධිය පවසන ඒ මහණ බමුණෝ කවරහු ද යත්? අත්‍යන්තශුද්ධිය පවසන සංසාරශුද්ධිය පවසන අක්‍රියදෘෂ්ටි ඇති ශාශ්වතදෘෂ්ටි ඇති ඒ මේ මහණබමුණෝ උද්ධංසරවාද ඇත්තාහු වෙත්. ඔවුහු සංසාරයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පසසති පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘උද්ධංසරා සුද්ධිමනුත්ථුනන්ති’ යනු වේ.

අවීතතණ‍්හා සෙ භවාභවෙසූති - ‘තණ‍්හා’ති රූපතණ‍්හා සද‍්දතණ‍්හා ගන්‍ධතණ‍්හා රසතණ‍්හා ඵොට‍්ඨබ‍්බතණ‍්හා ධම‍්මතණ‍්හා.

අවිතතණ්හා සෙ භවාභවෙසු - ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ශබ්දතෘෂ්ණා යැ ගන්‍ධතෘෂ්ණා යැ රසතෘෂ්ණා යැ ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා යැ ධර්‍මතෘෂ්ණා යි.

භවාභවෙසූති - භවාභවෙ කම‍්මභවෙ පුනබ‍්භවෙ, කාමභවෙ කම‍්මභවෙ, කාමභවෙ පුනබ‍්භවෙ, රූපභවෙ කම‍්මභවෙ, රූපභවෙ පුනබ‍්භවෙ, අරූපභවෙ කම‍්මභවෙ, අරූපභවෙ පුනබ‍්භවෙ, පුනප‍්පුනභවෙ පුනප‍්පුනගතියා පුනප‍්පුන උප‍්පත‍්තියා පුනප‍්පුන පටිසන්‍ධියා පුනප‍්පුන අත‍්තභාවාභිනිබ‍්බත‍්තියා අවීතතණ‍්හා අවිගතතණ‍්හා අචත‍්තතණ‍්හා අවන‍්තතණ‍්හා අමුත‍්තතණ‍්හා අප‍්පහීනතණ‍්හා අප‍්පටිනිස‍්සට‍්ඨතණ‍්හාති - අවීතතණ‍්හා සෙ භවාභවෙසු.

භවාභවෙසු - කාමභව රූපාරූපභවයෙහි, කර්‍මවෘත්තයෙහි පුනර්‍භවික වූ විපාකවෘත්තයෙහි, කාමභවයෙහි කර්‍මභවයෙහි, කාමභවයෙහි පුනර්‍භවයෙහි, රූපභවයෙහි කර්‍මභවයෙහි, රූපභවයෙහි පුනර්‍භවයෙහි, අරූපභවයෙහි කර්‍මභවයෙහි, අරූපභවයෙහි පුනර්‍භවයෙහි, පුනපුනාභවයෙහි පුනපුනා පස්ගතියෙහි පුනපුනා උපතෙහි පුනපුනා පිළිසඳෙහි පුනපුනා ආත්මභවය පහළවීමෙහි නො පහවූ තෘෂ්ණා ඇත්තාහු අවිගතතෘෂ්ණා ඇත්තාහු නො හළ තෘෂ්ණා ඇත්තාහු නො පුහුන් තෘෂ්ණා ඇත්තාහු නො බැහැර කළ තෘෂ්ණා ඇත්තාහු නුයි ‘අවිතතණ්හා සෙ භවාභවෙසු’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“තමුපනිස‍්සාය ජිගුච‍්ඡිතං වා අථවාපි දිට‍්ඨං ව සුතං මුතං වා, උද‍්ධංසරා සුද‍්ධිමනුත්‍ථුනන‍්ති අවීතතණ‍්හා සෙ භවාභවෙසූ”ති.

“තමුපනිස්සාය -පෙ- අවිතතණ්හා සෙ භවාභවෙසු” යී.