යෙදුමෙන් කියවන්න

13. 6

13. 6.

13. 6.

සීලබ‍්බතං චාපි පහාය සබ‍්බං කම‍්මඤ‍්ච සාවජ‍්ජ’නවජ‍්ජමෙතං, සුද‍්ධිං අසුද‍්ධින‍්ති අපත්‍ථයානො විරතො චරෙ සන‍්තිමනුග‍්ගහාය.

(ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ) සියලු ශීලව්‍රතය ද, යලි සාවද්‍යානවද්‍ය (-සියලු අකුශල හා ලෞකික කුශල) කර්‍මය ද හැරපියා තෙල (පඤචකාමගුණාදි භේද වූ) ශුද්ධිය ද, (අකුශලාදි භේද වූ) අශුද්ධිය ද මෙසේ නො පතනුයේ දෘෂ්ටිශාන්තිය දැඩිව නො ගෙන (ශුද්ධි අශුද්ධි දෙකින්) වෙන් වූයේ හැසිරෙන්නේ යි.

සීලබ‍්බතං වාපි පහාය සබ‍්බන‍්ති - සබ‍්බා සීලසුද‍්ධියො පහාය පජහිත්‍වා විනොදෙත්‍වා බ්‍යන‍්තීකරිත්‍වා අනභාවං ගමෙත්‍වා, සබ‍්බා වතසුද‍්ධියො පහාය පජහිත්‍වා විනොදෙත්‍වා බ්‍යන‍්තීකරිත්‍වා අනභාවං ගමෙත්‍වා, සබ‍්බා සීලබ‍්බතසුද‍්ධියො පහාය පජහිත්‍වා විනොදෙත්‍වා බ්‍යන‍්තීකරිත්‍වා අනභාවං ගමෙත්‍වාති - සීලබ‍්බතං වාපි පහාය සබ‍්බං.

සීලබ්බතං වාපි පහාය සබ්බං - සියලු ශීලශුද්ධීන් හැර බැහැර කොට දුරු කොට විගතාන්ත කොට අනුඅභාවයට පමුණුවා, සියලු ව්‍රතශුද්ධීන් හැර බැහැර කොට දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා සියලු ශීලව්‍රතශුද්ධින් හැර බැහැර කොට දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ‘සීලබ්බතං වාපි පහාය සබ්බං’ යනු වේ.

කම‍්මඤ‍්ච සාවජ‍්ජ‘නවජ‍්ජමෙතන‍්ති - සාවජ‍්ජකම‍්මං වුච‍්චති කණ‍්හං කණ‍්හවිපාකං; අනවජ‍්ජකම‍්මං වුච‍්චති සුක‍්කං සුක‍්කවිපාකං; සාවජ‍්ජඤ‍්ච කම‍්මං අනවජ‍්ජඤ‍්ච කම‍්මං පහාය පජහිත්‍වා විනොදෙත්‍වා බ්‍යන‍්තීකරිත්‍වා අනභාවං ගමෙත්‍වාතිකම‍්මඤ‍්ච සාවජ‍්ජ’නවජ‍්ජමෙතං.

කම්මඤ්ච සාවජ්ජ’නවජ්ජමෙතං - කෘෂ්ණ වූයේ කෘෂ්‍ණවිපාක ඇතියේ සාවද්‍යකර්‍ම යයි කියනු ලැබෙයි. ශුක්ල වූයේ ශුක්ලවිපාක ඇතියේ අනවද්‍යකර්‍ම යයි කියනු ලැබෙයි. සාවද්‍ය (-අකුශල) කර්‍මය ද, අනවද්‍ය ( - ලෞකික කුශල) කර්‍මය ද, හැර බැහැර කොට දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ’ කම්මඤ්ච සාවජ්ජ’නවජ්ජමෙතං’ යනු වේ.

සුද‍්ධිං අසුද‍්ධින‍්ති අපත්‍ථයානොති - ‘අසුද‍්ධි’න‍්ති අසුද‍්ධිං පත්‍ථෙන‍්ති අකුසලෙ ධම‍්මෙ පත්‍ථෙන‍්ති; ‘සුද‍්ධි’න‍්ති සුද‍්ධිං පත්‍ථෙන‍්ති, පඤ‍්ච කාමගුණෙ පත්‍ථෙන‍්ති; අසුද‍්ධිං පත්‍ථෙන‍්ති අකුසලෙ ධම‍්මෙ පත්‍ථෙන‍්ති, පඤ‍්චකාමගුණෙ පත්‍ථෙන‍්ති, සුද‍්ධිං පත්‍ථෙන‍්ති - ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි පත්‍ථෙන‍්ති, අසුද‍්ධිං පත්‍ථෙන‍්ති - අකුසලෙ ධම‍්මෙ පත්‍ථෙන‍්ති - පඤ‍්චකාමගුණෙ පත්‍ථෙන‍්ති, ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි පත්‍ථෙන‍්ති; සුද‍්ධිං පත්‍ථෙන‍්ති - තෙධාතුකෙ කුසලෙ ධම‍්මෙ පත්‍ථෙන‍්ති; අසුද‍්ධිං පත්‍ථෙන‍්ති - අකුසලෙ ධම‍්මෙ පත්‍ථෙන‍්ති, පඤ‍්ච කාමගුණෙ පත්‍ථෙන‍්ති, ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි පත්‍ථෙන‍්ති; තෙධාතුකෙ කුසලෙ ධම‍්මෙ පත්‍ථෙන‍්ති, සුද‍්ධිං පත්‍ථෙන‍්ති පුථුජ‍්ජනකල්‍යාණකා නියාමාවක‍්කන‍්තිං පත්‍ථෙන‍්ති, සෙඛා අග‍්ගධම‍්මං අරහත‍්තං පත්‍ථෙන‍්ති; අරහත‍්තෙ පත‍්තෙ අරහං නෙව අකුසලෙ ධම‍්මෙ පත්‍ථෙති. නපි පඤ‍්ච කාමගුණෙ පත්‍ථෙති. නපි ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි පත්‍ථෙති. නපි තෙධාතුකෙ කුසලෙ ධම‍්මෙ පත්‍ථෙති, නපි නියාමාවක‍්කන‍්තිං පත්‍ථෙති, නපි අග‍්ගධම‍්මං අරහත‍්තං පත්‍ථෙති. පත්‍ථනාසමතික‍්කන‍්තො අරහා වුද‍්ධිපරිහානිං වීතිවත‍්තො සො වුත්‍ථවාසො චිණ‍්ණචරණො උත‍්තිණ‍්ණජාතිජරාමරණසංසාරො නත්‍ථි තස‍්ස පුනබ‍්භවොති - සුද‍්ධිං අසුද‍්ධින‍්ති අපත්‍ථයානො.

සුද්ධිං අසුද්ධිංන්ති අපත්ථයානො - ‘අසුද්ධිං’ යනු: අශුද්ධිය පතති, අකුශලධර්‍මයන් පතති; ‘සුද්ධිං’ යනු: ශුද්ධිය පතති, පඤ්චකාමගුණයන් පතති; ‘අසුද්ධිං පත්ථෙන්ති’ - අකුශලධර්‍මයන් පතති, පඤ්චකාමගුණයන් පතති; ‘සුද්ධිං පත්ථෙන්ති’ - දෙසැටදිටුගතයන් පතති, ‘අසුද්ධිං පත්ථෙන්ති’ - අකුශලධර්‍මයන් පතති, පඤ්චකාමගුණයන් පතති, දෙසැටදිටුගතයන් පතති, ‘සුද්ධිං පත්ථෙන්ති’ - ත්‍රෛධාතුක කුශල ධර්‍මයන් පතති; ‘අසුද්ධිං පත්ථෙන්ති’ - අකුසල් දහම් පතති, පස්කම්ගුණ පතති, දෙසැටදිටුගතයන් පතති, තුන්බිමට අයත් කුසල්දහම් පතත්; ‘සුද්ධිං පත්ථෙන්ති’ - කල්‍යාණ - පෘථග්ජනයෝ මාර්‍ගවිදර්‍ශනාවට බැසගැනීම පතති, ශෛක්‍ෂයෝ අග්‍රධර්‍ම වූ අර්‍හත්ත්‍වය පතති, රහත්බව පැමිණි කල්හි රහත් තෙම අකුසල්දහම් නො මැ පතයි, නො ද පස්කම්ගුණ පතයි, නො ද දෙසැටදිටුගතයන් පතයි ත්‍රෛධාතුක කුශලධර්‍මයන් නො ද පතයි, නියාමාවක්‍රාන්තිය නො ද පතයි අග්‍රධර්‍ම වූ අර්‍හත්ත්‍වය නො ද පතයි; ප්‍රාර්‍ත්‍ථනා ඉක්මවා සිටි රහත් තෙම වෘද්ධිය හා පරිහාණිය ඉක්මවූයේ යැ, හෙතෙම වැස නිමවූ දශ ආර්‍ය්‍යවාස ඇත්තේ ය, සිල් හා අටසමවත්හි චීර්‍ණවශී යැ; තරණය කළ ජාතිජරාමරණසංසාරය ඇත්තේ යැ, ඔහුට පුනර්‍භවය නැත් නුයි ‘සුද්ධිං අසුද්ධිංන්ති අපත්ථයානො’ යනු වේ.

විරතො චරෙ සත‍්තිමනුග‍්ගහායාති - ‘විරතො’ති සුද‍්ධිඅසුද‍්ධියා ආරතො අස‍්ස විරතො පටිවිරතො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති විරතො; චරෙති චරෙය්‍ය විහරෙය්‍ය ඉරීයෙය්‍ය වත‍්තෙය්‍ය පාලෙය්‍ය යපෙය්‍ය යාපෙය්‍යාති ‘විරතො චරෙ සන‍්තිමනුග‍්ගහායාති’ සන‍්තියො වුච‍්චන‍්ති ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි; දිට‍්ඨි සන‍්තියො අගණ‍්හන‍්තො අපරාමසන‍්තො අනභිනිවිසන‍්තොති විරතො චරෙ සන‍්තිමනුග‍්ගහාය.

විරතො චරෙ සන්තිමනුග්ගහාය - ‘විරතො’ යනු ශුද්ධි අශුද්ධි දෙකින් දුරු වූයේ වෙන්වූයේ වෙසෙසින් වෙන්වූයේ නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘විරතො’ යනු වේ. චරෙ - හැසිරෙන්නේය වෙසෙන්නේය ඉරියවු පවත්වන්නේ ය වැටෙන්නේය රැකෙන්නේය යැපෙන්නේය යපනය වන්නේ නුයි ‘විරතො චරෙ’යනු වේ. සන්තිමනුග්ගහාය - සන්ති’ යී දෙසැට දිටුගතයෝ කියනු ලැබෙති. දෘෂ්ටිශාන්ති නො ගන්නේ පරාමර්‍ශනය නො කරනුයේ අභිනිවේශය නො කරනුයේ නුයි ‘විරතො චරෙ සන්තිමනුග්ගහාය’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“සීලබ‍්බතං වාපි පහාය සබ‍්බං කම‍්මඤ‍්ච සාවජ‍්ජනවජ‍්ජමෙතං, සුද‍්ධිං අසුද‍්ධින‍්ති අපත්‍ථයානො විරතො චරෙ සන‍්තිමනුග‍්ගහායා”ති.

“සීලබ්බතං වාපි -පෙ- විරතො චරෙ සන්තිමනුග්ගහාය” යී.