යෙදුමෙන් කියවන්න

13. 16

13. 16.

13. 16.

“නිවිස‍්සවාදී න හි සුබ‍්බිනායො පකප‍්පිතං දිට‍්ඨි පුරෙක‍්ඛරානො, යං නිස‍්සිතො තත්‍ථ සුභංවදානො සුද‍්ධිංවදො තත්‍ථ තථද‍්දසා සො.

(යමෙක් දෘෂ්ටියෙහි) පිහිටා කියන්නේ වේ ද (හෙතෙම) නො මැ සුවසේ හික්මියැ හැකි වෙයි. සිතින් ගන්නා ලද දෘෂ්ටිය පෙරටු කොට හැසිරෙනුයේ යම් ශාස්තෘ ආදියක් ඇසුරු කරනුයේ එහි ශුභවාද ඇතියේ ඒ ස්වකීය දෘෂ්ටියෙහි ශුද්ධිය කියන්නේ වේ ද, හෙතෙම ඒ දෘෂ්ටිය එසේ මැ දුටුයේ වේ.

නිවිස‍්සවාදී න හි සුබ‍්බිනායොති - ‘සස‍්සතො ලොකො ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ’න‍්ති නිවිස‍්සවාදී, අසස‍්සතො ලොකො ‘සස‍්සතො ලොකො -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති - නිවිස‍්සවාදී; න හි සුබ‍්බිනායොති නිවිස‍්සවාදී දුබ‍්බිනයො දුප‍්පඤ‍්ඤාපියො දුන‍්නිජ‍්ඣාපියො දුප‍්පෙක‍්ඛාපියො දුප‍්පසාදියොති - නිවිස‍්සවාදී න හි සුබ‍්බිනායො.

නිවිස්සවාදී න හි සුබ්බිතායො - ‘ශාශ්වත යැ ලෝකය මේ මැ සැබව අන්‍යය මෝඝ යැ’ යි පිහිටා කියනුයේ; ‘අශාශ්වත යැ ලෝකය … ‘සත්ත්‍ව තෙමේ මරණින් මතු නො මැ වෙයි නො වන්නේ නො වෙයි, මේ මැ ‘සැබව අන්‍යය මෝඝ යැ’ යි පිහිටා කියනුයේ ; න හි සුබ්බිනායො - පිහිටා කියන පුද්ගල තෙම හික්මවනු දුෂ්කර යැ විමසවනු දුෂ්කර යැ දක්වනු දුෂ්කර යැ පහදවනු දුෂ්කර වේ නුයි ‘නිවිස්සවාදී න හි සුබ්බිතායො’ යනු වේ.

පකප‍්පිතං දිට‍්ඨි පුරෙක‍්ඛරානොති - කප‍්පිතං පකප‍්පිතං අභිසඞ‍්ඛතං සණ‍්ඨපිතං දිට‍්ඨිං පුරක‍්ඛතං කත්‍වා. චරති, දිට‍්ඨිධජො දිට‍්ඨිකෙතු දිට‍්ඨාධිපතෙය්‍යො දිට‍්ඨියා පරිවාරිතො චරතීති - පකප‍්පිතං දිට‍්ඨි පුරෙක‍්ඛරානො.

පකප්පිතං දිට්ඨි පුරෙක්ඛරානො - කල්පිත වූ ප්‍රකල්පිත වූ අභිසංස්කෘත වූ මොනොවට පිහිටුවන ලද දෘෂ්ටිය පෙරටු කොට හැසිරෙයි, දෘෂ්ටිය ධ්වජ කොට ඇතියේ, දෘෂ්ටි කෙහෙලි කොට ඇතියේ දෘෂ්ටිය අධිපති කොට ඇතියේ දෘෂ්ටියෙන් පිරිවරන ලදුයේ හැසිරේ නුයි ‘පකප්පිතං දිට්ඨි පුරෙක්ඛරානො’ යනු වේ.

යං නිස‍්සිතො තත්‍ථ සුභංවදානොති - ‘යං නිස‍්සිතො’ති යං සත්‍ථාරං ධම‍්මක‍්ඛානං ගණං දිට‍්ඨිං පටිපදං මග‍්ගං නිස‍්සිතො සන‍්නිස‍්සිතො අල‍්ලීනො උපගතො අජ‍්ඣෙසිතො අධිමුත‍්තොති යං නිස‍්සිතො; තත්‍ථාති සකාය දිට‍්ඨියා සකාය ඛන‍්තියා සකාය රුචියා සකාය ලද‍්ධියා; සුභංවදානොති සුභවාදො සොභනවාදො පණ‍්ඩිතවාදො ථිරවාදො ඤායවාදො හෙතුවාදො ලක‍්ඛණවාදො කාරණවාදො ඨානවාදො සකාය ලද‍්ධියාති - යං නිස‍්සිතො තත්‍ථ සුභංවදානො.

යං නිස්සිතො තත්‍ථ සුභංවදානො - ‘යං නිස්සිතො’ යනු: යම් ශාස්තෘවක්හු ධර්‍මාඛ්‍යානයක් ගණයක් දෘෂ්ටියක් ප්‍රතිපත්තියක් මාර්‍ගයක් ඇසුරු කෙළේ ඇලුණේ එළැඹියේ පිවිසියේ බැසගත්තේ නුයි ‘යං නිස්සිතො’ යනු වේ: තත්‍ථ යනු: ස්වකීය දෘෂ්ටියෙහි සිය කැමැත්තෙහි සිය රුචියෙහි සිය ලබ්ධියෙහි; සුභංවදානො යනු: ස්වකීය ලබ්ධියෙහි ශුභවාද ඇතියේ ශොභනවාද - පණ්ඩිතවාද - ස්ථිරවාද - න්‍යායවාද - හේතුවාද - ලක්ෂණවාද - කාරණවාද - ස්ථානවාද ඇතියේ නුයි ‘යං නිස්සිතො තත්‍ථ සුභංවදානො’ යනු වේ.

සුද‍්ධිංවදො තත්‍ථ තථද‍්දසා සොති - සුද‍්ධිවාදො විසුද‍්ධිවාදො පරිසුද‍්ධිවාදො පරියොදාතවාදො, අථවා සුද‍්ධිදස‍්සනො විසුද‍්ධිදස‍්සනො පරිසුද‍්ධිදස‍්සනො වොදාතදස‍්සනො පරියොදාතදස‍්සනොති සුද‍්ධිංවදො; තත්‍ථාති සකාය දිට‍්ඨියා සකාය ඛන‍්තියා සකාය රුචියා සකාය ලද‍්ධියා තථං තච‍්ඡං භූතං යාථාවං අවිපරීතන‍්ති අද‍්දස අදක‍්ඛි අපස‍්සි පටිවිජ‍්ඣීති - සුද‍්ධිංවදො තත්‍ථ තථද‍්දසා සො.

සුද්ධිංවදො තත්‍ථ තථද්දසා සො - ‘ශුද්ධිවාද ඇතියේ විශුද්ධිවාද - පරිශුද්ධිවාද - පණ්ඩරවාද - ප්‍රභාස්වරවාද ඇතියේ; නොහොත් ශුද්ධිය දක්නේ විශුද්ධිය දක්නේ පරිශුද්ධිය දක්නේ පණ්ඩරදර්‍ශන ඇතියේ ප්‍රභාස්වරදර්‍ශන ඇතියේ නුයි - ‘සුද්ධිංවදො’ යනු වේ; තත්‍ථ යනු: ස්වකීය ලබ්ධියෙහි සත්‍යය තත්ථ්‍යය භූත යැ තාථාවත් යැ අවිපරීත යැ’ යි දුටුයේ යැ දැක්කේ යැ දර්‍ශනය කෙළේ යැ ප්‍රතිවේධ කෙළේ නුයි ‘සුද්ධිංවදො තත්‍ථ තථද්දසා සො’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“නිවිස‍්සවාදී න හි සුබ‍්බිනායො පකප‍්පිතං දිට‍්ඨිපුරෙක‍්ඛරානො, යං නිස‍්සිතො තත්‍ථ සුභංවදානො සුද‍්ධිංවදො තත්‍ථ තථද‍්දසා සො”ති.

“නිවිස්සවාදී -පෙ- සුද්ධිංවදො තත්‍ථ තථද්දසා සො” යී.