13. 17
13. 17.
13. 17.
න බ්‍රාහ‍්මණො කප‍්පමුපෙති සඞ‍්ඛං න දිට්ඨිසාරී නපි ඤාණබන්‍ධු, ඤත්‍වා ච සො සම්මුතියො පුථුජ‍්ජා උපෙක‍්ඛති උග්ගණ්හන්ති මඤ‍්ඤෙ.
ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙමේ නුවණින් දැන තෘෂ්ණාදෘෂ්ටිකල්පයට නො පැමිණෙයි. දෘෂ්ටියෙහි හැසිරෙනුයේ නො වයි. සමාපත්තිඥානාදියෙන් කළ තෘෂ්ණාබන්ධ ඇත්තේ නො ද වෙයි.. තවද හෙතෙම පුහුදුනුවන් කෙරෙන් උපන් දෙසැට දෘෂ්ටීන් දැන උපෙක්ෂා කෙරෙයි. අන්‍යයෝ දැඩිව ගනිත්.
න බ්‍රාහ‍්මණො කප‍්පමුපෙති සඞ‍්ඛන‍්ති - ‘නා’ති පටික‍්ඛෙපො; බ්‍රාහ‍්මණොති සත‍්තන‍්නං ධම‍්මානං බාහිතත‍්තා බ්‍රාහ‍්මණො -පෙ- අසිතො තාදී පවුච‍්චතෙ ස බ්‍රහ‍්මා; කප‍්පාති ද‍්වෙ කප‍්පා: තණ‍්හාකප‍්පො ච දිට‍්ඨිකප‍්පො ච -පෙ- අයං තණ‍්හාකප‍්පො -පෙ- අයං දිට‍්ඨිකප‍්පො; සඞ‍්ඛා වුච‍්චති ඤාණං, යා පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි; න බ්‍රාහ‍්මණො කප‍්පමුපෙති සඞ‍්ඛන‍්ති බ්‍රාහ‍්මණො සඞ‍්ඛාය ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා ‘සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චාති, සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛාති -පෙ- යං කිඤ‍්චි සමුදයධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්ම’න‍්ති සඞ‍්ඛාය ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා තණ‍්හාකප‍්පං වා දිට‍්ඨිකප‍්පං වා නෙති, න උපෙති, න උපගච‍්ඡති, න ගණ‍්හාති, න පරාමසති, නාභිනිවිසතීති - න බ්‍රාහ‍්මණො කප‍්පමුපෙති සඞ‍්ඛං.
න බ්‍රාහ්මණො කප්පමූපෙති සඞඛං - ’න’ යනු: ප්‍රතික්‍ෂේප යැ බ්‍රාහ්මණො - සප්ත ධර්‍ම කෙනකුන් බැහැර කළ බැවින් බ්‍රාහ්මණ යැ … හේ බ්‍රාහ්මණ යැයි කියනු ලැබේ. කප්පා යනු: තෘෂ්ණාකල්ප යැ දෘෂ්ටිකල්ප යැයි කල්ප දෙකෙකි … මේ දෘෂ්ටිකල්ප යයි. සඞ්ඛා යයි ඥානය කියනු ලැබෙයි යම් ප්‍රඥාවක් පජානනයෙක් … අමොහසඞ්ඛ්‍යාත ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද එයයි න බ්‍රාහ්මණො කප්පමූපෙති සඞඛං - ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ නුවණින් දැන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට ‘සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ’ යි ‘සියලු සංස්කාරයෝ දුඃඛයෝ යැ’ යි … යම් කිසිවෙක් සමුදයධර්‍ම වේ නම් ඒ සියල්ල නැසෙන සුලු ය’ යි නුවණින් දැන තුලනය කොට තීරණය ‘කොට විභාවන කොට විභූත කොට තෘෂ්ණා කල්පයට හෝ දෘෂ්ටිකල්පයට හෝ නො එයි, නො පැමිණෙයි, නො එළැඹෙයි, නො ගනී, නො දැහැගනී, නො පිවිසියේ නුයි ‘න බ්‍රාහ්මණො කප්පමූපෙති සඞඛං’ යනු වේ.
න දිට්ඨිසාරී නපි ඤාණබන්‍ධූති - තස‍්ස ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි පහීනානි සමුච‍්ඡින‍්නානි වූපසන‍්තානි පටිප‍්පස‍්සද‍්ධානි අභබ‍්බුප‍්පත‍්තිකානි ඤාණග‍්ගිනා දඩ‍්ඪානි; සො දිට‍්ඨියා න යායති න නිය්‍යති න වුය‍්හති න සංහරීයති; නපි තං දිට‍්ඨිගතං සාරතො පච‍්චෙති, න පච‍්චාගච‍්ඡතීති ‘න දිට්ඨිසාරී;’ නපි ඤාණබන්‍ධූති අට‍්ඨසමාපත‍්ති ඤාණෙන වා පඤ‍්චාභිඤ‍්ඤාඤාණෙන වා මිච‍්ඡාඤාණෙන වා තණ‍්හාබන්‍ධං වා දිට‍්ඨිබන්‍ධං වා න කරොති න ජනෙති න සඤ‍්ජනෙති න නිබ‍්බත‍්තෙති නාභිනිබ‍්බත‍්තෙතීති - න දිට්ඨිසාරී නපි ඤාණබන්‍ධු.
න දිට්ඨිසාරී නපි ඤාණබන්ධු - ඔහු විසින් දෙසැට දිටුගතයෝ ප්‍රහීණ කරන ලද්දාහු ය, සිඳින ලද්දාහු ය, සංහිඳුවන ලද්දාහු ය, දුරලන ලද්දාහු ය, උපතට නො සුදුසු කරන ලද්දාහු ය, නුවණගින්නෙන් දවන ලද්දාහු ය; හෙතෙම දෘෂ්ටිය විසින් නො යවනු ලැබෙයි, නො නියනු ලැබෙයි, නො වහනු ලැබෙයි, නො හරිනු ලැබෙයි, ඒ දෘෂ්ටිගතය සාරහෙයින් නො ද දැහැගනී. නො පැමිණේ නුයි ’න දිට්ඨිසාරී’ යනු වේ. න පි ඤාණබන්ධු - අෂ්ටසමාපත්තිඥානයෙන් හෝ පඤාභිඥාඥානයෙන් හෝ මිථ්‍යාඥානයෙන් හෝ තෘෂණාබන්ධය හෝ දෘෂ්ටිබන්ධය හෝ නො කෙරෙයි, නො දනවයි, නූපදවයි, නො නිපදවයි, අතිශයින් නූපදවා නුයි ‘න දිට්ඨිසාරී න’ පි ඤාණබන්ධු’ යනු වේ.
ඤත්‍වා ච සො සම‍්මුතියො පුථුජ‍්ජාති - ‘ඤත්‍වා’ති ඤත්‍වා ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා: ‘සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චාති ඤත්‍වා ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා: ‘සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛාති -පෙ- යං කිඤ‍්චි සමුදයධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්ම’න‍්ති ඤත්‍වා ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා ති - ඤත්‍වා ච සො; සම‍්මුතියො වුච‍්චන‍්ති ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි දිට‍්ඨිසම‍්මුතියො; පුථුජ‍්ජාති පුථුජ‍්ජනෙහි ජනිතා වා තා සම‍්මුතියොති පුථුජ‍්ජා, පුථු නානාජනෙහි ජනිතා වා තා සම‍්මුතියොති පුථුජ‍්ජාති - ඤත්‍වා ව සො සම්මුතියො පුථුජ්ජා.
ඤත්‍වා ච සො සම්මුතියො පුථුජ්ජා - ‘ඤත්‍වා’ යනු: දැන, දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට, සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ’යි දැන දැනගෙන තුලනය - තීරණය - විභාවනය කොට විභූත කොට, ‘සියලු සංස්කාරයෝ දුඃඛයෝ යැ’යි …යම් කිසි සමුදයධර්‍මයෙක් වේ නම් ඒ සියල්ල නැසෙන සුලු යැ’යි දැන දැනගෙන තුලනය - තීරණය - විභාවනය කොට විභූත කොට නුයි ‘ඤත්‍වා ච සො’ යනු වේ; සම්මුතියො’ යි දෙසැටදිටුගතයෝ දෘෂ්ටිසම්මතීහු කියනු ලැබෙත්; පුථුජ්ජා යනු: ඒ සම්මතීහු බොහෝ වූ නානා ජනයන් විසින් උපදවන ලද්දාහු නුයි හෝ ‘පුථුජ්ජා’ නම් වෙත් නුයි ‘ඤත්‍වා ච සො සම්මුතියො පුථුජ්ජා’ යනු වේ.
උපෙක‍්ඛතී උග‍්ගණ‍්හන‍්ති මඤ‍්ඤෙති - අඤ‍්ඤෙ තණ‍්හාවසෙන දිට‍්ඨිවසෙන ගණ‍්හන‍්ති පරාමසන‍්ති අභිනිවිසන‍්ති, අරහා උපෙක‍්ඛති, න ගණ‍්හාති න පරාමසති, නාභිනිවිසතීති - උපෙක‍්ඛෙතී උග‍්ගණ‍්හන‍්ති මඤ‍්ඤෙ.
උපෙක්ඛති උග්ගණ්හන්ති මඤ්ඤෙ - අන්‍යයෝ තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් ගනිති. දැහැගනිති, පිවිසෙත්; රහත් තෙම උපෙක්ෂා කෙරෙයි නො ගනී නො දැහැගනී නො පිවිසේ නුයි ‘උපෙක්ඛති උග්ගණ්හන්ති මඤ්ඤෙ’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“න බ්‍රාහ‍්මණො කප‍්පමුපෙති සඞ‍්ඛං න දිට්ඨිසාරී නපි ඤාණබන්‍ධු, ඤත්‍වා ච සො සම්මුතියො පුථුජ‍්ජා උපෙක‍්ඛතී උග‍්ගණ‍්හන‍්ති මඤ‍්ඤෙ”ති.
“න බ්‍රාහ්මණො -පෙ- උග්ගණ්හන්ති මඤ්ඤෙ” යී.